⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 25 වන දිගහැරුම ⸎
> කඳවුරු නිරීක්ෂණය <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

** සර්…

ඔව් නියෝජිත ජනිත් ( ආපසු හැරී )

** පරිස්සමෙන් ගිහින් එන්න දෙන්නම.

ඔව්… අපි අනිවාර්යයෙන්ම ආපසු එනවා නියෝජිත ජනිත්. කියමින් බවුසර් රථයට අප දෙදෙනාම දෙපැත්තෙන් ගොඩවූයෙමු. මා වාහනයේ පාලනය සුරතට ගෙන මහපාරට ධාවනය කර යාල වනයේ අතුරුපාර දිගේ ඉදිරියට ගියෙමු.

මෙතැන්සිට ….

කුඩා වන ලැහැබ පසු කරමින් බොරළු අතුරන ලද මාවතේ සෙමෙන් සෙමෙන්
ඉදිරියට ගොස් මා එකවර බවුසර් රථය නැවැත්තුවෙමි.

*ඇයි සර්… ?

එකක් අපිට මිස්වුනා කසුන්. ගිහින් බලන්න බවුසර් එකේ පියන ඇරලා මොනවද තියෙන්නෙ කියලා. හදිස්සියට වාහනය පරික්ෂා කරන්න අපිට බැරුව ගියා නෙ.

*ඇත්ත තමයි ඉන්න සර්.
කියමින් දොර ඇරගෙන පහලට බැස , බවුසර් ටැංකියට නැග පිටන විවෘත කර බැලීමෙන් පසු මද වේලාවකින් ආපසු විත් වාහනයට ගොඩවිය.

*සර් තියෙන්නෙ නම් වියලි ආහාර තමයි.

බොහොම හොඳයි. සිග්නල් තියනවද කියලා බලමු කියමින් ප්‍රතිවාදියගෙ දුරකථනය අතට ගෙන බැලුවෙමි.
සිග්නල් තියනවා. මම උන්දෙන්නව සෝදිසි කරා. මට ලැබුනෙ මෙි ෆෝන්එක විතරයි. බඩු ලැයිස්තුවක් තිබුනෙ නැහැ දෙන්න ලඟ. හරි කමක් නැහැ අපි යමුකො එහෙනම්. කියමින් නැවත මා රිය පණගන්වා ඉදිරියට ධාවනය කලෙමි.

*සර් මම හිතන්නේ අපි මාස්ක් දාගත්තොත් හොඳයි..

අනිවාර්යයෙන්ම. නියම අදහසක්. දාගමු එහෙනම්.. මුඛ ආවරණද දමාගත්තෙමු.

කිලෝමීටර් පහක් පමණ ගෙවාගෙන යනවිට පාරෙ කොණක දෙදෙනෙක් දක්නට ලැබුනි. අතවනා මිත්‍රශීලී බවක් පෙන්වමින් ඔවුන් පසුකරනවිට ඔවුන්ද
මිත්‍රශීලී බවක් පෙන්නූ බව දුටුවෙමු. තවත් කිලෝමීටර් පහක් පමණ ගෙවා දමන්නට සමත්වන විට තවත් හතර දෙනෙකු දක්නට ලැබුනි. ඔවුන්ටද අතවනා ඉදිරියට ගියෙමු. වනන්තරය සිසාරා ගමන් කරන අප දෙදෙනා , බොරළු මාවත හමාරව සාමාන්‍ය පස් සහිත මාවතකට අවතීර්ණ වී කිලෝමීටර් දහයක් පමණ ගෙවා යනවිට ඉදිරියේ දී
චීන පැරා හමුදාව පාමුර සංචාරයක යෙදෙන අයුරු දැකගත හැකිවිය. ඔවුන් පසුකර කිලෝමීටර් එකක් පමණ ගතවන විට විද්‍යාගාරය පිහිටා ඇති කඳවුරේ ප්‍රධාන ගේට්ටුව පෙනෙන්නට විය. කටුකම්බි වලින් සුමට කරන ලද අඩි දහයකට නොඅඩු දැල්වැට කොල පැහැයෙන් ආලේප කර තිබුනි.

