⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 42 වන දිගහැරුම ⸎

`` ප්ලෑන් ඒ ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හ්ම්ම්…ඒ වගේම එස්අයි කාරයට වගේම, තව ටික දෙනෙක්ට අපි උඩට යන්න වීසා හදලා තියෙන්නෙ. තමන්ගෙ ආරක්ෂාව ගැන හිතලා උන්ට අතගහන්න හදන්න එපා. අපි උන් ගැන බලාගන්නම් . එච්චරයි. යනකොට සේපාලිකා එක්ක යන්න. එතකොට තමුසෙලාගෙ ගැන්එකට සැකයක් ඇති වෙන්නෙත් නැහැ.

***ඔීකේ සමන්ත … එහෙනම් අපි ගියා

හොඳයි… ජයවෙිවා…

මෙතැන් සිට……

එහෙනම් මහත්වරුනි… අපිත් පිටත් වෙමු. ඔයාලගෙ නිශ්ශබ්දතාවය මට ලොකු පිටුවහලක් වුනා. අපි අපේ තැනට ගිහින් කතා කරමු..

**හොඳයි සර්….

හෝරා දෙකකට පසු
මදීනා ටෙක්ස්ටයිල්ස් ….

එන්න මහත්වරුනි … වාඩිවෙන්න…

*සර් වැඩෙි ලේසි වෙන්නෙ නැහැ වගේ…

ඔව් වැඩෙි හිතුවට වඩා බැරෑරුම්සහගතයි. මම ඒ ගැන හිතලා තමයි උන් වටා අපේ ස්පයිඩර්ස්ලා දාන්න කියලා කිව්වෙ නැත්තෙ… මෙි ටික ඉතාම සූක්ෂ්මව හිතලා සැළසුම් කරන්න වෙනවා.

**එතකොට ප්ලෑන් ඒ කියන්නේ උන්ව හඹායාමද…?

ඔව්… ඒක තමයි….

**ඒ කියන්නේ සර්… ඒක නවත්තලා දාපු එක සීයයට පන්සීයයක් නිවැරදි තීරණයක් …

ඔව් නියෝජිත ජනිත්… දැන් තේරෙනවද ප්ලෑන් ඒ වල තියෙන අවධානම. මට ඒක දරුණුවටම දැනුන හන්දා තමයි ක්ෂනිකව තීරණය කරේ මිල්ටන්ව අල්ලගෙන ප්‍රශ්න කරන්න. මොකද මෑන් උන් එක්ක ඉන්න හන්දා. අපිට වඩා දෙයක් මෑන් උන් ගැන දන්නවා නෙ.
සමහර අවස්ථාවන් වලදී අපිට අපි නො⁣හිතන වගේම නොපතන අයගේ උදව් ගන්න වෙනවා සමහර දේවල් වලට. ඇත්තටම ඒක ගණුදෙනුවක්. අද කරෙත් ඒ වගේ ගණුදෙනුවක් තමයි. නිකමට හිතලා බලන්න අපි ප්ලෑන් ඒ ක්‍රියාත්මක කරානම් අපේ ස්පයිඩර්ස්ලා කීප දෙනෙක් මෝරු කන්න තිබ්බා.

*ඔව් නේද සර්…..

ඒක තමයි මම කලින් කිව්වෙ. මගෙ කොල්ලන්ව නිරපරාදෙ නැතිකරගන්න මම කැමති නැහැ කියලා. එහෙම ලාබෙට දෙන්න ජීවිත අපි ලඟ නැහැ. අපි ලඟ ඉන්නෙ සටන්කරුවෝ මිසක සටහන් කරුවො නෙමෙ. සමහරවිට මෙි මිෂන්එක මගෙ අවසාන මිෂන්එක වවෙන්නත් බැරි නැහැ. මොකද හැම දෙයකටම අවසානක් තියෙන්න එපැයි.
හැබැයි නැතිකරලමයි නවත්වන්නේ.

