නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 32
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
32 වන දිගහැරුම
( සැඟවුන අමුත්තා )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔව් නියෝජිත සුභාෂ්… මෙතන තියනවා
ප්ලෑන් ගණනාවක්. කැරොලින් සමඟ කැප්ටන් මාවන් වෙනම ගේමක් ගහන්න සැළසුම් කරනවා. ඒ අතරෙ පැට්රික් තවත් ගේමක් ගහන්න සැළසුම් කරනවා. අපි ඒ සේරම සැළසුම් වටහාගන්න ඕන කරන හෝඩුවාවන් හොයන්න මහන්සි වෙනවා.
*ගේම් අස්සෙ ගේම් ගොඩයි.
මෙතැන්සිට ….
*සර් පට්ට සීරීයස් කේස් එකක් මෙික. කල්පනා කරලා ගහන්න ඕන ගේමක් පහුගිය ගේම් වගේ ගහගෙන ගහගෙන යන්න පුළුවන් වර්ගයේ ගේමක් නෙමෙි.
අන්න … ඔයාට මෙිකෙ යටි බැරෑරුම්කම
තේරුනා.
අපිට කරන්න තියෙන්නෙ එකම දෙයයි.
මාවන් පුළුවන් තරම් ඉක්මනට අපි අල්ලගන්න වෙනවා. ආ… තව එකක්. පල්සර් උපාලි කියන්නේ කාලයක් යුධ හමුදාවෙ සේවය කරලා , නීත්‍යානුකූලව අයින් වෙච්ච කෙනෙක්. මාස හයක් විතර හමුදා බුද්ධි අංශයේත් සේවය කරලා තියනවා. අපි මුලින්ම කරන්න ඕන මෑන්ව අල්ලගන්න එක.
**සර් අද පෝයනෙ මෑන් මාළු අරගෙන මාකට් ගානෙ යන්නේ නැහැ බොහෝදුරට.
අදම ගියොත් අල්ලගන්න පුළුවන්.
*සර් අපිට කියන්න මොකක්ද කරන්න යන්නේ කියලා.
ඔව් මහත්වරුනි. මම කියන්නම්. අපේ රහස්‍යභාවය එක පැත්තකට හෙලි කරන්නම වෙනවා. ඒ පැත්ත මාවන්ගෙ පැත්ත විය යුතුයි. මොකද පැට්රික් කියන්නේ නරුමයෙක්. තමන්ගේ තාත්තව මරන්න ප්ලෑන් කරනවා වගේම මෙච්චර අවමන් වලට ලක්වුන , පීඩනයට පත්වුන අවංක කැරොලින් මැඩම්වත් මරලා දාන්න තමයි කල්පනාව මෙතෙක් මම කරපු නිරීක්ෂණ අනුව. ඊට කලින් අවුරුදු පහක් විතර මුළු පවුලක්ම බ්ලැක්මේල් කරලා අනතුරේ දාලා තියනවා. තවමත් ඒ බ්ලැක්මේල් කිරීම ඉවර නැහැ. ඉතින් අපේ තරාදියේ මෑන්ගෙ පැත්ත බර වැඩියි. ඒ හන්දා මෑන්ට කොකා ගස්සලා හරි කමක් නැහැ මෙික නිවැරදි කරන්න වෙනවා දැන්වත්.
**ඒ කියන්නේ අපි කවුද කියලා හෙලි කරනවද.. ?
එහෙම නෙමෙි මහත්වරුනි. අපි අපේ සංවිධානයේ අනන්‍යතාවය තහවුරු නොකර ගේම් එක ගහමු. මොකද මට තියනවා ප්‍රශ්න ගොඩකට හරි උත්තර හොයන්න.
*එහෙනම් සර් අපි පරක්කු නොකර යමු.
යමු වෙස් මාරුකරගන්න.
මිනිත්තු පහලවකට පසුව අප තම තමන්ගෙ බාහිර ස්වරූපයන් වෙනස් කරගෙන
යමු එහෙනම්. මම කාර් එකේ එන්නම් ඔය දෙන්නා බයික් එකේ එන්න. මෑන්ට හෑන්ඩ් කප් දාගෙන වාහනේ ගේන්න පුළුවන්. ඒක ලේසියි අපිට.
