නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 08
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
08 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපක්‍රමශීලී මිනීමරුවෙක් සොයා ආ ගමනක්. සුසානයක් වැනි වලව්වක් , ඒ මැද සෙනෙහස , ආදරය අහිමි කුල කතක්. ඇයගෙන් අනියම් පෙමකට ඇරයුමක්.
අනේ මන්දා මාධව.
මෙතැන්සිට …..
මෙතනින් නික්ම යාමෙ බලාපොරොත්තු
මල්ළුල ගැන්වීමෙි ප්‍රීතිය නිදහසේ භුක්ති විඳිමින් මා නින්දට සමවැදුනෙමි.
පසුදින …
සුළු සේවකයින් කීප දෙනෙක් යොදවා කාර්යාලයට යාබදව පිහිටි පාළුවට ගිය නේවාසිකාගාරය පිරිසිදු කිරීමෙි කටයුතු කෙරුවෙමි. හවස් වනවිට සියල්ල පිරිසිදු කර අවසන් බැව් සුළු සේවකයෙක් මට දැනුම් දුනි. දොරගුළු අැරගෙන මා නේවාසිකාගාරයේ ඇතුලට ගියෙමි. මෙහි කුඩා ආලින්දයක් ද , කාමර දෙකක් හා සනීපාරක්ෂක කටයුතු සඳහා තැනක් හා මුළුතැන්ගෙයක්ද මෙහි විය. ආලින්දය තුල සම්පූර්ණ බඩුබාහිරාදිය පවා තිබුණි. කාමරවල ඇඳක් හා මෙිසයක් ද විය. අඳුර මකාලන්නට විදුලි බල්බ පවා තිබුණ අතර ඒ සියල් සක්‍රීය තත්වයේ තිබීමද සතුටට කරුණකි. එහෙනම් හෙටදින මා මෙහි පදිංචියට එන්නෙමි.
රාත්‍රි ආහාරයෙන් පසු. අප තිදෙනා අතර නැවත කතාබහක් ඇතිවිය. එය ආරම්භ කෙරුවෙිද මමය.
සර් .. හෙට නිවාඩු දවසක් නෙ. ඉතින් මම කල්පනා කාර් ක්වාටස් එකට යන්න. ගිහින් එතන ඉඳලා වැඩකටයුතු ටික බලාගන්න. මොකද මට ඒක පහසුයි. මටත් පුළුවන් නිතරම වැඩ කටයුතු ටික හොයලා බලන්න. ඒක මට පහසුවක්.
*ඔව් මිස්ටර් කෙවින්. ඒක ඇත්ත. මම අගය කරනවා එහෙම අදහසක් ආපුඑක ගැන. මොකද පසුගිය දවස්වල මෙි ගෙදර වෙච්ච දේවල් එක්ක බලනකොට ( දකුණු පස වාඩීවී සිටින කැරොලින් මහත්මිය දෙස බලමින් ) හොඳම තීරණය තමයි ඔය තරුණයා අරගෙන තියෙන්නේ
මොකක්ද මෙි කැරොලින් දිහා බලාගෙන කියන්නෙ මෙි වයසක මනුස්සයා. නිකං සරදමට වගේ. මොකක් නමුත් මෙතන ගුප්ත දෙයක් වෙලානම් තියනවා. මෙහෙකාර ජෝශප් , කාර්යාලයේ ජගත් පවා මොනවද මට මෙි නොකියා කියන්නෙ. ඒ විතරක් නෙමෙි කීප වතාවක් ම මෙි රිචඩ් හාමුත් කැරොලින් මහත්මියට උපහාසයට මෙන් මාත් එකක් කතාබහ කරලා තියනවා.
*මිස්ටර් කෙවින් .. මිස්ටර් කෙවින් …
ආ… ඔව් සර්.
*කොහෙද අතරමං වුනේ හැබෑටම..
නෑ නෑ සර්… සර් කිව්වා හරි. පහුගිය කාලයේ මෙි ගෙදර පොලීසිය ආවා ගියා ලොකු සිදුවීමක් වෙලා තියනවා. එවා දැන් වැඩක් නැහැ. ඒවා අතීතයට ගියාවෙ. මම කල්පනා කරේ මට පුළුවන් රාජකාරි වෙලාවෙන් පසුවත් යම්කිසි සීමාවකට මෙි වතුයාය ගැන ඇහැගහගෙන ඉන්න කියලා.
