නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 05
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
05 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
..........................................................
වෘත්තීය මට්ටමින් මා අප ඒකක සහෝදර නියෝජිතයින් සමඟ විෂයට අදාල දේවල් නිතර නිතර සාකච්ඡා කිරීමෙි ප්‍රතිඵලයක් ලෙස , දැන් සාමාන්‍ය සිවිල් ජනයා සමග විවිධ දේ ගැන කතාබස් කිරීමට මා හට නොදැනීම අලස බවක් දැනෙයි.
මෙතැන් සිට….
දහවල වන විට තේදළු නෙළන කණ්ඩායම් නිසි අයුරින් තම කටයුතු සිදුකරනවාද යන්න සොයාබලා ඉන්පසු නැවත මා කාර්යාලයට
විත් අසුනෙ වාඩිවන විට නැවතත් මා හමුවට පැමිණියේ ජගත්ට මට වඩා අවුරුදු පහකට පමණ වැඩිමහල් පෙනුමක් ඔහුට තිබුණද ඊට වඩා වයසින් වැඩි ඇති යැයි මට සිතේ.
එන්න ජගත් මහත්තයා… වාඩිවෙන්න.
*ඕන නෑ සර්…
වාඩිවෙන්න ඇවිත්.
*තෑන්ක් යූ සර්…
මම දන්නා විදිහට මෙතන තියෙන තොග ලැයිස්තුව පරික්ෂා කරා. එහෙම ලොකු අවුලක් නම් මට පේන්න නැහැ.
*ඔව් නේද… සර්.
හ්ම්ම්ම්ම්.. ඉතින් කලින් හිටපු මහත්තයා කොහොමද මෙතන කරගෙන ගියේ්.. ?
*සර්.. එයා වැඩිය කාටවත් ම හිතවත් නැහැ. මැඩම්ට විතරයි හිතවත්. මෙි සර් කතා කරනවා වගේ සුහදශීලි නැහැ.
ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නෙ නේද ජගත් මහත්තයා.
*ඔව් සර්…. ඒ වුණාට මම සර්ට දෙයක් කියන්නද ..? (වටපිට බලමින් )
කියන්න …. ඕනම දෙයක් කියන්න ජගත් මහත්තයා.
*සර් මාව වරදවා හිතන්න එපා. සර් මෙතනට අළුතින් ආපු හන්දා කියන්නෙ.
සර් ඔය හෙන්ද්‍රික් වලව්වෙ ඉන්න එපා.
මම සර්ගෙම හොඳටයි මෙි කියන්නෙ.
වලව්වේ ඉන්න එපා කියන එකනම් ඉතින් ඇත්ත තමයි. මොකද තරුණ කාන්තාවක් නෙ එතන ඉන්නෙ. ආයේ ඉන්නෙ වයවෘද්ධ හාමුයි , මෙහෙකාර ජෝශප් එක්ක තව අර උයන පිහන වැඩ කරන යසවතී ගෑනු කෙනා විතරයි නෙ. මම එතන ඉන්න එක සුදුසු නැහැ තමයි.
*නෑ නෑ සර්… මම අදහස් කලේ වෙන දෙයක්.
වෙන දෙයක්…. ? ඒ මොකක්ද … ?
*සර් ඔය ගෙදර ශාපලත් ගෙයක්. බලන්න මිනීමැරුම් දෙකක් දැනට වෙලා තියනවා. තවමත් පොලීසියට වගඋත්තරකරුවන් හොයාගන්න බැරිවුණා.
ශාපයක්…. ඒ මොන අහවල් ශාපයක්ද ජගත් මහත්තයා … ?
*සර්… ඔය පවුලේ බාලයා. ඒ කියන්නෙ මාවන් මහත්තයා.
ආහ්… ඔය කියන්නෙ හමුදාවෙ හිටියා කියන මහත්තයා නේද.. ?
*ඔව් සර් …. හරිම හොඳ නිහතමානී මහත්මයෙක්.
ඉතින් …. ?
*සර් … ඒ මහත්තයාගේ ආත්මය ඔය ගෙදරට ශාපයක් වෙලා සැරි සරනවා කියලා තමයි ගම්මු කියන්නෙ. ඔය මරණ දෙකම වෙලා තියෙන්නේ අගෝස්තු 21 නෙ. ඉතින් ඊලග අවුරුද්දේ අගෝස්තු 21 ට කාට යන්න වෙයිද දන්නෙ නැහැ.
