⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 49 වන දිගහැරුම ⸎

`` සේපාලිකාගෙ යෝජනාව ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සුපුන් …. නාරද …. පනින්න පනින්න වාහනයෙන්.. කියමින් මා තවත් ටික දුරක් යතුරුපැදිය පැද නැවැත්තුවෙමි. දෙදෙනාම දොරවල් ඇරගෙන මා අසලට
එනවිට මා පැනපු ගමන් දෙදෙනාම තල්ලුකර පාර මැද පෙරලා ගත්තෙමි.
ඩිඩීන්න්න්න්….. හඬ නංවමින් වෑන්රියද පුපුරා ගිය අතර. එහි සුන්බුන් අපට ඉහලින් ගමන් ගත්තේ රෙකටි එකක් ගමන් ගත්තා වැනි සේයා මවමින්ය. කසුන්ගෙන් පිස්තෝලය උදුරාගත් මා ගිණිගෙන දැවෙන වෑන්රිය පසුකර දුවගෙන ගොස් පටු මාවතට හැරෙනවිට යමෙකු දුවනු දැක ඔහු ලුහුබැද පතුරම් තුනක් පපුවට හා හිසට තබා. ඔහු මැරී වැටුනු පසු නැවත දුවගෙන විත් යතුරුපැදියට නැග දෙදෙනාම දමාගෙන වෙිගයෙන් ඉදිරියට පැද අතුරු පාරවලින් හරහා ගමන නිමාකර නැවතුනේ මදීනා ටෙක්ස්ටයිල්ස් රථගාල තුලය. රථගාල වසාදමා පෑල දොරින්ම ටෙක්ස්ටයිල්ස් වෙත සේන්දු වූයෙමු.

මෙතැන් සිට………..

එහෙනම් මහත්වරුනි විවෙික ගන්න….

කසුන් … ජනිත්… (ආපසු හැරී )

*සර්… ?
**සර්… ?

Good job both of u… thankz a lot gentlemens …

*my pleasure sir…
**ur welcome sir…

Ok … see u soon….

කියමින් දෙදෙනාටම සමු දුන්නෙමි.

පසුදින……

උදෙන්ම මාගේ ජංගම දුරකථනය නාදවිය….

Hello good morning sir….

*Good morning madawa… ( ඇමතුම Dark Head ගෙනි)
*මොකද කරන්නේ තවම නිදි ද…?

ඕහ්හ්හ් සර්… හයයි නේද වෙලාව..
ඊයේ එනකොට හුඟක් රෑවුනා…

*මම කරදර කරාද මන්දා …

No… no sir… its ok…

*තමුසෙ ගේම පටන්ගෙන නේද… මෙි දවස්වල ප්‍රවෘත්ති වල, පත්තරවල යන්නෙ සිරස්තලය වශයෙන් අපේ අයගෙ කෙරුවාවල් තමයි ඉතින්.. මම තමුසෙ ගැන සතුටු වෙනවා. තමුසෙ යකෙක් ඔීයි.

Thank u sir….

*මගෙ කොල්ලො ටික හොඳින් නේද….

ඔව් සර්… Completely fine.

*excellent …. Excellent job…

Thank u sir… තව පොඩ්ඩෙන් මගෙ දෙන්නා ඉවරයි…

*ඒ මොකද….?

සර්… මම කිව්වා වගේම , මුන් හොඳ සැළසුම් සහගත කණ්ඩායමක්. ෂූට් කරලා එනකොට දෙන්න ගිය වෑන්එකට මැග්නට් බෝම්බයක් ( කාන්දම් බෝම්බයක් - අධි බලැති පුපුරණ දව්‍ය වලින් නිමවන ලද බෝම්බයකට කාන්දමක් සවිකර ඇත. එය වාහනයකට දමාගැසු විට, වාහනයේ යකඩ බ⁣ඳෙහි ඇලෙන අතර මොහොතකට පසු පුපුරා යයි ) ගැහැව්වනෙ. වෙලාවට මම පස්සෙන් ආවෙ.

