⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 31 වන දිගහැරුම ⸎

`` නවාතැන ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


බොහොම හොඳයි …. එහෙනම් සුභ ගමන් හැමෝටම ….

අපි යමු නියෝජිත සුපුන් ….

මෙතැන් සිට…..

පොඩ්ඩක් ඉන්න ….

*ඇයි සර්… ?

අරුන් දෙන්නට කොකා ගැස්සුවට, ඇමෝ කේස් ( පිස්තෝලයේ බැරලයෙන් උණ්ඩයක් එලියට නිකුත් වනවිට ස්ලයිඩ් කොටසේ උඩ සිදුරින් හිස් කොපුව එලියට විසිවෙි එම කොපුව ) දෙක ඇතුලෙනෙ. ඒක හොයලා එලියට දාමු.
බැරිවෙලාවත් චෙක්පොයින්ට් එකෙන් බැලුවොත් වාහනයේ ඇතුල සේරම අවුල් යනවා.

*ඒක ඇත්ත.. මෙි තියෙන්නෙ සර්…

එම කොපු දෙක ඉලියට විසික්කර දැමුවෙමි. රයිට්…. දැන් යමු

විනාඩි කීපයක් ගතවනවිට වෑන්රියේද වෙිගය වැඩිවිය.

*සර් අන්න පේනවා චෙක්⁣පොයින්ට් එකක්..

කෝකටත් වෙිගය අඩු කරලා යමු….

පොලිස් මුරපොල ලඟට කිට්ටු වනවාත් සමග එක් පොලිස් නිලධාරියෙකු නවතිනු බෝඩ් එක පෙන්වීය.

හැරවුම් සංඥ්ඤා ලාම්පු දල්වා වාහනය පාරෙ අයිනක නැවැත්වීය. ආයුධ සන්නද්ධ පොලිස් නනිලධාරින් දෙදෙනෙකු අප සිටින තැනට එන්නට විය.

ගුඩ් මෝර්නින් සර්….

*ගුඩ් මෝර්නින් …. කොහෙද ඔය මහත්වරු යන්නේ….?

අපි මේ ආණමඩු යන ගමන් …..

*හොඳයි … ලයිසන් ඉන්සුවරන්ස් ටිකයි , අයිඩි ටිකයි ගන්න බලන්න.

**සාම් මහත්තයා ⁣චෙක් කරන්න ඔීනද…?

*ඔීන නෑ පොඩි නෝනා කෙනෙක් එක්ක ළමයෙක් ඉන්නවා. මෙයාලා හොරු මංකොල්ලකාරයෝ නෙමෙි. ඔයා ඩොක්ටර් කෙනෙක් නේද…?

දුනිත් - ඔව් මහත්තයා අපි මෙි ආණමඩුවේ මළගෙදරක යන ගමන්…

*හා හරි හරි… යන්න එහෙනම්…

නැවත වෑන්රිය පණගන්වා වේගය කෙමෙන් කෙමෙන් වැඩිකර නිකවැරටිය නගරයද පසුකොට , කොටවෙහෙර මාර්ග බාධකය පසුකර ආණමඩුව නගරයට ලඟාවිය.

*සර්… මෙතනින් කොහෙද යන්න ඔීන…?

තව පුත්තලම් පාරෙ කිලෝමීටර් තුනක් විතර යමු .

හරි ඔය තියෙන්නෙ හන්දිය. ඔතනින් දකුණට හරවලා කෙලින්ම යමු. කිලෝමීටර් කීපයක් ගෙවාදමා, රජවිගම හරහා කරුවලගස්වැව හංදියට ගොස් ,
පසුව වනාතවිල්ලුවට ලඟාවනවිට පෙරවරු හය පසුවී තිබුනි.

හරි ඔතනින් නවත්වන්න… මට කෝල් එකක් එනවා ආචාර්ය වීරසිංහගෙන්

(දුරකථනයෙන් ) ගුඩ් මෝර්නින් ඔෆිසර්.

