⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 54 වන දිගහැරුම ⸎

`` අවසාන සැළසුම ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


කසුන්… මට දකින පේන හැමදේම කියන්න. විශේෂයෙන්ම ටයිගර්ස්ලගෙ ඉලක්ක පත් ටික. හරියට ටියුනප් කරගන්න ඔය බයිනො එක. උන්ගෙ හැම ටාගට් එකක් ම මට ක්ලියර් වෙන්න ඔීන.
මොකාට වුනත් මම ගහනවා. පොලීසියේ අය බෙිරගන්න එච්චරයි.

*හරි සර්…..

අපි දෙවන මැසේජ් එක එනකම් ඉමු….

*ok sir…..

ඉන්න පොඩ්ඩක්… නිහඬ කරන ලද දුරකථනය දෙදරන්නට විය..

හෙලෝ…..

***හෙලෝ… F2.0

Agent confirmed …. කියන්න.

***AST දෙවන පැකේජ් හතරක් පැන්සල්
( ආයුධ ) එක්ක වෙරළ පාරට හැරෙව්වා.

Are u sure….?

***yes sir….

Ok … plz leave immediately .. tango and out.. ( කරුණාකර පි⁣ටවෙන්න ස්තුතියි )

Agents…. All informations are confirmed.
Get reddy. ( නියෝජිතයිනි.. සෑම තොරතුරක් ම තහවුරුයි. ලෑස්ති වෙන්න)

මාගේ දුරදක්නය ඔස්සේ සිදුවීම බලා සිටින්නෙමි.
ටයිගර්ස්ලා පිරිස ජීප් රථ කීපයකින් පාළු නිවස අසලට පැමිණ වැලි , දූවිලි විහිදුවාලමින් රථපෙල නවත්වා.. ඇනිටනී විසින් ගේ උළුවස්සෙන් ඇතුලට යනවාත් සමගම වෙඩි හඬවල් දෙකක් ඇසෙන්නට විය. ඉන්පසු පාළු නිවසින් එලියට ආ ඇන්ටනී තම සඟයින්ට ඉතාමත් කේන්තියෙන් යමක් පවසනවාත් සමගම , පොලිස් ජීප් රථ පෙලක් ඔවුන්ව වටකරගෙන වෙරලේ නවත්වන ලදී එසැනෙන් ඇන්ටනී ඇතුළු ගෝලයින් තම පිස්තෝල වලින් පොලිස් භටයින් හට වෙඩි පිට වෙඩි තබන විය. පොලිස් භටයින් තම තමන් පැමිණි වාහන ආවරණය කරගනිමින් පෙරලා වෙඩි තියන්නට විය..

කසුන්… මට ඉල්ලක පත කියන්න. වැඩෙි පටන්ගමු… කියමින් ස්නයිපරයේ ඇති සුසර ස්කෝපය පැහැදිලි වන සේ කරකවා , දෙවනුව දුර මීටර් 500 ට දමා. ඉදිරියේ ඇති ටයිගර් ඉලක්කපත් කීපයක් දිහා
නිරීක්ෂණය කෙරුවෙමි.

*target. Clock range one. One clear vision.
ඉලක්කය ඔර්ලෝසු ඉලක්කපතේ දුර අංක එක. ඉලක්කපත් එකක් පැහැදිලියි )

දකුණු පස බිත්තිය ආවරණය කරගෙන සිටි එකෙකුට වෙඩි තැබුවෙමි.

*target down….
Clock range two. One target clear vision.
ඉලක්කය සාර්ථකයි. ඔර්ලෝසු ඉලක්කපතේ දුර අංක දෙක. ඉලක්කපත් එකක් පැහැදිලියි )

ඊට ටිකක් එහායින් දකුණු පස සිටි තවකෙකුට වෙඩි තැබුවෙමි.

