⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 21 වන දිගහැරුම ⸎
> මාධ්‍ය පිලිසදර <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නැහැ. එහෙම හිතන්නවත් එපා. මොකද පූර්ණ සෝදිසි කරනකොට බැරි වෙලාවත් කොණ්ඩයෙන් එහෙම ඇද්දොත මොකද වෙන්නෙ. වැඩෙි දෙල් වෙනවනෙ. ඒ හන්දා නියෝජිත ජනිත් වාහනේ ඉන්න. කසුන් එක්ක මම යනවා මෑන්ව බලාගෙන එන්න.

**හරි හරි සර්….

මෙතැන් සිට….

*සර් ඊට වඩා මම ලඟ තියනවා හොඳ අදහසක්…

ඔව් කසුන්. කියන්න බලන්න..

*සර් මෙහෙමයි.. අපි කන්ටැක් එකක් දෙන විදිහට ගියොත් තමයි අපේ සකලමනාවම උන් පරික්ෂා කරන්න බලන්නෙ. හැබැයි අපි වැදගත් චරිත විදිහට ගියොත් ඔය පරික්ෂා කරන එකෙන් අත්මිදෙන්නට පුළුවන් නේද… ?

ඉතාමත්ම හොඳ අදහසක් යාළුවා. මම අනුමාන කරා ඔය වගේ යෝජනාවක් මෙතන එයි කියලා.

*ඒ කියන්නේ සර් බලාපොරොත්තුවෙන් හිටියා..

ඔව්.. මොකද නැත්තෙ. මම බැලුවෙ මගෙ සහයක නියෝජිතයා කොයිතරම් දුරට මෙි මිෂන් එක අනුගත වෙලා ඉන්නවද කියලා බලන්න.

**හරි.. ඒකත් හරි කියමුකො. එහෙනම් කසුන් සර්ම කියන්න බලන්න මොකක්ද අපි රඟපාන්න ඕන චරිත කියලා යෝජනාවක් විදිහටම..

*ඔව් නියෝජිත ජනිත්. මම හිතන්නේ මෑන්ගෙ පවුල් පසුබිම වගේම තාත්තගෙ වෘත්තීය පසුබිම අනුව අපි එතනට යන්න ඕන මාධ්‍යවේදීන් විදිහට. එතකොට අපිට ප්‍රසිද්ධියේ ම කැමරා වගේම මයික්‍රපෝන් ගෙනියන්න පුළුවන්.

ෂාහ්හ්හ්හ් විශිෂ්ඨයි යාළුවා. ඉතාමත් නිවැරදි තර්කානුකූල යෝජනාවක්. එතකොට අපිට වටපිටාව පටිගත කරගෙන විවෙිකීව වුනත් බලාගන්න පුළුවන්. ඒක නියමයි. අපි එහෙම කරමු. මම එකඟයි යෝජනාවට.

**ඒක නියමයි සර්…

එහෙනම් මහත්වරුනි. අද හවස ඉතාමත් තාත්වික නාට්‍යයක් රඟ දක්වන්න ලෑස්ති වෙන්න.

**සර් සම්භාව්‍ය ගනයේ එකක් ද…?

ඔව් ඔව්.. එහෙම එකක් තමයි. සම්භාව්‍ය නාට්‍ය ඉතින් නරඹලා මාසයක් විතර කල්පනා කරාට පස්සේ නෙ. මොකක්ද සිද්ධිය කියලා වැටහෙන්නෙ. අපිත් එහෙම නාටකයක් රඟපාමු. හැබැයි උන්ට නොතේරෙන, අපිට තේරෙන. එහෙනම් අපි වෙස්වලාගෙනම යමු.

*එතකොට සර් මොකක්ද පිටපත…

ඉන්න.. පිටපත මම ලියන්නම්. උන්ට පිට පෙරලෙන විදිහට. මම තමයි ප්‍රධාන නියෙිදකයා. ඔයාලා දෙන්නා එතකොට කසුන් මහත්තයා තමයි කැමරාකරු.

**එතකොට මම…?

ඔයා තමයි රියදුරු… මොකද ඔයා තමයි මොන ගේමකට එතන මුහුණ දෙන්න වු⁣නත් පලමු ක්‍රියාකරකම තියෙන්නෙ.
මොකද අපි ආයුධ පාවිච්චි කරාට මෙතන ඒවා පාවිච්චි කරන්න බැහැ නෙ. ඒ හන්දා අපි ලබපු පුහුණුව තමයි මෙතන ආයුධ වෙන්නේ..