**සර් අයිඩී වැඩෙිනම් හරි….

හ්ම්ම්… එහෙනම් අපි බ්ලූමැන්ඩල් ක්ලබ් එක ඇතුලට ගිහින් බලමු නේද…

*එතන අවදානම් නේද… ?

කොහොමත්ම නැහැ. අපි ඇතුලට යන්නෙ
උන්ගැන බලන්න නෙමෙි. ඇතුලෙ යමක් කරන්න පුළුවන් ද කියලා බලාගන්න. මොකද ඒකේ ඇතුලෙ තමයි හෙරොයින් ජාවාරම ක්‍රමවත්ව කෙරෙන්නේ. මගෙ සැළසුම තිබ්බෙි ඒකෙ ඇතුලට ගිහින් දෙන්නෙකුට කොකා ගස්සලා එන්න. නමුත් ඒකට දැන්ම අපිට අවස්ථාවක් නැහැ. මොකද එහෙම වුනොත් රෝමය ගිණිගන්නවා. සේරම අවුල් යන්න පුළුවන්…

**උන් දවසින් දවස වාහන මාරු කරනවා නම් , පස්සෙන් එන එවුන්ටත් ගේමක් දෙනවා නම් , අපි කොහොමද උන්ව ලුහුබඳින්නේ…?

හොඳ ප්‍රශ්නයක් නියෝජිත ජනිත් …
වාහන මාරු කරනවා කියලා උන්ට වාහන සිය ගාණක් තියනවා වෙන්න බැහැනෙ.
අනික වාහන තුනකින් ආවට වාහන තුනම එකම තැනට යනවා වෙන්න නම් කොහොමටවත් ඉඩක් නැහැ.

*සර් කියන්නේ වාහන තුන යන්නෙ තැන් තුනකට කියලද…?

ඔව්… ඒක තමයි වෙන්න ඔීන. නැත්නම් උන් හයදෙනාට වාහන තුනක් මොකටද..
ඒක හරිම සරළ න්‍යායක්.. මෙි වාහන තුනම ලුහුබඳින්න ගියොත් තමයි වැඩෙි ගැස්සෙන්නේ. හැබැයි එකාම පස්සේ ගියොත් එහෙම වෙන්නෙ නැහැ වගේම, එකාම පස්සේ එකාම යන්න හොඳත් නැහැ.

**එහෙනම්…

කපටියෙක් අල්ලන්න නම් , අල්ලන්න හදන එකා ඊට වඩා කපටි වෙන්න ඔීන.
එතකොට තමයි පියවරක් හරි උන්ට වඩා ඉදිරියට යන්න ඔීන.

*සර් එතකොට මොකක්ද යොදාගන්න ක්‍රමය…

`` the method of Probability - සම්භාවිතාවය ´´

**සම්භාවිතාවය

ඔව්… සම්භාවිතාවය… කණ්ඩායමක් වශයෙන් තැනිත් තැන විවිධ මුහුණුවරින් සිටීම. එතකොට කිසිම කෙනෙක් ගැන ඒකාකාරි විදිහට සැක කරන්න බැරිවීම.
මෙතෙක් කාලයකට අනවශ්‍ය විදිහට හඹායාම හන්දා තමයි වැඩෙි වෙනත් පාර්ෂව වලට වැරදුනේ. මින් ඉදිරියට එහෙම වෙන්න ඔීන නැහැ. දෙවන ලෝක යුද්ධ සමයේ හොඳම ඔත්තු සේවාව තිබුනෙ ජර්මන් කාරයින්ට. එයාලයේ එක උපක්‍රමක් තමයි ඔය සම්භාවිතාවය කියන ක්‍රමය. මම හිතන්නේ ඔය මහත්වරු ඒ ක්‍රමය හදාරලා ඇති.

