⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
36 වන දිගහැරුම
( ඉනෝකා සඳමාලි )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔව් සර් ඒක ඇත්ත. අපි අපේ ජොබ්එකට බැඳිලා ඉන්නෙ මෙි රටෙි මිනිස්සුන්ව නිදහසේ සැකබිය නැතුව ජීවත් කරවන්න නෙ. අපි ඒක සතුටින් කරමු.

අපි දිහා බලපුවාම. අපිත් හරියට අනුන්ගේ සතුට වෙනුවෙන් වහ වුනත් සතුටින් බොන අමුතුම ජීවීන් වර්ගයක් නේද ?

*ඒක තමයි අපේ ජීවිත වල යථාර්ථය සර්..

මෙතැන්සිට …….

ඔව් ඒක තමයි නේද … රයිට් අපි එහෙනම් විසිර යමු ගැමුණු.

*හොඳයි සර්…

රාත්‍රි ආහාරයෙන් පසු දුරකථන ඇමතුමක් ලබා ගත්තෙ කැරොලින් මහත්මිය වෙතය.

දු.ක - කෙවින් ..

කැරොලිනා.. මෙි.. මම හෙට ඉඳලා දවස් කීපයකට වැඩට එන්නෙ නැහැ. මම හෙට උදෙන්ම ගමන් දෙක තුනක් දාගෙන තියනවා. මොකද මට තව කීප දෙනෙක් හමුවෙන්න ඕන. පැට්‍රික් රට ඉඳලා ආවට පස්සේ මට කොහොමත් කොහෙවත් යන්න බැරිවෙයි. ඒ හන්දා මෑන් එන්න කලින් මම මගේ සැළසුම් ටික හසාගෙන ඒක මිනිස්සු අතරෙ බෙදාගන්න ඕන.

දුක - හොඳයි ඔයාට හිතෙන දේ කරන්න. මම දන්නවා ඔයා හරියට හිතලා බලලා හරි දේ කරන කෙනෙක් කියලා. මොනවද මගෙන් කෙරෙන්න ඕන. ඔයාට ඒ අයට දෙන්න සල්ලි එහෙම ඕනද.. ?

එපා… මම දැනට ඒ අයට මම ලඟ තියෙන
සල්ලි වලින් දෙන්නම්. ඒකට පස්සේ අපි මොනවාහරි කරමු. එතකොට කවුරු හරි ඇහැව්වොත් මම කෝ කියලා මම අසනීප නිවාඩු දාලා ඉන්නෙ කියන්න. මෙි දවස් ටිකේ මට ටිකක් එහාට මෙහාට දුවන්න වෙනවා. එතකොට වාහනේ සර්විස් කරන වැඩෙි මොකද කරන්නේ … ?

දු.ක - හ්ම්ම්… ඒකට කමක් නැහැ. දවස් කීපයක් එහාමෙහා වුනාට කමන් නැහැ නෙ.

ඔව් … අපෙ වැඩටික කරලා දාලා අපි ඒක සර්විස් එකට දාමු නේද… ?

දු.ක - ඔව් මහත්තයෝ.

හොඳයි එහෙනම් මම තිබ්බා පරිස්සමෙන් ඉන්න.

දු.ක - ඔයත් පරිස්සමෙන් ඉන්න.

ඇමතුම විසන්ධි කල සැනෙන් මා නැවත
ඇමතුමක් ලබාගත්තේ දිව්‍යා වෙතය.

දු.ක - හා .. මහත්තයා කොහොමද .. ?

හා මහත්තයා. හාවොන්ට මහත්තයා කියන්න පටන් ගත්තෙ කවසා ඉඳලද.. ?

දු.ක - ඔන්න පටන් ගත්තා. වචන පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න බැහැ. ඇදයක්ම තමයි හොයන්නෙ. ඉතින් ඔයා ඇයි කතා කරේ.

අපි හෙට අර දරුවගෙ උප්පැන්න හොයමුද.. ? මමත් එන්නම්. කොහෙටද
මම එන්න ඕන.

දු.ක - ඇත්තද.. ? නියමයි නෙ. ඔය ඇත්තටම කිව්වෙ.

ඔව්.. මම එනවා. අපි හෙට උප්පැන්නය හොයලා. වැඩෙි සනාථ කරගෙන ඉවරවෙලා. නාරම්මල යමු. මොකද මට ඔයත් එක්ක කතා කරන්න දේවල් බොහොමයි වගේම නාරම්මල ගිහින් මිස්ටර් මාවන්ගෙ වයිෆ් හමුවෙලා සේරම විස්තර කරලා පැහැදිලි කරලා. එතන
ආකල්ප වශයෙන් හදලා එන්න ඕන.

දු.ක - හ්ම්ම්.. ඒකනම් ඇත්ත තමයි. එකපාරටම මාවන්ව එතනට ගෙනියන්න බැහැ නෙ. හොඳයි අපි එහෙම කරමු. මම කුරුණෑගල ටවුන් එකට අටහමාරට විතර එන්නම්.

