⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 17 වන දිගහැරුම ⸎
> සැළසුම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නිවස හිමියා - මහත්තයා නමවත් කිව්වෙ නැහැ නෙ.

මම රහල් විජේවර්ධන. ගිහින් එන්නම්
අපි යමු කසුන් මහත්තයා..

⁣නිවස හිමියා - හොඳයි …


මෙතැන්සිට ….

ආහ්… මට දෙයක් අහන් අමතක වුනා.
සර් ගෙ පරණ ෆෝන් නම්බර්එක වැඩද…? ඒක නැතිවුනාද නැත්නම් අයින් කරාද…?

නිවස හිමියා - මම හිතන්නේ ඒක තාත්තගෙ යාළුවෙක් පාවිච්චි කරනවා.

හා… ඒක තමයි. මම ගත්තා වෙන කවුද
කතා කරන්නේ. හරි හරි බොහොමයක් ස්තුතියි …

මීටර් සීයයක් පමණ අප දෙදෙනා පයින් එනවිට අප අප වෑන්රියද අප අසල නවත්වන්නට විය. මහත්තයා රක්ෂණයෙද දැන් වැඩ.

**ඔව් නෙ. මම පටන් ගත්තා.

*හා ඒකත් හොඳයි…

යමු එහෙනම්. මොකද හිතෙන්නේ දැන්.

**ඇයි සර් මොකක්ද සිද්ධිය …?

සිද්ධිය නේද. සිද්ධිය ගැන කියනවනම් මේ වන විට සිම්පතේ අයිතිකාරයා මැරිලා. කොහොම හරි එයාගේ පුතා එක්ක තමයි දැන් ඔය අපි කතා කරේ. අපි හිතුවට වඩා එයාගෙන් තොරතුරු ටිකක් අපිට ගන්න ලැබුණා. කතාබහ බොහොම කෙටි එකක් වුනත් . මේ මැරිච්ච හාදයා විදුහල්පති කෙනෙක් විශ්‍රාමලත්. එතකොට මැරිලා වසර පහක් වෙනවා. මැරුණට පස්සේ ඒ සිම්පත වෙන කෙනෙක් පාවිච්චි කරනවා. මොකද මේ සිම්පත රජයේ සේවකයන් වෙනුවෙන් ම නිකුත් කරපු විශේෂ එකක් හන්දා මේකේ තියෙන පහසුකම් ඉතාම වැඩියි. ඒ හින්දා මේ සිම්පත් පාවිච්චි කරන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා වැඩියි. ඒ හන්දා දැන ඇඳුනුම්කම මත මිහිඳු කියන හාදයාගේ අතට ගියා කියලා අපි හිතමුකො. ඒකත් හරි එතකොට. හරිම සරලයි මැරිච්ච කෙනෙකුගේ සිම්පතක් පාවිච්චි කරා කියලා නීතිමය ප්‍රශ්නයක් බලපාන්නේ නැහැ. මොකද මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුනහම බලන්නේ සිම්පතේ අයිතිකාරයා ඔහු මිය ගිහිල්ලා නම් අනන්‍යතාවයක් තහවුරු කරගන්න බෑ. එහෙම පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. ආපු දුරකථන ඇමතුම් සහ ගත්ත දුරකථන ඇමතුම් ඔස්සේ විමර්ශනය කරන එක. නමුත් මෙතන මේ සිම්පත තවම නාමික වශයෙන් අපරාධයකට සහය පලවෙලා නැහැ. ලංකාවෙ නීතිය අනුව අපරාධයක් කරන්නම එපැයි බඩු අල්ලන්න. අපරාධක් නවත්වන්න ගියොත් ඒක විහිළුවක් බවට පත්වෙනවා. ඕකනෙ ඇත්ත කතාව. හරි..
ඊට පස්සේ වැදගත්ම කරුණ තමයි අපි හොරෙන් ගහගත්ත ඡායාරූප. ඒ සමූහ ඡායාරූපයේ කවුරුන් හෝ කෙනෙක් වෙන්න පුළුවන් මෙි බ්‍රැස්ට්යන් අල්මෙිදා.
අනිත්එක තමයි මෙි අපි ගත්ත සමූහ ඡායාරූප වල මහාචාර්ය විනීත මහත්තයත් ඉන්නවා කියන එක. ඒක හරිම සිත්ගන්නාසුළු කාරණයක්.