හොඳයි …. මෙිකයි මගෙ ``ප්ලෑන් ඒ´´එක.
මෙිකට අපි අටදෙනෙක් යොදාගන්නවා. හැබැයි ඒ කිසිම කෙනෙක්ට පසුබහින්න කියලා කිසිම වාහනයක් නැහැ. පොදු බස්රථ විතරයි තියෙන්නෙ. පොදු බස්රථ
තමයි හොඳම. මොකද ලංකාවෙ බස්රථ වල කට කපලා සෙනඟ ඉන්නවා. තොරතුර දීපු ගමන් නගිනවා බස් එකකට. ඔය මිනිස්සු අතරෙ අපේ සෙවණැල්ල හොයනවා කියන එක මඩෙි ඉදිකටුවක් හොයනවා වගේ අමාරුයි.

හයදෙනෙක්ම ඉන්නෙ ජනාකීර්ණ ප්‍රදේශ වල. ඒ කියන්නේ බස්නැවතුම් වල. ප්‍රසිද්ධ කඩවල වගේ සෙනඟ ගැවසෙන තැන්වල. එතකොට තමන්ගෙ ශරීර භාෂාව ක්ෂනිකව වෙනස් කරගන්න පුළුවන් නම්, අනෙකට පොයින්ට් කරලා අල්ලගන්න බැරිවෙනවා. ඒක තමයි අපි මෙි කරන්න හදන්නේ . අද ඉරිදා. අඟහරුවාදා රෑට බ්ලූමැන්ඩල් නයිට් ක්ලබ් එක ලඟ අපේ ෂැඩෝව් කෙනෙක් දානවා. එයා අංක අට.

*ඇයි සර් ස්පයිඩර් කෙනෙක් දාන්න බැරි..?

හපොයි බැහැ. ෂැඩෝව් කෙනෙක් දාන්නෙ
ක්ෂනිකව අතුරුදහන් වෙන්න බලාගෙන.
මොකද ස්පයිඩර් සන්නද්ධයි. ෂැඩෝව් සන්නද්ධ නැහැ නෙ. බැරිවෙලාවත් මාට්ටු වුනොත් පොඩි චරිතයක් දාලා මාරු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ එතන ෂැඩෝව් කරන්නේ. පාර්ක් කරලා තියෙන ලොකුම වාහන වල නම්බර් ටික මැසේජ් කරනවා හත්වන ෂැඩෝව්ට. ඊට පස්සේ අටවෙනි ෂැඩෝව් අතුරුදහන් වෙනවා. එයාගෙ වැඩ කොටස ඉවරයි. වැඩිපුර රැඳුනොත් තමයි මාට්ටු වෙන්නේ. ඊට පස්සේ …

**ඇයි ඉතුරු හත් දෙනාටම නම්බර් යවන්නේ නැත්තෙ… ?

හොඳ ප්‍රශ්නයක්… අපිට වාහන පෙරාගැනීමක් කරන්න ඔීන හන්දා.

*ඒ කියන්නේ හත්වෙනියා කරන්නේ අවශ්‍ය කරන වාහන පමණක් අර ලයිස්තුවෙන් බලාගෙන ඉඳලා ෆිල්ටර් කරලා දෙන එක.

හරියටම හරි.. ඔය තේරුනේ…
ඊට පස්සේ එයා එතනදී ලොකු වාහන තුනකින් යුත් කණ්ඩායමේ නම්බර් පමණක් ඉතුරු හයදෙනාට ෆිල්ටර් කරලා
මැසේජ් කරනවා. ඊට පස්සේ එයත් අතුරුදහන් වෙනවා. මොකද එයාගෙ වැඩත් ඉවරයි. ඊට පස්සේ ඉතුරු හයදෙනා. තමයි වැඩටික බලාගන්න ඔීන.
ඒක කරන්නේ මෙහෙමයි. ඉන්න.. කියමින් දළ සැළසුමක් මිනිත්තු කීපයක් තුල ඇඳ අවසන් කෙරුවෙමි. මෙන්න මෙි විදිහට ( සැළසුම පහත ඡායාරූපයේ දක්වා ඇත) මෙි විදිහට ස්ථානගතවෙලා ඉන්නවා. ඒ හයදෙනාගෙත් අවසාන තුන්දෙනා. ඒ කියන්නේ S - 03 , S - 02 , S - 01 තමයි අපි තුන්දෙනා… මොකද බැරෑරුම් ම කොටස තමයි අපිට එන්නෙ

*අපි තුන්දෙනා….?

