⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 43 වන දිගහැරුම ⸎

`` කුලී ඔත්තුකරු - සිප්පියා ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඔව්…. කොහොම කැරකුනත්. තියෙන්නෙ මෙිකෙ ප්ලෑන් දෙකක් විතරයි. අනිත් එව්වා ඒ ප්ලෑන් දෙකට උඩින් පාවෙන ඔරු වාගේ. ඒ ඔරු සේරම එහාට මෙහාට කරනතුරු ප්‍රධාන ප්ලෑන් දෙක හොයනවා බොරු…

*හපොයි… සර්…..

මෙතනින් සිට….

පසුදින ( සඳුදා දින )

උදේ කාලයේදී සේපාලිකා විසින් තම වෙිෂය මාරුකරගෙන විත් යම්කිසි ලිඛිත පණිවිඩයක් කසල බඳුනට දමා ගොස් තිබුනි. එහි අන්තර්ගත වූයේ හෙට දින
මහමොළකරුවගෙ කණ්ඩායම බ්ලූමැන්ඩල් රාත්‍රි සමාජ ශාලාව වෙත
පැමිණීමට නියමිත බවත්, ඔවුන්ගෙ සාකච්ඡාව අවසන් වී පිටත්වන විට ඒ බව මාහට දැනුම්දෙන බවත්ය. යම් සසැළසුමක් අප සතුව ඇත්නම් , එය ක්‍රියාත්මක කිරීමට හෙට රාත්‍රිය අතිශයින්ම සුදුසු බවය.

අඟහරුවාදා පස්වරු 18:00 පැය…

අදිසි සන්නද්ධ බුද්ධි ඒකකයේ මහත්වරුනි… සුභ සන්ධ්‍යාවක් වෙිවා.
ඔය මහත්වරුන් දන්නවා මම කවුද කියලා. මම විශේෂ නියෝජිත Spy Tiger..
කෙටි දැනුම්දීමකින් මිෂන් එකට ආපු එක ඉතා ඉහලින් අගයකොට සලකනවා..
හොඳයි අපි විග්‍රහයට බහිමු. මෙි තියෙන දළ සැළසුම අනුව. තමයි මිෂන් එක ක්‍රියාත්මක වෙන්න ඔීන. මෙතනදී හොඳට අහගන්න තමන්ගෙ කොටස කරා අතුරුදහන් වුනා එච්චරයි. මොකද අඩුම තරමෙ වාහනයක්වත් අපිට ලඟට ගිහින් බලන්න බැරි විදිහේ සතර අතින්ම කැමරා පද්ධති වලින් සසමන්විත අධි සුපෝකභෝගි වාහන තුනක් තමයි අපි හඹාගෙන යන්න ඔීන.

මෙතනදී , සියරා වන් ( S -01) විදිහට මමත් , සියරා ටූ ( S - 02) විදිහට විශේෂ උප නියෝජිත See Tiger වගේම , සියරා ත්‍රී ( S - 03) විදිහට Agent J50 කටයුතු කරනවා. මොකද මෙි මිෂන් එකට අපි බැහැලා සැළකිවයුතු කාලයක් හන්දා අපිට මෙි පිලිබඳව තියෙන දැනුම වැඩියි. ඒ හන්දා තමයි අපි අවසාන අදියරේ ඉන්නෙ. පැහැදිලි කිරීම ඒ පිලිබඳව එපමණයි. දැන් යමු තම තමන්ගේ කාර්යයන් වලට.