**ඒකත් ඇත්ත තමයි. අපිම ආයුධ මිසක් , අපිට ආයුධ ඕනම කියලා දෙයක් නැහැ නෙ. හරි.. සර් පිටපත හදලා අපිට කියන්න. වැඩෙි දෙන්නම් දොඹෙන් නෙමෙි
සොඹ තෙලෙන්..

අන්න කොල්ලො. එහෙම තමයි වෙන්න ඕන.. මතක තියාගන්න මහත්වරුනි.
එහෙ ගිහින් කිසිම දෙයක් කන්න බොන්න එපා. මොකද වෘර්කයාගෙ ගෙදරට රිංගලා කෝඩියල් බලාපොරොත්තු වෙන්න එපා.

*හරි සර්…

රාජ්‍ය දුරකථන දිගුවෙන් ඩග්ලස් ජීවානන්ද ගෙ පුත් , ප්‍රසිද්ධ ව්‍යාපාරික හා සමාජසේවා නියෝජිත මහේෂ් ජීවානන්දගෙ දුරකථන අංකය ලබාගෙන එයට ඇමතුමක් දී හවස ඔහු හමුවට
මාධ්‍යවෙිදීන් දෙදෙනෙකු එන බවත් දැනුම් දුන්නෙමු. හොඳයි මහත්වරුනි. මෙන්න මෙිකයි නාටකයේ පිටපත. මම තමයි ප්‍රධානතම නිවේදකයා. එතකොට කලින් කිව්වා වගේ කසුන් තමයි කැමරාකරු.
කසුන්ට තියෙන්නෙ උන්ට නොදැනෙන්න කැමරාව විවිධ ආකාරයට හසුරවලා විවිධ කෝණ වලින් වීඩියෝ කරන එක තමයි ඉතින්. මම ගාණට , තිතටම වැඩෙි කරනගෙන යන්නම්, අහන්න ඕන ප්‍රශ්න ටික ඉතාම සූක්ෂම විදිහට අහන්නම්. ඇත්තටම මෙික හරිම විනෝදකාමී වැඩක් වෙයි. නියෝජිත ජනිත්ට මොකුත් කරන්න නැහැ. බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ. පැහැදිලියි ද මහත්වරුනි. මගේ අරමුණ තමයි මෑන්ව මෙි ගේ ඇතුලෙම ඉවරයක් කරන්න. නමුත් ඒකට සුදුසු වටපිටාවක් ගෙදර තියනවද කියලා බලන්න ඕන. එහෙම වටපිටාවක් නැති වුනොත් ප්ලෑන් බී එකකට යන්න ඕන.

*ප්ලෑන් බී එකක්…?

ඔව්. ප්ලෑන් බී එකක් තියනවා. ඒක මම කියන්නම් පසුව. දැන්ම ඒකට සුදුසු කාලය නෙමෙි. හරි මෙි වැඩෙි කරලා බලමුඊට පපස්සේ අපි තීරණය කරමු කොහොමද වැඩෙිට අතගහන්නෙ කියලා.

