⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 40 වන දිගහැරුම ⸎
> සූදානම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මැඩම්. අද රෑ අවසාන කරන්න යන්නෙ.
දැන්ම මගෙ තැනට එන්න. ඇවිත් කතා කරමු.

දිව්‍යා - දැන් ම එනවා සර්..

ඕකේ තෑන්ක් යූ. ( ඇමතුම විසන්ධි විය )

මෙතැන්සිට ….

**සර් දිව්‍යා මැඩම් ඇවිත් නේද…?

ඔව් නියෝජිත ජනිත්. කසුන්ට කියන්න දැන්ම නියෝජිත බී 200 එක්ක කොන්ෆරන්ස් රූම්එකට එන්න කියලා.
මතක ඇතුව දිව්‍යා මැඩම්වත් එක්කගෙන එන්න.

**ඕකේ සර්..

සුළු මොහොතකට පසු මා ඉදිරියේ සිටියේ
දිව්‍යා සමග අප නියෝජිතයන් තුන්දෙනාය.

වාඩිවෙන්න..

ඔය මහත්වරුන් හොඳාකාරවම දන්නවා.
මෙි වෙද්දී අපේ මිෂන්එකේ සීයයට අනූවක විතර වැඩකටයුතු ඉවරයි කියලා. තව පැයක් ඇතුලත අපිට එනවා ගෝස්ට්ලා අටදෙනෙක්.

දිව්‍යා - සොරි සර්… ගෝස්ට්ලා කියන්නේ කවුද …?

ඔව් මැඩම්. ගෝස්ට්ලා කියන්නේ විශේෂ සංග්‍රාම පුහුණුවක් ලබපු විශේෂ කණ්ඩායමක්. නිකං විශේෂ බලකායක් වගේ තමයි. එයාලා අඳින්නේ කළුපාට නිළඇඳුම් විතරයි.

දිව්‍යා - හා … හරි. එතකොට සර්ලා අඳින්නේ මොන කිට්එකද..?

මැඩම් අපි විමර්ශනය ඇතුළු සියළු⁣ම දේ ගැන පුහුණුව ලබපු අය. නමුත් ස්පයිඩර්ස්ලා ( ක්ෂේත්‍ර ඔත්තුකරුවන් ) එහෙම නැහැ ඔයාලා කරන්නේ ඔත්තු කරුවන්ගෙ රාජකාරිය. අපිත් ඉතින් කළුකිට් ( කළුපාට සංග්‍රාමික ඇඳුම ) තමයි අඳින්නෙ.වෙනසකට තියෙන්නෙ ගෝස්ට්ලා පාවිච්චි කරන්නෙ ඇටෑක් වලට විතරයි.
එයාලට විමර්ශනය කරන්න පුහුණු කරලා නැහැ. එච්චරයි

දිව්‍යා - හරි සර්… පැහැදිලියි.

හොඳයි.. ඉතින් එහෙම ආපුවහම අපි දෙගොල්ලන් කණ්ඩායම් දෙකකට කැඩෙනවා. එක ටීම් එකක් ඇල්ෆා. අනික බ්‍රාවෝ. මම කියන්නම් ඇල්ෆා ටීමිඑක ගැන පළමුවෙන්ම. මොකද මෙි කණ්ඩායමට මෙතන ඉන්න නියෝජිතයින්
තුන්දෙනාම ඇතුලත් වෙනවා. ඒ අය ආපු විගස ඒ අයගෙ කණ්ඩායම් ව්‍යුහය වගේම රාජකාරි ස්භාවය විස්තර කරන්නම්.

දිව්‍යා - එතකොට මට මොකක්ද සර් කරන්න තියෙන්නෙ… ?

ඔයාට තියනවා මැඩම් විශේෂ රාජකාරියක්. මොකද විද්‍යාගාර අභ්‍යන්තරයේ හතරමුල්ල ගැන හරියටම දන්න එකම කෙනා ඔයා. ඒ හන්දා මිෂන් එකේ අවසාන අදියර දක්වා මට මාර්ගෝපදේශකත්වය ලබාදෙන්න. එච්චරයි මම බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙන්. පුළුවන් ද… ?

දිව්‍යා - හපොයි පුළුවන්. මම ඉතාම සතුටින් ඒක භාරගන්නම්.