එතකොට සියරා වන් ( S - 08 ) විදිහට Ghost cat 20 කටයුතු කරනවා. එතකොට ගෝස්ට් 20 ඔයාට තියෙන්නෙ ව්‍යාජ සිකුරුටි කෙනෙක් විදිහට එතනට යන්න. අදාල නිළඇඳුම අපේ නියෝජිත B200 සපයයි. ඊට පස්සේ ගිහින් එතන තියෙන සැප වාහන. ඒ කියන්නේ. V8, navara , prado වගේ පෙනුම තියෙන මෝටර් රථවල නම්බර් විතරක් විටෙන්විට සටහන් කරගන්න රෑ එකොළහ විතර වෙනකම්. මොකද අපි ලද තොරතුරු අනුව රෑ එකොළහට කලින් ඔය කියන ටීම්එක එනවා ඉලක්කගත බ්ලූමැන්ඩල් ක්ලබ් එකට. ඒ නම්බර් ටික මැසේජ් කරන්න ගෝස්ට් 30 ට.

*හරි සර්…

ඊට පස්සේ පාන්දර එකට කලින් ඔය වාහන ටික එතනින් පිට වෙනවා. අදාල සාකච්ඡා හමාර කරලා. එතකොට ඔය මහත්වරුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. ගෝස්ට් 20 නියෝජිතයා අපිට දෙන වාහනවලට අයත් නම්බර් කලින් වරින් වර ගියොත් අපිට මෙික කරගන්න බැරිවෙයි කියලා. ඔව් ඒ සිතුවිල්ල සාධාරණයි. නමුත් උන්ගෙ මීටිම ඉවරවුනු ගමන් උන් එලියට එනකොටම මට මැසේජ් එක එනවා. එතකොට මම සියලුම අයවළුන් දැනුවත් කරන්නම්.
ඒ කියන්නේ විටෙන්විට යන වාහන අපිට අදාල නැහැ. බොහෝදුරට මෙි අය තමයි කලින්ම යන්නේ. මොකද මෙි ටීම්එක විතරයිනෙ සිහියෙන් ඉන්නෙ. අනිත් අය වෙරි හිඳිලා එලියට එනකොට කුකුලා අඬලන වෙලාව ඇවිත්. ඒක තමයි මෙතන කාලානුරූපව අපිට තියෙන පරම වාසිය.

හරි…. ඊට පස්සේ සියරා වන් ( S - 08 ) වන ගෝස්ට් 20 ගේ වැඩ අවසන් ඔයා අතුරුදහන්..

*ක්ලීයර් සර්…


හරි… ඊට පස්සේ සියරා ටූසියරා ( S - 07 ) වන ගෝස්ට් 30…. ඔයා සිතියමෙි ග්‍රිඩ් අංක 3566 යි 8839. ඒ කියන්නේ මෙන්න මෙතන ස්ථානගතවෙලා ඉන්න. ඊට පස්සේ ඒ නම්බර් ටිකට අයිත් වාහන
තමන්ව පහුකරගෙන යනවද කියලා සෝදිසියෙන් ඉන්න. මොකද ඔය වාහන තුනම එකට එන්නේ. ඒ වගේම එකම වර්ගයේ වෙන්නත් පුළුවන් බොහෝදුරට. කොහොම වුනත් , ඔයා ඉන්න තැනෙන් තමයි වෙන්වීමක් වෙනවා නම් ඒදේ වෙන්නෙ. ඊට පස්සේ ඒ වාහන තුන ෆිල්ටර් කරලා යන මාවත් අනුව පිලිවෙලින් සියරා සික්ස් (S - 06) ගෝස්ට් 40 , සියරා ෆයූ (S - 05 ) ගෝස්ට් 50 සහ සියරා ෆෝර් ( S - 04) ගෝස්ට් 60 යන
ගෝස්ට්ලට දැනුම් දෙනවා. ඒ වෙද්දින් ඔය තුන්දෙනා මම මෙි දීලා තියෙන ග්‍රිඩ් අංක වලට අයත් සිතියම්ගත තැන්වල ස්ථානගතවෙලා ඉන්න ඔීන. දැන්ම තමන්ගෙ GPS අත් ඔරලෝසුවලට දාගන්න ඒ ඒ ග්‍රිඩ් අංක ටික. ඊට පස්සේ ගෝස්ට් 30 අතුරුදහන් වෙනවා..