හ්ම්ම්… අපි කුරුණෑගලට ඇවිත් වැඩි විස්තර කතා කරමු. එහෙනම් කෙල්ලෙ මම තියන්නම්. පරිස්සමෙන් ඉන්න.

දු.ක - ඔයත් පරිස්සමෙන් ඉන්නෙ ලොක්කා.

හ්ම්ම්… ඇමතුම විසන්ධි කෙරුවෙමි. පසුව කුරුණෑගල අප නියෝජිතයාට මා දුරකථන ඇමතුමක් ලබාගෙන තමන්ගෙ අනන්‍යතාවය තහවුරු කර, පසුව හෙටදින උදෙන්ම වෙනත් වර්ගයේ මෝටර් රථයක් රැගෙන කුරුණෑගල නගරය වෙත එන මෙන් උපදෙස් ලබාදුන්නෙමි.

පසුදින…

උදෙන්ම අවදිවූ මා කිසිවෙකුට කිසිවක් නොපවසාම කුරුණෑගල බලා පිටත් වූයෙමි. හෝරා එකහමාරකට පසු සිටියේ කුරුණෑගල නගරයේය. මා මෙහි එනවිට අප කුරුණෑගල නියෝජිතයා වෙනත් මෝටර් රථයක් රැගෙනවිත් තිබුනි. එහිදී මෝටර්රථ දෙක හුවමාරු කරගෙන විසිර ගියෙමු . පසුව එක තැනකදී මා දිව්‍යා වාහනයට ගත්තෙමි.

*ඉතින් මිස්ටර් මාධව කොහොමද ජීවිතය

සුවෙන් ඉන්නවා. ඔයාට කොහොමද .. ?

*හොඳින් මෙි දවස්වල මට මොකුත් වැඩ නැහැ. ඒ හන්දා හිතුමතේ ජීවිතේ.

හ්ම්ම්… ඒකත් එහෙමද.. ? අපි යමු මොනවාහරි කාලා ඉන්න. මම දන්න කියන කඩයක් තියනවා බස් නැවතුම්පලට එහා පැත්තේ කඩ පෙලේ උඩ තට්ටුවක. ඒකෙ කෑම රසයි. අපි එතනට යමු.

*යමු යමු… කන ගමන් කතා කරන්න බැරියැ.

**************

*ඉතින් කියන්න බලන්න.

ඉතින් අපි නමය විතර වෙනකොට නාරම්මල ගියොත් ඇති. එහෙම ගිහින් නිකේෂලා සඳමාලි පීරිස් ගෙ නමින් උප්පැන්න සහතිකයක් අද්දවමු. එතකොට අපිට බලාගන්න පුළුවන් හරියටම කවුද මෙි කියලා.

*ඔව් ඒක ඇත්ත. එතකොට ඔයා මෙච්චර කාලයකට හොයාගත්ත දේවල් මොනවද.?

ඒක අපි යන ගමන් කතා කරමු. මෙතන ඒකට එච්චර සුදුසු තැනක් නෙමෙයි.

*හ්ම්ම්… ඒක ඇත්ත තමයි.

අඩහෝරාවකට පසු නැවත අපි දෙදෙනා වාහනයට නැග ගමන ආරම්භ කරන්නට
වූයෙමු. ඉතා සෙමෙන් රිය ධාවනය කල මා
කතාවට මුලපිරුවෙමි.

ඉතින් මම සැමෙවෙල් වතුයායට ගිහින්
( මෙතෙක් කතාව සැකෙවින් විස්තර කෙරුවෙමි )

*මයි ගෝඩ් බ්‍රදර්… මෙිකනම් හරිම අපූරු කතාවක් නෙ. එතකොට මෙි සැබෑ ⁣ඉන්නෙ
සැබෑ ඉනෝකා නම් අපි මොකද කරන්නේ.?

ඒ මිනිස්සුන්ට අහිමිවුන ලෝකය නැවත ගොඩනගා ගන්න දීලා අපි අයින්වෙලා පාඩුවෙ යමු නේද … ?

*මෙන්න බොලේ වැඩක්.. ලංකාවෙ ඉන්න දරුණුම අපරාධ විමර්ශක දාමරිකයා දැන් දාර්මිකයා වෙලානෙ. යසයි යසයි.

ඇයි හොඳ නැද්ද … ? දැන් පොඩ්ඩක⁣ට අපි දෙන්නා දිහා බලන්න. දෙමාපියන් පොඩි කාලෙදිම අපිට අහිමිවුන හන්දා අපි මොන තරම් දුක් වින්ද ද .. ? ඒ හන්දා මම තීරණය කරා මෙි කේස් එකෙන් මෑන්ව නිදහස් කරන්න.

*එතකොට කැරොලින් ..

