⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 23 වන දිගහැරුම ⸎
> දුම්වැටියෙන් අනතුර <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**එහෙනම් සර් මෙි පඩිපෙල දිගේ උඩට ගිහින් ගහලා දාමු.

ඔව් මහත්වරුනි සිග්සැග් ක්‍රමයට යමු. මම දකුනෙ. කසුන් වමේ , සුපුන් නැවත දකුනෙ. හරිද.. එහෙනම් එකා….යි. දෙකා…යි. තුනා…යි. යමු

මෙතැන් සිට……..

තිදෙනාම ඉතාමත් සෙමෙන් ඉදිරියට පය තැබුවෙමු. පලමුව ගමන්කලේ මාය. මා පසුපසින් සිග්සැග් ක්‍රමයට අනෙක් දෙදෙනා මා පසුපස සෙමින් එන්නට විය.
පලමු තට්ටුව තරණය කර දෙවන තට්ටුව
එනවිට එය ඝන අන්ධකාරයෙන් වැසුනද , වරින්වර ලොකු වාහන ගමන් කරනවිට යන්තමින් තත්පර දෙක තුනක පමණ කාලයක් ඝනදුර මකාලන්නට සමත්විය. ඒ අවසරින් වටපිටාව සීරුමාරුවට පරික්ෂා කරනවිට. කුඩා ජනේලය අසල එකෙකු තරමක් දිග අවියක් අතැතිව සිටින අතර එම අවියේ කෙලවර කොටස වන බැරලය ජනේලයෙන් එලියට දමා සිටින බැව් පෙනුනි. තවත තවත් බිත්තියේ දෙපස දිහා එබී බලනවිට.
කුඩා රතු පැහැති දෙයක් දීප්තිමත් ලෙස දිලිසෙනු දැකගත හැකිවිය. සැබවින්ම එය දුම්වැටියකි. එය වරින්වර අඩ කවයක් නිරූපණය කරන්නාක් මෙන් ඉහලට පහලට ගමන් කරයි. එසේනම්
මෙි අවස්ථාවෙ ඔහු දුම්දුම්වැටිය පානය කරමින් සිටින බැව් පෙනේ.

මා නැවතී ඇති බැව් දුටු සහයකයින් දෙදෙනාද නැවතී , කිසිම අදහසක් නොමැතිව මා කරන්නේ කුමක්ද යනුවෙන් ප්‍රශ්නාර්ථව , මා දෙස බලමින් පසුවෙයි. මා ප්‍රතිවාදීන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට නිරීක්ෂණය කලේ දෙදෙනාගෙන්
අපට එරෙහිව ඉක්මනින් ක්‍රියාත්මක විය හැක්කෙ කාටද යනුවෙන් තීරණය කිරීමටය. කුඩා ජනේලයට මුහුණලා සිටින ප්‍රතිවාදියාහට අපට වෙඩි තැබීමට නම් ඔහුට ආපසු හැරීමට සිදුවෙයි. නමුත් දෙවැන්නාට එසේ කිරීමට අවශ්‍යතාවයක් නැත. ඔහුට ක්‍රියාත්මක වීමට වැඩි කාලයක් ගත වන්නේ නැති බැවින් පලමුවෙන්ම ඔහුව වැට්ටීම කල යුතුයි.

එසේනම් ඉහලදී දුම්වැටියේ කෙලවර දැවෙන රතු තිත නවතින්නේ ඔහුගේ මුවගින් නම්, ඊට වඩා අඟල් හතරක් පමණ ඉහලට ඉලක්ක කර මා වෙඩිල්ල තැබිය යුතුයි. ක්ෂනිකව පිස්තෝලය බිත්ති දාරයෙන් ඇතුලට දමා පහල තිබූ දුම්වැටිය ඉහලට ගොස් නවතින විටම ඊට ඉහලින් ඉලක්ක කර ඔහුගේ හිසට වෙඩි තැබුවෙමි. ``චස්ස්ස් ´´ හඬ නංවමින් උණ්ඩය නිකුත් විය. `` දඩාස්´´
හඬ නංවමින් ඔහු ඇදවැටෙන විට. ඒ ශබ්දය ඇසි අනෙකා ආපසු හැරෙනවාත් සමග ඔහුගේ අත් දෙකට වෙඩිල්ලක් තබා , අත තිබු පිස්තෝලය බිම දැමුවෙමි.

