⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 24 වන දිගහැරුම ⸎

`` ආචාර්ය වීරසිංහ ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


එච්චරයි වැඩෙි ඔයාට බාරයි….

**හරි තේනුවර … කියමින් ලේන්සුව නහයට තියා තද කල පසු වෛද්‍යවරයාගේ සිහිය පහව යන ලදි.

මෙතැන් සිට……..

හෝරාවකට පසු….

ඩොක්ටර් දැන් කොහොමද …. ඩ්‍රයිව් කරන්න පුළුවන් ද….?

***පුළුවන් සර්…..

හොඳයි වෙච්ච කිසිම දෙයක් කිසිම කෙනෙකුට අඟවන්න එපා. මොකද එහෙම වුනොත් , උන් ඔයාලට අටවපු ගේම්එක ඉවර කරලා දායි.. ටිකක් ඉවසලා ඉන්න. මෙන්න මෙි ෆෝන්එක ලඟ තියාගන්න. කිසිම කෙනෙකුට මෙි ෆෝන් එක ඇස ගැටෙන්න දෙන්න එපා. හෙට හෝ අද කවුරුහරි කෙනෙක්
``එස් පී´´ නමින් කතා කරයි. එයාට අවනත වෙන්න . මතක තියාගන්න. අපි මෙික හොඳම විදිහට බෙිරලා දෙනවා . මොනවාහරි මෙහෙන් අරගෙන යන්න.
මොකද ආවෙ බඩු ටිකක් අරගෙන යන්න නෙ. මහත්වරුනි බහිමු එහෙනම්…

***හරි සර් god bless u…

Ok god bless u too..

එහෙනම් මහත්වරුනි …. අපි මෙහෙන් මොනවාහරි සප්පායම් වෙලාම යමු. මගේ තැනට…

……………………………………………….

දැන් හරි…. වාඩිවෙන්න මහත්වරුනි ..

දැන් අපි කතා කරමු… නියෝජිත ජනිත් , කසුන් මහත්තයා මොකද හිතන්නේ..?
බලන්න මට දෙන්න අයිඩියා එකක්. ඊලඟට මොකද කරන්නේ කියලා.

*සර්… බලාගෙන ගියාම හැමෝම අනතුරේ නේද…?

ඔව් කසුන් … අපි හැර…

**මම හිතන්නේ අපි සයුරිවත් පැහැරගන්න ඔීන. මොකද එයත් ලොකු අවධානමක ඉන්නෙ…

ඔව් ඒකත් ඇත්ත තමයි.…නියෝජිත ජනිත් . මොනවා වුනත් ඩොක්ටර් ලඟ කසුන් කතා නොකර හිටපු එකනම් හොඳයි.

*ඔව් සර්….

එතකොට අපේ අපේ නියෝජිත B200 ට මැසේජ් එකක් දෙන්න ඔීන. ඔය ඩොක්ටර් කියන්නේ ඇත්තමද කියලා හොයලා බලන්න. ඒ කියන්නේ ඇත්තටම නෝනා සහ දුව වටෙිට උන්ගෙ දෙන්නෙක් බැහැලා ඉන්නවද කියලා. එහෙම වුනොත් උන්ගේ වටේටත් රැකවල් දාලා ඇති.

**ඔව් සර් මම මැසේජ් එකක් දෙන්නම්. ඒකට ගෙදර ඇඩ්‍රස් එක ඔීන වෙයි. මොකද ඩොක්ටර්ගෙ ගෙදර අය ටිකක් ඈත ඉන්නවා වෙන්න පුළුවන් නෙ.

ඔව් ඒක ඇත්ත තමයි…

*සර් කතාව එහෙම නම් අපි මොකද කරන්නේ. උන් දෙන්නට ගහලා දාමු ද..?

හපොයි එහෙම කරන්න බැහැ. එතකොට වැඩෙි අවුල් යනවා. ඒ වගේම ,ඒ වෙනුවට උන් තව දෙන්නෙක් දාලා කොකා ගස්සලා යයි . ඒක හරියන්නේ නැහැ.

