⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 23 වන දිගහැරුම ⸎

`` කඩාවැදීම ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


*ඔට්ටුද….?

ඔව් ඔට්ටුයි…. මොනවද දාන්නෙ …?

*ටීම් එකටම කොත්තු ඔීන….?

ඒ මොන අහවල් ඔට්ටුවක් ද…. ? හරි හරි ඩන්..

*ok sir….

එතකොට මගෙ රහස් පරීක්ෂක දැනුම
කොත්තුවකට බැස්සා එහෙනම්… හරි හරි.. බලමුකො කවුද කොත්තු අරගෙන දෙන්නෙ කියලා. ( සිනාසෙමින් )

හරි. . ඒකෙන් වැඩක් නැහැ. මම යනවා
අ⁣පේ තැනට එතන ජැගුවරා එක ලෑස්ති කරලා තියෙන්නෙ. අද පොල්බෑමූණගෙ ලේ කොටසක් අරගෙන මිසක් ආපආපසු එන්නෙ නැහැ.

*සර්… මෑන් තනියම යන්නෙ නැතිවෙයි නේද.

ඔව් සාමාන්‍යයෙන් කාර් එකක යන්න පුළුවන් උපරිම පස් දෙනයි නෙ. පස්දෙනා මට වැඩි නැහැ. මම ඒ වැඩෙි කරලා එන්නම්. ඔයා ටිකක් විවෙික ගන්න.
මම ගිහින් එන්නම් …

*හරි සර්…කෝකටත් පරිස්සමෙන්. ජයවේවා …

ජයවේවා කසුන්…

හෝරාවකට පසු …………..

නියෝජිත ජනිත් …..

**සර්…..?

සේරම හරි නේද….?

*ඔව් සර්……..

නියමයි දැන් හවස පහ හමාරයි.
කසුන් වැඩට යන්න ලෑස්ති වෙනවා ඇති.
මමත් අරූට දෙකක් ඇනලා එන්නම්.
බිම් මහලෙ ආයුධාගාරයට ගොස්, තම රාජකාරි පිස්තෝලයයි. අවශ්‍ය ප්‍රමාණයට පතුරම් මැගසින් තුනකුත් තම ජැකට්ටුවට දාගෙන. යතුරුපැදිය පණගන්වා පංචිකාවත්ත බලා පිටත් වුනෙමි.

හෝරාවකට පසු…
මාර්ග තදබදය වැඩිවීම හේතුවෙන් පංචිකාවත්ත වෙත යනවිට මිනිත්තු හතලිහක් පමණ ගතවි තිබුනි. අතරු පාරක ප්‍රධාන පාරට නොපෙනෙන පරිදි අඹ ගසක් යට යතුරුපැදිය නවතා ක්ෂෙත්‍ර ඔත්තුකරුවන්ගෙන් තොරතුරු ලැබෙනතුරු බලා සිටියෙමි. රාත්‍රි හතේ කනිසමට ලඟාවුවත් කිසිදු පණිවිඩයක් නොලැබුනි. තවත් මද වෙිලාවක් ගතවිය. තම දුරකථනය නාද විය.

⁣*හෙලෝ…. සී ටූ ප්ලස් සී එයිට්…?

ජැගුවරා …..

*ok confirmed… පැකේජ් එක දැන් පිටත් වුනා. පුරුදු පරිදි. ``සැල්වෝනිලා ´´ නයිට් ක්ලබ් එකට. වාහනය නිසාන් සනී.

ප්‍රමාණය ….?( කීදෙනෙක් එනවද)

*දෙකයි…(දෙන්නයි)

Thank u…

*good luck ජැගුවරා….

නින්ජා මාස්ක් එකද, ඊට පසු හෙල්මට් එකට දමාගත් මා , මිටෙන්හල කුරු⁣ල්ලෙකු මෙන් වේගයෙන් ``සැල්වෝනිලා ´´ නයිට් ක්ලබ් එක දෙසට යන පාරේ ගොස් අතරමග නවතා බලා සිටියෙමි. රාත්‍රි විදී විදුලි පහන් දැල්වී තිබුනද මා ඉන්නා තැන විදුලි පහන් දෙකක් අක්‍රියවී තිබීම මාහට තරමක ආශිර්වාදයකි . සුදුපැහැති මෝටර් රථ කීපයක් මා පසුකර ගියද , අදාල මෝටර් රථය මා හමුවට නොපැමිණියේ මන්ද…?