*සර් කියන්නේ සිම්පත පාවිච්චි කරන්නේ මිහිදු නම්, මිහිදුට මෙි සිම්පත කොහොමද ලැබුනෙ කියලා නේද…?

ඔව් කසුන්.. නමුත් මිහිදු කියන හාදයත් මෙි සමූහ ඡායාරූපය තුල ඉන්නවා ඒක හරි. ඒ හන්දා ඒ ගැන සැකය අපි දැනට බැහැර කරමුකෝ. එතකොට කොහොමද අපි බ්‍රැස්ටියන් අල්මේදා කියන චරිතය හොයාගන්නේ…? මේ පිළිමතලාවේ හාදයා මේ සිම්පත පාවිච්චි කරන හන්දා එතනින් අපිට ඒ දොර වැහුණා. ඒ කියන්නේ බ්‍රැස්ටියන් අල්මේදා කියන චරිතේ හොයාගන්න එක තවත් සංකීර්ණ කරුණක් බවට පත්වෙලා තියෙනවා.
නමුත් නලින්ගෙ කල්ලිය තමන්ගෙ ගණුදෙනු ගැන බහුලව කතාබහ වෙලා තියෙන්නෙ මෙි නම්බර් එකෙන් නම්, එදා කොස්ටපල් ජයසූරියට කතා කරලා තියෙන්නෙත් මෙි නම්බර් එකෙන්ම නම්,
ඉතින් අපිට ඒ වැසුන දොර නැවත ඇරගන්න පුළුවන් අවස්ථාවක් තියනවා.
දොර සම්පූර්ණයෙන්ම වැහිලත් නැහැ බලාගෙන ගියාම.

**ප්‍රශ්නය එන්න එන්නම සංකීර්ණ වෙනවා නේද සර්…?

ඔහු මහත්වරුනි, ප්‍රශ්නය එන්න එන්නම සංකීර්ණ වෙනවා. එතකොට විමර්ශන කටයුතුත් සංකීර්ණ විදිහට කරන්න සිද්ධ වෙනවා. රජයේ අවසර ලත් රාජ්‍ය නොවන සංවිධානයකට හිමි ව්‍යාජ වාහනයකින් මේ ගමන් ගන්නා පුද්ගලයා කවුද..? එහෙමනම් ගුලේ ඉන්නේ මීයා අපි එළියට ගත යුතුමයි. ඒකට මොළය පාවිච්චි කරලා ටිකක් තාත්වික ගනයේ සැලැස්මක් අපි ක්‍රියාත්මක කළ යුතුයි.
මොකද මේ මිනිහා සුපිරි මොලකාරයෙක්. එවැනි මිනිහෙක් එළියට ගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි කරන්න බැරි වැඩකුත් නෙමෙයි. එක කොණක් අතින් ගිලිහෙනකොට තව කොණක් අපි අල්ලගන්නම වෙනවා.

*එතකොට මොනවද පාවිච්චි කරන සැළසුම් …?

හොඳ ප්‍රශ්නයක් මේකට සැලසුම් දෙකක් ක්‍රියාත්මක කරන්න මං කල්පනා කරලා තියෙනවා. ඒ දෙකම පුළුල් විමර්ශනයන්.

සැළසුම් අංක එක - යාල වනෝද්‍යානය පැත්තට ධාවනය කරන රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් වාහන ගැන පරීක්ෂාවෙන් සිටීම.