**එහෙනම් මොකක්ද විසඳුම…?

මම දන්න තැනක් තියනවා වනාතවිල්ලුවෙ. මොකද මම කලින් මිෂන් එකක් ඉවරකලා. ``Project bear man´´ කියලා . එතන ආචාර්ය කෙනෙක් ඉන්නවා වීරසිංහ කියලා. මම මෑන්ට කතා කරන්නම්. එයාගෙන් මට උදව්වක් ගන්න පුළුවන්. ඒ පැත්තෙ තියනවා සාමාන්‍ය ගෙවල්. සාමාන්‍යයෙන් ඒ පැත්තට මෙයාලා යැව්වොත්, සැළකිවයුතු කාලයක් යනතුරු හොයාගන්න බැරිවෙයි. මොකද ඒවා ගම්මාන වගේම ජනාකීර්ණ තැන් නෙමෙි නෙ. අනික ඒ වගෙ තැනක මෙි අය ඉඳියි කියලා කීයටවත් හිතන්නේ නැහැ.

**එහෙම හිතනකොට මෙයාලා උඩ ගිහින් ඉවරයි නේද…?

හරියටම හරි…. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක්ට සංචාරක නිවාඩු දාන්න පුළුවන් නෙ මාස දෙක තුනක්… ඒ කාලය අපිට හොඳටෝම ඇති. එතකොට කසුන් ඔයා මෑන්ගෙ කසලබඳුන හැමදාම අස්කරන්න බලන්න. හැමදාම බැරිවුනාට කමක් නැහැ.


*හරි සර්…..

අපි යමු මදීනා ටෙක්ස්ටයිල්ස් එකට. මට තියනවා DNA එකක් ඉල්ලුම් කරන්න.
අර කොල්ලව නිදහස් කරලා, ඊට පස්සේ මුන්ගෙ ප්‍රාණ ඇපකරුවන් ඒ බන්ධන වලින් නිදහස් කරාට පස්සේ. මුන්ව අතුගාන වැඩෙි පටන්ගමු. එහෙනම් මහත්වරුනි අපි යමු….

හෝරාවකට පසු…
Dark Head (ඒකක ප්‍රධානි ) හමුවී DNA පරීක්ෂනය ඉල්ලුම් කිරීමෙ කටයුතු හමාර කර අවසානයේ මා කාර්යාලයට එන විටත් දෙදෙවාම හා බලාපොරොත්තුවෙන් තම කාර්යාලය තුල සිටින්නට විය.

හා…. ඔය මහත්වරුන්ගේ උනන්දුවනම්
හොඳයි … මම ඒක අගයකොට සලකනවා. නියමයි ….

**සර් මෙිකට සම්බන්ධ වෛද්‍යවරුන්
ටිකක් ඉවරයක් කරනවද….?

එහෙම නැහැ නියෝජිත ජනිත්… වරද උසාවියේ පිලිගෙන ,දඩුවම් විඳින්න කැමති අයට ජීවිත දානය දෙමු. අනිත් අයට ඉතින් ``සමාවෙන්න´´ කියලා
කොකා ගස්සලා දාන්න තමයි තියෙන්නෙ.
නැතුව මෙික නැති කරනවා නම් බොරු..

*එතකොට සර් මුන්ගෙ තිප්පොල (ප්‍රධාන ස්ථානය) කොහොමද හොයාගන්නේ…?

හරිම සරළයි. මෙහෙම කියමනක් අහලා තියනවද…? `` ලාඩම් බිඳුණු අශ්වයා නැවත උගෙ ගාලට ´´ කියලා.

*නෑ සර්….

හ්ම්ම්… විවෙිකීව ඉන්න වෙලාවට , විවිධ දේශීය , විදේශීය සාහිත්‍ය කතා කියවන්න. ඒක තමන්ගෙ වෘත්තීය ජීවිතයට මහගු අස්වැසිල්ලක් වෙනවා. මොකද එව්වාගෙන් තමයි බාහිර උත්තේජනයක් අපිට ගන්න පුළුවන් ..

