⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 27 වන දිගහැරුම ⸎

`` අතුරුදහන් වීමෙ සැළසුම ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~-


*හරි සර්…..

දෙන්නම ගියාද සුපුන් මහත්තයා …

**ඔව් සර්…..

මොකද හිතෙන්නේ ….?

**සර් වැඩෙි කෙරුනා තිතටම

මෙතැන් සිට……

අපිත් යමු එයාලගෙ පස්සෙන් ….

**එයාලගෙ පස්සෙන්….?

ඔව් … අපි දැන්ම පසුබහින්න හොඳ නැහැ. කවුද දන්නෙ සේපාලිකා ටීම් එකක් අරගෙන ඇවිත් දෙන්නම උස්සන්න ආවද කියලා. මට කසුන් ගැන සැකයක් නැහැ. එයාට තනියම බලාගන්න පුළුවන් කියලා. නමුත් එයාට තමාව රකිනවා වෙනුවට අමතර බරකුත් තියනවා නෙ..

**සයුරි මිස්….

ඔව් …. තමාව රැකගන්න ගමන් තව කෙනෙක් රැකගන්න යනකොට විනාශය වැඩියි. ඒ හන්දා අපි ඈතින් සාමාන්‍ය විදිහට රැල්ල පාගමු…

**බලන එවුන් හිතයි නේද අපි සමලිංගිකයො කියලා ….

අන්න පොයින්ට් එක… එහෙම හිතනවා නම් කොච්චර හොඳ ද….?

හරි අපි යමු….

**සර් අර ඉන්නෙ දෙන්නා…

ඔව් නේද… ⁣කෝකටත් නොදැක්කා වගේ ඉමු…

**සර්… අපි ෆුට්බොල් පාරක් ගහමුද….?

අන්න මරු අයිඩියා එක.. එතකොට කෝ බෝලයක්…

**අර අංකල්ගෙන් හුලං බෝලයක් ගමු.

නියමයි ඉන්න මම අරගෙන එන්නම් ඔයා ඇහැගහගෙන ඉන්න…

හරි… පටන්ගමු.. ගහන්න. යමු යමු ⁣රැල්ල පැත්තට යමු…

**ඒක මරු ෂොට්එක එක බං….තද තද…

මොකක්ද තද….?

**ෂොට්එක …

සුපුන් …..?

**සර්…..?

ෂේප් එකේ බලන්න. අන්න සේපාලිකා එනවා. අන්න දාගත්තා බුර්කාව…

**අම්මපා ඔව්මයි…. බලමු අපි මොකද වෙන්නෙ කියලා.

සිකරට් එක(පිස්තෝලය) ලඟ තියනවා නේද…?

**තියනවා සර්…

හොඳයි පත්තු කරන්න වුනොත්, මගෙන් අණ ලැබෙනකම් ඉන්න එපා fire at will..ok…?

**ok sir…

තම වැරෙන් පා පහරක් ⁣බෝලයට එල්ල කරේ කසුන්… දෙසට යාමටය. කසුන් අසලම බෝලය නැවතුනි. බෝලය ඇහිඳීමට නැමෙන අතරතුර.
``කසුන් ඔය එන මුස්ලිම් කෙල්ල සේපාලිකා. Fire at will ´´ කියමින් බෝලය අතට ගෙන පැත්තකට දිව්වෙමි.

සිකු කිසිවක් නොවීය. මුස්ලිම් කතක් ලෙස වෙස්වලාගෙන සිටි සේපාලිකා එතනින් නික්ම යන්නට විය.

හෝරාවකට මා නියෝජිත J50 සමග එතනින් නික්මගියේ කසුන් හා සයුරි යුවල නික්ම ගිය පසුවය.

මදීනා ටෙක්ස්ටයිල්ස් තුල….

කසුන් ප්‍රශ්නයක් නැහැ නේද….?

*නෑ සර්….

මොකද කෙල්ල කියන්නේ …?

