⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 20 වන දිගහැරුම ⸎
> ඇස නොගැටුනු තැන් <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හ්ම්ම්… වාහන පාර්ක් එකට එන්න. මම එතනට යනවා දැන්ම. කියමින් ඇමතුම විසන්ධි කර, දිව්‍යා හිඟන්නිය නොදැක්කා සේ පසුකර , වෙිගවත් ගමනින් රථගාල වෙත ගියෙමි.

මෙතැන්සිට ….

රථ ගාලට යනවිටත් යතුරුපැදිය උඩ සහකාර නියෝජිතයින් දෙදෙනා මා එනතුරු රැඳි සිටියි.

**තේනුවර මහත්තයා මොකද වෙන්නෙ…?

ආවා පොඩි ට්‍රිප් එකක්..

*හොඳ පොඩි… උදේ ඉඳලා රස්තියාදුවෙ.

හහ් හහ් හා… දැන් සීනියර් ඔෆිසර් කෙනෙක්ව ලුහුබඳින එකට අළුත්ම වැඩෙි. මම දැක්කා දෙන්නා වත්තලට ආවා. නමුත් ඉතින් මට දැනුම්දීමක් කරලා නෙමෙයි නෙ ආවෙ. ඉතින් මම පාඩුවෙ පස්සෙන් වරෙන් කියලා හිටියා.

**මොකක් ….? සර් දැනගෙන හිටියද..?

ඔව් .. ඒ වගේම දෙන්නා ඔය සාක්කුවෙ තියෙන තනිකාච බයිනෝ එකෙන් මම දිහා වගේම වටපිට ගැනත් හොඳට ඇහැගහගෙන හිටියා කියලා මම දන්නවා.

*ඈහ් .. සර් කොහොමද ඒක දන්නෙ…?

උත්තල දර්පණ වුනත් සාමාන්‍ය දිලිසීමක් තිටයනවා හිරුඑළියට අහුවුනාම. ඒ ගැන ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න මහත්වරුනි.

**සර්.. අපිට DH කියලා තියෙන්නෙ සර්ගෙ ආරක්ෂාව ගැන බලන්න කියලා.

හ්ම්ම්… ඒකට කමක් නැහැ. හැබැයි පුතා මට මගේ ආරක්ෂාව ගැන බලාගන්න පුළුවන්. හරි හරි මොකක්ද දැන් අදහස.

*සර් අපි යමු සවල් රයිස් එකක් සප්පායම් වෙන්න.

හා…. ඒක නියම අදහසක් මහත්වරුනි. මොකද තමන් ඉහලට යන්න යන්න සැහැල්ලු වෙන්න මතක තියාගන්න ඕන. නැත්නම් ඉහලට හුඟක් ගියාම පහලට වැටෙන ප්‍රවණතාවය වැඩියි. සමහරුන්ට තමන්ගෙ බර තව කෙනෙකුට පෙන්වන්න ගිහිනුත් පහලට වැටෙනවා කියලා අමතක වෙනවා. හරි හරි අපි යමු මට තියනවා දේවල් ටිකක් කියන්න.

දිවා ආහාරයෙන් පසු තිදෙනාම ටෙක්ස්ටයිල්ස් වෙත ආවෙමු. හොඳයි මහත්වරුනි වාඩිවෙන්න. මම පටන් ගන්නම් ඊයේ රෑ ඉඳලා මෙි දක්වා මම හොයාගත්ත දේවල් වගේම, මම මුහුණපෑ වෘත්තීයමය වශයෙන් ඉතා වැදගත් වන සන්සිද්ධීන් මොනවද කියලා.
ඊයේ රෑ ඔය දෙන්නා මට සමුදුන්නට පස්සේ මම ආවෙ මෙතනට. විවෙික ගන්න එකපාරටම ගියෙ නැහැ. මම වාඩිවෙනකොටම කෝඩ් මැසේජ් එකක් ආවා. දන්නවද කාගෙන්ද කියලා.

**අපි දන්නෙ කොහොමද …?

ඒකනෙ ඉතින්. ඒක දිව්‍යාගෙන්.