*තමුසෙගෙ උකුසු ඇසට පෙනුනා සීන්එක…

ඔව් සර්…. මොකද මම පස්සෙන් ජැගුවරා එකෙන් ආවෙ. මම ක්ෂනිකව අණ දුන්නා වාහනයෙන් එලියට පනින්න කියලා.
දෙන්නම වාහනේ නවත්තලා එලියට පැනලා ඩවුන් ගියා විතරයි බඩු බ්ලාස්ට් වුනා.

*my god… so then…?

මොනවද ඉතින් සර් දකින්නට ඇතිනෙ වාහනය… ඒක C4 දාලා හදපු එකක් වෙන්න ඔීන. මොකද දොරවල් එහෙම ගලවලා එලියට විසික් වුනා.

*ඔව් මම දැක්කා braking news වලට
අපේ වාහනයට ටිකට් එක ඇදිලා තිබ්බා.
ඊට පස්සේ ….?

ඊට පස්සේ ඉතින් කසුන් ගෙ පැන්සල
( පිස්තෝලය ) අරගෙන ගිහින් ඒක දමලා ගහපු එකා පස්සේ පන්නලා හෙඩ් ෂොට් ගහලා ආවා එච්චරයි.

*ඒ කියන්නේ කිසිම සාක්ෂියක් ඉතුරු කරේ නැහැ …?

ඇත්ත වශයෙන්ම නැහැ සර්….

*වෙරිගුඩ් … වාහන නම් මොකද..? එකට දහයක් මම එවන්නම්. කොල්ලො ටික බෙිරුනානෙ මට ඒ ඇති. මම දහය වෙනකොට අළුත් වාහනයක් එවන්නම්.. මිෂන්එක කිසිම මොහොතක නවත්වන්න එපා…. එච්චරයි.

සර් බයවෙන්න එපා… මට කෙලවුනත් , කොල්ලො ටික බේරනවා මම…

*ඒක මම දන්නවා මාධව …. මොකද මම තමුසෙව දන්නෙ අවුරුදු පහලවක ඉඳලා.
හරි කමක් නැහැ.

සර්… උකුස්සා දන්නවද මෙි සේරම අපි කරපුවා කියන්න ….?

*මොකද නැත්තෙ…. මෑන් ලොකු පැහැදීමක ඉන්නෙ අපේ යුනිට් එක ගැන.

Excellent sir…..

*හොඳයි මම තියන්නම් … එහෙනම් ජයවේවා ….

ජයවේවා සර්…

ඇමතුම විසන්ධි විය…

තව දුරටත් නිදාගැනීම සුදුසු නොවන බැවින් කඩිමුඩියේ නැගිටගත් මා මුහුණ සෝදාගෙන ලකලැහැස්ති වී කාර්යාලයට ගොස් වාඩිවුනා පමණි. කාර්යාලීය දුරකථනය නාද විය.

Hello …

*good morning sir….

Good morning to pronto…

*සර්…. උදෙන්ම ලේඩි කෙනෙක් සර්ව මුණගැහෙන්න ඇවිත්…

කවුරු කියලද කිව්වෙ ….?

*දිව්‍යා කියලා තමයි කිව්වෙ.

කෝ… ඉන්න බලන්න… කියමින් රැහැන් දුරකථනය විසන්ධිකර , ඉදිරි කැමරාවල චලන දර්ශනය දෙස පරික්ෂාවෙන් බැලුවෙමි. හ්ම්ම්… සේපාලිකා ඔයා…

නැවත ප්‍රොන්ටෝ වෙත ඇමතුමක් ගත්තෙමි.