සැළසුම් අංක දෙක - මේ මිහිඳු කියන හාදයාගේ ගමන් බිමන් ගැන පුළුල් විමර්ශනයක් කිරීම. මොකද සමහර කරුණු කාරණා ගැන අදහස් දුරකථන ඔස්සේ හුවමාරු කරගන්න බැහැ. මාසෙකට වතාවක් හෝ. මහමොලකරු හෝ ඔහුගේ ළඟම සගයෙක්. හමුවෙන්න යනවා වෙන්න ඕනා. අපි ඒ පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න ඕන. ඔය ක්‍රම දෙකෙන් හෝ දෙකම ක්‍රියාත්මක කරලා කොතනින් හෝ අපිට දුර්ලභ තැනක් අහුවෙයි. අන්න එතනින් අපි ඊළඟ අදියර පටන් ගන්න ඕන. හැබැයි ඔය දෙකම අසාර්ථක වුනොත් , මම එදාට මම ලඟ තියෙන හොඳම තුරුම්පුව එලියට දානවා. එතකොට ඔය සේරම කොලටික ඉබේටම බාල්දු වෙනවා.

*තුරුම්පුවක්… ? සර් ලඟ තුරුම්පුවක් තියනවද..? ඒක තියාගෙනද මෙච්චර වටයක් අපි ගියේ..?

හහ් හහ් හා…. මතක තියාගන්න මහත්වරුනි මෙි ක්ෂෙත්‍රයදී කලින්ම කරන්න ඔීන තුරුම්පුවක් හදාගෙන , ඒක හංගගෙන තියාගන්න එක. බැරිම වුනොත් පමණක් ඒක පාවිච්චි කරන්න තරම් ඒක ප්‍රභල වෙන්නත් ඕන.

*එතකොට මොකක්ද ඒ තුරුම්පුව …?

ඒක රහසිගත ⁣එකක්. හරියට තමන්ගෙ යටඇඳුම් වලින් වහගෙන ඉන්න දේවල් තරම්ම රහසිගතයි යාළුවා.

**අපිට බැරිද ඔය මෝඩ ජෝඩුවට දෙකක් ඇනලා දැනගන්න..?

පුළුවන්.. නමුත් මෙි වෙලාවෙ එහෙම කරන්න බැහැ. අනික අපි කොහොමද හරියටම කියන්නේ මෑන්ලා මෙි බ්‍රැස්ට්යන් ව දන්නවා කියලා. මෙතන වෙන්නෙ මෙහෙයවීම පමණයි. මෙහෙයවන පුද්ගලයා ගැන කිසිම තොරතුරක් කවුරුවත් දන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ තරම්ම පරික්ෂාකාරිව ගහන ගේමක් මෙික.

*හද්ද අවුලක් තමයි මෙිකනම්..

ඔව් යාළුවා. නමුත් අපිට සැනසීමට එක කරුණක් තියනවා ඒක හරිම බලවත්. ඒක තමයි මෙි බ්‍රැස්ට්යන් අල්මෙිදා රාජ්‍ය නොවන සංවිධානයකට අයත් වාහනයක් පාවිච්චි කරනවා කියනඑක. ඒකත් වෙලාවෙ හැටියට ලොකු දෙයක් අපිට. හරි.. නියෝජිත ජනිත් …

**සර්…

අපේ වත්තල ස්පයිඩර්ට කියන්න. මෙිගැන විමර්ශනය කිරීම නවත්තලා ඔය කියන රාජ්‍ය නොවන සංවිධානයට අයත් සුදුපාට කැබ්රථ පිලිබඳව ප්‍රදේශය තුල දැඩි අවධානයෙන් ඉන්න කියලා. මොකද අපි දැන් වැඩෙි සනාථ කරගත්තා නෙ.

**හරි සර් මම පණිවිඩයක් දෙන්නම්.

බොහොම හොඳයි. එතකොට කසුන්.