ඊට පස්සේ ඔය තුන්දෙනා හොඳට බලාගෙන ඉන්න ඔය කියන වාහන තමන් පසුකරනවද කියලා. එහෙම වුනොත් ඒ ඒ වාහනවල අංකයන් අපි තුන්දෙනාට දීලා ඔය තුන්දෙනාත් පසු බහින්න. බැරි වෙලාවත් ඔය තුන්දෙනා පසු කරන්න එකදු වාහනයක්වත් ආවෙ නැහැ කියන්නේ. ඔයාලගෙ තැනට පෙර අතුරු පාරවල් වලින් ගිහින් වෙන්න ඔීන. දැනුම් දුන් වාහන ඔය තුන්දෙනාව පහුකරලා ඇවිත් , ඊට පස්සේ අපිව පහුකරගෙන යන්න ආවෙ නැත්නම් ඒත් ඉතින් කියන්න තියෙන්නෙ අතුරු පාරවල් වලින් ගියා කියන එක තමයි. කොහොම කරත් අපිට ඔීන ඔය වාහන තුන අඳුරගන්න තමයි.
මොනවා වුනත් අවසානයේ අපි තුන්දෙනා ඇරෙන්න අනිත් පස්දෙනාම ක්ෂනිකව ඉවත් වෙලා මෙතනට එන්න ඔීන.
මෙතෙක් මගේ පැහැදිලි කිරීම තේරුනද..?
ප්‍රශ්න තියනවද…?

හොඳයි නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නෙ සේරටම තම තමන්ගෙ කාර්යයන් පැහැදිලි බවයි…

එතනින් එහාට සිදුවන දේ අපි බලාගමු.
හොඳයි මහත්වරුනි… එහෙනම් විසිර යන්න තම තමන්ගෙ තැන්වලට. ජයවේවා හැමෝටම.

සැළසුම් කරගත් පරිදි සියල්ල ඒ අයුරින්ම සිදුවිය… සියරා 08 ගෙන් ලොකු මෝටර් රථ ලැයිස්තුවක් ලැබුනද රාත්‍රි දොලහා හමාරට සේපාලිකාගෙන් අවශ්‍යම ඇමතුම ලැබුණි.

``හෙලෝ … සමන්ත මහත්තයා. මෙතනින් පිටවුනා´´ සංගීතයෙන් පෝෂනයවූ වටපිටාවක් තුල ඇගේ කටහඬ සෙමින් වුවද පැහැදිලිව මාහට ඇසෙන්නට විය. ඉන්පසු සියරා 07 ගෙන් ලැබුනෙ ප්‍රාඩෝ වර්ගයේ වාහන තුනක නම්බර් තුනක් වන අතර, සියරා 06, 05 , 04 ගෙන් ලද පණිවිඩ අනුව නියෝජිත J50 හා කසුන්… අතරට එවැනි කිසිදු වාහනයක් දක්නට නොලැබුනත්, මා පසුකර ගිය ප්‍රාඩෝ මාදිලියේ මෝටර් රථයේ නමිබර් එකක් ඉලක්කගත මෝටර් රථ තුනෙන් එකක විය. එය එසේනම් සම්භාවිතාවයට අනුව මෝටර් රථ දෙකක් අප අවසාන නියෝජිතයින් දෙදෙනාට මුණ නොගැසීමෙන් සපථ වන්නේ ඔවුන් කිලෝමීටර් එකක දුර පරාසය තුල කෙටි මාර්ග වලට අවතීර්ණ වී ඇති බැව් හෝ වෙනත් මාර්ග සන්ධි
වලින් තම ගමන් මාර්ගය වෙත ප්‍රවිශ්ඨ වී ඇති බවය. එසේනම් නුගේගොඩ පිහිටි බ්ලූමැන්ඩල් රාත්‍රි සමාජ ශාලාවෙන් පිටත්වන එක වාහනයක් බෙල්ලන්විල පාරට ප්‍රවිශ්ඨ වී එතනින් පසු සැළකිවයුතු දුරක් ගෙවා යන බැව් නම් පැහැදිලිය.