හොඳයි බොහොම ස්තූතියි. දැන් මෙතන තියෙන සිලින්ඩර් එක බැගින් අරගෙන ඔය කුප්පියෙන් බාගෙ ගානෙ සිලින්ඩර් එකට දාගෙන තමන්ගෙ අතේ බලනරහරයකට විදගන්න.

**මෙි මොකක්ද සර්.. ?

ඕක ප්‍රතිදේහයක්.. ඕකෙන් වෛරස් එක අසාදානය වෙන එක වලක්වන්නට බැහැ.
නමුත් ඒකෙන් බලපෑමක් කරන්න ලැබෙන්නේ නැහැ. ඔය මහත්වරුන් දන්නවා මෙික කොහොමද මම සපයා ගත්තේ කියලා.

*හා හරි සර්. අපිට පැහැදිලියි.

දිව්‍යා - ඒ වුණාට මම දන්නෙ නැහැ නෙ සර්

හ්ම්ම්ම් ඒගැන මම පස්සේ කියන්නම්. නමුත් මට සහතිකවෙන්න පුළුවන් මෙි බෙහෙත ගැන.

දිව්‍යා - අනේ මන්දා සර්. මෙව්වා ඔලුවෙ වයර් මාරුවෙන දේවල්. මෙික හොයාගන්න නේද මෙි සේරම වලි කෑවෙ.
කියමින් ඇයද තම දකුණු අතට යම් ප්‍රමාණයක් විද ගත්තා.

සහයක නියෝජිතයන් දෙදෙනාම මුහුනෙන් මුහුණ බලාගෙන සිනාසෙමින් තම තමන්ගෙ අත්වලට විදගත්හ.

*සර් ඉතුරු අටදෙනාටත් විදින්න වෙයි නේද… ?

අනිවාර්යයෙන්ම විදින්න ඕන.

මෙතෙක් කරගෙන ආ මෙහෙයුමෙි රසමුසුතැන් ගැන අප පස්දෙනා කතාබස් කරන්නට විය. කතාව කොච්චර රසබර කියනවා නම් නොදැනීම හෝරාවක පමණ
කාලයක් ගෙවී ගොස් ඇතිබැවි සිහිපත් කලේ අභ්‍යන්තර දුරකථනයයි.

නාදවෙන දුරකථනයේ රිසිවරය අතට ගෙන කතා කෙරුවෙමි.

ඔව් ප්‍රොන්ටෝ…

ප්‍රොන්ටෝ - සර් වාහනය ඇතුලට ගන්නද..?

ඔව් ගන්න. සේරම සිවිල් ඇඳුමෙන් නේද ඉන්නෙ. .. ?

ප්‍රොන්ටෝ - ඔව් සර්.

හොඳයි.. එහෙනම් වාහනය ඇතුලට අරගෙන කෙලින්ම ගෙනියන්න කියන්න බිම් මට්ටමෙන් පහල තියෙන පාක් එකට.
ඊට පස්සේ සේරම ඇතුලෙන්ම මෙතනට එවන්න කියන්න.

ප්‍රොන්ටෝ - හරි සර්. ( ඇමතුම විසන්ධි විය)

මද වෙලාවකට පසු නියෝජිතයන් පිරිස සාකච්ඡා කාමරයට ආ අතර එහි සීනියර් නියෝජිතයා මා හමුවට විත් අචාර කර පසු
අතට අත දෙන ගමන් දිව්‍යා දෙස බැලීය.

නියෝජිත j100 - සුභ සන්ධ්‍යාවක් වෙිවා සර්…

සුභ සන්ධ්‍යාවක් වේවා නියෝජිත j100.

නියෝජිත j100 - සර් අළුත් කෙනෙක් යුනිට් එකට බඳවාගෙන වගේ. අපි දන්නෙත් නැහැ.

ඔව්. බඳවා….ගැනී…මක් කරලා නැහැ.
නමුත් ඉතින් මෙි මිෂන් එකට මෙයා නැතුවම බැහැ නියෝජිත j100. මොකද මෙයා ඔය කියන ලැබ්එකේ ඇතුල ගැන හොඳ දැනුමක් තියනවා. අඳුරගන්න මෙි ඩිටෙක්ටිව් දිව්‍යා.