**සර් මෑන්ව උස්සන එකේ අරමුණ මොකක්ද …?

ඔව්. මට සමාවෙන්න මම ඒක කිව්වෙ නැහැ නෙ. අපි මෑන්ව උස්සන්නේ නැහැ. ඒක තාත්වික මදි මෙි වෙලාවෙ හැටියට. මෙහෙමයි මහත්වරුනි මෑන් රටෙි නමගිය යහපත් ව්‍යාපාරිකයෙක්. මෑන්ට දැඩි ආරක්ෂාවක් තියනවා. අන්න ඒ ආරක්ෂාව මොනවගේද කියලා අපි බලාගන්න ඕන. මෑන් හොඳ සත්ගුණවත් චරිතයක් කියලා තමයි රට වැසියො දන්නෙ. හැබැයි ඒ සේරම රඟපෑම් විතරයි. ඇතුලාන්තය දන්නෙ අපි වාගේ බොහොම අතලොස්සක් විතරයි. ඒ හන්දා එකපාරටම මගදි ගහලා පැන්නොත් මෙික රටෙි ටික කාලයකට හරි ආන්දෝලාත්මක ප්‍රශ්නයක් වෙනවා නොඅනුමානයි. එහෙම වුනාට කමක් නැහැ අපිව ගෑවෙන්නෙ නැතුව. ඒ හන්දා තමයි මෙතනදි අපි හරියටම දෙයක් නිරීක්ෂණය කරන්න ඕන. ජනමාධ්‍යයට ලොකු මාතෘකාවක් නම් වෙයි. ඒකට කමක් නැහැ. කරන දෙයක් රහසේම කරන්න ඕන. මෙහෙම හිතන්න මොහොතකට. පාරෙදි උන්ගෙ ටීම් එකටම ගහලා මූටත් ගැහැව්වාම කියමුකො. එතකොට අනිවාර්යයෙන්ම CDI එක මෙි ගැන හොයනවාමයි. ඒක අපිට ලොකු අවාසිදායක දෙයක්. අපිගැන නම් හොයන්න බැරිවෙයි. මොකද මෙික අපි කරේ කියලා දැනගත්තහම වැඩෙි කල් දදා ඉඳියි. හැබැයි එතකොට CDI එක දැනගන්නවා අපි වගේ නිලනොලත් සන්නද්ධ කණ්ඩායමක් රට තුල ඉන්නවා කියලා. ඒක එහෙම වියයුතු නැහැ. නිලලත් එකක් වුනානම් එතන ලොකු ප්‍රශ්නයක් අපිට නැහැ. නමුත් ATU එක
නිලනොවන එකක් හන්දා තමයි ඔය ප්‍රශ්නය උග්‍ර වෙන්නෙ. අපි බලමු ගෙදර පරිසරය අපිට වාසිදායක විදිහට පිහිටලා තියනවද කියලා. කොටින්ම කියනවා නම් අපි ලඟදි දවසක උන්ට පැනලා ගහනවා. හැබැයි අපිත් තව පාතාල කල්ලියක අය වගේ තමයි රඟපාන්න ඕන. අපි ගියා ගැහැව්වා ආවා. එනකොට අරුන් දෙන්නගෙන් එක ෆෝන් එකක් එතන දාලා එන්නේ. එතකොට පොලීසියට සාක්ෂියක් ඉතුරු වෙනවා.
ඊට පස්සේ තමයි වැඩෙි පත්තුවෙන්නෙ. ඒ විදිහට තමයි වැඩෙි වෙන්නේ. එතකොට
ඝාතනයට වගඋත්තරකරු වෙන්නෙ. මෙි ෆෝන් එකේ අයිතිකාරයා. මෑන් අතුරුදහන් හන්දා මෑන්ගෙ ඉතුරු සම්බන්ධතා හරහා පොලීසිය ,වගේම CDI එක විමර්ශන කටයුතු කරගෙන යයි.
ඒ අතරෙ අපේ වැඩටික කරගෙන යමු ඉක්මනට. මට මෙිකෙ කෙලවරක් ඉක්මනට දකින්නට ඕන.

*එතකොට සර් අර වෛරස් ගබඩා කරපු
පෙන්ඩ්‍රයිවර් එක මොකටද…?

හා ඒකත් මතකයි නේද …? ඒකට දැන්ම මට උත්තරයක් දෙන්න බැහැ. හැමදේකටම වෙලාවක් තියනවා ඒ වෙලාව එනකම්ම ඉන්න වෙනවා.