එසැණෙන් රාත්‍රි බසයක නැග ටෙක්ස්ටයිල්ස් එකට එනවිටත් සියලුම නියෝජිතවරුන් වාර්තා කර තිබුනි.
පැය කීපයක නින්දකින් පසු. සහය දැක්වූ
සියලුම black cat වරුන්ට තම ස්තුතිය පුදකර ඔවුන්ට සමුදී , ඉදිරි සැළසුම් පිලිබඳව කල්පනා කරන්නට විමී.

**ආයුබෝවන් සර්… ..

ආයුබෝවන් දෙන්නටම… වාඩිවෙන්න ඇවිත් …

ඉතින්…. වාහන දෙකක් මිසින් නේද…?

*ඒකනෙ සර්….

හ්ම්ම්… වැඩිය හිතන්න එපා… අපිට අපේ ඉලක්කයට යන්න පුළුවන්.

**ඇත්තටම ඒ දෙක මිසින් ද…?

නෑ… එයාලා අපේ දෘෂ්ටියෙන් මිදුනා විතරයි. ඒ කියන්නේ එයාලා පිටකොටුව හරහා වෙන තැන්වලට යන්න ඇති.
ඒක එහෙම වුනා කියලා හිතමු. ඒක අපිට එක අතකින් වාසියක් මහත්වරුනි. ඒ ගැන හිතන්න එපා. දැන් මම යන්න ඔීන දෙහිවල ඉන්නවා හිඟන කණ්ඩායමක ප්‍රධානියෙක් සිප්පියා නැත්නම් ජස්ටින් කියලා. මෙි වාහන අංක තුනම මෑන්ට දෙන්න ඔීන අත්තිකාරමක් එක්ක . ඊට පස්සේ අපිට තියෙන්නෙ බොහොම ටික කාලයක් විතරයි. ඊට පස්සේ බලමු මීයෝ මොන ගුලෙන්ද එලියට පනින්නේ කියලා.
අපිට වැඩිය දුර යන්න වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු.

හ්ම්ම්… කරුණු එහෙම නම්, අපි යමුද මහත්වරුනි දෙහිවල පැත්තෙ. ගිහින් ජස්ටින් බැහැදැකලා, ඊට පස්සේ සත්තු වත්තට ගිහින් සත්තු ටිකත් බලාගෙන,
ඊට පස්සේ දෙමළ සයිවර් කඩයකට පැනලා ඉටිලි , තෝසෙ කාලා එන්න.

**ෂාහ්හ්හ්හ් ඒක මරු අදහස…

*යමු සර් එහෙනම්…

නියමයි ජනිත් .. ගන්න වාහනය..

නුගේගොඩට අවතීර්ණ වී එතනින්
කොහුවල හංදිය හරහා දෙහිවලට ගොස්
අපි නතරවූයේ කුඩා ඉදිකිරීම් භාණ්ඩ කුලී පදනම මත ලබාදෙන කඩයක් වෙතය. වෑන්රියෙන් බැසගත් මා ඉදුරාම
ගියේ ජස්ටින් හමුවීමටය.

සිප්පියා - මහත්තයා මොනවද ඔීන.

මම ආවෙ එහෙම දේකට නෙමෙි…

සිප්පියා - වෙන ඉතින් මෙතන මොකුත් කෙරෙන්නේ නෑ.

ජස්ටින් මුදලාලි … මෙතන මට කෙරෙන්න මොකුත් නෑ. ඒ වානාට කළුතර සක්වා යන එන පාරවල් වල
මට තියනවා වැඩක් කරගන්න.

සිප්පියා - මහත්තයා ඔයාට වැරදීමක් වෙලා වගෙයි..