කසුන් උපරිම රිලැක්ස් වෙන්න. ප්‍රශ්න ඇහැවුවොත් මම විතරක් උත්තර දෙන්නම්. ඔයා සද්ද නැතුව ඉන්න.

*ඔව් සර්.. මම කොහොමත් චීන භාෂාව දන්නෙ නැහැ නෙ.

හ්ම්ම්… වෙිගය අඩාල කෙරුවෙමි. චින ජාතික හමුදා නිලධාරියෙකු බවුසර් රථය අසලට වෙත්ම මා තිරිංග තදකර වාහනය නැවැත්තුවෙමි. කැලෑ යුධ ඇඳුමකින් සැරසුනු ඔහු, හිසට බෙරේට් එකක් දමා සිටී. ඔහු අතැතිව කුඩා⁣ ලේඛනයක්ද ඉනෙහි බෙල්ට්එකේ ලෙදර් වලින් නිමවු කොපුවක පිස්තෝලයක්ද තිබුනි.

**what u bring man. ( මොනවද ඔයා ගෙනාවෙ මචෝ ) දෙදෙනාගෙම කරවට රිබන් එකට සවිකරන ලද හැඳුනුම්පත බලමින් මාගෙන් අසන්නට විය.

I have dry food with me. (මම ලඟ වියලි ආහාර තියෙන්නෙ)

**Ok .. go ahead ( හරි ඉදිරියට යන්න )

Thank u sir…

තවත් සොල්දාදුවෙනු විසින් කටුකම්බි සහිත බැරියල් ⁣හරස් කණුව ඉහලට ඔසවා , යාමට හැකි පරිදි ඉඩහසර සලසන ලදි. ඉතාමත් සෙමෙන් බවුසර් රථය ගෙනගොස් නැවැත්තුවෙමි. එසැණෙන් උස හාදයෙකු මා අසලට පැමිණ මා සමග කතාබහට මුලපිරුවා.

**මල්ලි බඩුටික සේරම තියනවා නේද ..?

ඔව් අයියේ ….

**මොකද කටහඬ වෙනස්වෙලා..?

මට ටිකක් හෙම්බිරිස්සාව වගේ..

**හා හා මාස්ක් එක ගලවන්න එපා. දන්නවනෙ පොට්එකෙ හැටි මල්ලි.
කොල්ලො ඉක්මනින් ඔය බඩුටික බාපල්ලා. හ්ම්ම්.. යමං යමං මාත් එක්ක ඇතුලට.

මා වටපිටාව දෙස හැරී බලමින්
ඔඑු සමග භූගත ගොඩනැගිලි පරිශ්‍රයට ඇතුල් වුනෙමි. ඩිජිටල් අගුළු මුරපද භාවිතයෙන් දොරවල් විවෘතකර හිස් කාමරයකට මා සමඟ ගිය ඔහු අසුනක වාඩිවිය. මාද පලපුරුදු අයෙකු සේ අසල වෙනත් අසුනක වාඩි වුනෙමි. සෑම අස්සක් මුල්ලක් නෑරම නිරීක්ෂණ කැමරා සවිකර තිබුනි. ගණ යකඩ වලින් දොරවල් සියල්ලම නිර්මාණය කර තිබෙි.
කිසිවෙකුට සැක නොහිතෙන පරිද්දෙන් සියල්ල දෙස සියුම්ව නිරීක්ෂණය කලද.
මුහුනේ ඉරියව් වලින් කිසිම හැඟීමක් මතුපිටට නොපෙවන්නට වගබලා ගත්තෙමි.

**ඉතින් මල්ලි. කොහොමද එලියෙ තත්වය ..? ලොක්කට ප්‍රශ්න වැඩියිලු නේද..?

කාටද මහේෂ් සර් ටද…?

**ඔව් බං …

ඔව් අයියේ … කේස් ගොඩයි.

