නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 34
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
34 වන දිගහැරුම
( පැට්‍රික්ගෙ කුලී නිවස )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
බොහොම ස්තූතියි හැමදේකටම.
හ්ම්ම්… ඒක සුළු දෙයක්. කොහොම වුනත් ඔය පැච්වේරා කතාව මම හුඟාක් කලින් කියවපු නව කතාවක්. ඒක නියම පරිවර්තක කතාවක්.
හ්ම්ම්… යමු යමු …
මෙතැන්සිට ….
නියෝජිතයින් දෙදෙනා ලැඟුම්ගෙන සිටින වාසස්ථානයට ආ අපි මද වෙලාවක් මෙහෙයුම ගැන කතා කරන්නට අමතක නොකලෙමු.
*සර් අපේ ප්‍රශ්න කීපයකට පාහේ උත්තර ලැබුනා මම හිතන්නේ.
ඔව් නියෝජිත ජනිත්. නමුත් දැන් තමයි අපිට ගේම්එකට එන්ටර් වුනේ. අපි පුළුවන් තරම් ඉක්මනට පැට්රික් ඉන්න තැන හොයාගන්න ඕන.
**සර් අපි ඊයේ රෑ තැන බලාගත්තනෙ.
අපිට දැන් වුනත් ගිහින් බලන්න පුළුවන්.
ඔව් .. හුන්නස්ගිරිය කිව්වා නේද… ? අපි දැන්ම යමු.
*යමු සර්…
තිදෙනාම යතුරුපැදි දෙකට නැග වේගයෙන් හුන්නස්ගිරිය බලා පිටත් වූයෙමු. මිනිත්තු හතලිස් පහකට පසු අප එෆ්ටූ හෙවත් පැට්රික් වාසය කරන නිවස ආසන්නයට ගොස් නතර වූයෙමු.
*සර් මෙතන තමයි පොට්එක..
මහත්වරුනි ඒ පැත්ත දිහා බලන්නවත් එපා. අපි සෙල්ෆි ගහන මුවාවෙන් පුළුවන් තරම් ලංකරලා ෆොටෝ කීපයක් ගමු.
**හොඳයි සර්…
ඡායාරූප කීපයක් අරගත් අපි දේශීය සංචාරකයින් මෙන් හැසිරි. එතනින් ඉවත්ව ගියෙමු. මගදී නැවතී කෙටි කතාබහකට මුලපිරුවෙමු.
*සර් අපි දැන් මොකද කරන්න ඕන.
ඔව්… හොඳ ප්‍රශ්නයක්. මෑන් නැවතිලා
ඉන්න මෙි ගෙදර තියෙන්නෙ පාරට හුඟක්
උඩින්. ඒක හොඳ බුද්ධිමත් තීරණයක්.
මොකද ඉහල ඉඳලා පහල බලපුවාම සේරම පේනවා. ඒ හන්දා මෑන්ගෙ ඇහැ වහලා ඒකට ඇතුල්වෙනවා කියන්නේ ටිකක් දුෂ්කර ක්‍රියාවක්. ඒත් අපිට මෑන්ගෙ තැනට රහසේම ඇතුල්වෙන්නම වෙනවා. බොහෝදුරට ඔය ලැප්ටොප් එක තියෙන්න පුළුවන්. අපි ඒක හැක් කරලා වීඩියෝ ටික විනාශ කරන්න ඕන. ඒකත් මෑන්ට සැක හිතෙන්නෙ නැතිවෙන්න.
*ඒකට කරන්න තියෙන්නෙ අපි ටික ඈත ඉඳලා හරි මෑන් එලියට යන වෙලාවක් බලාගෙන ඉඳලා ගෙට ඇතුල්වෙන එක තමයි.
ඔව් ඔය දෙන්නා හෙට දවසම මෙතන ඉඳලා බලන්න මෑන් යන එන වෙලාව. අනිද්දා අපි තුන්දෙනාම ගේමට බහිමු. මම ඒක කරන විදිහ මෙි වනවිට සැළසුම් කරලා ඉවරයි.
