⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 29 වන දිගහැරුම ⸎
> කුමන්ත්‍රණය <
~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔව් මමත් ඔය ගැන්සියේම තමයි. මට ඕන සල්ලි මිසක් ඔය ගැන්සියේ පොරක් වෙන්න නෙමෙයි. මොකද ඔව්වගෙ හිටියා කියලා ලොකුවට ලැබෙන දෙයක් නැහැ නෙ. සල්ලි තමයි ලොක්කා හැමදේම. නිකං කාලෙ කන්න එපා. මම නැවත හවස කතා කකරන්නම් එතකොට මට පැහැදිලි උත්තරයක් ඕන. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

මෙතැන්සිට ….

**හරි නේද ගින්න පත්තු කරා නේද ගාණට.

ඔව් අපි බලමු නේද හවස මොකද වෙන්නෙ කියලා.

*මෑන් හිතනවා ඇති කෝටි ගණනක ජැක්පොට් එකක් ඇදෙනවා කියලා.

ඔව්…

**ඇත්තටම සර්. ඔයාගෙ ලේ වලින් ⁣වැඩක් ගන්න පුළුවන් නෙ.

ඔව් හොඳ අදහසක්. නමුත් මගෙ ලේවල මොකක් නමුත් තියෙන සංඝටකය ප්‍රතිවෛරස් එකක් නෙමෙි. එහෙම වුනානනම් මෙි වෛරස් එක කාදමන්න එපැයි. නමුත් එහෙම දෙයක් අපි දෙන්නයි, වෛද්‍ය දුනිත් දැක්කෙ නැහැ.

**එහෙනම් මොකක්ද වෙන්නෙ.

මගෙ සෛල මෙි වෛරස් එකේ ඉන්න සතා කාදමන්නෙ නැහැ.

*ඒ කියන්නේ නිකං ගණන් ගන්නෙ නැහැ වගේ දෙයක්.

හරියටම හරි. එහෙම දෙයක් තමයි. ඉතින් මගෙ ලේවල තියෙන හඳුනා නොගත් සංඝටකය අඳුරගන්න පුළුවන් නම් යමිකිසි කෙනෙකුට ප්‍රතිවෛරස් එකක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අසාදිතයින්ට සහනයක් දෙන්න නම් බැරිවෙයි. නොහොම නමුත් මහාචාර්යතුමා කරපු වැඩෙිට වටිනාකමක් දෙන්න ඕන වගේම , මෙි වගේ අපි දන්නෙ නැති තවත් දක්ෂයෝ අකාලයේ මරපු එකටත් , ඒ මරණ වලටත් පොදුවෙි කෝඩියල් එකක් දෙන්නම ඕන ඔය සෙට්එකටම.

*ඇත්තම කියනවා නම් අපේ රටට වටිනාම ජීවිත ටික අකාලයේ මරලා දාන එවුන් නම් නැත්තටම නැති කරලා දාන්නම ඕන තමයි.

**ඔව් සර්. මෙි වෙද්දින් අපි කීදෙනෙක් ඉවර කලාද. ඉතින් මම කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව හිටියේ ඇත්තටම ඒ ජීවිත වැනසුවා කියලා අපි කරලා තියෙන්නෙ සමාජ ශෝධනයක් නෙ.

ඔව් මහත්වරුනි. මට මතකයි මම පුහුණුවෙන් පස්සේ මාව ප්‍රායෝගික පුහුණුවකට දැම්මා පාබල ඒකකයකට.
දවස් තුනයි හිටියේ. හතරවන දවසේ අපට උදේ පාන්දරම ත්‍රස්තවාදීන් කල්ලියක් ගැහැව්වා. ගහගෙන ගහගෙන ඉස්සරහ ගට යනකොට මගෙ අවියෙ මැගසින් සේරම ඉවරවුනා. නැවත පුරවන්න කාලයක් තිබ්බෙ නැහැ. එතකොටම එකෙක් මගෙ මුහුණට මුහුණ මුණගැසුනා. ඌ ලඟ තිබුන ටී56 යෙන් මට ෂොට් එකක් තිබ්බා. උගෙ කරුමෙයි , මගෙ කරුමෙයි සමානවුනා.