**වෙන පාතාල සෙට්එකක් බැහැලා මහේෂ් සර්ගෙ සෙට්එකට ගහනවලු නේද… ? පරණ ඇරියස් එකක් පිරිමහනවා වගේ මට හිතෙන්නේ. මොනවා වුනත් ටිකක් පරිස්සමෙන් හිටපං බං මල්ලි.

ඔව් අයියේ. ඒකනම් ඇත්ත තමයි.

**හ්ම්ම්… ආයේ ලබන 14 වෙනිදා වරෙන්. මෙන්න බඩුවල සල්ලි. ඔය කඩෙිට දිලා දාපං.

හරි අයියේ… ඒක නෙමෙයි. අද වෙනකම් උඹගෙන් මෙි ප්‍රශ්නය අහලා නෑ. මාව වරදවා හිතන්න එපා. මුන් මෙිකෙ ඇතුලෙ මොන අටමගලයක්ද කරන්කෙ බං…?

**උඹටත් ඔින්නැති ඉටිගෙඩියක් නැහැ නේද..? මොකක්ද බං පිලිකා සෛල විනාස කොරන්ඩ බෙහෙතක් හදනවලු බං චීන්නු ඇවිත්. ඒකනෙ බං ඔය විටෙන්විට ඇම්බියුලන්ස් එකකින් ඇවිත් පිලිකා ලෙඩ්ඩු ඇතුලට අරගෙන යන්නෙ. අපිට මොකටද බං ඔව්වා. පාඩුවෙ හිටහං කියන දෙයක් කොරගෙන.

අම්මපා ඇත්ත බං…

**එහෙනම් පරිස්සමට ගිහින් වරෙං..

හරි අයියේ ජයවේවා …

**හ්ම්ම්… හ්ම්ම්… ජයවේවා ..

ලහි ලහියේ දොර විවෘතකර ආපසු එනවිට කසුන් මා එනතුරු වාහනය ඇතුලට වී සිටින ලදි. තැන් තැන්වල චීන සොල්දාදුවන් තම මුහුණු වැසෙන පරිදි ආවරණ ඇඳුම්ද පැළඳගෙන සිටියි. දැඩි මුරකාවල් දමාගෙන සිටින මොවුන් කඳවුරේ ඒමේ අත යන්නෝය. එම්පී 20 වැනි සැහැල්ලු අවි දරාගෙන සිටියි.
විවෙික ගැනුමට තැන්තැන්වල බැරැක්ක ඉදිකර තිබූ අතර , ලොකු ප්‍රමාණයේ සැටලයිට් ඇන්ටනා දෙකක්ද , එක තැනක ඉලිප්සාකාර හැඩයෙන් නිමකරන ලද , භූ මට්ටමෙි සිට අඩි දහයක් පමණ උසට නෙරායන පරිදි , බිත්තරයක් කෙලින් අතට සිටුවා ඇති පරිද්දෙන් නිමවා ඇති යම්කිසි දෙයක් එහි තිබෙන්නට විය. එය සුදුපැහැයෙන් නිමවා විශ්කම්භය අඩි දහයක් පමණ වන්නට ඇති. කොලපැහැති කුඩා සිදුරු සහිත දැලකින් එය ආවරණය කර ඇති බැවින් දුරට යන්න , යන්න එහි සුදුපැහැය හීනවී පෙනෙයි. සියල්ලම ක්ෂනිකව වටහාගත් මා , යමු කසුන් කියමින් බවුසර් රථය ආපසු හරවාගෙන කඳවුරු පරිශ්‍රයෙන් ඉවතට ආවෙමු. අඩහෝරාවක් පමණ තිබූ නිශ්ශබ්දතාවය බිඳ දැමුවෙ කසුන්ය.

*සර් මොකද තත්වය …?