**සර් ඒකත් ප්‍රංශ කියමනක්ද…?

නැහැ ඒක මෙක්සිකානු කියමනක්. මොකද අශ්වයින් වැඩි ප්‍රමාණයක් ගමනා ගමනය සඳහා යොදාගන්නේ මෙක්සිකෝ දේශය. මොකද ලාඩම් බිදුනට පස්සේ , ඒකට හුරුවුන අශ්වයාට ඒක නැතුව දුවන් අමාරුයි. හරියට අපිට පාවහන් නැතුව රළු පාරක යන්න බැහැ වගේ. ඉතින් ඌ කෙලින්ම යන්නේ ගාලට.
මොකද ඌ දන්නවා තමන්ගෙ ස්වාමියා අළුත් ලාඩමක් සවිකරනවා කියලා. ඒ වගේ අපිත් මුන්ගෙ ප්‍රවීනයෙක් , නැත්නම් , අශ්වයෙක් හොයාගෙන ``Micro GPS´´ (ස්ථනය තහවුරු කරන කුඩා යන්ත්‍රයකි. මෙවැනි උපකරණ දියුණු හමුදාවල් භාවිතා කරනු ලබයි සතුරු ඉලක්කපත් පිහිටි ස්ථානය හඳහඳුනාගැනීම සඳහා ) එකක් හයි කරමු. එතකොට එයා අපිට පෙන්වයි
අපි යන්න ඔීන තැන.

*සර් එතකොට මම මෙහෙම දෙයක් කිව්වොත්, උන්ගෙ ප්‍රධාන තැනට යනකොට tracking device එකක් තිබිලා
අපේ GPS එක මාට්ටු වුනොත්,

නියම ප්‍රශ්නයක් … හැබැයි සමහර තැන්වල ඔයා බරපතල් විදිහට හිතන්න බලනවා. ඉතින් එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. එහෙම උන්ගෙ tracking system එකට අපේ GPS එක අහුවෙනකොට. උන්ගෙ තැනට අපි ගිහින් ඉවරයිනෙ. ඊට පස්සේ ඒක කඩාගෙන කෑවත් අපිට මොකද ..? ( සිනාසෙමින් )

*ඔව්.. ඒකත් ඇත්ත තමයි නේද…?

ඒක තමයි.. උන්ට කොහොමත් සැක හිතෙයි. ඒක පරණ තරහාකාරයෙක් පිට හෝ පොලීසිය පිට යවයි උන්.

**එතකොට සර් මාළුකාරයා ….?

මෑන් කොහොමත් අපි කිව්වොත් සාක්ෂි දෙන්න එයි පොලිස් උන්නැහේට විරුද්ධව. ඒ වුනාට පොලිස් උන්නැහේත් ඉන්නෙ පරලොව යන ලිස්ට් එකේ…

*ඒ කියන්නේ සර්, පරලොව යන ලැයිස්තුවක් හදලා තියෙන්නෙ.

ඔව් කසුන්… ඇයි උන්ට විතරයි ද පුළුවන් මරණ ලිස්ට් හදන්න. අපිට බැරිද..?

**එතකොට ඒවා නීත්‍යානුකූල ඝාතන නෙමෙි නේද සර්….?

නැහැ .. කිසිසේත්ම නැහැ නියෝජිත ජනිත් … අපි නිර්නාමික කණ්ඩායමක්.
මෙි ගැටුමෙිදී අපි මැරුනොත් , අපි අයිති වෙන්නෙත් පාතාල කල්ලියක සාමාජිකයින් විදිහට තමයි. රහසේම
පවුල් තිබුන අයට වරප්‍රසාද හිමිවෙනවා එච්චරයි . මතක නැද්ද අපේ ප්‍රතිපත්ති.

**මතකයි සර්….

*කොහොමද නිවුස් වල සිරස්තලයට යද්දී
`` අද දින පාතාල කල්ලි සාමාජිකයින් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් මරුට කියලා ´´

ඔව් එහෙම තමයි නිවුස් එක යන්නේ.
ආරක්ෂක ලේඛම් පවා අපිව ප්‍රතික්ෂේප කරනවා සිද්ධිය පරණ වෙනකම්. අපිට තමයි ඉතින් `` රාජ්‍ය ත්‍රස්තවාදීන් ´´ කියන්නේ. එහෙමත් නැත්නම් `` Shadow Fighters ´´ ලා..

