⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
39 වන දිගහැරුම
( පෑරුන තුවාලය )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හරි සර්…

මගෙ කාර්යාලයට ගොස් වාඩිවුනෙමි. එහි මෙිසය මත “මැනේජර්” යනුවෙන් කුඩා සුදුපැහැති ප්ලාස්ටික් පුවරුවක්ද විය. මම
තවමත් මෙතන මැනේජර් ද .. ? සිතමින් මොහොතක් සිනාසුන මා කාර්යාලීය පරිඝණකය ක්‍රියාත්මකකර ඉදුරාම වීඩියෝ ඇමතුමක් ගත්තේ ඩාර්ක්හෙඩ් වෙතය.

මෙතැන්සිට …..

*හා මාධව කොහොමද ඉතින්.

ආයුබෝවන් සර්…

*ආයුබෝවන් … ඉතින් කියන්න බලන්න මොකද අළුත් මිෂන්එකේ තත්වය.

සර් … මම මුල ඉඳලා කෙටියෙන් කියන්නම්. මෙන්න මෙහෙමයි එතන
වෙලා තියෙන්නෙ.
( මා මෙතෙක් හොයාගන්නා ලද කරුණු පැහැදිලි කෙරුවෙමි)

*හ්ම්ම්… ඒකත් එහෙමද … ? එතකොට අපි හිතපු ජාතියේ අපරාධ රැල්ලක් මෙතන නැහැ නේද .. ? මෙික අහපුවාම හිතනවා
තමුසෙ එතනට යැව්වෙ අපරාදෙ කියලා.
මොකද මම හිතුවෙ ⁣දෙක තුනක් මරන්න ගත්තහම එතන වෙනම පාතාලයක් හරි
වෙන ජාවාරමක් හරි රන් වෙනවා කියලා.

ඔව් සර්… මමත් මුලදි හිතුවෙ එහෙම තමයි නමුත් මෙතන වෙලා තියෙන්නෙ මෙි වගේ දෙයක්.

*හොඳයි … දැන් මොකක්ද ඉදිරියට කරන්න බලාපොරොත්තුව.

තවත් මිනීමැරුම් දෙක තුනක් වෙන එක නවත්තලා. ෂේප්එකේ පැට්‍රික් කාරයා සයිලන්ස් කරන එක තමයි ඉතින් කරන්න වෙන්නෙ. වෙන දෙයක් කරන්න තරම් එතන ඉතුරුවෙලා නැහැ සර්…

*ඔව් .. ඒකත් ඇත්ත තමයි නේද… ? දෙයක් වෙන්න කලින් ඒක නවත්වන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. හරි මම මෙික උකුස්සාට කියන්නේ නැහැ. මොකද මෙතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැති ක්‍රියාකාරකම් පෙලක් හන්දා. නමුත් මම මෙතන රෙකෝඩ් එකක් දාලා තියන්නම්. කවදාහරි ඉහලින් ඇහැවොත් සිදුවීම ගැන අපිට වගකීම ගන්න පුළුවන් වෙන්න. එච්චරයි ඉතින්. එතකොට ඔය කැරොලින් තමුසෙට ලව්ද .?

හහ් හහ් හා… ඔව් සර්.

*ඉතින් තමුසෙ මොකක්ද දරණ මතය ඒ ගැන .. ?

මට ඉතින් එහෙම විශේෂ දෙයක් නැහැ. මම බලන්නෙ මෙි හැම සම්බන්ධයකම අපිට වෙන වෘත්තීය වාසි විතරයි. නැතුව පුද්ගලික වාසි බලාපොරොත්තු වෙන්න බැහැ නෙ.

*මට ඉතින් ඒකට මොකුත් කියලත් බැහැ.
නොකියත් බැහැ මාධව. ( සිනාසෙමින් )

මට තේරෙනවා සර් කියන දේ.. හරි හරි
මම එහෙනම් යන්නම්. කොල්ලො ටිකත්
බලාගත්තා. මට තව වැඩ ටිකකට දුවන්න
තියනවා.

*හොඳයි මාධව ජයවේවා.