ඔව් …. අපි තුන්දෙනා…
ඊට පස්සේ අපිට කලින් තුන්දෙනා මෙි මංසන්ධි වල ඉන්නවා. මෙන්න මෙි විදිහට. එහෙම ඉඳලා වාහන තුනම හෝ වෙන වෙනම යන වාහනවල තොරතුරු අපිට කියනවා. මොකද හැම වාහනයම නෙමෙි. ඒ වනවිට ප්‍රධාන වාහන තුනක් ඉලක්ක ගත කරගෙන ඉවරයි මෙි තුන්දෙනා. ඊට පස්සේ ඒ තුන්දෙනාත් අතුරුදහන් වෙනවා. පසුව අපි තුන්දෙනා ඉන්නෙ කිලෝමීටර් එකක් දුරින් මෙයාටලට වඩා… එතකොට ඔය වාහන තුනම නැති වුනත් , එක වාහනයක් හරි අපි තුන්දෙනා ඉන්න මංසන්ධි තුනෙන් තුනම හෝ , දෙකක් හෝ එකක් පසු කරනවා මයි..

**එතකොට එකක් වත් නැති වුනොත්…?

අන්න හොඳ ප්‍රශ්නයක් අපි ඉන්නෙ ප්‍රධාන මංසන්ධි වල විතරයි.. මම කියන්නම් මොනවද ඉන්න ඔීන මංසන්ධි කියලා.
අපි තුන්දෙනා ඉන්න ප්‍රධාන මංසන්ධි වලින් වාහන එකක් හෝ තුනම පහුකරගෙන ගියොත් අපි දන්නවා සාමාන්‍ය දුරට මුන් මොන පාරෙද යන්නෙ කියලා. එතකොට අහපු ප්‍රශ්නයට උත්තරය . එකදු වාහනයක් වත් අපි තුන්දෙනාගෙ පාරවල් පහු කරේ නෑ කියන්නේ. උන් කෙටි මාවත් පාවිච්චි කරනවා කියන එක. මෙවැනි ජනාකීර්ණ තැන්වල අපි අතර පරතරය කිලෝමීටර් එකකට සීමා කරේ මම ඒ හන්දා තමයි.
එතකොට මොනම වෙනස්වීමක් වුනත් , ඒක වෙලා තියෙන්නෙ කිලෝමීටර් එකක්
තුල එතකොට අපි බලමු ඒකට මොකද කරන්නේ කියලා.

හැබැයි… එකක් හරි ආවොත් අපි ඒ වාහනය පමණයි හඹා යන්නේ.. ඒක කරන විදිහ මම කියන්නම්.

*එතකොට තුනම ආවොත්….

එකම පාරකින් ද….?

*ඔව් සර්…

නෑ කසුන්… මුන් විසිරිලා යන්නේ. මම කලින් කිව්වා වගේ ඒකයි හය දෙනෙක් වාහන තුනක එන්නේ.

*හරි සර්… ඒක පැහැදිලියි…

සමහරවිට වාහන තුන අපි තුන්දෙනාට හමුවෙන්නත් පුළුවන්. නමුත් අපි හඹා යන්නේ තුනෙන් එකක් විතරයි. ඒක තමයි මෙිකට ``සම්භාවිතාවය´´ කියන්නේ… අපි සේරම සම්පූර්ණයෙන්ම ⁣එකිනෙක⁣ට හාත්පසින්ම වෙනස් චරිත තමයි රඟපාන්න ඔීන. මොකද එකම අයුරින් හිටියොත් උන් දන්නවා වැඩෙි.