ඔහොම හිටපං. කියමින් ඉතුරු පඩියත් තරණය කෙරු මා ප්‍රතිවාදියා ලඟට ගියෙමි. හ්ම්ම්… සෙල්ලම ඉවරයි.
උඹලා හිතුවද මම එච්චර මෝඩයි කියලා කෙලින්ම රිංගන්න. පිස්තෝලය මානගෙනම ඔහු ලගට ගියෙමි.

**මා මිත්‍රය.. එලෙස කෙලෙස..? කෝ අපට අවස්ථාවක්…?

කෙලෙස මා කියන්නද මා මිත්‍රය …? මෙි ඝනදුර සියල්ල පවසාලීමට බාධාවක් වුන බව ඔබ නොදන්නෙහිද…?

**එසේය එසේය. මාහට දැන් වැටහෙයි. විධානය හා විචාරනය දුෂ්කර බව. එම්බල දුෂ්ඨය… ඊලඟ උණ්ඩය තගේ සිරස පසාරු කිරීමට ප්‍රථම කියාපිය තෝ කවුද යනවග.

*අනෙකාගෙ හිසට වැදුන උණ්ඩයෙන් ඔහුගෙ අවසන් හුස්ම පොද වාතලයට මුසුවී හමාරයි මා සගයනි.

සැබෑවක්ද ඔබ පවසන්නේ…? ප්‍රීති.. ප්‍රීති..

**සර් මෙහෙම කතා කරොත් දිගටම මූට පිස්සු හැදෙයි. බට්ටි මැරෙයි. කිසිම දෙයක් ගන්න බැරිවෙයි මුගෙන්. එම්බල මෘග්ධය.. සොරි සොරි වැරදුනා. තොපි මොක්කුද කියපිය ඉස්සරලාම.

වෙඩික්කරු - අපි මහේෂ් ජීවානන්දගෙ ගෝලයින්.

හ්ම්ම්… හරි ෂෝයි.. එතකොට තොපි දෙන්නා මෙතන මොකද කරන්නේ…?

**දොඩපිය දොඩපිය හනිකට. තුඡ්ච ප්‍රාණියා..

*ආයෙත් පටන්ගත්තද…

**ටහුඩු ආයේ කියැවුණා නේද.. සොරි සොරි සර්…

වෙඩික්කරු - එහා පැත්තෙ අංක 44 කඩ කාමරයේ ඉන්නයා ලේඩි කෙනෙක්. එයා CDI එකේ කියලා අපේ ගැන්සියේ කට්ටිය හොයාගත්තා. ඒකිව එතන බැඳලා දාලා ඉන්නේ. ඒකිව ලෙහලා දාන්න එන හැම එකාටම මෙි ජනේලයෙන් එලියට පිස්තෝලය දාලා වෙඩි තියන්න තමයි අපි සැළසුම් කරලා තිබ්බෙ. ඒකිටම කියලා පණිවිඩ යැව්වෙත් අපිම තමයි.

හ්ම්ම්… එහෙමද..? ඒකිට තුවාල කෙරුවද උඹලා …?

වෙඩික්කරු - නැහැ. අතපය බැඳලා දාලා,
කට වහලා තියෙන්නෙ.

*එතකොට මෙි යාල ඇතුලෙ ගේම්එක හැඬල් කරන්නේ මහේෂ් ද නැත්නම් උගෙ තාත්තද….?

වෙඩික්කරු - මහේෂ් සර්.

