⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
35 වන දිගහැරුම
( පී වන් )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එහෙම කණ්ඩායමක් මෙතන නිර්මාණය
කරලා හෝ මාවන් වත් , කැරොලින් මහත්මිය වත් නොදැනුවත්වම නිර්මාණය
වෙලා තියෙන්නත් බැහැ. මොකද ඒකටත්
තියෙන ඉඩකඩ බොහොමයි. කොහොම වුනත් පැට්‍රික්ගෙ මරණය “නීත්‍යානුකූල ඝාතනයක්” කරන්න මා වහාම සුමට සැළසුමක් හදන්න ඕන. හොඳයි මාධව ඒක අපි හදමු. ඒ සැළසුම තමයි විශිෂ්ඨතම කුමන්ත්‍රණ වෙන්න ඕන මෙි කේස්එකේ අවසන් ජවනිකාවෙ.


මෙතැන්සිට ……..

ඇය මට සමුදුන් පසු මා නැවත කල්පනා කරන්නට වූයේ පැට්‍රික්ගෙ සැළසුම මොන වගේ් එකක්ද යන්නය. බොහෝදුරට විෂ
සහිත එන්නතක් ශරීරගත කරනු ඇතැයි මට ඉවෙන් වගේ තේරෙනවා මාධව. දැන්
මොකද මම කරන්න ඕන … ? වඩාත්ම සුදුසු වැඩෙි තමයි පැට්‍රික්ගෙ ගේ ⁣චෙක් කරන එක. හෙට නියෝජිතයින් දෙදෙනා
මෑන්ගෙ තැන ආසන්නයට වෙලා. මිනිහා
යනඑන තැන් ගැන වගේම, කොපමණ
කාලයක් එම කුලී නිවසින් බැහැරව සිටින
කාලය ගැන ගණනය කරාවි. එහෙම වුනොත් අනිද්දා මම ඒ ගෙට රහසේම කඩා
වැදිය යුතුයි. පුළුවන් තරම් ඉක්මනට ඒ ගෙදර සෝදිසි කර ඔහුගේ සැළසුම ගැන
දළ වශයෙන් හෝ දැනුමක් ලබාගතයුතු ය.
ඔව් … පරක්කුවෙලා බැහැ මාධව. ඊට
පස්සේ මම යන්න ඕන බණ්ඩාරවෙල. එහෙ ගිහින් කැරොලින් මැඩම්ගෙ පියා
හමුවිය යුතුය. මම ඔහුව සැබෑවට දැක
නැති හන්දා අදාල අසභ්‍ය වීඩියෝවෙ ඉන්නෙ ඔහුමද කියා මා අනිවාර්යයෙන්ම
සනාථ කරගත යුතුමය. ඊලගට මා ඉදුරාම
යා යුත්තේ මහරගම රෝහල වෙතය. එසේ ගොස් වෛද්‍ය මහේෂ් මානවඩු හමුවී සිදුවිය හැකි දේ ගැන හා එහි බරපතලකම ගැන වටහා දිය යුතුය. ඉන්පසු මා යා යුත්තේ නාරම්මල පිහිටි ⁣ඉනෝකා මියගෙ නිවස වෙතය. එහි යායුත්තේ දිව්‍යා නංගි සමගය. එහි යාමට මත්තෙන් මෙි ඉන්නේ මාවන්ගෙ බිරිඳමයි යන්න සනාථ කරගත
යුතුය.

හ්ම්ම්… වැඩ ගොඩයි. කියමින් සුපුරුදු පරිදි ව්‍යායාම ඇඳුමින් සැරසී මා දොරගුළු දමා , නේවාසිකාගාරයෙන් පිටව එනවිට
කසුන් ඈත සිට දුවගෙන එන ලදි.

*සර් යමු යමු… අද මොන පැත්තටද යන්නේ.. ?

වතුයායේ උඩහටම යමු. මට කතා කරන්න
දේවල් බොහොමයි.

*ඉතින් සර්.. මොනවද අළුත් වතගොත.

වතගොත නේද… ? මම ඉවර කරපු තැනින් පටන්ගන්නම්. ඉතින් නොයෙල්ව
මැරුවෙ මාවන් වුනාට ෂෙල්ටන්ව මරපු
එකේ වගකීම මෑන් බාරගන්න කැමති නැහැ. එතන තියනවා ලොකු ප්‍රශ්නයක් ඉතුරු⁣වෙලා. හැබැයි මෑන් කියන්නේ බොරු වෙන්නත් බැහැ. මොකද පැහැදිලිවම මෑන්
⁣නොයෙල්ගෙ මිනීමැරුම තමන් කරා කියලා පිලිගන්නවා. අනික මෑන් එකඟවුනා වරද
පිලිගෙන පොලීසියට වුනත් බාරවෙන්න.