**ඈහ් සර් මෙි වෙද්දී සැළසුම් කරලත් ඉවරයි ද .. ?
*නියෝජිත සුභාෂ්. මම මගේ මෙි ගෙවාදාපු සේවාකාලයට දැක්ක විශ්වාස කරන්නම
බැරි විමර්ශන නිලධාරියා තමයි මෙි අපේ
මාධව සර්. කරන්නේ එකක් , කතා කර කර කරන්නෙ තව එකක් , හැබැයි එවෙලේම හිතන්නේ වෙන එකක්. ගඩොල් කැටයක් පෙන්නලා ඇහුවොත් හදපු එකාගෙ අධ්‍යාපන මට්ටම පවා කියයි.
හහ් හහ් හා… නියෝජිත ජනිත් ඇති ඇති වර්ණනා කරා. අපි දැන් යමු. ඔය දෙන්නා
හෙට දවසම මෙතන ඉඳලා මෑන්ට සැක
නොහිතෙන විදිහට චර්යාව නිරීක්ෂණය කරලා මට හවස තත්ව වාර්තාවක් දෙන්න
*හරි සර්…
හ්ම්ම්… මහත්වරුනි. අපි යමු එහෙනම්.
නැවත මා නවාතැනට එනවිට මධ්‍යහ්න දොළහට ආසන්න වී තිබුණි.
*********************
සෝපා සැටියේ වාඩිවූ මා ගිමන්හරින විට
දුරකථන ඇමතුමක් ආවෙ කැරොලින් මැඩම්ගෙන්ය.
දු.ක - මහත්තයෝ දැන් නේද ආවෙ.
හ්ම්ම්…
දු.ක - මහන්සියිද … ?
ටිකක් විතර.
දු.ක - මම ඇහැව්වට කමක් නැද්ද මොකද වුනේ කියලා.
හ්ම්ම්… මම දෙන්නෙක් හොයාගත්තා. බලමු නේද මට නිවාඩුවක් දාන්න ඕන දවස් දෙකක් තුනක් විතර.
දු.ක - ඉතින් ඔයා ගන්න. මම වැඩටික බලාගන්නම්. ඔයා ඕන තැනක යන්න.
මට කලින් දවසෙ කියලා යන්න. එතකොට මම ඔෆීස් එකට එන්නම්. මාස දෙක තුනක් දිව්වෙ සුපර්වයිසර් කෙනෙක් නැතුව. ඉතින් ඒ හන්දා ලොකු අවුලක් නැහැ.
හ්ම්ම්… හරි මම තියන්නම්. මම අනිද්දා ඉඳලා දවස් දෙකක් නැහැ. හා… තව දෙයක් මිස්ටර් රිචඩ්ගෙ වාර්ෂික සායනය කවද්ද තියෙන්නෙ… ?
දු.ක - වාර්ෂික සායනය … ? හා.. හරි. පපාගෙ මම බලන්නම්. දිනේ චෙක් කරලා කියන්නම්. ඒක මොකටද ඔයාට.
හරි.. එදාට කවුරු එක්කද යන්නෙ… ?
දු.ක - අපේ ෆැක්ටරි වෑන් එකක යනවා. පපායි , ඩ්‍රයිවරුයි තව.. ජෝෂප් අංකල් යනවා. ඇයි ඒ.. ?
එච්චරයි ද .. ?
දු.ක - ඇයි ඒ…
හර.. තව කෙනෙක් එදාට යවන්න ඕන. මම
ගැමුණු ලෑස්ති කරලා දෙන්නම්. එයාවත් යවමු එදාට.
දු.ක - හරි… ඒත් ඇයි මහත්තයෝ.
ඒකට උත්තර මෙිකෙ දෙන්න බැහැ පුළුවන් නම් හවස මාව හමුවෙන්න. මට තේරෙන ටික මම ඔයාට කියන්නම්.
දු.ක - හා.. අනිවාර්යයෙන්ම. එන්නම්
හ්ම්ම්… මම තියෙන්නම් පරිස්සමෙන් ඉන්න.
දු.ක - ඔයත් පරිස්සමෙන් ඉන්න.
ඇමතුම විසන්ධි විය. දුරකථනය ස්ටූල්
එක මත තබන සැනෙන් නැවත නාද විය.