*එයාට ලොකු ආත්ම විශ්වාසයක් තියනවා දැන්. අර තිබුන මලානික ගතිය දැන් නැහැ. කෝකටත් මම කියලා ආවෙ කිසිම වෙනසක් පෙන්වන්න එපා කියලා.

හ්ම්ම්…… ඒක හොඳයි ….

ගෙදරටම ඇරලුවාද….?

*ඔව් සර්…

බොහොම හොඳයි ….

*මම ඉතින් ඇහැව්වා. සේපාලිකා කොහොමද මෙි ගමන දන්නෙ කියලා.

ඉතින් …?

*සර්ගෙ අනුමානය හරියටම හරි.. එයා ගෙදරටම ගොඩවෙද්දීන්ම කියලා අද බීච් යනවා කියලා. මින් ඉදිරියේදි හුඟක් පරිස්සම් වෙන්නම් කිව්වා.

නියමයි නියමයි ….

**අපි හිතපු තරම් කෙල්ල කලබල වුනේ නැහැ නේද….?

නෑ එහෙම නැහැ සුපුන් … මොකද වෛද්‍යවරයෙක් , හෙදියක් කලබලවෙලා බැහැ නෙ. දැන් අපිට තේරෙනවා මිහිරාණිගේ ගෙදර ගිණිගත්ත හේතුව වගේම අවසන් ලිඛිත වැකිය විනාශ නොවී පවතින්නත් හේතුව… ඔයා දන්නවද සුපුන් මහත්තයා… මිහිරාණි කරලා තියෙන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කවදාවත් කරන්න තියා , හිතන්නවත් බැරි දෙයක්..

**ඒ මොකක්ද සර්… ?

මෙයා දැනගෙන හිටියා මෙික අපරාධ ජාලයක් කියලා. මෙයා දවස් දහයක්ම කරේ හුදකලාව කල්පනා කරපු එක. අවසානයේ මෙි දැඩි තීරණයට ආවා…
``මම මැරුණත් තොපිට කෙලවලාම තමයි මැරෙන්නේ ´´ කියලා. ඇත්තටම මෙයාව හිරවෙලා තිබ්බෙ . මොකද පොලීසියේ සහය පතන්නත් බැහැ වෙච්ච
අත්වැරැද්ද හන්දා …. මම අනුමාන කරන විදිහට මිහිරාණි මෙනවිය මැරුන දවසේ එස්අයි රවින්ද්‍ර එක්ක ෆෝන් එකෙන් ගැටුමක් , ඒ කියන්නේ තදබල වචන හුවමාරුවක් ඇතිවෙන්න ඇති.
ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි. අයිස්මෑන්ව එවන්න ඇත්තෙ.

*එතකොට සර්… හරියටම එදා රෑ හතහමාරට එන්න කියලා සයුරිට කිව්වෙ කොහොමද…?

එතනදී තර්කානුකූලව ගැටළුකාරි තත්ත්වයක් නැතුවාම නෙමෙි. බාගවෙලාවට එස්අයි රවින්ද්‍ර `` අහවල් වෙලාවට මම ඇවිත් උඹව ඉවරයක් කරනවා. පුළුවන් නම් බේරියන් ´´ කිව්වද දන්නෙ නැහැ නෙ. සමහර නිලධාරීන් ඉන්නවා මිනීමැරුමක් වුනත් වෙලාවට කරන. කොහොම වුනත් ඒ වීඩියෝ එක අපි බලනකම් අපිට හරි නිගමනයකට එන්න අමාරුයි.

*කොහොම වුනත් මිහිරාණි මිස් පට්ට ගේමක් තමයි අනිත් පැත්තට හැරෙව්වෙි.