*සර්…

නුවර අපේ ස්පයිඩර්ස්ලට කියන්න ඔය මිහිදු කියන හාදයා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා.

*හරි.. මම දැන්ම කියන්නම්.

බොහොම හොඳයි. එතකොට මම නලින්ට කතා කරලා මෑන්ගෙ වර්තමාන තත්වය අහලා බලන්න ඕන. මොකද මෑන්ගෙන් ගන්න වැඩක් තියනවා මට. ඒකයි මෑන් තවම ජීවතුන් අතර ඉන්නෙ.

හෝරාවකට පසු…

හ්ම්ම්… මට අදහසක් ආවා. නලින් හොඳින් කියන්නේ. අපි ගේමට බහිමු.

**සර්ගෙ තුරුම්පුවද…?

නැහැ නියෝජිත ජනිත් කොහොමත්ම නැහැ. දැන් කරන්න යන්නෙ බිලීබෑම

*බිලීබෑම…

ඔව් මහත්වරුනි.. මට ඕන කරලා තියෙන්නෙ මහ මොළකරුවගෙ කණ්ඩායමෙි එකෙක්ව අල්ලගන්න එක.
ඒකට ඇම වශයෙන් පාවිච්චි කරන්නේ මෙි නලින්ව. අපි වීදී දුරකථනයෙන් කතා කරනවා බ්‍රැස්ට්යන් අල්මෙිදා ගෙ සගයෙක් වන මිහිදුට. මොකද මිහිදු තමයි දෙවන කණ්ඩායම හසුරවන්නේ.
නමුත් දෙවන කණ්ඩායමයි , පලමු කණ්ඩායම , එහෙමත් නැත්නම් බ්‍රැස්ට්යන්ගෙ කණ්ඩායමයි අතර දැනහඳුනගෙන කටයුතු කරන්න තරම් ලොකු හාදකමක් නැහැ. ඒක අපි දැන් දන්නවා. මිහිදුගෙ කණ්ඩායම කරන්නේ ඔත්තු බැලීම තැනින් තැනට හිඟන්නන් වගේ අසරණ අය ප්‍රවාහනය පමණයි. නමුත් ඊට වඩා ලොකු ගේම් , ඒ කියන්නේ මිනීමැරුම් වගේ ගේම් දෙන්නේ බ්‍රැස්ට්යන්ගෙ කණ්ඩායම. එතකොට අපිට මෙි මොන්ටිසූරි ගේම් දෙන එවුන් වැඩක් නැහැ. අපිට ඔීන ලොකු ගේම් දෙන එවුන්. ඒ කියන්නේ කළු කණ්ඩායම.
මොකද නලින්ලා වගේ එවුන් , මෝඩ ජෝඩුව වගේ එවුන් කවමදාකවත් බ්‍රැස්ට්යන්ව දැකලා නැහැ. මට ඒක තක්කෙටම කියන්න පුළුවන්. එහෙම වෙච්ච හන්දා තමයි මුන් මෙතෙක් කාලයක් පැවතගෙන එන්නේ. ඉතින් මිහිදුට කතා කරලා කියනවා නලින් ඉන්නෙ අහවල් තැන. අහවල් දින අහවල් වෙලාවට විතර නලින්ව CDI එකෙන් අත්අඩංගුවට ගන්න නියමිතයි කියලා.
එතකොට ඒ අත්අඩංගුවට ගැනීමෙන් බ්‍රැස්ට්යන්ට බලපෑමක් නොවුනත් , මිහිදුගෙ සෙල්ලම් ඉවරවෙන බව මෑන් දන්නවා හොඳාකාරවම. මොකද මිහිදුව අඳුරනවා මෙි නලින්. අන්න ඒ හන්දා CDI එකෙන් ප්‍රශ්න කරපුවාම තමන් දන්න දේවල් සේරම වමානවා නලින්. ඒ හන්දා අනිවාර්යයෙන්ම නලින්ව මරන්න කළු ටීම්එකේ දෙන්නෙක් එනවාමයි CDI එකෙන් අත්අඩංගුවට ගන්න එන්න කලින්. එතකොට ඒ එන කළු ලූලන් දෙන්නා අපි බා ගන්නවා වතුරෙන් ගොඩට. ඊට පස්සේ කරන්න ඕන ⁣ටික
ඔය මහත්වරුන් දන්නවා මම හිතන්නේ.