*එතකොට වාහන තුනකින් එන්නේ ප්‍රබලයෝ තුනක් වෙන්න ඔීන උන්ගෙ.

ඔව්… කසුන්… එහෙම තමයි. ටයිගර්ස්ලා කියන්නේ උන්ගේ අමතර කණ්ඩායමක් විතරයි. ඒ කියන්නේ සුළු බෙදාහැරීම් කණ්ඩායමක්. එතකොට මුන් තුන්දෙනා සතියේ දවසක හෝ දෙසතියකට වරක් හෝ මහමොළකරුවා හමුවෙන්න ඔීන. ඉදිරි වැඩකටයුතු ගැන කතා කරගන්න. මෙි තුන්දෙනාගෙන් එකෙක් ඉන්න තැන හොයාගත්ත කියලා ඌ ගැන ඉතාම සූක්ෂම විදිහට විපරමින් ඉන්න ඔීන.

**එතකොට අපි තුන්දෙනාගෙන් එක්කෙනෙකුට හොෝ තුන්දෙනාටම වාහන තඅනම හමුවනා කියමුකො. එතකොට එතනින් එහාට කොහොමද උන්ව ලුහුබඳින්න ඔීන.

හොඳ ප්‍රශ්නයක් ආයෙම පාරක් …
ඇත්තටම කවුද ඒක කරන්නේ…?
කවුරු කරත් අපිනම් නෙමෙියි…

*අපි නෙමෙියි… ? එහෙනම් කවුද …?

ඔය මහත්වරුන් මෙතෙක් කාලයකට නොදන්නා පිරිසක් ඉන්නවා මට. ඒ අය තමයි ඉතුරු ටික කරන්නේ එතනින් එහාට…

**හැබෑටම කවුද සර් ඒ….

ඒ පැත්තෙ සිඟමන් යදින මහලුම සෙට්එක. එතනින් එහාට එයාලා තමයි
අපිට තොරතුරු සපයන්නේ. හැබැයි මුදලට. දැන් ඔය මහත්වරුන්ට අහන්න ප්‍රශ්නයක් තියනවා මගෙන්. ඔීක මුද ඉඳලා කරන්න පුළුවන් නෙ අපේ අය දාන්නෙ නැතුවම කියලා… එහෙම නේද..?

*ඔව් සර්…..

හ්ම්ම්… නිතර දකින කුකුලගෙ කරමල සුදුයි නේද…? ඒක තමයි හේතුව… නිකමට හිතන්න අපි කට්ටිය බැස්සොත් අපි අළුත් හිඟන්නෝ හෝ අළුත් ජංගම සුළු අලෙවිකරුවන් වෙනවා. එතකොට ඔීනම කෙනෙක් අපි ගැන වපර ඇහෙන් බලනවා ඒක අපි හිතනවට වඩා භයානකයි. නිතර දකින කුකුලා මොන පාරෙ ගියත් දකින , බලන අයට ගාණක් නැහැ. නමුත් නිතර නොදකින කුකුලෙක් ගියොත් හැමෝගෙම විශේෂ අවධානය
ලක්වෙනවා. ඒ හන්දා කුලී ඔත්තුකරුවන්ගේ සේවාව ලබාගන්න ඔීන. මෙි තමයි ඒකට හරියන නියම වෙලාව. එහෙනම් අපි සැළසුමට අනුව ගේමට බහිමු.

නියෝජිත ජනිත් ….

**සර්… ?

අනිද්දා හවස කළු බලල්ලු ( Black Cat Agents ) පස් දෙනෙක් ගෙන්වා ගන්න හෝමාගමින්.. මම Dark Head ට කතා කරන්නම්.