හ්ම්ම්… ගාඩියන්ස් ට කියන්න ඇතුලට ගන්න කියලා…

*ok sir…

මොහොතකට පසු …. මුලින් දුටු රූමත් කාන්තාව මාගේ කාර්යාලයට නුදුරින් සිටගෙන සිටිනු බැව් පෙනී. මාදෙස එකවර බලන විට හස්ත සංඥ්ඤාවක් මගින් ඇතුලට එන ලෙස සංඥ්ඤා කෙරුවෙමි. ඒ අවසරයෙන් වීදුරු දොර ඇරගෙන කාර්යාලය තුලට ඇය පැමිණියේ සිනහමුසු මුහුණ පෙරදැරී කරගෙනය…

*good morning සමන්ත මහත්තයා..

Good morning madam. Have a sit…

*thank u…. මෙි දවස්වල බොහොම අවදානම් ක්‍රියාන්විත ටිකක් කරා නේද…?

ඔව් මැඩම් ….

*පුදුමයි …. සොත්ති උපාලිගෙ අයියා. ලොකු රෙදි කඩයක් දාගෙන ව්‍යාපාර කරනවා දැක්කහම. මෙච්චර පිලිවෙලට කාර්යාල තියාගෙන. ඇතුලෙ සන්නිවේදනය හරියට තියාගෙන හ්ම්ම්…? ( වටපිට බලමින් )

ඒකනෙ මැඩම්…. මැඩම් උනත් එහෙම තමයි. කොහෙවත් නැති අවංක පොලිස් නිලධාරියෙක් ගෙ චරිත කතාව වගේම එයාගෙ පවුල් වපසරිය මත ගොඩනගා ගත් කතාවක් ඇතුලට තමන්ගෙ නාම චරිතය දාගෙන කරන රඟපෑම නම් ඉස්තරම් …. ( තරමක් ඉදිරිය නැමි )

*හරි හරි සර්… අපි දෙන්නම නලුවො තමයි… හැබැයි සර් වෙනසක් තියනවා.

ඔව් මැඩම්… පැහැදිලි වෙනසක් තියනවා.
මැඩම්ලා තියරියට යනකොට , මම තියරියෙන් එහාට ගිහින් ප්‍රායෝගික තත්වයට ඉතා ඉක්මනට පරිවර්තනය වුනා එච්චරයි. මම දන්නවා මැඩම්. ඔයාලගෙ ටාග⁣ට් එක මොකක්ද කියලා.
මගෙත් ටාගට් එක ඒකම තමයි. හැබැයි ඒකට යන්න නම්, වටෙි ඉන්න පෝන්ලා ටිකයි ,නයිට්වරු ටිකයි ට්‍රැක් එකෙන් අයින් කරන්නම වෙනවා. නැත්නම් රැජින ලඟට යනවා බොරු..

*ඔව් ඒක ඇත්ත තමයි…

මට විනාඩියක් දෙන්න කියමින් ස්ථාවර දුරකථනය අතට ගත්තෙමි.

හෙලෝ…. මගෙ කැබින් එකට තේ දෙකක් එවන්න … හරි.. ස්තුතියි… කියමින් දුරකථය විසන්ධිකර නැවතත් කතාවට ප්‍රවිශ්ඨ වුනෙමි.

මැඩම් ඉතින් මෙි පැත්තෙ….

*මම හරිම නිදහසේ ආවෙ..

හැබැයි තව දෙන්නෙක් එලියෙ ඉන්නවා ඔය මැඩම්ගෙ ආරක්ෂාවට…

*හා …. ඔව්…

හ්ම්ම්…

*මම ආවෙ ඉදිරි වැඩකටයුතු ගැන කතාකරගන්න….

හොඳයි … මැඩම්… කියන්න බලමු.

*ඊයේ දීපු තොරතුරු අනුව හරියට වැඩෙි කරා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා…
ඊලඟට අනිත් දෙන්නා ගැන තමයි බලාගන්න තියෙන්නෙ. මම ඒකටත් හරි තොරතුරක් දෙන්නම්.. සර් වැඩෙි කරනවද කියලා මට දැනගන්න ඔීන.