එපා කසුන්. තවම ඒකට කාලය ඇවිත් නැහැ. අපිට තව වෙලා තියනවා ඒ ගැන කතා කරන්න. පලමුවෙන්ම අපි මෙතනින් පිටවෙලා ඉමු. හෝරා එකහමාරක පමණ කාලයක් ගෙවාදමා ආපසු ආ ගමනනේදී
පෙරකී අයවළුන් නැවත පාර දෙපස හමුවන්නට විය. අවසානයේදී ප්‍රධාන මාවතට කිලෝමීටර් පහක් පමණ ආසන්න වනවිට. අනුමාන කෙරු පරිදිම
මීගව ගාලක්ද දක්නට ලැබුනු අතර , ඔවුන් බලාගනු වස් ගොපල්ලන් යැයි සිතිය හැකි දෙදෙනෙක් ද විය. ඔවුන්ටද අත වනාගෙන පසුකර ආ අප දෙදෙනා අවසානයේ අතුරුපාරට බවුසර් රථය දමා නවතා , අප වෑන්රිය නවතා සිටින තැනට පයින්ම ලගාවිය.

කිසිදු හැලහොල්මනක් නැති බැවින් දෙදෙනාම මුහුනෙන් මුහුණ බලා දිග කලිසම් කකු⁣ලක් ඔසවා වළලුකරයට ඉහලින් රඳවා තබා තිබුන සයිලන්සරය
සහිත පිස්තෝලයන් අතට ගෙන ඉතා සෙමින් , සූදානම්ව ඉදිරියට ගියෙමු. එකවරම සර් කියමින් ඉදිරියට ආවෙ නියෝජිත ජේ50 ය.

මොකද තත්වය මෙතන..?

**අවුලක් නැහැ සර්…

හොඳයි.. නියෝජිත බී 350.

***සර්…?

පොඩ්ඩක් වටපිටාව බලාගන්න අපිට තියනවා ඇතුලෙ වැඩක් කියමින් මා වෑන්රියට ඇඟිල්ල දිගුකොට පෙන්නුවෙමි.

***හරි සර්…

යමු මහත්වරුනි ඇතුලට.

තිදෙනාම වෑන්රියේ ඇතුලට යනවිට තවමත් ප්‍රතිවාදීන් දෙදෙනා සිහිසුන්ව සිටියි. වතුර පොදක් මුහුණු වලට වත්කර පියවි සිහියට ගත්තෙමු.

එකෙකු - කවුද ඔයාලා. ඇයි අපිට මෙහෙම කරේ.. කියමින් අත්දෙක ලිහාගන්නට වෙර දරන්නට විය.

හා හා කලබල වෙන්න එපා මචංලා..
අපි වෙන ගැන්සියකින්. අපි උඹලා යන පොට්එකට ගියා. ඒකට යන්න ඕන හන්දා තමයි උඹලව සිහිනැති කරේ. හේතුව අහන්න එපා. අපි ඇතුලට ගියා. බයවෙන්න එපා අපි වැඩෙි දෙල් කරේ නෑ. උඹලට ආයේ යන්න පුළුවන් විදිහට වැඩෙි කරලා ආවෙ.

අනෙකා - හපොයි… අපිට විසුමක් වෙන්නෙ නැහැ.

විසුමක් උඹලට වෙන්නෙ නැහැ උඹලා පාඩුවෙ හිටියෙ නැත්නම්. මොකද උඹලා වෙනුවට වෙන දෙන්නෙක් ආවා කියලා උන් දැනගත්තොත් පලමුවෙන්ම කම්බස් කරන්නෙ උඹලා දෙන්නව. ඒ හන්දා පාඩුවෙ හිටපල්ලා මොකුත් නොවුන ගාණට. හා බොරුද මම කියන්නේ ..?

එකෙකු - ඔව් ඒකනම් ඇත්ත තමයි. අපි කුඩෙි කුඩු.

ඒක තමයි. උන් හිතනවා උඹලා දෙන්නා නිරුපද්‍රිතව ඉන්නකොට අපිට උඹලා චාන්ස් එකක් දුන්නා කියලා. ඒ හන්දා පලමුවෙන්ම උඹලා⁣ දෙන්නව මරණවා.
ඒක මට ෂුවර්. උඹලා දන්නවද ඇතුලෙ මොකක්ද වෙන්නෙ කියලා …?

අනෙකා - එහෙම දන්නෙ නැහැ මහත්තයා.