**ඔව් සර් අපි යමු එහෙනම්.
ගලගෙදර පිහිටි පල්සර් උපාලිගෙ නිවස ආසන්නයට අපි යනවිට හෝරාවක් පමණ කාලයක් ගතවී තිබුනි. නිවස අවට කිසිවෙකු පෙනෙන්නට නොතිබුනද, ගේ ඇතුලතින් සිංදුවක් ඇසෙන්නට විය.
නියෝජිත ජනිත් , සුභාෂ් ඔය දෙන්නා ඉක්මනට ගේ පිටිපස්සේ වම , දකුනු බිත්ති මකෙලවරේ ඉක්මනට ස්ථානගතවෙන්න. මෑන් පැනලා යන්න හැදුවොත් අල්ලගන්න. දෙන්නම මතක තියාගන්න ආයුධ පෙන්වන්නවත් එපා මම ගේ ඇතුලට යන්නම්.
*ඕකේ සර්
**හරි සර්..
ගෙදර කවුද … ? ගෙදර කවුද … ?
මොහොතකට පසු ගේදෝර ඇරගෙන එලියට ආවෙ ගැහැණියකි.
*කවුද … ?
නංගි උපාලි ඉන්නවද … ?
*ඔව් ඉන්නවා. මොකටද එයාව අහන්නෙ.?
කියන්නකෝ මාළු ටිකක් ගන්න ඇවිත් කියලා.
*ඉන්න පොඩ්ඩක්..
ඇය ගිය පසු ගේතුලට එබී බලනවිට කුඩා ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවෙකු රුපවාහිනිය නරඹමින් සිටි. ඔවුන් මාදෙස
බලා මදක් සිනාසී ඉවත බලා ගත්හ.
***කවුද මහත්තයා මොකක්ද වුවමනාව.
උපාලි මල්ලි පොඩ්ඩකට එලියට යමුද. මට
ටිකක් තනියම කතා කරන්න ඕන. ඔහු කලබල විය.
නෑ නෑ කලබල වෙන්න දෙයක් නැහැ. පොඩ්ඩකට එලියට එන්න.
***හ්ම්ම්… යමු…
අප දෙදෙනා එලියට එනවාත් සමග නියෝජිතයින් දෙදෙනා පැමිණ උපාලිගෙ
ඇඟට කඩා වැදී දණහිසට පා පහරක් දී ඔහුව දණ ගස්වා මාංචු දමන ලදි.
උපාලි කලබල කරන්න එපා. දරුවො දැක්කොත් හරි නැහැ. ඒ හන්දා තමුසෙ ගෞරවාන්විත විදිහට මාත් එක්ක යමු.
***ක ක කවුද තමුසෙලා… ?
ඒවට උත්තර මම යන ගමන් දෙන්නම්.
***මම එන්නම්. අඩුම තරමෙ මට ෂර්ට් එකක් ඇඳගන්න වත් දෙනවලා.
හ්ම්ම්… නෝනට කතා කරලා ගෙන්න ගන්නවා ෂර්ට් එකක්.
***උත්පලා…. උත්පලා… මෙි ඉක්මනට මට අඳින්න ෂර්ට් එකක් අරගෙන එන්න.
මද වෙලාවකට පසු උපාලිගෙ බිරිඳ කමිසයක් අතැතිව ආවත් තම සැමියා අප අත්අඩංගුවෙ සිටිනු දැක ඇයට කෑ ගැසී ඇඬුනි.
**මම කිව්වා නේද ඔව්වා නවත්වන්න කියලා. දරුවො ගැනවත් හිතන්න බැරිද.
සුභාෂ් ඔය ෂර්ට් එක ගන්න. මාංචු ගලවලා ඕක අන්දවන්න.
**හරි සර්…
නංගි කලබල වෙන්න එපා. අපිට මෙි උපාලිගෙන් ප්‍රශ්න වගයක් අහන්න තියනවා. ඒකයි එක්කගෙන යන්නෙ. මෙයාව මෙි ගෙනිච්චා වගේම , නැවත යහතින් එවනවා කියලා මම සහතික වෙනවා. ඔයා ගේදොර වහගෙන බබාලත් එක්ක සද්ද නැතුව ඉන්න කවුරු කතා කරත් ගෙදර කවුරුවත් නැහැ වගේ නිහඬව ඉන්න. හ්ම්ම්… අපි යමු. උපාලි
නගින්න කාර් එකට. ජනිත් යමු මාත් එක්ක.