ඒ මොකද ඒ…. ?
*සර් … ඒ මාවන් මහත්තයා එක්ක හුඟක් ප්‍රශ්න තිබිලා තියෙනවා. මෙි හාමුලා දෙන්නා එක්ක. ඉතින් අවාසනාවන්ත විදිහට ඒ මහත්තයයි නෝනයි දකුණේ විනෝද ගමනක් ගිය වෙලේ සුනාමි රළට අහුවෙලා මැරිලා තියෙන්නේ. පව් ඉතින්. මොනවා වුනත් හරිම අපල ගෙයක් ඕක දැන්.
ඒ මොනවටද ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ … ?
*සර් ආරංචි හැටියට දේපල ප්‍රශ්න තමයි.
හ්ම්ම්ම්ම් .. එතකොට ගුප්ත බලවෙිග ගැන ජගත් මහත්තයා කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මම එතන ඉන්න එච්චර කැමැත්තක් නැහැ.
*ඒක තමයි සර් මම කියන්නෙ හොයාගන්න වෙන තැනක් හොයාගන්න කියලා නිකං අනවශ්‍ය ලෙඩක් දාගන්නෙ නැතුව.
එහෙනම් ජගත් මහත්තයට පුළුවන් ද මට මෙි ළඟ නවාතැන් ගන්න තැනක් කඩිනමින් හොයලා දෙන්න.
*හපොයි පුළුවන් සර්.. මම කරලා දෙන්නම්
නියමයි බොහොමයක් ස්තූතියි…
*සර් මම ගිහින් එන්නම්..
හරි හරි… ඔහු සමුඅරගෙන යද්දිම මගෙ දුරකථනයට කෙටි පණිවිඩයක් ආවෙ කසුන් ගෙනි.
`` සර් මම ස්ථානගතවෙලා ඉන්නෙ. මම දැන් ඉදිරි උපදෙස් බලාපොරොත්තු වෙනවා´´
නියමයි නාරද… ටික දවසක් ඔහොම ඉඳලා අවට පරිසරය ඇහැට හුරුකරගන්න බලන්න. මම පොඩි වැඩ ටිකක් දෙන්නම්. ඒ ටික කරගෙන ඉන්න. ඒ වගේම තමන් ගැනත් සැළකිලිමත් වෙන්න.
`` හොඳයි සර්… සර් ´´
අද හවස මාව හමුවෙන්න ගෝනහෙල පාරෙදි අනිවාර්යයෙන්ම. මට තියනවා දෙන්න යමක්.
`` හරි සර් ජයවේවා ´´
ජයවේවා නාරද ..
කෙටි පණිවිඩ හුවමාරුව අවසන්විය.
ඔහු නැගිට ගියද ඔහුගෙ ගුප්ත වූ වදන් වල දැඩිව කල්පනා කරන්නට දෙයක් ඇති බව මාහට වැටහිනි. හ්ම්ම්ම්ම් මොහු කියන විදිහට මෙතන බොහෝදුරට එහෙම ගුප්ත වූ බලවේගයක් තියෙන්නත් පුළුවන්. නමුත් මෙි ඝාතන දෙකට එම ගුප්ත බලවේගවල ඉඳුරාම හෝ වක්රවාකාරව යම් සම්බන්ධයක් තියෙන්නට බැහැ. යමිකිසි ගුප්ත බලවෙිගයක් විසින් මෙි ඝාතන දෙක කරානම් සලකුණු වශයෙන් කිණිස්සක් දමා ගියේ ඇයි … ? හවස පහ හමාරට වනවිට සියල්ලෝම මා හමුවට ඇවදින් දවසේ රාජකාරි නිමාකොට තම තමන්ගෙ නිවෙස් වලට යන්නට විය. අවසානයේ මාද කාර්යාලයෙන් නික්ම ගොස් මෝටර් රථයට ගොඩවී හෙන්ද්‍රික් වලව්වට ආවෙමි. වාහනය ගරාජය දමා එන්ජිම නවත්වන්නට යතුර අාපසු කරකවා එම කවුළුවෙන් එළියට ගන්නා විට මට යමක් සිහිවිය. ``ජැක්පොට් මාධව ´´ ඉබෙිටම කියැවී මා කාට හෝ ඇසුනේද යන්න බැලීමට වටපිට බැලුවෙමි. නමුත් කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත. ඉහල මහලයේ කැරොලින් මහත්මිය සිටි අතර , ඇය පහල සිටින මාදෙස තියුණු බැල්මක් හෙලා සිනාසුනාය. හනික වාහනයෙන් බැස දොර සෙමින් වසාදමා , ගේතුලට යනවිට රිචඩ් හාමු තම රොද පුටුවෙන් මාදෙසට එන්නට විය. මා හිතන විදිහට ඔහු මා බලාපොරොත්තුවෙන් සිටියා වන්නට ඇති.