ඔව් කසුන්…`` ජීවිතය කියන රඟමඩලෙන් තමන් බැසයනවිට , අනවශ්‍ය එවුනුත් බැසයවන්න පුළුවන් විදිහට අවසාන රංගනය කරලා තමයි. වෙිදිකාවට ආයුබෝවන් ´´ කියලා තියෙන්නෙ. ඉතින් අපිට අවශ්‍ය ඔය අවසාන ජවනිකාව විතරයි. ඊට පස්සේ
ඔය හැම එකාම ඔය රඟමඩලෙන් බිමට නෙමෙි වලටම බස්සලා දාන්න ඔීන.


කොහොම නමුත් හෙට දිනයේදී අපිට ඒ මෙමරිකාඩ් එක ලැ⁣බෙයි නෙ. ඊට පස්සේ
අපි බලමු ඩොක්ටර් දුනිත් අතුරුදහන් කරන්න. නියෝජිත ජනිත්… ?

**සර්…?

මොකද අපේ සුදුවෑන් එකේ තත්ත්වය…? ඒවගේම උන්ගෙ ගරාජ් එකේ කොල්ලො දෙන්නෙක් ගෙ සමීප ඡායාරූප ලැබුනද..?

**ඉන්න මම බලන්නම් …..
හෙලෝ … නියෝජිත B200.. ඔව් .. ඔව්…
හරි… වෑන් එක ක්ලියර්.. ඔීකේ… එතකොට අර දෙන්නගෙ වැඩෙි… හා.. හරි හරි.. හොඳයි අද හවස් වෙද්දී මගෙ ටේබල් එකට ප්‍රින්ට් එකක් අරගෙන තියන්න පුළුවන් ද…? හර හරි… ඔීකේ.
තෑන්ක්යූ…

**සර්… හරි.. මට හවස් වෙද්දින් දෙන්න පුළුවන්. වෑන්එක ඒක ඔීකේ…
එතකොට ෆොටෝස් ටිකත් ගන්න පුළුවන් හවස් වෙද්දින්

නියමයි …

**ඒ එක්කම…. ඩොක්ටර්ගෙ පවුල ගැන නිතරම ඇහැගහගෙන දෙන්නෙක් ඉන්නවා කියන එකත් ඇත්ත. මගෙ දෙන්නෙක් නාරම්මල ගිහින් ඒ වැඩෙත්
සනාථ කරගෙන ඇවිත් තියෙන්නෙ.

නියමයි … ඔය තියෙන්නෙ.. හරි ඉන්න..
මම කෝල් එකක් ගන්නම් ඩොක්ටර් දුනිත් ට…

හෙලෝ ඩොක්ටර් … මම එස්පී..

(දුරකථනයෙන් ) ඔව් සර්….

කවුද ඔතන ඉන්නෙ…?

(දුරකථනයෙන් ) මෙතන කවුරුවත් නැහැ.

හොඳයි … මොකද දැන් තත්ත්වය. තමුන් නිවාඩු දැම්මද….?

(දුරකථනයෙන් ) ඔව් සර්…

වෙරිගුඩ් ….. මම කියනදේ හොඳට අහගන්න. කතාවෙ අවසානයේදී ප්‍රශ්න අහන්න පුළුවන් … ඒ වගේම තනි වචනයෙන් මට උත්තර දෙන්න හරිද…?

(දුරකථනයෙන් ) හරි සර්…..

හෙට උදේ වැඩට යන්න එපා…. හෙට උදෙන්ම ගිහින් ඔය වාහනය විකුණලා දාන්න.. කොළඹ අවට තැනකට විකුණන්න එපා ටිකක් දුරකට යන්න වැඩෙිට..

(දුරකථනයෙන් ) හරි….