ගුඩ් මෝර්නින් සර්….

ආචාර්ය වීරසිංහ - ඔබතුමන්ලා කොහෙද ඉන්නෙ ….?

සර්… අපි වනාතවිල්ලුව⁣ට ආවා….

ආචාර්ය වීරසිංහ - හැබෑට… නියමයි නෙ.
මම ඉස්කොලෙ ලඟ ඉන්නවා. එන්න එතනට…

හොඳයි සර්… මට විනාඩියක් දෙන්න….

ආචාර්ය වීරසිංහ - හොඳයි හොඳයි …..

ඇමතුම විසන්ධි කර , මම කියන්නම් පාර. යමු ඔහොම්ම ම ඉස්සරහට.
මීට වසර තුනකට පහණ පෙර මා මෙම
ප්‍රදේශයට විමර්ශන කටයුත්තක් සඳහා එනවිට තිබු ගැමි පරිසරය තවමත් නොවෙනස්ව ඉතාමත් සුන්දර විදිහට පැවතීම සිතට යම්කිසි සැනසිල්ලකට කරුණකි. දෙපැත්තේ ඇති ඝන වනාන්තරය හා පාර වෙන්වූයේ විද්‍යුත් අලි ආරක්ෂක වැටකිනි. වනය දෙපස බලනකල සතුන් නිතර එහා මෙහා ගිය
පාරවිල් පමණක් විටෙන්විට දක්නට ලැබුනි.

*සර් අරකද ඉස්කෝලේ…..

ඔව් …. අර ඉන්නෙ මෑන් තමයි. ඔතනින් නවත්වන්න…

ආචාර්ය වීරසිංහ - හා … ඔෆිසර්… දැක්ක කල්.. පස්සේ කතා කරමු දැන් යමු.

කියමින් තම යතුරුපැදිය පණගන්වා ඉදිරියට ඇදුනෙ. පසුපසින් අපට එන ලෙස සංඥ්ඤා කරමිනි…

සැළකිවයුතු දුරක් ගෙවා ගොස් අවසානයේ අප තරමක් ලොකු ගෙයක් පිහිටි වත්තකට අවතීර්ණ වූයෙමු. ඉඩම වටා විද්‍යුත් අලි වැටක රැහැන්ද යොදා , වැටක්ද සාදා තිබුනි.

ආචාර්ය වීරසිංහ තම යතුරුපැදිය නවතා බැසගත් පසු නිවසෙහි ඉදිරි දොර විවෘතකර , අපට ඇතුලට එනමෙන් විධානය කරන ලදි.

ඔයාලා ඔය බඩුටික බාගන්න. මම ඇතුලට ගිහින් බලන්නම්. සියල්ලන්ටම පෙර පලමු පියවර තැබූ මා ගේ තුලට ගොස් වටපිට හා සියලුම කාමර පරික්ෂා කර බැලුවෙමි. අනතුරුව ආලින්දයට පැමිනෙන විට සිනහමුසු මුහුනින් ආචාර්ය වීරසිංහ මා අමතන ලදි.

ආචාර්ය වීරසිංහ - ඉතින් ඔෆිසර්.. ගේ කොහොමද….?

වරදක්නම් පේන්න නැහැ සර්..(හැමෝටම ඇතුලට එන ලෙස අතින් සංඥ්ඤා විධානය කරමින්)

ආචාර්ය වීරසිංහ - හැමෝම එන්න ඇතුලට…. ඔයාලට ඔීන කරන යටිතල පහසුකම් සේරම මෙි ගෙදර තියනවා.
ඒ වගේම ඔීන කරන සේරම දේවල් මට කියන්න. කෝල් එකක් දීලා මම ගෙන්වලා දෙන්නම්.

සර්… මෙි ඉන්නෙ ව්ශේශඥ්ඤ වෛද්‍යවරයෙක්. මෙි ඉන්නෙ එයාගෙ නෝනයි , දරුවයි. මෙයාලට ලොකු ජීවිත තර්ජනයක් තියනවා. ඒ හන්දා මාස කීපයක් මට මෙයාලව හංගලා තියාගන්න ඔීන.

