⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 06 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~

හොඳයි මහත්තයා මම තියනවා. ජයවේවා.

**ජයවේවා සර්…

හරි… ඒකත් හරි. අපි හෙට උදෙන්ම පිටත්වෙමු කසුන්..

*හරි සර් …

මෙතැන්සිට …..

සහයක අපරාධ පරීක්ෂකයා විවෙික ගනු වස් මාහට සමුදුන් පසු. එතෙක් මෙතෙක් කතාව සැකෙවින් ගලපන්නට මා සිතුවා.
හදිසියේම මහාචාර්යවරයා මියගියා. දැනට එහෙම හිතමු. ඔහු පසුපස එතරම්ම දක්ෂ නොවන චරපුරුෂයන් දෙදෙනෙක් සැරිසැරුවා. එතකොට මෑන් මැරුනෙ හෘදයාබාධයකින් කියලා පශ්චාත් මරණ පරීක්ෂක නිගමනය කරා. ඒකත් හරි කියමුකො. මීට කලියෙන් කිසිම තැනක හෘද රෝගයකට ප්‍රතිකාර නොගත් මහාචාර්යවරයා එකපාරටම නොසීතූ වෙලාවක හෘදයාබාධයකින් මරණයට පත්වුනා. ඒකත් මහ රෑ වෙරළක. එතකොට මහරෑ වෙරලකට ගියේ මොකටද..? හ්ම්ම්… මෙතන මට මගහැරුන තැන මොකක්ද …? ඒ හිස්තැන අපි වහාම පිරවිය යුතුයි.
සැටිය මත වාඩිවී කල්පනා කර කර සිටි මා එතනම නින්දකට වැටුනි.

නිල් පැහැති බවුසරයක් ඉතා පලල් සුවසහසු පාරක වෙිගයෙන් ඉදිරියට ගමන් කරයි `` චයිනා මිල්ක් ´´ නමින් එහි
සඳහන්ව ඇති බැව් බැලූ බැල්මට පෙනේ.
බොහෝ වෙලාවක් ධාවනය කරපු බවුසර් රථය මාවතේ පැත්තක ලෝහ කණුවක
`` තංගල්ල ´´ නාම පුවරුවක්ද අටවා තිබුනි. තංගල්ල නගරයද පසුකර වේගයෙන් ඉදිරියට ධාවනය වූ ඒ බවුසරය අම්බලන්තොට නගරයේ එක්තරා අවන්හලක් අසල නවත්වන ලදී.
අඩි හයක් පමණ සුදු , උසැති එකෙකු බවුසරයෙන් බහිනවිට , අනෙක් පසින්
මදක් තරබාරු අඩි පහක් පමණ උස. හිසට රවුම් හිස්වැසුමක් ද දමාගෙන බසින ලදී. උස හාදයා එහි රියදුරු විය.
එම අවහලේ නාම පුවරු⁣වෙ සඳහන් වූයේ
`` තංගල්ල ෆුඩ් කෝනර්´´ වශයෙනි. අඩ හෝරාවකට පසු නැවතත් දෙදෙනා ගමන ඇරඹීය. නැවතත් බවුසර් රථය වෙිගයෙන් ගමන්කර අවසානයේ මාවත අයිනේ `` යාල වනෝද්‍යානය ´´ කියන නාමපුවරුව පසුකර මද දුරක් ගෙවා වම්පසට හරවා කැලෑ පාරකින් හෙමින්සීරුවෙ ධාවනය කරන්නට විය.

*ගුඩ් මෝර්නින් සර්…
ඊයේ රෑ සැටියෙම නින්ද ගිහින් වගේ.

මා සිහිනයෙන් පියවි සිහියට පැමිණියේ
කසුන්ගෙ හඬ අවදි කිරීමෙන්ය.

ඕහ්… කීයද වෙලාව….?

*සර් දැන් වෙලාව පාන්දර පහයි…

එහෙමද. හරි මට විනාඩි පහක් දෙන්න. මම ලෑස්තිවෙලා එන්නම්.

*හරි සර්….

