නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 07
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
07 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නැවත මා කාමරයට පිවිස , නිකමට මෙන් ජනේලයෙන් ඔබ්බට ඇති ඈත කඳුකරය දෙස බැලුවෙමි. එකවරම කොළපාට කුඩා එලියක් පත්තූවී, සැණෙන් නිමෙන්නට විය. කොලපාට කුඩා තිතක් බදු එය කොයි තරම් කුඩාද යත්, මා අහම්බෙන් හරි එය දුටුව එක නම් අරුමයකි.
මෙතැන්සිට ….
මා නින්දෙන් අවදිවී ඉතා කෙටි වෙලාවක් බැවින් කනාමැදිරියෙක් පේන මානයේ ගසක වසා සිටියා වෙන්න පුළුවන්. නමුත්
මා වැනි සියුම් හා තියුණු නිරීක්ෂණ හැකියාවක් ඇති වෘත්තීය අපරාධ ගවේශකයෙකුට එය එසේ විය හැකිද.
සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට මනස ව්‍යාකූල අවස්ථාවන් වලදී තමන්ගෙ නිතර භාවිතා කරන දුරකථන අංකය , ඇතැම්විට
තම උපන්දිනය පවා අමතක වෙන්නට පුළුවන්. එය සාමාන්‍ය දෙයකි. නමුත් මා එතරම් ව්‍යාකූල වූයේ නැත්නම් මා දුටුවෙ කුමක් ද.. ?
මොකක්ද නමුත් යම්කිසි ක්‍රියාදාමයක් තවමත් ක්‍රියාත්මක වන බව නම් පැහැදිලියි. නමුත් ඒ ක්‍රියාවන් සිදුකරන්නේ
කුමක් අරඹයා විය හැකිද … ? නින්ද අහලකවත් නැති මා දුරදිග කල්පනා කළෙමි. හෝරා තුනක් පමණ ගෙවුණු පසු නින්දට වැටුනෙමි.
පසුදින …..
උදා ආහාරය ගත් මා මෙිසයෙන් ඉවත්ව ගියද , තිදෙනා අතර එකදු වචනයක් වත් හුවමාරු වූයේ නැත. කාර්යාලයට ගොස්
අඩ හෝරාවකට පසු වතුයායේ විවිධ මාර්ගවල ගමන්ගත් මා වැඩ කටයුතු නිසියාකාරව කරනවාදැයි විමසා බැලුවෙමි.
අද දින රාත්‍රි ආහාරයෙන් පසු මාහට මෙහි නේවාසිකාගාරයට ඒමට අවශ්‍ය බව රිචඩ් හාමුට කිව යුතුමයි. තවදුරටත් මා මෙහි සිටියොත් මාහට විමර්ශන කටයුතු කෙසේ වෙතත් , වෙනත් නරක නාමයකින් හංවඩු ගැසේවි.
*සර්… මම ඇතුලට එන්නද … ?
හා මිස්ටර් ජගත්. එන්න වාඩිවෙන්න.
*ගුඩ් මෝර්නින් සර්…
වෙරි ගුඩ් මෝර්නින් මිස්ටර් ජගත්. ඉතින්..
*වරදක් නැහැ සර්…
මම ප්‍රශ්නයක් අහන්න හිටියෙ.
*කියන්න සර්….
ඔය කැරොලින් මැඩම් මොනවගේ කෙනෙක්ද … ?
*හොඳයි ඉතින් ..
හොඳයි ඉතින්. වචන දෙකෙන් ඉවර කලා.
එහෙම නෙමෙයි මට ටිකක් ඔයාට දැනෙන , දන්න දේ කියන්න.