හ්ම්ම්… (දිග සුසුමක් ) මොකක්ද මැඩම්ට මම දෙන්න ඔීන උත්තරය ඒකට.
මැඩම් ඉන්න සංවිධානය මොකක්ද කියලා මම දන්නවා. හැබැයි අපි දෙන්නගෙ අරමුණ එකක් වුනාට , මැඩම්ට ඔීන මහමොළකරුවා අත්අඩංගුවට ගන්න නම්, ඒක කරන්න බැරිවෙයි.. මොකද අපි ලඟ දරුණුම ගනයේ අපරාධකරුවන් ව අත්අඩංගුවට ගැනීම් කරන්නේ නැහැ. මොකද මෙික ලංකාවනෙ. දන්නවා නෙ තත්වය. විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය. ඔහොමනෙ ඔීක හදලා තියෙන්නෙ මට මතක හැටියට.. අධිකරණය අංක එක වෙලා ඉතුරු දෙක ඔීන විදිහට පහලින් තිබ්බා නම් , මට ඔය මැඩම්ගෙ කතාවට එකඟවෙන්න තිබ්බා. නමුත් ඒක එහෙම නැහැ නෙ. ඔය රටේ සාපරාධී ක්‍රියාවන් කරන්නේ ජොනිලා වගේ පොඩි පොඩි ගේම් කාරයෝ නෙමෙි. ඒකට මුලින් කී දෙකෙන් උන්ට ආවරණය සපයනවා. එතකොට අධිකරණ බලාත්මක නැහැ. ඒ අයට. කෙටියෙන්ම කියනවා නම් , අධිකරණය කියන ධීවරයාට පුළුවන්කම තියෙන්න ඔීන හාල්මැස්සන් වගේම , තෝරු මෝරුත් අල්ලන්න. නමුත් එහෙම බලයක් ධීවරයට නැහැ. එතකොට අපි මොකද කරන්නේ. ධීවරයට කරන්න බැරිදේ අපි කරන්න ඔීන. නැත්නම් මෙි රටෙි අපරාධ නතරකරනවා බොරු. එහෙම නේද මැඩම් ….

*ඒකනම් සහතික ඇත්ත….

ඒක තමයි…. ධීවරයගෙ වැරැද්දක් නෙමෙි තියෙන්නෙ. දැලේ ප්‍රශ්නයක් තියෙන්නෙ. මොකද දැලට තෝරු මෝරු අහුවෙන්නෙ නැහැ. එකට අහුවෙනවා. හැබැයි දැල කඩාගෙන යනවා. ඔීක තමයි තිත්ත ඇත්ත ලංකාවෙ. ඉතින් අවුරුදු ගාණක් කට්ට කාලා ජීවිත පරිත්‍යාග කරලා තෝරු මෝරු ඇල්ලුවට වැඩක් නැහැ. අවසාන මොහොතේ උන් අර කලින් කියපු දෙකට ආවරණය වෙලා එලියට එනවා. හරයටනම් අධිකරණය අංක එක වෙන්න ඔීන. අන්න එතකොට අපි ඔයාලා වගේ මිනිස්සු කරන කැපකිරීම් වලට වටිනාකමක් ලැබෙනවා. නමුත් එව්වා මෙි රටෙි හීනම විතරයි කවදාවත් සඵල නොවන.

මැඩම් තේ එකක් බොමු…..