මිනිත්තු කීපයක් ගතවිය…

S tigers ලේබලය සහිත නිසාන් සනී මෝටර් රථයක් ඈතින් එනු පෙනේ. ටික ටික මාර්ගයේ තමා දෙසට ඇදෙනවාත් සමගම පාරේ අයිනේ සිටි මා තම දුරකථනය අතට ගෙන , පාර මාරුවන
මගියෙකු මෙන් පාර හරහා පැන්නෙමි.

``ගරා…….ස්´´ හඬ නගමින් කාරය නවත්වා වැටී සිටි මා දෙසට දෙදෙනාම දෙපසින් එනවිට එකෙකු
`` පිස්සුද මිනිහෝ උඹට ´´ කියමින්
මුනින් අතට වැතිරී සිටි මාගෙ දකුණු අතින් අදින්නට විය. ඔහුට වාරු දී නැගිටගත් මා දකුණු පයින් එකෙකුට පාපහරක් දී අතින් අල්ලාගෙන සිටි එකාට
නහයට වැලමිට පහරක් ගසා, වම් අතින් අල්ලාගෙන බඩට පහරවල් දෙකක් ගසා, නැවත තමා දෙසට ඇදගෙන් කුඩා මොලයට අත්ලෙන් පහරක් ගසා සිහිසුන්කර හැරෙනවාත් සමග අනෙකාගෙන් මගේ බඩට පාපහරක් වැදුනි. නැවත ආපසු කකුල ගැනීමට පෙර
ඒ කකුලෙන් මාවෙතට ඇදගෙන හිසට
අත මිට මොලවා වක්‍රවාකාර පහර තුනක් ගසා , තම දකුණු කකුලෙහි විලුඹ හිසේ නිකට වෙත වදින පරිදි පාපහරක් ගසා බිම දැමුවෙමි.

අනෙකා දෙස ආපසු හැරී බලනවිට නිසොල්මනේ සිටි බැවින්. වැටීසිටි පොල්බෑමූණා වෙත ලංව ඔහුගේ නහයට
කම දකුණු අත මිට මොලවා පහරවල් කීපයක් ගැසුවෙමි. මුහුණ පුරා ලේ වහනය වෙමින් සිටි පොල්බෑමූණා සිහිසුන්ව හිස පැත්තකට කඩා වැදුනු පසු, මුළු මුහුනම කම අත්ලෙන් පිරිමැද
තැවරුණු ලේ කුඩා කුප්පියකට දමාගෙන
එය වසාදමා , තම කබා සාක්කුවට දමා ගත්තෙමි. ඉන් අනතුරුව දෙදෙනා මුනින් අතට හරවා පසුම්බිවල තිබුන හැඳුනුම්පත් තම දුරකථනයෙන් ඡායාරූප ගෙන, නැවත සාක්කුවලට දමා. පොල්බෑමූණාගේ ඉනේ තිබුන මි:මී නමයේ පිස්තෝලයද තම කබා සාක්කුවට දමනවිට. ඈතින් පොලිස් සයිරන් නලා හඬ ඇසී. ක්ෂනිකව තම යතුරුපැදිය පණගන්වා එතනින් ඉවත්ව
ගොස් මිනිත්තු හතලිහකට පසු.
ජැගුවරා යතුරුපැදිය. තම රහස් නවාතැනහි සඟවා ගේතුලට ගොස් දොර වසා ගත්තෙමි.

සුළු මොහොතකට පසු… සියලුම දේ සෝදා අවසන්ව, නැවත ජැගුවරා පණගන්වා. අප කාර්යාලය පිහිටි. මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ගොස් යතුරුපැදිය. එහි බිම්මහලට දමා, කිසිවක් නොවූ ගානට සාමාන්‍ය ලෙස සිටියෙමි. ලේ කුප්පිය. නියෝජිතයෙකු ලබාදී , අධිශීතකරණයට දමන මෙන් උපදෙස් ලබාදුන්නෙමි.

*excuse me sir…..

ෂුවර් … එන්න ඇතුලට නියෝජිත ජනිත්…

*thank u sir…. ඉතින් සර්… මොකද ගිය වැඩෙි.. මෙච්චර ඉක්මනට ආවෙ..

වැඩෙි හරි….

*ඈහ්…. වැඩෙි හරි….?