*සර් මෙහෙමයි. තරුණ ගෑනු කෙනෙක් ව එයාට වඩා හුඟක් වයසින් වැඩි කෙනෙක්
කසාද බඳින්න වෙලා, පවුල් කන්න පටන් ගත්තට පස්සේ විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. කොච්චර මිළ මුදල් , දේපල තිබ්බත් වැඩක් නැහැ. ඒ ගැහැණියගෙ ඕනෑ එපාකම් ඒ හස්බන්ට සපුරාලන්න බැරිනම්. එතකොට එයා වෙනත් කෙනෙක් ළඟ නවතින්න බලනවා. ඒකයි මම කිව්වෙ සර් වගේ කඩවසම් තරුණයෙක් එතන ඉන්න එක සුදුසු නැහැ වගේම , ශාපලත් නිවසක ඉන්න එකෙන් ජීවිත අවදානමක් තියනවා කියලා.
හ්ම්ම්ම්ම් … මට වඩා වයසින් ටිකක් වැඩි වැඩිහිටියෙක් විදිහට ඒ දුන්න පැහැදිලි කිරීම නම් අගය කරන්නම ඕන ජගත් මහත්තයා.
*ඒක තමයි සර්… කොහොමහරි එතනින් පුළුවන් තරම් ඉක්මනට පැනගන්න බලන්න.
ඔව් එ්ක ඇත්ත තමයි.
*මොකද ( වටපිට බලමින් ) මෙි වෙද්දීත් මැඩම් සර්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවා නොඅනුමානයි.
ඔව් ඒක මටත් දැන් තේරිලා තියෙන්නේ.
හැබැයි මම හැමවෙලේම පරිස්සමෙන් ඉන්නේ. මොකද ඔව්වා අනවශ්‍ය ලෙඩනෙ.
*සර්.. මම මෙි දේවල් සර්ට කියන්නෙ. සර් මෙිගැන පිටත නොකියයි කියලා විශ්වාස කරලා.
ඔව් අනිවාර්යයෙන්ම ජගත් මහත්තයා.
ඔයා මට මොනවා කිව්වත් ඒ වචනටික මගෙන් වෙන කෙනෙකුට යනවා නම් බොරුයි. මම මෙි කිසිම දෙයක් කාටවත්ම කියන්න යන්නෙ නැහැ. පාඩුවෙ මගෙ වැඩටික කරගෙන යනවා මිසක. ගන්න ඕන ටික මම ගන්නවා.. එපා ටික බැහැර කරනවා එච්චරයි. හැබැයි ඒ බැහැර කරන ටික නෙ කාගෙ හරි කණකට නම් නෙමෙි.
*හරි සර්. මම ගිහින් එන්නම්.
හරි හරි ජගත් මහත්තයා. ආහ්.. පොඩ්ඩක් ඉන්න…
*සර් …
මෙි… මෙි.. සැමුවෙල් වතුයායට තව වැඩට මුරකරුවෙක් අපි ගන්න ඕන. පත්තරේට ඇඩ් එකක් දාන්න. සතියක් විතර පස්සට දිනයක් දාන්න ඉන්ටර්විව් එකට..
*සර් කවදා වගේද… ?
ලබන බ්‍රහස්පතින්දා හොඳයි..
*හොඳයි සර්… මම අදම පත්තරේට දාන්න කියන්නම්.
හොඳයි බොහොම ස්තූතියි ජගත් මහත්තයා ඔහු නික්ම යනවාත් සමග මාගේ දුරකථනය නාද විය. ඒ වෙන කවුරුවත් නොව සහයක පරික්ෂක කසුන් ය.
දු ක - හෙලෝ සර්. ගුඩ් මෝර්නින්.
ගුඩ් මෝර්නින් නාරද. ඉතින් කියන්න.
දු ක - සර් අර කියන ජාතියේ පොතක් මහනුවර මහජන පුස්තකාලයේ තියනවා. පසුගිය මාස හය ඇතුලත මෙි පොත ගත්ත අයගෙ ලැයිස්තුව හෙට තමයි මට ගන්න වෙන්නෙ. මොකද සර් කියපුදේ හරි.
ඒ ලෙජරය චෙක් කරන්න සන්තෝසමක් මට දෙන්න වුනා.