*ස්තුතියි සර්…

ඊලඟට මැඩම්. මිනිස්සු ආකල්ප වශයෙන් වෙනස් වෙන්න ඔීන. දහසක් දෙනා කට ගහපු හැඳි , ගෑරප්පු වලින් කන මිනිහා සර්. තමන්ගෙ අතින් අනාගෙන කන මිනිහා ගොඩයා. හැබැයි ඒ ගොඩයා තමන්ගෙ අතින් අනලා තමන්ගෙ ආදරණීයයන්ට දහස් වතාවක් බත් කවලා ඇති. මිනිස්සු සර් කියන මිනිහා
එලියෙන් සැපේ ඉන්නවා කියලා පෙන්නුවට, ඇතුලින් තමන්ගෙ සිස්ටම් එකම අවුල්. ණයබර , දේපල බිය , ගෞරව පට්ටම්, තානාන්තර අහිමි බිය.
තියනවා. ඉතින් ඔීකයි යථාර්ථය…
මැඩම්ට පුළුවන් නම් මැඩම්ගෙ යුනිට් එකේ අය දාලා අත්අඩංගුවට ගන්න ඔය මහමොළකරුවා හොයාගෙන. හැබැයි අපි ඔයාලට වඩා ඉක්මනින් වුනොත් බොඩි එකවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ.
මොකද ගෞරවාන්විත මරණයක් වගේම , ගෞරවාන්විත අවසන් කටයුතු හිමිවිය යුත්තේ ගෞරවාන්විත මිනිස්සුන්ට විතරයි. නගර සභාවෙ කුණු කානු සුද්ද කරන මිනිහට ඒ ගෞරවය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඔීන. නැතුව කම්බ හොරුන්ට , අපරාධකරුවන්ට නෙමෙි. නමුත් වෙන්නෙ එහෙමනෙ.

*සර්… මට තේරෙනවා. මම ඇතුලෙ වෙන තොරතුරු ටික දෙන්නම්. සර්… ගේම්එක ගෙනියන්න.

හ්ම්ම්… එතකොට උප පරීක්ෂක මිල්ටන් දඹරේරා හෙවත් යසිරු මහානාම දැන් මොකද කරන්නේ..?

*මොකක් ….. සර් කොහොමද එව්වා දන්නේ…? එව්වා අපිවත් දන්නෙ නැහැ නෙ.

එහෙම තමයි අයිරාංගනී මැඩම් … උප පරීක්ෂක අයිරාංගනී පරණවිතාන. ඔව්… ඒක තමයි ඔයාගෙ සැබෑ නම. ඇයි මිස් පුදුමයට පත්වෙලා වගේ…

*සර්…

හහ් හහ් හා…….. මෙච්චර ලොකු ටාගට් එකකට යනකොට අපි අවශ්‍ය , අනවශ්‍ය අයගෙ තොරතුරු හොයාගන්නවා මැඩම්.
මැඩම්ලා හොරුනම් , අපි කම්බහොරු..

*අපි සර්… ගැනවත් , සර්ගෙ ටීම්එක ගැනවත් මොකුත් දන්නෙ නැහැ නෙ.

ඒකට කමක් නැහැ. මොකද අපි පාතාලයේ වත් , ත්‍රස්තවාදීන් වත් නෙමෙයි නෙ. අපිගැන හොයන එකේ තේරුමක් තියෙනවද කියලා ⁣ඔයාලා කල්පනා කරලා බලන්න.

*හ්ම්ම්… ඒකත් එහෙමයි නේද එතකොට.
මිල්ටන් ඉතින් ඇන්ටනී එක්ක හැංගිලා ඉන්නවා.. මොකද මෙි තත්වය එක්ක එලියට බහින්න බැහැ. තැන් කීපයක CID එක බැහැලා ඉන්නෙ.

එතකොට එස්අයි රවින්ද්‍ර ….?

*මෑන් තමයි ගේම ගහලා තියෙන්නෙ කියලා තමයි ඇන්ටනී කියන්නේ. දෙන්නා දැන් නයි වෛරයෙන් ඉන්නෙ…

ඒ කියන්නේ අපේ ප්ලෑන් එක වැඩකරා එහෙනම්…

*මම දැනගත්තා CID එක එකපාරටම රවින්ද්‍රගෙ ගේ වටලනකොට මොකක්හරි
ගේමක් දීලා තියෙන්නෙ කියලා.