ආචාර්ය වීරසිංහ - නෝ ප්‍රොබ්ලම්.. ඔෆිසර්… මෙි ගැන මම විතරක් දැගගත්තහම ඇති. අනිත් අයත් එක්ක ඔයාලා කතාවට යන්න එපා. කතා කරන්නම සිද්ධ වුනොත් නිවාඩුවකට ආවා කියලා කියන්න එච්චරයි. අපි හවසට කතා කරමු. මම ඉස්කෝලෙට යන්න ඔීන. උදේට කෑම , කෑම මෙිසයේ තියනවා. ඒ වගේම ඔීන කරන සේරම
කිචන් එකේ තියනවා. කියමින් ගෙයින් එලියට යනවිට මාද ඔහු පසුපස යන්නට විය.

සර්… මෙිකෙ මාසික කුලිය කොහොමද…?

ආචාර්ය වීරසිංහ - පිස්සුද ඔෆිසර්… මෙික මම ගත්ත ගෙයක්.. හරි හරි අපි ඒක බලමුකො. මම ගිහින් එන්නම්.

ඔීකේ සර්…..
නැවත නිවස තුලට පැමිණි මා, සියල්ල අමතන්නට විමි.

දුනිත් මහත්තයා ….

දුනිත් - සර් ….?

දැන්වත් ඔය නෝනට කතාව කියලා ඉන්න . නැත්නම් නෝනලා මහත්වරු පරිස්සම් කරනවට වඩා රාජකාරියක් අපේ මහත්වරුන්ට කරන්න බැරිවෙයි.

වෛද්‍ය දුනිත් එදා මෙදාතුර සිදුවූ සියලුම
සිදුවීම් එකිනෙක විස්තර කරන්නට විය.

**දුනිත් ඔයා කොහොමද හිත හදාගෙන ඔච්චර දේවල් ගොඩක් කරේ….?

මෙහෙමයි මැඩම්.. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් අතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙමයි කියලා ඒක මටනම් සාධාරණීය කරන්නත් බැහැ. කොහොම වුනත් කාලානුරූපව යම් අපරාධ ගොඩක් වෙලා තියනවා. මොනවා වුනත් , අපි කවදාහරි යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. එහෙම නේද නියෝජිත සුපුන්..?

*ඔව් ඒක ඇත්ත සර්…..

ඇත්ත තිත්තයි, බොරුව පැණි රසයි..
හැබැයි මෙි ලෝකෙ බහුතර කැමති බොරුවට. මොකද ඒක පැණිරස හන්දා.
නමුත් ඒක වැඩිදුර භාවිතයෙන් අවසානයේ දියවැඩියාව හදාගන්නවා. සමහරු අකාලයේ මැරෙනවා. සමහරු අවසානයේ හරි තිත්ත වුනත් ඇත්තට හුරුවෙලා , අර තිබුන සීනී අමාරුව හොඳ කරගන්නවා. මොකද ඇත්ත කියන්නෙම බෙහෙතක් , ඒකයි ඒක එච්චර තිත්ත. බෙහෙත තිත්ත වෙන තරමට ඒකෙ ප්‍රතිඵලය උසස්.. මට වඩා හොඳට ඒක දුනිත් මහත්තයා දන්නවා ඇතිනෙ. එහෙම නේද දුනිත් මහත්තයා.

දුනිත් - ඔව් සර්… මම වෛද්‍යවරයෙක් වෙලත් ඇත්ත කියන තිත්ත බෙහෙත පාවිච්චි කරේ නැහැ. දැන්වත් මම ඇත්තට මුහුණ දෙනවා. මම උසාවිය ඉදිරියේ වරද පිලිගන්නවා. මට නීතියෙන් දෙන ඔීනම දඩුවමක් මම සතුටින් බාරගන්න ලෑස්තියි.