සිප්පියා මට මගේ වැඩෙි කෙරෙන්න ඔීන එච්චරයි ….වැඩෙි තිතට කෙරුනොත් , අගට වැටෙන බ්ංදු ගාණ වැඩිවෙයි. මොකද කියන්නේ. පුළුවන් ද..? නැත්නම් මම කළු ගුණේ ලඟට යන්නද…? (ඔහුගේ මුහුණට තරමක් ලංවී )

සිප්පියා - හා… හා සර්… කලබල වෙන්න එපා. ගුණේ අයියට වඩා මගෙ එවුන් ෂුවර්… මම කරලා දෙන්නම්.

හ්ම්ම්… අන්න මුදලාලිට තේරුනා.
මෙන්න වාහන තුනේ නම්බර්. මෙන්න මෙතන තියනවා මොණරු තිහක්. වැඩෙි සතුටුදායක විදිහට වුනොත් ඔය මොණරු ගාණ වැඩිවෙන්න පුළුවන්. හැබැයි වැඩෙි නඩෙන් පිට ලීක් වුනොත් මහඋළුගෙදර තමයි.

සිප්පියා - පිස්සුද සර්… මෙි ජස්ටින් බෙල්ල ගියත් , ප්‍රතිපත්ති රකින මිනිහෙක්…

හ්ම්ම්… රයිට් මෙි තියෙන්නෙ මගෙ නම්බර් එක. මට දවස් පහක් ඇතුලත
තොරතුරු ඔීන.

සිප්පියා - හරි සර්…. වැඩෙි කෙරුනා කියලා හිතාගන්න.

හරි…. හරියටම හයවන දවසේ ඉතුරු මොණරු ටික මෙතනට ලැබෙයි. එහෙනම් මම කැපුනා…

සිප්පියා - හරි සර්….

ඔහුගෙන් සමුගත් අප තිදෙනා දෙහිවල සත්වෝද්‍යානයට ගොස් දිවා කාලය විවිධ සත්තු වර්ග බලමින් විනෝද වුනෙමු.

නාරද.. සුපුන් ….

***සර්…. හොඳට අවධානයෙන් බලන්න අර සිංහයට කෑම දාන් මෑන් දිහා…
( දෙදෙනාටම සමීපවී )

** පේනවා සර්….
*කවුද ඒ…

ඒ තමයි ජොනී. මෙතන කුලියට සත්තු බලාගන්නවා මෑන්.

**අම්මපා සර්….?

ඔව්… අහගන්න මහත්වරුනි. අපි මෙතනට ආවෙ සත්තු බලන්නම නෙමෙි.
ජොනියව කතාවට අල්ලගන්න.

නියෝජිත සුපුන්…

**සර්…..

මෑන් ලගට ගිහින් කියන්න සමන්ත ඉන්නවා අලි පාර්ක් එකට එහා පැත්තෙ.
ඇවිත් හමුවෙන්න කියලා.

** හොඳයි සර්….

කසුන්… අපි යමු අලි පාක් එකෙන් එහාට.

*යමු සර්…

මද වෙිලාවක පසු….

මහත්වරුනි අපි එකිනෙකාට පිටුපාලා වාඩිවෙමු. එතකොට අපි තුන්දෙනාට තුන් පැත්තක් පේනවා. ජොනියා නොදැනුවත්වම හතරවෙනි තැන බලයි.
අප තිදෙනා තුන් පැත්තට හැරි වාඩු වුනෙමු.

⁣ජොනි… මම සමන්ත… මෙතනින් අපිට පිටුපාලා වාඩිවෙන්න.. තමන්ගෙ ඉස්සරහ පැත්ත ගැන හොඳ හෝදිසියෙන් ඉන්න.. සැක සහිත නම් මාරුවෙන්න මෙතනින්..

***හොඳයි ලොක්කා …

හැංගිලා ඉන්න පොට්එක නම් හොඳයි…
මෙතන තව ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි.