**44 කාමරයේ තව කීදෙනෙක් ඉන්නවද උඹලගේ අය..?

වෙඩික්කරු - කවුරුවත් නැහැ.

හරි… උඹට මම දෙයක් කියන්නම් CDI වගේ රාජ්‍ය ආරක්ෂාව ගැන රහසිගතව හොයාබලන නියෝජිතයින් සම්පූර්ණ පණිවිඩයක් දුන්නොත් , ඒක ඇත්තක්.
නමුත් පණිවිඩයේ අවසාන ටිකේ එක අකුරක්වත් අඩු වුනොත් , එතන තියෙන්නෙ අනතුරක පෙර නිමිති බව මතක තියාගනින්. මට ආපු පණිවිඩයත් අංග සම්පූර්ණ එකක් නෙමෙි. ඒකයි උඹලා දෙන්නා මාට්ටු වෙන්න ප්‍රධානතම හේතුව. උඹලා අදක්ෂ නැහැ. නමුත් ඒ ලේඩි ලබපු පුහුණුවට උඹලා පරාද වුනා.
දැන් මෙි මැරිච්ච එකත් එක්ක කතාබස් කරලා අඩුපාඩු හදාගනින්. නියෝජිත ජනිත්.

**එහෙමයි මිත්‍රයා.. කියමින් වෙඩික්කරුගේ හිසට වෙඩිල්ලක් තැබවා.

``අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ´´
යමු මහත්වරුනි. අංක 44 කඩ කාමරයට.

*එතකොට මට අවස්ථාවක් නැහැ නේද…?

ඉල්ලලා මිනී මරන්න එපා යාළුවා. මම නියෝජිත ජනිත්ට ඔය අවස්ථාව දුන්නෙ නැත්නම්. මෙියකා හීනෙනුත් මට බනියි.
කියමින් මෘත ශරීර දෙකේ ජංගම දුරකථන පමණක් අතට ගෙන මාගේ කබා සාක්කුවට දමා ගත්තෙමි.

*හහ් හහ් හා.. හැබෑව හැබෑව සර්. අපි ඉක්මනට යමු.

**හෑහ් ( ඇස් ලොකු කරමින් )

තිදෙනාම තරප්පු පෙල බැසගෙන , පටුමාවතේ එහා පැත්තට පැන සුළු කොටසක් විවෘතව තිබූ දොර මා විවෘත කරනවිට කසුන් පිස්තෝලය මාවගෙනම ඉස්සර විය. ඊට පිටුපසින් නියෝජිත ජේ 50 ද, ඉක්බිතිව මාද ගමන් කලේ උඩ කඩ කාමරය වන අංක 44 කාමරය වෙතය.
අඳුර මකාලන්නට නියෝජිත ජේ 50 විසින් විදුලි පන්දම දල්වා වටපිට බලන විට
දිව්‍යා සිහිසුන්ව දෑත් හා දෙපය පුටුවකට තබා බැඳදමා තිබුනි. වහාම මුව වසා තිබූ
ටෙිප් එක ගලවා දැමීය.

දිව්‍යා - බොහොමයක් ස්තුතියි සර්.

**ඉන්න මැඩම් මම ලෙහලා දාන්නම්. කියමින් නියෝජිත ජේ 50 විසින් තම කිනිස්ස අතට ⁣ගෙන රැහැන් එකිනෙක කපා දමන විට මා සිටියේ කාමරයේ දොරකඩ ලඟ රැකවල් දමාගෙනය.

හරි අපි තව ටිකක් මෙතන ඉමු. තව මුන්ගේ කීදෙනෙක් මග එනවද කියන්න දන්නෙ නැහැ. ඒ හන්දා සුපුන් මහත්තයා
දෙන්න කෝල් එකක් මෙතනට වෑන් එක අරගෙන එන්න කියලා නියෝජිත බී 200ට.

**හරි සර්….

දිව්‍යා මැඩම් ඔයා හොඳින් නේද…?