වෙරිගුඩ් ….
මැඩම්… සමහර තැන්වල
මිනිස්සු වැරදි කරන තැන්වලට අසරණ වෙනවා. විශේෂයෙන්ම විවාහක පිරිමි.
තමන්ගේ කොන්දට පවුල් බර , ඒ වගේම උරපත්තට වගකීම් හා සමාජ තත්වය
ගිලිහෙයි කියන බයට , ඒ තුලින් හටගන්නා අසරණ කමට ඔීන තරම් පිරිමි වැරදි දේවල් වලට පෙළඹෙනවා.
මෙි සියල්ලම මම සාධාරණය කරනවා නෙමෙි. නමුත් ඔීනම දේකට දෙපැත්තක් හෝ දෙපැත්තකට වඩා තියෙන්න පුළුවන්. අපි ඒ දෙස විවිධ කෝණ වලින් බලන්න පුරුදු වෙන්න ඔීන.

නියෝජිත B120….

***සර්….

අර ෆොටෝ දෙක ෆෝන් එකේ තියනවද…?

***සර් අපි මරපු දෙන්නගෙද…?

ඔව් …. ඒ දෙක තමයි…

***තියනවා සර්….

කරුණාකරල ඒ දෙක මෙි මැඩම්ට ටිකකට පෙන්වන්න….

නියෝජිතයා විසින් තම ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප දෙක වෛද්‍ය දුනිත්ගෙ බිරිඳට පෙන්වන ලදි.

මැඩම් බලන්න ඔය මුහුණු දිහා හොඳට.
කොහෙ හරි මෙි අය දැකලා තියෙනවද කියලා . හොඳට කල්පනා කරලා බලන්න.

**මෙ මෙ මෙයා….ව දැකලා තියනවා මම කීප සැරයක්ම..

කොහෙද දැක්කෙ. මොන මොන තැන්වලද…?

**මාකට් එකේ දකිනවා. එතකොට දුව ස්කූල් දානකොට දකිනවා.. තව…
හා කඩෙිට යනකොටත් දකිනවා.

ඉතින් එකම කෙනා විවිධ තැන්වල දකිනකොට සැක හිතුනෙ නැද්ද…?

***මට සැක හිතිලා මම මෙයාට කෝල් කරලා කිව්වා …

ඉතින් ….?

දුනිත් - මම දන්නවා නෙ සර්.. සිද්ධිය. ඉතින් මම මෙයාට කිව්වා එහා පැත්තේ
ගාමන්ට් එකේ වැඩ කරන කොල්ලෙක් වෙන්න ඇති කියලා.

හ්ම්ම්… එයා තමයි උදේ අපෙන් වෙඩි කෑවෙ. ඔයාලා තුන්දෙනා ලොකු අමාරුවක, ඒ කියන්නේ ජීවිත අවදානමක ඉන්නවා කියලා අපි කරපු රහසිගත විමර්ශන වලින් හොයාගන්න පුළුවන් වුනා. එතන වැඩි කාලයක් තව ඉන්න ලැබෙන්නේ නැති හන්දා තමයි අපි මෙි විදිහට ඔයාලව හද්ද පිටිසර ගම්මානයක පදිංචි කරන්න සැළසුම් කරේ. මොකද මෙික විශාල සංවිධානාත්මක කල්ලියක්. දැන් එයාලා හිතාගෙන ඉන්නෙ ඔයාලා මුහුදු මාර්ගයෙන් රටින් පැන්නා කියලා. ඒකට ඔයාලා කුලියට මිනීමරන කල්ලියකගෙන් උදව් අරගෙන කියලත් හිතාගෙන ඇති බොහෝදුරට අද උදේ උන්ගේ සාමාජිකයින් දෙන්නෙක්ගෙ මරණත් එක්ක.

