(දුක්) කසාදය
Poem : (දුක්) කසාදය
Author : Nilakshi
Date : 02/10/2023
Description : -
හැම නඩු වාරයකදිම වගේම,
අදත් ඔයා මූන බුම්මගෙන.
මමනේ දන්නෙ...
ඔය තරහා ගැන.
උසාවියේ සෙනග අස්සෙන්,
ඔයාව මට දුරට පේනකොට.
අත්දිග කමිසයට,
තාමත් හැඩයි ඔයා...
කියාගන්න තිබ්බානම්,
යන්න කලින් ඒ ගැන.
මසකට වරක්...
මුහුන දැකගත්,
මගේ පෙම් කතාවේ...
අන්තිම දවස අද.
ඉතිං..අදින් පසු,
හදාගන්නේ කෙලෙසද මා හිත,
ඉදහිටවත්..
දකින්නට නොලැබෙන කල ඔබ
Other Poems By Same Author
Story : අහිමි සද
Date : 01/10/2023
Description : අහිමි සද.....
Date Added : 01 Oct 2023