ඇයි මැඩම්… කැමති නැද්ද එස්අයි රවින්ද්‍ර ගොයියට උපරිම දඬුවම් ලැබෙනවට. ඔයාගෙ හස්බන්ඩ් මැරෙන්න මූලික හේතුව මෑන් නේද ( තරමක් සිනාසෙමින්)

*මගෙ මහත්තයා නෙමෙි නෙ. ඒ දිව්‍යාගෙ මහත්තයා නෙ. මම තවම සින්ගල් නෙ
(මදක් සිනාසෙමින් )

හැබෑව හැබෑව….( මදක් සිනාසෙමින් )

*සර් මිල්ටන් ඉන්නෙ ඇන්ටනී එක්ක. කිසිම විදිහකින් එයාව සම්බන්ධ කරගන්න හදන්න එපා. කියන දෙයක් මට කියන්න. මම පණිවිඩ ටික හුවමාරු කරලා දෙන්නම්.

ඔව්… ඒක ලොකු දෙයක්… මෙි බලන්න මෙි ලිස්ට් එක ගැන ඔයා දැනුවත්ද කියලා. කියමින් ශාන්ත සතුව තිබූ රහස් ලියවිල්ල ඇයට කියවා බැලීමට මෙිසය මත තැබුවෙමි.

*සර්… මෙි මොකක්ද ලිස්ට් එකක් නේද…?

ඔව් මැඩම් …. ඔය තියෙන්නෙ ලංකාවෙ රෝහල් කීපයක සේවය කරන වෛද්‍යවරුන් හා හෙදියන්ගේ ලයිස්තුවක්. මම මෙික ගත්තෙ මරදාන රෝහල් සේවකයයෙක් වන ශාන්තගේ ටෝච් එක ඇතුලෙ තිබිලා…

*ටෝච් එකක් ඇතුලේ….? මෙික….?

ඔව් මැඩම්…. ශාන්ත ගැන දන්නවා නේද…?

*ඔව් සර්….. මෑන් වගේම තව කීප දෙනෙක් තමයි හෙරොයින් බෙදාහරින්නේ තැන් තැන්වලට අපේ ගැන්සිය හරහා..

හරියටම හරි…. ඔය ඉන්නේ. ඔයාලගේ මත්ද්‍රව්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන මුවාවෙන් මත්ද්‍රව්‍ය හුරුකරන කණ්ඩායම.

*my god…. මම ඒ ගැන දැනගෙන හිටියත්, මෙි නම්ටික දැනගෙන හිටියෙ නැහැ. මම මෙික ගන්නද…?

ෂුවර් මැඩම්… මෙි කට්ටිය ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔයාලට පුළුවන්…

*බොහොමයක් ස්තුතියි…

ඒ වගේම බත් වයලට්ව අතහරින්නත් එපා…

*නෑ සර්…. එයා අපේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා …. එතකොට මෙි ඩොක්ටර් දුනිත් කියන නමට ඉදිරියෙන් ``D´´ අකුර දාලා තියෙන්නෙ ඇයි…?

ඒ තමයි ලඟදීම මරලා දාන්න ඉන්න අය.

*හැබෑටම …..?

ඔව් මැඩම්… ඒ හන්දා අපි ඩොක්ටර් දුනිත්ව අතුරුදහන් කරා… මෙි වෙනකම් හිටියා නම් මෑන් කුඩු. මොකද මෑන් අතුරුදහන් කරන්නත් ඔයාලගෙ දෙන්නෙක් මරලාදාන්න උනා.

*මට මතකයි බාබර් විජේ , සූටිං මනෝජ්..

අන්න හරි…. දෙන්නා තමයි.

*එතකොට ශාන්ත කෝ දැන් ….?

ශාන්ත ඉවරයි…. ආයේ ශාන්තගේ අලුවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ.

*ඒ කියන්නේ මෑන් ඩවුන් ද….?