හෙලෝ…
දු.ක - හා මාධව සර්… කොහොමද.. ?
හා.. මෙි දිව්‍යා භාරතී නේද .. ? ඉතින් ඉතින්.
දු.ක - ඉන්නවා ඉතින්. අවුලක් නැහැ. ඒක නෙමෙි. මම අර හයදෙනා ගැන හොයලා බැලුවා.
හ්ම්ම්… ඉතින්… ?
දු.ක - එතනින් නාරම්මල තැනක ඉන්නවා ඉනෝකා කෙනෙක්. එයාව මම යාළු කරගෙන ඉන්නෙ. එයාට ඉන්නවා අවුරුදු තුනහමාරක විතර දුවෙක්. එයාගෙ නම නිකේෂලා පීරිස්.
එතකොට මහත්තයා.. ?
දු.ක - මහත්තයා නැහැ. මෙයා ලොකු එළවලු කඩයක් කරගෙන පාඩුවෙ ජීවත් වෙනවා.
නියමයි කෙල්ලෙ. ෂේප්එකේ ඒ දුවගෙ උප්පැන්න සහතිකය ගන්න බලන්න. ඊට පස්සේ අපිට තහවුරු කරගන්න පුළුවන්. දැනට ඔයා කියපු දේවල් සීයයට හැත්තෑවක් විතර මගෙ ඉලක්කය එක්ක ගැලපෙනවා.
දු.ක - එහෙමද .. ? අනේ දැන්වත් මට කියනවද මොකක්ද ඔය කතාව. ඇයි මෙි ගෑනු කෙනෙක් පස්සේ එච්චර පන්නන්නෙ කියලා.
හොඳයි මම කෙටියෙන් කියන්නම්. මෙන්න
මෙහෙමයි. මගෙ මිෂන්එක. (මෙතෙක් කතාව මා ඉතාම කෙටියෙන් විස්තර කෙරුවෙමි )
දු.ක - මෙික අමුතු කේස් එකක් නෙ. එතකොට ඔය මාවන් ජීවතුන් අතරද.. ?
ඔව් කෙල්ලෙ. අද උදේ වරුවෙ ඇවිදලා මම මෑන්ව හොයාගත්තා. ඉතින් මෑන් තමයි නොයෙල්ව මරලා තියෙන්නෙ. හැබැයි
ෂෙල්ටන්ගෙ මරණයට වගකිවයුත්තෙක්
තවම අපිට හොයාගන්න බැරිවුණා.මොකද මම අනුමාන කරේ ඒකත් මෙි මාවන්ගෙ වැඩක් කියලා. නමුත් එයා ඒකෙ වගකීම බාරගත්තෙ නැහැ. එතකොට මට හොයාගන්න වෙනවා. ෂෙල්ටන් මැරුවෙ කවුද කියලා.
දු.ක - මෑන්ගෙ පලිගැනීම සාධාරණයි නේද.
එයාගෙ පැත්තෙ ඉඳලා බැලුවොත්. එතකොට ෂෙල්ටන්ගෙ සීන්එක වෙනම එකක් වගේ නේද ?
ඔව්… මාවන්ගෙ පැත්තෙන් බලපුවාම ඒක සාධාරණයි. ඉතින් මම කල්පනා කරේ මෑන්ව නැවත තමන්ගෙ පරණ ජීවිතයට හුරුකරන්න. මොකද මෑන් දන්නෙ නැහැ ඉනෝකා ජීවතුන් අතර කියලා. අපි ඒකෙ නිවැරදි බව හරියටම තහවුරු කරගන්න ඕන. එතකොට ෂෙල්ටන්ව මැරුවෙ කවුද කියලා හොයන්න වෙනවා. හොඳයි ඒකත් බලමුකො.
දු.ක - ඒකනම් මාධව මහත්තයෝ පට්ට වැඩක්. එතකොට ඔය කැරොලින් ඔයාට බොක්කෙන්ම ලව්ද … ?
මම හිතන්නේ ඔව්..
දු.ක - එතකොට ඔයා…
පිස්සුද ඔයාට. අපිට ඒ දේවල් අකපැයි නෙ.