ඔව්… වැඩෙි හරි… කාර්එක පාරෙ එනකොට , පැන්නා පාරට. පැනලා හැප්පිලා වැටුනා වගේ රඟ පෑවා. දෙන්නා දෙපැත්තෙන් ආවා. දෙන්නට ක්ෂනිකව ගහලා බිම දැම්මා. දාලා ඉතින් පොල්බෑමූණාට ලේ එනකම්ම ගහලා ලේ ටිකක් කුප්පියකට දාගෙන ආවා.

**හැබෑටම… දැන් උන් දෙන්නා හොයනවා ඇති කවුද ගැහැව්වෙ කියලා…

කලබල වෙන්න එපා… පරණ තරහකාරයෙක් පිට ඒක යයි.

**එතකොට ……?

විනාඩියක් දෙන්න මට කෝල් එකක්….
හා .. නාරද … ඔව් … ඔව් .. රෑ එකොළහට
හරි රෑ එකොළහට අපි ඔතන…ok thank u

**රෑ එකොළහ වෙද්දී අපි එතන හිටපුවාම ඇද්ද සර්…

ඔව් නියෝජිත ජනිත් ….. එහෙම තමයි.

**මට සර්… මැවිලා පේනවා සර් උන්ට ගහපු විදිහ…

ඔව් …. මට ක්ෂනික පහරදීමක් කරන්න වුනා . මොකද ඒක මහ පාරනෙ. උදව්වකට තිබ්බෙ එතන බල්බ් දෙකක් අක්‍රීය වෙලා තිබ්බා එච්චරයි.

**එහෙමද… එතකොට උන් දෙන්නා
සර්ගෙ මුහුණ දැක්කෙ නැද්ද …

නැහැ යාළුවා… මම ෆුල්ෆේස් හෙල්මට් එක දාගෙනමයි හිටියෙ. පෙන්වන්න දේවල් ටිකක් තියනවා. මම එව්වා හෙට උදේට පෙන්වන්නම්.

**හරි සර්….. මම එහෙනම් කියන්නම් නේද අපේ ස්පයිඩර්ස් ලාට එතනින් ඉවත්වෙන්න කියලා.

හා …. ඔව් .. ඒක මට අමතක වුනා.
නැත්නම් එයාලට අවධානමට ලක්වෙන්න පුළුවන් …

එහෙනම් රෑ දහය හමාරට අපි හමුවෙමු.

**හොඳයි සර්… ජැගුවරා එක හැංගුවා නේද …?

ඔව්… ඒක අවුලක් නැහැ .

**ok sir….

රාත්‍රි දහය පසුවී මිනිත්තු තිහයි……

සාමාන්‍ය යතුරුපැදියකින් මරදාන රෝහල ආසන්නට විත්… කෝල් එකක් තම සහයකයා වෙත ගත්තෙමි.

*සර්…..

නාරද … අපි ස්ථාන ගතවෙලා ඉන්නෙ.

සර්…. මම තව විනාඩි කීපයකින් කතා කරන්නම්. පිටුපස තාප්පෙ පැත්තෙ බලන්න සුදුපාට තීන්ත වලින් ඇඳපු පූසෙකුගෙ ඔළුවක් අන්න එතන ඉන්න.

හොඳයි … නාරද…

අපි යමු සුපුන් ..
හරි…. සුපුන් ඔතන ඉන්න. අපි දෙන්නා එකට හිටියොත් ඒකත් අවුලක් තමයි. මම තාප්පෙ ලඟ ඉන්නම්. මොකද මෙි වෙලාවට පොලිස් මුර සංචාරය කරන කැබ්එකක් එනවා මෙි පාරෙ. වෙන ඉතින්
මොකුත් නැහැ . කඩවල් වල සිකුරුටි ඉන්නේ ඒ ආයතන ඇතුලේ මිසක එලියේ නෙමෙි. ඒ හන්දා අපිට ඒ පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ .

එහෙනම් හොඳයි… මම යනවා තැනට
ජයවේවා සුපුන් …..

**හරි සර් ජයවේවා එහෙනම්…

තම අත්ඔරලෝසුව දෙස බලනවිට රාත්‍රි දොලහ කනිසමට ආසන්න වී ඇතත්, කසුන් ගෙන් කිසිදු ප්‍රතිචාරයක් තවමත් නැත.