ජයවේවා සර්…

මගෙ කණ්ඩායමෙි නියෝජිතයින්ට සමුදී මා මදීනා ටෙක්ස්ටයිල්ස් එකෙන් පිටත්වී නැවත කොළඹ පිටකොටුවට විත් අර්ධ සුවපහසු බස් රථයකට ගොඩවූයේ නුවරඑළිය බලා යාමටය. එහි ගොස් පසුදින කැරොලින් මහත්මියගේ පියා වන පීටර් තිසේරා හමුවීමටය. තොරොම්බල් සවිකකර තිබූ බස් රථයේ ඝෝෂාකාරී සංගීතද , තොර තෝංචියක් නැතුව හඬා වැටෙන ගායකයින්ගේ මන්ද මානසික ගීතද මොහොතකට හෝ මොළය විඩා කරන්නට සමත්විය. මෑත කාලයේ පදනම් විරහිතව බිහිවුණු ගායකයින්ගෙ ගීතවල කිසිම අර්ථ රසයක් හෝ සංගීතමය රසයක් අඩංගු නැති බව මාහට හැ⁣ඟෙයි. මුදල් උපයීමෙි පරමාර්ථයෙන් ඔවුන් සංවේදී කුඩා ළමුන් මෙන් හඬා වැලපෙන බවනම් වැටහෙයි. කොහොම නමුත් හවස් යාමය වනවිට නුවරඑළිය නගරයෙන් බැස කුලී රථයකින් පැමිණ සේ්‍ෆ්හවුස් එකට ආසන්නයෙන් බැස ගත්තෙමි. පසුව සේ්‍ෆ්හවුස් එක තුල රහසේම රැය පහන් කෙරුවෙමි. උදෙන්ම අවදිවූ මා නැවත නුවරඑළිය නනගරය විත්, බණ්ඩාරවෙල බස් රථයකට ගොඩවී. හෝරා එක හමාරකට පසු බණ්ඩාරවෙල නගරයට ඒමට හැකිවිය. පසුව කුලී රථයක නැග කැරොලින් මහත්මියගේ මහගෙදර බලා පිටත් වුනෙමි. මග නැවතී විටෙන්විට මගීන්ගෙන එම නිවස පිහිටි ලිපිනය අසා ගත්තෙමි. පීටර් තිසේරා නම බොහෝ
දෙනෙකුට මතකයේ තවමත් රැඳී ඇති බැව් මාහට ගම් වාසීන්ගෙ කතාවෙන් වැටහුණි. අවසානයේ මා ඒ වලව්ව නිවස මිදුලේ නැවතුනි.

දොරට කීප විටක්ම තට්ටු දැමුවාට පසු. වයසක කාන්තාවක් දොර විවෘතකර ඉහේ සිට පාදාන්තය දක්වා ඇස් උඩයට කර මාදෙස බලා තම හඬ අවදි කෙරුවාය. ඇයගේ රුව කැරොලින් මහත්මියගේ රුවට සමාන විය.

**ඔය මහත්තයා කවුද… ? කාවද හමුවෙන්න ඕන… ?

මැඩම් මිස්ටර් පීටර් තිසේරා ඉන්නවද … ?

**මහත්තයා ඉන්නවා.

මට සර්ව පොඩ්ඩකට හමුවෙන්න ඕන.

**කවුරු කියලද කියන්න ඕන.

කියන්නකො කැරොලින්ගෙ යාළුවෙක් කියලා.

**සුදු දුවගෙ යාළුවෙක්..

ඔව් මැඩම්…

**හා.. ඔහොම ඉන්න. ඇය කල්පනා ස්වරයෙන් කතා කොට ගේ තුලට ගියාය.

මොහොතක පසු අඩි හයක් පමණ උඩ වයස අවුරුදු හැට පහක් පමණ වයසැති මිනිසෙක් දොර ලඟ සිට ගත්තේ මා දෙස උකුසු බැල්මක් හෙලමින්ය.

මිස්ටර් පීටර් තිසේරා … ?

*යස්.. අයි ඈම්… ඔයා පුතා කවුද … ?

මම ගැන හැඳින්වීමක් විතරක් නෙමෙි. මම මොකටද ආවෙ කියලත් මම කියන්නම්. ඒකට ටික වෙලාවක් යනවා. කකරුණාකර අපිට පුළුවන් ද නිවිහැනිහිල්ලේ කතා කරන්න.