*ඒ කිව්වෙ.

උගෙත් උණ්ඩ ඉවරවෙලා. හැබැයි. එක මැගසින් එකක් මෑන්ලඟ තිබ්බා. කට කොණකින් හිනාවෙලා පුරවපු මැගසින් එක අවියට කවන්න මෑන් හිස් මැගසින් එක අවියෙන් ගලවනකොටම මට තත්පර කීපයක විරාමයක් විතරයි ලැබුනෙ. මගෙ ජීවිතය ගැන තීරණය කරන්න. මම පුළුවන් තරම් ඌ වෙතට කඩා පනින්න දිව්වා. නමුත් මට ක්ෂනිකව තේරුනා මට කාලය මදි කියලා. ඉතින් මම දුවන ගමන් බිමට නැමිලා මගෙ කකුලෙ රඳවලා තිබ්බ කිණිස්ස ගත්ත ගමන් දමලා ගැහැව්වා උගෙ පපුවට. මගෙ වාසනාවට මෑන්ගෙ හර්ද වස්තුවම වැදුනා. මෑන්ට වෙපන් එක රෙඩි කරන්න අමතක වුනා වෙිදනාවත් එක්කම. මම වෙිගය අඩු නොකර පැනපු ගමන් පිහියට පයින් ගැහැව්වට පස්සේ තමයි මෑන් බිමට ඇදවැටුනෙ. ඊට පස්සේ මෑන්ගෙ වෙපන්එක මම උදුරලා ගත්තා අතරට. අරගෙන රෙඩි කරාට මොකද මට වෙඩි තියන්න හිත දුන්නෙම නැහැ. මැරෙන්න පණ අදින ඌ දිහා බලාගෙනම හිටියා මිසක වෙන දෙයක් මම කරෙ නැහැ. ඒ එක්කම මට පිටුපසින් හිටපු සැරයන් කිව්වා `` තියපං ඕකට අහවල් එකෝ ´´ කියලා. ඊට පස්සේ තමයි මම ඔලුවට ෂොට් දෙකක් තිබ්බෙ.

*ඊට පස්සේ ….?

ඊට පස්සේ දවස් තුනක් ගතවුනත් මට මගෙ කණස්සල්ල අඩුකරන්න බැරිවුනා.
මම දිහා දවස් තුනම සැරයන් ඇහැගහගෙන ඉඳලා තියෙන්නෙ. ඊට පස්සේ මම ලඟට ඇවිත් මම වාඩිවෙලා හිටපු තල් කොටය උඩ ඉඳගත්තා.

**සැරයන්…

ඔව් සැරයන්. ඉඳගෙන මට මෙහෙම කිව්වා. ``පොඩි එකෝ. මම දදන්නවා උඹ පට්ට අවුලෙන් ඉන්නෙ කියලා. මම ජීවතුන් අතර හිටියොත්. දෙන්නගෙන් කවුරු ඉස්සරවෙලා යන්න වෙයිද දන්නෙ නැහැ වලපල්ලට. හැබැයි ඊට කලින් මම මෙික කියන්නම ඕන. උඹ ඌව මැරුවෙ නැත්නම් ඌ උඹව අනිවාර්යයෙන්ම මරනවා. මෙි යුද්ධයෙදී දිනන්නෙ ඉස්සර වෙච්ච එකා වගේම මොළය පාවිච්චි කරන එකා විතරයි. ඒ හන්දා තමන්ගේ ජීවිතය බෙිරගන්න නම් , අපි අනෙකාගෙ ජීවිතය නසන්නම වෙනවා. අනික මුන් හාවො නෙමෙයි නෙ බෙිරන්න. මුන් තනිකරම මිනී මරුවන්. ඉතින් තමන්ගෙ රට , ජාතිය බෙිරගන්න ඕන නම් , මුන්ව මරන්නම වෙනවා. මෙිකත් හරියට ආප්ප දානවා වගේ වැඩක්. පලවෙනි ආප්පය කොහොමත් අවුල්. පෙරේදා උඹ දැම්මෙත් පලමු ආප්පය තමයි. දැන් ඒක ඉවරයි. හැබැයි මීට පස්සේ දාන හැම ආප්පයක්ම හොඳ ආප්ප වෙන්න ඕන බව මතක තියාගනින් ´´ කියලා නැගිටලා ගියා.