*මොකක් දිව්‍යාගෙන්…?

ඔවි දිව්‍යාගෙන් තමයි. එයා නිල නොලත් විදිහට වැඩෙිට අතගහලා.

**හෑහ් … ගිය මිෂන් එකේ CDI නියෝජිත..?

ඔව් මහත්වරුනි.. එයා තමයි. ඒක එහෙමයි.

*නමුත් කොහොමද …?

මහාචාර්ය විනීත ලඟින්ම ආශ්‍රය කරලා තියෙන්නෙ අවුරුදු ගණනාවක් තිස්සේ
මෙි දිව්‍යා ව. ඉතින් මෙිගැන කියන්න සුදුසුම හා එකම විශ්වාසවන්ත කෙනත් දිව්‍යම තමයි. ඉතින් තමන්ගෙම දුවෙකුට වගේ සලකපු මෙි මහාචාර්යතුමා මැරෙන්න කලින් තමන්ගෙ ගෝලයෙක් විදිහට විරුදාවලියක් දීලා , ඔය අභ්‍යන්තර ලැබ්එක ඇතුලට අරගෙන ගිහින් තියනවා. ප්‍රමාණවත් වගේම ශක්තිමත් සාක්ෂි එකතුකරගෙන මෙික නවත්වන්න කියලා තමයි එයාට කියලා තියෙන්නෙ. ඉතින් සහය විද්‍යාඥ්ඥයෙක් විදිහට එයා මෙිවනවිට ඇතුලෙ වැඩ කරනවා. මාව හමුවෙන්න ආවෙ තදබල විදිහට වෙිෂය මාරුකරගෙන. ක්ෂේත්‍ර ඔත්තු කාරිනියක් වුනත් එයා හරිම දක්ෂයි මහත්වරුනි. කොහොම වුනත් අපිට උදව් අවශ්‍ය ඕනෑම මොහොතක සුපුරුදු පරිදි සහය දක්වනවා එයා.

*එතකොට එයා දැන් සාක්ෂි එක්කාසු කරගෙනද ඉන්නෙ …?

නැහැ කසුන්. එහෙම කරන්න තියා හිතන්නවත් බැරිලු. ඒ තරම් අවදානම් සහගත තැනක තමයි එයා ඉන්නවා කියන්නේ. වැඩෙි ඉවරයක් කරන්න සූදානම් වන මොහොතේ අපිට ඇතුලෙන් උපරිම සහයෝගය දෙනවා කිව්වා. ඒක කරුණු අංක එක.

**එතකොට අංක දෙක…?

ඔව් නියෝජිත ජනිත්. මම පලමුවෙන්ම ගියේ පැල්මඩුල්ලෙ අපි කලින් ගිය තැනට. එතන තිබුනා රෝසපාට බවුසර් එක. මම හොඳට නිරීක්ෂණය කලා ඒත. නම්බර් තහඩුවල ඇණ දාන කවුළු නිතරම වාගේ ගෙවිලා තිබ්බා. ඒකෙන් මනාවට ඔප්පු වෙනවා මෙි නම්බර් තහඩු නිතරම පාහේ ගලවනවා කියලා. ඒකේ තේරුම නම්, මෙවැනි තවත් වාහනයක් හෝ ඊට වඩා වැඩි වාහන ටිකක් තියෙන්න පුළුවන් කියන කාරණය. ඉතින් මම උන්ගෙ වාහනය පස්සේ ලුහුබඳින්නට පටන් ගත්තා අවසානයේ ඔය වත්තල පිහිටි ඒ ⁣තැනේදී තමයි නතර වුනේ.
එතනදී තව බවුසර් එකක් තියනවා අපි මෙි අපි දැකපු චයිනා මිල්ක් බවුසර් එකට අමතරව. එකම පාට , එකම වර්ගයෙන් මතුපිටින් කිසිම වෙනසක් පේන්න නැහැ.
එතනට ගිය බවුසර් එක එතන නවත්තලා , ටික වෙලාවකින් අනිත්එක ගියා කියන තැන තමයි මම ඉන්නෙ දැනට. මොකද මම මගෙ ලුහුබැඳීම හිතාමතාම පරක්කු කරේ උන්ට මම ගැන ඉවක් නොවැටෙන්නට. ඉතින් ඒ විරාමයේදී අංක තහඩුව ගලවලා අනිත් බවුසර් එකට හයිකරගෙන මුන් පිටත්වෙලා එතනින්. ම ඊට පස්සේ තාප්පයෙන් එහා පැත්තට පැනලා වාහනය නැවත පරික්ෂා කරා. විශේෂයෙන්ම වාහනයේ එන්ජිම. ඇත්තෙන්ම ඒක සීතල වෙලා නැහැ. හොදටම රස්නෙයි. ඒකෙ තේරුම මම පසුපසින් හඹාගෙන ආපු වාහනයම තමයි. අංක තහඩුත් තිබ්බෙ නැහැ. ඉතින් මගෙ අනුමානය හරිගියා වගේම , මම බවුසර් එකේ ටැංකියට රිංගුවා වටපිටාව ගැන සෝදිසි කිරීමෙන් පසුව.