*ඔව් කොහොම නමුත්. හරි මම එහෙනම් යන්නම් ගුඩ් නයිට්…
ගුඩ් නයිට් සර් …
කැරොලින් මහත්මිය ද කිසිවක් මාහට නොපවසාම නික්ම ගියාය. පසුදින මා ගෙනා බෑගයන් තුනද රැගෙන වලව්වේ අයට සමුදී නේවාසිකාගාරයේ ස්ථානගත වූයෙමි. මා මෙහි නවාතැන් ගන්නවාට වඩාත්ම කැමති මුරකරු වන සයිමන්ය.
"මහත්තයා තුන්වෙිල උයන්ට යන්නට ඕන නැහැ. මට පුළුවන් උයලා දෙන්ට. කළමනා ටික සතියකට සැරයක් දුන්නා නම් ඇති" එ් ඔහුගෙ වදන් විය.
දින විස්සකට පසු නිදහසේ ගෙවන දවස අදයි. අද දින සිට ඉතා රහසිගතවූත් , පුළුල් වූත් විමර්ශන කටයුතු ආරම්භ කරන්නෙමි. මා දැන් බොහෝ දෙනාගෙ විශ්වාසය දිනාගෙන අවසන්ය. ඊළඟට තියෙන්නේ කසුන්ව මෙහි මුරකරු විදිහට ගෙන්වා ගැනීමය. එසැණින් දුරකථන ඇමතුමක් ගත්තෙ කසුන්ටය.
දු ක - සර්…
නාරද අද ජය දෙරණ පත්තරේ රැකියා පුරප්පාඩු පිටුවෙ තියෙනවා සැමුවෙල්ස් වත්තෙ මුරකරු තනතුරක පුරප්පාඩුවක් ගැන දන්වලා. ලබන බ්‍රහස්පතින්දා මම ඉන්ටර්විව් ගන්නවා. ෆයිල් එකක් හදාගෙන උදේ නමයට එන්න.
දු ක - සර්… ඒ කියන්නෙ මාව ඔතනට ගන්න පොටක් පාදගත්තද..?
ඔව් නාරද…
දු ක - නියමයි සර්….
හ්ම්ම්ම්ම්. එතකොට අර පුස්තකාල ලිස්ට් එකේ වැඩෙි මොකද … ?
දු ක - සර් ඒක මට අනිද්දා ගන්න පුළුවන්. මොකද අද හෙට නිවාඩු දවස් නෙ.
ඔව් ඒක හරි. වැඩිය දඟලන්න කරන්නෙ නැතුව ෂේප් නිකායෙන් ගන්න බලන්න. එතකොට ෆයිල් එක අරගෙන එනකොට ඒක දාගෙන එන්න පුළුවන් නෙ.
දු ක - ඔව් සර්. එහෙම කරමු.
ඒක නෙමෙි.. තවත් සුභ ආරංචියක් තියනවා.
දු ක - ඒ මොකක්ද .. ?
මම හෙන්ද්‍රික් වලව්වෙන් එලියට ආවා.
දු ක - මොනවා… එතකොට දැන් ඉන්නෙ කොහෙද … ? මෙි වත්තේ ඔෆීස් එකට මීටර් දෙසීයක් ව්තර එහායින් තියනවා සාමාන්‍ය පරණ නේවාසිකාගාරයක් මම ඒකට ආවා. දැන් නිදහස්.
දු ක - ෂාහ්හ්හ්හ්…. මරේ මරු තමයි.
සර් ගානට සේරම සෙටල් කරගෙන වගේ.
ඔව් නාරද. නැතුව මෙික හොයන්න අවුරුදු දහයක් ගතකලත් බැරි වෙනවා. එතකොට ඝාතකයා වයසට ගිහින් මැරිලා ඉඳියි.
දු ක - අම්මපා ඇත්ත සර්…
හොඳයි මම තියන්නම්. කතා කරන්න තියනවා කරුණු කාරණා බොහොමයක්. අපි හමුවෙලා ඒ ගැන කතා කරමු. තව.. එතකොට DH ට කියන්න මට ගම්පහ ගෙයක් වෙන්කරලා තියන්න කියලා. ඒ වගේම ඒ ගෙදර පාළුවට අරින්න කියලත් කියන්න. මොකද ඉදිරි කාලයේදී මාව ලුහුබඳින්නත් පුළුවන්.
දු ක - ඒ කවුද සර්… ?