**එතකොට සර් මෑන්ට අපි මොකද කරන්නේ …?

කිසිම වගවිභාගයක් නැහැ. තිබ්බා මාරුවුනා එච්චරයි. ඔය වගේ පිලල අපි ඉවරකරලා දාන්න ඕන. නැත්නම් මොන අපරාධයක් කරත් මුන් හිරෙන් පැනලා හරි එනවා. මොකද මොන සාක්ෂි එකතු කරලා රටට ඔප්පු කරත් මුන් අපරාධකරුවන් කියලා. අපේ රටෙි මිනිස්සු පිලිගන්න කැමති නැහැ නෙ.
ඒක මිනිස්සුන්ගෙ ස්භාවය. නැත්නම් ඉතින් කොච්චර හොරා කෑවත් ඌ සදාකල් පාර්ලිමේන්තුවට ගියේ කොහොමද …? උගෙන් පස්සේ දරුවො පාර්ලිමේන්තුවට ගියේ කොහොමද..? මොන ජරා වැඩෙි කරත් ඡන්දය කිට්ටු වෙද්දී, බඩුමිල අඩු කරලා , සහන ටිකක් දීපු ගමන් ඌ තමයි ගැලවුම් කරුවා කියලා දෙනවා තමන්ගෙ ඡන්දය. දීපු ගමන් ආපසු අවුරුදු හතර හමාරක් විඳවනවා. අර අවුරුදු හතරහමාරක් කරපු දේවල් දවස් තුනට අමතක කරන ජාතියක් අපි. ඊට පස්සේ නැවත මැතිවරණය තියන්න මාස හයක් තියලා , බඩුමිල ටිකක් අඩු කරලා හාල්මිටි ටිකක් නිකං දුන්නහම ඌ හොඳ එකා. හාල් ටිකත් නිකං දෙන්නේ. ඒවත් ලෝක ආධාර. නැතුව මෑන්ගෙ මඩියෙන් නෙමෙි.
අපේ රටෙි ජනාධිපති වෙන්න , පාර්ලිමේන්තු මන්ත්‍රී , ඇමති වෙන්න තියෙන්න ඕන එකම සසුදුසුකම හොරාකෑම. මොකද මිනිස්සු බහුතරය පිලිගන්නෙ හොරාකන එකා මිස රට ගැන හිතන නායකයින් නම් නෙමෙි.

දැන් මෙහෙම හිතමුකො මනුෂ්‍ය වර්ගයා බිහිවුන මුල් කාලයේ උන්ගෙ ආගම වුනේ ගස් , ගල් , නැත්නම් සද්ධන්ත සත්තු.
ඇයි ඒ…? එවට හානියක් කරන්න මිනිස්සු සතුව බලයක් නැති හන්දා , තමන්ට වඩා ඒ දේවල් බලවත් කියලා එදා මිනිස්සු හිතපු හන්දා. ඉතින් අදවනවිට මිනිස්සු හුඟක් දුර ඇවිත් හැම අතින්ම. නමුත් තවමත් මිනිස්සු කරන්නේ ගස් , ගල් අදහන එක නෙමෙයිද මහත්වරුනි.

*දැන් කොහෙද සර් එහෙම මිනිස්සු ගස් ගල් වලට වන්දනාමාන කරන්නේ…?

වැරදියි යාළුවා. තවමත් ඒක තමයි කරන්නේ මිනිස්සු. ඉන්න.. මම තර්කානුකූලව ඔප්පු කරන්නම්. මනුෂ්‍ය වර්ගයා දියුණු වෙමින් පවතින යුගවල
බුදුන් , දෙවියන් මෙි ලොවට පහල වුනා.
බුදුන්ගෙ රුව එකක්. ඒ හන්දා බුදුරුව ගලින් , සිමෙන්තියෙන් නිර්මාණය කරලා වන්දනා කරනවා. ඒ වගේම , දෙවියන් ඒ ඒ රටවල ජාතීන් වගේම ජනවර්ග දෙවියන් ඔවුන්ගේ සංස්කෘතික දැක්මට අනුව විවිධ හැඩහුරුකම් වලින් ගලෙන් හෝ සිමෙන්තියෙන් නිර්මාණය කරලා වන්දනාමාන කරනවා. ඉතින් ප්‍රාග් එෛතිහාසික යුගයේ හැඩයක් නැති ගල්වලට එකල මනුස්සයෝ වන්දනාමාන කරා, වර්මානයේත් ඒකම තමයි කරන්නේ. වෙනසකට තියෙන්නෙ ඒවට හැඩතල නිර්මාණය කරලා තියෙනවා.
ඔය ගල්වලට කොච්චර වැන්දත් ඵලක් තියනවද…? ඒ සාස්තෲන් වහන්සේලා දේශනා කරපු ධර්මය, එහෙමත් නැත්නම් දර්ශනය , දැක්ම පිලිපදින්නේ නැතුව.
නිකං චිත්තාරූපව මවාගත්ත ගස්ගල් වලට වැඳලා වැඩක් තියනවද ඒ දහම, දර්ශනය අංශුමාත්‍රයක් වත් අනුගමනය නොකර…? එහෙම ඒ දහම පිලිපැද්දා නම්, අනුගමනය කරානම් , අපිට මෙච්චර කරන්න වැඩ කොහෙද මහත්වරුනි.