දත් මදින ගමන් මා සුටු සිහිනය ගැන කල්පනා කරන්නට විමි. ඉන්පසු වේෂයද මාරුකරගෙන නිවසේ ආලින්දයට ආවෙමි. හරි කසුන්. අපි යමු. සැලකිවයුතු කාලයකින් පසු අපි පැමිණියේ කොළඹ පිටකොටුව වෙතය.
උදා අහාරය ගැනීමෙන් පසු කෙලින්ම ගමන් ගත්තෙ වෛද්‍ය දුනිත් හමුවීම සඳහා මරදාන රෝහල් පරිශ්‍රය වෙතය.
දුරකතන ඇමතුමට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය දුනිත් මද වෙලාවකින් රෝහලේ ඉදිරිපිට ඔබමොබ ඇවිදින්න වූයේ අප සොයාගන්නටය. අප දෙදෙනා අසලින් ගමන් ගත්තද , හඳුනාගැනීමට නොහැකිවිය.

දුනිත් සර්… මෙි ඉන්නෙ අපි තමයි..

**අප්පටසිරි. සොරි සර්… මට එකවර අඳුරගන්න බැරිවුනා. එන්න යමු ඇතුලට.

ඒකට කමක් නැහැ. හරි යමු යමු.

රෝහල පසුකර පසුපස පෙදෙසට ගොස්
රජයේ නිවාසයකට අපි ඇතුල් වූයෙමු.

**එන්න සර්. වාඩිවෙන්න. මට හරිම සතුටුයි ඔය දෙන්නගෙ පැමිණීම ගැන. ඉතින් කොහොමද..

*වරදක් නැහැ සර්… සයුරි නෝනා එහෙම හොඳින් ඉන්නවද….?

**හපොයි මොකද නැත්තෙ. ඉන්නවා ..
කියනවිට මා කට කොනින් කසුන් දෙස බලා නෝන්ඩිසහගත සිනහවක් පාන්නට විය.

**ඉතින් සර් මොකක්ද මගෙන් වෙන්න ඕන…

හොඳයි සර්. අපි කාරණාවට බහිමු. සර්ට මතකයිද මීට දවස් තුනකට කලින් රටම ආන්දෝලනයකට ලක්වුන මහාචාර්ය විනීත මහත්තයාගෙ මරණය…?

**ඔව්.. ඒ මුළු රටටම වෙච්ච ලොකු පාඩුවක්.

අන්න හරි… ඒක රටටම වෙච්ච ලොකුම පාඩුවක් කියලා තව කාලයක් ගතවෙන්නට මත්තෙන් සේරටම තේරුම් යයි.

**ඒ කිව්වෙ ….

*අපි එහෙම කියන්නේ ඒක ස්භාවික මරණයක් කියලා කිව්වට ඇත්තටම ඒ මරණය සැක සහිතයි.

**ඒ කියන්නේ ඔය දෙන්නා මෙිගැන හොයාගෙන යනවද…?

ඔව් එහෙම හිතමු. මෙිකයි සිද්ධිය.
( මෙතෙක් අප සොයාගන්නා ලද කරුණු මා සැක⁣වින් විස්තර කරා )

**මයි ගෝඩ් සර්… මට හිතාගන්න අමාරුයි.

අපිටත් හිතාගන්න අමාරුයි. නමුත් ඒක හරියටම සනාථ කරගන්න බොහෝ කරුණු කාරණා අවශ්‍යයි අපිට. ඉතින් මෙි පැකට් එකේ තියෙන්නෙ මිනිස් සේ සාම්පල් දෙකක්. මෙික අපිට ලැබුනෙ මහාචාර්යතුමාගෙ ගෙදර තිබිලා. අපිට ඕන මෙිකෙ අසාමාන්‍ය යමක් තියෙනවද කකියලා දැනගන්නට. ඒ වගේම ඒක කොච්චර දුරට දරුණුයි ද කියලා.

**හ්ම්ම්… මට තේරෙනවා සර්… අපි යමු ලැබ් එකට. මට දැන් ගන්න බැහැ ඕක ග්ලවුස් නැතුව. පරක්කු නොකර එන්න මං පස්සෙන් …

කියමින් වෛද්‍යවරයා පෙරමුණ ගනිමින් ගමන් කල අතර , අප පසුපසින් ගමන් ගත්තෙමු. අවසානයේ අප ගමන් ගත්තේ රෝහල් පරික්ෂණාගාරයේ බිටුපස දොරටුවෙන් පරීක්ෂනාගාරය තුලය.
තිදෙනාම වහාම රබර් අත්වැසුම් ද , මුහුණට මාස්ක් ද (මුහුණු ආවරණ ) දමාගෙන මෙතෙක් වේලා පොලිතීන් ඇසුරුමෙහි රඳවා තිබූ කුප්පි දෙක මගෙන් ලබාගෙන එය කුඩා වීදුරු පටියකට දමා. තවත් ද්‍රවයක බිංදු දෙකන්ද එයට දමා මිනිත්තු කීපයක් හැලහොල්මනක් නැතුව සිට, එය අන්වීක්ෂයට දමා හොඳින් පරික්ෂා කරන්නට විය. මද වෙිලාවකින් පසු අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලා නැවත ඒ දෙස හොඳින් බලන විට ඔහුගේ නලලට හීන් දාඩිය දමන්නට විය.

