⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 03 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔව් යාළුවා… ඔව්… කාරි නෑ. අපි හොයමු ඉතින්. අදට අපි හොයාගත්ත කරුණු ප්‍රමාණවත්. අපි යමු කසුන්.

*යමු සර්.

මෙතැන්සිට.

අපි යතුරුපැදිය පණගන්වා කොළඹ බලා පිටත් වුනා. වත්තල පසුකර මද දුරක් පමණයි අපට ගෙවන්නට හැකිවුනේ.. සහයකයා එකවරම යතුරුපැදිය නැවැත්තුවා.

ඇයි කසුන්…

*සර්… මට කෝල් එකක්…
දුරකථනය අතට ගෙන බලා..

*මට නෙමෙි සර්ට මෙික.. මෙි නියෝජිත B350 ගෙන්…

එහෙමද දෙන්න බලන්න.

**ST මම B350….

Ok කියන්න නියෝජිතයා…

**සර් ඔය කියන හැඩහුරුකම් තියෙන දෙන්නෙක් කොළඹ රත්නපුර බස් එකට ගොඩවුනා.. බස්රථ අංක 250 - ××××××
මම ඒකෙ යන ගමන්.

නියමයි … ඉන්න අපි එන ගමන් . දිගටම විපරමෙන් ඉන්න. බොහොම ස්තුතියි නියෝජිත B350. ඇමතුම විසන්ධි විය. කසුන් ඒ බස්එක ලුහුබඳින්න ඕන ඉක්මනින්ම යමු කොළඹට. ගිහින් ඔය බස්එක ලුහුබඳිමු. අපිට පුළුවන් යන්න. මොකද ඔය බස්එක පලමු පැය බොහොම හෙමින් යන්නෙ.

*යමු සර්.

ජැගුවරා යතුරුපැදිය වේගයෙන්… කොළඹ දෙසට ගමන්ගත් අපි මාර්ග සිතියම ආධාරයෙන් කඩුවෙල පසු කරනවාත් සමගම මාහට අදාල බස්රථයට ගොඩවීමට හැකිවිය. ආසන ගණනට පමණක් මගීන් සිටීම තරමක සැනසුමනට හේතු විය. බස් රථය පසුපස සහයකයා යතුරුපැදියෙන් පැමිණෙයි.
නියෝජිතයා ආසනයක වාඩීවී සිට මා දැකීමෙන් පසු ඉවත බලා ගත්තා. ඉන්පසු ඔහු තමන්ගෙ දුරකථනය අතට ගෙන මාහට කෙටි පණිවිඩයක් එවන ලදි.

`` ST ( Spy Tiger ) They were sitting in the front seat. Please stay tuned ´´
ඔවුන් ඉදිරයේ ඇති අසුනක වාඩිවී සිටි. කරුණාකර අවධානයෙන් සිටින්න..

කෙටි පණිවිඩය කියවා බැලු මා. නියෝජිතයා හට ``ok u can leave now. Thankz a lot for ur valuable corporation ´´
හොඳයි. ඔයාට දැන් ඉවත්වෙන්න පුළුවන්. බොහොමයක් ස්තුතියි ඔයාගෙ වටිනා සහයෝගයට. කියමින් පිලිතුරු දී අසල හිස් අසුනක වාඩි වුනෙමි. තම අසුනෙන් නැගිට බසයෙන් බැසගත් නියෝජිතයා බසයේ වෙිගයත් සමග නොපෙනී යන්නට විය. හෝරාවකට පසු
නන්නාඳුනන දෙදෙනා ඉදිරිපස අසුනක අසුන්ගෙන සිට අවිස්සාවේල්ලට පිවිසුම් මංසන්ධියෙන් බැසීමට සූදානම්ව ඉදිරියට යනවිට මාද පසුපස දොරටුවෙන් බැසීම සඳහා සුදානම් වුනා. අවසානයේ මගෙ අනුමානය පරිදි ඔවුන් දෙදෙනා අවිස්සාවේල්ල පිවිසුම් තුන්මංසන්ධියෙන් බැස්සා. මාද එතනින් බැසගෙන මදක් ඉදිරියට යනවිට ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථකයට ගොඩවී අවිස්සාවේල්ල පැත්තට යනවිට මා පසුපසින් පැමිණි කසුන්ගෙ යතුරුපැදියට ගොඩවී ඔවුන් පසුපස හඹායන්නට විය.