එයත් නොකල වැරැද්දකට තවම දුක් විඳිනවා. මට ඒකත් අනුමත කරන්න බැහැ.

*ෂාහ්හ්හ් මිස්ටර් මාධව.. කවදා ඉඳන්ද
ඔය විදිහට හිතන්න පුළුවන් වුනේ. මෙි
දේවල් නීතියට පටහැනියි වගේ තේරෙන්නේ නැද්ද… ?

හ්ම්ම්… එතකොට ඒ දෙන්නටම වෙච්ච දේවල් නීතියට පටහැනි නැද්ද… ? කවුද එව්වට වගකියන්නේ.

*ඒකට වගකිවයුත්තෙක් ඉන්නවා ඇතිනෙ.
මම දන්නවා ඔයා කොහොමහරි ඌවත් හොයාගන්නවා කියලා.

ඔව් … මම ඌවත් හොයාගන්නවා. මොකද ඌ ගහපු මාස්ටර් ප්ලෑන්එක හන්දා තමයි අන්තිමෙිදී මෙි සේරටම දුක් විඳින්න වෙලා තියෙන්නෙ.

*මොකක් … මෙි සේරම වෙලා තියෙන්නෙ එකෙක් කරපු සැළසුමකටද … ?

ඔව්.. ඒක එක අතකින් බලපුවාම පැහැදිලි පෙලඹවීමක් වෙලා කියලා පේනවා. ඒ හන්දා මෙි සේරම නිදහස් කරලා , ඔය ප්ලෑන්එක ගහලා, ඒක ක්‍රියාත්මක වෙන දිහා බලලා සතුටු වෙච්ච එකාපිට වරදවල් සෙරම පටවලා දාලා ඒකගෙ ඔළුව කුඩු කරලා දානවා. මොකද ඌ ඒ වැඩෙිට ඉහලින්ම සුදුසුකම් ලබලා තියෙන්නෙ.

*හරි හරි ඉතින් ඕකට කේන්ති ගන්න ඕනයැ. ඔයාට හරියි කියලා හිතෙන දේ කරන්න. මොකද මම දන්නවා මගෙ අයියා කවදාවත් වැරදි දෙයක් මෙි සමාජයට දායාද කරන්නේ නැහැ කියලා. එතකොට කවුද ඔය මාස්ටර් ප්ලෑන්එක ගහපු එකා … ?

මෙි ඉන්නෙ. කියමින් මා මගේ ජංගම දුරකතනයේ ගැලරියේ තිබූ පැට්‍රික්ගෙ උඩුකය ඡායාරූප පෙන්නුවෙමි.

*මෙි කවුද … ?

මෙි තමයි පැට්‍රික් ..

*පැට්‍රික් කිව්වෙ … ?

පැට්‍රික් කියන්නේ මෙි පවුලේ වැඩිමලා. දැනට නීත්‍යානුකූලව ජීවත්වෙන එකම එකා වගේම , මෙි සේරම ප්ලෑන් වල මහමොළකරුවා.

*මෙයා වෙන්නෙ කොහොමද … ? මෙයා ඉන්නෙ කැනඩාවෙ කිව්වා නේද… ?

නැහැ.. මෑන් ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ. පිටරට ඉන්නවා වගේ මෙච්චර කාලයක් රඟපාලා තියෙන්නෙ. මිනිහා දීපු ගේම් එකක්වත් ඔප්පු කරන්න බැරි විදිහට යාන්ත්‍රනයක් හදලා තියනවා. ඒක තමයි මෙි කේස් එක මෙච්චර කාලයක් ඇදෙන්න හේතුව. ඒ වගේම මෑන්ගෙ අවසාන ගේම තමයි තමන්ට උපත දුන්න තාත්තව මරලා දාලා , සේරම දේපල වල උරුමය වගේම, පූර්ණ හිමිකාරිත්වය ගන්න එක.

*මොකක්ද… ? තමන්ගෙ තාත්තව මරන්න.

ඔව්… ඒක තමයි මෙි ප්ලෑන් එකේ අවසාන
කොටස. ඊට පස්සේ මොකුත් නොකල ගාණට නැවත ලංකාවට එනවා.

*ඒ කියන්නේ මෑන් ලඟ හොර පාස්පෝර්ට්
තියනවා.

ඔව්… මෑන් නිල වශයෙන් නොයෙල් මැරුනට පස්සේ ඇවිත් අවසාන ගෞරව දක්වලා නැවත නැනඩාවට ගියා. ඊට පස්සේ හොර පාස්පෝර්ට් එකෙන් වෙනත් කෙනෙක් විදිහට නැවත ලංකාවට ඇවිත් සැළසුමෙි අවසාන කොටස ක්‍රියාත්මක කරන්න තමයි සූදානම.

*හපොයි … දැන් ඉතින් ඔයා මොනවගේ දෙයක් කරන්නද සූදානම… ?

