නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 38
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
38 වන දිගහැරුම
( වෛද්‍ය මහේෂ් මානවඩු )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
**ඔව් සර් ඒක ඇත්ත. අපි ඒ විදිහට මේ මිෂන් එක ඉවර කරමු.
හොඳයි … එහෙනම් මම ගිහින් එන්නම්.
මොනවා වුනත් පැට්රික් ගැන හොඳ අවධානයෙන් ඉන්න.
මෙතැන්සිට ….
ආහ්… මට කියන්න අමතක වුනා මම අද යනවා ගම්පහ සේෆ් හවුස් එකට. හෙට ඩොක්ටර් මහේෂ් මානවඩු හමුවෙන්න ඕන.
*ඩොක්ටර් මහේෂ් මානවඩු … ? මිස්ටර් ඩේවිඩ් ගෙ ක්ලීනික් ඩොක්ටර් නේද .. ?
අනුමාන උත්තරය තහවුරුයි. එයා තමයි.
මෑන්ව හමුවෙලා මෙි ප්රශ්නයේ තියෙන බැරෑරුම්කම තේරුම් කරලා. එතන වෙන්න ඕන වැඩෙි කියලා දෙන්න වෙනවා.
**සර්.. මුදලට වැඩ කරන කෙනෙක් වෙන්න බැරිද … ?
හ්ම්ම්… අසාර්ථක තර්කයක්. මොන මිනිහද සල්ලි කොච්චර දුන්නත් මිනීමැරුම් චෝදනාවකට හිරේ යන්න කැමති ජීවිතාන්තය දක්වා … ? මොන ගැටයක් ගහලා එලියට ආවත් වැඩක් තියනවද තමන්ට ලැබෙන අපකීර්තිය. ඒ වගේම පවුලේ අයට සමාජයෙන් ලැබෙන අපකීර්තිය.. එහෙම බලපුවාම ඒ වගේ ගණුදෙනුවක් කරන එක පාඩු නැද්ද… ? හ්ම්ම්… ඒ හන්දා අපි මෑන් හමුවෙලා බලමු මොකද වෙන්නෙ කියලා. මම මේ දවස් දෙක තුන ටිකක් බිසී වෙනවා මිෂන්එක ඇතුලෙ. ඒ හන්දා ඔය දෙන්නා පැට්රික් ගැන පූර්ණ අවධානයෙන් ඉන්න ඕන. අවසාන කාලයෙදී සමහරවිට අපිට ඉදිරි කාලයේ ආයුධ වලින් ගණුදෙනු කරන්න වුනත් වෙයි. ඒකටත් අපි සූදානම්ව ඉන්න ඕන.
*ඒ ටික කරන්නම් දොඹෙන් යන්න.
ඔව් ඔව් මම දන්නවා නියෝජිත ජනිත් හරි
කැමතියි හකු පන්නන්න. ගුට්කෙලි වලට.
ඒවට අවස්ථාවක් ලැබුනොත් මම චාන්ස් එකක් දෙන්නම්. දැනට හොඳ අවධානයෙන් ඉන්න. විශේෂයෙන්ම කැරොලින් මැඩම් ගැනයි, මිස්ටර් රිචඩ් ගැනයි. මොකද ඒ දෙන්නා තමයි ඊලඟ ටාගට් එක.
*ඔව් සර්… අද ඉඳලා අපි නැවත රිලැක්ස් වෙන්න කියනකම් ඔය ගෝනහෙල පැත්තෙ ඉන්නම්.
*එතකොට සර්ගෙ ඔය මාල්වෙයාර් එකෙන් මොකක්ද කරන්නේ .. ?