දු.ක - ඒක මම දන්නවා. හරි හරි කමක් නැහැ. මට දවස් තුනක් දෙන්න මම හොයාගන්නම් තාත්තා කවුද කියලා.
නියමයි…
දු .ක - හැබැයි රජෝ මාව ඕස්ට්‍රේලියාවට එක්කගෙන යන්න ඕන. මතකනෙ පොරොන්දුව.
හරි හරි කෙල්ලෙ. මම එහෙනම් තියනවා. හරිම මහන්සියි.
දු.ක - හ්ම්ම්… පරිස්සමෙන්.
ඇමතුම විසන්ධි විය. හ්ම්ම්… මාධව. එහෙනම් මගෙ සැකය හරි. ඉනෝකා ජීවතුන් අතර. කාල වකවානු එක්ක සංසන්දනය කරාම දරුවගෙ වයසයි, සුනාමිය ආපු කාලයයි සංසන්දනය කරාම හරියටම ගැලපෙනවා. හ්ම්ම්… අපි බලමුකො.
*සර් කෑම ගෙනාවා…
එන්න ගැමුණු ඇතුලට. ඔය කෑම එක තියන්න.
*මොකද සර් ගිය වැඩෙි.
අති සාර්ථකයි යාළුවා. අති සාර්ථකයි.
*නියමයි සර්. පැට්රික් ඉන්න තැන හොයාගත්තද … ?
ඔව්… ඒ විතරක් නෙමෙ. මිස්ටර් මාවන් හමුවෙලා කතාබස් කරලත් ආවෙ.
*මො මො මොකක් … ? මාවන් හමුවුනා.. ?
ඔව් … මාවන් හමුවුනා. අපි පල්සර් උපාලිව ක්ෂණිකව ඇරෙස්ට් කරා. මෑන්ගෙ මාර්ගයෙන් තෙල්දෙණිය පොට් එකට ඇතුල් වුනා. මිස්ටර් මාවන් රැවුල වගේම කොණ්ඩය වවාගෙන හිටියා ඇතුලේ. මම සුහදව කතා බහ කරලා සාමාන්‍ය වුනාට පස්සේ දෙන්නගෙම හෑන්ඩ්කප් ගලවලා සාමාන්‍ය විදිහට අදහස් හුවමාරු කරා. ප්‍රශ්නයක් නැහැ.
*එතකොට සර් මෑන්ට මොකද වෙලා තියෙන්නෙ.
ෂෙල්ටන් , නොයෙල් , පැට්රික්. තුන්දෙනා එකතුවෙලා මාවන් වගේම මාවන්ගෙ වයිෆ් මරන්න ට්‍රයි කරලා. දෙන්නම සිහිනැති කරලා අතපය ගැටගහලා, පස්සේ වෑන් එකක දාලා , ඒ වෑන් එකට ටයිම් බෝම්බයක් සෙට් කරලා උණවටුන හරියේ බීච් එකක නවත්තලා ගිහින්. කොහොමහරි බෝම්බය පුපුරන්න කලින් මාවන්ට සිහිය ආවත් ඉනෝකව සිහිය නැතුව ඉන්න වයිෆ්ව බේරගන්න ටයිම් මදිවෙලා. එතකොටම තමයි සුනාමි රළ ඇවිත් තියෙන්නෙ. මාවන් උඩ පොල් ගහක රැඳිලා. වෑන්එක වතුරට ගහගෙන යන අතරෙ පුපුරලා තියනවා. එච්චරයි.
*ඒකට පලිගැනීමක් විදිහට තමයි ෂෙල්ටන් වගේම නොයෙල් වත් මරලා තියෙන්නෙ.
සැබවින්ම ඔව් යාළුවා. අපි වැඩි විස්තර අපි හවස දුවනකොට කතා කරමු. ඔයා දැන් යන්න. මොකද සයිමන් අංකල්ට සැක හිතෙන්න පුළුවන් වගේම තව ටික වෙලාවකින් කැරොලින් මැඩම් එනවා මාව හමුවෙන්න.
*හොඳයි සර්. මම යන්නම්.