කවුද ඉතින් කාකි ඇඳුම අඳින උදවිය තමයි.
දු ක - රයිට් මට තේරුනා සර්.
හරි… එහෙනම් මිස්ටර් නාරද ජයවේවා.
දු ක - ජයවේවා සර්. ඇමතුම විසන්ධි විය.
දහවල් නුවර බලා මෝටර් රථය ධාවනය කල මා , එය ගසක් යට නවතා වෙළෙඳ සංකීර්ණයකට ඇතුල්වී අවශ්‍යව තිබූ බඩුබාහිරාදිය මිළට ගෙන මෝටර් රථයට
දමා , මාවත අයිනේ තුරු සෙවණක් යට පිහිටි කොන්ක්‍රීට් පුටුවක වාඩිවුනෙමි. ඉන්පසු නැවත වතාවක් ඇමතුමක් ගත්තෙ හිතවත් කසුන් වෙතය.
දු ක - සර්…
නාරද … මම තැන එවලා ඇති බලන්න.
එතනට පුළුවන් තරම් ඉක්මනට එන්න.
දු ක - ඕකේ සර්…
මිනිත්තු දහයකට පසු මා හමුවට ආවෙ
කොණ්ඩය ඉදුනු වයවෘද්ධ පුද්ගලයෙකුය.
මා අසලට විත් තරමක් වැඩුණු කුඹුක් ගසකට හේත්තු වී බුලත් විටක් අතට ගෙන එය කටෙි දමාගෙන, ඉතුරු ටික සරමේ ඉණේ කොණක ගැටගහන්නට විය.
හා… නාරද මහත්තයා.
*මොනවා.. සර් මාව ආයෙත් අඳුරගත්තද.
තෙලෙන් බැද්දත් කොබෙයියා.
කිරෙන් බැද්දත් කොබෙයියා තමයි.
*ඔව් ඔව් මම කොබෙයියා තමයි. ඉතින් සර්… මාව කැඳෙව්වෙ.
ඔව් කාලය සීමිතයි. මම කියන්නම්. ඔය විෂ කවපු ඇණය මට ලැබුණේ ඔය අවසානෙට පිහි පාර කාලා මැරුන නොයෙල් පීරීස් ගෙ සපත්තුවෙ ඇතුළෙ අමුණලා තිබිලා. ඒක හිතාමතාම කරා කියලා කිසිම කෙනෙකුට කියන්න බැහැ. මොකද සසපත්තුවක කට්ටක් ඇනෙන එක සුලබ දෙයක් නෙ. කවුරුවත් සැක හිතන්නේ නැහැ.
*ඕහ් එහෙමද.. ( කෙල පාරක් පොළවට ගසමින් ) එතකොට මරණ පරීක්ෂණයෙදී
සර්ප විෂ ශරීර ගතවෙලා කියලා එන්නෙ නැද්ද … ?
හොඳ ප්‍රශ්නයක්. මරණයට හේතුව වශයෙන් ඊට වඩා ප්‍රභල කාරණයක් ඕනම කෙනෙකුට පේන්න තියෙනකොට , ඒ කියන්නෙ පිහි ඇනුම. අනිත් සියුම් කරුණු ගැන අවධානය යොමු කරනවා අඩුයි නාරද මොකද යටිපතුල දිහා බැලුවත් පොඩි කට්ටක් ඇනුන සලකුණක් තියෙන්නේ. ඕනම කෙනෙක් පයින් යනකොට කට්ටක් ඇනෙන එක සාමාන්‍ය දෙයක් නෙ යාළුවා.
හැබැයි මට ප්‍රශ්නෙ තියෙන්නේ මෑන්ගෙම ඕක ඇනුනෙ කොහොමද කියන එකයි. සාමාන්‍යයෙන් සපත්තුවක ඇණයක් ඇනෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ඇනේට සර්ප විෂ කැවුනෙ කොහොමද කියන එකයි අපි හොයන්න ඕන. ඒ එක්කම තදින්ම මතුවන ප්රශ්නය තමයි මෙි විදිහට උපක්රමශීලීව මෙි දේ කරේ කවුද කියන එක. ප්‍රශ්නයක් හටගත්තා වගේම ඒ වටා තවත් ප්‍රශ්න කීපයක් රොද බැඳගෙන තියෙන්නේ.
*සර්ට මෙික කලේ කවුද කියලා නිකං දල අදහසක් නැද්ද … ?