හොඳ ප්‍රශ්නයක් මම ඒකත් පැහැදිලි කරන්නම්. මම ඔය දාපු මාල්වෙයාර් එක පැට්‍රික්ගෙ ලැප්ටොප් එකෙ සම්පූර්ණ සිස්ටම් එකම විනාඩි පහක් වගේ කාලයක් තුල සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරනවා. නමුත් ඒක ඇතුලෙ ක්‍රියාත්මක වෙනවා කියලා පරිඝණයේ සංවේදී මෘදුකාංග වලට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ මාල්වෙයාර් එක පරිඝණකය සතු හැම ගොනුවකම කොපියක් හදාගන්නවා. විශ්වාස කරන්න. ඒ හැදෙන කොපිවල ධාරිතාවයවත් මෑන්ගෙ ඔය ලැප්ටොප් එකේ පෙන්වන්නෙ නැහැ. ඉතින් එහෙම හදාගන්න කොපිය රහසිගතව ගබඩාකරගෙන ඉඳලා. කොයි වෙලේ හරි මෑන් නෙට්වර්ක් එකක් එක්ක
තමන්ගෙ ලැප්ටොප් එක සම්බන්ධ කරපු
ගමන් මගේ ලැප්ටොප් එකට එනවා මැසේජ් එකක්. ඒක හරහා මට පුළුවන් එයාගෙ සියළුම දේවල්වල කොපියක් දාගන්න. ඊට පස්සේ මෑන්ගෙ ඊමේල් පවා මට හැක්කරන්න පුළුවන්. මම ඒ ඔස්සේ ඔය බ්ලැක්මේල් තොරතුරු ටික සදහටම මකලා දානවා වගේම , ඊමෙිල් එකේ තියාගෙන ඉන්නවා නම්, ඒකෙනු මකලා දානවා. වෙන මොනවටවවත් හානියක් කරන්න යන්නෙ නැහැ. එතකොට මෑන්ට සැක හිතෙන්න පුළුවන්. ඒකට මට ටිකක් නිදහසේ ඉන්න ඕන හන්දා තමයි මම ගම්පහ සේෆ්හවුස් එකට යන්න තීරණය කරේ. දෙවන කාරණය තමයි. මට හෙට උදෙන්ම කොළඹ යන්න ලේසි හන්දා.
*හොඳයි සර්.. අපි මෙහෙ වැඩටික බලාගන්නම්. සර් යන්න..
හොඳයි බොහොම ස්තූතියි. එහෙනම් මහත්වරුනි. මම මෙි බොරු කොණ්ඩයයි , රැවුලයි අරගෙන ගම්පහ අදිනවා. ටටා බායි.
ඉන්පසු මා ගෝනහෙල පසුකර වතුයායට
පැමිණ ලැප්ටොප් පරිඝණකයද දින දෙකකට අවැසි බඩුබාහිරාදිය බෑගයට දමාගෙන කාර්යාලයට එනවිට කැරොලින් මහත්මිය කාර්යාලයේ මා එනතුරු රැඳි සිටියාය.
මැඩම් මම යන්න කියලා. දවස් දෙකනින්
නැවත එන්නෙ.
*ඉන්න මම ඔයාව මහනුවර දාන්නම්.
ඔයාට ලයිසන් තියනවද මැඩම් .. ?
*මට තියනවා මිස්ටර් කෙවින්.
හ්ම්ම්… එන්න එහෙනම්. නැවත මා මෝටර් රථය කාර්යාල පරිශ්‍රයෙන් එලියට ගත්තෙමි. ගෝනහෙල පසුකරමින් පසුකරනතුරු ඇය මා සමඟ එකම වචනයකුදු කතා නොකලාය.
කැරොලිනා. මොකද අද කට ඕෆ් කරගෙන.
*නෑ කෙවින් මම කල්පනා කරේ. ඔයා මගෙ කවුද … ? එතකොට මම ඔයාගෙ කවුද කියලා .. ?
ඇයි එහෙම හිතන්නේ. මම ඔයාගෙ කවුරුවත් නෙමෙයිද .. ?
*නෑ එහෙම නෙමෙි කෙවින්.
එහෙනම් ඉතින්.. එදා රූම් එකට ගිහින් මොනවාහරි කරානම් ඔය කතාව වෙනස්
වෙනවා නේද .. ?
*ඉතින් කරන්න එපැයි. මම ඒකට වුනත් කැමතියි.
ඒ කියන්නේ මම ඒක කරයි කියලා බලාපොරොත්තුවෙන් හිටියද .. ?
*ඔයාට හංගන්න දෙයක් තව නැහැ මගෙ මහත්තයෝ. ඔව් ඇත්තටම මම එහෙම බලාපොරොත්තු වුනා.