**දැන් මට තේරෙනවා සේරම ඔෆිසර්…

බොහොම හොඳයි…. ඔය ආපු අචාර්ය වීරසිංහ මහත්තයාත් ඔය වගේ දරුණු කේස් එකකින් මම බෙිරගත්තා මීට අවුරුදු තුනකට කලින්. එයා ආචාර්ය කෙනෙක් කියලා දන්නෙ අපි කීප දෙනෙක් විතරයි. ඒ මම කරපු උපකාර වල⁣ට තමයි ඔයාලට අද මෙතන නවාතැන ලැබුනේ. ඒ හන්දා අපේ වගේම , එයාගෙත් රහස්‍යභාවය රකින්න ඔයාලා බැඳිලා ඉන්නවා මීට පස්සේ.

**මට තේරෙනවා මෙිකෙ තියෙන බැරෑරුම් කම…

හොඳයි…. මෙතැන් සිට අපි දැනුම් දෙන තුරු ඔයාලට කොහෙවත් මෙි ගෙයින් පිට යන්න තහනම් වගේම, දුරකථන භාවිතා කිරීම සපුරා තහනම්. මොකද ඔය ෆෝන් තමයි ලොකුම විනය මිනිහෙකුගෙ නිදහසට බාධා කරන. උන් රටින් ගියාද නැද්ද කියලා බලන්න පිස්සු බල්ලෝ වගේ ඔයාලව රට හැමතැනම පීරලා හොයයි.
අපි හැංගිලා ඉන්න තැනක් ඔයාලට හොයලා දුන්නට හැංගිලා ඉන්න එක ඔයාලගේ වැඩක්. අපි කියනතුරු කරුණාකරල හැංගිලා ඉන්න.

**ඔෆිසර්… මගෙ ෆෝන් එක ඔයාලා ලඟ තියාගන්න. අපිට මොනවාහරි දැනගන්න මහත්තයාගෙ ෆෝන් එක තියනවා නෙ.

හොඳයි මැඩම්…. දුනිත් මහත්තයා …
කිසිම ඥාතියෙකු ට වගේම , කිසිම හිතවතෙකුට වැරදිලාවත් කතා කරන්න එපා. අද ඉඳලා ඔයාලගෙ හිතවත්තු මමයි , ඔය ආචාර්ය වීරසිංහ මහත්තයා විතරයි. ඔයාලට ඔීන කරන හැමදේම වීරසිංහ මහත්තයා සම්පාදනය කරයි.
වැරදි පිලිගන්න , හදාගන්න කලින් ජීවිතේ බෙිරගන්න උත්සාහ කරන්න. මට මෙහෙම දෙයක් කරන්න කිසිම වුවමනාවක් නැහැ. නමුත් අපි රජයේ නිළධාරින් හැටියට අහිංසක ජීවිත තර්ජන , අවධානම් වලින් බෙිරගන්න
බැඳිලා ඉන්නවා. දුනිත් මහත්තයා අපි මෙච්චර දෙයක් කරේ තමුන් වෙනුවෙන් නම් නෙමෙයි . මෙි අසරණ ජීවිත ගැන හිතලා කියලා මතක තියාගන්න.

හරි…. එහෙනම් මහත්වරුනි අපි යමු.
මට වැඩ රාජකාරි ගොඩයි…

දුනිත් - සර් කාලා යමු .

එපා …. අපිට වෙලාව සීමිතයි.
පොඩ්ඩක් ඉන්න මට කෝල් එකක්…
හෙලෝ ගුඩ් මෝර්නින් නාරද…

*හෙලෝ ගුඩ් මෝර්නින් සර්…
සර් නිව්ස් අහලා බලන්න.

ඔකේ… නාරද….?

දුරස්ථ පාලකය අතට ගෙන රූපවාහිනීය
ක්‍රියා කෙරුවෙමි.