*මොනවා වුනත් අවංක නිලධාරියෙක්
නේද සර්… ?

ඔව් ගැමුණු. මොකද සමහර කේස්වල අපරාධකරුවන් අපිට හමුවෙලා තියනවා තමන්ගෙ ඉලක්කය වෙත යන යමනේදී වෙනත් අයට සිදුවන හානිය අවම කරගන්න වගබලා ගන්නවා. මෙයත් ඒ වගේ චරිතයක්. හ්ම්ම්… එතකොට මෙි ෂෙල්ටන්ට මොකද වුනේ. එතන තියනවා හිස්තැනක්. ඒකට උත්තර දැන්ම හොයන එකට වඩා වැදගත් වැඩක් තියනවා අපිට.

*ඒ මොකක්ද … ?

අපිට ඒ කතාබහේදී ඔප්පුවුනා ඔය රෑට සිප්පියා කන්දෙ රෙකී කරන්නේ මෑන් නෙමෙි කියලා.

*හෑහ් එතකොට ෂෙල්ටන් , නොයෙල් දෙන්නම ජීවතුන් අතර නැත්නම් කවුද ඒ.?

අන්න එතනදී මාත් හිරවුනා ගැමුණු. අවසානයේදී මම නිගමනයකට ආවා ඒ
වැඩෙි කරන්නේ වෙන කවුරුවත් නෙමෙි
පැට්‍රික් මයි කියලා.

*පැට්‍රික් .. ?

ඔව් .. පැට්‍රික් තමයි. මෑන් කැනඩාවට ගියා කිව්වට ඇත්තටම ගිහින් නැහැ. අද රෑට මට හරියටම දැනගන්න පුළුවන් මෑන් ඇත්තටම මෙහෙන් පිටවුනාද නැද්ද කියලා

*ම⁣ට තේරෙනවා සර්. ප්‍රොන්ටෝ ආගමන විගමන වාර්තාවට අනුව ගත්ත තොරතුරු
වල මෑන් කැනඩාවට ගිහින් තිබ්බොත් අපි
මොකද කරන්නේ … ? එතකොට මේ ඉන්නෙ පැට්‍රික්මද … ?

ගැමුණු … යාළුවා. මෙි ක්ෂේත්‍රයේ තව ගොඩක් දේවල් ඔයාට අධ්‍යනය කරන්න තියනවා. ආගමන විගමන වාර්තා හදන්නෙ පාස්පෝර්ට් ආව ගිය විස්තර
ලෙජර්ගතවීම් අනුව. නමුත් අපේ රටෙි සල්ලි ටිකක් නැහැමින් විසික් කෙරුවොත්
පුළුවන් තව පාස්පෝර්ට් එකක් හදාගන්න.
ඒ ව්‍යාජ පාස්පෝර්ට් එ⁣කට අනුව තමන්ට තියෙන්නෙ තමන්ගෙ බාහිර ස්වරූපය වෙනස් කරගන්න විතරයි. ඔයා හිතන්නේ මට පාස්පෝර්ට් කීයක් ඇති කියලද … ?

*මම එහෙම ප්‍රශ්නයක් සර්ගෙන් අහන්නෙ නැහැ කවමදාකවත්.

හ්ම්ම්… ඉතින් මෑන් පැට්‍රික් නමින් රටින්
ගියාට ව්‍යාජ පාස්පෝර්ට් එකෙන් ලංකාවට
ඇවිත් ඉන්නෙ කියලා තමයි මගෙ අවසාන නිගමනය වෙන්නේ. ඒක ඇත්තද බොරුද කියලා හෙට දවස තුල මට පැහැදිලි උත්තරයක් ලැබෙනවා.

*සර් කියන්නේ අපේ නියෝජිතවරු දෙන්න
හෙට දවසේ මෑන් ඉන්න තැන රෙකී (නිරීක්ෂණය) කරනවා කියලද .. ?