*හ්ම්ම් ඒක ඇත්ත තමයි. අපි අපේ වැඩෙි කරමු … අපි S Tigers ලා නැති කරලාම දාමු …

**හරි සර්… අපිට කියන්න ඊලඟ පියවර මොකක්ද කියලා.

අපි සයුරි ව බේරගමු. ඒක කරන්න නම් , එයාට අපි ඇත්ත තත්වය අවබෝධ කරන්නම වෙනවා. කසුන්ට පුළුවන් නේද එයාව වත්තල වෙරළට ගේන්න …? ඊට පස්සේ අපි N House එකට ගෙනැල්ලා
සේරම දේවල් තේරුම් කරමු. මොකද වෙන විකල්පයක් මගෙ ඔළුවට එන්නෙ නැහැ.

*සර්… ඒක තමයි දැනට කරන්න තියෙන එකම විකල්පය …
එතකොට ඇතුලෙ කැන්ටිමේ එවුන්ට මොකද කරන්නේ..?

හ්ම්ම්…… උන්ටත් ගේමක් දෙමු. පලමුවෙන්ම අපි බේරගන්න ඔීන ටික
බේරගෙන ඉමු. ඊට පස්සේ බලමු ඉතුරු ටික.. එතකොට කවද්ද සයුරි නෝනව එක්කගෙන එන්න පුළුවන්…?

*අද මට නයිට් නෙ… ඒත් ඉතින් මස යන්නම කියලා නියමයක් නැහැ. මොකද මම තවම ස්ථීර සේවකයෙක් නෙමෙි නෙ.

හ්ම්ම්…… පුළුවන් තරම් ඉක්මන් කෙරුවොත් හොඳයි…

*ඔව් සර්… මම හෙට උදේ කියන්නම්.

හරි… එළකිරි ….

**එතකොට සර්… ඩොක්ටර් ගැන මොකද දන්නෙ නැහැ නේද…?

ඔව්… මට මතක් කරපු එක හොඳයි… අපි මෑන්ට ඒත්තු ගන්වන්න ඔීන. මිනිහා ගැන හොයලා බලනවා කියලා.මම දැන් මෑන්ට කතා කරලා බලන්නම්.මම මගෙ ප්‍රයිවට් නම්බර් එකෙන් කතා කරන්නම්. එතකොට හරිනෙ. කෝල් එක කට්වුන ගමන් කෝල් එක ආපු නම්බර් එකක් හොයාගන්න බැරි වෙනවා නෙ.

හෙලෝ …. මම SP…

*** හා සර්… මම දැන් ක්වාටස් එකේ ⁣ඉන්නෙ….

ඒ කියන්නේ විවෙිකීව …?

***ඔව් සර්…

හ්ම්ම්… බොහොම හොඳයි…
මොකද තත්ත්වය.. තමුන් ගැන උන්ට සැක හිතිලද , නැද්ද …?

***මම හිතන්නේ නෑ සර්….

හිතන්නේ නෑ කිව්වෙ…

***නෑ නෑ සේරම නෝමල්…

වෙරි ගුට්…. තමුන්ලට සංචාර නිවාඩු දාන්න පුළුවන් නේද…?

***ඔව් සර්….

කොච්චර කාලයක්ද…?

***මාස දෙක හමාරක් වගේ පුළුවන්…

වෙරිගුඩ් .. කොච්චර කාලයක් යනවද
නිවාඩු අනුමත වෙන්න…?

***සර්… ලංකාවෙ ඇතුලෙ නම්

දැන් නෝනයි , දුවයි ගෙදරද ඉන්නෙ..

***ඔව් සර්….

හ්ම්ම්… හොඳයි … ගෙදර ලිපිනය
මට කියන්න.

***අංක *************** නාරම්මල.

රයිට් හෙට උදෙන්ම තමුන්

හ්ම්ම්… හරි…. ගෙදර අය දන්නවද මෙහෙම දෙන්නෙක් ඇහැන ඉන්නෙ කියලා. නැහැ සර්… හොඳයි ඒකට
කමක් නැහැ. ඒක දැනගත්තොත් ඒක අනවශ්‍ය පීඩනයක් වෙනවා. දැන් තමුන්ට තේරෙනවද ජීවිතයක තියෙන වටිනාකම …?

***ඔව් සර්…. මම මගෙ වරද උසාවියේදී පිලිගන්න කැමතියි.

හ්ම්ම්… වෙරිගුඩ්… ජීවිතයක වටිනාකම තේරෙන්න , තමන්ට හෝ තමන්ගෙ එකෙකුට කෙලවෙන්නම ඔීන.. හරි..
මම නැවත කතා කරන්නම්.
………………………………………………

*අවුලක් නැහැ නේද… ?