ඇතුලට මනුස්සයෙක්ට පහසුවෙන්ම රිංගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නෙ. ඉතින් මම ඇතුලාන්තය හොඳින් සියුම්ව පරික්ෂා කරා. තැන්තැන්වල පරිප්පු ඇට, සහල් ඇට වගේ දේවල් තිබ්බා. ඉතින් මෙි බවුසර් එක යොදාගන්නේ අත්‍යාවශ්‍ය වියලි ආහාර රැගෙන යන්න කියලා මට තේරුම් ගන්න අපහසු වුනේ නැහැ වගේම , ඒකට ඒහැටි කාලයක් වැය වුනෙත් නැහැ.

**එතකොට සර් අනිත් කොපි වාහන
මොකටද…?

ඔව් මහත්වරුනි. මෙි වාහනය වියලි ආහාර ගෙන යනවා නම් , ඉතුරු වාහන එක හෝ දෙක වෙනත් අවශ්‍යතා සපුරනවා ඇති. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය වගේ දේවල්.

*එතකොට සර් ඇයි මෙි කට්ටිය සාමාන්‍ය ලොරි රථ පාවිච්චි නොකරන්නේ …?

හොඳ ප්‍රශ්නයක් කසුන් මහත්තයා..
මෙතනදී අපිට මොකක් නමුත් මගහැරුන දෙයක් තියනවා.

*සර් අදහස් කලේ මොනවගේ දෙයක් ගැනද…?

ඔව් කසුන්. සැකයක් නිර්මාණය වන්නේ, සැකයට තුඩුදෙන වස්තු බීජයක් තිබ්බොත් විතරයි නෙ. ඒකට ඇහැට පෙනෙන දෙයක් හෝ කනට ඇසෙන දෙයක් තිබිය යුතුමයි. එහෙමත් නැත්නම් ඉතින් තව කෙනෙක් කියන දෙයක් අහලත් සැකයක් හෝ කුතුහලයක් නිර්මාණය විය හැකියි. ඒකනේ අපරාධ විමර්ශන විද්‍යාවෙ මුලික තියරිය. ඉතින් එහෙම නොවෙන්න මොකක් හෝ උපක්‍රමයක් මෙි අය අනිවාර්යයෙන්ම යොදලා ඇති. ඒක මට පායන ඉරහඳ වගේ විශ්වාසයි.

**සර් කියන්නේ සස්ථානයක් ලැනද එතකොට.

ඔව් නියෝජිත ජනිත්. නිනමට හිතලා බලන්න එහෙම නිර්මාණය කරලා තියෙන්නම ඕන. සාමාන්‍යයෙන් කිරි බවුසර් එකක් ගමනාන්තය වෙන්න ඕන
ස්ථාන දෙකක හෝ තුනක විතරයි.
අංක එක , කිරි ගොවිපලේ
අංක දෙක , කිරි එකතු කරන මධ්‍යස්ථානය
අංක තුන , වැඩ නොකරන කාලයේ ගාල් නරන තැන. නැත්නම් ස්ථීර රථගාල.