මෙිවනවිට කෙමෙන් කෙමෙන් අඳුර අවට පරිසරය තුල රජයන්නට විය. අවිස්සාවේල්ල නගරය පසුකර කිලෝමීටරයක් පමණ ගෙවා ගොස් අතුරු පාරකට හරවා ගිය ඔවුන් පසුපස මා පමණක් පයින්ම ඇවිද ගියා. පසුව එම අතුරු පාර දිගේ මීටර් තුන්සීයයක් ගෙවා
ගිය තැන මධ්‍යම ප්‍රමාණයේ නිවසක් තුලට ඔවුන් සේන්දු විය. ත්‍රීරෝද රථය
නඅවත එනු දැක මා අසල ගසක් ආවරණය කරගෙන සිටියෙමි. එය බොහෝදුරට කුලී රථයක් විය හැක.
කෙසේ නමුත් ආපසු එනවිට කසුන් මා එනතුරු අවධානයෙන් සිටියා.

*සර් දැන් මොකද කරන්නේ…?
අපි එතනට කඩා පනිනවද..? නැත්නම් පස්සේ මොනවාහරි කරනවද..?

අපි යමු අවිස්සාවේල්ල නගරයට.

*හොඳයි සර්.

ඔතනින් නවත්වන්න. හොඳයි කසුන්… අපි හිතුවට වඩා දේවල් අද දවස තුල හොයාගත්තා. දැන් අපි දන්නවා මෑන්ලා ඉන්න තැන. හැබැයි ඒක කුලියට ගත්ත එකක් වෙන්න ඕන. මෙතනින් එහාට යමක් කතා කරන්න කලින් අපි මොනවාහරි සප්පායම් වෙලා. විවෙක ගන්න පුළුවන් තැනකට ගිහින් ඉමු.

*ඔව් සර්. අපිට විවෙිකය ඕන මෙි වෙලාවෙ යමු එහෙනම්.

රාත්‍රි ආහාරයෙන් පසු ඉඳුරාම ගමන් ගත්තෙ ⁣රෙදි කඩයක් වෙතය. එහි ගොස් ඇඳුම් දෙකක් ද මිළට ගෙන ඉන්පසු ගමන් ගත්තෙ කුලී නවාතැන්පලක් වෙතය.
එහි ගොස් හෝරාවක් පමණ විවේක ගෙන නැවත අපි කතාවට අවතීර්ණ වුනා.

*සර් අපි මොකද කරන්නේ. මුන් දෙන්නට සලකලා උන් දන්න දේවල් එලියට ගන්නවද…?

කොහොමත් නැහැ. මෙි වෙලාවෙ එහෙම දෙයක් කරොත් ඒක අපිට ලොකු අවාසිදායක වෙනවා නොඅනුමානයි.
ඒ හන්දා දැන්ම ඒකට සුදුසු නැහැ. කවුද දන්නෙ මුන් දෙන්නා නිකංම නිකං කුලී ඔත්තුකරුවන් ද කියලා. එහෙම වුනොත් ලොකු දේවල් ටිකක් බාගවෙලාවට අපිට මුන් දෙන්නගෙන් ගන්න බැරිවෙනවා. ඒ හන්දා හෙට දවසේ අපි මෙි දෙන්නව ලුහුබඳින්න ඔීන. තව කොහෙද යන්නෙ. මොනවද ඒ තැන්වල තියෙන විශේෂ දේවල් කියලා. එතකොට නයෝසීන් එන්නත කාටද පාවිච්චි කරන්නේ ඒකත් අපි හොයාගන්න ඕන. දැන් අපිට පැහැදිලියි සිටි ෆුඩ්සිටි එකට ගියේ සාමාන්‍ය බඩු ගන්න නෙමෙයි විශේෂ අවශ්‍යතාවයකට කියලා.