*යමු සර්..
වාහනය පණගන්වා වෙිගයෙන් මහනුවර දෙසට ආ අපි සාමාන්‍ය පාලු වත්තකට රථය හැරෙව්වෙමු. නියෝජිත සුභාෂ් යතුරුපැදියෙන් අප පසුපස එන්නට විය.
හ්ම්ම්… උපාලි දැන් මට ඇත්ත කියන්න.
අපි රහස් සංවිධානයකින්. ආයේ ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ හමුදාවෙ අවුරුදු ගණනාවක් සේවය කරලා පලපුරුද්දක් තියනවා වගේම , බුද්ධි රාජකාරි මාස හයකුත් කරලා තියෙන එකේ නේද .. ?
***මගෙන් තමුසෙලා මොකුත්ම දැනගන්න වෙන්නෙ නැහැ.
මෙි බලන්න උපාලි. අපි මෙික අද ශිෂ්ඨ සම්පන්න විදිහට විසඳගමු. මොකද තමුන්
දරුවන් ඉදිරියේ මංකොල්ලකාරයෙක්
හොරෙක් විදිහට ගේන්න අවශ්‍ය නැති හන්දා තමයි අපි කාටවත්ම නොතේරෙන විදිහට අරගෙන ආවෙ මෙතනට. තමුන් එච්චර බරපතල් දෙයක් තවම කරලා නැති හන්දා තමයි මෙි විදිහට අරගෙන ආවෙ. නැත්නම් ඉතින් අඩි පහක් යටට යන්නේ අද ඊයේ නෙමෙි. හුඟක් කලින්. මට තේරෙනවා තමුසෙගෙ පක්ෂපාතී බව. නමුත් ඒ පක්ෂපාතී බව තව ජීවිත කීපයක් විනාශ වෙනවා නම්, වැඩක් තියෙයිද… ?
***තව ජීවිත ඒ කවුද … ?
උපාලි මල්ලි … මෙි ගේම්එකේ ඔයා නිකංම නිකං ඔත්තුකරුවෙක් විතරයි කැරොලින් වගේම කැප්ටන් මාවන් අතර.
***පණිවිඩකරුවෙක්… ? මම … ?
ඔව්.. නිකං බබා වෙන්න හදන්න එපා අපි
ඉදිරියේ. කැරොලින් මැඩම් පොත් ඇතුලෙ දාන පණිවිඩ එහාට මෙහාට ගෙනියනවා කියලා අපි දන්නවා. ඒ වගේම පැච්වේරා පොත නුවර මහජන පුස්තකාලයට ගිහින් කැප්ටන් මාවන්ට දුන්නා කියලත් දන්නවා. හැබැයි රජෝ කැරොලින් මැඩම්ව මරන්න මෙි වෙද්දී වෙනම ප්ලෑන් එකක් රන් වෙනවා කියලා අපි මෙි වනවිට හොයාගෙන ඉවරයි. මම අහන්නෙ කෝ මාවන් කියලා විතරයි. මෑන්ව අපි අත්අඩංගුවට ගන්නේ නැහැ. අපිට එහෙම වුවමනාවක් නැහැ. හැබැයි මෑන් එක්ක මුහුණට මුහුණ හමුවෙලා කතා කරන්න දෙයක් තියනවා. එහෙම නැති වුනොත් ඉතින් තමුසෙටත් සොරි තමයි. අපරාදෙ තමුසෙගෙ දරු පවුල. තමුසෙට තමුසෙගෙ දරු පවුල ගැන කැක්කුමක් නැත්නම් අපිට මොකක්ද තියෙන අහවල් කැක්කුම ඕයි. ඩෝං ගාලා ඔය ඔළුව හිල්වෙන්න ගහලා ගියා. මොකද අපිට කාගෙන් තහනමක්ද බං. ඒ හන්දා මාවන් ඉන්න තැනට අපිව එක්කගෙන යනවා. මම කල්පනා කරන්න
විනාඩියක් දෙනවා. රයිට් ඔන්න විනාඩිය
පටන් ගත්තා.