සුභ සන්ධ්‍යාවක් සර්.
*එසේම වේවා මිස්ටර් කෙවින්. මොකද වැඩපල හොඳයිද ..?
සර්.. මට එහෙම හරියටම කියන්න අමාරුයි. නමුත් වැඩ මම හිතපු තරම්ම අමාරු නැහැ. මෙතන තියෙන්නේ වැඩ වලට වඩා වගකීම තමයි තදින්ම.
*යසයි ඉලන්දාරියා.. ඒක තමයි ඇත්ත.
ටික ටික වැඩ අල්ගන්න පුළුවන් ඔයාට.
ඔව් සර්…
*හොඳයි හොඳයි.. යන්න ගිහින් රෙස්ට් කරන්න.
හොඳයි සර්…
මා ඉහල පඩිපෙළ දිගේ උඩට යනවිටත් ඇය ජනේලය ලඟම පොතක් අතැතිව සිටියාය.
*ආ… මිස්ටර් කෙවින්. කොහොමද අද දවස… ?
වරදක් නැහැ මැඩම්…
*වරදක් නැති වුණාට කමක් නැහැ. ඔය වැඩ කරන අයත් එක්ක ඕනෑවට වඩා හිතවත් වෙන්න යන්න එපා. මොකද එහෙම වුනොත් පරිපාලනය අවුල් යනවා.
ඔව් ඒක ඇත්ත. පරිපාලනය කියන්නෙ මට අමුතු අද්දැකීමක් නම් නෙමෙි මැඩම්.
හ්ම්ම්ම්ම් ඒක නෙමෙි මැඩම් පොත් කියවන්න කැමතියි වගේ.
*ඔව් … මම පොත් කියවන්න කැමතියි.
හැබෑටම … ? `` කියවීම මිනිසා සම්පූර්ණ කරයි ´´ කියලා කියමනකුත් තියනවා නෙ. මොකක්ද මැඩම් ඔය කියවන පොත..?
*මෙි තියෙන්නේ … ඒ වුනාට මට තවම සම්පූර්ණ වෙන්න බැරුව ගියා.
මෙි ලෝකෙ සම්පූර්ණ මිනිස්සු හොයන්න බැහැ මැඩම්. මොකක්ද … `` ඇය නොදුටු ලෝකය ´´ නේද .. බැලූ බැල්මට නම් ප්‍රේමණීය කතාවක් වගේ. මමත් ඉස්සර කියෙව්වා පොත්. දැන් ඉතින් කොහෙද වෙලාවක්.
*ඇත්තට … ? මොනවද කියවපු පොත් ඒ කාලෙ .. ?
බිලාල ශාපය , වානේ පන්නරය ලැබු හැටි , එතකොට සැබෑ මිනිසෙකුගේ කතාව වගේ අනුවාදක කතා තමයි.
*හා… සේරම රුසියන් , ජර්මන් , ප්‍රංශ සිංහල පරිවර්තන කතා නේද ?
ඔව් මැඩම් … මම ඒ වගේ විප්ලවීය කතා වලට තමයි ඉතින් කැමති.
*හ්ම්ම්ම්ම් ඒවත් හරි ලස්සන කතා තමයි. හැබැයි ඉතින් සරළ භාවයක් නැහැ. හරිම සංකීර්ණ කතා. මමනම් ඒවගේ කතා කියවන්න කැමති නැහැ. කියවලත් නැහැ.
ඔව් මැඩම්… මම ගිහින් චෙින්ජ් එකක් දාගෙන එන්නම්.
*ඕකේ මිස්ටර් කෙවින් ..