හහ් හහ් හා. ඔයා හිතනවද ගෑණියෙකුගෙ අසරණකමට බැඳුණ ආදරයෙන් මම අයුතු ප්‍රයෝජන ගන්න තරම් පහත් මානසික මට්ටමක ඉන්නවා කියලා. මම එච්චර
පිරිහෙච්ච පිරිමියෙක් නෙමෙි වගේම, මම
ඒ වගේ කාමාතුරයෙක් නෙමෙි.
*ඒක ඉතින් මම නොදන්නවායැ මගෙ මහත්තයෝ. ඔයා ඒ අතින් හරිම ග්‍රේට්.
ඉතින් එතකොට මොකක්ද තව කල්පනා කරන්න තියෙන්නෙ… ?
*නෑ ඉතින් මෙි දවස් ගාණක් තිස්සේ එහෙ
මෙහෙ රස්තියාදු වෙන්නෙ. කා වෙනුවෙන්ද
මම වෙනුවෙන් නේද… ? ඔයාට මම මොනවද මෙිවනතුරු දීලා තියෙන්නෙ. මොකුත්ම නැහැ. මගෙන් ඔයාට ගන්න දෙයකුත් නැහැ. ඉතින් අපි වැටුන වෙලාවෙ හැමෝම අහක බැලුවා අදටත් එහෙමයි. ඒත් කොහෙවත් නැති ඔයා මම වෙනුවෙන් කරන කැපවීම් ගැන මට හිතාගන්න බැහැ.
කැරොලිනා. මෙික හොඳට මතක තියාගන්න. සබඳතා හටගන්නෙ බාහිර සාධක මත වුනත් , ඒවා ශක්තිමත් , දැඩි වෙන්නෙ මිනිස්සු එකිනෙකා කෙරෙහි දරණ ශක්තිමත් ආකල්ප මත කියලා. මම මෙි දේවල් කරන්නෙත් ඒ හන්දාමයි. මටත් හැම පිරිමියෙකුට ම තියෙන හැඟීම් දැනීම් තියනවා. මට මෙි රටෙි ගෑනු නැද්ද කසාද බඳින්න කෙල්ලො නැද්ද… ? නමුත්
ඒක නෙමෙි ප්රශ්නය. ප්රශ්නය තියෙන්නෙ මිනිහෙක් අමාරුවෙ වැටුනම ඒ මිනිහගෙන් අයුතු ප්‍රයෝජන නොගෙන අපි කොහොමද බෙිරගන්න ගන්න ඕන කියලා හිතන තැන. ඒ තැන මම ඉන්නවා ජීවිත කාලය තුලම.
එහෙනම් අපි නුවරට ආවා. මම ගිහින් එන්නම්. ඔයා පරිස්සමෙන් ගෙදර යන්න.
*අඩුම තරමෙ ඔයා කොහෙද යන්නෙ කියලවත් කියන්න මට.
මැණිකේ මම යන්නෙ ගම්පහ. එතනින් එහාට මම කරපු වැඩ මොනවද කියලා නැවත ආපු දවසට කියන්නම්. මම සාමාන්‍යයෙන් යමක් කරන්න කලින් කරන්නේ මොනවද කියලා කාටවත් ම කියන්නේ නැහැ.
*හොඳයි ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න මහත්තයෝ.
වාහනයෙන් බැස ඇය නැවත හරවාගෙන නොපෙනී යනතුරු බලා සිටියෙමි. වටපිට
බලනවිට මාදෙස ඈත සිට යතුරුපැදිය නවත්වා බලා සිටියෙ නියෝජිත ජනිත් ය.
නියෝජිත සුභාෂ් ඇය ලුහුබඳිනවා වෙන්න ඕන. මහනුවර - කොළඹ බස් රථයකට නැග එය මහනුවර නගර සීමාවෙන් එලියට යනතුරුම නියෝජිත ජනිත් මා පසුපස එන්නට විය. සැණෙන් ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ආවෙ නියෝජිත ජනිත් ගෙන්මය.
“සර් මම මෙතනින් නවතිනවා ජයවේවා”
“ඕකේ ජනිත් මහත්තයා ජයවේවා” යනුවෙන් මා ප්‍රතිඋත්තරය ලබාදී නැවත දුරකථනය සාක්කුවට දමා ගත්තෙමි.