විකුණන ගමන් එතන ඉන්න
මැනේජ්මන්ට් එකට කියන්න. තමුන් රට යනවා. ඒ හන්දා ඔය වාහනය විකුණන්නෙ කියලා. තමුන් ඒක ඒත්තු ගන්වන්න ඔීන ඒ අයට. තේරුනාද..? සල්ලි ඒ වෙලාවෙම තමන්ගෙ එකවුන්ට එකකට දාගන්න. එයාලගෙන් අත්පිට මුදල් ගන්න යන්න එපා… එතනින් එලියට බැහැලා එන ගමන් අළුත් සිම් එකක් ගන්න …

(දුරකථනයෙන් ) ඔව් සර්…

හොඳයි ඊට පස්සේ කැබ් එකක් දාගෙන
වැඩට යන්න. බැරිවෙලාවත් කවුරු ඇහුවත් වාහනය විකුණුවා කියන්න එපා.
එන්ජින් අවුලක් හන්දා හදන්න දාලා තියෙන්නෙ කියන්න.

(දුරකථනයෙන් ) හරි….

ඊට පස්සේ හෙට රෑට තමන්ගෙ සියලුම බඩු ටිකත් පැක් කරගෙන හොටෙල් කාමරයකට යන්න. ගෝල්ෆේස් එකේ කිට්ටුව තියනවා ``Blue Beach ´´ කියලා හොටෙල් එකක්. ඒ හොටෙල් එකට යන්න ඔීන. ඒකෙන් නයිට් එකට විතරක් රූම් එකක් තමුන් ගන්න ඔීන. ඊට පස්සේ ඒ හොටෙල් එකේ මැනේජ්මන්ට් එක හමුවෙලා සුහද කතාබහක් ඇතිකරගෙන එතන අයටත් ඒත්තු ගන්වන්න ඔීන. පසුදින උදෙන්ම රට යන්න ලෑස්තිපිට ඉන්නෙ කියලා. හරිද…?

(දුරකථනයෙන් ) හරි….

හොඳයි ඊට පස්සේ . හෙට හවස ඉඳලා රෑ වෙනකම්. තමන්ගෙ ලඟම නෑයින්ට වගේම යාළුවන්ට කියන්න ඉක්මනින්ම රට යනවා කියලා. හැබැයි ඒක තමුන් කතා කරලා කියන්න එපා. එයාලා කෝල් ගත්තොත් විතරක් කතාවට අල්ලගෙන ඒ අතරමගදි කියලා දාන්න … ඒක කියන්න විශේෂ උනන්දුවක් දක්වන්න එපා.

(දුරකථනයෙන් ) හරි සර්….

හොඳයි … හෙට රෑට මම කතා කරන්නම්.
මට කියන්න ඔීන මොන රූම් නම්බර් එකද කියලා . ඊට පස්සේ
රෑට රූම්බෝයි කෙනෙක් ඇවිත් අහයි..
`` සර් රෑට කන්න බිරියානි එකක් අරන් එන්න ද´´ කියලා. එහෙම ඇහැව්වොත් එයා අපේ කෙනෙක්. එයාට පැක් කරපු සේරම ටික දෙන්න. එයා ට්‍රොලියට දාගෙන යයි. තමුන්ට බිරියානි එක ලැබෙයි. හරිද….?

(දුරකථනයෙන් ) හරි….

ඊට පස්සේ ගෙදර අයට කියන්න. හදිසියේම හෙට උදේ සතියක ට්‍රිප් එකක් යනවා. ඒකට දැන්ම , ඒ කියන්නේ හෙට රෑටම බඩුටික පැක් කරලා තියාගන්න කියලා. ඒක නිකං එයාලට දෙන සප්‍රයිස් එකක් වගේ කියන්න. එයාලට කියන්න ඒ ගැන නිකමටවත් ගෙදර කතාවෙන්න එපා කියලා. මට අනං මනං කතන්දර වැඩක් නැහැ. උදේ පාන්දර හතර වෙද්දී එයාලා ලෑස්ති වෙලා ඉන්න ඔීන හරිද…?

(දුරකථනයෙන් ) හරි සර්….

ඉතුරු ටික මම හෙට රෑට කියන්නම්. හරිද…?