*හ්ම්ම්… යමු පුතා එලියට එහෙනම්. තම
හස්තය දිගුකොට අඹගහක් යට තියෙන කොන්ක්‍රීට් පුටු සැටියක් පෙන්වීය.

*ඉතින් පුතා… අපේ සුදු දුවගෙ යාළුවෙක් කිව්වා නේද .? මට මතක කාලෙක ඉඳලා කැරොලිනාට පිරිමි යාළුවො කවුරුත් හිටියෙ නැහැ.

මිස්ටර් තිසේරා. ඔයා හරි.. මමත් එයාගෙ පාසල් කාලයේ මිතුරෙක් නම් නෙමෙි. මම එයාව දැනගෙන බොහොම කෙටි කාලයක් වෙන්නෙ. මට පලමුවෙන්ම කියන්න පුළුවන් ද කැරොලින් මැඩම් එක්ක මොන මාර්ගයෙන් හරි කතා කරපු අවසාන දවස කවද්ද කියලා.

*ඇයි පුතා. මම ඒක ඔයාට කියන්නේ. සුදු දුවට කරදරයක් එහෙම නැහැ නෙ.

නෑ නෑ මිස්ටර් තිසේරා. එහෙම ප්‍රශ්නයක් තවම නැහැ. මම අහපු දේට මම අවංක උත්තරයක් බලාපොරොත්තු වෙනවා සර්.

*දුව මැරි කරලා ගියත් හරි. අද වෙනතුරු මාත් එක්ක කතා කරලා නැහැ පුතා.

**කවුද මහත්තයෝ මෙි… ?

මැඩම් හිටියට කමක් නැද්ද සර්… ?

*කමක් නැහැ පුතා.

නෑ මම අදහස් කරේ අර බිලැක්මේල් සිද්ධිය මැඩම් දන්නවද කියලා.

*තමුසේ කවුද මිස්ටර්.. ( හීයක් මෙන් පුටුවෙන් නැගිට )

**කවුද මෙි මහත්තයා…

සමාවෙන්න සර්. මම කවුරු වුනත් සර් හිතාගෙන ඉන්න කෙනා නම් නෙමෙයි.
සර්ගෙ මුහුනේ අඳුරු රැලි වැටීම දකුණු
අතේ ඇඟිලිවල චලනය අනුව තවමත් ඒක රහසක් බව මට කියන්න පුළුවන්. ඒක මට සර්ගෙ ඇස් දෙක සිහින් කරපු එකෙන් පේනවා. කරුණාකර වාඩිවෙන්න. මම සේරම අකුරක් නෑර පැහැදිලි කරන්නම්.

තරමක් සන්සුන් වූ තිසේරා මහත්තයා නැවත අසුනේ වාඩිවිය.

මොහොතක නිශ්ශබ්දතාවය බිඳලමින් නැවත මා හඬ අවදි කෙරුවෙමි.

හොඳයි … මෙි තියෙන්නෙ ඒ වීඩියෝ එක නේද .? කියමින් මාගෙ දුරකථනය ඔහු අත තැබීය. ඔහු ඒ දෙස මොහොතක් බලා සිට අත වෙව්ලන්නට විය. නළලෙන් හීන් දාඩිය දමන්නට විය. නැවත දුරකථනය අතටගත් මා නැවත හඬ අවදි කෙරුවෙමි.

මිස්ටර් තිසේරා. මම දැන් කියන්නම් මම කවුද කියලා. හැබැයි ඔය දෙන්නම මට පොරොන්දු වෙන්න ඕන. මම කවුද කියලා කිසිම කෙනෙකුට හෙලි නොකරන බවට.

මිස්ටර් තිසේරා … කෝ ඉතින්.

*රයිට් මම පොරොන්දු වෙනවා..

හ්ම්ම්… එතකොට මැඩම්…

**මොකක්ද මහත්තයෝ ඒක…

*කියනදේ අහන්න කැතරිනා.. අපි පොරොන්දු වෙමු. මෙික රකින්න බැරි පොරොන්දුවක් නෙමෙයි නෙ.

