පියසටහන
Poem : පියසටහන
Author : Hansika Pavani
Date : October 2nd
Description : මාර්ගය
ලමා විය
ගෙවීගිය කෙලිදොලෙන්
හිමි විය තුරුණු විය
බොහො දුක ගැහැට විද
පැමිණියේ මැදි විය
පසු කලත් ඒ කාලය
සෙවු එ සහනය
ලැබෙනුවේ නියතින
බවුන් වඩනා දිනයක
මෙ කය නිසරු බව දැන
ලෙඩ දුකින් පෙලන බව
දැනත්
මරණය පැමිණෙන බව දැනත්
කුමටද ධනය මහ ගොඩක්
මරනය අබියස සිහි වුවත්
නැත පලක්
විය පමාවක්
කර ගැනිමට ඇති යමක්
කල යතුය ඉක්මන්
මේ මගෙහි පියමං කල
කෙනෙක් හට අවැසි නැත සෝ තැවුල්
එ ගමන ගිය අයෙක්
යුතුකම් පමනක් කරයි සැබැවින්
අත හරි සියලු දෙය නිසි කලට පැමිණි විට
ඔහු හෝ ඇය පියනගන්නේ වන පෙතට
හංසි
Other Poems By Same Author
Story : ඔබත් මමත්
Date : October 3rd
Description : ඇයද ගැහැනියකි මා සේම
Date Added : 02 Oct 2023
Story : පෙරලුණු පිටුව
Date : 2nd October
Description : සිත කියවු පිට
Date Added : 01 Oct 2023