තියනවා.. මොකද නැත්තෙ. පලමු කෙනා තමයි ඔය මහජන පුස්තකාලයෙන් ඔය ``පැච්වේරා ´´ කියන පොත අරගෙන ගිය කෙනා. නමුත් එහෙම නොවෙන්නත් පුළුවන් බාගවෙලාවට. පොත අරගෙන ගිහින් වෙන කාටහෝ දුන්නා වෙන්නත් පුළුවන්. මොකද මෙි හැමදෙයක්ම සැකකටයුතු දේවල් මිසක, අපි සනාථ කරගත්ත කරුණු නෙමෙයි නෙ. සමහරවිට මෙි පොත මෙි සිද්ධියට කිසිසේත්ම සම්බන්ධයක් නොවෙන්නත් පුළුවන්.
*හැබෑටම සර් ඒ පොතේ මොකක්ද තියෙන මූලාශ්‍රය.
ඒක ප්‍රංශ සාහිත්‍යමය කතාවක්. ඒ පොතේ නමෙි සිංහල තේරුම තමයි `` වියරුවෙන් පලිගැනීම ´´ ඒකෙත් තියෙන්නේ එක මිනිහෙක් තමන්ට වෙච්ච අසාධාරණයට වියරුවෙන් පලිගන්නා හැටි. පයට පෑගෙන සපත්තුවට සර්ප විෂ කවපු ඇණයක් පෑගෙන්නට ඇරලා , ඒ විෂෙන් ශරීරය අඩපණ වුණාට පස්සේ කිණිස්සක් අධාරයෙන් මරලා දාන එක. ඒ වගේ ම මෑන් වියරුවෙන් ඉන්න හන්දා පලිගැනීමට ලක්වන මෑන් විඳවලා මැරෙන්න ඕන හන්දා තමයි කිණිස්ස එලියට ගන්නෙ නැතුවම පලා යන්නෙ. මොකද කිනිස්ස කිඳා බැහැපු තැන දිගටම රැඳවීමෙන් ලේ වහනය වීම අඩුවෙනකොට මරණයේ විඳවීම වැඩියි. වගේ සර්ප විෂවල මත් ගතියට ඇඟපත වාරු නැතිවීම මත කිසිවක් කරකියා ගන්න බැරිවෙනවා. කොටින්ම කියනවා නම් , බාහිර පාර්ශ්වයකින් උදව් ඉල්ලන්න අසමත් වෙනවා.
*අම්මපා පට්ට කතාවක් නෙ..
ඉතින් මම කලින් කිව්වා වගේ මෙි කතාව කියවලා තියෙන කෙනෙක් වෙන්න ඕන මෙි මිනීමැරුම කරන්න ඇත්තේ. ඒ කියන්නෙ හොඳට පොත් කියවලා යම්කිසි දුරකට සාහිත්‍ය දැනුමක් තියෙන කෙනෙක්. අන්න එතනදී තමයි අපරාධ විමර්ශකයා සාහිත්‍ය දැනුමෙන් සන්නද්ධ වීම කොච්චර වැදගත්ද කියලා තේරුම් යන්නෙ.
*ඒක ඇත්ත තමයි සර්… එතකොට එහෙම කෙනෙක් ගැන ඒ පරිසරය අවට වපසරිය තුල ඉන්නවා ඇති නේද …?
ඒකට උත්තරය බහුවිධියි. ඒ පැත්තෙ එහෙම පොත් කියවන අය හුඟක් හිටියොත් එහෙම, අපි මොකද කරන්නෙ.? අපිට හිතුවට වඩා විමර්ශනය පුළුල් කරන්න වෙනවා. හැබැයි එහෙම පොත් කියවන කෙනෙක් ඉන්නවා වලව්වේ ඇතුලෙම. නමුත් එයා කියවන පොත් නිකං ලාමක එව්වා.
*කවුද ඒ … ?
කැරොලින් මහත්මිය.
*අප්පටසිරි… හරි.. අපි බලමුකො එයා ගැනත්. එතකොට දෙවැන්නා කවුද … ?
දෙවැන්නා නේද.. දෙවැන්නා තමයි සපත්තු මහන්නෙක්.
*සපත්තු මහන්නෙක්… ?
ඔව් සපත්තු මහන්නෙක්… මොකද ඒ සපත්තු දෙකේම අඩිය අළුතෙන් මහලා තියනවා. සපත්තුව මහන ගමන් යම්කිසි කාල රටාවක් ගෙවුන පසු ඇණය ඇනෙන පරිදි අඩියට කාවැද්දුවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක කරන්නත් හොඳ දැනුමක් තියෙන්නම ඕන.