දිවා ආහාරයෙන් හෝරාවකට පසු කියූ පරිදිම කැරොලින් මහත්මිය මා හමුවට ආවාය.
*ඉතින් මහත්තයෝ.
වාඩිවෙන්න.. මට වැඩිවෙලා ඉන්න බැහැ.
ඉතින් කියන්නකෝ.
කැරොලිනා.. මෙහෙම හිතලා බලන්න.
මාවන්ව සුනාමියට මැරිලා නැහැ. එයාව
කවුරුහරි මරලා දාලා තියෙන්නෙ. දෙවනුව
ෂෙල්ටන් මැරුවා. තුන්වනුව නොයෙල් මැරුවා. එතකොට මෙතනදී මට පේන විදිහට මෙික පවුලේ අය මරන්න කවුරු හරි කරන කුමන්ත්‍රණකාරි වැඩපිලිවෙලක් කියලා මතුපිටින් බලන ඕනම කෙනෙකුට පේනවා. ඒකට මෙි රහස් පොලීසියෙ කෙනෙක් වෙන්නම ඕන නැහැ.
*කෙවින් කියන්නේ නොයෙල් හැර අනිත්
සේරම මිනීමැරුම් කරේ එක්කෙනෙක් ගෙ
වුවමනාවට කියලද .. ?
ඔව්… එහෙම වෙන්න බැරිද … ? එතකොට ෂෙල්ටන්ව මැරුවෙ කවුද …. ? නොයෙල්ව මැරුවෙ පලිගන්න කිව්වනෙ ඔයා. ඒත් මට කිව්වෙ නැහැ නෙ කාගෙ වුවමනාවකටද කියලා. ඔයා මට කලින් කිව්වෙ හුදෙක් ඔයාගෙම වුවමනාවට නෙමෙි කියලා.
*ඔව් මහත්තයෝ.. ඒක මට වාසිදායක වුනාට මට වඩා වාසිදායක කෙනෙක් ඉන්නවා. හැබැයි එයාව මට විශ්වාසයි සීයට දාහක්. එයා කවුද කියලා ම වෙලාව ආපුවාම කියන්නම් මහත්තයෝ.
හ්ම්ම්… ඒකත් එහෙමද.. ? ( ඔය කියන්නේ මාවන් ගැන නේද ) හරි.. අපි ඒකත් හරි කියමුකො. නමුත් මෙතන තියෙන ප්රශ්නය ලිස්ට් එකේ ඊලඟ ඉන්නෙ පැට්රික් මම හරි නේද… ?
*ඔව් කෙවින්.
හොඳයි.. මිස්ටර් පැට්රික් නැත්නම් ඊලඟට ඉන්නෙ මිස්ටර් රිචඩ් නේද… ? එහෙම
පලිගැනීමක් නම් මෙික.
*ඔව් කෙවින්…
හ්ම්ම්… කට්ටියක් පැට්රික්ව ඉවරකරලා දාන්න සැළසුම් කරනවා නම්, ෂෙල්ටන්ව ඉවරයක් කරපු මෑන් නිකං ඉඳියි කියලා විශ්වාස කරනවද … ? මම ඒකයි කියන්නේ මිස්ටර් රිචඩ්ව තනියම යවන එක අවදානම් කියලා.
*ඔව් මට තේරෙනවා කෙවින්. ඒත් කවුද
එහෙම දෙයක් කරන්න සැළසුම් කරන්නෙ.
පැට්රික් කරනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. එයා ලංකාවෙ ඉන්නවා නම්, ඒත්
එයත් දැන් ඉන්නෙ කැනඩාවෙ නෙ.
එතකොට ෂෙල්ටන් මරනකොට පැට්රික් හිටියෙ කැනඩාවෙ නෙමෙි උගන්ඩාවෙද ..?
*කෙවින්…
ඇයි මැඩම්..
*මම කියන්නම් ඔයාට. මාවන් මල්ලි සුනාමියට ගියා නෙමෙි. එහෙම යන්න කලින් පැට්රික් , ෂෙල්ටන් , නොයෙල් යන තුන්දෙනාම එකතුවෙලා තමයි මාවන් මල්ලි වයි , නංගියි මරලා දාලා තියෙන්නෙ.