මිනිත්තුවකට පසු…
රයිට් බඩු ඉවරයි.. දැන් කියන්න බලමු කොතනද ඉන්නෙ කියලා.
***මම කියන්නම් ඔෆිසර්. හැබැයි මගෙ පවුලෙ කිසිම කෙනෙකුට කරදරයක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕන.
ඔව් මගෙ වචනය මම දීලා ඉවරයි. තමුන්ගෙ පවුලට විතරක් නෙමෙි. තමුසෙටත් කිසිම කරදරයක් නැහැ.
***තෙල්දෙණියෙ පොට් එකක සර් ඉන්නවා
හ්ම්ම්… අපි එතනට එක්කගෙන යනවා.
මෑන්ටත් කිසිම කරදරයක් කරන්නේ නැහැ අපි. උපාලිව මාංචු සමග නැවත වාහනයට දමාගත් අපි තෙල්දෙණිය බලා පිටත් වුනෙමු. තවත් හෝරාවකට පසු තෙල්දෙණිය නිවස වෙත ලඟාවීමට අපට හැකිවිය. අප වාහනය මා නවත්වනවාත් සමඟ නියෝජිතයින් දෙදෙනා දුවගෙන ගොස් නිවස පිටුපස ස්ථානගත විය.
හ්ම්ම්… යන්න උපාලි මල්ලි. ගිහින් කතා කරන්න. හෝව් එපා. මම ම කතා කියමින් කරන්නම්. කියමින් දොරට තට්ටු තුනක්
දැමුවෙමි. නැවත තට්ටු තුනක් දැම්මෙමි.
එසැණින් දොර විවෘත කරනවාත් සමඟ
මා උපාලිවත් තනි අතින් කුදලාගෙන කඩා
වැදුනෙමි ඇතුලට. උපාලිව ආලින්දයේ තිබූ සෝපාවකට තල්ලුකර දැමූ මා පිස්තෝලය
ක්ෂණිකව මෑනුවෙ එහි සිටි පුද්ගලයා වෙතය. ඔහොම ඉන්නවා. හ්ම්ම්… අත්දෙක උස්සලා
තමන්ගෙ ඔළුව අල්ලගන්නවා. මිස්ටර් මාවන් මට තමුසෙ එක්ක ප්‍රශ්නයක් ඇතිකරගන්න
වුවමනාවක් නැහැ. කරුණාකර කියනදේ
කරනවා. නියෝජිතයින් දෙදෙනා ඉදිරිපස දොරෙන් වෙිගයෙන් ඇතුල්වී මාවන්ට මාංචු දැමීය. පිස්තෝලය ඉණේ රඳවාගත් මා අසල පුටුවක වාඩි වුනෙමි. නියෝජිත ජනිත් මෙයාවත් ඉන්දවන්න.
*හරි සර්…
ඉතින් මිස්ටර් මාවන්.. මොකද පුදුමයෙන් වගේ. එහෙම පුදුම වෙන්න අවශ්‍ය නැහැ. මම නියෝජිත තේනුවර නැත්නම් කෙවින් ෆර්නැන්ඩස්. සැමුවෙල්ස් වතුයායේ අළුත් සුපර්වයිසර්. මෙි ඉන්නෙ මගෙ සහයක නියෝජිතයින් දෙන්නා. තමුන් රැවුල කොණ්ඩය වවාගත්තට වැඩක් නැහැ. අපි තමුසෙව අඳුරගෙන ඉවරයි. දැන් ඉතින් මුනිවත රැක්කා ඇති.
*තමුසෙලා …?
නියෝජිත සුභාෂ්.. ඔය ජනෙල් රෙද්ද පොඩ්ඩකට එහාට කරන්න. මෙයාට යමක් පෙන්වන්න.
***හොඳයි සර්…
මිස්ටර් මාවන්. එහෙමත් නැත්නම් කැප්ටන් මාවන්. අර කාර්එක අඳුරනවා නේද. ඔව් ඒක තමයි. තමුසෙ රේඩියෝ ට්‍රාන්ස්මීටරය හයිකරපු එක. මෙි තියෙන්නෙ තමුන්ගෙ සරල සිග්නල් රූම්එක වෙන්න ඕන. හරි දැන් කියමු බලන්න මොකක්ද තමුසෙ කරන්න යන්නේ කියලා.