**සහතික ඇත්ත සර්… එතකොට ගල් හරි. ගස් …?

හහ් හහ් හා… ගස් මොනවද කියලා හිතාගන්න. ශ්‍රද්ධාව , භක්තිය තියෙන්න ඕන හිතේ , මනසේ මිසක ගස්ගල් වල
නෙමෙි මහත්වරුනි. ශ්‍රද්ධාව , භක්තිය
හිත තුල , මනස තුල හරියට තැන්පත් වුනා නම්, ඒක නිසිපරිදි අනුමෝදන් වෙනවානම්. චිත්තාරූපව මවාගත්ත
ගස්ගල් මොකටද මහත්වරුනි…?

*එහෙම බලපුවාම අපි සේරම යන්නේ මුලාවක් පසුපස නේද ….?

ඔව් මහත්වරුනි. සම්පූර්ණ මුලාවක ඉන්නේ. රෙද්දේ සිල් නැහැ. ටැටූ එකේ රස්තියාදු කමත් නැහැ , ගේදොර , ඉඩකඩම් , දේපල , වාහන තිබ්බා කියලා එයා ධනවතෙක් වෙන්නෙත් නැහැ. මොකද ඔය දේවල් වැඩි වෙනකොට මානසික නිදහස අඩුවෙනවා. ඇයි ඒ…? ඒ දේවල් අහිමි වෙිදැයි තියෙන බය හන්දා සැනසීම අඩුවෙනවා. මොකද ඔය සේරම අහිමිවුනාට පස්සේ. ඒ වටා ගෙතුන ⁣ගෞරවය , සමාජ තත්වය කියන දෙක සංකලනය වූ මාලයේ පුරුක් ටිකත් ගැලවෙලා යන හන්දා. ඉතින් නිතරම බයේ ඉන්නෙ. සේරම භාරදෙනවා පූර්ණ රක්ෂණ සමාගම් වලට. එහෙම දීලා මාසෙකට සැරයක් වාරිකයක් වශයෙන් ලොකු මුදලක් ඒ ආයතන වලටත් ගෙවනවා. ඒක නෙමෙයිද යථාර්ථය.

*සහතික ඇත්ත සර් අම්මපා.

හරි… අපි දැන් පිටත්වෙමු. කසුන් කැමරාවක් ගන්න. මම පොඩි ෆයිල් එකක් ගන්නම්. ලස්සනට ඇදගෙන යමු. එච්චරයි.

හවස් යාමය……

මහේෂ් ජීවානන්ද වෙසෙන නිවස පරිශ්‍රය වෙත ගොස් , මුරකරුට කතාකර , මද වෙලාවකින් ඔහුගෙ අවසරය මත ගෙනිවසේ ගේට්ටුව අප වෙත නිරාවරණය විය. තට්ටු දෙකට ඉතා විසල් අන්දමින් නිමකර තිබු එම නිවසට යාමට මීටර් පනක් පමණ ඍජු මාවතක ගමන්කිරීමට සිදුවිය. ව්‍යාජ අංක තහඩු සවිකරන ලද අප වෑන් රථය එම පාර දිගේ සෙමින් ධාවනය කරමින් අවට දෙස ඉතා සෝදිසියෙන් ගමන් ගත්තෙමු. මාර්ගය දෙපස දේවදාර ගස් සිටුවා තිබූ අතර , මනාවට කප්පදු කරන ලද මල්ගස්ද දකින්නට ලැබුනි. ඒ අතරින් කුඩා පහන් කණු සිටවා, ඒ බල්බයන් වලට පහලින් සෙමින් කරකැවෙන කැමරා සවිකර තිබුනි. තිදෙනාම මුහුනෙන් මුහුණ බලාගත් අතර කිසිවක් නොදොඩා මිටීමට වගබලා ගත්තෙමු. වෑන්රියෙන් පලමුව බැසගත්තේ මමය. දෙවනුව කැමරාව අතැතිව කසුන් බැසගත් අතර අවසානයේ වාහනය දොරගුළු කරමින් නියෝජිත ජනිත් බැසගත්තේය.

ප්‍රධාන දොරටුව අසල හැඩිදැඩි දෙදෙනෙක් අප තිදෙනා එනතුරු මග බලාගෙන සිටි අතර , ඔවුන් දෙදෙනා අප දෙස අවදානයෙන් බලා සිටිනවිට අපි පොඩි සිනහවක් ඔවුන්ට පෑවෙමු. ඉතා කපටි සිනහවක් පෑ ඔවුන්ගෙන් එකෙකු තම හඬ අවදි කලා.