*සර් ඒක එහෙමනම්. මොකා වුනත් උෟ සුපිරි මොළකාරයෙක් වෙන්න ඕන . මොකද ටයිමින් එකටම ගේම්එක දීලා තියෙන්නේ.
හහ් හහ් හහ් .. නාරද. අපිට මෙතෙක් කාලයක් හමුවුන ඝාතකයින් මොළකරුවන් නෙමෙිද… ?
*ඔව් සර්.. උන් සුපිරි මොළකාරුවන් හන්දා තමයි. මෙි කේස් අපිට විසඳන්න එනකම් දුරදිග ඇදුනේ නේද … ?
ඔව් නාරද. එහෙම හිතමු. හැබැයි සපත්තු මසන්නා මෙිකට සම්බන්ධ නැතිවෙන්නත් පුළුවන්. කොහොම වුනත් අපරාධකාරයා බුද්ධිමත් කෙනෙක් වුනහම , අපරාධ විමර්ශකයා ඊටත් වඩා බුද්ධිමත් කෙනෙක් විය යුතුමයි. නැත්නම් අපරාධිකයා ලිස්සලා යනවා හරියට ලූලෙක් වගේ.
*ඒක ඇත්ත තමයි… ඒ ලූලව අල්ලන්න වතුර බොර නොකර බෑ.
හරියටම හරි… පොලීසිය කරන්නෙ පැහැදිලි වතුරෙ ලූලා අල්ලන්න උත්සාහ කරන එක. ඒක තමයි ඇත්ත. එතකොට අර ලිස්ට් එක ගන්න බලන්න ඉක්මනට. අපි බලමු කවුද මෙි කියලා. මම හිතන්නේ ඕක විදෙස් සාහිත්‍ය කතාවක් හන්දා පාඨකයන් හුඟක් ඉන්න විදිහක් නැහැ.
*හරි සර්.. මම එහෙනම් කැපුනා.
හරි නාරද. ජයවේවා
***********************
හවස් යාමයේ කලින්ම ව්‍යායාම සඳහා එලියට බැස්ස මා , වතුයායේ කුඩා මංමාවත් වල ඇවිද්දෙමි. මුල් කාලයේ ව්‍යායාම සඳහා ඇවිදීම අසල්වැසියන්ට අමුතු දෙයක් වුවද , වර්ථමානය වනවිට එය මෙි අවට පුද්ගලයින්ට දැන් සාමාන්‍ය සිදුවීමක් වී තිබේ. සාමාන්‍ය රහස් පරීක්ෂකයෙකු පලමුව කලයුතුදේ වන
අදාල පරිසරය නිර්මාණය කරගැනීමය. එය මා දැන් යම්තාක් දුරට ගොඩනගාගෙන අවසානයි. දහවල් ගමනෙන් මා පිජාමා වර්ගයේ සරම් දෙකක් මිළදී ගත් අතර එය මෙහෙකාර ජෝශප් හා මුරකරු වන සයිමන්ට ය. පලමුව සයිමන්ට එය දුන් අතර , ඔහු ඒ දෙස බලා මද සිනහවක් පෑවෙිය. පසුව පයින්ම දුවගෙන ගොස්
ජෝශප්ට එය තෑගි කෙරුවෙමි. මහළු වූවන්ගෙ ස්තූති කිරීම ඉතා ආකර්ෂණීයයි. පසු රිචඩ් හාමුද හමුවී මද වෙලාවක් කතාබස් කෙරුවෙමි.
*ඉතින් මිස්ටර් කෙවින් තැන හොඳයි ද.. ?
තවම කියන්න අමාරුයි සර්… දැනට හොඳයි.
*මම ඇත්තම කියන්නම්. මිස්ටර් කෙවින් මෙි වලව්වේ ඇතුළෙ ඉන්නකොට මට නිකං ලොකු හැඟීමක් ආවා. කියන්න කණගාටුයි දැන් නැහැ ඒක.
හැඟීමක් … මොනවගේ හැඟීමක් ද සර්.
*නිකං හමුදා නිලධාරීයෙක් ගෙදර ඉන්නවා වගේ. මට ජෝශප් කිව්වා ඊයේ පෙරේදා මෙි අපේ දෝණියන්ඩි හීනෙන් ඇවිද්ද වෙලේ පළමුවෙන්ම ඒ බව දැනිලා යසවතීට කතා කරලා තියෙන්නේ මිස්ටර් කෙවින් කියලා.