**සර් පාබල රෙජිමෙින්තුවක රාජකාරි කරා එතකොට ..

ඔව්... අපිට පාබල හමුදා සේනාංකයක අවුරුද්දක් රාජකාරි කරන එක අනිවාර්යයි. දැන් තමයි ඒක නැත්තෙ හ්ම්ම්… ( දිග සුසුමක් හෙලමින් ) ඒ මරපු මැරිල්ල තමයි මෙි තවමත් මරන්නෙ. රටෙි ජනතාව හොරු , තක්කඩි , මිනීමරුවන් පාර්ලිමේන්තුවට පත්කරලා යනවනවා. තමන්ගෙ කතිරෙ අවභාවිතා කරලා. ඊට පස්සේ උන්ගෙන් නැවත මහජනයා බෙිරගන්න අපි කෙලවරක් නැතුව මිනිස්සු මරනවා.

*ඔව් නේද සර්.. නරක වුනත් උනුත් මිනිස්සු නෙ.

ඔව් කසුන්. මෙික නවත්වන්නත් පුළුවන් රටෙි මහජනයාටම තමයි. තමන්ගෙ කතිරෙ හරි එකෙකුට පාවිච්චි කරානම්.
මෙච්චර දුෂ්කරතා වලට මුහුණපාන්න වෙන්නෙ නැහැ.

**එතකොට වැරැද්ද මහජනයා…?

ඔව් නියෝජිත ජනිත්. මොකද මහජනයා නෙ තමන්ගෙ කතිරය අවභාවිතා කරේ.ඒ වැරැද්ද නෙමෙිද මෙි නූපන් දරුවොත් බඩෙ ඉඳගෙනත් ගෙවන්නේ. බඩෙන් එලියට එනකොට ලක්ෂ ගාණක පුද්ගලික ණයකාරයෙක්.

*ඒ වුනාට තවමත් හැදිලා නැති කොටසක් ඉන්නවා.

**කසුන් සර්. තවමත් හිතාගෙන ඉන්නෙ පරණ මෙි නාකි බලලෝභි රැල රට සිංගප්පූරුවක් වගේ කරයි කියලා නාකි හැරමිටි සෙට්එක.

ඒක එහෙම තමයි. හොඳයි දැන් හවස පහයි. ගමු බලන්න කෝල් එකක්. කණිෂ්ඨ විදුහල්පති වන මිහිදු ජයසිංහටය.

හෙලෝ මිහිදු මහත්තයා ( පෙර පරිදි ගොරෝසු හඬින් ) මොකද කොකා ලෑස්තිද…?

මිහිදු - හරි.. මම තමුසෙට දෙන්නම්.
මම කොහොමද ඒක ප්‍රතිවෛරස් එකක් කියලා විශ්වාස කරන්නේ …?

හහ් හහ් හා දොරේ.. ඒක මගෙ ප්‍රශ්නයක් නම් නෙමෙි. ඒක දොරේගෙ ප්‍රශ්නයක්. දොරෙට පුළුවන් ඒ වෙලේම චෙක් කරලා බලන්න. වැඩෙි සනාථයි නම් සල්ලි දීලා බඩු අරගෙන පුළුවන්. හැබැයි සෙල්ලම් දාන්න බෑ. මොකද එහෙම වුනොත් ලොකු මම 119 හදිසි පොලිස් සේවය අමතලා කියනවා. මොකද එහෙම වුනොත් කේස් එක එලියට ලීක් වෙනවා.

