ඉඩෝරේ සැර දැනෙන්නේ
Poem : ඉඩෝරේ සැර දැනෙන්නේ
Author : Roshan Aththanayaka
Date : 2023 Octomber
ඉඩෝරේ සැර දැනෙන්නේ - ගොයම වියැලී වැටුණ දා............
මෝසමේ සැර දැනෙන්නේ - නදිය දෙගොඩම තැළුව දා ...........
මාරුතේ සැර දැනෙන්නේ - රූස්ස ගස් බිම වැටුණ දා ...........
තනිකමේ සැර දැනෙන්නේ - නුඹ කෙනෙකු හා දුටුව දා ...........
සඳම වැහි කළු වැසුව දෙන් - කාන්තිය අඩු වෙන්නෙපා .........
බඹර රැළි මල තැළුව දෙන් - බිඟුනි නෑවිත් ඉන්නෙපා .........
ඇල වේලි හැම බැඳුනදෙන් - ගඟේ නුඹ නවතින්නෙපා .......
මටම නපුරම උනාදෙන් - නුඹට නපුරක් වෙන්නෙපා ........
හැඩට වැඩට අලෙව්වාට - නුඹ ආඩම්බර වෙන්නෙපා .........
හුලං තදට හැමෙව්වාට - නූල කඩන් යන්නෙපා ........
නූල බුරුල් කෙරෙව්වාට - වැඩිය උඩට යන්නෙපා .........
වාගෙයි නුඹ සරුංගලේ - කූරිය ගහගන්නෙපා .........
Other Poems By Same Author
Story : ඉඩෝරේ සැර දැනෙන්නේ
Date : 2023 Octomber
Description :
Date Added : 18 Oct 2023