ඔව් දැනට නම් අවුලක් නැහැ.
ඉන්න …. මම වනාතවිල්ලුවෙ ආචාර්ය වීරසිංහ මහත්තයාට කතා කරන්නම්.

*****

හෙලෝ…. මට ආචාර්ය වීරසිංහ මහත්තයාට කතා කරන්න පුළුවන් ද..?

ආචාර්ය ….? මම වීරසිංහ නම් තමයි.
ආචාර්ය නම් නෙමෙි. මම හිතන්නේ මහත්තයාට වැරදීමක් වෙලා වගේ.
( දුරකථනයෙන් )

මහත්තයා නම්බර් එක වැරදි නැහැ. මම වැරදිත් නැහැ. ``ආචාර්ය වීරසිංහ´´
කියලා දන්නෙ තුන්දෙනයි නේද…?
එතනින් එක්කෙනෙක් තමයි මම.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ… ඔෆිසර් මාධව නේද මේ….? ( දුරකථනයෙන් )

හරියටම හරි…. ආචාර්යතුමා..

ඉතින් ඉතින් කොහොමද සැප සනීප.
කාලෙකට පස්සේ. ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඔීන…?

හොඳින් ඉන්නවා සර්… මට සර්ගෙන් උදව්වක් ඔීන..

හපොයි මොකද බැරි.. අද මම ජීවත් වෙලා ඉන්නෙ ඔෆිසර්ලා හන්දා නෙ.
මම ජීවිතයෙන් ණයයි ඔයාලට. කියන්න බලන් ඉතින්..( දුරකථනයෙන් )

සර්… ඔය වනාතවිල්ලුව පැත්තෙන් ටිකක් ගුප්ත තැනකින් ගෙයක් හොයාගන්න ඔීන. හැම පහසුකමක් ම තියෙන. පවුලකට ඉන්න වගේ තමයි මම මෙික හොයන්නෙ..

හපොයි පුළුවන් .. ඔීක මොකක්ද ..?
මට කාරණය දැනගන්න පුළුවන් ද..?
මම ඇහුව ප්‍රශ්නය හරිද මන්දා…

නෑ ඒකට කමක් නැහැ සර්… මට ඔීනකම තියනවා තුන්දෙනෙක් ටික කාලයකට හංගලා තියාගන්න. මොකද ඒ තුන්දෙනාගෙ ජීවිතය ලොකු අවදානමක තියෙන්නෙ මෙිවනවිට.

හරි හරි… ඒ ඇති. මම දන්නවා ඔෆිසර්..
ඔෆිසර් වගේ අය කවදාවත් මෙි රටට, ජාතියට , මිනිස්සුන්ට අයහපතක් කරනවා තියා , ඒ ගැන හිතන්නෙවත් නෑ කියලා. මට හෙට දවස විතරක් දෙන්න.
මම සුදුසුම තැන හොයලා තොරතුරක් කියන්නම්…( දුරකථනයෙන් )

හරි බොහොම ස්තුතියි සර්….

හරි එහෙනම් ජයවේවා ඔෆිසර් …

ජයවේවා සර්…
විසන්ධි කර… ඒකත් හරි එහෙනම්…

*ඒකත් හරි කියමුකො….

**සර්ට මාර කනෙක්ෂන් නෙ තියෙන්නෙ.

එහෙම තමයි නියමයි ජනිත්. ``ගොවියෙක් වී වැපුරුවොත් ඒ ගොවියට , වී අස්වැන්න ලැබෙනවා. හැබැයි බජිරි වැපුරුවොත් ලැබෙන්නේ බජිරිම තමයි. කවදාවත් බජිරි වපුරලා වී අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න එපා ´´ අපි අනෙකාට ගෞරව නොකරන තාක් , අපිට ගෞරවයක් ලැබෙන්නේ නම් නැහැ. ගෞරවය කරන්න . කරන්න තමයි , පෙරලා ගෞරවය ලැබෙන්නේ.