*target down… clock range nine . two targets clear vision. (ඉලක්කය සාර්ථකයි. ඔර්ලෝසු ඉලක්කපතේ දුර අංක නමය. ඉලක්කපත් දෙකක් පැහැදිලියි )

(ඔරලෝසු ඉලක්කපත් ක්‍රමය - ඔීනෑම රටක රාජ්‍ය හමුදාවක් සජීවි ක්‍රියාන්විතයකදී ඉදිරියේ ඇති සතුරු ඉලක්කපත් ගැන විස්තර කිරීමට මෙම ඔර්ලෝසු ඉලක්කපත් ක්‍රමය භාවිතා කරයි ඉදිරි භූමිය දෙස බලනවිට ඔරලෝසුවෙ හරි මැද තමන්ගෙ සාපේක්ෂ ඇස් මට්ටමද. 12, 06 , 03 , 09 වශයෙන්
සතර දිශාවන් නිරූපණය වෙි. ඉලක්කපත් පිහිටීම හා තමා සිට එයට ඇති දුර ස්නයිපර් ( වෙඩික්කරු ) ගේ සහයකයා විසින් ඉදිරි භූමිය නිරීක්ෂණය කර නිවැරදි දත්තයන් ලබාදෙනු ලබයි )

තවත් දෙදෙනෙක් ඉදිරියේ වම්පසට බරව
ගල් කුට්ටි දෙකක් ආවරණය කරගෙන වෙඩි තබන්නට විය. ඔවුන් දෙදෙනාටද වෙඩි තැබුවෙමි.

සහයක නියෝජිතයා ඉලක්පත් වල දිශාව හා දුර පිලිබඳ තොරතුරු නිවැරදි ව ලබාදුන් හේතුවෙන්. නිරවුල්ව වෙඩිතැබීම් කටයුතු සිදුකිරීමට හැකිවිය.
ඒ විදිහට පොලිස් භටයින්ට ගැනීමට අසීරු ඉලක්ක වලට මා මෙහි සිට ස්නයිපරය අධාර කරගෙන වෙඩිතබා දසදෙනෙක් දෙනෙක් පමණ බිම දැමුවෙමි.

සිදුවන දේ අප දෙදෙනා විසින් ඈත සිට
සජීවීව බලා සිටි අතර. ඇන්ටනීගෙ ලඟම සාමාජිකයින් වෙඩිකා වැටෙන අයුරුද බලා සිටියෙමු. විටෙක ඇන්ටනී බිත්තියෙන් බිත්තියට මාරුවෙමින් තම ජීවිතය බේබේරාගැනීමට උත්සාහ කලන අතරතුර , මා ස්නයිපර් එක ඔහුට ඉල්ලකර අවසාන වශයෙන් මිහිරාණි මෙනවිය මරණ සිද්ධිය සිහිපත් කෙරුවෙමි. ඇයගේ උදරයට පිහිපාර වැදී පසාරු වන විට දඩාස් … ගාමින් ප්‍රාණය නිරුද්ධව ශරීරය බිමට ඇද වැටෙන ආකාරයද මැවී පෙනුනි.

*target clear … im repeat target clear..
( ඉලක්කය පැහැදිලියි . මම නැවත කියනවා ඉලක්කය පැහැදිලියි )
යනුවෙන් තම සහයක නියෝජිතයා මුමුණන විට මාහට පියවි සිහියට ඒමට හැකිවිය. ස්නයිපරයේ විෂන් ස්කෝපය ඇන්ටනීගෙ පපුවට ඉලක්ක කර
ට්‍රිගරය (කොකා) ගැස්සන විට. චිකීස්ස්ස්ස්ස්….. හඬ නංවමින් බැරලයෙන් උණ්ඩය නිකුත්වී ක්ෂනිකව
ඇන්ටනීගෙ නළල පසාරු කරගෙන යන්නට විය. ලේ පාර මලක් ආකාරයෙන් පිටුපස බිත්තියේ මුද්‍රණය වනවිට ප්‍රාණය නිරුද්ධව මුණින් අතට වැටුනි.

*target down … im repeat target down..
(ඉලක්කය බිම… මම නැවත කියනවා ඉලක්කය බිම )

යනුවෙන් සහයක නියෝජිතයා මිමිනුවා වගේ යාන්තමට මතකය.. මෙතෙක් කාලයක් විවිධ සෙල්ලම් දමා මිනිසුන් මරන ලද ඝාතකයාගේ අවසානය අප ඇස් ඉදිරිපිට එසේ සනිටුහන් විය.