ඔව් යාළුවා. මමත් අද මෑන් ඉන්න පොට් එක ආසන්නයටම ගියා. මෑන් ඉන්නෙ
උඩුදුම්බර පැත්තෙ කුලී ගෙදරක. මෑන් හරිම උපක්‍රමශීලීව වැඩකරන පොරක්. මොකද ඒ ගේ පිහිටලා තියෙන්නෙ පොලව මට්ටමෙ ඉඳලා අඩි හතලිහක් විතර පොඩි කඳු මුදුනක. ඒ හන්දා ඒ ගේට බාහිරෙන්
කිට්ටුවෙන ඕනම කෙනෙක් දිහා හතර වටෙන්ම වුනත් බලාගෙන ඉන්න පුළුවන්.
ඒ තරම් පරික්ෂාකාරීව මෑන් වැඩ කටයුතු කරන්නේ කියලා පැහැදිලිව පේනවා. හරි..
අපි බලමු හෙට හවස මොකක්ද වෙන්නෙ කියලා.

*සර් ඊයේ රෑ අපේ දෙන්නා මෑන්ගෙ ගෙදරට ගියා නේද … ?

නැහැ යාළුවා. ගෙදරටම නෙමෙි. ගෙදරට පහලින් තමයි ඔය යාඩ්එක තියෙන්නෙ. මම ඒක පැහැදිලිවම දැක්කා. ටිකක් පහල තියෙන යාඩ්එකට ගිහින් තමයි බයික් එකේ අලවලා තිබ්බ අපේ ජීපීඑස් එක ගලවලා තියෙන්නෙ.

*ඊට පස්සෙ මොකද කරන්නේ .. ?

ඊට පස්සේ නේද ..? බොහෝදුරට අනිද්දා මම අපේ දෙන්නව දෙපැත්තෙන් තියලා මෑන් ගෙදරින් පිටවෙනතුරු බලාගෙන ඉඳලා ඒ ගෙට ඇතුල් වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ සෝදිසි කිරීමක් කරලා බලනවා. මෑන් මොකක්ද මෙි අදින්න යන තුරුම්පුව කියලා. මොකද මට දැන් ඉවෙන් වගේ තේරෙනවා මෑන්ගෙ ගේම මොකක්ද කියලා.

*ඒ මොකක්ද සර්. මෙි මුරකාර ජොබ් එක හන්දා මම මෙතන හිරවෙලා ඉන්නෙ.

ඔව් ඒකට කමක් නැහැ. ඔයාට ඔතන ඉඳගෙන බැරෑරුම් රාජකාරියක් තියනවා ඉදිරියට. ඒ හන්දමයි මම ඔතන කලින්ම ස්ථානගත කරේ. මම ඒක හරි වෙලාව ආපුවහම කියන්නම්. මව පලමු දවසේම
කිව්වා වගේ අපි දෙන්නට එකට ඉඳලා කරන්න පුළුවන් මිෂන් එකක් නෙමෙි මෙික. අපි දෙන්නා සමහර තැන්වල එකට
වැඩ කරාට මෙතන තියෙන්නෙ බෙදිලා වැඩ කරන්න.

*ඔව් ඒක ඇත්ත. එතකොට ඔය පැට්‍රික්ගෙ
සැළසුම මොකක් වෙන්න ඇද්ද ඔය විදිහට හැංගිමුත්තන් කර කර ඉන්නෙ.

මෑන්ගෙ අවසාන සැළසුම තමයි තව දවස් පහකින් ⁣රිචඩ් මහත්තයට මහරගම රෝහලේ තියෙන සායනයට ගිහින් එන ගමනේදී හෝ ඒ සිද්ධි දාමය තුල මෙි ඉන්ජෙක්ෂන් එක රිචඩ් හාමුට ශරීරගත කරන එක. එතකොට එයාගෙ ප්‍රශ්නය ඉවරයි.

*සර් එතකොට වගකිවයුත්තෙක් නැති වෙන්නෙ නැහැ නෙ.

විශිෂ්ඨයි යාළුවා. ඔයාට ඒක තක්කෙටම තේරුනා. අපරාධ පරීක්ෂණ විෂයේදී අපි ඉගෙන ගත්ත නියමයක් තියනවා මතකයිද ඒක.

*ඔව් සර්… යම්කිසි ක්‍රියාවකට උරුමකම් කියන්නෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි.

අන්න හරි… එතකොට ඒ ගැන ගැඹුරින් හිතනකොට තමයි මෙි ප්‍රශ්නයේ බැරෑරුම් කම තේරෙන්නේ.

*ඒ කියන්නේ මෙි වැඩෙිටත් කලින්ම වගකිවයුත්තෙක් නිර්මාණය කරලා තියෙන්නෙ.