**හරි … මම පොරොන්දු වෙන්නම්.

හොඳයි … මම විශේෂ නියෝජිත මහේෂ් තේනුවර. මම රහස් බුද්ධි අංශයක විශේෂ මෙහෙයුම් නිලධාරියෙක්. මම මෙි ගමන ආවෙ ඊයේ ඉඳලා කොළඹ ඉදන්. ඉතින් මැඩම් මෙිවනතෙක් දන්නෙ නැතුව ඇති. මෙච්චර කාලයක් මොකද වුනේ කියලා. මම ඒක පැහැදිලි කරන්නම්. මෙි මම ලඟ තියෙන්නෙ මෙි වීඩියෝ එකේ අවසාන පිටපත. මැඩම්ට මතකයිද මීට අවුරුදු පහකට කලින් වාගේ “ද ලයන්ස්” වත්තේ වෙඩින් එකක් වුනා. එතනදී මෙි සර්ට යමිකිසි කණ්ඩායමක් හිතවත් වෙලා , ප්‍රමාණයට වඩා අරක්කු පොවලා එතනින් බණ්ඩාරවෙල ගෙස්ට් එකක රූම් එකකට
⁣අරගෙන ගිහින් ඒ කාමරේට දාලා , තව මුදලට ඇඟ විකුණගෙන කන ගෑණියෙක් එක්ක නිරුවත් වීඩියෝ එකක් හදලා තියනවා. ඒ වීඩියෝ එක තමයි මැඩම් දැක්කෙ.

**මයි ගෝඩ් පීටර් ඇත්තද මේ..

ඔව් මැඩම් ඕක තමයි ඇත්ත කතාව. ඉතින් මෙි සර්ගෙ කිසිම සම්බන්ධයක් එතන නැහැ. මොකද ඒක තමන්ගෙ වුවමනාවට හෝ තමන් සිහිබුද්ධියෙන් කරපු වැඩක් නෙමෙි.

**එතකොට කවුද පුතා මේ දේවල් කරලා තියෙන්නෙ.

ඔව්.. ඒක මිස්ටර් පැට්‍රික්ගෙ කණ්ඩායමක් මැඩම්.. මිස්ටර් පැට්‍රික්ගෙ වුවමනාවට සැළසුම් කරලා කරපු දෙයක්.

**මොනවා…? පැට්‍රික් පුතා… ?

ඔව්… මෙි සේරම කරලා තියෙන්නෙ කැරොලින් මැඩම්ට තියෙන අධික කාම ආශාව හන්දා මැඩම්. ඉතින් මෙි මිස්ටර් තිසේරව බ්ලැක්මේල් කරලා තමයි ඔය සේරම විනාශයන් කරලා තියෙන්නෙ.

**ඇයි මට පීටර් මෙිගැන කිව්වෙ නැත්තේ.?

*මම බයවුනා කැතරිනා. ඔව් මම බයවුනා.
මෙි දේවල් කියලා ඔය සේරම මාව දාලා යයි කියලා. ඉතින් මට පැට්‍රික් කියන සේරම කරන්න වුනා. මට ඒකට දහස් වාරයක් සමාවෙන්න කැතරිනා.

හ්ම්ම්… දැන් වෙච්ච දේ වුනා.. හැබැයි ඔය
වැඩෙි කරන්න මිස්ටර් මාවන් හැරෙන්නට
ෂෙල්ටන් වගේම , නොයෙලුත් උදව් කරා.
හැබැයි ⁣ඒ දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ.

*මොනවා පුතා.. නොයෙල්වත් මැරිලද .. ?

නෑ සර්… නොයෙල්වත් ෂෙල්ටන් මරපු විදිහටම මරලා දාලා. කණගාටු වෙන්න එපා. එයාලා කරපු දේට කවුරුත් හෝ පලි අරගෙන තියනවා. මම තමයි දැනට මෙි නොයෙල්ගෙ මිනීමැරුම් කේස් එක විමර්ශනය කරන්න සැමුවෙල්ස් වතුයායට ආපු නියෝජිතයා. දැනට මම කාටත් රහසේ සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩ
කරගෙන යනවා. දැනට මම හුඟාක් දේවල් අනාවරණය කරගෙන ඉවරයි. ඉතින් මම
ආවෙ හුඟක්ම මැඩම්ව ඉලක්ක කරගෙන.
මොකද මට මැඩම්ට හරියටම තේරුම් කරලා දෙන්න ඕන වුනා. මෙි කිසිම දෙයක් සර්ගෙ දැනුවත් කමකින් හෝ මොනයම් වුවමනාවකට හෝ වෙච්ච දෙයක් තියා , අඩුම තරමෙ මෙහෙම දෙයක් තමන් අතින් වෙලා කියලවත් දන්නෙ නැහැ. පස්සේ මෙි වීඩියෝ ටික ඇපේට තියාගෙන අරූගෙ තියෙන ගෑනු පෙරේතකමට තමයි මෙච්චර විනාශයක් වුනේ.