*එතකොට තමුසෙලා… මෙික පස්සේ ඉන්න ටීම් එකක්.
ඔව් අපි තමයි මෙි මිනීමැරුම් ගැන හොයන්න ආපු ටීම්එක.
*හොඳයි .. තහුසෙලාට මොනවද දැනගන්න ඕන.
තමුසෙ නේද අයියලා දෙන්නව මැරුවෙ.
*ඔව් මම තමයි. හැබැයි දෙන්නෙක්ව නෙමෙි නොයෙල්ට විතරයි ෂොට්එක දුන්නෙ. ඇයි කියලා අහන්නෙ නැද්ද … ?
හොඳයි … ඇයි … ?
*උන් දෙන්නා මම මගෙ වයිෆ් දෙන්නම මරන්න හැදුවා. වයිෆ් මැරුනා. මම කරුමෙට බේරුනා.
හ්ම්ම්… එහෙමද මොකක්ද හේතුව.
*දේපල බෙදාගන්න බැරුව තමයි. පපාගෙ මුළු සේසතම විකුණලා ආතල් ගත්තා , සූදු
කෙලියා ඉතින් අවසානයේ අපිටත් ගේමක් දුන්නා.
හරිම අහංකාරයි නේද… ? කමක් නැහැ
සොල්දාදුවන් කොහොමත් අහංකාරයි තමයි නේද … ? කමක් නැහැ. මට ඒ සිද්ධිය දැනගන්න පුළුවන් ද … ?
*ඔව් මම කියන්නම්.
මීට අවුරුදු හතරකට කලින් දවසක් මම නිවාඩු ආපු දවසක රෑ ගියා ගෙදර. ඒ යනකොට කැරොලින් අක්කට නොයෙල් බලහත්කාරකම් කරන්න ලෑස්ති වෙනවා. මම එදා තමයි ඇස් පනාපිට දැනගත්තෙ ඒකි මුන් තුන්දෙනාගෙම ආසාවල් ඉෂ්ඨ කරනවා කියලා අකමැත්තෙන් හරි.
ඔව් ඒක මම දන්නවා වගේම පෝර්න් වීඩියෝ හදලා තිසේරා පවුල බ්ලැක්මේල් කරනවා කියලා දන්නවා.
*මොනවා… අක්කා සේරම කිව්වද .. ?
ඔව් මිස්ටර් මාවන්. හැබැයි හැමදේම නෙමෙි. මට දැනගන්න ඕන මොකක්ද තමුන්ට වුන අපරාධය කියලා.
*කාලය සීමිතයි. මහත්තයා ඔය ඔතන තියෙන ස්වීච් එක ඕෆ් කරන්න. නැත්නම් තව ටිකකින් මෙික බ්ලාස්ට් වෙනවා.
නියෝජිත ජනිත් ගිහින් බලන්න ඒක ඇත්තක්ද කියලා.
**ඉන්න … ඔව් සර්. මෙතන සෙල් එකක් තියනවා.
හ්ම්ම්… එහෙනම් ඔතන වයර්ටික සේරම කපලා දාන්න. අපි මැරෙන්න බය එවුන් නෙමෙි.
රයිට්… දැන් මට කියන්න වෙච්ච දේ.
*එදා අපි ගාල්ලට ගිහින් එන්න රෑවුන හන්දා
උණවටුන හොටෙල් එකක නැවතුනා. ඒ හොටෙල් එකේ රෑට කෑම කාටවත් නැහැ.