*ඒ කියන්නේ යාල කැලේට ආසන්නයේ කිරි ගොවිපලක් තියෙන්න ඕන. ඒකට යන මුවාවෙන් මුන් වනගත වෙනවා වාහනයෙන් අර චීන කඳවුරට

හරියටම හරි කසුන් මහත්තයා. ඒක තමයි මමත් කියන්නේ. අවශ්‍යතාවය ඇති කරපු එළදෙනුන් කීප දෙනෙක් ගාල් කරලා ඇති යාල කිට්ටුව. එතකොට කාට වුනත් සැකයක් ඇති වෙන්නෙ නැහැ. මොකද යන්නේ කිරි එකතු කරන්න. ඕක ටික දවසක් කරගෙන යනකොට අහල පහල අයට සුපුරුදු දෙයක් වෙනවා. ඊට පස්සේ ඒ අය වුනත් ගාණකට ගන්නෙ නැහැ නෙ. මොකද අපේ රටෙි මිනිස්සුන්ට ඕනම දෙයක් අමුතු දෙයක් වෙන්නෙ සතියයි. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. හොරාකෑම වුනත් අපේ අයට සාමාන්‍ය දෙයක් නෙ. ඒකනේ සේරම පාර්ලිමේන්තුවට යවලා තියෙන්නෙ. යකාගෙ හැටියට විමානෙ හැඩගැහෙන්න ඕන. නැත්නම් විමානෙ හැටියට යකා හැඩගැහෙන්න ඕන. වැඩෙි කියන්නේ විමානය එකයි. යන යකා තමයි විමානයට ඕන විදිහට හැඩගැහෙන්නේ. මෙ විමානයේ පටිපාටිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන තුරු මෙි රටට යහපත් නායකයො බිහි කරනවා නම් බොරු. ඕකයි යථාර්ථය.

**ඒකනම් සහතික ඇත්ත. නමුත් ඕක මෙි රටෙි කීයෙන් කීදෙනාද විශ්වාස කරන්නේ..? රටක් හදන්න බැහැ මිනිසුන්ගේ ආකල්ප ධනාත්මක වෙනකම්. එතකොට සර්ගෙ ඉදිරි සැළසුම් මොනවද මෙි ගැන.

ඔව් මහත්වරුනි… අපි පලමුවෙන්ම ඔය වගේ ගොවිපලක් තියනවද කියලා හොයාගන්න ඕන. මොකද වෙන ගොවිපලකට යනවා කියන්නේ බොරු කතාවක්. මොකද කිරි ප්‍රවාහනයක් මෙතන ඇත්තටම වෙන්නෙ නැහැ වගේම , බවුසර් එකක දාගෙන යන්න තරම් කිරි අස්වැන්නක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැහැ පොඩි ගව පට්ටියකින්. ඒ වගේම පාලනයට ඒ පට්ටියට ගොපල්ලෙක් හෝ සුළු පිරිසක් ඇති. ඒ ගොපල්ලා ක්ෂේත්‍ර ඔත්තු කරුවෙක් බවත් මතක තියාගන්න. අනිත් අය සතුව අවිආයුධ පවා තියෙන්න පුළුවන්. මොකද යන එන වාහන වලට අමතරව ආගන්තුක වාහන ගැන මෙි අය චීන කඳවුරට තොරතුරු දෙන්න සැදී පැහැදී ඉන්නවා කියලත් හොඳට මතක තියාගන්න.

*එතකොට සර් එදා අපි දෙන්න බයික් එකෙන් ගිය ගමනේදී උන්ට අපිව ඇස ගැටුනෙ නැත්තෙ ඇයි…?

ඔව් හොඳ තර්කයක්. ඒකට හේතුව ඒ ඉසව්වට අපි ගියෙ නැතිඑක වෙන්න ඕන. අපි ගියේ පාර පැහැදිලිව තියෙනකම් විතරයි. ඊට පස්සේ අපි ගමන අඩාල කරපු එක තමයි අපේ පරම වාසියට හේතුපාදක වුනේ මගෙ අනුමානය පරිදි නම්.