*එතකොට උඹලට මොකුත් අදහසක් වත් නැද්ද ඒ ගැන… ?

එකෙකු - නැහැ මහත්තයා ඇත්තටම නැහැ.

එතකොට මිනිස්සු අරගෙන යන්නෙ කවුද උඹලා නෙමෙිද…? ඇත්ත කියපල්ලා නැත්නම් තියනවා ඔළුව හිල්වෙන්න. කියමින් පිත්තෝලයේ බැරලය එකෙකුගේ නළලට තැබුවෙමි.

අනෙකා - ස. ස. සර්ර්ර්… ඒ අපි දෙන්නා නෙමෙි. අපි වගේ වෙන දෙන්නෙක්.

ඒ කියන්නේ උඹලා දෙන්නගෙ මෙි රැවුල් , කොණ්ඩ බොරු එව්වද… ? කියමින් මා කෝණඩය ඉහලට ඇද්දෙමි. කොණ්ඩය ගැලවී අතමත රැඳුනි. දෙවනුව රැවුලද ඇද්දෙමි. එයද ගලවා අතට ආපසු මාහට සිනහවක් ගියේ නිරායාසයෙනි. හහ් හහ් හා.. නලින් නලීන් නලීන්… මම දැනගෙන හිටියා තමුසෙ ඩබල් ගේමක් ගහනවා කියලා.

**සර් මූ… තම පිස්තෝලයේ බැරලය නලින්ගෙ නළලට තිබ්බෙ නියෝජිත ජේ50 ය.

කලබල වෙන්න එපා සුපුන් මහත්තයා.
ඉන්නකො ටිකක්. තමුසෙ දන්නවා අපි මරන්න හිතුවොත් ඒකා මරණවාමයි කියලා. අපෙන් හැංගිලා අඟහරු ග්‍රහයගෙ හැංගුනත් වැඩක් නැහැ.

නලින් - සර් ඉන්න.... මට තියන්න එපා.
සර් හිතනවද මම මෙි ඩබල් ගේම ගහන්නෙ ඇයි කියලා. මම දන්නවා සර්ලා අනිවාර්යයෙන්ම මට වෙඩි තියනවා කියලත්. එකෙක්ට මගෙ ඇස් පනාපිටම මරලා දැම්මා. එහෙම තියෙනකොටත් ඇයි සර් මම සර්ලට විරුද්ධව වැඩ කරන්නේ….?

හ්ම්ම්… කියපං බලන්න.

නලින් - සර් උන්ට මම , ඒ කියන්නේ මහේෂ් ට ඔච්චර දේවල් කරලත් ඌ දෙන්නෙක් එව්වා මාව මරලා දාන්න. නමුත් අපි අතර කිසිම බැඳීමක් නැතුව, අඩුම තරමෙ හිතවත්කමක් වත් නැතුව
සර්ලා ඇවිත් මාව බෙිරගත්තා වගේම , මට හැංගෙන්න පොට් එකක් පවා හොයලා දුන්නා. ඒත් සර් මම කවදා වෙනකම් හැංගෙන්නද…? ඒ හන්දා මමත් ගේමට බැස්සා. මොකද මට කෙලවන්න හදපු එවුන්ට මමත් පොඩි හෝ ඩැමේජ් එකක් කරලා යන්න තමයි මම මෙි තීරණය ගත්තෙ. මොකද මෙි වෙද්දී උන් හිතාගෙන ඉන්නෙ මම මැරිලා කියලනෙ.
අනික මාව දන්නෙ නැහැ උන්ගෙ මිනීමරන කණ්ඩායම. ඒ හන්දා තමයි මෙි විදිහට මම වෙස්වලා ගත්තේ.

මෙතන පොඩි ගැටළුකාරි තත්වයක් තියනවා. එතකොට කෝ මෙිකෙ වැඩ කරපු මෑන් ඌට මොකද කරේ….?

නලින් - සර් ඇත්තම කියනවා නම් එයා මගෙ නිවුන් සහෝදරයා. මට වඩා විනාඩි දෙකක් බාලයි. මම එයාව ඊයේ රෑ සවුදියට පිටත් කරා. මම නැති වුනත් , ඌ හරි රැකෙයි නෙ.