මිහිදු - තමුසෙ සෙල්ලම් දාන්නෙ නැත්නම් ඉතින් අපෙනුත් සෙල්ලම් පෙන්නන්ඩ බලාපොරොත්තුවක් නෑ.

හ්ම්ම්… එහෙනම් අපි අවංකව ඩීල්එක ගොඩදාමු දොරෙ. මම තැනයි වෙලාවයි හරියටම කියන්නම්. හෙට උදේ වරුවෙ ඩීල්එක වෙනවා එච්චරයි. ඇමතුම් කාලය විනාඩි දෙකකට ආසන්න බැවින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

**සර් මෑන්ට සල්ලි තියෙයිද..? මෑන් කරන්නේ බොරුවක් වෙන්න බැරිද..?

නෑ. මට තක්කෙටම කියන්න පුළුවන් මෑන් සල්ලි අරගෙන එනවා කියලා. මොකද ඊට පස්සේ මහේෂ් ජීවානන්දට ඒ වගෙ දස ගුණයකට මෙික විකුණලා දාන්න පුළුවන්. ඒ හන්දා දැන් මම එතනට එන පිරිස වැඩිකරන්න ඕන.

*පිරිස වැඩිකරන්න ඕන.. මො මොකක්ද සර් කරන්න හදන්නේ …?

මොකුත් වි⁣ශේෂ දෙයක් නැහැ. කඩිගුලට ගල් ගහන එක..

**හෑහ් ගිය මිෂන්එකේ කලා වගේ.

ඔව් මහත්වරුනි . ``අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ´´

*ඒ කියන්නේ කෙටවීමක් කරන්නද යන්නෙ..?

ඔව්. ඒකෙ වාසිය අපිට ගන්න පුළුවන් විදිහට.

**සර් දැන්වත් කියන්න අපිට මොකක්ද සර්ගෙ ඔලුවෙ දුවන ප්ලෑන්එක කියලා.

ඔව් මහත්වරුනි.. මට විනාඩියක් දෙන්න කියමින් මෙිස ලාච්චුවෙ තිබු වෙනත් දුරකථනයක් ගෙන මහේෂ් ජීවානන්දගෙ
දුරකථනය අංකයට ඇමතුමක් ගත්තෙමි.

මහේෂ් - ⁣ආයුබෝවන්.. කවුද මෙි.

ආයුබෝවන් කියලා මම ප්‍රාර්ථනා කරන්නම් දොරේ. හැබැයි ඒක එහෙම වෙයිද දන්නෙ නැහැ.

මහේෂ් - කවුද තමුසෙ මොකක්ද වෙන්න ඕන.

මම ගත්තෙ වැදගත් තොරතුරක් දෙන්න.
කවුද කියනඑක අදාල නෑ දොරේ. දැන් පැය තුනකට කලින් කොකෙක් ඉල්ලුවා නේද පිලිමතලාවෙ ඉන්න විදුහල්පති හාදයා.

මහේෂ් - මම දන්න විදුහල්පති කෙනෙක් නෑ ඕයි..

ඇමතුම විසන්ධි කෙරුවෙමි. නැවත වතාවක් ඇමතුමක් ගත්තෙමි.

මෙි…. දොරේ.. නිකං බොරු මරිසි දාන්න එපා. ඩිරෙක් කතා කරමු. උඹලත් මනුස්සයෝ , අපිත් මනුස්සයෝ. ඇත්ත කියනවා.

මහේෂ් - තමුසෙ දන්නවද මම කවුද කියලා..? මට මොනවද කරන්න බැරි මෙි රටෙි.

මෙි දොරේ. මිනිස්සු කවුද කියලා දන්නෙ නැතුව මෙි බාරොන් පෙරේරා මිනිස්සු අමතන්නෙ නෑ දොරේ. ම⁣ට ඇත්ත කිව්වොත් ඔය දොරේට නිධානයක් ලැබෙයි. නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ.

මහේෂ් - නම බාරොන් නේද. හරි.. එහෙම වුනා. මගෙන් කොකෙක් ඉල්ලුවා. මම ඒක යැව්වා කොල්ලෙක් අතේ. ඉතින් තමුසෙට පාන්ද..?