අම්මපා … ඔයා කොහොමද එහෙම කරන්න ඇති කියලා ෂුවර් කරලම කියන්නේ.
*පැට්රික් පාටි එකකට ගිහින් ඇවිත් වෙරි මතෙන් එකම එක වතාවක් මට දොඩවනවා ඇහුණා. ( මාවන් කිව්වා කියලා මෙයා තවමත් කියන්න ලෑස්ති නැහැ. හොඳ පක්ෂපාතී බවක් තියනවා. හොඳයි බොහොම හොඳයි )
හ්ම්ම්… එහෙව් කරපු මිනිහා ඉතින් ෂෙල්ටන්වත් මැරුවා වෙන්න බැරි නැහැ.
එයාව ඉවරකරලා. මිස්ටර් රිචඩ්ව ඊලඟට
යවන්න ඉන්නවා බැරිද … ?
*පපා කියන්නේ පැට්රික් ගෙ තාත්තා නෙ
කෙවින්.
එතකොට ෂෙල්ටන් , මාවන් කියන්නේ ඔටුවොද කැරොලිනා.
*ඒකත් ඇත්ත තමයි නේද කෙවින්. මෙච්චර තිරිසන් වැඩ කරපු මිනිහෙක්ට තමන්ගෙ තාත්තව මරනවා කියනඑක අපිට මහලොකු දෙයක් වුනාට , එයාට සුළු දෙයක් වෙන්න ඕන.
හ්ම්ම්… ඒකනෙ. අපි ගැමුණු මල්ලිව යවමු
වෑන්එකේ. මොකද තනියට ජෝෂප් අංකල් ගියාට , එයාලගෙ කාලය දැන් ඉවරයි. මම
අදහස් කරේ සවි ශක්තිය අතින් එයා දුර්වලයි. ගැමුණු වගේ තරුණ ජවය එයාගෙ ආරක්ෂාවට හොඳයි.
*ඒ වුනාට මට ඒ අය විශ්වාස නැහැ කෙවින්.
එහෙම බැලුවොත් කවුද අපිට විශ්වාස කරන්න පුළුවන් අය ඉන්නෙ… ? මම කියනදේ අහලා ගැමුණු වත් යවන්න මිස්ටර් රිචඩ් එක්ක. ඒ වගේම මට දැනගන්න දෙයක් තියනවා ඔයාගෙන්
*ඒ මොකක්ද … ?
ඔය අවුරුද්දකට වතාවක් යන්න තියෙන සායනයෙදී මොකක්හරි එන්නතක් සර්ට
විදිනවද … ?
*නැහැ. එහෙම නැහැ කෙවින්.
නෑ නෑ හොඳට මතක් කරලා බලන්න.
*හ්ම්ම්… එහෙම නැහැ කෙවින්.
ඔයාට හොඳටම ෂුවර් ද … ?
*ෂුවර් කියලා කියන්න්න්න.. බැහැ. නමුත්
මට මතක හැටියට එහෙම එන්නත් එකක් විදින්නෙ නැහැ.
ඒ ඔයාට මතක හැටියටනෙ. සමහරවිට ඔයා දන්නෙ නැද්ද , දන්නෙ නැහැ නෙ.. මොකද ඔයා මට ෂුවර් කරලා කියන්නේ නැහැ කියන්නේ ඔයාටත් එහෙම හරිහැටි මතකයක් නැහැ කියනඑක මිසක , ඒක ඇත්ත කියන එක නෙමෙි නේද … ?
*ඇයි කෙවින් එකම ප්රශ්නය මගෙන් එච්චර හාරඅවුස්සලා අහන්නෙ .. ?
එහෙම අහන්නෙ ඒක ඒ තරම්ම බරපතල්
ප්‍රශ්නයක් හන්දා කැරොලිනා. ඒ වගේම කවුද සර්ව බලන ඩොක්ටර් කියලත් මට දැනගන්න ඕන.
*ඉන්න … මම පපාගෙන් දැන්ම අහලා කියන්නම්.