**විනාසයි සර්.. විනාශයි…

ඇයි සර් මොකක්ද අවුල….?

**මෙි ලේවල ඉන්නවා අමුතු ජීවියෙක් මගේ සේවාකාලය අවුරුදු දාහතටම නොදැකපු සතෙක්. මූ නිකං ජෙලිෆිෂ් වගේ එකෙක්. හැමතැනම ඉන්නවා.
මට උදව්වක් කරන්න.

*ඒ මොකක්ද සර්.

**මට අතනින් පොඩි කටුවක් අරගෙන
ඔය දෙන්නගෙන් කාගෙ හරි කමක් නැහැ ඇඟිල්ලක් විදලා , ලේ ටිකක් මෙන්න මෙිකට දාලා දෙන්න..

ඉන්න මම දෙන්නම්…

*සර් ඉන්න මම දෙන්නම්.

තවත් කුඩා වීදුරු පටියකට ලේ බිංදු කීපයක් කසුන් විසින් ලබාදුන් අතර , ඒ ලේ බිංදු කීපයට කුප්පියෙන් ලේ බිංදුවක් පමණක් දමා නැවත අන්වීක්ෂයට ඇස තබා බලන්නට විය.

**my god.. this is impossible.

Whay what happened sir….?

**නාරද මහත්තයගෙ ලේවල රතු රුධිරාණු සේරම ටිකෙන් ටික මෙි සතා කා දමනවා…

මොනවා….? කෝ බලන්න කියමින් මාද අන්වීක්ෂයට ඇස තබා බැලුවා. සැබැවින්ම එහාමෙහා පිහින පිහිනා සිටින කුඩා සත්වයෙක් ලේ සාම්පල්වල අඩංගු රතු පැහැති බිත්තර වැනි පට්ටිකා කෙමෙන් කෙමෙන් කාදමන්නට විය. සැබවින්ම මා පුදුම වුනා. කසුන් මෙික ටිකක් බලන්න.. කියමින් සහයකයටද එය පෙන්නුවෙමි.

*සර් මෙි මොකක්ද මෙි.. ? මාළු ටැංකියක් වාගේ. අප්පටසිරි වෙන කෑමක් නෙ කන්නෙ. කියමින් ඔලුවට අත ගසා ගත්තා.

*දැන් මොකද කරන්නේ …? සර් අපේ අනුමානයන් හරියටම හරි..

අපි කරන්න ඔින වැඩෙි පසුව කතා කරමු.
දුනිත් මහත්තයා මොකක්ද අපිට සරළව දෙන්න පුළුවන් උත්තරය.

**සර් මෙිකනම් දරුණු වෛරසයක්. ඒ කියන්නේ අධි ක්‍රියාකාරි වෛරස් එකක් මොකක් නමුත්. එච්චරයි මට කියන්න තියෙන්නෙ. මෙි සතා වෙිගයෙන් ප්‍රජනනය වෙනවා වගේම , ඉතාම වේගයෙන් රතු රුධිරාණු කා දමනවා.

සාමාන්‍යයෙන් නීරෝගී මනුෂ්‍යයෙක්ට මෙික ආසාදනය වුනොත් කොච්චර කල් ජීවත් වෙයිද….?

**සර් මට හිතෙන විදිහට දවස් දෙකකට වඩා බැහැ.

*මොනවා… දවස් දෙකයි…?

**ඔව් නාරද මහත්තයා දවස් දෙකකට වඩා නම් බැරිවෙයි. මොකද ඒ තරමි මෙ සතා ක්‍රියාකාරියි.

*සර් දැන් මොකද කරන්නේ..

ඉන්න බලන්න. දුනිත් සර්. මම දෙනවා මගේ ලේ සාම්පලයක් ඒකටත් මෙිකෙන් ටිකක් දාලා බලන්න පුළුවන් ද…?

**ඇයි සර් එහෙම. සර් කියලා වෙනම මනුෂ්‍යයෙක් ද..?

ප්ලීස් මම කියනවට කරලා බලනවද..?