එතකොට ඔය තරුණයා මොනතරම් සිහිකල්පනාවකින් ඉන්නවද කියලා මට තේරුම් ගියා. මගෙ අන්ත්රාවුන පොඩිම පුතත් ඔය වගේ තමයි. එයත් තදබල මීටරයක්. මම මිස්ටර් කෙවින් මෙි ගෙදර තියාගන්න කැමති වුණෙත් ඕන්න ඔය පෞරුෂත්වය හන්දමයි. නමුත් ඉතින් ඔය තරුණයා මෙි වලව්වට නෙමෙි ප්‍රදේශයටම පිට මිනිහෙක් නිසා කවි කතන්දර හැදෙන්න පුළුවන් කියලා අපිට පහදලා දුන්න හන්දා මම ඒ යෝජනාවට කැමතිවුනා මිසක, නැත්නම් අපේ පැත්තෙන් බලපුවාම මට වුන ලොකු පාඩුවක් මෙි වලව්වෙන් ගිය එක.
ඔව් සර්… වෙන්න පුළුවන්. නමුත් අපි හැම පැත්තක් ගැනම කල්පනා කරන්න ඕන නෙ.
*රයිට් පුතා. මම එකඟයි. එතකොට කෑමබීම එහෙම කොහොමද සපයා ගන්නෙ.
සර්.. මට මාටින් උයලා දෙන්නම් කිව්වා. එහෙම නැතත් උයන එක මට අළුත් අද්දැකීමක් නෙමෙ.
*ඔව් ඉතින්.. තනිකඩයෙක් වුනහම උයාගෙන කන්න එපැයි. හොඳයි හොඳයි මොනවාහරි දෙයක් තියනවා නම් පැකිලෙන්න එපා. මට අනිවාර්යයෙන්ම කියන්න ඕන.
හරි සර් … බොහොම ස්තූතියි.
ඉන් අනතුරුව කැරොලින් මහත්මිය ද හමුවී කතාබස් කලද , ඇය කොහොමත් මා මෙම වලව්වෙන් ඉවත්වූ එකට කැමැත්තක් නැති බව දනිමි. වැඩි යමක් ඇය මා සමඟ මිමුනුවෙ නැත. පසුව මා ඔවුන්ට සමුදී නැවත නවාතැනට එනවිට අඳුර රජයමින් පැවතිනි.
*මහත්තයා මහත්තයා … යමෙකු දොරට තට්ටු කරමින් සිටි.
කවුද … කවුද … ?
*මම සයිමන් .. රෑ කෑම එක ගෙනාවා.
හා.. ඉන්න කියමින් දොර කෙලින් හිටගෙන
විවෘත නොකර , පැත්තකට වී දොර හැරියෙමි.
ආ… එන්න ඇතුලට.
*අපෙ මහත්තයා රෑට කෑම ගෙනාවා.
බොහොම ස්තූතියි. ඔය මෙිසය උඩින් තියන්න. ඉතින් .. කියන්න මොනවාහරි.
*මොනවා කියන්නද මහත්තයා..
එහෙමද … අපි බ්‍රහස්පතින්දා අංකල්ට තව ගෝලයෙක් ගේනවා. එතකොට වැඩෙි තව පහසු වෙයි.
*එහෙමද… ? මම මෙච්චර කාලයක් මට පුළුවන් උපරිමයෙන් මෙි වත්තට කරව්වා.
නෑ නෑ.. අංකල් කොහෙවත් යන්නෙ නැහැ.
එයාට වැඩටික කියලා දෙන්න. දෙන්නා සහයෝගයෙන් කරගෙන යන්න එච්චරයි.
*ඇත්තමයි මම මෙි කියන්නේ. මහත්තයා ගැන මෙි කෙටි දොහේට මෙි වතුකරයේ මිනිස්සු නැහැමින් කතාබහ වෙනවා.
හැබෑටම … මොනවද කියන්නෙ.
*මහත්තයා වැඩිය සැරපරුෂ කෙනෙක් නෙමෙයි ලු. එතකොට නිතරම හිනාවෙච්ච ගමන්ලු ඉන්නේ. ඔව්වා තමයි ඉතින්.