**හරි සර්…

අපි තුන්දෙනා පහුකරගෙන ඉලක්ක ගත වාහනවල නම්බර් තුන තෝරාබෙිරාගෙන
ඒ නම්බර් ට්ක ලියලා අපි බෙදාහරිමු වැඩිමහල් හිඟන්නන්ට. හිතුවෙ නැහැ නේද මෙහෙම සැළසුමක් මම ලඟ තියෙනවා කියලා. ඒ වගේ සැළසුමකට ගියාම කිසිම කෙනෙකුට අපිව අල්ලන්න බැහැ. ඉතින් ඒක මම ක්‍රියාත්මක කරන ආකාරය විස්තර කරන්නම්. ඉතින් කසුන් මහත්තයා මොකද දැන් සයුරි නෝනගෙ තත්ත්වය ….

*හොඳයි සර්… කියන්න තරම් වෙනසක් නැහැ. එයා දැන් ඒ පරිසරයට හැඩගැහිලා ඉවරයි..

බොහොම හොඳයි …. දැන් සයුරි ගැන ටයිගර්ස්ලා හිතන්නේ නෑ කියන එකනම් ඉතින් සුභවාදීව තොරතුරක් අපිට. ඒත් උන්ව සීයයට සීයක් අපි විශ්වාස කරන්න හොඳ නැහැ. කොහොම වුනත් , දව ටික කාලයක් ඔහොම හිටපුවාදෙන්. ඩොක්ටර් දුනිත් ගැනත් එහෙම අවධානම්සහගත තොරතුරක් නැහැ. කොහොම වුනත් හැංගිලා ඉන්න අය තව ටික කාලයක්
හැංගිලාම හිටපුදෙන්.

**ඔව් සර්…..

*සර්… දැන් ඔය සර් කියන හිඟන ජාලය කොච්චර දුරට විහිදිලා තියනවද….?

හිඟන්නන් කියන්නේ ඇත්තටම ජාලයක්. ඒ කියන්නේ ප්‍රදේශ වලට බෙසිලා හිඟාකන එක තමයි ක්‍රමය. ඔය ජාලයේ
ටිකක් තද පොරකට තමයි මම අවශ්‍ය වාහනවල නම්බර් දෙන්නේ.. ඊට පස්සේ උන් අපිට යන එන තැන් වගේම, වැඩිපුර ගැවසෙන තැන් ගැන තොරතුරු ලබා දෙනවා. ඒකට තමයි අපි උන්ට ගෙවන්නේ. සාමාන්‍යයෙන් හිගන කණ්ඩායම් තමයි තියෙන්නෙ . උඩහට ගත්තොත් මීගමුව දක්වා මම දන්න කණ්ඩායම් කීපයක් තියනවා. ඒ වගේම පහලට ගත්තහම කළුතර දක්වාම ඉන්න හිඟන කණ්ඩායම් ගැන මම දන්නවා.
ඔයාලා දන්නවද මෙි හිඟන්නන්ගෙ විශේෂත්වය මොකක්ද කියලා ….

**නැහැ සර්…

මෙයාලා කවදාවත් එකිනෙකා අතර තොරතුරු සන්නිවේදනය කරන්නේ නැහැ.

*ඒ මොකද ….?

එහෙම වුනොත් උන්ට ලැබෙන සල්ලි පැතිරෙන පිරිස වැඩිවෙනවා නෙ. එතකොට උන්ට පාඩුයි. ඒ හන්දා සේරම අතර එකමදේ දුන්නත් , දකින ඇහෙන තොරතුරු පිටස්තර පුද්ගලයින් අතරට දෙන්නෙ නැහැ . ඒක තමයි තියරිය.
එහෙම නැතුව පිටට තොරතුරු ලීක් කරොත් උන්ට ගැලවුමක් නැති බවත් උන් දන්නවා වගේම, ලැබෙන්නට තියෙන ගතමනාව අහිමි වන බවත් උන් දන්නවා පැහැදිලිවම.

**එතකොට මෙි ප්ලෑන් එකට පස්සේ ඊලඟ මොකක්ද සැළසුම.

ඊලඟට ඉතින් එස්අයි රවින්ද්‍රයි, ඇන්ටනී අතර ගැටුමක් ඇතිකරන එක තමයි.


*ඒකට අර ගෑණු හුටපටය ඇති කරනවද අපි…?