ඔව් ගැමුණු… සැළසුමෙි එහෙම දෙයක්
අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මතකද
මම කලින් දවසක පොඩි විග්‍රහයක් කරා
එක එක අපරාධකරුවන් සැළසුම් වල ස්භාවයන් ගැන. එතනදී මම විස්තර කරා
පුද්ගලයාගෙ බුද්ධි මට්ටම අනුව එයාලගේ
සැළසුම් සරළ වෙන්නත් පුළුවන්. ඒ වගේම
සංකීර්ණ වෙන්නත් පුළුවන් කියලා.

*ඔව් සර් මට මතකයි. සර් විස්තර කරලම
මට කිව්වා. සමහර අපරාධකරුවන් තමන්ගෙ අපරාධය කරලා පලා යනවා. ඒ
වගේම තවත් සමහර අපරාධකරුවන් එතනම රැඳිලා ඉන්න ඕන හන්දා ඒ දේවල්
වලට වක්‍රවාකාරව වගකිවයුත්තෙක් නිර්මාණය කරනවා කියලා. ඒ විදිහට
නිර්මාණය කරන වගකිවයුත්තට කිසිම විදිහකින් තමන් වරදක් නොකල බවට ඔප්පු කරන්නවත් බැරි විදිහට සැළසුම නිර්මාණය කරනවා කියලා.

හරියටම හරි. ඔය කිව්වෙ තක්කෙටම.
ඔයාට හොඳ මතක ශක්තියක් තිබීම
ගැන තදින්ම සතුටුවෙනවා යාළුවා. දැන්
තේරුම් ගන්න පුළුවන් ද මම වෙන කෙනෙක් එතනට හේත්තු කරලා හරි කරපු විග්‍රහය මොකක්ද කියලා. මේ කරන්න යන ඝාතනයෙ කවුරු වෙන්න
පුළුවන් ද ඔය කියන වගඋත්තරකරු .. ?

*සර් මම හිතන විදිහට ඔය ඉන්ජෙක්ෂන් එක ගහන්න ඔතනට පැට්‍රික් කීයටවත්
යන්නෙ නැහැ. ඒ වගේම කිසිම මෑන් මොහොතක තමන්ගෙ මුහුණ බාහිර ලෝකයට පේන්න සලස්වන්නෙ නැහැ.
එහෙම නම් ඔය කියන වගඋත්තරකරුවා
නර්ස් කෙනෙක් හෝ ඩොක්ටර් විය යුතුයි.

ඔව් යාළුවා. හරියටම හරි. මම කැරොලින්
මැඩම්ගෙන් අහගත්තා කවුද එතන එදාට ඉන්න ඩොක්ටර් කියලා. එදාට ඉන්නෙ
ඩොක්ටර් මහේෂ් මානවඩු. ඔව් මෑන් තමයි
එයාට තමයි මිස්ටර් රිචඩ්ව පෙන්වන්න ඕන.

*එතකොට සර් මොකද කරන්නේ..

එතකොට නේද … ? අනිද්දා මම මොන ප්‍රයෝගයක් හරි දාලා ඔය පැට්‍රික්ගෙ කුලී
ගෙදරට ඇතුල් වෙනවා. බාගවෙලාවට ඊට කලින් මට එතනට යන්න පුළුවන් වෙයි. එතකොට මට සහසුද්දයෙන්ම දැනගන්න පුළුවන් මොකක්ද මෑන්ගෙ සැළසුම කියලා. බැරිවෙලාවත් අපේ අනුමානයන් හරි කියලා සනාථ වෙච්ච ගමන් මම ඊලඟට යනවා ඔය ඩොක්ටර් මහේෂ් හමුවෙලා එතන වෙන්න යන දේ ගැන පැහැදිලි කරන්න. නැත්නම් මිනිහා දඟගෙට යනවා. පැට්‍රික් වෙජිටේරියන් වෙච්ච පූසෙක් වගේ බොහොම සන්සුන්ව තාත්තගෙ මළගමට එයි නිකං කැනඩාවෙ ඉඳලා ආවා වගේ. අවසානයේ මම කලින් කිව්වා වගේ ඩොක්ටර් අනාථයි. පැට්‍රික්ගෙ වැඩ සනාථයි. එච්චරයි.

*ඒකනම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මට මතකයි සර්ගෙ නරියයි වෘකයයි , කොටි දේනුවගෙ කතාව. ඒකෙ මෙිගැන හොඳම පැහැදිලි කරලා දුන්නා.
සර් එතකොට මට මොකක්ද කරන්න තියෙන ටාස්ක් එක.