එතකොට මෙි ගැන ජොනි දන්නෙ නැද්ද..?

නලින් - ජොනි හිතාගෙන ඉන්නෙ. රට ගියේ මම කියලා. සර්ට කියන්න විදිහක් නැහැ. මොකද සර්ගෙ නම්බර් වැඩ කරන්නේ එන ඇමතුම් වලට නෙමෙයි නෙ.

එතකොට මල්ලි රට ගියා. අයියා ගේමට ආවා.

නලින් - ඔව් සර්.. මල්ලිගෙයි මගෙයි වෙනස මෑන් රැවුල කොණ්ඩය වවාගෙන තමයි ඉන්නෙ. මම වාගේ පිලිවෙලට ඉන්නෙ නැහැ. ඊයේ උදේ මිනිහගෙ කොණ්ඩය රැවුල සම්පූර්ණයෙන්ම කපලා දාලා , මගෙ චරිතය ජොනි අයියා ඉදිරිපිට
රඟපෑවා.

හ්ම්ම්… එහෙමද …? ඉන්නවා පොඩ්ඩක්.
කියමින් ලොකර් එකේ තිබූ මාගේ දුරකථනය අතට ගෙන මා ජොනිට ඇමතුමක් ගත්තෙමි.

ජොනී - ආයුබෝවන්ඩ දොරේ…

ආයුබෝවන් ජොනි.. නලින් ඉන්නවද ලඟපාතක…?

ජොනි - සොරිවෙන්ඩ ඕන දොරේ මෑන් ඊයේ රෑ සවුදි ගියා. මම දන්නෙත් අද උදේ. සර්ට කියන්න මම උත්සාහ කලා.
ඒත් දොරේට කවදාවත් ගන්න බැහැ නෙ කෝල් එකක්.

එතකොට තමුසෙ කොහොමද දැනගත්තේ …? මට අද උදේ මෑන් කෝල් එකක් දුන්නා රට නම්බර් එකකින්. හරි හරි… කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි. එතකොට තමුසෙ ෆෝන් එකද මේ…?

නලින් - ඔව් සර්. ඕකෙ තියනවා මල්ලිගෙ පාස්පෝර්ට් පොතේ පොටෝ එකක්. ඒ වගේම , වීඩියෝ එකක් තියනවා ගුවන්තොටුපලින් ඇතුලට යන.

හ්ම්ම්… ඉන්නවා බලන්න කියමින් , හා දුරකථනයේ ගැලරිය පරික්ෂා කෙරුවෙමි.
එහි නලින්ට බොහෝසෙයින් සමාන අයෙකු ගුවන්තොටුපලින් ඇතුලට යන වීඩියෝ එකක් හා පාස්පෝර්ට් පෙතෙහි ඡායාරූප කීපයක් ද අන්තර්ගතව තිබුනි.

නලින් - මම හිතුවෙ නැහැ සර්ලා එකපාරටම කඩා පනියි කියලා මෙතනට.
මම ටික දවසක් ගේම් එක රන් කරලා සර්ට කියන්න හිතාගෙන හිටියේ.

තමුසෙ කියන්නේ අපි දැන් තමුසෙව මෙි සියල්ල දැක්කට , ඇහුනට පස්සේ විශ්වාස කරන්න කියලද…?

නලින් - මම එහෙම කියන්නේ නැහැ සර්. ඒක සර්ලගෙ වැඩක්. හැබැයි සර් මගෙ ජීවිතය බෙිරලා දුන්න සර්ලට ⁣ද්‍රෝහි වෙන්න තරම්, කන්ඩ දුන්න අත හපාකන ගුණමකු මම බල්ලෙක් නම් නෙමෙයි කියලා මට කියන්න පුළුවන්.

හ්ම්ම්… නාරද මහත්තයා. මෙි යක්කු දෙන්නගෙ මාංචු ගලවලා දාන්න.

*හරි සර්.