හවස්වනවිට ගම්පහ සේෆ්හවුස් වෙත යාමට මා සමත් වුනෙමි. රාත්‍රි හතට පමණ බත් කඩෙිකින් රයිස් එකක් රැගෙනවිත් රෑට කලින්ම කාදමා.ලැප්ටොප් පරිඝණකය ක්‍රියාත්මක කර ඉවසා සිටියේ මා උඩුගත කරන ලද මාල්වෙයාර් එකෙන් ප්‍රතිචාර දක්වනකම්ය. හෝරා දෙකක් පමණ ගත වුන තැන අදාල මාල්වෙයාර් එකෙන් කෙටි පණිවිඩයක් මාහට ලැබුනි. ඉක්මනින් ක්‍රියාත්මක වූ මා අඩ හෝරාවකට පසු කොපි කිරීමෙි කාර්ය නිමාකිරීමට සමත්වූයෙමි. “සර් මෙි දේවල් ටිකත් දැනගන්න එක සර්ට අසීමිතව ඉදිරියේ දී ප්‍රයෝජනවත් වෙනවා” මා සිතින් ඔහුව සිහිපත් කෙරුවෙමි. “බොහොම ස්තූතියි ප්‍රොන්ටෝ මට මෙි වැඩටික කියලා දුන්නට.
මාධව.. එහෙනම් “ගේම් ඔන්” එහෙනම් පැට්රික් උඹ ආයේ බ්ලැක්මේල් සෙල්ලම කරලා ඉවරයි. වාසනාව තියනවානම් බඹරෙ වැල්ලෙ වුනත් කැරකෙනවා පැට්රික්. තවත් හෝරාවක් පමණ මහන්සි වී ඔහු බාවිතා කල ගූගල් ගිණුම් හයක් හැක්කර එහි තිබූ බ්ලැක්මේල් වීඩියෝ සහ ඡායාරූප මකා දැමුවෙමි. පසුව පැට්‍රික්ගෙ ලැප්ටොප් පරිඝනකයේ හාඩ්ඩිස්ක් එකේ
තිබුන බිලැක්මේල් වීඩියෝ හා අදාල ඡායාරූප මකා දමන ලෙස විධානය කර. හැකි ඉක්මනින් මාගේ ලැප්ටොප් එක ක්‍රියා විරහිත කර දැමුවෙමි. ජයග්‍රාහී ලීලාවෙන් දුරකථන ඇමතුමක් ගත්තේ ප්‍රොන්ටෝ වෙතය.
දු.ක -හෙලෝ සර්.. ගම්පහ නේද ඉන්නේ.. ?
ඔව් ප්‍රොන්ටෝ. කොහොමද ජීවිතය .. ?
දු.ක - හොඳින් ඉන්නවා.
මම ලොකු ගේමක් දුන්නා. අර මාල්වෙයාර් එකෙන් ලැප්ටොප් එකක් ආක්‍රමණය කරා වගේම එම මිනිහා පාවිච්චි කරන ගූගල් එකවුන්ට් හයක් හැක්කරලා අපිට මකන්න
ඕන වීඩියෝ ටිකක් ඩිලීට් කරලා දැම්මා.
දු.ක - නියමයි .. සර්ට ඔය වැඩ වලට කොච්චර කාලයක් ගියාද .. ?
හ්ම්ම්… පැයයි විනාඩි හතලිහක් විතර යන්න ඇති.
දු.ක - මොනවා… ? එච්චර ඉක්මනින්.
ඇයි…
දු.ක - මටත් පුළුවන් වෙයිද මන්දා එච්චර ඉක්මනට ඒ දේ කරන්න. බලමු කෝකටත්
මට ලින්ක් එක ඊමෙිල් කරන්න. මට බලන්න ඕන වැඩෙි හරියට වෙලාද කියලා.
නෑ.. මම හෙට එනවා ටෙක්ස්ටයිල්ස් එකට. එතකොට මම මගෙ පෙන්ඩ්රයිවර් එක දෙන්නම්. ඔයා ඒක ඩක්ලෙයාර් කරලා බලන්න. කෝකටත් හොඳයි ඒක.
දු .ක - හොඳයි සර්..