දෙපිරිස අතර විනාඩි තිහකට අධික වෙලාවක් වෙඩි හුවමාරුවකින් පසු. ටයිගර්ස්ලාගෙ සැළකිවයුතු පිරිසක් මියගිය අතර, තවත් පිරිසක් තුවාල ලැබූහ. අප විසින් දියත් කරන ලද ආවරණ වෙඩි හේතුවෙන් පොලිස් භට කණ්ඩායම් වලට තම කාර්ය පහසු වන ලදි. සුදු දුමාරයෙන් වැසී පැවති මුළු පරිසරයම මොහොතකට නිශ්ශබ්ද විය.
එම නිශ්ශබ්දතාවය විටෙන් විට මකා දැමුවෙ මුහුදු දෙසින් එන මද සුලඟ විය.
මිනිත්තු කීපයකින් සුලගේ උදව්වෙන් වෙඩි⁣ ද්‍රව්‍ය දැවී අවසන් වූ දුමාරය රට ඇතුලට තල්ලුකර හැරීමෙන් පසු. විටෙන්විට පොලිස් භටයින් එකින් එකා නැගිටින්නට විය.

තව දුරටත් මෙහි රැඳී සිටිම එතරම්ම
සුදුසු දෙයක් නොවන බැවින් , මෙතනින් වහාම පසු බහින්නට සූදානම් වුනෙමු.
Agents lets get out here. immediately .. (නියෝජිතයිනි.. අපි වහාම මෙතනින් පිටත් වෙමු) කියමින් හිස් පතුරම් කොපු සියල්ලම ඇහිඳ සාක්කුවට දමාගෙන
අප දෙදෙනා වාහනයට ගොඩවනවිට, නියෝජිත ජනිත් ගිලන්රථය පණගන්වා වේගයෙන් වෙරළ පාරට පිවිස ඉදිරියට ධාවනය කරන්නට විය. මහත්වරුනි .. ප්ලෑන්එක වෙනස් කරා. මෙි අවට රැ⁣ඳෙන එක අවදානම් . අපි කෙලින්ම එන්හවුස් එකට යමු. ගිහින් වෙපන්ටික ආයුධාගාරයට දාලා මෙතනින් පුළුවන් තරම් ඉක්මනට යමු. මොකද තව පැයකින් විතර හෝදිසි මෙහෙයුමක් දියත් කරන්න පුළුවන්කම තියනවා.

**හරි සර්…

සුළු මොහොතකට පසු අප එන්හවුස් පරිශ්‍රයට පැමිණ. එහි මුරපද භාවිතයෙන් දොරගුළු ඇරදමා ඉඳුරාම ආයුධාගාරයට ගොස් සියලුම ආයුධ ඔයිල් බැරලයට දමා, සෙසු ආම්පන්න සුරක්ෂිතව තබා, නැවත දොරවල් වසා මහ මාර්ගයට පැමිණ සයිරන් නලාව නාද කරමින් වෙිගයෙන් මදීනා ටෙක්ස්ටයිල්ස් පසුකර මීටර් තුන්සීයක් පමණ පසුකර විත් , ටෙක්ස්ටයිල්ස් ගොඩනැගිල්ලේ සේවය කරන වෙනත් නියෝජිතයෙක් මාර්ගයෙන් සාමාන්‍ය සිවිල් ඇඳුම් ගෙන්වා , ගිලන්රථය තුලම ඇඳුම් මාරුකරගෙන, වාහනයෙන් බිමට බැස, පැමිණි නියෝජිතයා වෙත වාහනය බාරදී , එය ඒකක මූලස්ථානය වෙත යැවීය. අනතුරුව තිදෙනාම නුගේගොඩ කඩයකට ගොඩවී දිවා ආහාරය අනුබව කලද, කිසිදු වචනයක් තෙපලන්නට උත්සාහ නොගත්තෙමු. පසුව පයින්ම ගමන් ගත්තෙ මදීනා ටෙක්ස්ටයිල්ස් වෙතය.

මගේ කාර්යාලයට ගොඩවැදුණු සැණෙන්
රූපවාහිනීය ක්‍රියාත්මක කෙරුවෙි මෙතෙක් වෙිලා ක්‍රියාත්මක කෙරු සැළසුමේ සාර්ථකත්වය සොයාබැලීමෙ අටියෙනි. ජනමාධ්‍යකාරයෝ තරම් වෙිගයෙන් ජනතාවට තොරතුරු සපයන්නන් තවත් ලොවෙහි නැති තරම්ය. වාඩිවෙන්න මහත්වරුනි …
නිහැඩියාව බිඳ දැමුවෙිද මමය. විවිධ නාලිකා කීපයකට මාරු කරත් ප්ප්‍රධාන හදිසි ප්‍රවෘත්තිය වූයේ අපගේ සැළසුමේ ප්‍රතිඵලයයි.