මෙිකට සර්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ මැඩම්. හරි… අපි කියමුකො මෙි ගැන මැඩම්ව දැනුවත් කරා කියලා. ඔයාගෙ හස්බන්ඩ් හන්දා ඔයා තේරුම් අරගෙන සමාව දෙයි. නමුත් මෙි සමාජ ජාලා වෙබ් අඩවි වල ප්‍රචාරය කරානම් ඔය හැමදෙනාටම වහ බොන්න වෙන්නෙ. එහෙම වුනානම් ඔය සේරම අඩි හයක් යට මිහිදන්වෙලා අවුරුදු කීපයක් වෙනවා. එහෙම නේද මැඩම්. පොඩ්ඩක් බාහිර සමාජයත් එක්ක සසඳලා බලන්න මම මෙි කියන දේ. එතකොට සියල්ල වැටහෙයි.

**ඔව් පුතා. මට දැන් තේරෙනවා පීටර් මෙච්චර කාලයක් මෙහෙම දේවල් කරේ ඇයි කියලා. මට තේරෙනවා මහත්තයෝ ඔයා මොනතරම් මානසිකව විඳවන්න ඇද්ද කියලා. අනේ මට සමාවෙන්න මහත්තයෝ..

*ඒකට කමක් නැහැ කැතරිනා. මට දුක මගෙ සුදුදුව මෙිකට බිලි වෙච්ච එක ගැන.

**දැන් ඉතින් හඬා වැලපිලා වැඩක් නැහැ.
මහත්තයෝ. අපේ දුව ඌට බිලිවුනා. එච්චරයි.

බිලිවුනා කිව්වට සියල්ල අහිමිවෙලා නැහැ තවම. සමහර වැරදි තියනවා හදන්න පුළුවන්. සමහර එව්වා හදන්න බැහැ. නමුත් මෙික බරපතල් වැරැද්දක් වුනාට වාසනාවකට වගේ හදන්න පුළුවන්. ඉතින් මම මෙහෙ ආවෙ. මෙි මම ලඟ තියෙන්නෙ ඔය විඩියෝ එකේ අවසාන පිටපත. මම මෙිකත් මෙතනින් යනකොට ඩිලීට් කරලා යන්නේ. ආයේ කිසිම කෙනෙකුට සර්ව බ්ලැක්මේල් කරන්න බැහැ. මම පැට්‍රික්ගෙ තිබ්බ හැම වීඩියෝ එකක්ම හැක් කරලා මකලා දාලා තියෙන්නෙ. දැන් ඔයාලා මෙිකෙන් නිදහස්.

*ඔය ඇත්තමද පුතා.

ඔව්.. මට ඒ ගැන සහතික වෙන්න පුළුවන්.
නැවත කිසිම කෙනෙකුට ඔයාලව බ්ලැක්මේල් කරන්න බැහැ. හැබැයි මින් ඉදිරියට ඔයාලට පරිස්සමට වැඩ කරන්න
වෙනවා.

*අනේ පුතා බොහොම ස්තූතියි. ඔයා කොහෙන්ද කවුද කියලා මට තේරුම් ගන්න බැහැ. නමුත් මට හිතාගන්න බැහැ මෙහෙම දේවල් අපි වෙනුවෙන් ඇයි කරන්නේ කියලා.