එතකොට මස ගම්පහ ඉන්නවා කියලා ප්‍රොන්ටෝ දැනගත්ත එක මට අරුමයක් නෙමෙි. මොකද සේෆ්හවුස් එකට එන්ටර් වෙනකොට ඔයාට මැසේජ් එකක් එනවනෙ
අපේ ෆොටෝස් එක්කම. මට තව දෙයක්
දැනගන්න තියනවා. මම ඒක ඇවිත් අහන්නම්.
දු.ක - ඕකේ සර්.. වෙනත් යමක්.
ඔව් ප්‍රොන්ටෝ මම කතා කරේ. හෙට මට
වියකල් එකක් ලෑස්ති කරලා තියන්න කියන්න ටෙක්ස්ටයිල්ස් එකේ ඇතුලෙ හෙට මට තියනවා මහරගම යන්න. මම ඇවිත් විස්තරේ කියන්නම්. මට ඩාර්ක් හෙඩ් ටත් කතා කරන්න ඕන.
දු.ක - හරි සර්.. ජයවේවා එහෙනම්.
ජයවේවා ප්‍රොන්ටෝ ..
පසුදින උදෙන්ම අවදිවූ මා මදීනා ටෙක්ස්ටයිල්ස් බලා බසයෙන් ගමන් ගත්තෙමි. පසුව ප්‍රොන්ටෝ ද හමුවී කෙටි කතාබහක නිරතවි. මගෙ බාහිර පෙනුමද මාරුකරගෙන පසුව නියෝජිත බී 200 ව හමුවී මෝටර් රථයද රැගෙන මා මැණෙන් මහරගම බලා පිටත් වුනෙමි. මහරගම රෝහලට වී වෛද්‍ය මහේෂ් මානවඩු එනතුරු ඉවසිල්ලෙන් රැදී සිටියෙමි.
“මහත්තයා දැන් වෙලාව හතයි පහයි නෙ
ලෙඩා බලලා ඉවරයි නම් යන්න ඉක්මනට”
ඒ සිකුරිටිගෙ වදන්පෙල විය. “ඕකේ සොරි
මහත්තයා” කියමින් මා රෝහලෙන් පිටත්ව
එලියට ආවෙමි. උදේ අට හමාරට විතර සන්ධි අමාරුවක් මාහට ඇති බව පවසා බාහිර රෝගි අංශයෙන් තුන්ඩුවක් ලබාගෙන දොළොස්වන කාමරය බලා මා ගමන් ගත්තේ රාජකාරි නියුතු රෝහල් සහයකයින්ගෙන් හා හෙදියන්ගෙන් වෛද්‍යවරයාගෙ නම පවසා කාමරය තියෙන තැන අසාගැනීමෙන් පසුවය. හෝරාවක් පමණ ලෙඩ්ඩුන්ගෙ පෝලිමෙි සිට. වෛද්‍ය මහේෂ් හමුවීමට හැකිවිය.
ගුඩ් මෝර්නින් ඩොක්ටර් …. ඩොක්ටර් මහේෂ් මාණවඩු
*වෙරි ගුඩ් මෝර්නින්. ඔව්.. මම මහේෂ් මානවඩු තමයි. ඉතින් කියන්න මොකක්ද ප්රශ්නය කොතනද ලෙඩෙි තියනවා කියලා දැනෙනේනෙ.
ලෝක ලෙඩක් සර්. මට පොඩ්ඩක් සර් එක්ක තනියම කතා කරන්න ඕන. මෙික
හදිස්සියක්..
*හදිස්සියක්…
ඔව්… හදිස්සියක්.
*මිස්… මට විනාඩි පහක් දෙන්න.
**ඕකේ සර්..
හෙදියන් දෙදෙනාම දොර වසා පිටව යන තුරුම පසුපස බලාගෙන සිටි මා නැවත වෛද්‍ය මහේෂ් දෙස හැරුනෙමි. ඩොක්ටර් මම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරියෙක්. මෙන්න මගෙ අයිඩී එක. කියමින් ව්‍යාජ අයිඩී එකක් පෙන්නුවෙමි. පසුව බොරු උඩු රැවුලේ බාගයක් පමණ ගලවා නැවත අලවා ගත්තෙමි.