`` මෙන්න මීට සුළු මොහොතකට පෙර අපි විසින් දැනුම් දුන් පොලීසිය හා පාතාල කල්ලිය අතර ගැටුම ඇතිවූ ස්ථානයේ නවතම තොරතුරු වල රූප රාමු..
අපගේ මාණ්ඩලික වාර්තාකරු වන පියල් බුද්ධික එතන රැඳී සිටිනවා… පියල් අපිට කියන්න මොකද දැන් ඔතන තත්ත්වය කියලා …?
හැමෝටම සුභ දවසක්.. අ…. ඔව් නටාෂා. වත්තල පොලිස් ආරංචි මාර්ග අනුව නමි කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් ඉඳලා තියෙන උප පොලිස් පරීක්ෂක වරයෙක් ව මෙි පාතාල කල්ලිය විසින් පැහැරගෙන මෙි වත්තල ප්‍රදේශයේ මෙි මම ඉන්න තැනට ඇවිත් තියනවා. මෙතනදී ඒ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් යම්කිසි සිදුවීමක් සම්බන්ධව ඒ පාතාල නායකයා ප්‍රශ්නකිරීම් කරන අතරතුරදී වත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුන ක්ෂනික තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ එම පොලිස් නිලධරයින් මෙතනට එන අවස්ථාවෙිදී ඇතිවූ උණුසුම් තත්ත්වය වෙඩිතැබීම් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියලා අවට භූමිය දිහා බලපුවාම කියන්න පුළුවන්. කරුණු එසේ වෙද්දී , දැනට නිළ නොලත් ආරංචි මාර්ග අනුව පොලිස් නිලධාරීන් හයකට තුවාල සිදුව තියෙනවා. මරණ වාර්තා වී නැහැ. එතකොට පාතාල සාමාජිකයින් දහඅටක් පමණ මෙම ස්ථානයේම මියගොස් තිබෙනවා වගේම තවත් හයකට බරපතල තුවාල ලබා , වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත්කර ඇති බවයි දැනගන්නට ලැබුනේ…

හොඳයි බොහොම ස්තුතියි පියල්…
ස්තුතියි නටාෂා… මෙි පිලිබඳව නවතම තොරතුරු ලද සැණෙන් ගෙනඒමට බලාපොරොත්තු ඇතිව දැනට අපි ඔබෙන් සමුගන්නවා ස්තුතියි ´´

**සර්… ප්ලෑන්එක තිතටම වැඩ කරා…

ඔව්… ඒක ඇත්ත. හැබැයි මෙි දක්වා එන්හවුස් එකේ හිටියානම් අපි පොලීසියට චෙක් වෙනවා. අවසාන මොහොතේ ප්ලෑන් එක වෙස් කරේ ඒකයි.

*ඔව්… සර්… safty first…

**ඒ වුනාට සර්… මගෙ බලාපොරොත්තුවක් සුන්වෙලා ගියා..

ඒ මොකක්ද ….?

**මට ලොකු වුවමනාවක් තිබ්බා ඔය ඇන්ටනීගෙ හොම්බට දෙකක් අනින්න. අන්න ඒ චාන්ස් එක මිස්වුනා…

*ඔයාට විතරක් නෙමෙි මටත් තිබ්බා ඒකනම්…

හහ් හහ් හා….. මහත්වරුනි සමහර තැන්වලදී අපේ අරමුණු වලට ඉඩ නොදී අශාවන් වලට ඉඩ දෙන්න ගියොත් , ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. මටත් තිබ්බා ඒ ආශාව. මොකද ඌ මොනවගේ වැඩකාරයෙක් ද කියලා බලාගන්න. මොකද ගස් නගිනවා. බාල්ක දිගේ යනවා.. හරියට නින්ජා කෙනෙක් වගේ. ⁣ඒ වගේ එකෙක් එක්ක පොඩි සටනක් ගියාට කමක් නැහැ. නමුත් කාලානුරූපව එහෙම කරන්න අපිට අවස්ථාවක් ගන්න බැරිවුණා. එහෙම වුනොත් ඊට වඩා වටිනා අවස්ථාවන් අපට මගහැරෙනවා. ඒක වෘත්තීයමය වශයෙන් අපිට ලොකු පාඩුවක්…

හරි මහත්වරුනි ….. එතකොට බොහොමයක් ස්තුතියි මාත් එක්ක උරෙන්උර ගැටිලා මෙි ප්ලෑන් එකත් සාර්ථක කරගන්න තමන්ගෙ දායකත්වය ලබා දුන්නට….