*ඒ කියන්නේ අපි හෙට උදෙන්ම යන්න ඔීන මහාචාර්යතුමා ගෙ ගෙදර…

බැහැ කසුන්. ඒකට තවම කල් වැඩියි මොකද අඩුම තරමෙ අවසන් කටයුතු කරලා සින හතක් වත් අපිට ඉන්න වෙනවා. එතන ශෝචනීය තත්වය යටතේ අපිට බැහැනෙ සුළුවෙන් හෝ ප්‍රශ්න කිරීමකට යන්න ගෙදර උදවිය එක්ක. අපි යමු. හැබැයි වටපිටාවෙන් මොනයම්හරි ⁣හෝඩුවාවක් ගන්න පුළුවන් ද කියලා බලන්න.

*හොඳයි සර්.

එහෙනම් අපි නිදාගමු යාළුවා.

පසුදින…

උදෑසන අවදිව සියලුම පුද්ගලික පිරිසිදු කටයුතු නිමාවෙන් පසු අප දෙදෙනාම තම වෙිෂයන් වෙනස් කරගෙන නික්ම ගියේ පිලිමතලාවහි පිහිටි මහාචාර්යතුමා ගෙ නිවස වෙතටය. අද දින අවසන් කටයුතු සිදුකරන බැව් දැනගන්නට ලැබුන අතරම, විශාල පිරිස් ප්‍රමාණයක් අවසන් ගෞරව දැක්වීමට යමින් , එමින් සිටියා.

අප දෙදෙනා පැත්තකට වී කතාබස් කරන අතරතුර යමෙකු අප දෙසට පැමිණ. තරුණ කඩවම් පෙනුමකින් හෙබි ඔහු
අඩි හයක් පමණ උසැති ⁣තරමක කෙසඟ දේහයක් හිමි අයෙකි.

**මහත්තයා යමුද දවල්ට කාලා එන්න.

හ්ම්ම්… බොහොමයක් ස්තුතියි මල්ලි.
අපි ටිකක් පරක්කු වෙලා එන්නම්. මල්ලි මෙි ගමෙි මද…?

**ඔව් මහත්තයා. විනීත මහත්තයා අපිට වෙන්නෙ නෑකමට බාප්පා…

හා එහෙමද…? අනේ අපිට හරිම කණගාටුයි මෙි සිදුවීම ගැන. අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි ඔය මල්ලිට කරදරයක් නැත්නම්.

**හපොයි පුළුවන් අංජලී… පොඩ්ඩක් අමුත්තන් ගැන බලන්න….
හ්ම්ම්… ඉතින් මහත්තයාලා අපේ බාප්පගෙ කවුද… ගෝලයෝද..? හිතවත් අයද..?

ඔව් අපි හිතවත් අය. ඇත්තටම කියනවා නම් අපි දෙන්නම පරිසරවේදීන්…

**ෂාහ්හ්හ්හ් නියමයි නෙ ⁣ඉතින්. පරිසරයට. ගහකොල , සතා සිව්පාවුන්ට ආදරය කරන අය නේද නියමයි.

ඔව් ඉතින් මෙි හැමදේම නැත්නම් අපිටත් පැවැත්ම කියන එක හීනයක් නෙ..

**ඒක ඇත්ත තමයි ඉතින් … අපේ බාප්පත් සත්තුත්ට හරිම ලෙංගතුයි. අපේ මහගෙදර ඒ කියන්නේ බාප්පගෙ මුල්ගෙදර ඉන්නවා ලොකු වඳුරෙක්. අපි ඌට `` කිරියා ´´ කියලා තමයි කතා කරන්නෙ. හරිම හුරතල් සතෙක්. අබේ දරුවෙක් වගේ ඌ. ඉතින් බාප්පා මාසෙකට සැරයක් එන්නතක් එහෙම ඌට විදිනවා

එන්නතක්….?