මම කෙලින්ම පොයින්ට් එකට බහින්නම්.
ඩොක්ටර් අහලා තියනවද “පැන්සෝවා එක්ස් ටූ” කියලා එන්නතක් ගැන මීට කලින්.
*හ්ම්ම්… මතක හැටියට නැහැ.
ඔව් එහෙම දැනගෙන ඉන්න විදිහක් නැහැ හොඳයි “පැන්සෝවා එක්ස් ටූ” කියන්නේ
ජර්මනියෙ නිශ්පාදිත ජීව අවියක් මෙි එන්නත කාගෙහරි ශරීරයකට එන්නත් කරාම පැය විසිහතරක් යන්න කලින් ඒ පුද්ගලයා හෘදයාබාධ වගේ ක්ෂණික රෝග වලින් මැරෙනවා. වගේ කියලා මම අදහස් කරේ මොකක්ද හැදෙන ලෙඩෙි කියලා මට දැනුමක් නැති හන්දා. කොහොම වුනත් එන්නත් ගැන ඩොක්ටර් ඒ ගැන මට වඩා හොඳට දන්නවනෙ. ඉතින් ඩොක්ටර් ගෙ මෙි එන සිකුරාදා අංශබාගෙ ක්ලීනික් එකට එන්න ඉන්නවා මහනුවර පැත්තෙන් එන හෙන්ද්‍රික් වලව්වේ මිස්ටර් රිචඩ් පීරිස් කියලා පේෂන් කෙනෙක්. මතකයිද එහෙම කෙනෙක්ව…?
*මට එහෙම මතකයක් නම් නැහැ ඔෆිසර්… ඉන්න බලන්න කියමින් කාල සටහනේ සිකුරාදා සායනයේ ස්ථිර නම් ලැයිස්තුව පරික්ෂා කරන්නට විය. ඔව් මෙි තියෙන්නෙ රිචඩ් පීරිස් කියලා. හරි ඉතින් කියන්න කතාව ඉක්මනට.
ඔව් ඩොක්ටර්.. ඒකට කමක් නැහැ එහෙම පේෂන්ලව පුද්ගලිකව මතක තියාගන්න බැහැ නෙ. නමුත් මෙි සිදුවීමෙන් පස්සේ. මිස්ටර් රිචඩ්ව හොඳට මතක හිටීවි. ඉතින් ඒ පේෂන්ව සිකුරාදට ඔය ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරලා මරලා දාන්න සැළසුම් කරලා තියනවා කියලා අපි හොයාගත්තා.
*මොනවා… ?
ඔව් ඩොක්ටර්.. ඒ සැළසුමේ හැටියට ඩොක්ටර් අතින් තමයි ඒ විෂ එන්නත ශරීරගත කරන්න වැඩකටයුතු හදලා තියෙන්නෙ. එතකොට මිස්ටර් රිචඩ් මැරුනහම ඒකට ගස් යන්න වෙන්නත් සර්ට කියලා මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ.
*මයි ගෝඩ් ඔෆිසර් …
වාඩිවෙන්න සර්… වාඩිවෙන්න. ඒක තමයි
එයාලගෙ සැළසුම. ඉතින් මම කියන්නේ සර්. එයාගෙ එදාට තියෙන ඉන්ජෙක්ෂන් එක සර් දැන්ම වෙනම තියාගෙන ඉඳලා එදාට විදින්න. මොකද එදාට ව්‍යාජ ලේබලයක් අලවලා ඒ විෂ සහිත එන්නත මෙතන අනිවාර්යයෙන්ම තියනවාමයි. ඉතින් ඒ ජීවිතයත් බේරිලා , සර්ගෙ අනාගතයෙත් අඳුරු නොවී තියන්න ඕන හන්දා තමයි මම නුවර ඉඳලා මෙහෙ උදෙන්ම ආවෙ.
*අනේ… බොහොම ස්තූතියි ඔෆිසර්.. මම අදම එයාගෙ පරණ රිපෝර්ට්ස් චෙක් කරලා එයාට දෙන්න ඕන ඉන්ජෙක්ෂන් එක අරගෙන මම ලග තියාගන්නම්.