**හරි හරි සර්ගෙ කැමැත්තක්. දෙන්න බලන්න.

මම වෙනත් කටුවක් අරගෙන මගෙ මැඳගිල්ල සිදුරු කර. ලේ බිංදු කීපයක් වෙනත් වීදුරු පටියකට දමා වෛද්‍යවරයා අතට දුන්නෙමි. නැවත වතාවක් ඔහු විෂ සහිත ලේ බිංදුවක් මගේ රුධිර සාමිපලයට දමා නැවත පරික්ෂා කරන්නට විය.

**this is incredible… මෙික හරිම අසාමාන්‍ය තත්වයක්.. එහෙම වෙන්නෙ කොහොමද. How is this possible.

*ඇයි සර් මොකද…?

**තේනුවර සර්ගෙ ලේවල රුධිර පට්ටිකා
මුන් කන්නෙ නැහැ නෙ හැබෑටම.

ඒ කිව්වෙ… ?

**ඒ කියන්නේ මුන් ඒවා මගහරිනවා සර්.

හැබෑටම… කෝ බලන්න මටත් දෙන්න.
කියමින් සැකහැර ගනුවස් මාද පරික්ෂා කර බැලුවා. හැබෑටම එහෙම තමයි නෙ.

*සර් එහෙම කොහොමද වෙන්නේ…?

**මටත් ඒක අරුමයක් තමයි නාරද සර්.

හරි හරි… කතාව පැහැදිලියි. කසුන් ඔතනින් ගන්න පොලිතීන් බෑග් දෙකක්. මෙි සේරම දාගෙන ගිහින් මගදි පුච්චලා දාමු.

*හරි සර් කියමින් පරීක්ෂණයට ලක්කල සේරම දෑ පොලීතීන් බෑග් දෙකකට දමා ගත්තෙමු.

**සර් මට කියන්න මොකක්ද ඒ අසාමාන්‍ය තත්වය. සර් මොනවාහරි දෙයක් අපෙන් හංගනවා. නැත්නම් නැවත සර්ගෙ ලේ සාම්පල් පරික්ෂා කරන්න තරම් වුවමනාවක් තිබුනෙ ඇයි. මොකක්ද සර්ගෙ ලේ වල අඩංගු සංඝටකය..? කියමින් සබන් දා අත සෝදන්නට විය.

ඒකට මට උත්තරයක් දෙන්න බැහැ. මොකද ඒකට උත්තරය මම දැනගෙන ඉන්න එපැයි.. කොහොම වුනත් බොහොමයක් ස්තුතියි දුනිත් මහත්තයා.
අපි මෙිකෙ අගමුල හොයාගෙන එන්නම්. කලබල වෙන්න එපා. අපි බලමු මෙිකට විසඳුමක් හොයාගන්න. කියමින් අප දෙදෙනාද සබන් දමා අත් සෝදාගෙන නික්ම යන්නට මත්තෙන් ස්තූති කෙරුවෙමු.

**හොඳයි සර් මොකද දැන් ලැබ් එකේ කට්ටිය එන්න පුළුවන් වෙලාව. හොඳයි අපි නැවත හමුවෙමු. කියමින් අතට අත දී රෝහලෙන් නික්ම ගියෙමු.

ප්‍රධාන ගේට්ටුවෙන් එලියට විත් ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන යතුරුපැදියට ගොඩවෙන විට. ලහි ලහියේ අප දෙදෙනා පසුකර ගියේ සයුරිය.

අන්න ගියා කසුන්ගෙ කෑල්ල. ( සිනාසෙමින් )

*ඔව් නේද සර්. දැන් වෙලාවක් නැහැ. අපි නැවත යන ගමන් හමුවුනාට කමක් නැද්ද…?

හරි ඒකට කමක් නැහැ කසුන්. රාජකාරියට තමයි පලමු තැන දෙන්න ඕන අපි.

*ඔව් සර්… අපි මෙිකට ගිණිතියලා දාලා ඉමු. යමු සුදුසු තැනකට… ඊට පස්සේ මම කියන්නම් කරන්න ඕන දේවල් ටික.

මද වේලාවකට පසු…. රැගෙන ආ දේවල් වලින් එක් කුප්පියක් පමණක් මා සන්තකයේ තබාගෙන අනිත් සියලුම දෑ මුළුනමින්ම ගිණි තබා එය දැවී අළුවන තෙක්ම ඒ දෙස ඈත සිට බලා සිටියෙමු.

*සර් දැන් මට තියනවා ලොකු ප්‍රශ්න දෙකක් අහන්න

මොකක්ද යාළුවා ඒ………?