ඉතින් මම ඉනෝකව රූම්එකෙ නවත්තලා
රෑට කෑම ගේන්න එලියට ගිහින් නැවත පයින් එනකොට මට කෝල් එකක් ආවා නොයෙල් ගෙන්. එයා කිව්වා එයාලත් වැඩකට උණවටුනට ඇවිත් ඉන්නෙ. උණවටුන හංදියට එන්න කියලා. ඉතින් මමත් ගියා එතනට. මොකද ඒ මොනවා වුනත් මගෙ අයියනෙ කියලා. යනකොට සුදු වෑන් එකක් නවත්තලා තිබ්බා. මම ලඟට යනකොට තමයි ඒක මගෙ වාහනය කියලා තේරුම් ගියේ. නමුත් මොකකහරි හදිස්සියක්ද දන්නෙ නැහැ නෙ. මොකද එතකොට ඉනෝකගෙ බඩට මාස තුනක් විතර ඇති. ඉතින් මම තව ටිකක් පය ඉක්මන් කරලා ගියා. ඒකෙ ඇතුලෙ ඉඳලා “මල්ලි ඇතුලට එන්න” කියලා ෂෙල්ටන්
අත වැනුවා. මම හිතුවෙ එයාලා වාහනය
ඇතුලෙ මම එනතුරු හිටියා ඉස්පිරිතාලෙට යන්න කියලා. මම කවදාවත් හිතුවෙ නැහැ තමන්ගෙ මල්ලි මරන්න සැළසුම් කරන්න තරම් මුන් පහත් තත්වයට වැටිලා කියලා. ඉතින් මම ඇතුලට යනකොටම දැක්කා ඉනෝකාව ගැට ගහලා කට බැඳලා දාලා තියනවා. ඒ එක්කම මගෙ ඔළුවට තදබල පහරක් වැදුනා විතරයි මතක.
හ්ම්ම්… “යමෙක් තදින්ම විශ්වාස කරපුවාම , ඒ තුලින් ඉපදෙන්නේ අන්ධ විශ්වාසයක්” කියලා මම අහලා , දැකලා තියනවා. කවුරුත් ඕනෑවට වඩා විශ්වාස කිරීම එක පැත්තකින් තමන්ගෙ විනාශයට පාර කැපීමක් වෙනවා.. ඉතින් ඊට පස්සේ.
*ඊට පස්සේ ඔෆිසර් මට සිහිය එනකොට
වෑන්එක ඇතුලෙ අපි දෙන්නා. ඉනෝකත් සිහිය නැතුව හිටියා. මගෙ අතපය බැඳලා දාලා තිබ්බෙ. මම බොහොම අමාරුවෙන් මගෙ අත්දෙකේ බැමි දෙක ලිහා ගත්තා.කකුල් දෙකේ බැමි දෙක ලිහාගෙන ඉනෝකා ලඟට ගිහින් එයාගෙ අත්දෙකයි, කකුල් දෙකයි ලිහලා දාාලා වටපිටාව බලනකොට මම දැක්කා ටයිම් බෝම්බයක් වාහනේ හයිකරලා තියනවා. ඉතින් මම ඒක ගැන හිතන්නේ නැතුව ඉනෝකව එලියට ගන්න උපරිම උත්සාහ කරා. එහෙම කරලා වෑන්එකෙ පැති දොර අරින්න
හදනකොටම ඈත දැක්කා මුහුදෙ රළ කඩාගෙන බිඳගෙන එනවා. මම ඉතින් ඉක්මනටම ඉනෝකව එලියට ගන්න හදනකොටම මුහුදු රළ අපිව යටකරගෙන ගියා. මම ගහගෙන ගිහින් පොල් ගහක රැඳුනා. ඒ එක්කම වෑන්එක පිපිරුවා.
හ්ම්ම්… ඊට පස්සේ. මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා මගෙ ඉනෝකා වතුරට යටවෙනවා. ඒ දුකත් දරාගෙන කරන්න දෙයකුත් නැතිකොට මම පොල්ගහ තදින් අල්ලගෙන එලිවෙනකම් හිටියා කොහොම හරි අපහසුවෙන්. පහුවදා උදේ වෙනකොට කිසිම දෙයක් ඉතුරුවෙලා තිබ්බෙ නැහැ. තනිකරම පාළු සුසානයක් වගේ මුළු පලාතම. කොහොම හරි උදේ දහය විතර වෙනකොට වතුර ආආපසු යන්න පටන් ගත්තට පස්සේ ගලවාගැනීමෙි බෝට්ටු කීපයක් එක්ක සහන සේවා ඇවිත් මාව අරගෙන ගිහින් රෝහල්ගත කරා. නමුත් මට , මගෙ කිසිම දෙයක් මතක නැති විදිහට මම රඟපෑවා. අඩුම තරමෙ මගෙ නම මොකක්ද කියලවත් මතක නැති තරම් මම රඟපෑවා. මොකද මම ජීවතුන් අතර කියලා උන් දැනගත්තා කියන්නේ මාව මරලා දානතුරු උන් පස්ස බලන්නෙ නැති බව මම හොඳාකාරවම දන්නවා. ඒ නැතත් , මට මගේ කියලා කිසිම දෙයක් ඉතුරුවෙලා තිබ්බෙ නැහැ. තැනින් තැන හිඟා කකා, අවසානයේ මම නුවර ඇවිත් පලිගන්න කල්පනා කරලා මෙහාට ආවා.