මෙහෙමයි.. මෙතතන මාවන් , ඉනෝකා මරලා දැම්මා කියලා ඔප්පු කරන්න බැහැ. මොකද ඉනෝකා කෙසේ වෙතත් , මාවන් මෙිවනවිට ජීවතුන් අතර ඉන්න හන්දා. එහෙම කරන්න උත්සාහ කරා කියලත් අපිට ඔප්පු කරන්න හැකියාවක් නැහැ. එතකොට ඒක පැත්තකට දාන්න වෙනවා. එතකොට මම අනුමාන කරන විදිහට ෂෙල්ටන් ව මරලා තියෙන්නෙ නොයෙල්
පැට්‍රික්ගෙ කීමට. නමුත් නොයෙල් ජීවතුන් අතර නැහැ මාවන් විසින් නොයෙල්ව මරපු හන්දා. එතකොට එතනදීත් පැට්‍රික් චෝදනා වලින් නිදහස්.

*මෙික මාර ප්ලෑන් එකක් නෙ. කොහෙන් ගියත් පැට්‍රික් බෙිරිලා නේද … ?

ඒක තමයි මම කිව්වෙි මෙතන ස්වංක්‍රීය විදිහට ක්‍රියාත්මක වෙන විදිහට මෑන් යාන්ත්‍රනයක් සකස් කරලා තියනවා කියලා.

*එතකොට තමන්ගෙ තාත්තව මරන්නෙ කොහොමද… ? එතකොට ඒකටත් මිනිහා
ලඟ හොඳ සැළසුමක් ඇති නෙ.

ඔව්… ඒකට උත්තරය මට හෙට රෑට තමයි දෙන්ක වෙන්නෙ.

*හ්ම්ම්… එහෙමද … ? එතකොට මාවන්, කැරොලින් එකතුවෙලා පැට්‍රික්ව මරන්න
ප්ලෑන් එකක් හදලා නැද්ද… ?

තියනවා. නමුත් ඒක ක්‍රියාත්මක කරනකොට මාවන්ට තමන්ගෙ තාත්තව අහිමි වෙනවා වගේම තමයි කැරොලින් වත් අහිමි වෙනවා.

*ඒ කොහොමද… ?

මෙහෙම හිතන්නකො. දැනට මාවන් වවිතරයි දන්නෙ පැට්‍රික් කැනඩාවට ගිහින් නැහැ කියලා. ඒකත් මම කියපු හන්දා. මාවන් සැළසුම් කරලා තිබ්බෙ මෙි එන නිවාඩුවට. ඒ කියන්නේ තව සති දෙකකින් පැට්‍රික් ලංකාවට ආපුවාම රිය අනතුරක් කරලා මරලා දාන්න. එතකොට කාටවත්ම ඒ ගැන සැකයක් නැහැ. නමුත් පැට්‍රික් කැනඩාවට ගිහින් නැතුව තමන්ගෙ තාත්තව මරදාලා. මොකුත් නොකල ගාණට
නැවත ලංකාවට එනවා. ඒ කියන්නේ මරපු දවසෙම තමන් ව්‍යාජ නමකින් පෙනී සිටින පාස්පෝර්ට් එකෙන් නැවත කැනඩාවට ගිහින් දවස් දෙකකින් විතර තාත්තගෙ මලගෙදරට එනවා. එහෙම ඇවිත් ඉන්නකොට මාවන් පැට්‍රික්ව මැරුවට වැඩක් නැහැ නෙ. පැට්‍රික් සේරම ගේම්ටික ගහල ඉවරයි නෙ. ඒ හන්දා තමයි. ඊටට කලින් පැට්‍රික්ව ඉවරයක් කරන්න ඕන.

*ඔව් ඔවි මට තේරුනා බ්‍රදර්… හරි අපි මෙතන වැඩෙි ඉවරයක් කරමුකො. මෙි ඒක නෙමෙි.

හ්ම්ම්…

*ඔය කැරොලින් ලස්සනයි ද … ?

ඔව්.. ලස්සනයි…

*කෝ මට පෙන්වන්න …

මෙි ඉන්නෙ එයා තමයි..

*ෂාහ්හ්හ් නියමයි නෙ. අමුතු ලස්සනක් තියෙන්නෙ මෙයාට. මට මෙයාව දවසක
මුණගස්වන්නකෝ..

ඔය ඔය ඉතින් .. අනවශ්‍ය ලෙඩනම් දාන්න එපා. ඔයාට මොකටද එයාව හම්වෙන්න ඕන. අනික ඔයා මගෙ කවුරු කියලද එයාට හඳුන්වලා දෙන්න වෙන්නෙ.. ? අනික මෙි වෙද්දී මම ලඟම ඉන්න නියෝජිතයින් දෙන්නෙක් මෙි මිෂන්එකේ ඉන්නවා. ඒ දෙන්නා මොනවා හිතයිද .. ?

*ඔව් නේද… ? ඒකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් මම ඔයාලගෙ යුනිට් එකේ කියලා
හඳුන්වලා දෙන්න ඔයාට බැරිකමක් නැහැ නෙ.