ආන්න දොරේ. දැන් තමයි පොයින්ට් එකට ආවෙ. ⁣මට පාන්ද , බත්ද කියනඑක අදාල නෑ දොරේ. මට දැනගන්න පුළුවන්ද මෑන් මොකටද ඒ සල්ලි ඉල්ලුවෙ කියලා.

මහේෂ් - මම ඒක ඇයි තමුසෙට කියන්නේ…?

මට ඒකට හරි උත්තරය ලැබුනොත් ඔය දොරේට නිධානයක් ලැබෙයි. නැත්නම් ඉතින් ඒ නිධානය චීනට තමයි. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

මිනිත්තුවකට පසු නැවතත් ඇමතුමක් ගත්තෙමි.

මහේෂ් - හරි.. මට කෝටියක් කියන්නේ ලොකු මුදලක් නෙමෙි අයිසේ. මට ඒක දැනගන්න ඕන වුනේ නෑ. මොකක්ද මෙි චීනගෙ කතාව…?

හහ් හහ් හා… නිකං බබා වෙන්න එපා මහේෂ් දොරේ. මට වඩා ඔහේ හොඳට දන්නවා ඇතිනෙ කවුද ඒ චීනා කියලා.
හරි.. මම දැන් කියන්නම් නිධානය මොකක්ද කියලා. මහාචාර්ය මහත්තයා
කවුද … ආහ්.. විනීත දොරේ ප්‍රතිවෛරස් එකක් නිර්මාණය කරලා තියනවා. ඒක ඔහෙලගෙ ප්‍රතිවාදීන් අතට ගිහින් තියෙන්නෙ. ඒ කියන්නේ මෙි දවස්වල ඔහෙලගෙ කස්ටියට හඳ පෙන්වපු ඈයොන්ගෙ අතට. ඉතින් විදුහල්පති කියන ඔය හාදයා ඒ ප්‍රතිවෛරස් එක උන්ගෙන් අරගන්න තමයි ඔය කෝටිය ගත්තෙ. අරගෙන කරන්නේ ඔහෙව දැනුවත් නොකර ,ඔහේට හොරෙන් චීනත් එක්ක ඩීල් දාලා ඒ ප්‍රතිවෛරස් එක විකුණලා දාන එක චීනට. නැවත ඇමතුම විසන්ධි කෙරුවෙමි.

**සර් තමයි දවසකටවත් මිනිහා. ( දෙදෙනාම සිනාසෙමින් )

මා කට කොනෙන් සිනාසී නැවතත් ඇමතුමක් ගත්තෙමි.

මහේෂ් - මොනවා….? තමුසෙ ඔය ඇත්තමද කියන්නේ. තමුසෙ කොහොමද මෙි දේවල් දන්නෙ.

එව්වා වැඩක් නැහැ. මම කියන්නේ ඇත්තද බොරුද කියලා හොයාගත්තොත් තමයි ඔහේගේ ආයුබෝ වෙන්නෙ. දැන් ඔය දොරේ අර දොරේගෙන් අහලා බලන්ඩ. මෑන් ඇත්ත කිව්වොත් මෑන් ගොඩ. නැත්නම් ඉතින් එගොඩ තමයි.

මහේෂ් - මට විනාඩි පහක් දෙනවා. මම ඒකෙ ඇත්ත , නැත්ත බලන්නම්. හැබැයි රජෝ මෑන් මට ඇත්ත කිව්වොත් , තමුසෙ මොන දීපංකරයක හිටියත් මම හොයාගන්නවා හරිද…?

නිකං හීන බලන්න එපා දොරේ. කියමින් ඇමතුම නැවතත් විසන්ධි කෙරුවෙමි.

*හහ් හහ් හා.. ( අත්පුඩි ගසමින් )
ඒකනම් පට්ට සැළසුමක් සර්.

