⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 12 වන දිගහැරුම ⸎
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


*සර්… මොකක්ද සැළසුම..

මෙතැන් සිට….

මෙිකයි සැළසුම …
මෑන් රාත්‍රි රාජකාරි දවසට නිදිකරවීම. ඊට පස්සේ ටෝච් එක හොරකම් කරලා. නිදිකරවන්නේ මෑන් කනබොන එකකට නිදිබෙහෙත් දාලා,

*ඒ කියන්නේ මම තමයි ඒ වැඩෙි කරන්න ඔීන …?

ඔව් කසුන්… ඊට පස්සේ අපි එලියෙ තැනක ඉන්නවා එතනට ටෝච් එක විසිකරන්න. අපි නිරුපද්‍රිතව ඒක අරගෙන ක්ෂනිකව මෙතන ඇවිත් කාබන් කොපියක් දාගෙන, හැකි ඉක්මනින් ඒක ටෝච් එකට අසාල ලියමන දාලා ගෙනැවිත් දෙන්නම්. ඊට පස්සේ ඔයාට පුළුවන් නැවත ඒක බෑග් එකට දාලා අත පිහාගන්න. එච්චරයි .

*හරි …. මම ඒක කොහොමහරි කරලා දෙන්නම් සර්….

නියමයි බොහොමයක් ස්තුතියි. මෑන් නයිට් වැඩ දවසට වැඩෙි දාගමු. මට දවල් එලියට ඇවිත් කියන්න.

*ඒ කියන්නේ හිඟන්නට…?

ඔව් හිඟන්නාට තමයි….

*හරි…

ඒක සරළයි කියනකොට නම්. හරි කොහොම වුවත් , බොහොම හොඳයි.
ඊලඟට හෙට අපි තුන්දෙනාම යන්න ඔීන
ගෝල් ෆේස් එකට…

**ගෝල් ෆේස් එකට….

ඇයි නියෝජිත ජනිත් කැමති නැද්ද අපිත් එක්ක ටිකක් විනෝද වෙලා එන්න.

**හපොයි මොකද අකමැති. නමුත් මෙි වැඩ අස්සේ…. ?

ඇයි වැඩ අස්සේ ටිකක් විනෝද වුනාම මක්ක වෙනවද…? හහ් හහ් හා… ව්‍යාකූලත්වයට පත්වෙන්න එපා නියෝජිත ජනිත්. ඇත්තටම අපි යන්නේ වෘත්තීයමය වශයෙන් වැදගත්වන වැඩකට.හෙට පොලිස් උන්නැහේ සමග ශාන්ත හමුවෙනවා ගෝල්ෆේස් එකේදී. ටිකක් හමුවෙලා කාලය අරගෙන කතාබහ කරනවා කියන්නේ ටිකක් වෙලායන බරපතල් කාරණයක් වෙන්න ඔීන. බොහෝදුරට ඉදිරි සැළසුම් හෝ සැළසුම් වෙනස්කිරීමක් වෙන්න පුළුවන් ලිපි වලින් විස්තර කරන්න බැරි. ඉතින් අපිට මෙි කතාබහ සවන්දෙන්න නම් අපිට බැරිවෙන්න පුළුවන් . නමුත් අපිට බලාගන්න පුළුවන් කීදෙනෙක් එතනට රැස්වෙනවද කියලා. ඒ අය කවුද කියලා. තව …. අපි බලාපොරොත්තු නොවුනු දේවලුත් වෙන්න පුළුවන් සමහරවිට. ඉතින් මේකයි මගෙ සරළ සැළසුම..
අපි තුන්දෙනා එකට ගියාට එතනට ගිහින් අපි හුඟක් දුර තියාගෙන වෙන්වෙලා තමයි ඉන්න ඔීන. මොකද ඒ අය හොන ඉසව්වෙ ඉඳියි ද කියන්න අපි දන්නෙ නැහැ. ඒ වගේම සාමාන්‍ය ඔත්තුකරුවන් වගේ ඉන්න හදන්න එපා.
ඔයාලා කැමති විදිහට ඉන්න. සරුංගල් යවන්න. රැල්ල පාගන්න. එහාට මෙහාට දුවන්න. වගේ දේවල් කරන්න. මොකද ඔතනට එන හැම කෙනාම කරන්නෙත් ඒ දේවල් ම තමයි. එහෙම කරපුවාම වෙනස් අය තෝරාබේරා ගන්න එයාලට අපහසුයි. එතකොට අපේ වැඩෙත් ලේසියි. හැබැයි කට්ටිය ගැන පූර්ණ අවධානයෙන් ඉන්න වගබලාගන්න. ඒ වගේම පොඩි රේඩියෝ සෙට්එක ගන්න. ඒකට පාවිච්චි කරන ඉයර්ස් ගන්න. ඒ වගේම පෑන් තුන ගන්න. මොකද මට එතන වුන දේවල් පසු විපරම් කරන්න වුවමනායි. ඒ හන්දා අපි කරන වැඩේ පටිගත කරන්න ඔීන. ආයුධ මොකුත් ගන්න එපා. ව්‍යාජ හැඳුනුම්පත විතරක් ගන්න. මොකද සිවිල් පොලිස් නිලධාරියෙක් ට ඔීනම වෙලාවක ඔීනම කෙනෙක්ව සෝදිසි කරන්න බලය තියනවා. ඒ හන්දා අපි ඒකටත් අවනත වෙන්න ඔීන. තව දෙයක් තත්ත්වය අනුව මම ඔයාලට කතා කරන්නම්. සමහර වෙලාවට මට වෙනත් සැළසුමක් ක්‍රියාත්මක කරන්නත් වෙයි. කෝකටත් මුහුණ වහගන්න කළු රෙදිකෑල්ලකුත් ගන්න. අපි වේෂය වෙනස්කරගෙන යන එක ඇත්ත. නමුත් ඒක කෝකටත් ඒක හොඳයි. මොනවාහරි සිද්ධියක් වෙලා ගැලවෙන්න බැරි වුනොත් පුළුවන් තරම් ඉක්මනට සෙනඟ ඉන්න දිහාට දුවන්න . ඊට පස්සේ අතුරුදහන් වෙන්න..