******
*හෙලෝ පපා.. පපා මහරගම හොස්පිටල්
එකට ගියාම ඉන්ජෙක්ෂන් එකක් ඔයාට ගහනවද.. ? ඔව් ඔව් ඇනුවලි ක්ලීනික් එක තමයි. ඔව්.. ගහනවද … ? එකයිද ගහන්නේ .. ? හා හරි. නෑ නෑ මිස්ටර් කෙවින් තමයි අහන්නෙ. එතකොට කවුද ඩොක්ටර්… ? මහේෂ් මානවඩු. හා .. හරි නෑ පපා මෙි පාර මිස්ටර් කෙවින්ට ඕනලු අර අළුතෙන් ආපු ගැමුණුවත් පපා එක්ක වාහනේ දාලා යවන්න. නෑ ඉතින් ජෝෂප් අංකල්ටත් දැන් වාරු කරන්න අමාරු හන්දා. ඒකයි.. ඔව් කමක් නෑ නේද.. ? ඔව්.. හරි මම කියන්නම්. ඔව් ඉතින් ඒකනම් ඇත්ත තමයි. හා හරි.. හර හරි. තියන්නම්. කෙටි පිලිසඳර නිමාකල ඈ ඇමතුම විසන්ධි කර ඈ මාදෙස බලා තම මෘදු දෙතොල් වලින් මද සිනවක් පෑවාය.
මොකද කැරොලිනා.
*ඇයි…
නෑ නිකං අමුතු හිනාවක් දැම්මෙ .. ?
*නෑ කෙවින් .. පපා කියනවා. මෙච්චර කාලයකට තමන්ගෙ පුතෙක්වත් ඔච්චර
උනන්දු වුනෙ නැතිලු පපාගෙ ආරක්ෂාව ගැන.
හ්ම්ම්… එහෙමද … ? දරුවො හදනකොට අධ්‍යාපනය විතරක් දීලා මදි. ගුණධර්මත් කියලා දෙන්න ඕන. ඒරගැන කතා කරලා වැඩක් නැහැ . ඉතින් එතකොට අර ඉන්ජෙක්ෂන් එක ගැන මොකද කිව්වෙ.
*හා මට අමතක වෙන්න ගියේ. ඔව් අවුරුද්දකට සැරයක් එකක් උරපත්තට විදිනවලු.
හ්ම්ම්… ඒකනෙ ඉතින්.
*දැන් කියන්නකො මගෙ මහත්තයෝ. ඇයි
ඒක එච්චර වැදගත් කියලා.
ඒක මම හරි වෙලාව ආපුවහම කියන්නම්.
තවම ඒකට කල් තියනවා. ඒ වගේම මිස්ටර් පැට්රික්ට ඉන්ජෙක්ෂන් ගහන්න තරම් පාලන ලෙඩක් තියනවද … ?
*නැහැ කෙවින්. මම දන්න තරමින් නැහැ.
එතකොට ඔයා කියන්නේ පැට්රික් ඇත්තටම කැනඩාවෙ නෙමෙි ඉන්නෙ කියලද .. ?
නෑ… මම විශ්වාස කරනවා පැට්‍රික්ගෙ ගෝලයෙක් හරි මෙි වැඩටික කරගෙන යනවා කියලා .
*ගෝලයෙක්… ?
ඔවි සල්ලි වලට මොනවද කරන්න බැරි කැරොලිනා. අපි දෙන්නා ඉදිරියට කරන වැඩ වලට මිනිස්සු ගන්නෙත් සල්ලි වලට නේද .. ? ඉතින් එහෙව් එකේ මෙික මෙි විදිහට වෙන්න බැරිද … ? අපි මෙි හැමදෙයක්ම බුද්ධිමත් විදිහට හිතන්න ඕන මීට වඩා.
*ඇත්තටම ඔයා මොකක්හරි එකක වැඩ කරලා තියනවා.
මොනවගේ එකකද … ?
*ඔයා පොලීසියෙ වැඩ කරලා තියනවද ..?
ඇයි ඔයා මගෙ පුද්ගලික විස්තර ෆයිල් එක බැලුවෙ නැද්ද… ? එකේ තියනවා නේද මගෙ තාත්තා පොලිස් නිලධාරියෙක් කියලා.