ඔව් සර්… මගෙ රාජකාරියට මෙි වැඩෙි ඍජුවම අදාල නැහැ. නමුත් මම කේස් එකක් ඉවර කරනකොට ඒක සම්පූර්ණ කරන එක මගෙ ක්‍රමය. මම දැන් හුඟාක් දුර ගිහින් ඉන්නෙ. මට තව දවස් ගාණක වැඩ ටිකක් විතරයි තියෙන්නෙ. ඊට පස්සේ ඔයාලා විතරක් නෙමේ කැරොලින් මැඩම් පවා සදහටම නිදහස් ඔය හැමදේකින්ම තව දුරටත් පැට්‍රික් ඔයාලගෙ බෑණා කියලා සලකන්න එපා. මිනිහා කාම ආශාවෙන් පෙලෙන මන්ද මානසිකයෙක් විතරයි. මිනිහගෙ ප්ලෑවල ප්‍රතිඵල වල භුක්තිය තමයි ඔයාලා ඔය කාලයක් තිස්සේ වින්දෙ.

**මෙි සේරම අපෙ සුදුදුව දන්නවද පුතා.. ?

ඔව් මෙි සේරම එයා දන්නවා. එයාට තවම හිත හදාගන්න බැහැ. එයාගෙ හිත හැදුන දවසක ඔයාලව බලන්න අනිවාර්යයෙන්ම එයි. මම ඒ තත්වයට එයාගෙ හිත මම හදලා දෙන්නම්. එතකොට මෙි කිසිම දෙයක් මිස්ටර් රිචඩ් දන්නෙ නැහැ. ඒ හන්දා එයා ගැන හිතේ කහටක් තියාගන්න අවශ්‍ය නැහැ.

**පුතා මොනවද බොන්නෙ..

හ්ම්ම්… මම සාමාන්‍යයෙන් එහෙම තැනකින් බොන කෙනෙක් නෙමෙි. මාව වරදවා වටහාගන්න එපා. ඒක මගෙ වෘත්තීය පසුබිම අනුව හැඩගැහිලා තියෙන හැටි. කමක් නැහැ. මැඩම් කැමති දෙයක් බොමු.

**හොඳයි පුතා..

ඉතින් සර්… දැන්වත් සැහැල්ලුවෙන් ඉන්න.

*ඇත්තටම පුතා මට මෙික හීනයක් වගේ.
මට තවමත් හිතාගන්න බැහැ. ඔයා නිකං දෙවියන් වහන්සේ එවපු සුර දූතයෙක් වගේ.

හහ් හහ් හා… සර්… මම ඔයාලා හිතන
ජාතියේ කෙනෙක් නෙමෙි. මම ත්‍රස්ත මර්ධන නිලධාරියෙක්. මම සුරදූත වැඩ දන්නෙ නැහැ.

*එච්චර දරුණු කෙනෙක්ද.. ? මයි ගෝඩ්.

ඔව් සර්… ඉදිරි කටයුතු ගැන මට කිසිම දෙයක් විග්‍රහ කරන්න බැහැ. මට තව මාසයක් විතර යයි මෙි සේරම විසඳලා දාන්න. එතකම් ඉවසලා ඉන්න. රයිට්… මම දැන් මෙි කුණුගොඩ ඩිලීට් කරලා දානවා. ආයේ කිසිම තැනක මෙි වීඩියෝ එක නැහැ. කාටවත්ම රිකවරි කරන්නත් බැහැ.

*ඇයි පුතා මෙි වගේ දෙයක් අපි වෙනුවෙන් කරේ.. ?

පවුලක් වෙන්වීමෙි දුක ,ඒ අමිහිරි අද්දැකීම මම වින්දෙ කුඩා කාලයෙදීමයි. ඒ හන්දා ඒවගේ දේවල් මගෙ ඇස් පනාපිට වෙන්න මම ඉඩතියන්නෙ නැහැ. ඒකයි හේතුව. නැතුව මම සර්ව අඳුරන්නෙත් නැහැ. සර් මාව අඳුරන්නෙත් නැහැ. නමුත් අපි දෙන්නා අතර තියනවා එක බැඳීමක්. ඒ තමයි මනුෂ්‍යත්වයේ බැඳීම. ඉතින් ඒකට මට පිටුපාන්න තරම් බලවත් හේතුවක් නැහැ. එච්චරයි.

**පුතා අපි කෝපි එකක් බොමු.

බොහොම ස්තූතියි මැඩම්.

දැන් මම හිතන්නේ මෙි සේරම ප්‍රශ්න ටික ටික විස⁣ඳෙනවා. පැට්‍රික්ට තමන් කරපු හැමදේකටම වන්දි ගෙවන්න වෙනවා.