**ඔව් සර්.. දෙන්නම් නිල්වෙන්න..

ඔව්. මොකද අපිට මෙතන හරියාකාරව
මිනිස්සු මො මොන කණ්ඩායම් වලට අයත් එවුන්ද කියලා තෝරා බේරාගන්න අමාරුයි. එහෙම හොයාගන්න වියදම් කරන කාලය අපරාදේ.

*ඒක හොඳ සැළසුමක්.

මම දැන් දන්නවා නලින් ඉන්න තැන. ඒ වගේම නලින් මාව තදින්ම විශ්වාස කරනවා. ඉතින් අපිට පොඩි නාටකයක් රඟපාන්න වෙනවා. තිර රචනය මෙන්න මෙහෙමයි. ඒක හරිම සරළයි. නලින්ව හමුවෙලා මෑන්ව අපි දැනුවත් කරලා , මෑන්ව එතනින් ඉවත් කරලා, ඊට පස්සේ මෑන් තමන්ගෙ කුලී කාමරයේ ඇඳ උඩ නිදාගෙන ඉන්නවා වගේ පෙන්වන්න ඕන හන්දා ඒ වෙනුවට අපි රූකඩයක් තමයි එතනට දාන්නෙ.

*සර් නලින්ව අපි විශ්වාස කරනවද..?

කොහොමත්ම නැහැ කසුන්. නියෝජිත ජනිත් මොකද අපි මෑන්ට කරන්නේ…?

**මොනව කරන්නද. සිහිනැති කරලා ටික හංගනවා.

හරියටම හරි.. ඒ වැඩෙි ඔයාට බාරයි. සිහිනැති කරලා ඔයා මිනිහා ලඟින් හෙල්ලෙන්න එපා. මොකද සැළසුම මිනිහට එවෙලෙම කියන බව ඇත්ත වුනත් , පොඩි ඉඩක් ලැබුනහම නාටකය අනිත් පැත්ත හරවන්න වුනත් බැරි නැහැ.

**හරි සර් මම ඒ ටික බලාගන්නම්.

නියමයි. එතකොට අපි දෙන්නා සුපුරුදු පරිදි පිස්තෝලයන් සයිලන්ස් කරගෙන
උන්දෙන්නා එනතුරු රැකගෙන ඉමු. ආවට පස්සේ දෙන්නව මෙල්ල කරගමු.

*හරි සර්…

ප්‍රශ්කිරීමෙිදී උන් බ්‍රැස්ට්යන් ව දන්නෙ නැහැ කියලා අපිට සනාථම වුනොත් , අපි ලබාගත්ත අර සමූහ ඡායාරූප උන්ට පෙන්වමු. එතකොට මට ඉරහඳ වගේ විශ්වාසයි එතන ඉන්න කණ්ඩායමෙන් එකෙක් හරි මුන් දන්නවා කියලා. ඊට පස්සේ කරන්න ඕන දේ අපි කරමු. ඒක තමයි මගෙ සැළසුම. ප්‍රශ්න මොකුත් තියනවද මහත්වරුනි.

*සර් උන් වැඩෙිට නාවොත්…?