දිව්‍යා - ඔව් සර්.

හොඳයි.. අපි පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පිටත්වෙමු.

සුළු මොහොතකට පසු කළු පැහැති වෑන් රථයක් පහල කඩ කාමරය ලඟ නතර විය. ඉදිරි දොරෙ වීදුරු ආවරණය පහලට කර රතු පැහැති ලේසර් එලියක් අප දෙසට එල්ල විය.

හරි.. ඒ නියෝජිත බී200 තමයි. අපි යමු.
කියමින් පලමුව තිදෙනාද , අවසානයේ මමද වෑන්රියට ගොඩවිය.

***සර් අපි කොහෙද යන්නේ …?

අපි එන් හවුස් එකට යමු. මෙහෙ ඉන්න එක මෙි මැඩම්ට හොඳ මදි..

***හරි සර්…

*ඒක හොඳයි සර්… දිව්‍යා මැඩම්. ටිකක පස්සට ගිහින් විවෙික ගන්න. අපි කතා කරන්නම්.

දිව්‍යා - බොහොම ස්තුතියි සර්..

*ඒක සුළු දෙයක්..

**මැඩම් මට විනාඩියක් දෙන්න. කියමින් වෑන්රියේ ලොකර් එකකින් සිග්නල් ට්‍රැකර් ( කුඩා විදුලි සංඥ්ඤා සම්ප්‍රේෂක යන්ත්‍ර නිරීක්ෂණය කිරීමෙි උපකරණය ) එක අරගෙන දිව්‍යාගේ බාහිර හිසේ සිට පාදාන්තය⁣ දක්වා එය ගෙන යන ලදි.
ක්ලියර් සර්.

හ්ම්ම්… බොහොම හොඳයි. කියන්න බැහැනෙ මුන් ඔය ටිකට මයික්‍රෝ ජීපීඑස් ඇඟට කවලද කියලා. කොහොම වුනත් දැන් ඉඳලා අපි පරිස්සමෙන් කටයුතු කරන්න වෙනවා. අපිව සැක කරන්නේ කවුද ඌට ගහලා දාන්න වෙනවා. නැත්නම් මෙි ප්‍රශ්නයට අතගහන්න මීටත් වඩා අමාරු වෙනවා.

*ඔව් සර්. ඒක ඇත්ත. ඊලඟට මොකද කරන්නේ ..?

හොඳ ප්‍රශ්නයක්.. මෙි මොහොතේ ඉඳලා අපිව ලුහුබඳින , සැක කරන, ඒ වගේම උපක්‍රමශීලීව අපිට ගහන්න හදන සේරමටම ගහලා දාන්න ඕන.

**සර් මැඩම්ට නින්ද ගිහින් වගේ. නියෝජිත බී 200 වාහනේ අපිට දෙන්න. ඔයා ඔතනින් බැහැලා ටෙක්ස්ටයිල්ස් එකට යන්න.

***හොඳයි …
කියමින් නියෝජිතයා වෑන්රියෙන් බැස යන්නට විය. නියෝජිත ජනිත් වෑන්රියේ පාලනය සියතට ගනිමින් ඉදිරියට යන ලදි.

සමහරවිට සිහිනැති කරලා ඔය කඩ කාමරයට අරගෙන යන්න ඇති. ඒ බෙහෙත් වල සැර තමව පහව ගිහින් නැතුව ඇති. ඔයින් ගියා මදැයි.

*සර් බයික් දෙකක් සෑහෙන වෙලාවක් තිස්සේ අපේ පස්සෙන් එනවා.

කෝ බලන්න.. ඔව් සුපුන් අපි තව ටිකක් වෙිගයෙන් යමු. උන්ට වඩා මීටර් තුන්සියයකට වඩා පරතරයක් තියලා ටිකක් සෙනඟ අඩු හරියකින් අපි දෙන්නව දාලා යන්න. අපිව දාලා මීටර් පනහක් විතර ගිහින් වාහනය නවත්තලා ඉන්න. බහින්න එපා. මෙික බුලට් පෲෆ් නේද…?