**මම එදා ඉඳන්ම ඔය හාදයට කැමැත්තක් තිබ්බෙ නැහැ. බලන්න පුතා අපේ සුදු දුවට
වඩා කොච්චර වැඩිමහල් ද කියලා.

*පුතා අපිට කරන්න දෙයක් තිබ්බෙම නැහැ.

මම දන්නවා සර්… කැරොලින් මැඩම් මට
නිතරම කිව්ව දෙයක් තිබ්බා “මගෙ අප්පච්චි මාව හැදුවෙ මලක් වගේ” කියලා

*මගෙ සුදු දුව එහෙම කිව්වද … ?

ඔව් අදටත් කියනවා සර්.. ඉතින් මම එයාගෙන් අනිත් පැත්තට ප්‍රශ්න කරා එහෙම කරපු අප්පච්චි ඔයාට නරකක් කරයිද කියලා. ඊට පස්සේ තමයි එයා මට සිද්ධිය කිව්වෙ. මෙහෙම දෙයක් මෙතන වෙලා තියනවා කියලා. ඒක එයා දැනගෙන තියෙන්නෙත් දවසක් දා ඒ ගැන පැට්‍රික් බීමතින් කිව්වා කියලා. ඊට පස්සේ තමයි මම මෙි ටිකත් හොයාගත්තෙ. මෙි වෙනකොට එයාගෙ හිතේ ඔයාලා ගැන කිසිම කණගාටුවකු හෝ තරහක් නැහැ කියලා මම දැනගත්තා. හැබැයි ඔයාලට කතා කරන්න තරම් එයාගෙ හිත හැදිලා නැහැ. මම ඒකත් හෙමිහිට කතා කරලා හිත හදලා දාන්නම්. මම කැරොලින් මැඩම්ගෙ යාළුවෙක් නෙමෙි. නමුත් මම කරන්න ඕන දේයි මම මෙි කරන්නේ.

**අනේ පුතා. බොහොම ස්තූතියි.

හ්ම්ම්… මැඩම්. සමහර තුවාල අළුතෙන්ම පාරලා සුද්ද කරලා බෙහෙත් දානකම් ඒක හොඳවෙන්නෙ නැහැ. හම යට පැහැව පැහැව තියනවා මිසක. මම මේ අද කලෙත් ඒ පරණ තුවාලය අවුස්සපු එක තමයි. දැන් මම බෙහෙත් දාලා ඉවරයි. ඒක සුව වෙන්න ටික කාලයක් ගතවෙනවා. එතකම් පරිස්සම් වෙන්න.

*ඔව් පුතා. මට තේරෙනවා.

හොඳයි.. බොහොම ස්තූතියි. මම එතකොට ගිහින් එන්නම්. ම අදම කොළඹ යන්න ඕන. මට මෙි දවස්වල දුවන්න තමයි තියෙන්නෙ. මොනවා කරන්න ද.. ? ඒක මගේ ඩියුටි එක නෙ. එතකොට මම ආයේ පාරක් ඔයාලගෙන් ඉල්ලනවා. මම කවුද කියලා කාටවත්ම කියන්න එපා. ඒ වගේම, කැරොලින් මැඩම්ට තවම කෝල් කරන්න යන්න එපා මම කියන තුරු. මොකද මට මෙි ප්‍රශ්න එකින් එක විසඳන්න ඕන හන්දා.

*නෑ පුතා .. අපිට තව ටික කාලයක් ඉන්න පුළුවන්. අපි කියන්නේ නැහැ කාටවත්ම.

පිරිමි කියන ජාතිය සමහර තැන්වල තමන්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් තව කෙනෙකුට කියන්න බැරි තරමට අසරණ වෙනවා. ඒකට හේතුව තමන් බිරිඳට ස්වාමිපුරුෂයා , දරුවන්ට පියා කියන ආත්මීය බැඳීම හන්දා. අන්න එතනදී බාහිර පුද්ගලයෙක් එතනට ඇවිත් වෙච්ච දේ පැහැදිලි කරා. ඒක තමයි මම මෙි අද දැන් කරේ. මොකද ඔය කියන බැඳීමක් මට ඔයාලා එක්ක නැහැ නෙ. අන්න ඒ හන්දා තමයි මට නිදහසේ වෙච්ච සිදුවීම විස්තර කරලා පහදලා දෙන්න පුළුවන් වුනේ. හොඳයි එහෙනම් මම ගිහින් එන්නම්.