***බොසා කොහොමද මම මෙතන ඉන්නවා කියලා හොයාගත්තේ…?

මගෙ මිනිස්සු හැමතැනම ඉන්නවා ජොනි.
ඉතින් මට තමුසෙව හොයාගන්න එක මහලොකු ගේමක් නෙමෙි. කොණ්ඩය වවපු එකනම් හොඳයි. එතකොට අඳුරගන්න අමාරුයි.

***එල එල බොසා….

තමුසෙ බය නැතුව ඉන්නවා. මගෙ මිනිස්සු තමුසෙව කවර් කරනවා. හැබැයි එහෙම කියලා වැඩිය රඟන්න යන්න එපා. මොකද එතකොට වැඩෙි දෙල් වෙයි.

***ඒ ඇත්ත බොසා….

හරි…… තමුසෙ දන්නවා නේද
හංදියේ තියෙන `` අයන්මෑන් ´´ හාඩ්වෙයාර් එක…?

***ඔව් මම දැකලා තියෙනවා…

හැමදාම හවසට ගිහින්. වාහන තුනේ තොරතුරු මොකද කියලා අහනවා. ඊට වඩා කිසිම දෙයක් අහන්න ඔීනත් නෑ. උන්ගෙ එව්වට උත්තර දෙන්නත් ඔීන නැහැ. මෙන්න මෙතන සල්ලි ටිකක් ඇති. වියදමට තියා ගන්නවා. කියමින් අත යටින් කුඩා සල්ලි මිටියක් බංකුවෙ තබා තල්ලු කෙරුවෙමි.

***අම්මෝ බොසා.. දෙයියෙක් ඇරියා වගේ. තැන්කිව් වේවා…

දැන් තමුසෙ උඩට අදින්නෙ නැද්ද …?

***සික් එකේ ඉන්නෙ. ඒත් බඩු නැහැ නෙ.

ඒක හොඳයි වැඩිය හොහොයන්න යන්න එපා. වැඩෙි ගැස්සෙයි. මෙි වෙලාවෙ ජීවිතය බේරගන්න බලනවා.
හොඳයි.. මම හවසට හැමදාම කතා කරන්නම්. අපි එහෙනම් කැපුනා..

***හොඳයි බොසා…. ජයවේවා..

අපි යමු මහත්වරුනි …..

**සර් ඉබ්බො ඉන්න දිහාවට ගියෙ නැහැ නෙ…

හරි හරි ඉබ්බොත් බලමු එහෙනම්…

හෝරා දෙකකට පසු එලියට විත් , ඉඳුරාම ගමන් කලේ සයිවර් කඩයක් වෙතය.

*සර්… ඇත්ත කියන්න. ⁣සත්වෝද්‍යානයට ගිය එකත් සැළසුමෙිම කොටසක් නේද..?

ඔව් කසුන්… මම දැනගෙන හිටියා ජොනියා හැංගිලා ඉන්නෙ සත්තු වත්තෙ කියලා.

**ඒ කොහොමද …?

සුපුන් මහත්තයා මතක තියාගන්න තමන් ෆෝන් එකකින් තව කෙනෙක් එක්ක කතා කරනකොට එයා ඉන්න වටපිටාවෙ ශබ්දයටත් සවන්දෙන්න. මම ජොනියත් එක්ක අවසානෙට කතා කරපුවාම මට බාහිරෙන් විවිධ ශබ්ද ඇහුනා. ඒ අතරින් සිංහයෙක් ගොරවන හඬකුත් මට ග්‍රහණය කරගන්න හැකිවුණා. සිංහයෙක් ඉන්න පුළුවන් තැන් දෙකක විතරයි
එක - ලොකු වනාන්තරයක
දෙක - සත්තු වත්තක.
ඉතින් කොහොමත් වනන්තරයක ඉන්න විදිහක් නැති හන්දා ඉන්න ඔීන සත්තු වත්තක. ඉතින් මගෙ අනුමානය නිවැරදි කරගන්න මට පුළුවන් වුනා.