ගෑනු කියන්නේ කොහෙන් බැලුවත් ලෙඩක්ම තමයි.

*මොකක්ද කිව්වෙ .. ? මම නැත්නම් මෙි ඉනෝකව බැලන්ස් කරයි. මම හන්දා ඉතින් හොඳයි.

හා හා.. ඒක එතකොට බලමුකො. ඔන්න අපි නාරම්මලට ආවා. කොහෙද ඒජී කන්තෝරුව තියෙන්නෙ… ?

*ඔය රවුන්ද බෝර්ඩ් එකෙන් වමට දාන්න.

හරි….

*ඔය ටිකක් ඉස්සරහා තියෙන්නෙ.

හා… හරි. අපි මෙතනින් නවත්තලා යමු.

*හ්ම්ම්…

දෙදෙනාම ගොස් නිකේෂලා සඳමාලි නමින්
අයදුම්පතක් පුරවා අදාල ගාස්තුව ද ගෙවා දමා උප්පැන්න සහතිකය අදාල අංශයෙන් නිකුත් කරන තුරු රැඳි සිටියෙමු.

අඩහෝරාවකට පසු…

**මෙන්න මැඩම්…

*හොඳයි බොහොම ස්තූතියි.

හ්ම්ම්… අපි යමු වාහනය ඇතුලට ගිහින් කතා කරමු.

*වාව් හරියටම හරි… මෙ තියෙන්නෙ පියාගෙ නම “පීඑන් මාවන් පීරීස්” කියලා.

කෝ බලන්න.. ඔව්නෙ හැබෑටම.

*මගෙන් සුභපැතුම් බ්‍රදර්.

මට නෙමෙි සුභපතන්න ඕන මාවන් ගොයියට බං. මෑන්ගෙ වයිෆ් නෙ අපි හොයාගත්තෙ. කොහොම වුනත් ඔයාට ගොඩාක් ස්තූතියි.

*ඔන්න පේනවා නේද බුද්ධිමත් නංගි කෙනෙක් ඉන්න එකේ වාසි.

හ්ම්ම්… ඒක ඇත්ත තමයි.

*ඒක ඇත්ත තමයි.. ? ඒක සිරාවටමද කිව්වෙ.

නැතුව ඉතින්. මට මෙි ලෝකෙ ඉන්න විශ්වාසවන්තම කෙනා ඔයානෙ. වෙන
මට විශ්වාස කරන්න කෙනෙක් නැහැ.

*එතකොට මිස්ටර් මාධවගෙ ගෝලයෝ ටික.

එයාලත් විශ්වාසයි. ඒත් ඒක වෘත්තීය මට්ටමින් විතරයි. එතනින් එහාට නැහැ නෙ.

*හරි හරි.. මම පාර කියන්නම්. අපි යමුද දැන්.

මොනවාහරි දරුවට අරගෙන යමු නේද..?

*අන්න අනුකම්පා මාධව කියන බළලා එලියට පැන්නා.

අනුකම්පා කෙහෙල්මලක් නෑ බං. මම හොඳ එවුන්ට හොඳයි නරක එවුන්ට අන්තිම නරකයි එච්චරයි.

*මෙි… ඒක නෙමෙි. අපේ තාත්තත් ඔයා වගේද .. ? මම ඇහැව්වෙ ඔය වගේ ටෝක්ද එයා ලඟත් තිබ්බෙ … ?

ඔව්… එයත් යමක් පැහැදිලි කරනකොට
ජනවහර , උපමා කතා පාවිච්චි කරනවා.
හැබැයි ඔයා එහෙම නැහැ. ඔයා අම්මගෙ ක්‍රමයට හැදිලා තියෙන්නෙ. අමමගෙ කපාපු පළුව.

*ඔය ඇත්තමද … ?

ඔව් ඉතින් …

*හ්ම්ම්… මම ඊට වඩා දේවල් අහන්නෙ නැහැ. අපි යමු. අන්න අතන ගිෆ්ට් කඩයක් තියනවා.

හරි… යමු..

*මොනවද ගන්නේ … ?

ඔයා කැමති දෙයක් ගන්න.

*සපත්තු දෙකක්..

හ්ම්ම්…

*ටෙඩියෙක්..

හ්ම්ම්…

*තව… ඉන්න.. මම නියම බඩු ටිකක් ගන්නම්.

හා..

තෑගි භාණ්ඩ කීපයක් අරගත් අපි එතනින් නාරම්මල පිහිටි ඉනෝකා මහත්මියගෙ නිවස බලා පිටත් වුනෙමු. මොහොතක පසු “කැකුලන්ද” ප්‍රදේශයේ එක් එලවළු කඩයක අප නැවතුනෙමු.

මෙතනද තැන…

*ඔව් … අර ඉන්නෙ එයා..