නියෝජිත j100 - ඩිටෙක්ටිව් දිව්‍යා ( මද සිනහවක් පා ඇය දෙස හැරෙමින් අතට අත දෙමින් )

දිව්‍යා - ඔව් ඔෆිසර්.. මම ඩිටෙක්ටිව් දිව්‍යා.

නියෝජිත j100 - හඳුනාගැනීම සතුටක් මැඩම්. මට හිතෙන විදිහට CDI ඒජන්ට් කෙනෙක් වෙන්න ඕන.

දිව්‍යා - ඔව් ඔෆිසර්.

නියෝජිත j100 - හොඳයි.. මෙතන ඉන්න සේරම ඉතින් මම දන්නවා නෙ සුභ සන්ධ්‍යාවක් නියෝජිතවරුනි.

**සුභ සන්ධ්‍යාවක් වේවා නියෝජිත j100
*සුභ සන්ධ්‍යාවක් වේවා නියෝජිත j100.

නියෝජිත j100 - සර් ස්පයි කැට් නේද …?

*ඔව් නියෝජිත j100.

නියෝජිත j100 - නියමයි සර්. ආයේ මාධව සර් එක්ක වැඩකරා කියන්නේ පුහුණු පාසලක වැඩ කරා වගේ තමයි. ඒක වෙනම පාඨමාලාවක්.

*ඔව් ඒකනම් ඇත්ත.

නියෝජිත j100 - සර් මෙි මගෙ කොල්ලො ටික. සර් ඉතින් දන්නවා නෙ. අපි සර් සැළසුමට යමුද එහෙනම්…?

හොඳයි මහත්වරුනි… හැමෝම මෙිසය වටෙිට එන්න. නියෝජිත j100 ඔයා කැමති තව තුන්දෙනෙක් ගන්න.

නියෝජිත j100 - සර් මම ෆෝමෑන් එකක් හදාගන්න ඕන..

ඔව්.. දැන්ම කඩාගන්න.

නියෝජිත j100 - හරි සර්.
නියෝජිත G20 , G50 , G 70 මෙි අය මගෙ ටීම්එක සර්ට කෝල්සයින් ( ඇමතුම් සලකුණු ) වලටත් පහසුයි නෙ. මම කියපු නියෝජිතයන් මගෙ ලඟට එන්න. හරි සර්.

බොහොම හොඳයි.. මම සැළසුම විස්තර කරන්නම්. නියෝජිත j100 ගෙ කණ්ඩායම
මම බ්‍රාවෝ විදිහට නම්කරනවා. මොකද ඔයාල හතරදෙනා කරන්නෙ ඇම්බුෂ් එකක් විදිහට ස්ථානගතවෙලා පැනයන
මිලිටරි ටීම් සාමාජිකයන්ට ගහන එක.

නියෝජිත j100 - Dark Head මට කිව්වා සර් විස්තරය උන් හොඳ සන්නද්ධ පුහුණුව ලබපු කුලි හමුදාවක් කියලා. රයිට් අපි අපේ වැඩටික කරගෙන යන්නම්.

ඔව් නියෝජිත j100. බ්‍රාවො ටීම්එක ස්ථානගත වෙන්න ඕන මෙි තැන්වල. මොකද මෙන්න මෙතන තමයි උන්ගෙ කඳවුරු පිවිසුම තියෙන්නෙ.
කියමින් මා මෙිසය මත එලා තිබෙන සිතියමෙ සලකුණු කර ඇති තැන් පෙන්වුවෙමි. අපේ ප්‍රධාන ටාගට්එක ඔය වෛරස් එක ගබඩා කරලා තියෙන රොකට් එක අක්‍රීය කරලා දානඑක. නමුත් ඒකට යන්න නම් ඔය පැරාආමි එකට ගහලා තමයි ඇතුලට යන්න වෙන්නෙ. මොකද උන් ඒ තැන දිවිහිමියෙන් රකිනවා. ඉතින්
ඒ හන්දා ඉතුරු අය මාත් එක්ක ඇතුළෙ අැටෑක් එකට යනවා. කෝ ස්නයිපර්..?

නියෝජිත j20 - සර් මම.