**එතකොට මෙි ගමන හිතාමතා සැළසුම් සහගතව ආපු ගමනක් …?

ඔව් සුපුන් …. ඒ වගේම මෙි වැඩෙිට අපි අත දාන එක අපිට අවධානම් හන්දා තමයි අදාල වාහනවල නම්බර් දීලා ඒකට ජොනියව අනුගත කරේ. එතකොට අපි කොහොම කරත් බේරිලානෙ. අඬුව
තියෙද්දි අත පුච්චගන්න සිරිතක් මෙි තේනුවර ලඟ නැහැ. හොඳයි අපි ඉතුරු ටික ගිහින්ම කතා කරගමු. දැන් මොනවද කන්නෙ තෝසෙද , නැත්නම් වෙන මොනවාහරිද…?

*සර් මට ඉටිලි හොඳයි ….

හරි…. අපි ඉටිලියි , තෝසෙයි දෙකම කමු.

හෝරාවකට පසු…

*සර්… මුන්ව අපිට එකදිගට හඹායාමක් කරන්නත් බැරිනම් , ජීපීඑස් ඩිවයිස් වාහනයට හයි කරන්නත් බැරිනම්, කොහොමද අපි තැනට යන්න ක්‍රමය ගොඩනගාගන්නේ….?

හ්ම්ම්… ඔව්…. මෙච්චර කාලයක් කරලා තියෙන්නෙ උන්ව හඹාගෙන ගිහින් වැඩෙි වරද්ද ගත්ත එක. නමුත් අපි කරන්නේ ඒකෙ අනිත් පැත්ත…

**අනිත් පැත්ත….?

ඔව්… අනිත් පැත්ත… ඒ කියන්නේ උන් අපිව හඹායන තත්වයට පත්කරන එක.

*අපේ පස්සෙන් එන්නට සලස්වන එක…?

ඔව්.. ඇයි කසුන් මහත්තයා. කොල්ලො කෙල්ලො පස්සෙන් යන්න විතරයි හොඳ..? ඇයි කෙල්ලො කොල්ලො පස්සෙන් යන්න බැරිද…? ඒක තමයි
`` ප්ලෑන් ඊ ´´

**ප්ලෑන් ඊ….?

ඔව්… ප්ලෑන් ඊ..

*ඔව් ඒකත් ඇත්ත මතුපිටට ඒක අසම්මතවාදී දෙයක් වගේ පෙනුනට , එහෙම නොගිහින්ම නැහැනෙ. ඒකත් සම්මතයි වැඩිය කතාබහ නොවුනට.

**හරි… එතකොට කොහොමද ඒ කෙල්ලො ටික මෙි කොල්ලන්ගෙ පස්සේ
උමතුවෙන් එන විදිහට කටයුතු කරන්නේ.

ඒකට අපි වශියක් කරනවා… එතකොට වශීවෙලා එන්නේ.. වශීවෙලා හහ් හහ් හා… ඉන්නකො. මුන්ටික ඉන්න දිහා නිවැරදි තොරතුරක් අපිට එනකම්. ඊට පස්සේ අපි බලමු වශියක් කරලා. තැන හොයාගත්තට පස්සේ. මම යනවා ඇතුලට..

*ඒ කියන්නේ රහසිගත ඇතුල්වීමක් ද..?

ඔව්… කසුන්…

*සර් එහෙම කොහොමද කරන්නේ. මිල්ටන් කියපු විදිහට. ඒ තැනට කිසිම කෙනෙකුට රිංගන්න බැහැ. ඒ තරම් ආරක්ෂාව තර කරලා තියෙන්නෙ.

ඔව් ඒක ඇත්ත. නමුත් මම යනවා ඇතුලට.

**ඒ කොහොමද සර්…..

ඒක තමයි `` ප්ලෑන් එෆ් ´´ දැන්ම ඒගැන මම විග්‍රහ කරන්න යන්නෙ නැහැ.

*පොඩි ඉඟියක් වත් දෙන්න බැරිද…?