හ්ම්ම්.. බලමු. මා ජංගම දුරකථනය නැවත අතට ගෙන මාවන්ගෙ මංගල දිනයේ ලබාගත් ඡායාරූපය හා මට නුදුරින් පෙනෙන රුව සමඟ සසඳා බැලුවෙමි. හරි මෙයා තමයි කෙනා.

*යමු යමු… ආයුබෝවන් ඉනෝකා.

**ආනේ.. මෙි කාන්චනා මිස් නෙ. උදෙන්ම ඇවිත්. ආයුබෝවන් මිස්.

*තවම කඩෙි ඇරියෙ නැද්ද … ?

**නෑ තවම නැහැ. දැන් ගෙදර වැඩපල ඉවර වුනේ එතකොට මෙි මහත්තයා කවුද… ?

*මෙි අපේ ආයතනයේ කෙනෙක්ම තමයි.
අපිට ටිකක් ඇතුලට ගිහින් කතා කරන්න පුළුවන් ද … ?

**අපොයි පුළුවන් … යමු යමු.

*කෝ දුව… ?

**ඉන්නවා මිස්..

*ඉන්න.. මෙතන තියනවා දුවට තෑගි ටිකක්. කෝ දුව මෙහෙ එන්න. සිව් වසරක් වයසැති දියණිය සිනහමුසු මුහුණින් යුතුව දෝතින්ම තෑගි ටික ගෙන නිවස තුලට දිව ගියාය.

**වාඩිවෙන්න මහත්තයා …

හොඳයි බොහොම ස්තූතියි. වැඩි වෙලා
ගන්නෙ නැතුව අපි කෙලින්ම කාණාවට බහිමු. ඔයාගෙන් ඇත්ත කතාව අහගන්න කලින් අපි ඔයාට සත්‍යගරුක වෙන්න එපැයි. මම ඒ වගේම මෙි කාන්චනා මිස් ඔයා හිතන NGO සංවිධානයක කට්ටිය නෙමෙි. අපි රජයේ අපරාධ විමර්ශන ඒජන්සියක නියෝජිතයින්. නිකං හිතන්න CDI නිලධාරීන් කියලා. අන්න ඒ වගේ සංවිධානයක නිලධාරීන්. ( එකවරම ඇගෙ සිනහමුසු මුහුණ එකවර අඳුරු විය )
කලබල වෙන්න එපා. අපි දෙන්නා ප්‍රශ්න
ඇතිකරන්න වත්, ප්‍රශ්නයක් ඔළුවට දාන්න
ආපු ගමනක් නෙමෙි.

**සර් ලා ඇයි මෙහෙ ආවෙ.. ? මො මො මොකක්ද ප්‍රශ්නය … ?

*නෑ ඉනෝකා නංගි කිසිම ප්‍රශ්නයක් නැහැ.
මොකද මෙි බයවෙලා. බයවෙන්න එපා. අපි කිව්වනෙ ප්‍රශ්නයක් ඇතිකරන්න ආපු ගමනක් නෙමෙි කියලා මෙික. ඉතින් කලබල වෙන්න එපා.

හරි… මෙි ෆෝන්එක අතට අරගෙන බලන්න මෙයාව අඳුරනවද කියලා. කියමින් මගෙ දුරකථනය ඇය වෙත දුන්නෙමි. එහි තිරය මත ඇත්තේ මාවන් , ඉනෝකා දෙපලගෙ මංගල්‍යය දවසේ සමීප ඡායාරූපයයි. ක්ෂණිකව ඇගෙන් මගේ දුරකථනය බිමට වැටුනි. සැණෙන් ඇය
නොදැනුවත්වම පුටුව මත වාඩිවිය. මොහොතකට සියල්ලෝම නිහඬ වූහ.
දුරකථනය ඇහිඳගත් දිව්‍යා එය මාහට
දුන්නාය. ශබ්දයකට ඇසුනේ අසල කාමරයේ ඇතුලතින් ඇසෙන පුංචි දියණියගේ සිඟිති සිනහව පමණි.

කෙටි නිහැඩියාව බිඳ දමමින් මා නැවත හඬ අවදි කෙරුවෙමි. මැඩම්.. මැඩම්..

**ඕ ඕ…

ඒ මැඩම්ගෙ හස්බන්ඩ් මාවන් නේද … ?
අපිට ඇත්ත කියන්න. මොකද දැන් කිසිම දෙයක් හංගලා තේරුමක් නැහැ.

**ඔවි සර්… මමයි , මගෙ දුවටයි අනාගතයෙදී හුඟක් කරදර වෙයි කියලා තමයි මම මෙි සමාජයෙන් හැංගිලා ඉන්නෙ.

කරදර අනතුරු කිව්වේ ෂෙල්ටන්, නොයෙල් , පැට්‍රික් කියන තුන්දෙනාගෙන් ද.?