එකෙකු - ඔය මහත්වරුන් වෙන්න ඕන.
සර්ගෙන් ඉන්ටර්විව් එකක් ගන්න ඕන කියපු අය. (කැමරාව දෙස වුවමනාවෙන් බලමින් )

ඔව් මහත්තයා.. මහේෂ් සර් ඇතුලෙ ඉන්නවද…?

එකෙකු - ඔව් එන්න… කියමින් අප කැඳවාගෙන යන විට අපි පසුපසින් අනෙකාද එන්නට විය.

අනෙකා - ඔය මහත්වරුන් ඔතන වාඩිවෙලා ඉන්න. මම සර්ට එන්න කියන්නම්. කියමින් නික්මෙන්නට විය.

සුළු මොහොතකට පසු උස හීන්දෑරී හාදයෙක් ආලින්දයට එන ලදි.

`` ආයුබෝවන් මම මහේෂ් ජීවානන්ද මාව දන්නවනෙ ´´

ආයුබෝවන් සර්. මොකද නැත්තෙ සර්ව මෙි මුළු රටම දන්නවා. ඉතින් අපි
`` විසිර යූටියුබ් ´´ චැනල් එකෙන්. මට ඉන්නවා බර ගාණක් ප්‍රේක්ෂකයන්. ඉතින් මම අදහස් කරා ඉතාමත් ඉක්මනින් දියුණු වෙච්ච තරුණ ව්‍යාපාරිකයින් එක්ක සුහද ප්‍රශ්නකිරීම් කරලා, රටට වැඩදායි අදහස් ටිකක් ඔයාලා වගේ
තරුණ ව්‍යාපාරිකයින් ගෙන් අරගෙන රටට ලෝකයට බෙදාහරින්න.

මහේෂ් - එතකොට ඔයාට හරීන් නාගොඩගේ කියලා මට දවල් කතා කරපු මාධ්‍යවෙිදී මහත්තයා.

ඔව් සර් මම තමයි. මෙි ඉන්නෙ මගෙ කැමරාකරු විජිත තොටමුල්ල. මෙි ඉතින් අපේ වාහනය කිසිම කරදරයක් නැතුව හැමතැනටම අපිව අරගෙන එන රියදුරු මල්ලි තමයි.

මහේෂ් - හා හරි.. මෙි බැරෑරුම් ප්‍රශ්න එහෙම අහන්න එපා හොදේ. මට ඔය
ලොකු ප්‍රශ්න වලට උත්තර දීලා පුරුදු නැහැ.

අපෝ නෑ සර්…

මහේෂ් - එහෙනම් අපි වැඩේ පටන් ගමුද..?

ඔව් ඔව් සර්. කාලය සීමිතයි නෙ. සර් මෙතන මෙි විදිහට වාඩිවෙන්න. කකුලක් පිට කකුලක් දාගෙන මෙි පැත්තට බරව වාඩිවෙලා නිතරම කැමරාව දිහා බලලා උත්තර දෙන්න .

මහේෂ් - හරි හරි… පටන් ගමු.

එහෙනම් එකායි.. දෙකායි… තුනයි..
ආයුබෝවන්.. මෙි ඉසුර යූටියුබ් නාලිකාවයි. අද අපේ කථිකාවත විවෘත වන්නේ තවත් තරුණ පරපුරේ , දක්ෂ වගේම , නැගීඑන ව්‍යාපාරික මහතෙකු වන ඩග්ලස් ජීවානන්ද ඇමති තුමන්ගෙේ පුතනුවන් වන මහේෂ් ජීවානන්ද මහතා සමඟයි. ඉතින් ආයුබෝවන් කියලා පිලිගන්නවා.

මහේෂ් - ආයුබෝවන්…( මදක් ඉදිරියට නැමී )

ඉතින් මහේෂ් මහත්මයා, තරුණ ව්‍යාපාරිකයෙක් හැටියට කොහොමද මෙච්චර කෙටි කාලයකින් මෙච්චර සාර්ථක වුනේ..? මොකක්ද ඒක පසුපස තියෙන බලවේගය.

මහේෂ් - හ්ම්ම්… හොඳ ප්‍රශ්නයක්. කෙටි උත්තරයක් තමයි දෙන්න තියෙන්නෙ. ඒ මගෙ තාත්තා. එයා තමයි මගෙ සාර්ථකත්වය පසුපස ඉන්න බලවෙිගය.