නෑ එහෙම වෙන්නෙ නැහැ. මොකද උන් දන්නවා එකෙක් මෙි වෙද්දී ආගිය අතක් නැහැ වගේම නලින් දැනුම් දීලම අතුරුදහන් වුනා කියලා. ඒක ඇතඇත්තක්ද කියලා සනාථ කරගන්න තමයි පැල්මඩුල්ලෙ ගෙදරට අර මෝඩ ජෝඩුව යැව්වෙ.මෙි වෙද්දී ඒක සනාථ කරලා තියෙන හන්දා උන් තරමක පපසුබෑමකට ලක්වෙලා ඉවරයි. ඒ හන්දා උන් අනිවාර්යයෙන්ම සාක්ෂි විනාශ කරන්න එනවාමයි. මම ඒක තමයි මෝඩ ජෝඩුවට පාඩුවෙ කරගෙන යන්න ඉඩදෙන්න කියලා ආපසු යන ගමනේදී
මගහරිමු කිව්වෙ.

**පිටුව පෙරලුවාට සීතා, පොත දන්නවා රාමා.

ඔව් මහත්වරුනි. එවැනි පොත් රාශියක් අපි ලියලා තියෙන හන්දා උන් හැරෙනකොට මම දන්නවා පිටපත මොකක්ද කියලා. එතකොට ඔය වීදි දුරකථනයක් ලගින් නවත්වන්න. මට තියෙනවා රෝමය ගිණිතියන්න.

**සර් මෙතන එකක් තියනවා. බහින්න.

හොඳයි .. ම⁣ට විනාඩියක් දෙන්න මහත්වරුනි. වෑන්රියෙන් බැසගත් මා
සාක්කුවට අත දමා මාරුකාසි කීපයක් අතට ගෙන ඉඳුරාම ගමන් ගත්තේ වීදි ස්ථාවර දුරකථනය වෙතය. කාසී දෙකක් කවුළුවට දමා. මිහිදු පාවිච්චි කරන අංකයට ඇමතුමක් ගත්තෙමි. දෙතුන් වතාවක් ඇමතූ පසු එයට ප්‍රතිචාර දක්වන ලදි.

දුරකථනයෙන් - හෙලෝ කවුද..

කවුද කියන එක අදාල නැහැ. කියනදේ හරියට අහගත්තොත් ඔය මහත්තයගෙ ඇඟට ගුණයි. (ගොරෝසු හඬින්)

දුරකථනයෙන් - ඇගට ගුණයි. ඉන්න පොඩ්ඩක්. මෙතන සිග්නල් අඩුයි. හා… දැන් කියන්න බලන්න ඔය ඇඟට ගුණදේ.

නලින්ගෙ අනිත් එකා ඉවරයි. ඌට ගේම දුන්නේ. ඔරුගොඩවත්ත ගැන්සියක්. පොලීසිය මෙිකට සම්බන්ධ නැහැ. හැබැයි ඒ කේස් එකෙන් පස්සේ CDI එක නලින්ව හොයනවා. හෙට උදේ වරුවෙ නලින්ව හොයාගෙන අත්අඩංගුවට ගන්නවා. මෙි වෙනකොට නලින් ඉන්න තැන CDI එකෙන් හොයාගෙන ඉවරයි.


දුරකථනයෙන් - තමුසෙ මොනවද මෙි කියන්නේ. මට මොකුත් තේරෙන්නෙ නැහැ.

මෙි.. ලොක්කා. නිකං බොරු මරිසි දාන්න එපා. මම මෙික කිව්වෙ තමුසෙගෙ ගැලවුමට. තමුසෙ මට කාලෙකට කලින් උදව් කරලා තියෙනවා. ඒ හන්දා තමුසෙට මම ණයයි. මම කියනදේ විශ්වාස නැත්නම්. ඔය නම්බර්එක අයිතිකාරයගෙ වත්තල ගෙදරට අද උදේ බුවෙක් ගිහින් අහලා තියනවා. ගිහින් තියෙන්නෙ පරණ ගෝලයෙක් විදිහට. හැබැයි ඌ පොලීසියේ එකෙක් වත් CDI එකෙක්වත් නෙමෙි. ඒක ස්ථීරයි. මම බොරුද කියන්නේ කියලා තමුන්නැහැ දැන් අහලා බලනවා මැරුණු වත්තල ජේඒ ජයසිංහගෙ පුතාට කතා කරලා.