නියමයි නාරද. හරි.. හෙට වෙනතුරු ඉමු ඉතින්. අවුලක් නැහැ. හරි එහෙනම් කතාබහ සීමා කරමු. ජයවේවා.
දු ක - ජයවේවා සර් .
අවුල් අවුල්… හැමදේම අවුල් මාධව.
සුපුරුදු පරිදි හවස් වනතුරු රාජකාරි කටයුතු කර නිමාවෙන් පසු. හෙන්ද්‍රික් වලව්වට එනවිට කැරොලින් මහත්මිය ආලින්දයේ පොතක් කියවමින් සිටියාය.
මා එනතුරු බලාපොරොත්තුවෙන් සිටියාද කියා මට හැඟේ.
*මිස්ටර් කෙවින් ..
හා.. මැඩම් කොහොමද.. ?
*ඉන්නවා ඉතින්.
අර පොත කියවලා ඉවරයිද .. ?
*ඔව් ඒක ඉවරයි.
මැඩම් ඔය පොත් කොහෙන්ද ගේන්නේ.. ?
*මම ඉතින් මහනුවර මහජන පුස්තකාලයෙන් තමයි ඉතින්..
(නියමයි මාධව පුස්තකාලයට යන්න ක්‍රමයක් පෑදෙයි වගේ)
*මොනවද මිස්ටර් කෙවින් කල්පනා කරන්නෙ… ?
නෑ නෑ මැඩම්. එහෙන් අපිට පොත් කියවන්න ගන්න පුළුවන් ද.. ?
*පුළුවන් … හැබැයි මිස්ටර් කෙවින්ට කෝ ඉතින් ඒකට වෙලාවක්. පොත් කියවන්න තියා , මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ නෙ.
වෙලාවක් … ? මැඩම් එක්ක කතා බස් කරන්න මට මොකටද වෙනම වෙලාවක්. මම මෙි දැන් මැඩම් එක්ක කතා කරන්න වෙනම වෙලාවක් වෙන්කර ගත්තෙ නැහැ නෙ. කෝ… මිස්ටර් රිචඩ් නැද්ද .. ?
*එයා අපේ ෆැමිලි ඩොක්ටර් හමුවෙන්න ගියා ජෝශප් එක්ක.
ෆැමිලි ඩොක්ටර් ගෙදරට එන්නෙ නැද්ද එතකොට .. ?
*එයාගෙ වාහනයට මොකක්ද වෙලා කියලා අපිට කෝල් කරලා කිව්වා.
හ්ම්ම්ම්ම් එහෙමද…? අසනීප තත්වයට
බෙහෙත් ගන්න වෙන්න ඇති.
*ඔව් … මාසෙකට සැරයක් යනවා.
දන්නෙ නැද්ද ඉතින් වයසක අයට තියෙන
ලෙඩ.
ඔව් නේද .. හ්ම්ම්ම්ම් හරි… එහෙනම් මැඩම් පොත කියවන්න. මම උඩට ගිහින් ඇඳුම මාරු කරගෙන එන්නම්.
*හරි…. මෙි මෙි …..
ඇයි මැඩම්… (තරප්පු පෙල නගිමින් සිටි මා ආපසු හැරී )
*ඊයේ රෑ වෙච්ච දේට මට සමාවෙන්න මිස්ටර් කෙවින්.
ඊයෙ මොකක්ද වුනේ…. ?
*ඇයි අනේ… මම ඊයේ රෑ හීනෙන් ඇවිද්දේ.
හා … හරි.. ඒකට කමක් නැහැ. හැබැයි මැඩම් ටිකක් පරිස්සමෙන්. මොකද යන්නෙ උඩ තට්ටුවනෙ. බැරි වෙලාවත් වැටුනොත් එහෙම ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ඒකයි. මොකද සිහියෙන් යන ගමනක් නෙමෙි නෙ.
*ඒ කියන්නෙ ඔයා මම ගැන හිතනවා එහෙමද.. ?
( මෙික මලහෝන්තුවක් වුනානෙ ඒ ගමන )
*කෙවින් මහත්තයා.. ආයෙත් කල්පනා කරනවා ඉතින්..