ඒකත් හොඳයි…. ඒකෙත් ප්ලෑන් බී එක
ක්‍රියාත්මක කරොත් හොඳයි වගේ… මොකද ඒක තාත්විකයි වගේ.

**ප්ලෑන් බී….? ඒකටත් තව ප්ලෑන් බී එකක් තියනවද…?

හහ් හහ් හා…… ඔව් නියෝජිත ජනිත්. තියනවා. ඇයි මිහිරාණි මිස්ගෙ බොඩී එක. ඔය මහත්වරු හිතනවද මෙි බොඩීඑක අතුරුදහන් කරේ ඇයි කියලා.
පලවෙනි කාරණය මුන් රහසේම මිහිරාණිගෙ බොඩිඑක පුච්චලා දායි කියලා. ඊලඟ එක තමයි මම ව්‍යංග්‍යර්ථව කියපු කතාව..

*ඒ මොකක්ද සර්…

කෙටවීම තමයි ඉතින්. බොඩී එක රවින්ද්‍ර ලොක්කගෙ ගෙදර තැනක හංගලා. ඒ බව ඇන්ටනීට දැනුම්දීම. ඒ විතරක් නෙමෙි. ඒක රවින්ද්‍ර ලොක්කා අතේම CID එකට බාරදීම. එතකොට උන් අතර ඇනකොටාගැනීම අපිටවත් නවත්වන්න බෑ.

**ඒක කොහොමද කරන්නේ..

පුළුවන් .. අපි CID එකට ඔතඔත්තුවක් දෙන්න විතරයි තියෙන්නෙ. මෙිකට රවින්ද්‍ර ලොක්කා සැකයි කියලා. ඊට පස්සේ මෑන් අතේම මෑන්ට නොදැනෙන්න
DNA රිපෝට් එක යවනවා CID එකට.
ඊට පස්සේ එදාම මෑන් ඩියුටි අතරේ
මිහිරාණිගෙ බොඩීඑක හංගනවා මෑන්ගෙ පදිංචි වපසරිය ඇතුලෙ. එච්චරයි.

*එතකොට සර්… DNA එකක් ගත්තෙ අපේ ප්‍රයෝජනයට නෙමෙිද…?

හහ් හහ් හා…. මහත්වරුනි. අපිට ප්‍රයෝජනයට නෙමෙි , අපිට ප්‍රයෝගයකට.
අපිට මොකටද DNA කොහොමත් උන්ටික
වෙඩි කනවනේ…

**එතකොට…. ?

එස්අයි රවින්ද්‍ර වෙඩි කනවා ඇන්ටනී අතින්. ඇන්ටනී වෙඩි කනවා පොලීසිය අතින්. ඊට පස්සේ ටයිගර්ස්ලාගෙ ගැන්සිය බාරගන්නවා මිල්ටන්…
ඊට පස්සේ මිල්ටන් ටික ටික ගැන්සිය කාදමනවා. අපි මහමොළකරුවා අල්ලගෙන ඉවරයක් කරනවා එච්චරයි.

*එතකොට ජොනී…. බත්වයලට් හුටපටය…?

ඒක බර අවියක් නෙමෙි.
මොකද ඒකට රවින්ද්‍රගෙ දින චරියාව හරියටම අපි ගලපලා සැළසුම් කරන්න ඔීන.

**එතකොට මෙි සේරම යටින් වෙන ලොකු ප්ලෑන් එකක් ගැහැව්වාද…?

ඔව්…. කොහොම කැරකුනත්. තියෙන්නෙ මෙිකෙ ප්ලෑන් දෙකක් විතරයි. අනිත් එව්වා ඒ ප්ලෑන් දෙකට උඩින් පාවෙන ඔරු වාගේ. ඒ ඔරු සේරම එහාට මෙහාට කරනතුරු ප්‍රධාන ප්ලෑන් දෙක හොයනවා බොරු…

*හපොයි… සර්…..


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now