හ්ම්ම් කෝල් එකක් නේද…. නිහඬ කර ඇති තම දුරකථනය දෙදරන්නට විය…

හෙලෝ ඇයි සුපුන් ….

**සර් පොලීසිය එනවා. ඔතනින් මාරුවෙන්න … මමත් මාරුවෙනවා.

ඔීකේ සුපුන් …..

මැදියම් රාත්‍රියට ආසන්නව තිබුනද විටෙන් විට විවිධ වාහන ධාවනය වන අතර , එහි ඉදිරිපස ඇති දීප්තිමත් විදුලි
ලාම්පු එලියට මාර්ගයේ දෙපස පැහැදිලිව පෙනෙයි. එම එලියට පොලිස් නිලධාරින් දෙදෙනෙකු ටෝච් හා අවිආයුධ අතැතිව මුර සංචාර රාජකාරියේ යෙදී සිටින බව පසක් කරමින්, මා සිටින පැත්තට සෙමෙන් පැමිණෙයි. වහාම කලර් ලයිට් එක සමඟ තියෙන ෆයිනස් ගස් කිපයෙන් එක් ගසකට මුවා වීමට තීරණය කලෙමි.

`` ඒක නෙමෙි සාම් (සාජන්ට්) මහත්තයා… අද පංචිකාවත්ත පැත්තේ දෙන්නෙකුට අම්බානෙට නෙලලා නේද එකෙක් ඇවිත්.

ඔව් ඔවි මටත් ඇහුනා සෙට් එකෙන් මැසේජ් එක පාස්වෙනවා.

සාම් මහත්තයා හිතන්නේ කාගෙ වැඩක් වෙන්න ඇද්ද …

මට හිතෙන්නේ පාලිත ඔීක පාතාලයේ එකෙකුගෙ වැඩක්..

එකෙක් වෙන්න බෑ සාම් මහත්තයා. දෙතුන් දෙනෙක්වත් ඇවිත් ගහන්න ඇති. මොකද හොම්බකට සමතලා⁣ වෙන්න දීලා තියනවා..

නෑ නෑ…එකෙකුට සිහිය ඇවිත් තියනවා.
ඌ කියලා තියෙන්නෙ එකයි ගැහැව්වෙ කියලා.

මොනවා වුනත් සාම් මහත්තයා ඌ හොඳ වැඩකාරයෙක් වෙන්න ඔීන. ක්ෂනිකව ගහලා මාරුවෙලා තියනවා. හැබැයි මොකුත්ම අරගෙන ගිහින් නැහැල්ලු නේද.

ඔව්… මටත් ඇහුන විදිහට මොකුත් අරගෙන ගිහින් නෑ.

එහෙනම් පරණ කෝන්තරයක් පිරිමහගන්න ඇති.

ඔව් පාලිත මහත්තයා … හැබැයි කිසිම සලකුණක් ඉතිරි කරලා නෑ.

අනේ මන්දා සාමි මහත්තයා..

හරි හරි යමු යමු මෙතනින් ´´

කලර් ලයිට් එක පසුකරගෙන පාරෙ අනිත් පැත්තට මාරුවී නොපෙනී යනකම් සිට, මා නැවත තාප්පය දෙසට සේන්දු වුනෙමි.

*හෙලෝ සර්….( දුරකථනයෙන් )

ඔව් නාරද ….

*සර් ලොකේෂන් එකේද ඉන්නෙ …?

ඔව්… නාරද ..හරි මම ස්ථානගතවෙලා ඉන්නෙ.

*සර්… උඩ බලාගෙන ඉන්න. මම දැන් ටෝච් එක එවනවා. පුළුවන් තරම් ඉක්මනට මට නැවත ඒක මට දෙන්න.

හොඳයි හොඳයි නාරද ….

දඩාස්….. ටෝච් එක බිමට වැටුනි. වහාම එය අහුලාගත් මා සහය දුවන්නෙකු මෙන්
දුවන්නට වීමි.

**සර්…..(දුරකථනයෙන්)

කොහෙද ඉන්නෙ මනුස්සයෝ ….?