එතකොට මෙි හාදයා කවුද …?

නලින් - සර්.. මම සහතික වෙනවා මෙයා ගැනත්.

හරි… තමුසෙලා අහල තියනවද කතාවක් ``මග හිටියොත් තෝ නසි. ගෙදර ගියොත් අඹු නසි කියලා ´´
ඒකෙ තේරුම තමුසෙලා දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද මට දැන් සිංහල සාහිත්‍ය පාඩමක් කරන්න මෙික නෙමෙි වෙලාව. ඒ හන්දා උඹලා ඔය දාගෙන ඉන්නෙ මල්ලෙ අස්සෙ නයෙක්. ඒ හන්දා ඒ නයා මහේෂ්ගෙ ගෝලයෝ වෙන්නත් පුළුවන්. අපි වෙන්නත් පුළුවන්. ඒ හන්දා දෙපැත්තෙන්ම මැරුම් නොකා බේරෙන්න නම්. ගෑණිට මල්ලට අත දාන්න දෙන්නත් එපා. තමුසෙලා මගදි මල්ලට අත දාන්නත් එපා. මහෝෂධ පඬිතුමා විසඳුමක් දෙනකම්. මම කියපුදේ තේරුනද…?

නලින් - ඔව් සර්… අපිට තේරුනා. මීට පස්සේ ඕක ඇතුලට යනකොට මාත් එක්ක යමු සර්. එතකොට කවුරුවත් සැක හිතන්නේ නැහැ නෙ.

හොදයි.. මෙන්න බඩුවල සල්ලි. අරගෙන මෙතනින් මාරුවෙනවා. මෙන්න තමුසෙගෙ ෆෝන් එකත්.

නලින් - හරි සර්… මම සර්ලට බොක්කෙන්ම උදව් කරනවා. මොකද ම⁣ට කෙලවන්න හදන එවුන්ට මමත් කෙලවලාම තමයි යන්න වුනොත් යන්නෙ.

හරි හරි.. ඉක්මනට යනවලා මෙතනින්.

නලින් - හරි සර්…

දෙදෙනාම වෙිගයෙන් බවුසර් රථය මහ පාරට ගෙන යන්නට විය. මිනිත්තු පහලවකට පසු අප කණ්ඩායමද එතනින් නික්ම ගියෙමු. උණවටුන නියෝජිතයාට සමුදීමෙන් පසු කතාවට මුලපිරුවෙ නියෝජිත ජේ50 ය.

**ඉතින් සර් අපිට කියන්න පුළුවන් ද අද්දැකීම් ටික.

හොඳයි දැන් මම කතාවට මුලපුරන්නම්.
මහත්වරුනි මම කලින්ම දැනගෙන හිටියා නලින් තමයි ඔය බවුසර් රියදුරා විදිහට ඉන්නෙ කියලා. මොකද මට ප්‍රොන්ටෝ මුන් දෙන්නගෙ ඡායාරූප ⁣කීපය දීපු ගමන් මම පටස් ගාලා මගෙ මනසින් ඔය කොණ්ඩයයි , රැවුලයි ගලවලා බැලුවා. ඉතින් මට මගෙ හිතේ ඇඳුන සිතුවම තමයි නලින්ගෙ රුව. ඉතින් මම ඒක කාටවත්ම අඟවන්න ගියෙ නැහැ.
එහෙම නොකර දෙන්නම අත්අඩංගුවට ගත්ත ගමන් සිහිනැති කරලා දැම්මෙ ඒකයි. ඊලඟට මම විස්තර කරා වගේම, උන්ගෙ ඔත්තුකරුවන් කැලේ තැනින් තැන හිටියා. මම ඒක කලින්ම අනුමාන කරා ඔය මහත්වරුන්ට මතක ඇති. ඒවා අපි දෙන්නා සියැසින්ම දැක්කා. ඊට පස්සේ කඳවුරට ඇතුල්වන තැන ඉඳලා අපිට යන්න පුළුවන් සීමාව දක්වා සියලුම දේවල් මම සියුම්ව නිරීක්ෂණය කලා.
දිව්‍යා මැඩම් කියපු දේවල් ඇත්ත.