(දුරකථනයෙන් ) හා හරි වික්ටර් මහත්තයා .. මට තේරුනා. එතකොට
එහෙම බඩ පිපෙන්නේ එහෙම නැහැ නෙ..? හා හරි… දිගටම ඔය බෙහෙත් ටික බොන්නකො. හෙට හවස් වෙද්දින් අඩුවුනා හෝ නැතා මට කතා කරන්න.
Ok මම තියන්නම්….

මෑන් කට්කරා…. කවුරුහරි ආවා…
ඒ හන්දා කතාව වෙන අතකට හරවලා ෂේප් එකේ කට්කරා…

**මෑන්ටත් මොලේ නැතුවම නෙමෙි නේද…?

නියෝජිත ජනිත්… අහලා නැද්ද කතාවක්
`` ⁣ගිලෙන්න යන මිනිහා, පිදුරු ගහෙත් එල්ලෙනවා ´´ කියලා. ඉතින් මිනිහා කැමති වෙයිද වැඩෙි ලීක් කරගන්න.

හරි… මෙිකයි මහත්වරුනි මගෙ සැළසුම. මෙි ගේමට කසුන් මහත්තයා එන්නෙ නැහැ. ඉඩ ලද සැණෙන් සයුරි⁣ට ගේමක් දෙන්න තියෙන ඉඩකඩ වැඩි හන්දා කසුන් මහත්තයා සුපුරුදු පරිදි වැඩටික කරගෙන ඉන්න .

*හරි සර්…..

හරි එහෙනම් හෙට හවස මෑන් අපිට කියයි මොන හොටෙල් එකේද , කාමර අංක කීයද කියලා. මම හවසට ගිහින් එදාට වැඩකරන රූම්බෝයි සන්තෝසමක් දීලා බඩුටික එලියට පන්නලා. අපේ වෑන්එකට දාගන්නවා . ඔය මහත්වරුන් කල්පනා කරනවා ඇති. ඇයි මෙි වැඩේ රූම්බෝයි ලවා කරවන්නේ , මෑන්ටම පුළුවන් නෙ කියලා. නමුත් මෑන් ගැන ඇහැගහගෙන ඉන්න එවුන් ටිකක් නැතුවාම නෙමෙි. මතක තියාගන්න..
`` ලුණු පොල් කට්ටෙත් කිඹුල්ලු ඉන්න පුළුවන් ´´ කාලයක් මෙික.. මම වාහනය කොළඹින් පිට විකුණන්න කිව්වෙත් ඒකම තමයි. කොහොමත් උන් වාහනය අඳුරනවා. මෑන් දවස් ගාණක් නැතුව ඉන්නකොට මෑන් කොහෙද අතුරුදහන් වුනේ කියලා හොයනවා. එතකොට ආරංචි වෙනවා සංචාර නිවාඩු ගිහින් කියලා. ඒක සනාථ කරගන්න ඔීන හන්දා වාහනය පස්සේ යනවා. එතන ගිහින් මැනේජ්මන්ට් එකෙන් අහපුවාම , එතනින් කියනවා සංචාරයක් සඳහා රට යන්න තමයි වාහනය විකුණලා තියෙන්නෙ කියලා.

ඊට පස්සේ එන්නෙ කෙලින්ම හොටෙල් එකට . එතනින් විමසලා බලපුවාම , එතනිනුත් ලැබෙන්නේ එකම උත්තරයමයි. මොකද ඩොක්ටර් රට යනවා කියන වාචික උත්තේජනයක්
ඒ දෙගොල්ලොගෙම මනස තුලට දාලා ඉවරයි. සාමාන්‍යයෙන් රූම්බෝයි කෙනෙක් බඩුබාහිරාදිය එහෙමෙහෙ ගෙනිච්චට එච්චර ගාණක් නැහැ නෙ. මොකද ඒක එයාගෙ ජොබ් එකනෙ.
එතකොට උන්ගෙ එකපාරටම අවධානය
යොමුවන්නේ නැහැ. රූම්බෝයි ගේන බඩු කාගෙ එව්වද කියලා කවුරුවත් දන්නෙ නැහැ. රූම්බෝයිට ගැටළුවකුත් නැහැ. මොකද රූම්එකේ අයිතිකාරයාම තමයි බඩු දෙන්නෙ එලියට ගෙනියන්න. ඒ හන්දා එතන සැකයක් නැහැ කාටවත්ම.