මා කාමරයට ගොස් බෑගය සයන මත තබා වටපිට බැලුවෙමි. මා තැබූ බඩුබාහිරාදිය සියල්ල තිබූ පරිදි තිබුනි. මා බිමට පහත්වී
ටයිල් පොළව දෙස අවධායෙන් බලනවිට එහි යමෙකුගෙ පා සටහන් යාන්තමට දක්නට ලැබනි. එය පළලින් හා දිගින් අඩුවී තිබුණි. එසේනම් මේ ප්‍රමාණයන් අනුව කාන්තාවකගෙ පා සටහන් බව පැහැදිලියි. ඒ කවුරුන් විය හැකිද .. ? මෙහෙකාරියද.. ? නැත්නම් කැරොලින් මහත්මිය ද .. ? මා කවුරුන් ද කියා සොයාබැලීමට ද .. ? ඒ කවුරු හෝ මෙම කාමරයට කවුරු ආවත් මා කවුද කියා සොයාගැනීමට කිසිවෙකුටත් නොහැකිය. බාග වෙලාවට ඇයගෙ අරමුණ එසේ නොවෙන්නත් පුළුවන. ලහි ලහියේ
ශාරීරික ව්‍යායාම ඇඳුමක් දාගත් මා , බොටම් සාක්කුවට මියගිය පුද්ගලයගෙ සපත්තුවෙ රැඳී තිබුන ඇණය බහාලු කුඩා පැකට් එකද දමාගෙන කාමරයෙන් එලියට එනවිට තවමත් ඇය මෙිසය මත පොත තබාගෙන කියවමින් සිටියාය.
*හා මිස්ටර් කෙවින් ව්‍යායාම කරන්න වගේ.
ඔව් මැඩම්.. මම ශරීර සෞඛ්‍ය ගැන හුඟක් හිතනවා. පිරිමියෙක් වුනහම අනවශ්‍ය විදිහට කඳ බඩ ලොකුවෙන්න හොඳ නැහැ. ඒක පෙනුමට වගේම තමන්ගෙ ශරීරයට අහිතකරයි.
*ඒකනම් ඇත්ත. හැන්ඩි මිනිස්සු දිගටම හැන්ඩියට ඉන්න ඕන. ( අමුතු සිනහවක් පාමින් )
කවුද හැන්ඩි මමද මැඩම් … ?
*ඔව් … මිස්ටර් කෙවින්ට තියෙන්නේ අමුතු
ලස්සන පෙනුමක්. නිකං ``ටොම් කෲස් ´´
වගේ…
ටොම් කෲස් කිව්වෙ. අර `` Mission impossible ´´ කියන චිත්‍රපට පෙලේ ප්‍රධාන නළුවද …. ?
*අන්න හරි… මට පේන්නේ කෙවින් මහත්තයා චිත්‍රපට බලනවා වගේ.
ඔව් මැඩම් … මම බලනවා. මම ඒ වගේ වෙන්න ඇති.. හැබැයි ඒ නළුවා වගේ මම රහස් පරීක්ෂකයෙක් නම් නෙමෙි…හරි.. මම ගිහින් රවුමක් දාලා එන්නම් එහෙනම්.
*ඕකේ මිස්ටර් කෙවින්…
පහල තරප්පු පෙල බැහැගෙන යන අතරතුරේදී මා කල්පනා කරේ ``මෙයා මොකාටද එන්න හදන්නෙ ´´ කියලා. මෙයා පොතක් කියව කියව ඉඳලා , පොතක් මට පෙරලයිද.. ? මා සැමුවෙල් වතුයායෙන් ඔබ්බට විත්, දකුණු පසට හැරී ඒ දිශාවට දිව්වෙමි. සැබැවින්ම මාහට ඇවැසි මේ ගම්දනව්වෙ වාසය කරන ජනයාගෙන් තොරතුරු ටිකක් ලබාගැනීමට ය. ඊට පෙර මා නිතර නිතර හැමතැනම සැරිසරමින් ඔවුන්ගේ ඇසට මාව හුරුකල යුතුය. කිලෝමීටරයක් පමණ සාමාන්‍ය වෙිගයෙන්
දුවන විට , යතුරුපැදියක් මා ඉදිරිපසින් ඇවිත් එකවර මා ආසන්නයේ නවත්වා කුඩා කඩදාසියක් මාවෙත දිගුකොට.
*මහත්තයා මෙි ඇඩ්රස්එක දන්නවද … ?
කියා මගෙන් අසන්නට විය.