**බලාගෙන ගියාම මුන් මාර බඩු නේද සර්… ?

ඔව් නියමයි ජනිත්. මුන් හොද මොළකාරයො වගේම , හරිම උපක්‍රමශීලීයි. හරි.. අපි දැන් නැවත සැළසුමට යොමු වෙමු. අපේ ඊලඟ අරමුණ විය යුත්තේ ඔය කඳවුරට උන්ට නොදැනෙන්නට ඇතුල් වීම. ඒකට මස ලඟ උපක්‍රම දෙකයි තියෙන්නෙ. ඒ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි.
අංක එක, අත්‍යාවශ්‍ය ආහාර ගෙනියන දවසට බවුසර් එක ඇතුලට රිංගලා සැඟවීම.
අංක දෙක , ඔය රියදුරන් වගේ වෙස් වලාගෙන වාහනය අරගෙන අපි ඇතුලට යන එක.

අංක එක වගේම අංක දෙකෙත් පොඩි අවදානමක් තියනවා අපිට. මම පලමුවෙන්ම සැළසුම් අංක දෙක ගැන විස්තර කරලා ඉන්නම්. ඔය වාහන දෙක තුනක් දිව්වට, රියදුරු සහ සහයකයා එක යුගලයක් වීම. මොකද ඇතුලට ගන්නා පිරිස අවම කරගන්න තරම් උන් පරිස්සම් වෙලා ඇති. එතකොට මෙි දෙන්නා මගදි සිහිනැති කරලා , වාහනය අපේ පාලනයට අරගෙන උන් දෙන්නා වගේ අපි දෙන්නා ඇතුලට යන එක. ඒකට උන්ගෙ පැහැදිලි ඡායාරූප ටිකක් අපි ගන්න ඕන අපේ බාහිර වේෂය උන්ගෙ වෙිෂයට සමාන කරගන්න ඕන හන්දා. ඊට පස්සේ අපිට පුළුවන් උන්ව කෙටි වෙලාවකට අත්අඩංගුවට අරගෙන
බවුසර් එක ඇතුලට අරගෙන ගිහින් අපේ නිරීක්ෂණ කටයුතු කරගන්න සුළු මොහොතකට හරි.

**එතන තියෙන අවදානම මොකක්ද සර්.

ඔව් නියෝජිත ජනිත්. එතන තියෙන අවදානම තමයි. අපි ගිහින් ආපසු ආවා කියමුකො. එතකොට උන් මෙහෙම දෙයක වුනා කියලා උන්ට දැනුවත් කරොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා.

**එහෙනම් දෙන්නටම සුදු කොඩි පෙන්වමු.

එතකොට ඊලඟ දවසේ ඉදලා වාහනේ උන්ගෙ අවශ්‍යතාවයට අරගෙන යන්නෙ කවුද …?

**ඒකත් ඇත්ත තමයි.. එතකොට මොකද කරන්නේ… ?

හ්ම්ම්.. අපි ඌරගෙ මාළු ඌරගෙ ඇ⁣ඟේම තියලා කපමු. වෙන කරන්න දෙයක් නැහැ.

*ඒ කිව්වෙ…?

මෙහෙමයි අපි උන්ට ඒත්තු ගන්වන්න ඕන එහෙම අපි උන්දෙන්නව අත්අඩංගුවට ගත්තා කියලා ඇතුලෙ එවුන්ට හෝ සංවිධානයට මුන් දෙන්නා දැනුම් දුන්නොත් වැඩෙි ගැස්සුනා කියලා පලමුවෙන්ම කොකා ගස්සලා දාන්නෙ මුන් දෙන්නට කියලා. මොකද මුන් දෙන්නගෙ තියෙන දුර්වලකම හන්දා තමයි එහෙම දෙයක් වුනේ කියලා උන් වටහා ගන්නවා කියලා ඒත්තු ගන්වන්න ඕන. එතකොට මුන්දලා දෙන්නා ආයේ කට අරිනවා බොරු. මොකද ඔය මොන කෙරුමත් මැරෙන්න බයයි නෙ.