*එතකොට සර්… රට ගිහින් නැහැ කියලා
ඔප්පු වෙනවා නේද. ගුවන්තොටුපලවල් වලින් ⁣පරික්ෂා කරපුවාම…

හොඳ ප්‍රශ්නයක්… ඔයා හිතන විදිහ හරි.
අපරාධකරුවන් අල්ලන්න නම්, අපිත් අපරාධකරුවන් විදිහට හිතන්න ඔීන. නැත්නම් උන් ගිය මාවත ඔස්සේ අපිට යන්න බැරිවෙනවා. අපි යන්නේ වෙන පාරකින් නම්, අත්‍යාවශ්‍ය කරන හෝඩුවාවන් අපිට ගිලිහෙන එක විතරයි අවසානයේ සිද්ධ වෙන්නෙ.

හරි කසුන්… මම දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සමහර ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ තවත් ප්‍රශ්නයක් තුල බව මතකතියාගන්න. මගේ ප්‍රශ්නය තමයි
`` ගුවනින් විතරයි ද විදේශගතවෙන්න පුළුවන් …? ´´

*මුහුදෙනුත් පුළුවන් … නමුත් ඒක නීත්‍යානුකූල නැහැ …

ඔව් අතයටින් ගණුදෙනු කරලා මුහුදෙන් මාලදිවයිනට හෝ ඉන්දියාවට ගිහින් , එතනින් ගුවනින් යන්න පුළුවන් …

*එතකොට කොහොමද හොයන්නෙ.?

උන්ට ඔීනනම් උන් හොයාගත්තාවෙ. අපිට මොකද යාළුවා ඒක. (සිනාසෙමින් )

**අර වැඩකරපු විරුවෙකුත් එහෙම මාලදිවයිනට ගිහින් එතනින් ගුවනින් ගියා කියලා මතකයක් තියනවා මට…

ඔව් ඔව්… හරි ඒකෙන් අපිට වැඩක් නැහැ. නැවත සැළසුම් විග්‍රයට අවතීර්ණ වෙමු. ඊ⁣ට පස්සේ මම ඒ බඩුටිකත් පෑල දොරෙන් පන්නාගෙන , ඒ ටික අපේ ``පාන් බාගෙට ´´ (සුදුවෑන් එකට) දාගෙන එනවා.
මොකද පහුවදා උදේ බිල් ගෙව ගෙවා ඉන්න බැහැ. පැනපු ගමන් දුවන්න තියෙන්න ඔීන.

**ඒ කියන්නේ බිල් ගෙවන්නේ නැද්ද…?

මොකද නැත්තෙ… ? රෑම ගෙවනවා. හෙට උදෙන්ම යන හන්දා. ඒක දොස්තර මහත්තයා කරයි වෙලාවට. මම ඒ ටික
මතු සම්බන්ධයි කතාවෙ ඊලඟ කොටසින් ඉදිරිපත් කරනවා මෑන්ට. ඊට පස්සේ , පහුවදා උදෙන්ම ඒ කියන්නේ උදේ තුනට
මමයි , නියෝජිත ජනිත් සහ මෙතන ඉන්න තවත් Spiders ලා දෙන්නෙක් එක්ක
ඩොක්ටර් ගෙ නාරම්මල නිවස බලා හැකි ඉක්මනින් පිටත් වෙනවා. අපි පාන් බාගෙ
පැත්තක S Tigers කියලා ස්ටිකර් කරන්නෙ. උන්ගෙ එවුන් බැරිවෙලාවත් පාන්දර දැක්කොත් එහෙම. උන්ගෙ ස්ටීකර්එක දැක්ක ගමන් වැඩිය ගණන් ගන්නෙ නැතුව ඉන්නයි. ඒ කියන්නේ අවධානය අඩු කරන්නයි. බැරි වෙලාවත් ඇහැවුවොත්. අපේ අනිත් Spiders ලා දෙන්නා තමයි උත්තර දෙන්නේ. එතකොට රියදුරු වන නියෝජිත ජනිත් වත් , මමවත් උත්තර දෙන්නෙ නැහැ. මෙි වැඩෙිදී අපි වෙස්වලාගෙන ගියත් ඒ ඩයල්වත් උන්ට මතක හිටින්න අවශ්‍ය නැහැ .