**ඒක ඇත්ත තමයි…. එතකොට තැන අපිට සෙට්ල් වෙච්ච ගමන් මෙයාලව
එහාට දාමු….

ඔව් …. ඒකත් කරන්න ඔීන සැළසුමකට අනුව. මම සැළසුම විස්තර කරන්නම්.
මෑන්ව තැනට දාන්න අපි දෙන්නා යායුතුයි… කසුන් මහත්තයා රෝහල් ඩියුටියට යන්න එපැයි
(මදක් සිනාසෙමින් )

*ඇයි සර්… මටත් එන්න පුළුවන් නෙ..

එහෙම කරන්න හිතන්නවත් එපා. නියෝජිත ජනිත් එක්ක මම ඒ වැඩෙි කරන්නම්. ඔයා ඇතුලෙ ඉන්න. ඉඳලා බලන්න මොකද වෙන්නෙ කියලා. මොකද ඇතුලෙ තත්වය අපි දැනගන්නම ඔීන. ඒක අනිවාර්යයි. අනික එහෙම වුනොත් ඩොක්ටර් ඔයාව අඳුර ගන්න පුළුවන්. කතාබහ නොකරාට, නිතරම දැකලා හරි පුරුදුයි නෙ.

*ඒකත් ඇත්ත තමයි හරි සර්….. එහෙම කරමු..

ඩොක්ටර්ව අතුරුදහන් කරන එක ටිකක් ලොකු සැළසුමක්. අපි උන්ට ඒත්තු ගන්වන්න ඔීන. මෑන් රට ගියා කියලා පවුලත් එක්කම කියලා.

**එතකොට සර් උන් ගුවන් තොටුපලින් පරික්ෂා කරයිනෙ. ගියාද නැද්ද කියලා.

වැදගත් ප්‍රශ්නයක් ඇහැව්වෙ… ඒක තමයි මම කලින් කිව්වෙ උන්ට අපි ඒත්තු ගන්වන්න ඔීන කියලා.

*ඒක කොහොමද කරන්නේ …?

හපොයි ඒක හරිම සරළයිනෙ. අපි ඔීපාදූපයක් හදනවා. රටෙන් පැන්නෙ
ගුවනින් නෙමෙි . මුහුදෙන් කියලා එච්චරයි. මම ඒකට පිටපතක් හදන්නම්.
දැනටම මම හදලා ඉවරයි. හෙට හවස සේරම පිලිවෙලට ගලපලා විස්තරාත්මකව මම පැහැදිලි කරන්නම්.

**පොඩි ඉඟියක් වත් දෙන්න බැරිද සර්…

ඔීකනෙ කියන්නේ ඉතින් … ඔය මහත්වරුන්ට `` මඥ්⁣ඤොක්කා අල හැදිලා අල බහිනකම් ඉන්න පුළුවන් . හැබැයි අල තැම්බෙනකම් ඉන්න බැහැ ´´
(සිනහමුසුව) හරි හරි… මම වැඩක් බාර දෙන්නම් නියෝජිත ජනිත් ට..

**කියන්න සර්….

හෙට හවස් වෙනකොට අර නිසාන් සනී
වාහනයේ ගහලා තියෙන විදිහටම S Tigers කියලා ස්ටීකරයක් ගහපු සුදු වෑන් එකක් ලෑස්ති කරලා තියන්න අනිද්දා උදේට කෙටි දැනුම්දීමකින් මෙහාට එන්න පුළුවන් විදිහට..

**හරි හරි මට තේරුනා සර්…

*මටත් තේරුනා සර්… මෙදාපාර දෙන්නා හොඳ නාට්‍යයක් රඟපාන්න වගේ යන්නේ.

හහ් හහ් හා… නිකංම එකක් නෙමෙි. ඇක්ෂන් ෂෝ එකක් …

**නියමයි සර්….

එතකොට කසුන්… අර පංචිකාවත්ත ගරාජ් එකේ වැඩකරන හාදයෝ දෙන්නෙක්ගෙ සමීප ඡායාරූප දෙකක් ඉක්මනටම ඔීන කියලා උපදෙස් මැසේජ් දෙන්න අපේ එතන ඔත්තු බලන Spiders ලට. ඒක හදිසියි…

*හරි සර් මම දැන්ම මැසේජ් එකක් දෙන්නම්…


මතු සම්බන්ධයි……..






Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now