ඔව් මම ඒ පොයින්ට් එකට එන්න තමයි හිටියෙ. ගැමුණු ඔයාට තියෙන්නෙ මිස්ටර් රිචඩ් එක්ක ඒ වෑන්එකට නැගලා යන්න.
ගිහින් නැවත වලව්වට එනකම් මෑන් ලඟින් හෙල්ලෙන්න එපා. මම අදහස් කරේ
පොඩ්ඩක්වත් අවධානය වෙනස් කරන්න කියලා. මොකද චුට්ට මිස් වුනොත් මෑන් ඒ සුළු විරාමයේදි ක්‍රියාත්මක වෙනවා ඒක නියතයි. මට ඕන ඔය ප්ලෑන්එක අසාර්ථක
කරන්න.

*මම ඒ ගැන බලාගන්නම් සර්. මොනවා වුනත් මෙිකට අඹමල් රේණුවකින්වත්
සම්බන්ධ නැති මිනිස්සු බිල්ලට දෙනකම් බලාගෙන ඉන්න බැහැ. ඒක එහෙම වෙනවා නම් අපි මෙතනට ආපු එකේ තේරුමකුත් නැහැ නෙ.

නියමයි.. ඒ ගැන ඔයා බලාගන්න. මෑන්ගෙ මෙි ප්ලෑන්එක අපි අසාර්ථක කෙරෙව්වා කියන්නේ. මෑන් සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක වෙනවා කියන එක. ඒකෙන්
මෑන් වියරු වැටෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මටත් ඕන මෑන් එහෙම වියරු වැටෙන්න තමයි. එතකොට තව දවස් දහයක් ඇතුලත මෑන් තව ප්ලෑන් එකකට යනවා. හැබැයි ඒකත් කලින් ගහපු ප්ලෑන්එකට සර්ව සමාන ප්ලෑන් එකක් විය යුතුයි. ඒ හැම ප්ලෑන් එකක්ම
අසාර්ථක කරන එක තමයි අපි කරන්න ඕන. එතකොට මෑන් උපරිම මානසිකව වැ⁣ටිලා තමයි කැනඩාවෙ ඉඳලා එන විදිහට ගෙදර එන්නෙ. අන්න ඊට පස්සේ
මම මගේ සැළසුම් ටික එකින් එක එලියට
දානවා.

*අනික තමයි මූ නම් ඉවරයක් කරලා දාන්නම වෙනවා. ඉදිරි කාලයේදී තව මොන මොන ගේම් දෙයිද කියලා කියන්න බැහැ නෙ. මෙි වගේ එවුන් නම් තනිකරම පිලල
රටට ජන සමාජයට.

ඒක තමයි යාළුවා. ඌ ගැහැව්වා වගේ ප්ලෑන් එකක් මමත් ගහනවා ඌට මොකද
වුනේ කියලා හිතාගන්න බැරිවෙන්නම.
ප්ලෑන් එකක් කිව්වට ඒක ප්ලෑන් එකක් නෙමෙි. කුමන්ත්‍රණක්. ඒක ක්ෂණිකව ක්‍රියාත්මක වෙන හන්දා මෑන්ට කවදාවත් අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ.

*සර් මට දැනගන්න පුළුවන්ද සර්ගෙ
සැළසුම් මොනවද කියලා. මොකද ඔය හැම සැළසුමක් ම තියෙන්නෙ ඔය ඔළුගෙඩිය ඇතුලෙ නෙ.

ඔව් ගැමුණු. මම කියන්නම්. මගෙ පලවෙනි සැළසුම තමයි. පී වන්.
පී වන් කියන්නේ ඔය බ්ලැක්මේල් කරන්න තියාගෙන ඉන්න අසභ්‍ය වීඩියෝ ටික සහමුලින්ම විනාශ කරලා දාන එක.

*සර් පී වන් එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද .. ? මොකද මෑන් පිටපත් කීපයක් ලඟ තියාගෙන ඇති ෂුවර් එකටම.