නෑ කසුන් මහත්තයා මම දන්නෙ නැහැ.
මම මෙහාට අළුත්.
*ටහුඩු… බඩුම තමයි. සර් මාව එහෙනම් අඳුරගත්තා එහෙනම්.
හරිම මෝඩ කතාවක් නෙ ඒක.
*ඔව් සර් .. ඒක ඇත්ත. මම දැන් තැනක ස්ථානගතවෙලා ඉන්නෙ.
එතන ආරක්ෂිතයිද … ?
*ඔව් …
බොහොම හොඳයි.. එතන දිගටම ඉන්න.
මෙන්න මෙිකෙ ඇතුළෙ තියෙන ඇණය
අපේ රස පරීක්ෂකට යවලා බලවන්න මෙිකෙ මොනවාහරි අමුතු දෙයක් තියනවද කියලා.
*හරි සර්..
හරි.. එහෙනම් මෙතනින් යන්න. කවුරුවත් අපිව දකින්න හොඳ නැහැ.
*හරි සර්… ජයවේවා ..
ජයවේවා නාරද …
ආපසු හැරුණු මා දුවන්නට විමි. පසුපස ඇති ප්‍රධාන ගේට්ටුවෙන් සැමුවෙල්ස් වතුයායට ඇතුල්වන මා. එහි කුඩා පාරවල් ඔස්සේ සෙමින් ඇවිද ගියෙමි. ටර්පන්ටයින් ගසක් අසල මා නැවතී ගිමන් හලෙමි. මුළු වතුයායම නිහඬයි. ඈත සිට යමෙකු කලබලයෙන් පැමිනෙයි. ඒ වෙන කවුරුන් හෝ නොවෙයි, මෙහි සිටිනා මුරකරුයි. මා හනික තේ පඳුරකට අාවරණය වුනෙමි. ඉතාම කලබලයෙන් පැමිණි ඔහු මා අසලට විත් කළු සුරුට්ටුවක් පත්තු කරගෙන එයින් නිකුත්වන දුම වේගයෙන් ඉහළට අදින්නට විය. සුළු මොහොතකට පසු ඔහු සන්සුන් විය.
`` හහ්…. මෙි සයිමන් එක්ක සෙල්ලම් බෑ.
මට කොයි වෙලේ හරි මුලිච්චි වෙන්නෙ නැතැයි. එදාට බලාගමු ´´ හේ මුමුණන්නට විය. පසුව මා සිටි තැනින් නික්ම ගිය පසු මා වහා නැගිට ඔහු ආපු පැත්තට ගමන් ගත්තෙමි. මීටර් දෙසීයක පමණ ගෙවා ගිය පසු හමුවන නේවාසිකාගාරය ද පසුකර , එහි පිටුපසට මා හෙමින් සීරුවෙ ගමන්ගෙන අවට පරිසරය දෙස සියුම්ව නිරීක්ෂණය කෙරුවෙමි. වසර කීපයකින් මෙහි කිසිවෙකු වාසය කර නැති බැව් බැලූ බැල්මට පෙනී යයි. මෙය පිළිසකර කර ගතහොත් මාහට මෙහි වාසය කිරීමට හැකිය. නමුත් මෙි අදහස එකවරම රිචඩ් හාමුට පැවසීම සුදුසු නැත.
මා ආපසු හැරී එනවිට දුර තියා මා දුටු මුරකරුවන සයිමන් තම සරමෙි කැහැපොට ලිහාදමා මද සිනහවක් පාන්නට විය.
*අනේ.. මෙි අපේ අළුත් සුපර්වයිසර් මහත්තයා නොවැ
ඔව් අංකල්..
*මං හිතුවා ගේට්ටුව ඇරලා තියනකොට මහත්තයා එන්න ඇති කියලා.
ඇයි කලින් මහත්තයා ආවෙ නැද්ද මෙහෙම…
*නැහැ ආයුබෝවන්ඩ. හවස ගියාම ආයේ ඉතින් උදේ තමයි එන්නෙ.
එහෙමද…? මම මෙහෙම එනඑක සයිමන් අංකල්ට කරදරයක්ද … ?
*අපෝ නෑ මහත්තයා. මම ඒකට මනාපයි.
හ්ම්ම්ම්ම්.. මොකද නිකං කේන්තියෙන් වගේ එහෙ මෙහෙ යනවා මම දැක්කා.