නෑ නෑ මැඩම්. එහෙම නෙමෙයි. නිකං ජීවිත අවදානමක් ගන්න ඕන නැහැ නෙ.
ඒ හන්දා රෑට කාමරෙ දොරකඩ පාමුල තෙත ගෝනියක් දාගන්න ජෝශප් ට කියලා. එතකොට හරි.
*නැහැ මිස්ටර් කෙවින් එහෙම හැමදාම මට එහෙම වෙන්නෙ නැහැ.
ඒ කිව්වෙ..
*මාසයට එක වතාවක් උපරිම දෙවතාවක් තමයි ඉතින්.
ඒකත් එහෙමද .. ? හරි.. කොහොම නමුත් පරිස්සමෙන්. නැවත තරප්පු පෙලෙන් ඉහළට නැග , කාමරයට විත් , දොර වසාගත් මා වාඩී වී මොහොතක් කල්පනා කෙරුවෙමි. හැමදාම ඇය නින්දෙන් ඇවිදින්නෙ නැත්නම්. එය වෙනවා ඇත්තෙ යම්කිසි කාල රටාවකට විය යුතුය. එතකොට පෙරදින රාත්‍රියේ මා දුටු කුඩා කොළපාට එළිය රාත්‍රි කාලයේදී අවට නිරීක්ෂණය සඳහා භාවිතා කරන දුරදක්නයක්ද.. ? එය විය හැකිද … ? ඔව්
මාධව ඕනතරම් මෙහෙයුම් වලදී අපි එය පාවිච්චි කරනවා නම් , වෙනත් අයෙකුට එය පාවිච්චි කිරීමට බැරිද .. ? ඒ සඳහා මූලික දැනුමක් තිබීම ප්‍රමාණවත්. එසේනම් එසේ නිරීක්ෂණය කරන්නෙ කවුරුන්ද … ? අරමුණ කුමක් විය හැකිද…? තවද , මෙච්චර ලොකු විපරම් සුනඛයෙක් ඉඳලත් මිනීමැරුම සිදුවුන දවසේ ඇයි උෟ නිහඬ වුනේ.. ? මා සිටි මෙි දින ගණනාවට පොඩි ශබ්දයකට පවා ටයිගර් බුරන්නට විය. එසේ බුරන හැම අවස්ථාවන් වලදීම මෙහෙකාර ජෝශප් විදුලි පන්දම දල්වාගෙන ඔබමොබ ඇවිද්දා බව මාහට මතකය. එසේනම් මිනීමැරුම කල පුද්ගලයාව ටයිගර් හොඳාකාරව අඳුරනවා විය යුතුය. ඊට අමතරව පෙරකී කැරොලින් මහත්මිය හීනෙන් ඇවිදින්නේ යම්කිසි කාල රටාවකට නම් ඒ ගැන සුළු හෝ දැනුමක් මෙහෙකාර ජෝශප් සතුව තියෙන්නට පුළුවන.
එසේනම් මහනුවර මහජන පුස්තකාලයට යාමට මාහට පොටක්ද පෑදුනි. වහාම ව්‍යායාම ඇඳුමක් දාගෙන කාමරයේ දොර අරින විට දොර කෙලින් සිටගෙන සිටියේ කැරොලින් මහත්මියයි.
මැඩම්…
*ඔව් මම තමයි… මට මෙි කාමරයට එන්න අවසර ගන්න ඕනද … ?
මම හිතන්නේ ඒකට උත්තර ` ඔව් ´ කියන එක තමයි. හ්ම්ම්ම්ම් කමක් නැහැ එන්න මැඩම් ඇතුලට.
*නැහැ ඕන නැහැ…
කමක් නැහැ මැඩම්… ඔයාලගෙ ගෙදර නෙ. එන්න ඇතුලට.
ඔන්න කාමරය ඇරලා තියනවා. මැඩම්ට මගෙ කාමරයට එන්න පුළුවන්.