*අංක එක.. සර්ට මොකද ඒ වෛරස් එක ප්‍රතිචාර නොදැවූයේ…?

හොඳ ප්‍රශ්නයක් කසුන්. මටත් ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න දන්නෙ නැහැ. හැබැයි මට අතීතයේ වෙච්ච එක සිදුවීමක් හන්දා පොඩි සැකයක් තියනවා.
ම ඒගැන අනිවාර්යයෙන්ම කියන්නම්. එතකොට ප්‍රශ්න අංක දෙක මොකක්ද ..?

*එක ලේ කුප්පියක් තියාගත්තෙ ඇයි..?

හා… ඒකට මට දැන් උත්තර දෙන්න පුළුවන්… අපි දෙන්නා නුගේගොඩ මධ්‍යස්ථානයට ගිහින් එතන ලැබ් එකට ගිහින් බලමු අන්වීක්ෂයට දාලා. මෙි වෛරස් එක නයෝසීන් එකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා. එතකොට අපිට හිතාගන්න පුළුවන් මහාචාර්යතුමා මොකක්ද ඇත්තට කරේ කියලා.

*ඔව් නේද සර්. එතකොට අපිට සනාථ කරගන්න පුළුවන් ඇත්තටම මෑන් හෙික නිර්මාණය කරාද. නැත්නම් ඒකට ප්‍රති වෛරස් එකක් හදන්න උත්සාහ කරාද කියලා.

ඒක දැන් නෙමෙි. වෙන වෙලාවක මම කියන්නම්. අපි දැන් යමු මදීනා ටෙක්ස්ටයිල්ස් එකට. අපි ගිහින් ඩාර්ක් හෙඩ් හමුවෙලා මෙිගැන කරුණු පහදලා දෙන්න වෙනවා.

*යමු යමු සර්….

අඩ හෝරාවකට පසු මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත යාමට අපට හැකිවිය.

************************************************
ඩාර්ක් හෙඩ් ( දෙවන අණදෙන නිලධාරී ) හමුවී කරුණු පහදා දුන් පසු…

**මයි ගෝඩ් මාධව. ඒක තමයි එහෙනම් මෙි උකුස්සට මෑන් මැරෙන්න කලින් දුන්න ඉඟිය.

ඔව් සර්. ඒක ප්‍රභල ක්‍රියාකාරි වෛරස් එකක්.

**එතකොට මාධව, මහාචාර්ය ලඟ ලේ සාම්පල් වල මෙික තිබුනා කියන්නේ.
මෙිකෙ අසාධිතයො දැනටමත් ඉන්නවා.

ඔව් සර්. එහෙම තමයි හිතන්න වෙන්නෙ. මම හිතන්නේ ඒ ආසාදිතයින් මැරෙන්න කලින් ගත්ත ලේ සාම්පල් වෙන්න ඔින. තවම මෙික සමාජගතවෙලා නැහැ. එහෙම වෙලා නම් අපිට දැනගන්නට ලැබෙනවා නෙ.

**එතකොට මෙතෙක් සමාජගත නොවෙන්න මොකක්ද හේතුව වෙන්න ඕන ඔයා හිතන විදිහට…?

මම හිතන විදිහට තව මොකක්හරි අඩුවක් ඇති මෙිකෙ අපිට නොතේරෙන.

**තමුසෙ හරි මාධව. මොකක් නමුත් අඩුවක් ඇති.

ඔව් සර්. සාමාන්‍යයෙන් මෙි වගේ දෙයක් හදනකොට ඒකට ප්‍රතිවෛරස් එකත් හදන්න ඕන. ඒක හදලා ඉවර කරනකම් මෙික සමාජගත කරන්නේ නැහැ.

**ඒ කිව්වෙ…?

ඒ කිව්වෙ සර්. මෙි වගේ් දෙයක් නිර්මාණය කරන්නේ ඉතාමත් විශාල මුදල් සම්බාරයක් උපයන්න. එහෙමත් නැත්නම් තව රටක් ආර්ථිකමය වශයෙන් වට්ටලා ඒ රටවල්වල භූමිය මිළදී ගන්න වගේ දේවල් වලට.

**මට ඔය කියන්න හදන්නේ සීතල යුද්ධයක් ක්‍රියාත්මක කරන්න හදනවා කියලද…?

හරියටම හරි සර්. ඒකට තමයි මෙිවගේ දෙයක් නිර්මාණය කරන්නේ. මුදල් උපයන්න නම් ඒකට ප්‍රති වෛරස් එක නිර්මාණය කරලා ඉන්න ඕන වගේම, ඒක සීයයට දෙසීයක් ප්‍රතිවෛරස් එකක් විදිහට වැඩ කරන්නත් ඕන.