හොඳයි ඔයාට ලැබෙනවා එම් 18 වර්ගයේ
ස්නයිපරයයි , ස්වංක්‍රීය සයිලන්ස් පිස්ටල් එකයි. ඒවට අයිති රවුන්ඩ්ස් ටිකයි.
මගෙ විරාම අණට එතන කඳවුරු භූමියේ උඩ තියෙන පොයින්ට්ස් හතරෙ මුර සෙබළුන් හතර දෙනාට ගහන්න ඕන. ඒකියන්නේ පලමු වෙඩි මුරය නියෝජිත ජේ20 ට තමයි පැවරෙන්නේ. මාව පැහැදිලියි ද

නියෝජිත ජේ 20 - පැහැදිලියි සර්.

ඊට පස්සේ ප්‍රධාන ගේට්ටුවෙ ඉන්න මුර සෙබළු ටිකත් බිම දාන්න. මම ඒ කවුන්ට්ස් ටික හරි වෙලාවට දෙන්නම්. ඊට පස්සේ
නියෝජිත ජේ 20 ඔයා ස්ථානගතවෙලා අවි දරාගෙන ඉන්න විරුද්ධ හැම පාර්ශවයකටම ගහලා දාන්න. නිරායුද අයට එපා. සැළසුමේ ඔයාගෙ කොටස එපමණයි. ඔයාගෙ කෝල්සයින් එක තමයි `` ආචර් ´´

නියෝජිත ජේ 20 - හරි සර්..

ඊට පස්සේ අපි අටදෙනාගෙ කණ්ඩායම. ඒ කියන්නේ ඇල්ෆා කණ්ඩායම මෙන්න මෙි මාර්ගය ඔස්සේ ගිහින් මෙතන තියෙන භූගත විද්‍යාගාරයේ දොරවල් ඇරගෙන ඇතුලට යනවා. මම සමග ඩිටෙක්ටිව් දිව්‍යා එක්ක ඔය රොකට් ලෝන්චරය ගාවට යනවා. අනිත් අය නිරායුද අය ඇරෙන්න සේරටම ගහලා දාන්න. එහෙම කරා කියන්නේ ඉබේටම අපිට , අපේ ටාගට් එකට යන්න ආවරණ වෙඩි සැපයූවා කියන එකම තමයි.

හොඳයි ඊට පස්සේ ඩිටෙක්ටිව් දිව්‍යා.

දිව්‍යා - සර්…

අපි දෙන්නා යන්න පුළුවන් කෙටිම මාර්ගයෙන් පලමුව යන්න ඕන ඔය රොකට් ලෝන්චරය ගාවට. එතනට යනකම් මට මාර්ගෝපදේශක්වය සපයන්න ඕන. එතනට ගිහින් ඒක අක්‍රීය කරනකම් මට ආවරණ වෙඩි සපයන්න ඕන. ඒ අතරතුර මම කරන්න පුළුවන් උපරිම දේ එතන කරන්නම්.

දිව්‍යා - පැහැදිලියි සර්.

හොඳයි.. මහත්වරුනි තමන්ගෙ ආරක්ෂාව තමයි අංක එක විය යුත්තේ. පුළුවන් තරම් දෙන්නෙක් දෙන්නට දෙන්නා පෙනෙන දුර ඉඳගෙන තමයි මොනවා කරත් කරන්න ඕන. දෙවාරයට ෂූට් කරන්න. එකවර පේනමානයේ ඉන්න දෙන්නගෙ මැගසින් හිස්කරගන්න එපා.
ඒවා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. සේරම ගෝස්ට්ලා හන්දා. නියෝජිත j100.

නියෝජිත j100 - සර්…

බ්ලැක් කිට් ගෙනාවද …?

නියෝජිත j100 - ඔව් සර්.. ගෑස්මාස්ක් එක්කම තියනවා.

නියමයි. අපි ඒ ආසන්නයට ගිහින් ඇඳගමු.

⁣නියෝජිත ජේ100 - හරි සර්..