*ඉන්න පුතා මම ඔයාව ටවුන් එකට දාලා එන්නම්.

කරදරයක් නැත්නම් කමක් නැහැ සර්.

**පිස්සුද දරුවො..

ජීප් රථයට ගොඩවූ අප දෙදෙනා සුන්දර මිටියාවත මැදින් දිවෙන මාර්ගයේ බණ්ඩාරවෙල නගරය බලා ගමන් ගත්තෙමු. එසේනම් මෙි වීඩියෝ එකේ ඉක්නෙත් , මෙි මොහොතේ මා අසල ඉන්නෙත් එකම කෙනා බැව් තහවුරුයි. මගෙ සිතුවිලි දැහැන බිඳ දැමුවෙ තිසේරා මහත්මයාගෙ හඬයි.

*මට තේරෙන්නේ නැහැ පුතා. ඔයා ඇයි මෙහෙම දෙයක් කරේ කියලා. මගෙ සුදුදුව
එක්ක තියෙන බැඳීම මොනවගේ එකක් ද කියලා මම දන්නෙ නැහැ. නමුත් මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා හිතට. ඒක මට වචනයෙන් විස්තර කරන්න නම් තේරෙන්නේ නැහැ. නමුත් මම එක දෙයක් දන්නවා මගෙ කැරොලිනා කවදාවත් වැරදි තීරණයක් ගන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඔයා වගෙ නිලධාරියෙක් මෙි වගේ දේකට අතගහපු එකනම් මගෙ පෙර වාසනාවක් කියලා.

සර් … මෙි ලෝකෙ කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. ලැබීම් නොලැබීම් අසමානයි. සමහරු අමාරු කාලයන් ගෙවනවා. සමහරු ගෙවලා ඉවර කරනවා. මම හිතන්නේ සර් දැන් ඔය මානසික පීඩනය ගෙවලා ඉවරයි. මම කලේ ඒක ගෙවලා දාන කාලය ටිකක් අඩු කරපු එක විතරයි.

*ඔව් පුතා.. ආයේ ඕනම වෙලාවක අපේ ගෙදර ඇවිත් යන්න. මට මෙි කරපු දේට මම ඉතුරු⁣ ජීවිත කාලයම ණයගැතියි.

නෑ සර්… විය යුත්ත වුනා මිසක කවුරුත් කාටවත් ණය නැහැ. විශේෂයෙන්ම මම
කරන දේවල් වලට මම තක්සේරු කිරීමක් කරන්නේ නැහැ. මොකද තක්සේරු කර කර ගෙවාදමන්න තරම් දීර්ඝ ජීවිතයක් අපි අරගෙන ඇවිත් නැහැ නෙ.

*ඒක ඇත්ත පුතා. ඔන්න අපි ටවුන් එකට ආවා.

හොඳයි මම ගිහින් එන්නම්. මම නැවත එනවා. ඒ එන්නෙ තනියම නෙමෙි.

*හොඳයි පරිස්සමෙන් ගිහින් එන්න. දෙවි
පිහිටයි

දෙවි පිහිටයි සර්…

බණ්ඩාරවෙල නගරය තෙක් මාව තම ජීප් රථයෙන් රැගෙන ආ තිසේරා මහත්තයාට සමුදුන් මා නුවරඑළිය බස්රථයට ගොඩවී මා තම දෘෂ්ටියෙන් නොපෙනී යන තුරුම ඔහු මා දෙස බලාගෙන සිටියේ ඉතා සොමිනසෙනි. හෝරා එකහමාරකට පසු මා නැවත නුවරඑළිය සේෆ්හවුස් වෙත ඇවිත් එසැණින් ම ගම්පහ බලා පිටත් වුනෙමි.

රාත්‍රි හත පමණ වනවිට මට ගම්පහ සේෆ්හවුස් එකට ඒමට හැකිවිය. රාත්‍රි ආහාරයෙන් පසු සිත මදකට සැහැල්ලු
කරගත් මා තදින්ම නිදාගත්තෙමි.

නැවත හමුවෙමු ….


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 11  [24 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now