`` මෙන්න ඒ විශේෂ පුවත නැවතත්..
අද උදෑසන නාරම්මල නගරයට ආසන්නයේ යතුරුපැදි කරුවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. පොලීසිය පවසන අන්දමට මොවුන් දෙදෙනා පොලිසියට අවශ්‍යව සිටි නමගිය පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් වන, බාබර් විජේ හා සූටිං මනෝජ්ය. විරුද්ධ කල්ලි දෙකක් අතර ඇතිවුන වෙඩිහුවමාරුවක් හේතුවෙන් මොවුන් මියයයන්නට ඇතැයි ⁣නාරම්මල පොලීසිය සැක පලකරන අතර, ඔවුන් ලඟ තිබී පකිස්තානයේ නිශ්පාදිත මී.මී නමය මාදිලියේ පිස්තෝල දෙකක් හා එම ජීව උණ්ඩ දාසයක් තිබුණු බව නාරම්මල පොලීසිය පවසන අතර, මෙම ඝාතන පිලිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී ´´

හ්ම්ම්… ඔව් නාරද… නිවුස් බැලුවා. අපිට හරිම දුකයි. මම ඇවිත් කතා කරන්නම්.
කියමින් ඇමතුම විසන්ධි කලෙමි.

දුනිත් - සර් ඔය නාරද කිව්වේ. අපේ හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා නාරද කියලා එයාද.. ?

නෑ.. අපි එයාව දන්නෙ නැහැ. දුනිත් මහත්තයා… හොඳයි අපි ගිහින් එන්නම්.
හැමදාම හවස හයට. දවල් දොළහට වගේම හවස හයට මට කතා කරන්න ඔීන. ප්‍රශ්නයක් නම් තනි වචනෙන් කතා කරන්න. එහෙම නැත්නම් කැමති විදිහට කතා කරන්න. මුදල් අවශ්‍යතාවයක් තිබුනොත් මට කියන්න අපේ පුත්තලම නියෝජිතයෙක් එයි. එයාට ඒටීඑම් කාඩ්එක දෙන්න. මෑන් තැන හොයාගන්න බැරිවෙන්න සල්ලි අරගෙන ගෙනත් දෙයි එච්චරයි … ( තරමක සිනාමුසු මුහුනින්)

දුනිත් - හරි බොහොමයක් ස්තුතියි සර්…

හරි… ජයවේවා .. අපි යමු මහත්වරුනි…
පුත්තලම නගරයට පැමිණ උදේ ආහාරය අවසන් කර , පුත්තලම අප නියෝජිතව ගෙන්වා සියලු උපදෙස් ලබාදී , නැවත වෑන් රථය හලාවත, කොළඹ මහ මාර්ගයේ ධාවනය කලෙමු.

*සර්… වැඩෙි ගැස්සුනාවත්ද…?

ඒක අපිට හරියටම කියන්න බැහැ. නමුත් නිවුස් කාරයෝ මවාපාපු ``විරුද්ධවාදීන්ගේ ´´ වචනය නම් අපිට සෑහෙන් උදව් වෙනවා. ඔය මහත්වරු අප්සට් වෙන්න එපා. වැඩෙි ගැස්සුනා කියලා. අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරා. කොහොමත් රැවුලයි , කැඳයි දෙකම බේරගෙන කරන්න අමාරුයි. ඒ හන්දා අපි රැවුල කපලා දැම්මා. මොකද
රැවුල නැතුව ජීවත් වෙන්න පුළුවන් වුනාට කැඳ නැතුව ජීවත් වෙන්න බැහැ නෙ. ඒ හන්දා අපි කාලානුරූපව කරන්න පුළුවන් හොඳම දේ තමයි කරේ.

*සර් මෑන්ට මුදල් ප්‍රශ්න නම් නැතිවෙයි නේද…?

ඔව් නියෝජිත ජනිත්…. ඒක තමයි මම කලින් කිව්වෙි . වාහනය විකුණලා සල්ලි අකවුන්ට් එකට දාගන්න කියලා. මොකද
එතකොට සුරක්ෂිතබාවය ගැන අවුලක් නැහැ නෙ. මම වැඩක් කරනකොට ඉදිරිය ගැන බලනවා. මෑන්ට සල්ලි අවශ්‍යතාවය
අපේ ස්පයිඩර් කෙනෙකුට කියපුවාම. එයා ඈත කොහෙ හරි නගරයකට ගිහින්
මැෂින් එකෙන් සල්ලි අරගෙන එයි. එච්චරයි .