**ඔව් මහත්තයා එන්නතක්. දන්නෙ නැද්ද එක එක ලෙස හැදෙනවනෙ සත්තුන්ට.

නියමයි. එහෙම තමයි ඉන්න ඕන. අපි සත්තු හදනවා නම් කලට වෙලාවට උන්ට අපෙන් වෙන්න ඕන සේරම විය යුතුයි කියන තැන තමයි මමත් ඉන්නෙ. අපිට පුළුවන් ද අද යන්න කලින් කිරියා බලන්න. මොකද පරිසර වේදීන් විදිහට
අපිට ඒකත් හොඳ අද්දැකීමක් වෙනවා.

**හපොයි පුළුවන් මහත්තයා දැන් වුනත් පුළුවන්…

දැන්….?

**ඔව් මෙතන ඉඳලා වැඩිය දුරක් නැහැ මහගෙදරට…

ෂාහ්හ්හ්හ් නියමයි නෙ. ( කසුන් ගෙ මුහුණ දෙස බලමින් ) නේද පවන් මහත්තයා…

*ඒක තමයි සර්…

**එතකොට මෙි මහත්තයගෙ නම මොකක්ද.

මම ආචාර්ය පැට්‍රික් පෙරේරා..

**ආචාර්ය කෙනෙක් නේද ? පුදුමයක් නැහැ. බාප්පා ඉතින් ආශ්‍රය කරන්නේ හුඟක් එයාගෙ ලෙවල් එකේ අයනේ.
එතකොට ඔය මහත්තයත් අර චීනෙට රිලව් පටවන ව්‍යාපෘතියේ ඉන්නවද…?
මොකද බාප්පා දවසක් මට ඇහුනා කෝල් එකකදි කතාවෙනවා.

ආ… මම කලින් හිටියා පස්සේ අයින් වුනා.
මොකද ඒක මට ගැලපෙන දෙයක් නෙමෙි. මට මතක හැටියට විනීත සර් ඒකෙ දිගටම හිටියා වගේ..

**ඔව් ඔව් හිටියා….

හ්ම්ම් ඒකනෙ.. එතකොට ඔය මල්ලිගෙ නම මොකක්ද …?

**මම මිහිදු… මෙහෙ ප්‍රාථමික ඉස්කෝලෙ විදුහල්පති.

ෂාහ්හ්හ්හ් නියමයි නෙ. එහෙනම් අපි යමුද….?

*යමු යමු…

වෙල් ඉපනැල්ල පසුකරමින් කුඩා කඳුගැට පසුකරමින් මද කෙටි මාර්ගයන් ඔස්සේ අප පැමිණියේ මහාචාර්යවරයාගෙ මහගෙදර වෙතටය. එහි කිසිවෙක් නොසිටීම ඉතා පැසසුමට කරුණකි.

``කිරී කිරී කෝ අපේ වඳුරු පැංචා ´´
කියමින් ගේ පිටුපසට යන අතරතුරදී මා ද කසුන් සමග වටපිටාව දෙස මනාලෙස බලමින් ඔහු පසුපසින් යන්නට විය.
ඉතා පැරණි වූත් , අංග සම්පූර්ණ වුත් මෙම නිවස වාස්තු විද්‍යාවට මුල්තැන දෙමින් ඉදිකරන ලද එකක් බැව් බැලූ බැල්සට පෙනෙයි.

**මහත්තයා මෙි ඉන්නෙ අපේ කිරියා…

තරමක විශාල කූඩුවක සිටි වඳුරෙකු අපිට පෙන්වීය.

ෂාහ්හ්හ්හ් නියමයි නියමයි…. ඇයි මෙි කූඩුවක දාලා මෙයාව. නිදහසේ තියන්න බැරිද…?

**දැන් මාස හයක ඉඳලා තමයි මෙයාව කූඩු කරන්නේ ….

ඒ මොකද…..?