**දැන් අපි බලමු නේද අරූගෙ අවංකභාවය.

ඔව් මිත්‍රවරුනි. මගෙ ආදරණීය පියාණන්ගේ නාමයෙන් කියා සිටින්නෙ. ඒ හාදයා ඇත්ත කියන්නේ නැහැ කියලා.එහෙම කිව්වොත් මම ඒ හාදයා නමින් උදාකල ගම්මානයක් හදලා දෙනවා.

*හරි ෂෝයි. ඕකෙ කුදසායි.. සර් මොඩයෙක් ගෙ කතා වලාශයත් කොපිකරා.

මම අනුමාන කරා. මෑන්ට මෙි වෙලාවෙ කෝටියක් හොයාගන්න අමාරුයි කියලා හදිසියේම. ඒ හන්දා එකම පිහිට මහේෂ් ජීවානන්දගෙන් සල්ලි ඉල්ලන්න එක.
ඉතින් මම අඳුරේම විදපු හීය. හරියටම හාවට වැදුනා මහත්වරුනි. දැන් බලමු අපි මොකද⁣ වෙන්නෙ කියලා. ප්‍රතිඵල අනුව තමයි මට කියන්න පුළුවන් අපේ සැළසුම මොකක්ද කියලා. එකම සිම් එකෙන් , එකම හඬින් කතා කරානම් දෙන්නනටම , මම ⁣දෙපැත්ත කොටවන කේලාම් කාරයෙක් වෙනවා. ඒ හන්දා තමයි හැමදේම තත් අයුරින් වෙනස් කරේ.

මිනිත්තු පහකට පසු නැවත මහේෂ් ජීවානන්ද වෙත ඇමතුමක් ගත්තෙමි.

මොකද දොරේ ස්ටෝරිය…

මහේෂ් - ඔව්. මොකා වුනත් තමුසෙ කිව්වෙ ඇත්ත. ඌ මට කාරණාව හැංගුවා. මගෙන් තමුසෙට මොනවද වෙන්න ඕන.

මට ඒ ප්‍රතිවෛරස් එක කියන නිධානය තියෙන තැන කියන්න පුළුවන්. මට කොකෙක් ඕන.

මහේෂ් - දෙන්නම්. අනිවාර්යයෙන්ම දෙනවා. මෙි ඔත්තුවට අනිවාර්යයෙන්ම තමුසෙට තෑග්ගක් දෙන්න වටිනවා.මට කියනවා තැන වෙලාව.

ඒක හෙට උදේ කියන්නම්. කොහොමත් හෙද උදේ වරුවෙ තමයි ඩීල්එක වෙන්නෙ.

මහේෂ් - තමුසෙ කොහොමද මෙි සේරම දන්නෙ..?

මෙි දොරේ… පූසා ඉටියෙන් හැදුවත් එකයි , මැටියෙන් හැදුවත් එකයි. මීයො අල්ලනවා නම් එච්චරයි. ආයේ හෙට උදෙන්ම මම කතා කරන්නම්. ඔබතුමා රෙඩි පිට ඉන්න එච්චරයි. ඇමතුම විසන්ධි කර තිදෙනාම හයියෙන් සිනාසෙන්නට විය.

එහෙනම් මම මහත්වරුනි හොඳට අහගන්න මෙිකයි මගෙ සැළසුම. අපි හෙට උදෙන්ම යන්න ඕන හුන්නස්ගිරිය කන්ද ලඟට. ගිහින් බයික් දෙක හංගලා උන් දෙගොල්ලොන්ටම තැනයි වෙලාවයි කියනවා. එහෙම කියලා සියල්ලම ඈත ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඉදලා උන් උන්ගෙ වැඩ සේරම කරගත්තට පස්සේ ඔය⁣ දෙන්නා සල්ලි ගන්න යන්න. එතනට එකවර කඩාවදින්න එපා. අහල පහල හැංගිලා ඉන්න එවුන් ටිකට සුදුකොඩි පෙන්වලා ඉන්න වෙනවා.

*එතකොට සර් ආයුධ ගෙනියනවද..?