*මුහුණ ආවරණය කරගන්න ….?

ඔව් කසුන් …සමහරවිට අපිට හිතාගන්න බැරි අයත් එතනට එන්න පුළුවන්..

**හිතාගන්න බැරි අය ….?

ඔව් නියෝජිත ජනිත් …. අපිව නිතරම දකින අය. එච්චර හිතන්න එපා. ඒකට උත්තරය මම එතනට ගියාට පස්සේ පෙන්වන්නම්. දැන්ම කිව්වොත් මෙික රසවත් වෙන්නෙ නැහැ නෙ. ඒකට ඔය දෙන්නම පුදුම වෙයි .. හා… තව දෙයක්.
ෆෝන් ගේන්න එපා. ඒක අනවශ්‍ය දෙයක්
මොකද ඒකෙන් සේරම අවුල් යන්න පුළුවන්.

*ඒකත් එහෙමද… ? හරි හරි සර්ගෙ කැමැත්තක්.

තව මොනවත් මගෙන් දැනගන්න ඔීනද..?
එහෙමත් නැත්නම් මගෙ විග්‍රහයෙ අපැහැදිලි තැන් තියනවද..?

*නෑ සර්….ෆෝන් එක ඔීන නැහැ තමයි.

හොඳයි මහත්වරුනි… එහෙනම් හෙට බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා. එහෙනම් ජයවේවා..

**ජයවේවා සර්….

මොහොතකට පසු ….

බොහා්විට හෙට දින මට ඉතා විශේෂ දවසක් වේවි. සමහර ප්‍රශ්න වලට මදවශයෙන් හෝ උත්තර ලැලැබෙනු ඇත.
ඒ වගේම හෙට දින `` බත් වයලට් ´´ ගෙ සැබෑ ස්වරූපය දැකගන්නට මගෙ මිතුරන් දෙදෙනාට හැකියාව ලැබෙනු ඇත. මෙි දශකය තුල ගැහැණුන් අපරාධ වලට යොමුවන ප්‍රවණතාවය වැඩි බව පෙනීයයි. ඒ වගේම මෙම ජාවාරම පසුපස ඉන්නේ කවුරුන්ද.. ඒ මහමොළකරුවා සෙවීමට දින තිහක කාලය මාහට ප්‍රමාණවත් නැති බව පෙනී යයි. ඒ වගේම මෛ රෝහලේ පමණක් නොව තව රෝහල් කීපයක මෙවැනි සිදුවනවා ඇද්ද යන්න සොයාගත යුතුය.
එසේනම් ඇයි මොවුන් රෝහලක්ම යොදාගන්නේ මෙි වැඩවලට…? එය තවත් ගැටළුකි. මා හිතන විදිහට ⁣අපේ රටෙි සමාජ රටාව අනුව කිසිම කෙනෙකුගේ සැකය කියන සිතුවිල්ල රොිහලකට යොමු වන්නේ නැත. අඩුම තරමෙ ගිලන් රථයක් වත් කිසිම ආරක්ෂක අංශයක් සෝදිසි කරන්නේ නැත. එසේනම් සමාජ සංකල්ප ආවරණය
මොවුන්ට පලිහක් වී තිබෙි. මෙය රටට , සමාජයට අනාවරණය කලහොත් ලොකු ප්‍රශ්න ගොඩක් රටතුල හටගැනීමට ඉඩකඩ වැඩිය. එසේනම් ප්‍රචරණයට අවස්ථාව ඉඩ නොතබා මොවුන් සියල්ල
නිහඬ කල යුතුය.