ඔව් ඒක හොඳයි. සර් පාවිච්චි කරන ඉන්ජෙක්ෂන් එක එදාට පුද්ගලිකවම ගෙනැල්ලා සර් අතින්ම විදලා දාන්න. මෙතන නර්ස් කෙනෙකුටවත් ඒක විදින්න දෙන්න එපා. සර් අනිවාර්යයෙන්ම සිකුරාදා ඔය පේෂන්ව බලන්න. නෑවිත් ඉන්නත් එපා.
*නෑ ඔෆිසර්. මම අනිවාර්යයෙන්ම එනවා. නැතුව බැහැනෙ. මොකද මම වෙනුවට වෙන ඩොක්ටර් කෙනෙක් හිටියත් එයාටත් වෙන්නෙ මට වෙන්න තියෙන සිද්ධියමනෙ. එච්චර දුර යන්න ඕන නැහැ. මම වැඩෙි කරන්නම් ගාණට. අනේ බොහොම ස්තූතියි ඔෆිසර්…
හොඳයි සර්.. ස්තූති කරන්න දෙයක් මෙතන නැහැ. හොකද ඒක මගෙ ජොබ්එක නෙ. සර් බලන්න එදාට ඔය එන එන්නත් කුප්පිවල එකක හෝ දෙකක අනිවාර්යයෙන්ම ලේබලයේ කොතනක හෝ පොඩි මාර්ක් එකක් ගහලා ඇති. හොඳට බලන්න. ඒක තමයි විෂ එන්නත.
*ඔෆිසර් මම ඒක අරගන්නද … ?
එපා ඩොක්ටර්. එහෙම කරන්න තියා හිතන්නවත් එපා. එදාට මිස්ටර් රිචඩ් ඇතුලට එනකොටම සර්ට කරන්න තියෙන්නෙ ඇතුලෙ ඉන්න නර්ස්ලා දෙන්නවම එලියට යවන්න. එතකොට මම පේෂන් එක්ක ඇතුලට එනවා. ඔය කලහකාරී පුද්ගලයා එතනදී මම හඳුනාගත්තට පස්සේ මම මෑන්ගෙ සිහිය නැති කරලා අරගෙන යනවා ප්‍රශ්න කරන්න එච්චරයි. මට ඒ ටිකට නිහඬව ඉඳලා සහයෝගය දෙන්න.
*හොඳයි මම ඒ ටික කරලා දෙන්නම්.
හොඳයි සර්.. මෑන් අරගෙන එන බෙහෙතක මම කලින් කිව්වා වගේ මාර්ක් එකක් තියෙන්න ඕන. ඒක දැක්කෙ නැහැ වගේ ඉන්න මොකද සර් මෙිකෙ එක කොණකවත් ගෑවෙන්න එපා. මොකද උන්ට එච්චර දෙයක් කරන්න පුළුවන් කියන්නේ සර් වගේ කෙනෙක්ව නැති කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.
*ඔයා හරි ඔෆිසර්. කලබල වෙලා තීරණ
ගන්න හොඳ නැහැ පස්සට බලපාන්න පුළුවන් තදින්ම.
හරි… එහෙනම් ඒ ගැන දැන් හිතලා
මානසිකත්වය පහත දාගන්න එපා.
මම යන්නම්. එදාටත් මම ඉන්නවා මෙතන.
*හොඳයි ඔෆිසර්.. බොහොම ස්තූතියි හැමදේකටම.
ඩොක්ටර්.. ඒක මගෙ ජොබ්එක. ස්තූති
කරන්න ඕන නැහැ. හරි.. එදාට හමුවෙමු.
දොර ඇරගෙන එලියට විත් මා වාහනයට නැගී රෝහල් පරිශ්‍රයෙන් ඉවතට ඇවිත්. උදේට කඩයකින් සප්පයාම් වී , මදීනා ටෙක්ස්ටයිල්ස් හි සිටින නියෝජිතයින් කීප දෙනෙකුට උදේ ආහාර පාර්සල් ද රැගෙන ගියෙමි.
ඉතින් ප්‍රොන්ටෝ කොහොමද ජීවිතය.
*ඉන්නවා සර්… මම චෙක් කරා. ඒ මාල්වෙයාර් එකෙන් සර් උපරිම වැඩ අරගෙන. මම හිතන්නේ නැහැ මෑන්ට තවදුරටත් ඒ වීඩියෝ වලින් වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා.