ඔව් මැඩම්.. අළුවත් ඉතුරු කරේ නැහැ. අපි දෙන ගේම්වල ස්භාවය ඒක තමයි. ඊයේ දුන්න ගේම්එකෙන් තව පොඩ්ඩෙන් මගෙ නියෝජිතයින් දෙන්නෙක් ඉවරයි.
වෙලාවට මම දැක්කා අපේ වාහනයට
මැග්නට් බෝම්බයක් දානවා..

*මැග්නට් බෝම්බයක් ….?

ඔව්… මැග්නට් බෝම්බයක්… ඒ දාපු එකත් ඉවර කරලා ආවෙ.

*ඒක මම දන්නවා… තුන්දෙනෙක් ඉවරයි කියලා…

මැඩම්ට ම⁣ම ගාව තව තොරතුරු ටිකක් තියනවා. මම ඒ ටිකත් දෙන්නම්. හැබැයි ඒ අය හාල්මැස්සො… මට ඒ අයගෙන් වැඩක් නැහැ. මට ඔීන තෝරු මෝරු විතරයි. මැඩම් කැමති දෙයක් කරගන්න.

*හොඳයි හොඳයි ….. කොයිවෙලේ හරි
ඇන්ටනීයි, රවින්ද්‍රයි ගැටෙනවා. කවුරු
නැතිවෙයිද කියලා කියන්න බැහැ.

හ්ම්ම්… තවම රවින්ද්‍ර ඉන්නෙ CID අත්අඩංගුවෙ නේද…?

*ඔව් සර්… ඒ වගේම මිහිරාණිගෙ බොඩි එකත් සුරක්ෂිතයි …

නියමයි…. කවුරු ඉස්සර වුනත්, දෙන්නටම වැඩි කාලයක් මෙි අමුතු ඇටෙි පය ගහලා ඉන්න බැරිවෙයි…

*එතකොට සර් මම ගිහින් එන්නම්…
බොහොමයක් ස්තුතියි. මගෙන් කෙරෙන්න ඔීන දේවල් ඒ විදිහටම වෙයි..

හොඳයි මැඩම්… බොහොමයක් ස්තුතියි. ආපු එකේ ලාභෙට රෙදි ටිකක් අරගෙන යන්න ( මදක් සිනාසෙමින් )

*අනිවාර්යයෙන්ම…. නැත්නම් එතනත් සැකයක් මතුවෙයි නෙ.

කියමින් ලයිස්තුව ගුලිකර තම පසුම්බියට දමා මාගෙන් ඈ සමුගත්තාය.

අතරින් පතර එහෙමෙහෙ ගමන් කරමින්.
ඇඟලුම් කීපයක් තෝරාගෙන මුදල් අයකැමි කවුන්ටරයට ලබාදී ඈ මාදෙස බලා , මද සිනහවක් පාමින් රෙදි මළු දෙකකුත් රැගෙන ඉවත්ව ගියාය.

මද වෙලාවකට පසු නියෝජිතයින් දෙදෙනා මා හමුවට එනවිටත් පෙ:ව හතහමාර පසුවී තිබුනි.

*good morning sir

**good morning sir…

Good morning both of u… have sit…

මොකද අවුලක් නැහැ නෙ….?

**තව පොඩ්ඩෙන් අපි දෙන්නත් පරලොව තමයි….

පිස්සුද … මම කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නැහැ. ඒක තමයි සැළසුම්කරණයේදී සෑම දෙයක් ගැනම අවදානය යොමුකරන්න ඔීන. හිතලා බලන්න අපි තුන්දෙනාම වෑන් එකේ ගියානම් කුඩෙි කුඩු…

*ඒක තමයි සර්… නායකයා කියන්නේ නායකයාට. හැබැයි හැමෝටම සර් වගේ නායකයෙක් වෙන්න බැහැ. අනතුර කලින් දකින්නට බැහැ.

වෙන්න පුළුවන්…. දැක් කසුන් මහත්තයාට ඔන්න මගෙන් කලින් අහපු ප්‍රශ්නයකට ප්‍රායෝගිකව උත්තර ලැබුනා ඊයේ රෑ…

*ඒ මොකක්ද සර්….