ඔව් ගැමුණු. අනිවාර්යයෙන්ම එහෙම තමයි. මම අනිද්දා ගිහින් බලනවා මෑන්ගෙ ලැප්ටොප් එක ඇතුලෙ තියනවද කියලා.
එහෙම හොයාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. බැරිවෙලාවත් එහෙම තිබ්බොත් මම ඒක ඔන්කරලා ඒකට පෙන්ඩ්‍රයිවර් එකක් ගහලා මාල්වෙයාර් එකක් ඇතුල් කරනවා. ටික වෙලාවකින් ඒක මෑන්ගෙ ලැප්ටොප් එක
ආක්‍රමණය කරනවා. නමුත් ඒක මෑන්ගෙ ඒ ලැප්ටොප් එකටත් රහසක්. ඊට පස්සේ මෑන් ඒක ඔන් කරලා කරන හැම දෙයකම
රිපෝර්ට් එකක් මගෙ ලැප්ටොප් එකට එනවා. ඊට පස්සේ මම දන්නවා කරන්න ඕන දේ. මෑන් සතු සියළුම ඊමෙිල් , නෙට්වර්ක් වගේ දේවල් සේරම මම මගේ යටතට අරගෙන විනාශ කරලා දානවා. ඒක
තමයි පී වන්. පී වන් ක්‍රියාත්මක කරන්න මට පැය විසිහතරක් ඇති. මොකද මෑන් ඒක ඔන් කරලා වැඩ කරන්නත් එපැයි.

*මිනිහා ලැප්ටොප් එක ඔන් කරයිද .. ?

අනිවාර්යයෙන්ම ඔන් කරනවා ගැමුණු.
අමතක කරන්න එපා මෑන් බිස්නස් කාරයෙක් කියලා. ඔය මොනවා කරත්
මෑන් , මෑන්ගෙ බිස්නස් වල අප්ඩේට් ටික
බලනවාමයි. විනාඩි දහයක් ඒක ඔන් කරාම මට ඇති.

*හ්ම්ම්… එතකොට පී ටූ..

පී ටූ මම කලින් විස්තර කරා වගේ මෑන්ව
බිලැක්මේල් කරන වීඩියෝ එකක් හදන එක. මොකද මිනිහා තමන්ගෙ තාත්තව මරණ සැළසුම අසාර්ථක වුනහම කොහොමත් වෙනදට වඩා අරක්කු භාවිතය වැඩි වෙනවා. එතකොට අපිට ලේසියෙන් ඒ වැඩෙි කරන්න පුළුවන්.

එතකොට පී ත්‍රී පැට්‍රික් මෙි ගේම් වලින් සදහටම අයින් නරන එක. අර දෙකම
සාර්ථක වුනොත් පී ත්‍රී ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක මාස්ටර් ප්ලෑන් එකක්. එහෙමත් නැත්නම් මම කලින් කිව්වා වගේ ඒක කුමන්ත්‍රණයක්. ඒ වගේම මෙි අවුරුදු කීපය ඇතුලත වෙච්ච හැම සිදුවීමක් ම පැට්‍රික් ගෙ සැළසුමට අනුව වෙච්ච දේවල්. අහඹු දේකට වෙලා තියෙන්නෙ ෂෙල්ටන් මැරුන විදිහ විතරයි. ඒකත් අහඹුවක් කියලා දැන් කියන්න අමාරුයි.

*සර් ඒකටත් පැට්‍රික්ව සැක කරනවද.. ?

ඔව්… ඒකට මම ලඟ සාධාරණ හේතු තියනවා. එතනදී ෂෙල්ටන් මැරුවෙ මාවන් නෙමෙි නම් ඒක කරේ පැට්‍රික් වෙන්න පුළුවන් බොහෝදුරට. නමුත් නොයෙල් මරන්නත් සැළසුමක් පැට්‍රික් විසින් නිර්මාණය කරා කියමුකො. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න කලින් මාවන් මෑන්ව මරලා දැම්මා. එතකොට ඇයි පැට්‍රික් හොයලා බැලුවෙ නැත්තෙ. කවුද මෙි ගේම් එකක් ඇතුලෙ තව ගේමක් ගහන එකා කියලා. එතකොට තවත් ප්‍රශ්නයක් එතනදී මට මතුවෙනවා.

*සර් මට හිතෙනවා. මෙික කට්ටියම එකතුවෙලා නිර්මාණය කරපු පිටපතක්
කියලා. ඒ කියන්නේ කැරොලින් , මාවන්
එක්කාසු වෙලා.