*මම මෙික අරගෙන ආවා…
මොකක්ද මැඩම් මෙි .. ?
*අපේ ෆැමිලි ඇල්බම් එක.. මම ඒක පෙන්වන්න ආවෙ. ඔයා ඉතින් මට සැර දානවනෙ.
අපෝ නැහැ මැඩම්. දැන්වත් එන්නකො එහෙනම් ඇතුලට. වාඩිවෙන්න මෙි පුටුවෙන්.
*ඔයත් මෙතනින් වාඩිවෙන්න එහෙනම්.
හොඳයි..
*මොකද මෙි.. තව ටිකක් මගෙ ළඟින් වාඩිවෙන්න.
එහෙම හරි නැහැ නේද… ?
*එහෙම හිතනවා නම් හිතන්න ඕන මම නෙ. අනේ මන්දා ඔයා නම්. වාඩිවෙන්න ළමයෝ මම ළඟින්.
ඉන්පසු මමත් ඇය අභියස වාඩි වුනෙමි.
විවිධ අය පෙන්වමින් ඇය ඔවුන් කවුරුන් ද යනුවෙන් පැහැදිලි කරන අතරෙ මා ජංගම දුරකථනයෙන් ඒ සියල්ලන්ගේම ඡායාරූප ගන්නට විය.
*අපෝ .. ඔයා නිකං සත්තු වත්තට ආවා වගේ ෆොටෝ ගන්නේ.
නෑ ඉතින් මම කැමතියි මෙි වගේ ඉතිහාසයක් තියෙන වලව්කාර අයගෙ ෆොටෝ ටිකක් ගහලා තියාගන්න. මැඩම් අකමැති නම් මම මෙි සේරම ඩිලීට් කරලා දාන්නම්.
*එපා… මම විහිළුවක් කරේ.
එතකොට මෙි ඉන්නෙ කවුද … ?
*මෙි ද… ? මෙි ඉන්නෙ මගෙ චූටි මස්සිනා
කැප්ටන් පීරීස්. එතකොට මෙි තියෙන්නේ එයාලගෙ වෙඩින් ෆොටෝ එක. මෙි ඉන්නෙ මගෙ නෑනා පොඩ්ඩ. කියමින් ඇය ටික ටික ඇගේ මුහුණ මගෙ මුහුණට ලංකරන බවක් මට දැනී මා මොහොතක් පස්සට වුනෙමි.
*මොකද මෙි…
නෑ මැඩම්. ඇල්බම් එක ඉවරයි නෙ.
*හා ඔව්…
හොඳ පැහැදිලියි කිරීමක්. තව ෆොටෝ පහක් විතර තිබ්බා නම් පැහැදිලියි කිරීම උඩුදුවයි වගේ කියලා හිතෙනවා.
*ඒ කිව්වෙ ..
නෑ.. මම කිව්වෙ මැඩම්ගෙ මුහුණ මට ලංවෙලා වැඩියි වගේ. ඒකයි.
*ඇයි බයද.. ?
ඔව් මම බයයි.. අන්සතු මලක් නෙ.
*අන්සතු කියලා මුහුනෙ කොටලා නැහැ නෙ
ඒක ඇත්ත.. ඒ වුණාට වම් අතේ ඇඟිල්ලෙ තියනවා වගේම රාජ්‍ය ලියවිල්ලකින් අයිතිය තහවුරු කරලා තියනවනෙ.
*එව්වා නම් මොකක්ද කෙවින් මහත්තයා.
මුද්දක් කියන්නේ පනවපු සීමාවක් නෙ.
ඒ සීමාව නිතරම මතක් කරන්න තමයි මෙික ඇඟිල්ලක රඳවන්නෙ.