හොඳයි අපි බලමු මාධව ….

පසුදින උදෑසන අවදිවූ මා. පිජාමා සරමක් හා ටීෂර්ට් එක්ක ඇඳ , මුහුනේ ස්වරූපයද වෙනස්කරගෙන ප්‍රධාන මාර්ගයට පැමිනෙන විටත් ඔවුන් දෙදෙනා යතුරුපැදි දෙකකින් පැමිණ මා අසල නවත්විය.

*කෝ මෙි හාදයා….

**මෙිතන නේද එන්න කියපු තැන.

*ඔව් නෙ…

හාහා…. කලබල වෙන්න එපා කසුන් මහත්තයා… කියමින් මා බුලත්කෙල පාරක් පාරට ගසා තම දත් විලිස්සා
සිනාසුනෙමි.

*හෑහ් කවුද ඩෝ මෙි….? ( මද සිනහවක් පාමින් )

කෝ දියං ඔය හෙල්මට් එක මෙහාට..
යමං යමං සුනංගු නොවී…

**සර්…. ? මෙදාපාර නම් වෙනස්වෙලා
තදටම..

කට කට… උඹලා පෑන එහෙම ගෙනාවද..

*ඔව් ලොකු උන්නැහේ …

උඹලට පේනවද අතර බත් විකුණන එකී ඉන්නවා ….?

**නෑ ලොකු උන්නැහේ …..

හහ් හහ් හා… උඹලා තවම සූටි වැඩියි සබ්ජැට් එකට….හා… කාරි නෑ හනික යමල්ලකො සුනංගු නොකර..

හෝරාවකට පසු….

හරි හරි… මෙතන නවතින්න. බයික් දෙක ඔතන තියන්න පුළුවන්.

හරි….. හොදට අහගන්න. ඔය දෙන්නා පේනමානයේ ඉන්න. ඔයාලා කැමති දෙයක් කරන්න. හැබැයි වටපිටාව ගැන ඇහැගහගෙන ඉන්න. ඒ දෙන්නව දකින්නේ කවුද පලමුවෙන්ම , එයා අනිත් දෙන්නට කෝල් කරලා කියන්න. ඊට පස්සේ ඔය පෑන ඔන් කරගෙන ඉන්න. මම ඔය කොහොම කලත් , උන්ට කිට්ටු වෙනවාමයි. මොකද මට උන්ගෙ පැහැදිලි චලන රූප ඔීන. ප්ලෑන් එකේ වෙනසක් වුනොත් මම කියන්නම් එච්චරයි.

*හරි සර්…

එහෙනම් දැන් රේඩියෝ සෙට් එක ඔන් කරලා බලමු බඩු වැඩද කියලා. තිදෙනාම
ඉයර්ස් තම කනේ ගසා රේඩියෝ තුන ක්‍රියාත්මක කරන ලදි. මා මද දුරක් ගොස්
රහස් භාෂාව භාවිතාකර මොවුන් දෙදෙනා ඇමතුවෙමි.

(රේඩියෝ සෙට් - කෙටිදුර සන්නිවේදනය කලහැකි කුඩා සුසර විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂක හා සංග්‍රාහක රිසිවරයකි.
*ඉයර්ස් - කුඩා ස්පීකර් දෙකකි. මෙහි කතා කිරීමට හඬ සංවෙිදකයක් සහිතය.
මෙය කන තුල රඳවා තැබීමට හැකියාව ඇති අතර. එය බැලූ බැල්මට මතුපිට කෙනෙකුට නොපෙනේ* මෙම යන්ත්‍ර රාජ්‍ය හමුදාවන් සතුරු භූමියේදි පාවිච්චි කරනු ලබන අතර ආරක්ෂක බුද්ධි අංශද බහුලව භාවිතා කරනු ලබයි)

Control for alpha and bravo over…
*alpha for control ok over..
**bravo for control ok over..

Am i clear over…?

*alpha loud and clear over…
**bravo loud and clear over…

control for alpha and bravo Excellent.
Over and out.