*හරි සර්…
**ඒක අපේ රාජකාරිය සර්… ඒක නෙමෙයි මට සර්ගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියනවා

ඔීනම දෙයක් අහන්න පුළුවන් ….

**සර්… ඇයි උගෙ ඔලුවට ෂොට් දෙකක් තිබ්බෙ …?

ඒකද පලමු ප්‍රශ්නය … මගෙ තාත්තගෙ නළලට එකක් තිබ්බා , අම්මගෙ නළලට එකක් තිබ්බා. ඒ දෙකේ ඇරියස් දෙක තමයි මම උගෙ නලලට දෙකක් තියලා දැම්මෙ…

*හ්ම්ම්… කොහොමහරි අවුරුදු තිහක් නිදාගෙන හිටපු ගිණි කන්දක් පුපුරලා ගියා නේද….?

නෑ නෑ කසුන්… ඒකෙ අනිත් පැත්ත.. අවුරුදු තිහක් පුපුරලා , ලෝදිය ගලපු ගිණිකන්ද අද නැවත නිහඬ වුනා…

**හරි සර් පැහැදිලි.. දෙවන ප්‍රශ්නයක..
අර ගත්ත ජිල්බෝල පැකට් වලට මොකද කරන්නේ …?

හා….. ඒකත් ප්‍රශ්නයක් තමයි නේද..?
දැන් ඒ ටික කෝ…?

**සර් ඒක එන්හවුස් එකට දැම්මා..

හා…. ඒක හොඳයි. මෙි මිෂන් එක ඉවරකරපු ගමන් මම දේරම එක්ක එන්හවුස් එකට ගිහින් ඔට්ටුවට ජිල් ගහමු. නැත්නම් වැඩක් නැහැ නෙ. අපරාදෙනෙ.( තිදෙනාම සිනාසෙමින් )

*හරි කොහොමහරි කමක් නැහැ. ඊලඟට මොකද කරන්නේ…

ඊලඟට ඉතින් මාස්ටර් ප්ලෑන් එක තමයි හදන්න තියෙන්නෙ.

**අමරබන්දු එලොව යැවීමෙි ක්‍රියාන්විතය..

ඔව් මහත්වරුනි…. ඒක මෙි තරම් කැළඹිලිසහගත එකක් නෙමෙි. බොහොම නිශ්ශබ්දව ක්‍රියාත්මක කරන්න ඔීන. මොකද මෑන්ට වෙච්ච දෙයක් හොයාගන්න බැරි විදිහට ගේම්එක ගහන්න ඔීන. සාමාන්‍ය මිනිස්සුන්ට වගේම , ආරක්ෂක අංශ , එතකොට වෙනත් කල්ලි වලට වසර ගණනාවක් ගියත් මතක හිටින වර්ගයේ ප්‍රශ්නයක් අපි ඉතුරු කරන්න ඔීන.

``මෑන්ට මොකද වුනේ ´´ එච්චරයි …

**සර් එහෙනම් ප්ලෑන් එක ගහමු කොරවෙන්නම….

ඔව් …. මම ඒක අද රෑ පටන් ගන්නවා.

*සර් Dark Head කතා කරේ නැහැ නේද..?

නෑ කසුන්… මෙි වෙලාවෙ අපිට කවුරුවත් කතා කරන්නේ නැහැ. අඩුම තරමෙ සේපාලිකාවත්… හැබැයි මට ඊමෙිල් එකක් දාලා තිබ්බා කට්ටියම නිරුපද්‍රිතව ඉන්නවද කියලා අහලා… මම ඒකට උත්තර දුන්නා එච්චරයි.. දැන් ඉතින් මුළු කොළඹ විතරක් නෙමෙි , රටම මෙි සිද්ධිය හන්දා කැළඹිලා ඉන්නෙ. මෙි වගේ අවස්ථාවන් වල දුරකථන මගින් කතා කරන එක නුවණට හුරු දෙයක් නම් නෙමෙි. මතක තියාගන්න ඒ කාරණය. කියමින් දුරකථනය ඇමතුමක් ගත්තෙ ජොනි වෙතය. සුපුරුදු පරිදි ඇමතුම් හතරක් මගහැර පස්වන ඇමතුමට මා හා සම්බන්ධ විය…

හෙලෝ ජොනි ….