*ඒකනම් හොඳ ක්‍රමයක්. එතකොට අංක එක සර් …. ?

ඔව් ඒක තමයි. ඊලග විසඳුම. එතනදී තියෙන අවදානම අපිට බවුසර් එකෙන් එලියට එන්න බැරිවුනොත් එතන එවුන්ට අපි අහුවෙනවා වගේම, කොහොමහරි එලියට ආවා කියමුකො. එතකොට නැවත ඇතුලට රිංගන එකත් හරිම අවධානම්. මොකද අවස්ථාවන් දෙකක් අපි ගන්න ඕන. ඒ හන්දා මම හිතන විදිහට සැළසුම් අංක දෙක තමයි ක්‍රියාත්මක කරන්න සුදුසුම එක.

*ඔව් සර් ඒක කරමු.

ඒකට අපි කරන්න ඕන මෙි බවුසර් එකේ දෙන්නගෙ සමීප ඡායාරූප ගන්න එක. ඊට සමාන වෙිෂයක් හදාගන්න ඒක ප්‍රමාණවත් වෙයි. ඒකට උන් අර අවන්හලට එනකම් එතන රැඳී ඉඳලා තමයි ඒ වැඩෙි කරන්න වෙන්නේ.

**සර් ඒක අපේ ස්පයිඩර් කෙනෙකුට බාරදෙමු නේද…?

ඔව්.. ඒක හොඳයි දැන්ම අපි මැසේජ් එකක් දෙන්න ඕන.

**හරි එක ගැන මම බලාගන්නම් සර්.

ඊලගට අර වෘත්තීයමය ඝාතඝාතකයින් දෙන්නගෙ ෆෝන් දෙකට මොකුත් පණිවිඩ නැද්ද… ? ඉන්න බලන්න කියමින් ඇතුලට දුරකථනයේ ෆෝනය අතට ගෙන
පරිඝනක කාමරයට ඇමතුමක් ගත්තෙමි.

ප්‍රොන්ටෝ - හෙලෝ සර්..

ප්‍රොන්ටෝ. මොකද ෆෝන් දෙකේ තත්වය..? මොකුත් ප්‍රවණතාවයක් තියනවද…?

ප්‍රොන්ටෝ - ඔව් සර්.. මම ෆෝන් දෙකේම ලොක් දෙක කැඩුවා. සේම විස්තර කොපියක් දාගත්තා. ඒ වගේම , මැසේජ් එකක් ආවා `` වැඩෙි හරිද ´´ කියලා.

බ්‍රැස්ට්යන් අල්මෙිදා ගෙ නම්බර් එකෙන්ද..?

ප්‍රොන්ටෝ - ඔව් සර්….

නියමයි. ඔයා දාන්න මැසේජ් එකක්. වැඩෙි හරි. අපි දෙන්නත් මාසයකට අතුරුදහන් වෙනවා කියලා. ආයේ කෝල් ගන්න එපා කියලත් දාන්න එච්චරයි.

ප්‍රොන්ටෝ - හරි සර්…

මා දුරකථනය විසන්ධි කෙරුවෙමි. පේනවා නේද. අර පිලිමතලාවෙ හාදයා තමයි වැඩෙි හරිද කියලා අහන්නෙ. ඊට පස්සේ තත්ව වාර්තාව සැබෑ බ්‍රැස්ට්යන්ට දෙනවා. ඒක තමයි ක්‍රමය. කල්ලි දෙකක් වුනත් , ඔත්තු සේවය ඔත්තු සේවය මෙතනදී හරිහැටි කරනවා.