**මොනවද සර් දිව්‍යා මැඩම් කිව්වෙ.

එයා කිව්වා අධි තාක්ෂණික දොරවල් ඇතුලෙ තියෙන්නෙ. ඒවා අඟුළු කරලා තියෙන්නෙ ඩිජිටල් ලොක් වලින් කියලා.
ඉතින් ඒ විදිහටම තමයි තිබ්බෙ සියලුම දොරවල්. ඒ වගේම එක සේවකයෙකුට ආවෙිණික එක කෝඩි එකක් තියනවා.
ඒක පාවිච්චි කරන්න පුළුවන් එක අන්තයක සිට එකවරයි. ඉතින් ඒ හන්දා ආපසු ප්‍රවිශ්ඨයක් ගන්න බැහැ එකවර දෙන්නෙකුට.

*හපොයි එහෙමද…?

ඔව්. එක අන්තයක ඒ කෝඩ්එක පාවිච්චි කරාට පස්සේ එතනින් පිටවෙලා දොර වැසුනොත් පිටුපසින් එන දෙවැන්නට ඒ කෝඩ්එක පාවිච්චි කරන්න බැහැ. එතකොට දොර ඇරෙන්නේ නැහැ. ආයේ එම දොර අරින්න නම් පිටව ගිය පුද්ගලයා පිටින් ඉඳගෙන කෝඩ්එක පාවිච්චි කරන්න ඕන. ඒකයි ක්‍රමය.

**ඒ තරම් අධි තාක්ෂණිකයිද නේද.

ඔව් . ඒ වගේම කෝණයෙන් කෝණයට කැපෙන පරිදි කැමරා හයිකරලා තියනවා.

*ඒ කියන්නේ අපි එතනට ගිය ගමන් පලමුවෙන්ම කරන්න ඕන පාලක මැදිරිය අපේ අතට ගන්න එක නේද… ?

හරියටම හරි… පලමුවෙන්ම ඒක කරන්න ඕන. ඉතින් ඒ වගේම වැදගත්ම දේ තමයි අර මම කලින් කියපු බිත්තරයක හැඩෙිට තියෙන පොඩි ගොඩනැගිල්ල. ඒක හරියට මොනවගේද දන්නවද…?

**මොනවගේද සර්… ?

විශ්වාස කරන්න මහත්වරුනි. ඒක රොකටි ලෝන්චර් පෑඩ් එකක් ( රොකට් එකක් උඩුගුවනට මුදාහරින ස්ථානය )

**හපොයි දෙවියනි. ඒ කියන්නේ සර් කලින් කිව්වා වගේ මෙි වෛරස් එක හදලා රොකට් එකක් මාර්ගයෙන් ඉලක්ක කරපු රටකට යවනවා නියන එක නේද..?

ඔව් මහත්වරුනි. වැඩෙි හුගක් බරපතල්.
මෙි ව්‍යාපෘතිය සාර්ථක කරගත්තොත්, අපේ රටට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් වෙනවා. කොටින්ම කියනවා නම් , ව්‍යසනයක් වෙන්නෙ.

*සර් පලමුවෙන්ම කරන්න ඕන මෙික සවිස්තරාත්මකව උකුස්සව දැනුවත් කරන එක නේද…?

ඔව් කසුන්. DH ( Dark Head ) , LH ( Leader Head ) වගේම උකුස්සා දැනුවත් කරලා. සම්පූර්ණ නිහඬ මෙහෙයුමක් කරන්න වෙනවා. ඒ වගේම , පැරා හමුදාවක් එක්ක ගැටෙන්න වෙනවා අපිට.

**කමක් නෑ සර්. බෙල්ල ගහලා ගියත් වැඩෙි ගොඩදාමු..

ඔව් මහත්වරුනි. මරාගෙන මැරිලා හරි. වැඩෙි නවත්තලා දාමු. හ්ම්ම්… අපි යමුකො දැන් ටෙක්ස්ටයිල්ස් එකට.

මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now