ඔව්.. ඒක ඇත්ත. අන්න ඒ සීමාව නිතරම මතක තියාගන්න මැඩම් හරි තෑන්ක් යූ. මම යනවා එහෙනම්. කියමින් ඇයට කිසිවක් පවසන්නට ඉඩ නොදී මා වෙිගයෙන් තරප්පු පෙල බැහැගෙන පහලට ආවෙමි. දැන්නම් මෙයා
ටිකක් ඕනෑවට වැඩියි වගේ. මා මටම මුමුණා ගත්තෙමි. එක පිම්මට මිදුලට ඇවදින් සැමුවෙල් වතුයායෙන් එලියට ඉක්මන් ගමනින් යනවිට මා නැවත හැරි බැලුවෙමි. ඇය ඉහල මහලයේ සිට මා දෙස බලා සිටියාය.
මා නැවත එනවිට රිචඩ් හාමු වලව්වට ඇවිත් සිටියා. කිසිත් නොපවසාම මා කාමරයට ගියෙමි. රාත්‍රි ආහාරය ගැනීමට පහලට එනමෙන් මෙහෙකාර ජෝශප් පණිවිඩයක් ලැබුණු පසු මා කෑම මෙිසයේ ඉඳ ගත්තෙමි. ආහාර ගන්නා අතරතුරද ඇය හොරැහින් මා දෙස බලන බවක් පෙනුනි. රාත්‍රි ආහාරය අවසන් කර පළමුවෙන්ම හඬ අවදි කලේ රිචඩ් හාමුය.
*ඉතින් මිස්ටර් කෙවින්. බඳවාගැනීමෙි වැඩෙි මොකද … ?
සර් අදහස් කලේ මුරකරුවෙක් ගන්න කාරණාව වෙන්න ඕන…
*ඔව් ඒක තමයි..
ඒගැන පත්තරේට අපි දැන්වීමක් බාරදීලා තියෙන්නේ. බොහෝදුරට හෙට පත්තරේ පලවෙයි අපේ දැන්වීම.
*බොහොම හොඳයි. මම හිතුවට වඩා මිස්ටර් කෙවින් ක්රියාශීලීයි නෙ. හ්ම්ම්ම්ම් ..
නියමයි … හොඳයි හොඳයි හොද ප්‍රශ්න නැති කොල්ලෙක් තෝරලා ගන්න බලන්න එහෙනම්.
හොඳයි සර්… සැලරිය කීයක් විතර අපි දෙනවද … ?
*කීයක් විතර දෙමුද … ?
සර්. මම ඒක සර්ගෙන් අහන්න ඕන. මොකද සර් තමයි දැනට ඉන්න ප්‍රධානියා මැඩම් ඉතින් මැනේජර් වගේනෙ. ඉතින් සර්ම තමයි තීරණය කරන්න ඕන.
*යසයි යසයි ඉලන්දාරියා. තනතුරු වලට , වැඩිහිටියන්ට , ඒ අයගේ් අදහස් වලට ප්‍රමුඛත්වය දෙනවා. බොහොම සන්තෝසයි. කැරොලිනා…
**පපා…
*කීයක් විතර දෙමුද… ? පනහක් විතර ඇද්ද … ?
**ඇති පපා..
*හොඳයි … එහෙනම් ඒ ගාණ ස්ථීරයි.
හරි සර්… මා වෙනත් යමක් පවසයිද කියා
ඇය දෙගිඩියාවෙන් පසුවන බැව් ඇගේ මුහුණ පුරාවට පෙනුන බැවින් මා එය පරික්ෂා කිරීමට සිකාගෙන ,
සර් මට තව දෙයක් කියන්න තියනවා. (ඇගේ මුහුණ වෙනස් විය )
*ඒ මොකක්ද … ?
ඇත්තටම මෙික ඉල්ලීමක්..
*හ්ම්ම්ම්ම් කියමු බලන්න.
සර් මම කැමතියි අර අවුරුදු පහක් තිස්සෙ වහලා තියෙන නේවාසිකාගාරයට යන්න. එතකොට මට ලේසියි වැඩට එන්නත්.
*ඇයි තරුණයා එහෙම හදිසියේ තීරණයක් ගත්තේ.. ?