**හ්ම්ම්… ( නිකට පිරිමදිමින් ) එතකොට මෙික කාගෙ වැඩක් වෙන්න පුළුවන් ද…?

⁣මට ඒකට අනුමාන උත්තරයක් වත් මෙි වෙලාවෙ දෙන්න අමාරුයි. වෙන රටක රාජ්‍ය නොවන සංවිධානයක අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා වෙන්නත් පුළුවන්. නැත්නම් අපේ රටෙි අප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ, නමුත් ලෝකෙට හොඳ වෙස්මුහුණක් දාගෙන ඉන්න මහාචාර්යවරුන් කණ්ඩායමක වැඩක් වෙන්නත් පුළුවන්.

**සල්ලි විසිකරන්නේ වෙන රටක සංවිධානයක් , ඒ වුනාට වැඩෙි කරන්නේ අපේ ඔය කියන උගත් සෙට්එකක් වෙන්නත් පුළුවන්..

ඔව් සර් එහෙම නොවෙන්නත් බැරි නැහැ.
මොකද අවිආයුධ වගේ නිර්මාපකයෙක් හොයන්න බැහැනෙ වෛරස් එකක.

**ඒ වුනාට ප්‍රතිවෛරස් එකට නිර්මාණ කරුවෙක් ප්‍රසිද්ධ වෙනවා…

ඔව් සර්… අවසානයේ මෑන් හෝ මෑන්ගෙ සමූහය ලෝක පූජිත වෙනවා. නමුත් අතයටින් දෙකම නිර්මාණය කරේ මෑන් හෝ මෑන්⁣ සමඟ මෑන්ගෙ කල්ලිය නැත්නම් සංවිධානය .

අවසානයේ මුදල් , සම්මාන සමඟ ප්‍රසිද්ධිය හැදුව උන්ට, මරණය මොන රටක වුනත් අහිංසක මිනිස්සුන්ට..

ඔව් සර් ඒක තමයි යථාර්ථය.

**බලාගෙන ගියාම මෙික රට පැටලවිල්ලක් නෙ..

ඔව් සර්. කොණක ඉඳලා හොයන්න වෙනවා….

**හ්ම්ම්… බොන්න නෙමෙි බොන එව්වගෙන් නාන්න ඕන ප්‍රශ්නයක් නේද…? හොඳයි. මම දැන්ම යනවා උකුස්සා හමුවෙන්න. මොකද උකුස්සා
තවම සැකෙන් ඉන්නෙ මොකක්ද මෙි මහාචාර්යවරයගෙ ඉඟිය කියලා. ඒ වගේම මෙිකෙ තියෙන බැරෑරුම්කම ඕනම කෙනෙකුට තේරෙනවා. පරක්කුවෙලා බැහැ. මාධව තමුසෙ ගන්න පුළුවන් ඉහලම ක්‍රියාමාර්ග ගන්න.
පිරිස් බලය , ධන බලය , අවිආයුධ බලය තමන්ට ඕන බලයක් අරගෙන මෙික කොණක ඉඳලා හොයලා විසඳලා දාන්න.
මොකා මොන රටෙි එකෙක් වුනත් , මෙි ර⁣ටෙි පය ගහලා අපරාධ ව්‍යසන කරනවා නම්, උන්ව අළු කරලම දාන්න. දෙපාරක් හිතන්න එපා. රයිට්…මම ඕඩර්ස් අරගෙන එන්නම් උකුස්සගෙන්. කියමින් වේගයෙන් තම අසුනෙන් නැගිටගෙන අප දෙදෙනාව තනිකර දමා ඔහු යාමට ⁣තම මෝටර් රථයට ගොඩවිය.

හ්ම්ම්…… යමු කසුන්. අපි ලැබ් එකට.
ඉතිරි ලේ සාම්පල් එකත් රැගෙන පරීක්ෂණාගාරයට ගොස් පෙර පරිදිම ලේ සාම්පලයට නයෝසීන් බිංදුවක් දමා පරික්ෂා කෙරුවෙමි. පෙර පරිදිම නයෝසීන් සමඟ කිසිම ප්‍රතික්‍රියා කිරීමක් පෙනෙන්නට නොවීය.

මතු සම්බන්ධයි……





Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now