***හෙලෝ…. බොසා….

තමුන් දැන් නිදහස් … තමුසෙගෙ පස්සේ කවුරුවත් පන්නන්නෙ නැහැ. තමුසෙ බය නැතුව එලියට එනවා…

***ඈහ්…. ඔය ඇඇත්තමද …?

ඔව්… තමුසෙ ප්‍රවෘත්ති බැලුවෙ නැද්ද …?

*** නෑ බොසා…..

හ්ම්ම්… රෑවෙලා බලනවා… තමුසෙ පස්සේ පන්නපු එවුන් සේරම ඉවරයි..
කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි. නැවත වතාවක් ඇමතුමක් ගෙන කතාව නැවැත්වූ තැනින් පටන් ගත්තෙමි.

තමුසෙ ගැන හොයපු සේරම ඉවරයි..
කින්ද මන්ද වැඩක් නෑ. පාඩුවෙ ඉන්නවා එච්චරයි..

***හරි බොසා… බොහොම ස්තුතියි. මම දැන් කෑලි ( කුඩු ) ගහන්නෙ නෑ. ඒක නැවැත්තුවා. මම මෙතන වැඩක් කරගෙන ඉන්නවා ..

හ්ම්ම්…… බොහොම සතුටුයි.. එහෙනම් මම තිබ්බා ජයවේවා.

***ජයවේවා බොසා….

ඇමතුම විසන්ධි කරපු සැනෙන් , එහි සිම්පත ගලවා කඩා දැමුවෙමි. දුරකතනය විනාශ කිරීමට කාලයද එලැඹ ඇත.

**සර් මොකද එකදිගට කෝල් එක ගත්තෙ නැත්තෙ ..?

*ටැප් කරලා ඇති කියලද…?

ඔව් මහත්වරුනි …. මෙි කේස් වලදී සන්නිවේදන ජාල සත පහකටවත් විශ්වාස කරන්න එපා. ඒකයි මම විනාඩි දෙකක් ගතවෙන්නට කලින් කට් කරේ.

හරි… ඔය මහත්වරුන් දැන් ගිහින් විවෙිකගන්න ….මට තියනවා වැඩ ගොඩාක් ඉතුරුවෙලා….

රාත්‍රි ආහාරයෙන් පසු නැවතත් පැමිණියේ මගේ කාර්යාලය වෙතය. ෆාම්හවුස් එකේ
පරණ සිතියම වෙනුවට මා දුටුව අභ්‍යන්තර පරිසරය අනුව දළ සිතියමක් ඇන්දෙමි. ඉන් අනතුරුව සැඟවිය හැකි ආවරණ හා ප්‍රධාන ඉලක්කය ලැගුම්ගන්නා යැයි අනුමාන කලහැකි තට්ටු දෙකේ ෆාම්හවුස් ගොඩනැගිල්ල ද
ඇඳ දමා අවසානයේ ඉස්සන් ගොවිපලට
මෙහායින් ඇති නිල්දිය තටාකයද ඇඳ , දළ සිතියම අවසන් කෙරුවෙමි. හෝරාවක් පමණ කල්පනා කර සන්නද්ධ මෙහෙයුමද සැළසුම් කෙරුවෙමි.

රාත්‍රි එකොළහට පමණ සියල්ල සැළසුම් කර අවසාන කරන්නට හැකිවිය. සිම්පත කඩාදැමූ දුරකථනයද පුළුස්සා දමන්නට අමතක නොකෙරුවෙමි. පුරා සතියක්
පමණ කිසිදු ක්‍රියාකරමක් නොකරන්නට වගබලා ගත්තෙ. දැන් තියෙන වාතාවරණය එතරම්ම සුදුසු නොවන බැවිනි.

හෙට දින සෙනසුරාදා දිනයක් බැවින් හෙට හවස මාගේ කණ්ඩායමට සැළසුම විස්තර කිරීමට ප්‍රධාන සහයක කසුන් , නියෝජිත J50 , නියෝජිත B200 හා තවත් ඒකකයෙන් ගෝස්ට් නියෝජිතයින් හතර දෙනෙකු සමඟ Eight man team එකක් ( අටෙි කණ්ඩායමක් ) සූදානම් කර ගත්තෙමි.

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now