**බාප්පා නම් කිව්වෙ මෙ නාඹර වයස හන්දා කුලප්පුව වැඩි හන්දා ඒ කාලය ඉවරවෙනකම් ඔහොම කූඩු කරලා තියන්න කියලා.

හ්ම්ම්… ඒක ඇත්ත තමයි. මෙි වයස ටිකක් අන්තරාදායකයි වටපිටාවෙ අයට.
කියමින් වඳුරා ලඟටම ගොස් හොඳින් විපරම් කරා. සාමාන්‍ය වඳුරෙකුට වඩා අසාමාන්‍ය විදිහට හැසිරෙන බවක් මට දැනුනා.

එතකොට මිහිදු මල්ලි කෝ මෙයාට විදින
එන්නත එහෙම… මොකද මට ⁣සත්තුන්ට පාවිච්චි කරන බෙහෙත් ගැන දැනුමක් තියනවා. මොකද දැන් බාප්පා නැති හන්දා ඒ එන්නත විටෙන් විට මෙයාට දෙන්න වෙන්නෙ ඔයාලටනෙ. ඒ හන්දා ඒ ගැන දැනගෙන ඉන්න එපැයි.

**ඒකනම් ඇත්ත තමයි. මටත් දැනුයි ඒක කල්පනාවට ආවෙ. ඒ කුප්පි නම් බාප්පා කසල ගොඩට දානවා. ඉන්න බලන්න… කෝටු කෑල්ලක් රැගෙන අසල ඇති ගස්වලින් වැටුන කොල ගොඩගසා ඇති කසල වලකට දමා එහාට මෙහාට කර. පොඩි කුප්පියක් අතට ගෙන මාහට පෙන්වීය.

**ආ… මෙ තියෙන්නෙ මහත්තයා …

`` නයෝසීන් ´´ යනුවෙන් එහිඇති ලේබලයේ නිල්පාට අකුරෙන් සඳහන්ව තිබුනි. ආ…. මෙි නයෝසීන් එකක් නෙ.
මෙික බූස්ටර් එකක්. මෙික එන්නතක් කරපුවාම මෙයාට සිදුවන බාහිර ආසාධන අඩු වෙනවා. මෙික හොඳයි. නේද පවන් මහත්තයා.

*ඔව් නෙ සර්…

හ්ම්ම්… ඒකනෙ ඉතින්. හොඳයි හොඳයි අපි යමු නේද එහෙනම් විදුහල්පති මහත්තයා.

**යමු යමු මහත්තයා.

නැවතත් ආපු කෙටි මාර්ගය ඔස්සේ මහාචාර්යවරයගේ නිවසට අපි පැමිණියා.
මද වෙලාවක් රැඳී සිටින විට අපට හුරු පුරුදු දෙදෙනෙක් මෙම ඉසව්වට එන ලදි. ඒ වෙන කවුරුවත් නොව පෙරදිනයේ අපි විසින් ලුහුබඳින ලද චරපුරුෂයන් දෙදෙනාය.


*සර්… දැක්කද බඩු ඇවිත් ඉන්නවා..

ඔව් කසුන්. ඇහැගහගෙන ඉන්න මුන් මෙිකෙ අවසාන ජවනිකාව දක්වාම ඉන්න පාටයි.

*මට පේන්නේ මුන් දෙන්නා යමක් හොයන හැඩයි…

ඔව්. මටත් ඒ ගැන කල්පනාවට ආවා. අපි බලමු නේද…? කොහොමත් මුන්ට අපිව අඳුරගන්න අමාරුයි.

*නෑ නෑ සර්. මුන්ට එහෙම අපිගැන නිච්චියක් නැහැ. මට ඒක සීයයට සීයයක් විශ්වාසයි.

ඔව්… අපි බලමු. කොහොම වුනත් මුන් දෙන්නා ඕනෑවට වඩා වැඩියි. අපි බලාගමුකො. අපි දැන් යමු මෙතනින්.
අවසන් ගෞරව දක්වා අප දිවා කාලයේදීම නික්ම ගියෙමු. අතර මගදි
යතුරුපැදිය නවතා කෙටි පිලිසඳරක නිරත වන්නට අමතක ⁣කලේද නැත.