මම අපේ අනිත් ස්පයිඩර්ස්ලා දෙන්නට කියන්නම් මොකක්ද උන්ට දෙන්න ඔීන උත්තර කියලා …. බැරිම වුනොත් ගහලා දාමු සදහටම නින්දයන්නම. එච්චරයි…
උන් දෙන්නෙක් හන්දා අපේ සැළසුම් දෙල් කරගන්න අපිට බැහැ. හරි ඒක අපි කාලානුරූපව බලමු… නියෝජිත ජනිත්..?

**සර්…

ඔයාගෙ Spiders ලා දෙන්නත් එක්ක අර දෙන්නගෙ ඡායාරූප දෙකත් අරගෙන අද රෑ මාව මෙතනදී හමුවෙන්න..

**අනිවාර්යයෙන්ම සර්….

හොඳයි…. ඊට පස්සේ අපි කුරුණෑගලට ඇවිත් පුත්තලම පාරට වාහනය දාගෙන
එන අතරතුරදී අර ස්ටීකර්එක ගලවලා දාලා, සාමාන්‍ය විදිහට යමු.

**සර් ඒ කියන්නේ ඒ කෙලින්පාර පුත්තලම් ම යනවද….?

නෑ නියෝජිත ජනිත්… අපි ආණමඩුවට ඇවිත් මහමෙව්නාව හන්දියෙන් ඇතුලට දාලා, කැලෑ පාරක් තියනවා . නමුත් පාර හොඳයි .. එතනින් කරුවලගස්වැවට වාහනය දාලා, නැවත පුත්තලම පැත්තට යනකොට වනාතවිල්ලුව හංදි හමුවෙනවා… එතනින් යන්න පුළුවන්.
මෙික රට පටලවලා යන ගමනක්.

**හොඳයි සර්….

ඔය මහත්හොරුන්ට මම මෙතෙක් කරනලද විග්‍රයේ අපැහැදිලි තැනක් තියනවද…?

*තියනවා සර්…. ආචාර්ය වීරසිංහ තවම කතා කරේ නැහැ නේද…?

හහ් හහ් හා…. හොඳයි විෂය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. බොහොම හොඳයි. සාමාන්‍යයෙන් ආචාර්ය වීරසිංහ
මහත්තයා වෙලාවට වැඩකරන කෙනෙක්. මට අද රෑ නමය වෙද්දින් කතා කරනවා. ඔන්න බලන්න… හරි… වෙනත් යමක් ….?

**නැහැ සර්….

එහෙනම් මහත්වරුනි… තව පැය දෙකනින් අපි යමු හොඳ හොටෙල් එකකට. අද රෑ කෑමට කසුන් මහත්තයා ගානෙ අපිට ලැබෙනවා සැරට කොත්තු.

*මගෙ ගාණෙ…?

**නැතුව…. ඇයි සර් ඔට්ව පරාදයි නෙ..

ඔව්… කසුන් මහත්තයා.. තමුන් ඔට්ටුව පරාදයි…

*හරි හරි යමල්ලා ඉතින්… ( තිදෙනාම සිනාසෙමින් )

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now