**ඔව් සර්..

නියමයි . නියමයි ….

වෑන්රියේ වෙිගය තව තවත් වැඩි කරන්නට විය. ඉදිරියෙන් රථවාහන පොලීසිය සිටි අතර ඔවුන් අපව නැවත්වීමට උත්සාහ කලේ නැත. නමුත්
මා පසුපස බලාම සිටි අතර , අප පසුපසින් පේනමානයේ වේගයෙන් ධාවනය කරන යතුරුපැදි දෙකට පොලිස් නිලධාරීන් නවත්තන ලෙස විධානය කලද, ඔවුන් නොනවත්වා අප පපසුපස ලුහුබඳින්නට විය.

කසුන් වැඩෙි සනාථයි. උන් නැවැත්වුයේ නැහැ. බඩුම තමයි. සුපුන් පාළු තැනක අපිව නවත්වන්න.

**ඕකේ සර්….

විනාඩි දෙකක් පමණ වෙලාවක් ඉතා වෙිගයෙන් ගමන්ගත් වෑන්රිය එකවර නවත්වන විට අප දෙදෙනා දෙපැත්තෙන් එලියට පැන ගත්තෙමු. දෙදෙනා පාර දෙපැත්තේ දණහිසෙන් හිටගෙන ඉදිරියට එන යතුරුපැදි කරුවන්ට වෙඩි තැබුවෙමු.
යතුරුපැදි දෙකම බිමට පෙරලී වේගයෙන් පාර දිගේ ඇදී එන්නට විය. පෙරලී ඇදී එන යතුරුපැදි දෙක පසුපස දුවගෙන ⁣ගිය අප දෙදෙනා උන් හතර දෙනාටම වෙඩි තැබුවෙමු. නිසොල්මන්ව සිටි ඔවුන් ලඟට ගොස් , හිසට එක වෙවෙඩිල්ල ගානෙ තබා වෙිගයෙන් ඉදිරියට දුව ගොස් වෑන්රියට ගොඩවනවිට නියෝජිත ජනිත් වෙිගය වැඩි කරන්නට විය. වාහන කීපයක් පාර හරහා යාමට නොහැකිව නවත්වන බැව් එය පසුකර යන අපට දක්නට ලැබුනි.

යමු සුපුන් ….

**සර් කොහොමද උන් අපේ පස්සෙන් ආවෙි.. ?

මම ඒක තමයි කිව්වෙ. මුන් සේරම තැනින් තැන ඉන්නවා කියලා. හොඳට මතක් කරලා බලන්න ඔය යාල කිට්ටුවට යනකොට පොඩි පොල්අතු කඩෙික කෙසෙල් කැන් දෙකක් විතරක් දාගෙන
මොනවද කරන්නේ…? කෙසෙල් කැන් දෙකම විකුණා ගත්තත් මෑන්ට පුළුවන්ද
දවසේ වියදමෙන් බාගයක් වත් හොයාගන්න …? අන්න එතන තමයි පොයින්ට් එක. අපි ඒක ගැන තමයි හිතන්න ඕන. ඒ වගේ ඉන්නෙ උන්ගෙ ක්ෂේත්‍ර ඔත්තුකරුවන්. උන් තමයි හැමදෙයක් ගැනම තොරතුරු දෙන්නේ.
ඒ වගේ නුගේගොඩ යම් තැනක විවිධ වෙිෂයෙන් එකෙක් දෙන්නෙක් ඉන්න ඇති.
උන්⁣ දෙන්න ඇති සෙම්බුව ගාණට.

හරි… අපි යමුකො සේෆ් හවුස් එකට. ගිහින් තීරණය කරමු මොකද කරන්නේ කියලා.

හෝරාවකට පසු වත්තල එන්හවුස් එකට අපට ඒමට හැකිවිය.