**ඔව් සර්…

හ්ම්ම්… අවුරුදු හතරක් ගෙවිලා ගිහින්.
ෂෙල්ටන් , නොයෙල් දැන් ජීවතුන් අතර නැහැ.

**මොනවා…

ඔව් … අවුරුදු තුනකට කලින් ෂෙල්ටන්ව මරලාදාලා. ඊට පස්සේ මෙි මාස තුනකට කලින් නොයෙල්ව මරලා දාලා..

**උන් දෙන්නම නෙමෙි මහඑකා පැට්‍රික්වත් මැරෙන්න ඕන. උන් තුන්දෙනා ඒ තරම් අපරාධකාරයො.

හ්ම්ම්… ඒක ඇත්ත තමයි. ඒ අයගෙන් දෙන්නෙකු කැලෑ නීතියට අනුව දඬුවම්
දීලා තියනවා. තව ඉතුරු⁣ පැට්‍රික් තමයි.
එයා ගැන මම බලාගන්නම්. මම ඒගැන
මම සහතික වෙනවා වගේම. මෙි අපේ හමුවීමත්, හුවමාරු වුන අද්දැකීම් ටිකෙ
රහස්‍යභාවය අපි දෙන්නම රකිනවා කියලා
සහතික වෙනවා මැඩම්. දැන් අප දෙන්නට කියන්න එදා රෑ මොකද වුනේ. කොහොමද සුනාමියෙන් බේරුනෙ කියලා.

**හ්ම්ම්… ( දිග සුසුමක් හෙලමින් ඇය කතාවට මුලපිරුවාය ) එදා හොටෙල්එකට ඇවිත් මගෙ කාමරයට තට්ටුවක් දැම්මා. මම කවුද කියලා අහපුවා. “නංගි මම නොයෙල්. හදිස්සියක් ඉක්මනට දොර අරින්න” කිව්වා. මම ඉතින් දොර ඇරියහ ඊට පස්සේ මාවන් මල්ලිට කරදරයක් කියලා ඉක්මනට එන්න කිව්වා. මමත් ඉතින් ආපු ආවේගයට හොටෙල් එකෙන් එලියට ආවා. එහෙම ඇවිත් වාහනයට නගිනකොටම කවුරුහරි මගෙ ඔලුවට තදින්ම පාරක් ගැහැව්වා වගේ මතකයි. මම ආපසු හැරිලා බලනකොට පැට්‍රික්. එච්චරයි මට මතක. ආයෙ මට සිහිය එනකොට මම හිටියෙ ලොකු වතුර ගොඩක. ඒක නිකං ලොකු ගඟක් පිටාර ගලලා වගේ. කටට ආවෙ ලුණු රහක්. ඒකෙන් මම දැනගත්තා මෙි මුහුදු වතුර කියලා.වාසනාවකට මම හිටියෙ ලොකු කොටයක් උඩ. මට වෙච්ච දේ හිතාගන්න බැරිවුනා. එලිවෙලා බලනකොට කිසිම දෙයක් ඉතුරු⁣වෙලා තිබ්බෙ නැහැ. අඩුම තරමෙ මම ඉන්නෙ කොහෙද කියලවත්
දන්නෙ නැහැ. පස්සේ බෝට්ටු ටිකකින් නාවික හමුදාව ඇවිත් මාව අරගෙන ගියා.

ඉතින් ඔයා හොයලා බැලුවෙ නැද්ද මාවන්ට මොකද වුනේ කියලා.

**මාස තුනක් විතර මම අනාථ කඳවුරක හිටියා. මගෙ බඩට මාස හයක් වුනා. මම ඊට පස්සේ හොයලා බැලුවාම දැනගන්න
ලැබුනා මගෙ මහත්තයා අතුරුදහන් කියලා. මම ඊට පස්සේ වෙන කොහෙවත් යන්න උත්සාහ කරේ නැහැ. මොකද පැට්‍රික්
එක්ක ඉන්න කණ්ඩායමෙන් මට බේරුමක් නැති බව මම දැනගත්තා. මාවන් යන්න කලින් මට එයාගෙ සිහිවටනයක් මට දීලා ගියා. ඒ තමයි මගෙ මේ චූටි දුව. ඉතින් මට
කාගෙන්වත් මොකුත් එපා. මම පාඩුවෙ රහසේම දරුපැටියා හදාගෙන ජීවත් වෙනවා.

හ්ම්ම්… කතාව සරළයි වුනාට. කාරණය බරපතල් මැඩම්. මෙි ප්‍රශ්නය අපි නැවත හදමු නේද .. ?

**ඒ කිව්වෙ … ?

ඒ කිව්වෙ.. “මාළු පැටියෙක් ඉපදෙන්න ඕන ඉඩ තියෙන ජලාශයක මිස, කටෝර කාන්තාරයක නෙමෙි” හැබැයි කාගේ හෝ වුවමනාවකට ඒ මාළු පැටියා කටෝර කාන්තාරෙක කුඩා ක්ෂේම භූමියක තියන මඩ වගුරක ඉපදිලා දුක් විඳනවා. ඒක එහෙම වියයුතුයි කියලා අපි දෙන්නා නෙමෙි. මෙි ලෝකෙ හිත්පිත් තියෙන කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව මැඩම්.