දුරකථනයෙන් - ඉන්නවා බලන්න. කියමින් ඇමතුම නැවතුනි.

මිනිස්සු කීපයක් ගතවිය. අනිවාර්යයෙන්ම මෑන් වත්තලට කතා කරලා බලනවා ඇති. වැඩෙි ඇත්තද කියලා. හ්ම්ම්… දැන් ඇති වෙලාව. කියමින් මා නැවතත් ඇමතුමක් ගත්තෙමි. මොකද බොස් වැඩෙි ඇත්ත නේද…?

දුරකථනයෙන් - ඔව් ඒ කතාව ඇත්ත.

ඒ කතාව වගේම මම දැන් වෙන්න යන කතාවත් ඇත්ත බොසා. තීරණය තමුන් සතුයි.

දුරකථනයෙන් - තමුසෙ මෙි දේවල් කියලා මොනවද මගෙන බලාපොරොත්තු වෙන්නේ. තමුසෙට සල්ලි කීයක් ඕනද..?

සල්ලි නම් මොනවද බොසා සබන්පෙන වගේ. මෙි තියනවා මෙි නැතිවෙනවා. හරි.. ඉල්ලන ගාණක් දෙනවද..?

දුරකථනයෙන් - සලකා බලන්නම්. මොකද තමුසෙ මෙි කියපුදේ මට හුඟක් වටිනවා..

ඒක මම දන්නවා බොසා. සල්ලි එපා. මම කලින් කිව්වෙ. බොසා මට හුඟක් උදව් කරලා තියනවා කියලා. හ්ම්ම් ලියාගන්න මෙික.. අංක 33/2 ගොල්ඩන් ලෑන්ඩ්. කැළණිය.

දුරකථනයෙන් - හරි ලියාගත්තා. තමුසෙට මෙි නම්බර් එක කොහෙන්ද..?

හරි ප්‍රශ්න තමයි අහන්නෙ. මැරුණ එකා, කවුද නලින්ගෙ හාදයා. ඌ මරලා දාලා ගිය වෙලාවෙ මම එතනට අහම්බෙන් වගේ ආවෙ. එතනට ඇවිත් මම මිනිහගෙ ෆෝන්එක ගල් කෙරුවා. ඒකෙන් තමයි මෙි නම්බර් එක හොයාගත්තෙ. එහෙනම් ලොක්කා මම තිබ්බා. දුරකථනය විසන්ධි කල මා , ඊලඟට නලින්ව ඇමතුමට සම්බන්ධ කරගත්තෙමි. කතාබහ අතරතුරදී වෑන්රියට ගොඩවුනෙමි.

නලින් ( දුරකථනයෙන් ) හෙලෝ සර්..

හෙලෝ නලින්. මම මෙි කියනදේ හොඳට අහගන්නවා. තමුසෙගෙ ජීවිතය අනතුරක තියෙන්නෙ මට තේරෙන විදිහට. ඒ කියන්නේ තමුසෙ ඔතන ඉන්නවා කියලා උන් දැනගෙන කියලා තමයි මට තේරෙන්නේ.

නලින් - සර් සර් සර්.. මොකක්ද මෙි කියන්නේ..?

ඔව්. කලබල වෙන්න ඕන නැහැ. මම කිව්වනෙ තමුසෙට මොකුත් වෙන්න මම ඉඩතියන්නෙ නැහැ කියලා. හරි.. මෙහෙම කරනවකො. ඕක හරියටම දැනගන්න පුළුවන් අද හවස් වරුව පුරාම තමුසෙ ඔය පොඩි ගෙයි කෑල්ලෙ ඉදිරිපිට පුටුවක් දාගෙන ඉඳගෙන ඉන්නවා. පාරට කොච්චර දුරද ඔතන ඉඳලා..?