*නෑ මහත්තයා මෙි එක එකාලා වැට පැනගෙන ඇතුලට එනවා.
ඒ මොකටද… ?
*අඹගස්වල ගෙඩි කඩන්න..
ඒ කියන්නෙ පොඩි ළමයිද… ?
*ඔව් මහත්තයා ….
ඉතින් ඒකට මොකද වෙන්නෙ. ළමයි නෙ. ඔය කඩාගෙන අරගෙන යයි. නරකද ගස්වලින් බිමට වැටිලා කුණුවෙලා යනවට වඩා ඒක කවුරුන් හෝ ප්‍රයෝජනයට ගන්නවා නම්.
*ඉතින් ආයුබෝවන්ඩ රිඩච් සර් කැමති නැහැ නොවැ.
හරි. සයිමන් අංකල් අකමැත්තක් නැද්ද.. ?
*මගෙ නම් අමනාපයක් නෑ ඉතින්. අපිත් ඔය වයස පහුකරා නොවැ.
ඉතින් ඒකනෙ. ඔය ඇවිත් කාපුදෙන්.
*එතකොට රිචඩ් හාමු …
රිචඩ් හාමුට ඔයා කිව්වොත් නෙ දන්නෙ නේද… ?
*ඔව් මහත්තයා …
ඉතින් මම කියන්නෙත් නැහැ. අංකල් කියන්නත් එපා. වෙන වෙන සිද්ධි යනවා නම් අපි ඒ ගැන බලාගමු නේද… ?
*මහත්තයා.. ඔයවගේ කතාවක් මට මීට කලින් කවුරුවත් කියලා නැහැ.
හරි… අපි එහෙම කරමු. පව්නෙ පොඩි ළමයි. ඒක එහෙමයි. මොකද කියන්නෙ අපි තව මුරකරන්න එක්කෙනෙක් මෙහාට ගේමුද… ? මම රිචඩ් සර් එක්ක කතා කරලා බලන්නද .. ?
*අනේ ආයුබොවන්ඩ. ඒක කොච්චර හොඳයිද. මහත්තයා කතා කොරලා බලන්ඩ එහෙනම්.
හොඳයි. මම අාවා විතරයි නෙ. තව ටික දවසක් මෙහෙම ගෙවුනාවෙ. ඊට පස්සේ බලමු අපි.
*හොඳා හොඳා මහත්තයා.
එතනින් නික්ම යන මා කල්පනා කාරේ කසුන්ව මුරකරුවෙක් විදිහට මෙතන ඇතුල් කරගන්න. එවිට මට මෙි විමර්ශන කටයුතු කරගෙන යන්න මහත් පහසුවක් වේවි. අඳුර වැටෙන්නට පෙර මා හෙන්ද්‍රික් වලව්වට සේන්දු වුනෙමි. දින කීපයක් රාජකාරි කටයුතු කරගෙන ගිය අතර ,
තේවතුවල වැඩ කරන අය මාහට හිතවත් කරගැනීමට හැකිවිය. තේ දළු නෙලන්නියන් ඉතා ලයාන්විතව මාහා දොඩමළු වන්නට විය. වැඩ කරන අනෙකුත් පිරිමි පාර්ශවය සමඟ ඉතා සුහදව සිටින නිසාවෙන් ඔවුන්ගේ ගෞරවාදරයට මා පාත්රවිය. `` කලින් හිටිය සර්ලට වඩා මෙි සර් නියමයි. කිසිම රැස්පොට් එකක් නැහැ ´´ කියනවා මට සමහර තැන්වල ඇසෙන්නට විය.
හදිස්සියේම ජගත් මා හමුවට ආවෙ කලබලවූ අශ්වයෙකු මෙනි.
මොකද ජගත් මහත්තයා හරිම කලබලෙන්… ?
*සර්.. පොලීසිය ඇවිත්..
ඉතින් හොඳයි නෙ. කෝ බලමු. කියමින් මා ආසනයෙන් නැගිට කාර්යාලයෙන් එළියට ආවෙමි. හීන්දෑරි තරමක් උස පරික්ෂක වරයෙක් වටපිටාව බලමින් සිටියදී , හදිසියේ මතුවූ මා දෙස තියුණු බැල්මක් හෙලා , සිනාසුනේය. හනික මා ඔහු වෙත ගියෙමි.