හරි… එහෙනම් ජයවේවා මහත්වරුනි..
කියමින් තිදෙනාම විසිර ගියහ…

පෙරවරු නමයේ කණිසමට ලඟාවිය. තවත් බුලත්විටක් කටෙි දමාගෙන සෙමින් හපන ගමන් මා වටපිට බැලුවෙි.
ඉලක්කගත පිරිස ඇවිත්ද යන්න සොයා බැලීමටය.

*alpha for control over…

Control for alpha ok over….?

*i see the pakage …

Ok… where are…

*එලිපන්ට් අයිස්ක්‍රීම් විකුණන තැන එහා පැත්තේ ගල් පුටුවල ඉන්නවා.

Control for alpha ok.. tango and out.

Control for bravo ලැබුනද පණිවිඩය …?

**ඔබහරි over….

Ok keep on ur eyes well. Im going to them

*Ok over…

මා හෙමින් සීරුවෙ අයිස්ක්‍රීම් අවන්හල පසුකර ඉදිරියට යනවිට අඳුරන ශාන්ත සමග තවත් තිදෙනෙකු වටමෙිස පුටුවක වාඩීවි කතාබස් කරමින් සිටින ලදි. ඒ සිවුදෙනා අතරින් එක් අයෙකු ගැහැණියක් ද විය.

ඔය දෙන්නට මාව ඇහෙනවද…?

**ඔව් ලොක්කා
*ඔව් ලොක්කා ..

හොඳයි මට මීට වඩා සමීප දැක්මක් ඔීන වෙනවා. Alpha පේනමානයේ ඉන්න . වැඩිය කිට්ටු වෙන්න එපා. මොකද ඔයාව දන්න කියන දෙන්නෙක් එතන ඉන්නවා.

*ok ලොක්කා ….

එතකොට. Bravo . අපි දෙන්නට පොඩි නාට්‍යයක් රගපාන්න වෙනවා. මම පිස්සු තාත්තා කෙනෙක් වගේ ලගට ගිහින්. පොඩි සෙල්ලමක් දානවා හරියටම විනාඩි දෙකකට පස්සේ එන්න මාව ගන්න. මතක තියාගන්න මම පිස්සු තාත්තෙක්.
ඔය පුතා මාව හොයාගෙන ඇවිත් මාව අරගෙන යන්න. හරි දැන් වෙලාව නමයයි කාලයි, නමයයි දාහත වෙද්දී එතනට එන්න. ඔය ඉයර්ස් ගලවන්න උන් දකින්න පුළුවන්. ලබාගත්තද පණිවිඩය.

**bravo for control . ඔබ හරි over…

Ok over and act…

වහාම ක්‍රියාත්මක වූ මා එම වට මෙිසය වෙත ලඟාවී පිස්සු චරිතයකට ආරූඪ විමි.

පුතා… පු පු පු පුතා…. මෙි ඉන්නෙ මට රත්තරන් පුතා.. කියමින් කඩාවැදී පොලිස් නිලධාරීව බදාගත්තෙමි. ඒ ඇසිල්ලේ ඉතුරු අයවළුන්ගේ මුහුණවල් බලගන්නා අතරතුර නොහඳුනන පුද්ගලයාගෙ මුහුණ දෙසට හැරී තම රහසිගත කැමරාව එල්ල කෙරුවෙමි.

`` මෙහෙ ඇති පුතෙක් නැහැ යනවා අහකට ´´ කියමින් පොලිස් නිලධාරීයා
තරමක ගෝරනාඩු ස්වරූපයෙන් මාහට බැණ වදින්නට විය.

නෑ නෑ ඔයා මගෙ ලොකු කොලුවා…

`` මෙි ලොකු උන්නැහේ සැරයක් කිව්වා නේද යනවා මෙතනින් . මෙතන ඇති ලොකු පුතෙක් නැහැ ´´ කියමින් නන්නාඳුනන තැනැත්තා කෑගසන්නට විය.

**තාත්තේ…. තාත්තේ …. කොහෙද මෙි ආවෙ…? මම හැමතැනම හෙව්වා…

පු පු පු පුතේ…. මයෙ ලොකු කොලුවා..
කියමින් නැවත වතාවක් පොලිස් නිලධාරී දෙසට මා තම දඹර ඇඟිල්ල
දික් කරන්නට විය.