මෙිකයි අංකල් මෙතනට තේදළු නෙළන්න එන්නේ දුප්පත් අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ ඔළුගෙඩිවල දහසක් ප්‍රශ්න තියනවා. මොකද ඒ මිනිස්සු ප්‍රශ්න එක්ක ජීවත්වෙන මිනිස්සු. එහෙම පීඩනය මැද ජීවත්වෙන මිනිස්සුන්ට අපිත් මෙහෙ ඉඳන් පීඩනයක් දෙන එක වැරදියි නේද … ?
*අම්මපා ඇත්ත අපෙ මහත්තයා. සහතික ඇත්ත. ඕක මෙිකෙ මහ එවුන්ට තවමත් තේරෙන්නෙ නැති හැටියක්.
එතකොට ඔය රිචඩ් හාමු එක්තැන් වෙලා හුඟක් කල්ද … ?
*අපෙ මහත්තයා.. හමුදාවෙ හිට පුංචි හාමු නැතිවුනා කියලා ආරංචිය කනට වැටුන වෙලාවෙම පුපුව අල්ලගෙන බිම වැටිලා තියෙන්නෙ. ඊට පස්සේ අංස භාගෙ හැදිලා තියෙන්නෙ. ඔහොම නෙමෙි හිටියේ. දැන් දාහෙන් සම්පතයි ලොකු හාමුට. ලොකු හාමු හොඳයි අපෙ මහත්තයා. මම ඉතින් ගැටයා කාලෙ ඉඳලනෙ දන්නෙ. ලොකු හාමුගෙ ගතිගුණ තිබ්බෙ පුංචි හාමුට විතරයි.
හ්ම්ම් … හරිම ශෝකාන්තයක් නේද.
එව්වා එහෙම තමයි.. එහෙනම් අපෙ මහත්තයා මම ගොහින් එන්නම් මහත්තයා. මොකක්හරි වුවමනාවක් වුනොත් මට කතා කොරන්ඩ ඕන.
හොඳමයි… අංකල්. ඔහු යනමග දෙස නොපෙනෙන තෙක්ම බලාසිටි මා දොර වසාදමා , මා මෙතෙක් සොයාසොයාගන්නා ලද හෝඩුවාවන් එකිනෙකට ගලපා ගන්න පුළුවන් ද කියා කල්පනා කෙරුවෙමි. නැහැ මාධව. හිස්තැන් බොහොමයි. පොලිස් බී වාර්තාවට අනුව මියගිය නොයෙල් පීරීස්ගෙ ලේ ගොඩක් මැද තම කාමරයේ සයන මත අවසන් හුස්ම හෙලා ඇති බැව් පළමුවෙන්ම දුටුවෙ මෙහෙකාර ජෝශප් ය. ඒ සුපුරුදු පරිදි උදෑසන තේඑක රැගෙන ආ වෙලාවෙිදී බවත් , දොරට කීප වතාවක් තට්ටු කලද , කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් නැවත හෝරාවකට පසු නැවුම් තේ එකක් රැගෙන ආ බවත් එවරද ප්‍රතිචාරයක් නොමැති බැවින් , පසුව දොර කඩාදමා ඇතුලට යනවිට උඩුබැලි අතට ඇස්දෙක ඇරගෙනම මියගොස් ඇති බැව්
දැක ඇති බවය.