*දිව්‍යා මැඩම් නැගිටින්න. අපි තැනට ආවා.

සේෆ් හවුස් එකට මම ආ විගස සියලුම කැමරා ක්‍රියාත්මක කරනවිට සහය නියෝජිතයා වාහනය ගාල්කර දොර වසා දමන ලදි.

**මැඩම් මෙි තමයි අපේ තාවකාලික නවාතැන් ගන්න පුළුවන් තැනක්. මෙික ගෙයක් කිව්වට ගෙයක්ම නෙමෙයි. මෙික බංකර් එකක්. මෙිකෙ හැමදෙයක්ම තියනවා. 2.7 මිමි පිස්තෝලයේ බඳලා රොකට් ලෝන්චර් එක දක්වා ආයුධගාරයක් තියනවා. ඒ වගේම උයාගන්න කිචන් එකක්. වියලි ආහාර වගේම මෙික සම්පූර්ණ සමතලා වුනත්, මෙිකෙ ඉන්න කිසිම කෙනෙකුට හානියක්
වෙන්නෙ නැහැ.

දිව්‍යා - නියමයිනෙ සර්… සර්ලගේ සංවිධානයට හැදෙයක්ම දීලා තියනවනෙ රජය.

හහ් හහ් හා… මොන රජය ආවත් අපි , අපිම තමයි ඉතින්. රජයන් අපිට අදාල ⁣නැහැ. දැන් අපිට කියන්න මැඩම් මොකද වුනේ කියලා.

දිව්‍යා - සර්ට මම කිව්වනෙ යාල විද්‍යාගාරයේ මම සහය විද්‍යාඥ්ඥයෙක් විදිහට වැඩ කරනවා කියලා.මම ගියේ එතනට සාක්ෂි රැස්කරගන්න කියලා හිතාගෙන. නමුත් එතන එහෙම කිසිම දෙයක් කරන්න බැහැ කොච්චර දක්ෂ ඔත්තු කරුවෙකුට වුනත්, ඒ තරම් උන් හැමතැනම කැමරා හයිකරලා තියෙන්නෙ. සමහර එව්වා අක්‍රිය කරාට
සැඟවුණු කැමරා තියනවා. ඒවා අක්‍රීය කරන්න බැහැ. මම දැන් මාස තුනක් තිස්සේ උත්සාහ කරන්නේ සාක්ෂි හොයන්න. නමුත් අදවනතුරු මට කරගන්න බැරි වුනෙත් ඒකම තමයි.

**එතකොට මැඩමිව චෙක් වුනේ කොහොමද… ?

දිව්‍යා - මම හිතන්නේ උන්ට මාව චෙක්වුනේ නැහැ අවසාන මොහොත දක්වා. නමුත් උන් මගෙ ෆෝන්එක ටැප් කරලා තියනවා. එතනදී සර්ට මම නුගේගොඩ හන්දියට එන්න කියපු මැසේජ් එක උන්ටත් කොපිවෙලා තියනවා. ඒකෙන් තමයි වැඩෙි ගැස්සුනේ.
ඈත ඉඳලා මට නිර්වින්දන මොනවාහරි උන් ෂුට් කරා වෙන්න ඕන. මොකද මට තේරුනා ඉදිකටුවක් වගේ යමක් මගෙ බෙල්ලෙ වදිනවා. පස්සේ මම නිකං මත්වුනා වගේ දැනුනා. ඊට පස්සේ එකෙක් මගෙ ලඟට ඇවිත් ``උඹ විතරක් මදි. එන්න කියපු එවුන්ටත් එන්න කියපිය ´´ කියලා කොලයක් දුන්නා අතට ඒ විෂට මට කිසිම දෙයක් කරගන්න වාරු නැහැ සර්. ඊට පස්සේ තමයි සර්ගෙන් සහය ඉල්ලන්න ඕන හන්දා බාගෙට පණිවිඩය ලිව්වෙ. නැත්නම් මෙිවනවිට මමත් මහාචාර්ය විනීත සර් ලඟ. මොනවා වුනත් CDI එකට වඩා සර්ලා හුඟක් ඉදිරියෙන් ඉන්නවා. මට තවම මිෂන් එකක ලැබුනෙ නැති හන්දා තමයි මම මෙිකට අත ගැහැව්වෙ. අනික විනීත අංකල් කියන්නේ මට තාත්තා කෙනෙක් වගේ.