රයිට්… දැන් පොටක් පෑදිලා තියෙන්නෙ කසුන්. දැන් අපි හොයන්න ඔීන ඔය එන්නත ඇයි මෙි සතාට පාවිච්චි කරන්නේ කියලා. මොකද මහාචාර්ය විනීත මහත්තයා බොහොම සීරුමාරුවට
මෙික කරගෙන ගිහින් තියනවා. පවුලේ අයට වසං කරන්න උත්සාහ කරත්. සමහර තැන්වලදී විතරක් ඒක එලියට කාන්දු වෙලා තියනවා. නමුත් එතනදී සැකකටයුතු දෙයක් නිර්මාණය නොවෙන්නත් වගබලාගෙන තියනවා.
ඒකට පාදක වෙච්ච එක හේතුවක් තමයි ඉතාම දුර බැහැරින් මෙි එන්නත ගේන එක. සතිඅන්තවල මෙි අරගෙන ගෙදර එනවා වෙන්න ඔීන බාගවෙලාවට.


*එතකොට චීනයට වඳුරො පටවන ව්‍යාපෘතිය මොකක්ද …?

ඒක වෙනම කතන්දරයක් කසුන්. මම ඒගැන දැනගෙන හිටියා කලින්ම. ඔය චීනයට වඳුරන් මෙහෙ ඉඳලා අපනයනය කරන්නේ විවිධ ජීව විද්‍යාත්මක පර්යේෂණ වලට. මොකද මිනිස් සිරුරෙයි, වඳුරු සිරුරෙයි සීයයට හැත්තෑ පහක් විතර සමානකම් තියෙනවා.

*පසුකාලීනව මස් සඳහා අපනයනය කරා කියලත් ආරංචියක් ආවා නේද..?

ඔව් ඒකෙ සත්‍යතාවයක් නැතුවාම නෙමෙි. කොහොම නමුත් මෙතන වෙලා තියෙන සිදුවීම මට අනුමාන වශයෙන් කියන්න පුළුවන්. නමුත් අපි හඹායාම මීට වඩා තර කරන්න වෙනවා. දැක්කද කසුන්. ඒ වඳුරා හුඟක් විකෘති වෙලා හිටියා ඒ වගේම හරිම අසාමාන්‍යයි.

*සර් මොකක්ද අනුමාන කරන්නේ ..?

මෙතන මෙි වඳුරව යොදාගෙන යම්කිසි පර්යේෂණයක් කරනවා කියලා තමයි මට හිතුනෙ. මොකද මෑන් කියන විදිහට ටික කාලයක් වෙනවා නම් මෙි සතාව කූඩු කරලා, එච්චර පරණ වුනේ කොහොමද.
ඒ කුඩුවෙ හැටියට මම තක්සේරු කරන කාලය නම් අවම වශයෙන් අවුරුද්දක් වත් ⁣විය යුතුයි. අනික ඒ සතා ගැහැණු සතෙක්. එතකොට ඔය කියන නාඹර වියේ කුලප්පුව තියෙන්න විදිහක් නැහැ.
අනික කිසිම කලබලකාරි ගතියක් මම දැක්කෙ නැහැ උගෙන්. අන්න එතනදි තමයි අපේ නිගමන වලට හැරවුම් ලක්ෂය නිර්මාණය වෙන්නෙ. දැන් ඔයාට පැහැදිලි ඇති මගෙ නිගමනය.

*ඔව් සර්… ඒක ඇත්ත. නියම පොයින්ට් එකක්.

එතකොට අපි බලන්න ඕන මොකක්ද මෙි අත්හදාබැලීම කියලා. ඒක හානිදායකද නැත්නම් හානිදායක දෙයකින් බෙිරෙන්න කරන අත්හදාබැලීමක්ද කියලා. හරි… අපි දැන් යමුකො. මම කිකියන්නම් ඊලඟට කරන්න ඕන දේ… අපි යමු කසුන්.

*හරි සර්…


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now