**මට පැහැදිලි නැහැ සර්…

ඔව්… ඔයා මෙි ක්ෂේමභූමිය අතහරින්න කාලය හරි. ඔයාට ලොකු ජලාශයට යන්න කාලය හරි.

**ඒ කියන්නේ මම නැවත මගෙ දුව අරගෙන අර විකාර හෙන්ද්‍රික් වලව්වට යන්න කියලද… ?

ඔව්… ඒක විකාරයක් වෙලා තියෙන්නෙ. විකාර මිනිස්සු ඒකෙ ඇතුලෙ ඉන්න හන්දා මිසක. ඒ වලව්ව විකාර තැනක් නෙමෙි මැඩම්.

**අපිව මරන්න හදපු එවුන්ගෙන් තව එකෙක් ඉතිරියි. ඔයා හිතනවද අපිව අතාරියි කියලා.

මැඩම් එයාට තව වැඩි කාලයක් එලියෙ නටන්න අපි ඉඩ තියන්නෙ නැහැ. අපිට ටික කාලයක් තව යනවා ඒකට. එතකම් ඔය ඉන්න විදිහටම ඉන්න බලන්න. මොකද ඔය දේපල වල සැබෑ උරුමකම් කියන්න ඉන්නෙ මෙි දරුවා. ඒක එයාගෙ හිමිකමක් මැඩම්. ඒක ඔයාටවත් නැති කරන්න අයිතියක් නැහැ.

**ඔව් ඒක මම පිලිගන්නවා සර්. එතකොට පපාට මොකකද වුනේ.. ?

මිස්ටර් රිචඩ් තරමක සුවෙන් ඉන්නවා. දැන් කතා කරන්න පුළුවන් හොඳට.

**ඇයි පපාට මොකද උනේ සර්… ?

මිස්ටර් මාවන් අතුරුදන් වුනා කියලා කණට වැටුනට පස්සේ ඒ ෂොක් එකට පූර්ණ අංශබාගෙ හැදුනා කියලා තමයි මට කැරොලින් මැඩම් කිව්වෙ. මාස තුන හතරකට පස්සේ කැනඩාවෙන් ලංකාවට ගෙනැල්ලා. පස්සේ මහරගම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර නරාට පස්සේ දැන් කතාබහ කරලා ඉන්න පුළුවන්. තවම ඇවිදින්න බැහැ.

**හ්ම්ම්… එහෙමද පව් පපා. එතකොට කැරොලින් අක්කා සනීපෙන් ඉන්නවා නේද.. ?

ඔව් . වරදක් නැහැ. එයා තමයි තේ වතුයායේ පාලනය කරගෙන යන්නේ. මම එතන සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩ කරනවා එච්චරයි. ඉතින් මැඩම්ට අහිමිවුන සේරම අපි නැවත ලබාදෙනවා. ඒක කියන්න තමයි අපි දෙන්නා මෙි කඩිමුඩියේ ආවෙ. මෙි කාන්චනා මිස් අපේ කෙනෙක්. මොනවාහරි ප්‍රශ්නයක් වුනොත් මෙයාට කතා කරලා කියන්න. ඊට පස්සේ අපි ඉතුරු⁣ටික බලාගන්නම්. මැඩම් කැමතියි නේද අපේ යෝජනාවට.

**මට මගෙ මහත්තයා නැතුව මෙි මොනවා තිබ්බත් වැඩක් නැහැ.

ඔව් ඒක ඇත්ත. නමුත් අපි බලමු නේද.. ? මම නැවත එන්නෙ මෙි ප්‍රශ්න ටික විසඳලා එතකම් ඔය මැඩම් මෙි හිටියා වගේ ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න ඕන.

**හ්ම්ම්… හරි. මම පොරොන්දු වෙන්නම් සර්.

නියමයි .. නියම කෙල්ලෙක් නෙ ඔයා. එහෙනම් අපි ගිහින් එන්නම්. මිස් කාන්චනා.

*සර්..

මැඩම්ට කතා කරලා එන්න. මම වාහනයේ ඉන්නම්.

*හොඳයි සර්…

**සර් මොකුත් බිව්වෙත් නැහැ.

නෑ … ඒකට කමක් නැහැ. අපි ආයෙ එන්නෙ බොන්න බලාගෙන හොඳ ද.. ?
( මදක් සිනාසෙමින් ) හරි.. මම වාහනයේ ඉන්නම්.

**හොඳයි සර්…

මිනිත්තු දහයකට පසු දිව්‍යා වාහනයට ගොඩවිය.

*යමු එහෙනම්.

නැවත හමුවෙමු …


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 11  [24 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now