දැන් කරන්න තියෙන්නෙ… මුන්ගෙ විරුද්ධ කල්ලියක් හොයලා උන්ගෙත් දෙන්නෙක් කොකා ගස්සලා , විශ්වාස කරන්න පුළුවන් විදිහේ පණිවිඩයක්, සලකුණක් විදිහට දාන එක තමයි. ඊට පස්සේ උන් උන් මරාගන්නවා. ඒ අතරෙ අපිත් මරණවා. ඒකයි වෙන්නෙ. එතනට යන්න කලින් ``උකුස්සා ´´ ගෙන් (ආරක්ෂක ලේඛම් ) අවසර ගන්න ඔීන.

*ඔව් සර්…..

ඒක නෙමෙි…. ඔබතුමාගෙ ඩ්‍රයිවින් මරු…

*මගේ…..?

ඔව්…

*තෑන්ක්යූ සර්….

හරි… මෙි තියෙන්නෙ බංගදෙණිය හංදිය.
තව ටික දුරකින් දැදුරු ඔය හම්බවෙනවා. ඊට කලින් පොලිස් චෙක්පොයින්ට් එකක් තියනවා. පරිස්සමෙන් යමු….

අප අනන්‍යතාවය පොලිස් මාර්ග බාධකය වෙත තහවුරු කිරීමෙන් පසු..
පැය එකහමාරකට පසු මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ඒමට හැකිවිය.

*සර්…. අන්න කපල් එක ෂොපින් කරනවා.

අම්මපා ඔව්නෙ…. අර බලන්න කසුන් ලොක්කට එපාවෙලා ඉන්නෙ. අර පුටුව උඩ නින්ද යයිද මන්දා

(සිව්දෙනාම සිනාසෙන්නට විය)

හොඳයි … මහත්වරුනි නියමෙට කලා.
ආයුධ ටික රෑවෙලා ගන්න වාහනයෙන්.
එහෙනම් බොහොමයක් ස්තුතියි . යන්න..ගිහින් විවෙික ගන්න …

***හොඳමයි සර්….

ඈත තියාම අප දෙදෙනාව තම නියෝජිතයා දකින්නට විය. මුදාහරින්න සූදානම් වූ ඈනුම අප දැකුමෙන් පසු එය අමතක කර අප දෙසට එන්නට විය.

**බැරි බර කරේ තියන්…
දෙපයට වාරු අරන්…

ඒක ගැලපෙන්නේ නැහැ සුපුන් මහත්තයා..

*මොකක්ද ගැලපෙන්නේ නෑ කිව්වෙ සර්…

නෑ අර ගෑණු ළමයා තෝරන ඇඳුම එයාට ගැලපෙන්නේ නෑ වගේ. අපි ඒක ගැන කිව්වෙ. ඒ රතුපාට මැච් වෙන්නෙ නෑ ඒ මිස්ට…

**ඒක තමයි මමත් කිව්වෙ….

*මමත් කිව්වා …. කොහෙද ඉතින්….

හරි හරි… ඔයා එයාව ඇරලවලා, මාව මුණගැහෙන්න…

**ඒක මෙදා කපේ වෙන්නෙ නෑ සර්…

ඒකනම් මටත් හිතුනා… තරහා නාරද මහත්තයා. පැදුරකුයි , කොට්ටයකුයි ගෙනැත් දෙන්නද…?

*හපොයි සර්… යන්න මෙතනින්. සයුරි දැක්කොත් ප්‍රශ්න පත්තරයක් අහයි මගෙන්…

හරි හරි…. ඔය මහත්තයා එන්නකෝ…


මතු සම්බන්ධයි……..





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now