එතකොට මෙි උපාලි කොහොමද අඳුරන්නෙ.. ?
*උපාලි කියන්නේ මගෙ යටතේ හිටපු හොඳ කොල්ලෙක්. පස්සේ එයා හමුදාවෙන් අස්වුනා. මම කෙලින්ම ආවෙ උපාලිගෙ ගෙදර. මොකද මට වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ.
*සොල්දාදුවෙක්, තව සොල්දාදුවෙක්ව පාවා දෙන්නෙ නැහැ නේද.. ? හ්ම්ම්… හොඳයි
ඊට පස්සේ … ?
*ඊට පස්සේ නොයෙල්ව මරන්න මම සැලසුම් කරා. ෂෙල්ටන්ව මැරුවා. එහෙම මැරුවා කිව්වට එතන වුනේ වෙන දෙයක්. ඊට පස්සේ මිනිස්සුන්ට සීන් එක අමතක වෙන්න අවුරුදු තුනක් ඉඳලා ඊට පස්සේ නොයෙල්ව මැරුවා. උන් මගෙ ප්‍රෙග්නට් වයිෆ්ව කිසිම විදිහෙ අනුකම්පාවක් නැතුවම මරලා දැම්මා. මාවත් මැරුවා වගේ තමයි ඉතින් මම ලෝකයට මැරිලා. නමුත් මම තවම ජීවත් වෙනවා.
එතකොට ඉනෝකා මැඩම් ජීවතුන් අතර ඉන්නවද කියලා හොයලා බැලුවෙ නැද්ද.. ?
*නැහැ ඔෆිසර්. මොකද මෙි මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා වෑන් එක රළට යට
වෙද්දීම පුපුරලා යනවා. ඉතින් මම උන්ව ඉවරයක් කරලා දානඑක සාධාරණ නැද්ද..?
හ්ම්ම්… හරිම කණගාටුදායක සිද්ධියක් මෙිකයි මිස්ටර් මාවන්. සොල්දාදුවෙකුට ගේමක් දීලා මෙි ලෝකෙ කිසිම එකෙක් යහතින් ඉඳලා නැහැ. මම තමුසෙ කරපුවා සාධාරණයි කියන්නේ නැහැ. මම කවදාවත් ඒ ආකල්පයේ ඉන්නෙත් නැහැ රජයේ නිලධාරියෙක් විදිහට. මොකද අපි නිතරම කරන්නේ අපරාධකරුවන් අල්ලන එක මිසක් ඒ අයට තව තවත් අපරාධ කරන්න ඉණිමං බඳින එක නම් නෙමෙි. හැබැයි මෙතනදී නීතියෙන් පිලිසරණක් ගන්න බැරි හන්දා ඒ වගේ ගේම් දෙකක් දුන්නා කියලා මගෙ ඒහැටි ලොකු අප්‍රසාදයකුත් නැහැ.
හොඳයි නියෝජිත මහත්වරුනි. මෙි දෙන්නව නිදහස් කරන්න.
**ඕකේ.. සර්…
හ්ම්ම්… මිස්ටර් මාවන්. අපි රජයේ රහස් සංවිධානයක නිලධාරීන් බව ඇත්ත. ඒත්
අපිත් මිනිස්සු. අපිටත් හොඳ නරක හොඳට තේරෙනවා. මෙික අපිට බාරදුන්න මිෂන්
එකක්. මම හැමදේම දන්නවා. මිස්ටර් මාවන් ජීවතුන් අතර ඉන්නවා කියලා මම කලින්ම දැනගෙන හිටියා.
*ඒ කොහොමද ඔෆිසර්…
නැවත හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023