*මෙි අළුත් සුපර්වයිසර් මහත්තයා වෙන්න ඕන…
හරියටම හරි ඔෆිසර්… මම කෙවින් ෆර්නැන්ඩස්. නයිස් ටූ මීට යූ.. ( අතට අත දෙමින් )
*මම අයිපී මනීෂ කොඩිකාර. ඉහල ගෝනෑව පොලීසියේ. නයිස් ටු මීට් යූ ටූ..
අකමැත්තක් නැත්නම් යමු මගෙ කාර්යාලයට ඔෆිසර්…
*ඒක හොඳයි යමු යමු… සාජන්ට් පොඩ්ඩක් වටපිට බලාගෙන එන්න. යමු මිස්ටර් කෙවින්.
මා පසුපස පොලිස් නිලධාරීයා එන්නට විය.
වාඩිවෙන්න …
*තෑන්ක් යූ…
ඉතින් මොනවාහරි බොමුද… ?
*එහෙම විශේෂත්වයක් නැහැ කෙවින් මහත්තයා.
හොඳයි … අපි එහෙනම් තැඹිලි ගෙඩියක් බොමු. කියමින් ස්ථාවර දුරකථනය අතට ගෙන එයින් ඇමතුමක් ගත්තෙමි.
දු.ක - හෙලෝ සර්…
හෙලෝ මිස්… මාටින්ට කියන්න අපේ පොලීසියේ මහත්වරුන්ට තැඹිලි වතුර ලෑස්ති කරන්න කියලා. මගෙ කැබින් එකටත් දෙකක් එවන්න.
දු.ක - මෙි කෙවින් සර් නේද… ?
ඔව් මිස්….
දු.ක - හරි සර් ….
දුරකථනය විසන්ධි කල මා කතාවට මුලපිරුවෙමි.
ඉතින් ඔෆිසර් ….
*විශේෂ මොකුත් නැත්තෙම නැහැ. මිස්ටර් කෙවින් දන්නවනෙ. මෙි වත්තේ ඉස්සරහා පැත්තෙ තියෙන වලව්වේ මෙිවනවිට තදබල විදිහට ඝාතන දෙකක් වෙලා තියනවා. අපි තවම මෙිගැන විමර්ශන කටයුතු කරගෙන යනවා. පුදුමෙ කියන්නෙ මිස්ටර් කෙවින් අපිට තවම මේකෙ හරියට පොටක් පාදගන්නම බැරි වුනානෙ.
ඔව් ඔෆිසර්. මම දන්නවා. හැබැයි වැඩිදුර මොකුත් මම ඒගැන දන්නෙ නැහැ. මොකද මම ඇවිත් දවස් දහයයි නෙ වෙන්නෙ. අනික ඉතින් මට ඒ්ක අදාල විෂයක් නෙමෙයි නෙ. මම ආවා, වැඩටික බැලුවා , ආපසු ගියා , පහුවදා ආවා. එච්චරයි ඉතින්.
*හහ් හහ් හා… මම ඔබ තුමාගෙන් කටඋත්තරයක් ගන්න ආවා නෙමෙි. ඔව් අපි බලමු නේද…
ඔව් ඔව්.. ඔෆිසර්.. කොහෙන් හරි ඔයාලට පොටක් පෑදෙයි නෙ.
*ඒක තමයි… අපි දුවනවා ඉවරයක් නැහැ.
එහෙන් ඩීඅයිජී කේස්. මෙිකෙ ඉන්කුවර් කටයුතු ඉක්මනට කරගෙන යන්න කියලා.
ඒක මට තේරෙන විදිහට අමුතු කතාවක් නෙ ඔෆිසර්. ඉක්මනට කරන්න තිබ්බා අපරාධකාරයා ඇවිත් බුලත් දීලා බාර වෙනවා නම් නේද … ?
*එව්වා ඉතින් එහෙම තමයි. ඔය වයසක නිලධාරීන්ට ඔව්වා තේරෙන්නෙ නැහැ නෙ.
තේරෙන්නෙ නැහැ නෙමෙි. එයාලත් මෙි කාලය ගෙවාගෙන ඉස්සරහට ගිය අය කියලා අමතකයි.
ඒක ඇත්ත තමයි ඔෆිසර්.. හුඟක් අයට ඉහළට ගියාම පහල අමතක වෙනවා. ඒක තමයි ඇත්ත.
නැවත හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023