හොඳයි මෙතන තියනවා ඔය මහත්වරුන්ට සිලින්ඩර් කීපයක් මෙි කුප්පියෙන් සිලින්ඩර් එකකට පරිමාණ බාගෙ ගාණෙ අරගෙන තමන්ගෙ අතේ බල නහරයට විදගන්න. මොකද අපි යන්නේ විද්‍යාගාරයක් විනාශ කරන්න. විවිධ විකීරණශීලි ද්‍රව්‍ය වගේම විවිධ වෛරස් වර්ග ආසාදනය වෙන්න පුළුවන්.

සියල්ලෝම මගෙ සියලු වචන අහගෙන සිටියා මිසක ප්‍රශ්න අහන්න උනන්දු වූයේ නැත.

නියෝජිත j100 - සර් එතකොට වෙපන්.

ඔව් නියෝජිත j100. ඔය කණ්ඩායමට විතරක් අවිආයුධ මෙහෙන් ගෙනියන්න පුළුවන්. මිනි රෙඩියෝ ට්‍රාන්ස්මීටර් වගේම නයිට් විෂන් ගෙනියන්න අමතක කරන්න එපා. අපි වාහන දෙකෙ යමු. රෑ කෑම අපි මගදි ගමු. බ්‍රාවෝ ටීම්⁣එකේ කෝල්සයින් එකත් බ්‍රාවොම තමයි. එතකොට නියෝජිත j100. ඔයාගෙ හතරදෙනාගෙ කෝල්සයින් ටික මම අමුතුවෙන් කියන්න ඕන නැහැ.

නියෝජිත j100 - හරි සර්…

එතකොට මගෙ ටීම්එක. ඒ කියන්නේ ඇල්ෆා ටීම්එකේ කෝල්සයින් ටික පිලිවෙලින් මම කියන්නම්. මම ඇල්ෆා
කසුන් ඇල්ෆා වන්, එතකොට නියෝජිත ජේ50 ඇල්ෆා ටූ , නියෝජිත බී200 ඇල්ෆා ත්‍රී , නියෝජිත ජේ150 ඇල්ෆා ෆෝර් , එතකොට නියෝජිත ජේ200 ඇල්ෆා ෆයිවු , නියෝජිත ජේ 250 ඇල්ෆා සික්ස් , නියෝජිත ජේ 300 ඇල්ෆා සෙවන් වගේම ඩිටෙක්ටිව් දිව්‍යා ඇල්ෆා සීරෝ. නිතරම අපි අතර සන්නිවේදනය හරියාකාරව තියාගමු නේද නියෝජිත j100.

නියෝජිත j100 - අනිවාර්යයෙන්ම සර්. ආත්ම ආරක්ෂාව පස්සේ වැදගත්ම කාරණාව තමයි නිවැරදි සන්නිවේදනය.

ඔව් මහත්වරුනි. මෙි වෙද්දී ඇමති ඩග්ලස් ජීවානන්ද ජීවතුන් අතර නැති හන්දා පොලිස් සහය ලබාගන්න බැහැ ඔවුන් අැමති බලය පාවිච්චි කරලා. ඒ වගේම. මෙි වෙද්දී මෑන් බලන්න ලංකාවෙ දසතෙන්ම එන හන්දා ගම්පහ පුරවරයට පොලිස් ආරක්ෂාවට වැඩිපුර පොලිස් නිලධාරින් යොදවලා තියෙන හන්දා අපිට යාල යන ගමනට පොඩි වාසියක් තියනවා. කොහොම වුනත් කිසිම මොහොතක වාහන දෙක කවුරු නවත්වන්න හැදුවත් නවත්වන්න එපා මගෙන් උත්තරයක් නැතුව. මංමාවත් වල කටු තියනවා නම් ඒ කටු බාධක අයින් නොකර අපිට අපේ ගමන බලාපොරොත්තුවන වෙිගයෙන් යන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක තනිකරම විහිළුවක්. හොඳයි මහත්වරුනි… දැන් මගෙ වෙලාව හරියටම තුනයි. ඔයාලගෙ වෙලාවත් හරියටම තුනට හදාගන්න. අපි හරියටම තව පැයකින් පිටත්වෙනවා. විසිර යමු.
නියෝජිත ජේ 50.

**සර්…

නියෝජිත j100 ට අවශ්‍ය කරන දේවල් සේරම දෙන්න ආයුධාගාරයට ගිහින්.

**හරි සර්..


මතු සම්බන්ධයි…..




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now