නැහැ ගැමුණු. මට ඔය සංකල්පයත් ඔලුවට ආවා. මම කලින් හිටියෙ ඔතන තමයි. නමුත් ඒක විමර්ශන කටයුතු කරගෙන යද්දී එහෙම නෙමෙි කියලා තේරුම් ගියා. ඔයාටත් එහෙම හිතන්න පුළුවන්. නමුත් ඒකට තුඩුදුන් සාධාරණ හෝඩුවාවන් තියෙන්න ඕන. එහෙම කට්ටියම එකතුවෙලා ගහපු ගේමක් නම්
ඇයි මාවන් හැංගිලා ඉන්නේ… ? මාවන්
නොයෙල්ව මැරුවා කියලා පිලිගත්තා
වගේම , පොලීසියට බාරවෙන්න වුනත්
කැමති වුනා. එතකොට කැරොලින් මැඩම්
වුනත් වැරැද්ද පිලිගත්තා. නමුත් සැකයේ වාසිය දැන් තියෙන්නෙ පැට්‍රික්ට විතරයි.
කොහොම වුනත් අපි පරිස්සමෙන් වැඩ කරමු.

*ඔව් සර්..මොන මොන ප්ලෑන් ගහලා
තියනවද කියලා අපි දන්නෙ නැහැ නෙ.

ඔව් ඒක ඇත්ත. මිස්ටර් මාවන් , එතකොට කැරොලින් මැඩම්. දන්නේ නැහැ ඔයා ගැන.
ඔන්න ඔය විශ්වාසය කියන තැනදී මම ඔයාව සැඟවුනු අමුත්තෙක් විදිහට රහසිගතව තියාගෙන ඉන්නෙ.

*ඒ කියන්නේ මාව තුරුම්පුවක් විදිහට
පාවිච්චි කරන්නේ.

ඔව්.. එහෙම රැවටීමක් කියලා මම සැක කරන්නේ නැහැ. නමුත් මම හැමදේකටම පොයින්ට් එකක් තියාගෙන ඉන්න නිලධාරියෙක් හැටියට අදිසි තුරුම්පුවක්
තියාගන්න එක කෝකටත් හොඳයි. හොඳයි අදට මම කතා කරා ඇති. අපි බලමු මෙි විදිහට සැළසුම් ක්‍රියාත්මක කරලා. එහෙනම් ලෑස්තිවෙන්න රිචඩ් මහත්තයගෙ ආරක්ෂාවට.

*සර් මම ආයුුධයක් අරන් යන්න ඕනද… ?

ඔව් ගැමුණු. ආයුධයක් අරගෙන යන්න. මම නියෝජිත ජනිත්ට ගෙනැල්ලා දෙන්න කියන්නමි. ඒක රෝහලට ඕන වෙන්නෙ නැතිවෙයි. නමුත් සමහරවිට මගදි ඕන වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි
සූදානම්ව යන්න ඕන. ඒ අතරෙ මට තියනවා ලොකු වැඩ ටිකක් කරන්න.
ගැමුණු ඔයාලට තව දවස් කීපයක් ඇතුලත බලාගන්න පුළුවන් හොඳ හොඳ
සිද්ධි ටිකක්. මොකද මාස්ටර් ප්ලෑන් එකෙන් පැට්‍රික් නැත්තටම නැති වෙනවා.

*හරි සර්… අපි දෙමු හොඳ ගේමක් මෑන්ට
හිතාගන්න බැරි විදිහට.

ඔව් … ඉන්න.. අපේ මෙි සේරම ප්ලෑන් ටික දම්වැලක් වගේ එකිනෙකට බැඳිලා තදින් තියෙන්නෙ. එකක අවසානය තීරණය වන විදිහට තමයි අපිට අනිත් එක ක්‍රියාත්මක කරන්න වෙන්නෙ. මෑන් කරන හැමදේම අපි නවත්වනවා. ගහන ඕනම ප්ලෑන් එකක් අපි නවත්තලා දානවා. අවසානයේ මෑන් මෙි දේවල් ප්‍රසිද්ධියේ කරන තරමට මම මෙි යකාගෙ මානසිකත්වය තදින්ම ව්‍යාකූලත්වයට පත් කරනවා. ඒක තමයි මාස්ටර් ප්ලෑන් එකේ අරමුණ.

*ඊට පස්සේ ප්‍රසිද්ධියේ ගේම ගහනකොට
ෂූට් කරනවා.

ඔව් … ඒ විනාඩි කීපය තමයි මාස්ටර් ප්ලෑන්එක වෙන්නෙ. අවසානයේ මෑන් තමයි මෙි හැම එකකටම වැරදිකාරයා
කරන්නේ.