මම දන්නවා සර්ලා මට සලකන විදිහ. නමුත් පිට මිනිහා පිට මිනිහම තමයි.
මෙි මැඩම් වුනත් තරුණයි. එතකොට පැට්රික් සර් එන්නෙත් මාස කීපයකට සැරයක්. මම මෙතන ඉන්නවා කියන්නෙ
මෙි පැත්තේ අයට තවත් කතන්දරයක් හදන්න මාතෘකාවක් නිර්මාණය වෙන එක. අපේ හිත් හොඳ වුණාට , ඒක ලෝකයට පේන්නෙ නැහැ නෙ. ඉතින් මම කැමති නැහැ කාටවත් අළුතෙන් කතන්දර හැදෙනවට. ඒක මටත් , මෙි ගෙදර අයටත් අවමානයක් වගේම , මෙි වලව්වේ උදවිය මෙතෙක් රැකගෙන ආපු අභිමානයටත් කැළලක් මට හිතෙන විදිහට.
*මිස්ටර් කෙවින්… තමුසෙ හරි විවෘත මිනිහෙක් නෙ. මම හිතුවටත් වඩා විවෘතයි නෙ. ඇයි කවුරුවත් මොකුත් කිව්වද.. ? නැත්නම් කටකතාවක් යනවා ඇහුනද .. ?
අපෝ නැහැ සර්… එහෙම නිර්මාණය වෙන්න කලින් මම කියන්නෙ මෙි.
*ඇත්ත තමයි. සහතික ඇත්ත තරුණයා. සහතික ඇත්ත. මට එහෙම පිටත් ඔයාව මෙතනින් කරන්න වුවමනාවක් නෑ. හැබැයි එහෙම බලපුවාම ඉතින් කතාවෙ වරදකුත් නැහැ. හොඳයි හොඳයි.. එහෙනම් හෙට දෙතුන් දෙනෙක් දාලා ඒක පිලිසකර කරලා දාගන්න. මම ගොඩාක් කැමතියි ඔහොම කෙලින් කතා කරන මිනිස්සුන්ට.
ඒක තමයි සර්.. මිනිස්සු කතා හදන එක අපිට නවත්වන්න බැහැ. හැබැයි කතා හදන්න කලින් ඒක නවත්වන්න අපිට පුළුවන්.
*හරි හරි වෙනත් යමක්…
නැහැ සර්…
*හොඳයි පුතා. ගුඩ් නයිට්…
ගුඩ් නයිට් සර්..
රෝද පුටුවෙන් සෙමෙන් තම කාමරය දෙසට යන්නට විය. කැරොලින් මහත්මිය ද කිසිවක් නොපවසා එතනින් නික්ම ගියාය.
ඒ ගමනේ , ඒ හැසිරීමෙහි විරුද්ධත්වයක්
පෙන්නුම් කෙරුණි. මාද නික්ම ගොස් කාමරයට ඇතුල් වී දොර වසා ගත්තෙමි.
සැණෙන් කෙටි පණිවිඩයක් දුරකථනයට ලැබුණි. ඒ අනෙකෙකු නොව , කැරොලින් මහත්මියයි.
කැරොලින් - ඇයි ඔයා එහෙම තීරණයක් ගත්තෙ.
මැඩම් මම ගත්තෙ හරි තීරණය. මම ආවෙ වැඩ කරන්න. මෙතන මට සුදුසු තැනක් නෙමෙයි. අනික මෙතන වුනත් මට ඉන්න පුළුවන් තාවකාලිකව විතරයි.
කැරොලින් - ඒ වුණාට ඒක මගේ පැත්තෙන් වැරදියි.
ඔයාගෙ පැත්තෙන් … ඒ මොකද මැඩම්…?