*නැහැ නෙ මම ඒක දැක්කෙ නැහැ.
හ්ම්ම්… ඒකට කමක් නැහැ. සමහරවිට තාත්තගෙ විචාරන බුද්ධිය මටත් පිහිටලා
තියෙන හන්දා වෙන්න ඇති මම දෙයක් ගැන සාමාන්‍ය විදිහට හිතන්නේ නැත්තෙ. හරි ඒකට කමක් නැහැ. හරි හරි… මම වෙලාව ආපුවහම සේරම කියන්නම්. දැනට ඒගැන ප්‍රශ්න අහන්න එපා මගෙන් හොඳ ද … ? දැන් යන්න ගෙදර ලැජ්ජා නැද්ද පිරිමි ළමයෙක් එක්ක ගෙයක් ඇතුලෙ තනි පංකලමෙ ඉන්න.
*අපෝ මෙයාගෙ සැර. යනවා තමයි ඉතින්.
එහෙනම් මගෙ මහත්තයෝ පරිස්සමෙන්
ඉන්න.
ඔයත් පරිස්සමෙන් ඉන්න. අපි මෙික බේරුමක් කරගන්න බලමු හොඳ ද … ?
*හොඳයි … මම යන්නම්.
හ්ම්ම්…
ඇය ගිය පසු මම නැවත කල්පනා කරන්නට වූයේ පැට්රික්ට එන්නතක් විදින්න තරම් ලෙඩක් නැත්නම් නියත වශයෙන්ම ඊලඟ වතාවෙ එම කුලී නිවස සෝදිසි කිරීමෙිදී යම් එන්නත් පිරවුම් කුප්පියක් මට සොයාගැනීමට හැකි වුනොත් මගෙ අනුමානය සීයයට සීයයක් තහවුරුයි.
හොඳයි මාධව අපි ඒකත් සනාථ කරගමු. ඒ සනාථ කිරීම හෝ නොවීම මත තමයි මගෙ ඊලඟ සැළසුම තීරණය වෙන්නෙ.
කොහොම වුනත් මෙි කේස්එක ඉටියෙන් හරි , මැටියෙන් හරි , එහෙමත් බැරි වුනොත් කළුගලෙන් හරි පූසව අඹලා ඉවරයක් කරලා දානවා. එතකොට මට මහගහැරුනෙ කවුද ? හ්ම්ම්.. මෙහෙකාර ජෝෂප් මට ටික කාලයකට මගහැරුනා වගේ කියලා මට හැඟෙනවා. මොකද මෑන්ටත් බලවත් අසාධාරණයක් වෙලා තියනවා සයිමන් මාමගෙ තොරතුරු වලට අනුව. බාග වෙලාවට පැට්රික් තනිවෙනකම් ජෝෂප් මාමා ඉවසාගෙන ඒ දෙස බලාගෙන ඉන්නවා වෙන්නත් බැරි නැහැ සිංහයා කොච්චර දඩයක් කාරයෙක් වුනත්, ඌ තනිවුනාම වටෙි ඉන්න වෘකයෝ මාන බලනවා ඌව ඩැහැගන්න. ඒක තමයි සමහර ආක්‍රමණිකයන්ගෙ ස්භාවය.
එහෙම කණ්ඩායමක් මෙතන නිර්මාණය
කරලා හෝ මාවන් වත් , කැරොලින් මහත්මිය වත් නොදැනුවත්වම නිර්මාණය වෙලා තියෙන්නත් බැහැ. මොකද ඒකටත් තියෙන ඉඩකඩ බොහොමයි. කොහොම වුනත් පැට්‍රික්ගෙ මරණය “නීත්‍යානුකූල ඝාතනයක්” කරන්න මා වහාම සුමට සැළසුමක් හදන්න ඕන. හොඳයි මාධව ඒක අපි හදමු. ඒ සැළසුම තමයි විශිෂ්ඨතම කුමන්ත්‍රණ වෙන්න ඕන මෙි කේස්එකේ අවසන් ජවනිකාවෙ.
නැවත හමුවෙමු …….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023