**සර් මම පිටිපස්සෙන් එනවා…
කියමින් පිටුපසින් පැමිණ වේගය අඩාල කර පසු මා ⁣ක්ෂනිකව නැග ගත් පසු හීයක බදු වේගයෙන් මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ගමන් ගත්තෙමු.
යතුරුපැදිය නවතා දෙදෙනාම දෙවන තට්ටුව වෙත ගොස් තම කාර්යාලයට වෙත එහි මෙිසය මත විදුලිපන්දම තබා
එහි පිටුපස ලෝහ පියන කරකවා විවෘත
කෙරුවෙමි. එහි බැටරි දෙක එලියට ගන්නා විට තරමක් ඝනකම් සහිත සිලින්ඩාකාර ලෙස හැඩ කරන ලද කඩදාසියක්ද එහි විය.
`` ජැක්පොට් මාධව ´´ කියමින් එය ඉවතට ගෙන,

නියෝජිත ජනිත්…

**සර්….?

ගන්න ඔතනින් A4 එකකුයි , කාබන් කොලයකින්.

**ආ.. සර්….

තුනී කඩදාසිය මත කාබන් කොලය තබා, එහි මත විදුලිපන්දමෙන් එලියට ගත් කඩදාසිය තබා. කලින් සපයාගත් සිලින්ඩාකාර විදූරු බෝතලය තබා රෝල්කර බැලුවෙමි. යම්කිසි රටාවකට ලියන ලද ඉංග්‍රීසි අක්ෂර කීපයක් යට කඩදාසිය පුරාවට පිටපත්වී තිබුනි.

**හරි නේද සර්….

හරි හරි…. අපි ඉක්මන් කරන්න ඔීන සුපුන්.. කියමින් නැවත විදුලිපන්දමට
බැටරි දෙක හා කඩදාසිය රවුම්කර දමා

**යමු යමු සර්……

නැවත කඩසාප්පු සංකීර්ණයෙන් එලියට විත් , යතුරුපැදිය පණ ගන්වා ඉතාම වෙිගයෙන් මරදාන රෝහලේ පසුපස තාප්පය වෙත ගොස් ඇමතුමක් තම සහයකයා වෙත ගත්තෙමි.

නාරද…

*සර් වැඩෙි හරිද….? ( දුරකථනයෙන් )

ඔව් …. මම දැන් මෙික උඩින් ඔතනට දානවා අරගන්න . මට මෙතන රැ⁣ඳෙන්න බැහැ ⁣නිතරම පොලිස් පැට්‍රෝල් (මුර සංචාරයක්) එකක් යනවා මෙි පාරෙන්.

*හරි සර් යන්න ඔීක මෙහාට විසික් කරලා…මම බලාගන්නම් ඉතුරු හරිය…

Ok කසුන්…

දුරකථනය විසන්ධි කර, විදුලිපන්දම තාප්පයෙන් එහා පැත්තට විසික් කරපසු. දෙදෙනාම එතනින් වහාම ඉවත්ව යන ලදි.

අළුයම එකහමාරයි … නියෝජිත ජනිත් යන්න ගිහින් විවෙක ගන්න. මමත් යනවා විවෙිකගන්න. අපි උදේට කතා කරමු .

**ok sir…

නියෝජිත ජනිත්…

**සර්…

Thankz for ur everythings ….

**my pleasure sir….

උදෑසන අටට පමණ නියෝජිත ජනිත් හා කසුන් මා හමුවට ආවෙ වත්මන් තොරතුරු දැනගැනීමෙ අදහසිනි.

Good morning …. එන්න දෙන්නම..
කසුන් මහත්තයා දැන් ද ආවෙ නයිට් කරලා…

*good morning sir…
මම දැන් ඇවිත් පැයක් විතර වෙනවා.

හොඳයි හොඳයි….. ඉතින් මොකද ඊයේ රෑ වුනේ….?

මොකුත් නැහැ සර්… මම ශාන්ත ගොයියගෙ වතුර බෝතලේට නිදිපෙත්තක් දැම්මා . මෑන් රෑට කනකොට ටිකක් පරක්කු වුනා. කාලා පුටුවක ඇලවුනා එච්චරයි …

**ඇල ගඟ වුනා එහෙමද සර්…

*ඔව් ඔව්… ජනිත් මහත්තයා ….

නියමයි ඊට පස්සේ ටෝච්එක අපිට එව්වා.

*ඔව් සර්…..

බොහොම හොඳයි… අපිත් පොඩි දුෂ්කරතා වලට මුහුණ දුන්නා ටෝච් එක ගන්න ගිහින් ….

*ඒ මොකද සර්…..

මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now