නලින් - සර් මීටර් පනහක් විතර ඇති.

හ්ම්ම් පංකාදුයි. බොහොම හොඳයි බොහොම හොඳයි.. පාරෙ යන එන අය ගැන හෝදිසියෙන් ඉන්නවා.වි⁣ශේෂයෙන්ම බොහොම හෙමිහිට යන වාහන ගැන ඇහැගහගෙන ඉන්නවා. එතකොට මෝටර් සයිකල් වෑන් , කාර් තමයි විශේෂ වෙන්න ඕන. ඒ අතරින් මෝටර් සයිකල් එකක නැගලා යයි හාදයො දෙන්නෙක්. ෆුල්ෆේස් හෙල්මට් දෙකක් දාගෙන, බොහෝදුරට ඩෙනිම් කලිසම් ඇඳගෙන සම උස්මට්ටම් සහිත දෙන්නෙක්. ඒ දෙන්නා තමුසෙ දිහා බලාගෙන යයි. තමුසෙ නොදැක්කා වගේ ඉඳලා, උන්දෙන්නා ගියාට මට කෝල් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඊට පස්සේ
මම කියන්නම් කරන්න ඕන දේ..

නලින් - හරි සර්..

ඇමතුම විසන්ධි කරමින් , හ්ම්ම්… පත්තු කරන්න ඕන හැම තැනකටම පත්තු කරලා දැම්මා. දැන් ඉතින් අඟුරු බහිනකම් ඉන්න වෙනවා.

*මොකද වුනේ සර්…?

මොනවා වෙන්නද..? මිහිදු ලොක්කා මගෙ ඇම ගාණට ගිල්ලා. විශ්වාස කරන්න මෑන් අනිවාර්යයෙන්ම දෙන්නෙක් එවනවා නලින්ව නිහඬ කරන්න. හැබැයි ඊට කලින් මම කියපු තැන ඉන්නවද කියලා බලන්න ඔය මෝඩ ජෝඩුව ව එවනවා එතනට. වැඩෙි තහවුරු වුනාට පස්සේ තමයි ගේමට දෙන්නව එවන්නේ.
හිතන්න එපා එකපාරටම ඇවිත් ගහයි කියලා. උන් ඒ තරම් මෝඩ නැහැ. අනිවාර්යයෙන්ම ඔය මෝඩයින් දෙන්නා එනවාමයි. මොකද තැන , පරිසරය බලාගන්නම ඕන. මම ඒකයි ඇහැව්වෙ පාරෙ ඉඳලා ⁣ඔය ඉන්න ගෙදරට කොච්චර දුරයිද කියලා. මීටර් පනහක් විතරයි තියනවා කියන්නේ අපිට චාන්ස් එක වැඩියි. මොකද මීටර් විසිපහක් වගේ
වුනානම් ඈත තියලම ගහලා යන්න තිබ්බා. පිස්තෝලයකින් මීටර් පනහක් ගහන්න බැහැ නෙ. මම අද හවස් වරුවෙම මෑන්ට එලියෙ ඉන්න කිව්වෙ ,
එතකොට ඔය මෝඩ ජෝඩුවට හරිම ලේසියෙන්ම බලාගෙන යන්න පුළුවන්. ගේ ඇතුලෙ හිටියොත් උන්ට වත්තටම ඇතුල්වෙන්න එපැයි. ඒ හන්දා තමයි එහෙම කරන්න කිව්වෙ. හරි අපි එහෙනම් යමු කැළණියේ ඔය කියන වත්තට. ගිහින් අද රෑ. ඒ කිටිටුව වාහනය ගාල් කරලා රෑ වාහනය ඇතුලේ ඉමු. එහෙනම් මහත්වරුනි ලෑස්ති වෙමු හෙට උදේ ගේමට.


මතු සම්බන්ධයි……


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now