හ්ම්ම්… කාරි නෑ මැඩම්. අපි සේරටම ගහලා දාමු මිෂන් එක හොඳින් හරි නරකින් හරි ඉවර කරනවා. මැඩම් දන්නවද වැඩක්. මැඩම් දැන් නෙ හරියට
ප්‍රකෘති වුනේ. මැඩම්ට තියනවා සර්ප්‍රයිස් එකක්. නේද මහත්වරුනි.

*ඔවි සර්…. නියෝජිත ජනිත් දාන්න බලන්න ඔය ටීවී එක බලන්න.

**ඉන්න සර්. කියමින් නියෝජිතයා එක එක චැනල් මාරුකර කරන ලදි.

*අන්න ඒක තියන්න…

`` මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්.
කොටාපාර මංසන්ධිය අසල පාතාල කල්ලි දෙකක් අතර වෙඩි හුවමාරුවකින් යතුරුපැදි දෙකකින් ආ හතර දෙනෙකු
මියගොස් ඇති බැව් ආරංචි මාර්ග පවසයි.
ඔවුන්ගෙ හිසට වෙඩි පාරවල් කීපයක් එල්ලවී ඇති බැවින් රෝහල් ගතකිරීමක්
කිරිමට නොහැකිව ඇති බැවි පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙි පිලිබඳව සවිස්තරාත්මක පුවතක් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වන්න ´´

දිව්‍යා - මොනවා… ඒ කියන්නේ අපි එන ගමනුත් උන් ගැහැවිවද…?

**ඔව් මැඩම්. අපේ පස්සෙන් උන් හතර දෙනෙක් ආවා. කරන්න දෙයක් නැහැ ගහලා මාරු වුනා. දැන් තත්වය සීරීයස් වෙලා තියෙන්නෙ.

ඔව්.. මැඩම් මෙි සේ්‍ෆ් හවුස් එකේ ටික කාලයක් ඉන්න. ගැහැණු ඇඳුම් නම්. මෙිකෙ නැහැ. පිරිමි ඇඳුම් තියනවා.
අපේ ඒජන්ට් කෙනෙක් හෙට ඇවිත් ගැහැණු ඇඳුම් ටිකක් දෙයි. ඒක ගන්න.

දිව්‍යා - ඒකට කමක් නැහැ සර්. ඒ කියන්නේ සර්ලගෙ සංවිධානයේ ලේඩි ඔෆිසර්ස්ලා නැද්ද …?

නැහැ මැඩම් … එහෙනම් අපි යමු. රෑට කෑම ඕන දෙයක් හදාගෙන කාලා ඉන්න.
මතක තියාගන්න හැමදේම මෙිකෙ ඇතුලෙ තියනවා. මෙන්න මෙි පිස්තෝලය ගන්න. ඒ වගේම මෙන්න මැගසින් පහක්. ඒකත් ගන්න. මොනවාහරි තියනවා නම් මට මෙන්න මෙි බිත්තියේ තියෙන ෆෝන් එකෙන් කොල් එකක් ගන්න. මගෙ කෝඩ්එක 4017555.

දිව්‍යා - හරි සර්…

හ්ම්ම්… අපි යමු මහත්වරුනි …

දිව්‍යා - සර්….

හ්ම්ම්… ?

දිව්‍යා - ඔයාලට බොහොමයක් ස්තුතියි මට කරපු හැමදේකටම.

තිදෙනාම හිස වනා අනුමත කෙරුවෙමු.


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now