**අද වෙනතුරු සර්ගෙ නිගමනයන් වැරදිලා නැහැ නෙ. මෙිකත් එහෙම තමයි.

ඉවසලා ඉන්න. සේරම ටික , ටිකෙන් ටික
අතුරුදහන් කරලා දාමු අඩි පහක් යටටම. ඊට පස්සේ චීන කඳවුරට ගහලා දාමු. තව ටික දවසයි. එතකොට මිෂන් එක ඉවරයි. අපි නැවතත් අතුරුදහන්. එච්චරයි. හොඳයි එහෙනම් සැළසුම් අංක දෙක ක්‍රියාත්මක කිරීමට පෙර කොටසට සූදානම් වෙමු මහත්වරුනි.
හැකි ඉක්මනට මට උන් දෙන්නගෙ සමීප ඡායාරූප දෙකක් ඕන.

**හරි සර්….

කසුන් ..

**සර්… ?

අපි තුන්දෙනා හවස යමු ගමනක්..

**ඒ කොහෙද සර්…

අඩියක් ගහන්න…

**මොකක් සර් කවදා ඉඳලද අඩි ගහන්න පටන් ගත්තෙ ..?

ඒ අඩි නෙමෙි මනුස්සයෝ සපත්තු අඩියක්.

*ඒ මොකටද සර්….?

අපි යමු සපත්තු වලට පොඩි ට්‍රාන්ස්මීටර් එකක් හයිකරන්න. මොකද අපි යනවා ඊට පස්සේ වැදගත් ගමනක්

**ඒ කොහෙද සර්.

විල්බට් අල්මෙිදා. එහෙමත් නැත්නම් සැබෑ නම නම් මහේෂ් ජීවානන්ද හමුවෙන්න.

*සර් කෙලින්ම ඌ බැහැදකින්න යනවද..?

ඔව් අපි යනවා. අපි යන්නෙ මෑන්ට කොන්ත්‍රාත්තුවක් බාරදෙන්න.

**කන්ට්‍රැක් එකක් …. ?

ඔව් මහත්වරුනි. මට මෑන්ගෙ වටපිටාව බලාගන්න ඕන. ලඟ ඉන්නෙ කවුද..?
පාරිසරික වපසරිය , වගේම , මෑන් අපි දෙන වැඩෙිට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා. මොකද නුදුරේදීම දවසක අපි මෑන්ව උස්සනවා. ඊට කලින් මෑන් ලඟ නිතරම කීදෙනෙක් ගැවසෙනවද. ගහනවා නම් කොහොමද ගහන්නෙ කියලා සැළසුම් කරන්න ඒ කරුණු ටික අපිට වැදගත් වෙනවා.

*හරි. අපි කාගෙ පින්තූරයක් ද දෙන්නෙ.

අපි දෙමු අපේ අතින් මැරුම්කාපු එකෙකුගෙ එකක්. එතකොට උන් හොයලා හොයලා පණ යයි.

**එතකොට නිකංම මෑන් ලඟට යන්න ලැබෙයිද අපිට…?

කොහොමත්ම නැහැ. අපිව පූර්ණ සෝදිසි කිරීමකින් පසුව තමයි මෑන් ලඟට දාන්නෙ. කොහොමත් අපි මෑන්ව ඕක තරම් දැකගා තියනවා නෙ. මෑන් අදිසි චරිතයක් නෙමෙනෙ මඅළු රටම දන්නවා.
නමුත් කවුරුවත් දන්නෙ නැත්තෙ තාත්තගෙයි , පුතාගෙයි අතයට කෙරුවාවල් විතරයි නෙ.

එහෙනම් මහත්වරුනි අපි හවස ලෑස්තිවෙමු. මතක තියාගන්න වෙිෂය මාරුකරගෙන නොයන්න.

**අපි වෙස්වලාගන්නෙ නැද්ද …?

නැහැ. එහෙම හිතන්නවත් එපා. මොකද පූර්ණ සෝදිසි කරනකොට බැරි වෙලාවත් කොණ්ඩයෙන් එහෙම ඇද්දොත මොකද වෙන්නෙ. වැඩෙි දෙල් වෙනවනෙ. ඒ හන්දා නියෝජිත ජනිත් වාහනේ ඉන්න. කසුන් එක්ක මම යනවා මෑන්ව බලාගෙන එන්න.

**හරි හරි සර්….


මතු සම්බන්ධයි……




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now