**අනේ සොරි සර්…. මෙි මගෙ තාත්තා. එයාට පොඩ්ඩක් අවුල්…

***හරි හරි අයිසෙ. යනවා ඔය මලවදේ ⁣අරගෙන මෙතනින් ..

**මෙි තාත්තේ එන්ඩ යන්න… මම හැමතැනම හෙව්වා..
කියමින් මාව ආයාසයෙන් ඇදගෙන එතනි නින්ම යන්නට විය. නියමයි නියෝජිත ජනිත් නියමයි .. මා රහසින් මුමුණන්නට විමි. අපි අර පේන තැනට ගිහින් ඉඳගමු.
ඉවර නැහැ . මාව බලෙන් ඇදගෙනම යන්න මොකද අරුන් ටික බලාගෙන ඉන්නවා තවම.. රේඩියෝ එක දාගෙන බලමු කසුන් මොකද කරන්නේ කියලා.

Control for alpha over….

Alpha for control ok… මම සේරම බලාගෙන ඉන්නෙ. අවුලක් නැහැ.

Roger over…

අවුලක් නැහැ…

හෝරාවක් පමණ ගතවිය… සිව්දෙනාම වටමෙිසයෙන් නැගිට නන්නාඳුනන පුද්ගලයා හා පොලිස් නිලධාරියා එක පැත්තකට හා ශාන්ත සමග කාන්තාවද අනෙක් පසට විසිර යන ලදි. ඔවුන් නොපෙනී යන තෙක්ම මා බලාසිටියෙමි.

*සර්… කසුන්ට එන්න කියන්නද..?

එපා නියෝජිත J50.. පැය බාගයක් යනතුරු අපි මෙහෙම ඉමු. මොකද තව අපි නොදැකපු පිරිසක් ඉන්න පුළුවන්.

*හරි ….

අඩ හෝරාවකට පසු…

අපි යමු නේද…?

*ආපු එකේ අයිස්ක්‍රීම් එකක් කාලා යමුද..?

**හා ඒක හොඳ අදහසක් තමයි නේද ලොක්කා.

හා… නියමයි… හා ඉන්න . මම අරන් එන්නම්.

පුතා… මට දෙන්න අයිස්ක්‍රීම් තුනක්…

***මොනවද අංකල් ට ඔීන චොක්ලට් ද , වැනිලාද…?

හ්ම්ම්… මට චැනිලා එකයි.
චොකලට් දෙකක් දෙන්න.

***අයියෝ මෙි පලම් අයිස් යට තියෙන්නෙ පොඩ්ඩක් ඉන්න කූල් වැඩියි.
කියමින් තරමක් දිග රබර් විනිවිද පෙනෙන අත්වැසුම් යුවලක් දමාගෙන අයිස් පෙට්ටියේ ගැඹුරට අත දමා, අයිස්ක්‍රීම් තුනක් ගෙන මාහට දෙනවිට.
මෙතෙක් වේලා මට නිරාකරණය කරගැනීමට අපහසු ගැටළුවකට තරමක සහයෝගයක් ලැබෙන්නට විය.

පුතා … ඔය අයිස් කැට ගල්කැට වගේ හයියයි නේද…?

*** ඔව් අංකල්… මෙි එක අයිස් කැටයකින් මිනිහෙකුගෙ ඔලුවට ගැහුවොත් මැරෙන්න වුනත් පුළුවන්.

හැබෑට….?

***ඔව් … මම උදේ ආපුහම හවස යනනොටත් මෙි අයිස් මෙි විදිහටම තියනවා. ඒ කියන්නේ පැය දහයක් විතර නෙ.

ඒ කොහොමද එච්චර වෙලා තියෙන්නෙ..?

***අංකල් මෙි රිජිෆෝම් පෙට්ටිය හන්දා. මෙිකෙන් සීතල එලියට දෙන්නෙත් නැහැ ,එලියෙ උෂ්ණත්වය ඇතුලට දෙන්නෙත් නැහැ . ඒකයි….

හරි… හරි.. මෙන්න සල්ලි. ඉතුරුව පුතා තියාගන්න…..

*** බොහොම ස්තුතියි අංකල්….

`` ජැක්පොට් මාධව ´´ එහෙනම් ඒකයි රහස.. හොඳයි.

මෙන්න කන්න අයිස්ක්‍රීම් ….

මිනිත්තු කීපයක් ගතකල අපි වහාම එතනින් පිටත්ව මූලස්ථානය වෙත ආවෙමු.

*සර් මොකද තත්ත්වය…

මොනවද හිතෙන්නේ කසුන් …?

*සර් හුඟක් සතුටින් වගේ ඉන්නෙ …?

ඔව් කසුන් …

බාහිර උත්තේජනය මට සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා අද දවසේ.
ඒ අයිස්ක්‍රීම් එක මට වටිනා පාඩමක් ඉගැන්නුවා…



මතු සම්බන්ධයි…….





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now