නෑ.. අපි මහනුවර නියෝජිත බී 280 ගෙන් ගමු. දැන් ම මැසේජ් එක දෙන්න සුපුන්. අපි⁣ මෙහෙන් ගෙනියන්නෙ ලේ කුප්පි දෙකයි දුරදක්න තුනයි. සිග්නල් ස්කෑනරය විතරයි. මොකද දුරදක්නයක් ගෙනිච්චා කියලා කිසිම කෙනෙකුට සැක හිතන්නේ නැහැ. නුවර සංචාරය කරන ඕනම කෙනෙකුට දුරදක්නයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්.

**හරි සර්… දැන්ම දෙන්නම්.

ඊට පස්සේ උන් ටිකට ගහලා ඔය දෙන්නා සල්ලි බෑග් එක ලඟට ගිහින් සිග්නල් ස්කෑනරය අරගෙන චෙක් කරලා බලන්න.
ඇතුලෙ පුපුරණ ද්‍රව්‍ය තියනවද කියලා. වැඩෙි තහවුරු කරගත්තට පස්සේ සල්ලි බෑග්එක අරගෙන එන්න. එතකොට අපි තැන දෙන්නෙ දෙගොල්ලන්ටම එකම තැන. හැබැයි විනාඩි පහක් පරක්කු කරලා තමයි මහේෂ් ගෙ කණ්ඩායමට කියන්නේ එතනට එන්න කියලා.

*එතකොට ලේ කුප්පි දෙක එතන තියනවද අපි..

කොහොමත් ම නැහැ මහත්වරුනි. ලේ කුප්පි දෙක ඇත්තටම මම ගෙනියන්නේ නැහැ. මොකද මම ඒක දැන් ගත්ත තීරණයක් . මොකද පසුකාලීනව පොලීසියට මගෙ ලේ සාම්පල් එක පැහැදිලි සාක්ෂියක් වෙනවා. බැරි වෙලාවත් ඔය කුප්පි දෙක මුළුනමින්ම විනාශ නොවී ලේ සාම්පල් ගහක හරි රැඳුනොත් , ඒ හන්දා පොඩි ලේ සාම්පල් එකක් විතරයි එතන තියෙන්නෙ. උන්ට සනාථ කරගන්න විතරක් ප්‍රමාණවත් වන පරිදි. ඊට පස්සේ ඔතනට දෙගොල්ලොම මුහුණට මුහුණ හමුවෙනවා. එතනදී වෙඩි තබාගැනීමක් වෙන්න ඕන. එහෙම නොවුනහොත්, අපි එතන පුපුරවාහරින්න ඕන. ඊට පස්සේ අපි එතනින් වෙිගයෙන් යනවා නුවර බලා. ගිහින් නියෝජිත බී 280ට නැවත ආයුධ තුන දීලා අපි කෙලින්ම යන්නෙ තෙල්දෙණියට. ගිහින් මගෙ විශ්වාසවන්ත යාළුවෙක් ඉන්නවා එතන සංජය විමලරත්න කියලා. මෑන්ට සල්ලි ටික දිලා අපි ඉක්මනින්ම එතනින් පිටත්වෙලා මෙතනට එනවා එච්චරයි.

*එතකොට අනිත් කෝටිය…?

හහ් හහ් හා… ඒකත් ඔයාලට ඕනද මහත්වරුනි…?

**සර් ගන්න පුළුවන් නම් ගමු.

හොඳයි … හැබැයි එතනට එන කිසිම කෙනෙක් පණපිටින් තියන්න එපා.

**හරි සර්… වෙනත් ගැටළු තියනවද..?

*නෑ සර්…

**මටත් නැහැ සර්…

හොඳයි හෙට උදෙන්ම පිටත්වෙමු. අපි දැන් රෑට උයමු නේද…? මොනවද මිත්‍රවරුනි උයන්නෙ රෑට.

**මොනවාහරි සැහැල්ලු කෑමක් හදමු සර්.

හොඳයි එහෙනම්.

මතු සම්බන්ධයි…..



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now