ඇයි මගෙන් ඇහැව්වා මතකයිද..
මෙහෙම උන් පස්සේ පන්නන එකේ අවදානමක් තවම අපි දැනුනේ නැත්තෙ ඇයි කියලා. දැන් හරි නේද මම කියපුවා..
මහ මග උන්ගෙ කට්ටිය තැනින් තැත විවිධ ස්වරූපයෙන් ඉන්නවා. ඒක තමයි අපේ ස්පයිඩර්ස්ලා ගන්නෙ නැතුව ගෝස්ට් ලා ගෙන්න ගත්තෙ වැඩෙිට.

*ඔව් සර්…. ඇත්තටම හරිම අවධානම් උන්ගෙ පස්සේ යන එක…. මට දැන් තේරෙනවා. මට එක දෙයක් කියන්න පුළුවන්. අපිත් කවදාහරි දක්ෂ අපරාධ විමර්ශකයන් වෙයි. හැබැයි කවමදාකවත්
මාධව වෙන්න නම් බැරිවෙයි. ඒක හීනයක්ම විතරයි…

එහෙම කියන්න එපා කසුන්… උනන්දුව , උත්සාහය වගේම කැපවීම තියනවා නම් මාධව අභිබවා යන්න එච්චර අමාරු නැහැ. ඔයාලා දැක්කද සේපාලිකා ඇවිත් ගියා…

**ඔව් සර් අපි දැක්කා… නමුත් අපි ආවෙ නැහැ ඒ වෙලාවෙ මෙතනට.. මොකද එතකොට අපිවත් දකිනවා නෙ..

හොඳයි …. බුද්ධිමත් තීරණයක්.. ඒක නියමයි..

*සර් මොකද එයා කියන්නේ…..

හ්ම්ම්… එයා කියනවා ටිකක් නිදහසේ ඉන්න ආවලු එලියට. රෝමය ගිණි අරගෙන හන්දා එකෙක්වත් එලියට බහින්නෙ නැහැ වගේම, රවින්ද්‍රයි , ඇන්ටනී අතර නයි වෛරය පටන් අරගෙනලු තියෙන්නෙ. අපිට අවශ්‍ය කරන තොරතුරු තිබුනොත් අනිවාර්යයෙන්ම කියන්නම් කියලා තමයි කිවිවෙ. තව….. එයාලා අවරුදු ගාණක් තිස්සේ හොයනවලු මහමොළකරුවාව
අත්අඩංගුවට ගන්න..

*ඉතින් ….?

මම කිව්වා ඒක වෙන්නෙ නැහැ. එයාලට උරුමය මරණය මිසක දඟගෙයි දඬුවම් නෙමෙි කියලා.

**සර් කිව්වට ඒ මැඩම්ට `` දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් ´´ කියලා

ඔව්… හැබැයි අලුගෝසුවන්ට එල්ලන්නට ඉතිරි කරන්නේ නැහැ කියලත් කිව්වා..

**මරේ මරු තමයි ….

හොඳයි මහත්වරුනි ….. තව පැයකින් විතර අළුත් වන්ඩියක් අපිට ලැබෙයි. ඒකෙ ඉතුරු වැඩකටයුතු කරගෙන යන්න තමයි තියෙන්නෙ ….

*සර්… ඊලඟට මොකද කරන්නේ…

ඊලඟට ඉතින් මිෂන් ``ape vs cat´´ තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ.

**ඒ කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි…

ඔව් නියෝජිත ජනිත්…. මම ඒක වෙලාව ආපුවහම කියන්නම්…. තවම මෙි දවස්වල අපි කරපු දේවල් එක්ක උණුසුම වැඩියි. ටිකක් සීතල වෙන්න වෙන්න ඔීන.
වගේම, රවින්ද්‍ර CID භාරයෙන් එලියට එන්න එපැයි. එතකම් අපි ටිකක් විවෙික ගමු …


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now