හ්ම්ම්… ඒක තමයි වෙන්න ඕන.
*මොනවද සර් ඒකේ තියෙන්නෙ.
කැරොලින් මැඩම්ගෙ තාත්තට හොඳටම පොවලා ගණිකාවක් එක්ක රූම් එකක දාලා හදපු පෝර්න් වීඩියෝ එකක්.
*එහෙමද. දැන් ඉතින් ආයේ බ්ලැක්මේල් කරලා ඉවරයි මිනිහා. නියම වැඩක් සර්.
තෑන්ක් යූ ප්‍රොන්ටෝ. මට ඒක කියලා දුන්නට..
*ඒක සුළු දෙයක් සර්… තව මොනවද මගෙන් අහගන්න තියෙන්නෙ. මට මතකයි
සර් ඊයේ මගෙන් අහන්න දෙයක් තියනවා කියලා කිව්වා.
හ්ම්ම්… ප්‍රොන්ටෝ මට දැනගන්න ඕන. අපේ සිස්ටම් එකේ අප සතුව විස්තර නැති සේෆ්හවුස් මොනවද කියලා.
*ඇයි සර් එහෙම ඇහැව්වෙ… ?
ප්‍රශ්නයක් නේද …. ? මම ඕනෑවට වඩා කිසිම දෙයක් , කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ ප්‍රොන්ටෝ.
*ඒක මම දන්නවා. සර් වැඩ කරන විදිහ
මෙි ලෝකෙ කාටවත්ම තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. හරි මම කියන්නම්. වත්තල එන් හවුස් එකයි.
ගාල්ලෙ සී හවුස් එකෙයි විස්තර අපේ සිස්ටම් එකේ නැහැ. මම සර්ට හන්දා මෙි ටික කිව්වෙ.
හොඳයි බොහොම ස්තූතියි. ඔන්න කෑම ගෙනාවා. කාලා ඉන්න.
*තෑන්ක්යූ සර්… එතකොට ගිය වැඩෙි හරිද … ?
ඔව් … මම එහෙම හිතනවා ප්‍රොන්ටෝ. හ්ම්ම්… මම ගිහින් ඩාර්ක් හෙඩ්ට කතා කරලා එන්නම්..
*හරි සර්…
**ගුඩ් මෝර්නින් සර්…
වෙරි ගුඩ් මෝර්නින් නියෝජිත බී200.
**කාලයකට පස්සේ දැක්කෙ.
ඔව්.. ඒක ඇත්ත. මම අළුත් මිෂන් එකක ඉන්නෙ. දැන් මම ගිහින් ආවෙත් ඒකෙ වැඩකට තමයි
**සර්… අපෙන් මොනවද තව කරන්න තියෙන්නෙ.
ඔව් නියෝජිත බී200. අනිද්දට පස්සෙ දවසෙ ඒ කියන්නේ සිකුරාදා අපිට තියනවා සැක කරුවෙක් අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගන්නවා කිව්වට මෙික පැහැරගැනීමක් කියලා කිව්වොත් නිවැරදියි.
**කොතනද සර් තැන..
මහරගම හොස්පිටල් එක. එතන ඉන්නවා
එකෙක්. ඌව අපි පැහැරගමු.
**හරි සර්.. මම එන්නම්.
හොඳයි බෙහොම ස්තූතියි නියෝජිත බී200. මම ඩාර්ක් හෙඩ්ට කතා කරලා එන්නම් .
**ඕකේ සර්.
මගෙ කාර්යාලයට ගොස් වාඩිවුනෙමි. එහි මෙිසය මත “මැනේජර්” යනුවෙන් කුඩා සුදුපැහැති ප්ලාස්ටික් පුවරුවක්ද විය. ටහුඩු මම තවමත් මෙතන මැනේජර් ද .. ? මදක් සිනාසුන මා කාර්යාලීය පරිඝණකය ක්‍රියාත්මක කර ඉදුරාම වීඩියෝ ඇමතුමක් ගත්තේ ඩාර්ක්හෙඩ් වෙතය.
නැවත හමුවෙමු ….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023