එසේනම් කවුරුන් හෝ දොර ඇරගෙන ඇතුලට ආ බවක් නිරීක්ෂණය නොවන අතර , අදාල ඝාතකයා පිටතින් ජනේලය ඇරගෙන , එහි යකට ග්‍රීල් ආවරණයේ ඇණ ගලවාගෙන ඇතුලට ආ බවක් මාහට පෙනී ගියේ නැවත එම ඇණ ග්‍රීල් එකට හරියාකාරව හිරකර නැති බැවින්ය. බාග වෙලාවට මෙික ඇතුලෙම කෙනෙක් කරා වෙන්න බැරිද. එහෙම කරන්න කවුද ඇතුලෙ ඉන්නේ… ? සාමාන්‍යයෙන්
මිනිසුන් ඝාතනය කැරපු ගැහැනු චරිත
මගෙ රහස් විමර්ශන කාලය තුල මුණගැසි තිබෙි. විශේෂයෙන්ම “ටේක්වූඩ් වලව්වේ” වෙච්ච සිදුවීම දෙස බලනකල. නමුත් මෙතන එහෙම හොයාගන්න තරම් පොටක් පාදගන්න තවම බැරිවුනා. ජෝශප් කරා වෙන්න බැරිද.. ? එහෙම නම් මෙච්චර කාලයක් මෙික ඇදෙන්නෙ නැහැ. මොකද මෙික හොඳ බුද්ධිමත් කෙනෙකුගෙ දඩයමක්. ජෝශප්ට එච්චර දෙයක් කරන්න පුළුවන් වුනත් , නීතියේ රැහැනට හසු නොවී ඉන්න නම් බැරි බවයි මගෙ අදහස. එතකොට රිචඩ් හාමු … ? සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවන් මරණවා කියලා මට අනුමාන කරන්න බැහැ. එතකොට ඔය ඝාතකයා පිටින්මද ආවෙ … ? මෙතන ප්රශ්නය තියෙන්නෙ එහෙම පිටින් ආවානම්. ජනේලයේ එක වීදුරුවක් කඩනවිට නිස්කලංක රාත්‍රියක
ශබ්දය තිව්රයි නෙ. එහෙව් තිව්ර වූ ශබ්දය කිසිවෙකුට නෑසුනේ කොහොමද. එසේනම් එදා හවස එය කලින්ම කඩලා දැම්මා වෙන්න බැරිද..? එහෙම කරන්න නම් එදා හවස් යාමයේ ගෙදර කිසිවෙකු නොසිටින්නට ඕන. නමුත් පොලීසිය විසින් වලව්වේ හිටපු අයගෙන් ගත්ත කටඋත්තර වල තියෙන්නේ ගෙදර සේරම හිටියා කියලනෙ. හ්ම්ම් … මාධව මාධව මාධව.. ගෙදර සේරම හිටියා කියන කතාව හරි කියමුකො. පැය බාගයකට ගෙදර සේරම නොහිටියා වෙන්න බැරිද … ? මොකද පැය භාගයක් කියන්නේ දවසක් නෙමෙි නෙ.
පොලිස් නිලධාරියා දවස ගැන ප්‍රශ්නයක් අහැව්වට. පැය , විනාඩි ගැන අහලා නැහැ නෙ. මෙවැනි අවස්ථාවල තමන්ට ලැබෙන කෙටි පීඩනයෙන් මිදෙන්න අහන ප්‍රශ්නයට
පමණක් උත්තර දෙන එක සාමාන්‍ය දෙයක්
මෙතනදී කිසිදු වැඩපලක් නොකර පාඩුවෙ ඉන්න එකම මිනිසා රිචඩ් හාමු විතරයි. මොකද එයාට තමන්ගේ පුද්ගලික වැඩක්
වත් හරිහැටි කරගන්න බැරි හන්දා. ඒ හන්දා වලව්වේ වීදුරුවක් බිඳෙන හඬ නිස්කලංකව ඉන්න හාමුට නොඇසී ඉන්න බැහැ. ඒ වගේම , රිචඩ් හාමුට ඇවිදින්න බැරි හන්දා උඩ මහලයට යන්නත් බැහැ. එතකොට… ? ප්‍රශ්න නම් ගොඩක් තියනවා. හරි… මෙික අපි එකින් එක විසඳමු.
එතකොට කැරොලින් මහත්මිය…
ඕහ් මාධව … මාධව.. කැරොලින් මහත්මිය මට නොදැනෙන්නට මගෙ පසුබිම , මගෙ චරිත ලක්ෂණ අධ්‍යනය කරනවා වගෙයි. එයා පොත් කියවනවා වගේම , මමත් පොත් කියවන්නේද .?
එහෙම කියවනවා නම් , මම කියවන්න කැමති පොත් මොනවාද කියා ඇය මට නොදැනීම දැනගත්තා වෙන්න බැරිද .. ? ඒ වගේම ඇය විදේශ සාහිත්‍ය කතා වලට අකමැති බවත් , ස්වදේශ කතා වලට පමණක් කැමති බවත් මට ඇඟෙව්වා ඇඟට නොදැනීම. හ්ම්ම්ම්ම් මොනවා වුනත් මින්පසු මාහට ඇය සමඟ වචන හුවමාරුවේදී පරිස්සමෙන් කටයුතු කරන්නට වෙිවි.
මෙි කතාව වගේම දැනට මා සොයාගත් කරුණු හරිම අසමානයි වගේම , කිසිම කරුණක් එකිනෙකට සම්බන්ධ කරන්නම බැහැ.
යලි හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023