කැරොලින් - මෙි ගෙදර මට හිරගෙයක් වගේ. මට ඉන්න එකම සහනය ඔයා. ඇත්තම මම ඔයාට කැමතියි. ඔයා දැකපු මුල්ම මොහොතේ මම හුඟක් සතුටු වුනා. ඒ වගේ දවස් දෙකක් විතර ගියාට පස්සේ මට තේරුනා ඔයා මගෙ ජාතියේම මම බලාපොරොත්තු වුන කෙනෙක් කියලා. ඒ වගේම ඔයාට තියෙන්නේ නියම මහත්මා ගතිගුණ කෙවින්.
මැඩම් මගෙ ඒ මහත්මා ගතිගුණ දිගටම තියාගන්න ඕන හන්දා තමයි මම මෙතනින්
යන්න තීරණය කලේ. මොකද මීට වඩා මෙික අවුල් ජාලාවක් වෙන්න ඉඩ තියනවා. මව මෙතන තව දුරටත් හිටියොත්. මොකද මැඩම් ඉඩ දෙන්නෙ බුද්ධියට නෙමෙි හැඟීම් වලට. මම ඒකෙ වැරැද්දක් දකින්නේ ඒක අසම්මත එකක් හන්දා. ඔයා අන්සතු මලක්. හැබැයි මම ඉඩ දෙන්නේ අංක එකට බුද්ධියට.
කැරොලින් - එතකොට අංක දෙකට හැඟීම් වලටද.. ?
ඔව්… හැබැයි ඒකත් තව කෙනෙකුට හානියක් නොවන්නේ නම් විතරයි මැඩම්.
සම්මතයට පටහැනියි නම් එතනදී මම නිහඬයි.
කැරොලින් - හරි හරි… මට කියන්න දේවල් බොහොමයි කෙවින් මහත්තයා.
ඔව් වෙන්න පුළුවන්. නමුත් ඒවා ටික ටික මට කියන්න. මම යන්නේ වත්තේ ක්වාටස් එකටනෙ. මැඩම්ට ඕන වෙලාවක යන්න එන්න පුළුවන් නෙ.
කැරොලින් - මට ඉතින් ඔයාව පේන්නෙ නැහැ නෙ එතන හිටපුවාම.
ඇයි නැත්තේ මැඩම්. මැඩම් ගෙදරට හිරවෙලා ඉන්න ඕන නැහැ නෙ. එහෙ වැඩට එන්න පුළුවන් නෙ. එතකොට ප්‍රශ්නයක් නැහැ නෙ.
කැරොලින් - හ්ම්ම්ම්ම් ඒකත් ඇත්ත තමයි.
මම එහෙම ආවට විරුද්ධත්වයක් නැද්ද ඔයාගෙ.
මම කවුද මැඩම් ඒකට විරුද්ධ වෙන්න. ඒක මැඩම්ගෙ හස්බන්ඩ් ගෙ ආයතනය නෙ.
කැරොලින් - හරි හරි ඉතින්.
නියමයි මාධව. අපි බලමු මෙි හැමෝගෙම විශ්වාසය දිනාගත්තට පස්සෙ මොනවද එයාලගෙන් අපට ගන්න පුළුවන් වැදගත් තොරතුරු කියලා. මම මින් ඉදිරියටත් හැමෝටම විශ්වාසවන්නව වැඩ කරන්න ඕන වගේම , සුළු සේවකයා එක්කද ඉතා සමීපව කටයුතු කරන්න ඕන. එතකොට ඔය පොලීසියට ගන්න බැරි බොහෝ දේවල් මට ඉතා ඉක්මනට මෙි අයගෙන් ගන්න පුළුවන් වේවි. කොහොමහරි කසුන්ව මෙතනට ගන්න බලන්න ඕන. එතකොට
භූමිය තුල නිරීක්ෂණයන් ටික මට කඩිනමින් කරගෙන යන්න පුළුවන් වේවි.
උපක්‍රමශීලී මිනීමරුවෙක් සොයා ආ ගමනක්. සුසානයක් වැනි වලව්වක් , ඒ මැද සෙනෙහස , ආදරය අහිමි කුල කතක්. ඇයගෙන් අනියම් පෙමකට ඇරයුමක්.
අනේ මන්දා මාධව.
නැවත හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023