සාමාන්‍යයෙන් මිරිදියට වඩා කරදිය
තද අව්වට වාෂ්පීකරණය වෙනවා වැඩියි.
එච්චරයි…

*ඒක ටිකක් බොන්න ඔීන ප්‍රශ්නයක්.

හරි… ඔය මහත්වරුන්ට බොන්නම ඔීන නම් ඒ ඉඟිය ගැන හිතන්න ප්‍රශ්නයක් නැහැ. බිලා කල්පනා කරන්න. හැබැයි බීලා ප්‍රශ්න වලට උත්තර හොයපු කවුරුවත් ඉඳලා නැහැ මම දන්න විදිහට.

*නෑ සර්… මම ඒකම නෙමෙි අදහස් කරේ.

සෑහෙන්න කල්පනා කරන්න වෙනවා. එහෙමද ….?

**ඔව් සර්….. මොකද මිරිදිය , කරදිය හුටපටය ගැන හිතන්න වෙනවා ටිකක් තදින්ම.

නෑ එච්චර හිතන්න එපා…. ඒක ඒ තරම්ම බැරෑරුම් ඉඟියක් නම් නෙමෙි.

හරි හරි ඔය මහත්වරුන් කල්පනා කරලා බලන්න. එතකොට මොළයට අභ්‍යාසයක් ලැබෙයි නෙ.

**මෙි ගිය විදිහට සයිවර් කඩෙිට ගියෙත් කන්නද , නැත්නම් එතනත් රාජකාරි වැඩක් තිබුනද කියලා කවුද දන්නෙ.

හැබෑටම… එහෙම හිතුනද ජනිත් මහත්තයාට.. ඒකට සාධාරණ සැකයක් තියනවද…?

**ඔව් ඉතින් …. සත්තු වත්තට ගියේ සත්තු බලන්නම නෙමෙනෙ. ජොනි කියන
අමුතු සතා බලන්නත් එක්කනෙ.

සැකයනම් ඉතින් සාධාරණයි. මොකද මට තක්කෙටම කියන්න පුළුවන් ගාළු පාරට යන්නෙ කොහුවල , දෙහිවල හරහා කියලා ඔය වාහන තුන. ඉතින් සයිවර් කඩෙිට මම ගිහින් බැලුවෙ. එතන ඉඳලා සත්ව උද්‍යානයට එච්චර දුර නැහැ. ඔය අප්‍රිකන් කාරයෝ හරි කැමතියි දෙමළ කෑම වලට. ඉතින් අපි බලමු නේද… එතන වෙිටර් මල්ලි කෙනෙක් හාද කරගෙන.

**හෑහ් ඒ කියන්නේ ඒකත් ප්ලෑන් එකේ කොටසක් ද….

ඔව්…. අපි නිතර දකින කුකු⁣ල්ලු වෙන්න ඔීන…
හරි හරි… ඔය මහත්වරුන් ටිකක් විවෙිකගන්න. මට තියනවා වැඩ ගොඩක්.
කරන්න …

රාත්‍රිය උදාවනතුරු නොයිවසිල්ලෙන් බලා සිටියේ ජොනිට කතා කිරීමටය. මිස්කෝල් හතරකින් පසු පස්වන ඇමතුම ජොනීට සම්බන්ධ විය.

ජොනි … මොකද තත්වය ….?

***වරදක් නෑ ලොක්කා….

හ්ම්ම්… ඒක හොඳයි. එතකොට අර ජස්ටින් මුදලාලිගෙන් තොරතුරක් තියනවද…?

***තවම නෑ ලොක්කා..

හොඳයි… තමුසෙ පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්නවා. වැඩිය කොහෙවත් කරක් ගහන්න යන්න එපා.. තේරුනාද…?

***ඔව් බොසා….

හ්ම්ම්… හොදයි….
දුරකථනය විසන්ධි කර.. ඉදිරි සැළසුම් ගැන කල්පනා කරන්නට විමි..

මතු සම්බන්ධයි……..





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now