*එතකොට මාවන් , කැරොලින් නිදහස් වෙනවා නේද .. ?

ඔව් ගැමුණු … ඒක තමයි මගෙ පරමාර්ථය
මාවන්ට වගේම කැරොලින් මැඩම්ට වුන අසාධාරණ වලට හිලව්වක් වශයෙන් ඒ දෙන්නම ගැලවෙන විදිහට තමයි මම පිඹුරුපත් හදන්නෙ. මොකද කැරොලින්ට
එයාගෙ නිදහස භුක්ති විඳින්න ඕන. ඉතුරු⁣ ජීවිත කාලයම. එතකොට… හා මම ඒකත් කියන්නම්. මාවන්ගෙ බිරිඳ ජීවතුන් අතර ගැමුණු .

*මො මො මොකක්… ?

ඔව් යාළුවා … ඒ සුනාමියෙන් ඉනෝකා සඳමාලි මැරිලා නැහැ. මොන ක්‍රමයකින් හරි බේරිලා තියනවා. දැන් ඒ දරුවටත් අවුරුදු හතරක් වෙනවා. ගෑනු ළමයෙක්
ඉන්නෙ.

*ෂාහ්හ්හ් නියමයි නෙ. එහෙනම් මාවන්ට නිදහස දෙන්න ඕන එයාලගෙ ලෝකය
ගොඩනගාගෙන නිදහසේ ජීවත් වෙන්න.

ආන්න ඒකයි ගැමුණු. මම මේ දෙන්කව නිදහස් කරලා සේරම කුණු පැට්‍රික් කියන
බේර වැවට දාලා. කේස් එක සමථයකට පත්කරලා අත්දෙක පිහාගන්න පුළුවන් විදිහෙ මාස්ටර් ප්ලෑන් එකක් හැදුවෙ.

*එතකොට සර් නොකියපු කතාව ඕකද..?
මට මතකයි සර් සැරයක් කිව්වා නිල නොවන කෙනෙක්ගෙන් උදව් ගන්නවා
කියලා.

ඔව්… යාළුවා. ඒ තමයි දිව්‍යා මැඩම්. එයාට ඒ ගෑනු කෙනා ගැන විමර්ශනය කරන්න මම භාරදුන්නා. දැන් ඒකත් හරි.
තව තියෙන්නෙ ඒ ගෑනු ළමයගෙ උප්පැන්න සහතිකය චෙක් කරගන්න විතරයි. ඒකෙදි සනාථ වුනොත් දරුවගෙ
තාත්තා මිස්ටර් මාවන් කියලා. අපි ඒ ⁣ප්ලෑන් සාර්ථකයි. ඒකට තව දවසක් ගතවෙයි. එඑතනින් මට ඕකේ එක එනකම් ඉන්නෙ.

*ඒ කියන්නේ සර් පට්ට බිසී නේද … ?

ඔව් ගැමුණු. මම පට්ට බිසී. ඒ වුනාම අපි මෙි දෙවල් බොහොම සතුටින් කරලා විසිර යමු. මොකද එයාලට වෙච්ච අසාධාරණ
වලට නීතියෙන් පිලිසරණක් ගන්න බැරි තරමට අසරණයි නම්. ඒයාලට කොහෙන් හරි ගැලවුමක් තියෙන්න එපැයි. ඒ හන්දා ඔය මිනීමැරුම් කරා. ඒක හරි. නමුත් එයාලට කරන්න බැරි වැඩ කොටස අපි කරලා එයලගෙ ඉතිරි ජීවිත වලට සාධාරණයක් කරලා දාමු. එච්චරයි අපිට කරන්න පුළුවන්. අපිට අපේ වෘත්තීය පසුබිම අනුව පවුලක් වෙන්න. දරුවො හදන්න බැහැ කියලා ඒකට හැම කෙ⁣නාම
වැරදි නැහැ නෙ.

*ඔව් සර් ඒක ඇත්ත. අපි අපේ ජොබ්එකට බැඳිලා ඉන්නෙ මෙි රටෙි මිනිස්සුන්ව නිදහසේ සැකබිය නැතුව ජීවත් කරවන්න නෙ. අපි ඒක සතුටින් කරමු.

අපි දිහා බලපුවාම. අපිත් හරියට සතුටින්
වහ බොන අමුතුම ජීවීන් වර්ගයක් නේද ?

*ඒක තමයි අපේ ජීවිත වල යථාර්ථය සර්…

නැවත හමුවෙමු ……..



Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 11  [24 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now