බොහොම සතුටුයි. පියෙක් කියන්නේ දරුවන්ට සසරක්. ඉතින් මෙි ව්‍යාපාරික මහත්තයගෙ තියෙන ව්‍යාපාර සැකවින්
කිව්වොත්…?

මහේෂ් - ඔව් මට තියනවා `` වයිඩ් ලෑන්ඩ් ´´ කියලා වතුකරයේ තේ වතු සමූහයක් තියනවා. ඊට අමතරව වාහන සේල් කීපයක් ලංකාවෙ හැමතැනම තියනවා.
තව…. කිරි ආශ්‍රිත නිශ්පාදන කම්හල් කීපයක් තියනවා රටේ ප්‍රදේශයන් කීපයකම.

හොඳයි.. කිරි ආශ්‍රිත නිශ්පාදන මොන වෙලද නාමය යටතේද තියෙන්නෙ කිව්වොත්.

මහේෂ් - ඇත්තටම ඒක අපනයන තත්වයේ තියෙන නිශ්පාදනයක්. අපි එක්ක චීන බහුබහුජාතික නිශ්පාදන සමාගමක් වන `` චයිනා මිල්ක් ´´ කියන චීන වෙළද නාමය යටතේ , ඒ අය එක්ක වසර පහකට වෙළඳ ගිවිසුම් ගහලා ඒකාබද්ධ වෙලා කරගෙන යන්නෙ.

ඒ කියන්නේ ඒ නිශ්පාදන චීනයට අපනයනය කරනවා..

මහේෂ් - ඔව්. එතකොට තමයි අපිට විදේශීය විනිමය අපේ රටට ගේන්න පුළුවන්.

හරිම සතුටුයි. විදේශ විනිමය අපේ රටට ගේන්න කරන කැපවීම ගැන, රටක් , ජාතියක් විදිහට අපි ඔබතුමාට ස්ස්තුතිවන්ත වෙන්න ඕන. ඉදිරි කාලයේදී දේශපාලනයට එන්න අදහසක් තියනවද…?

මහේෂ් - හහ් හහ් හා.. අමාරුවෙ දාන ප්‍රශ්නයක් මහත්තයා මගෙන් ඇහැව්වෙ.
ඔව් මම තාත්තගෙන් පස්සේ දේශපාලන කරලියට බහිනවා. හැබැයි දැන් ම නෙමෙි.

හොඳයි හරිම සතුටුයි. අවසාන වශයෙන්
තරුණ ව්‍යාපාරිකයෙක් විදිහට. රටෙි තරුණ තරුණියන්ට දෙන්න කැමති උපදේශය මොකක්ද …?

මහේෂ් - මොන බාධක ආවත් , ඒ බාධක
ඉවත් කරගෙන ඉදිරියට යන්න. එච්චරයි

හොඳයි … බෙහෙවින්ම සස්තුතිවන්ත වෙනවා. මහේෂ් ජීවානන්ද මහත්මයාට තමන්ගෙ වටිනා කාලයෙන් බිඳක් අප වෙනුවෙන් වැය කිරීම පිලිබඳව. එහෙනම් ආයුබෝවන්.

මහේෂ් - ආයුබෝවන් …

මොහොතකට නිශ්ශබ්දතාවයකින් පසු.
``කට්´´ නියමයි ෂුට්එක..

එතකොට අපි ගිහින් එන්නද… අපි මෙිකෙ තව අඩුපාඩු හදලා තව දවස් තුනකින් චැනල් එකට දානවා. කියමින් සෝපා ආසනයෙන් නැගිටින විට.

මහේෂ් - ඉන්න අපි මොනවාහරි බීලා ඉමු.

අනේ බොහොමයක් ස්තුතියි සර්. බිව්වා වගේ තමයි ඉතින් වැඩෙි⁣ කෙරුන නෙ.
අපි පස්සේ දවසක එන්නම් කො.

මහේෂ් - හොඳයි ඔයාලගෙ කැමැත්තක්.

එහෙනම් සර් අපි ගිහින් එන්නම්.

මහේෂ් - හොඳයි හොඳයි ජයවේවා..

නිවසින් නික්ම ගොස් වෑන්රියට ගොඩවූයේ තිදෙනාම සතුටු සාමිච්චියේ
යෙදෙමින්ය.

මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now