නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 03
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
03 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
**හොඳමයි ලොකු හාමු. එන්ඩ එන්ඩ මහත්තයා මගෙ පස්සෙන් එන්ඩ…
හොඳයි බොහොමයක් ස්තූතියි.
*හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් …. නැවත දුම් උරන්නට විය.
මෙතැන්සිට….
වංශක්කාර අධි මාන්නයක් හිතාමතාම ඉස්මතු වන විදිහට හැසිරෙන මහළු මිනිසා පසුකර දෙවන තට්ටුව වෙත පඩිපෙළ දිගේ ගමන්ගත් මා එක් කාමරයක නැවතීමට අවකාශ ලැබුණි.
පුද්ගලික බඩුබාහිරාදිය වගේම ලැප්ටොප් පරිඝනක යන්ත්‍රයද මෙිසය මත තබා ගත්තෙමි. ජනේලය විවෘකරන විට ඈත කඳුකරයේ ගැටී එන සීත සුලං එම ජනේලය හරහා කාමරය තුළට එන්නට විය නැවුම් සුළඟේ ආශ්වාදය දෙනෙත් පියාගෙන මොහොතක් විඳගත් මාගෙ දැහැන බිඳින්නට සමත්වූයේ ජෝශප් ගෙ
උගුර පාදන හඬය.
**මහත්තයා තේ එකක් එහෙම බීලා හිටියා නම්..
බොහොමයක් ස්තූතියි අංකල්..
ඉතින් අංකල්ගෙ වගතුග මොනවද …
( තේ පානය කරමින් )
**මම ඉතින් මහත්තයා මෙිකෙ වැඩට ආවෙ ගැටයා කාලෙ ඉඳලම නොවැ.
එතකොට දුවාදරුවො එහෙම නැද්ද.
**මොකද නැත්තෙ මහත්තයා මට ඉන්නවා දුවල දෙන්නෙක්. දෙන්නම පෙලවහ කොරගෙන පිළිවෙළට ඉන්නෙ.
නියමයි නෙ.. හොඳයි හොඳයි එතකොට හාමු කෝ…. ?
**හාමු පිටරට නොවැ. ඒ උත්තමයා එන්නේ මාස හතරෙන් හතරට තමයි ලංකාවට.
හ්ම්ම්ම්ම් ඒකත් එහෙමද.. ?
එතකොට මෙි කාමරයේ මීට කලින් කවුරු හරි මෙි කාමරයේ හිටියද … ?
** නෑ මහත්තයා.
එතකොට ඔය මැරුණු කෙනා මොන කාමරයෙද හිටියෙ.
**එහා පැත්තෙ කාමරයේ මහත්තයා.
හ්ම්ම්ම්ම් හරි හරි. මම මෙි නිකමට ඇහැව්වෙ.
**දන්නවද මහත්තයා ( වටපිට බලමින් )
පීරිස් මහත්තයා මැරුනට පස්සේ මෙි වත්තට වැඩ බලන්න කිසිම කෙනෙක් එන්න කැමති වුනේ නෑ නොවැ. මහත්තයා තමයි ආවෙ. අනේ මන්දා ඉතින්.
නම පීරීස්ද එයාගෙ. හරි එතකොට අනේ මන්දා කිව්වේ. ඒ මොකද ජෝශප් අංකල් ( හිස් කෝප්පය ආපසු දෙමින් )
**මට හිතෙන විදිහට ඔය සුපිරින්ටන් පට්ටමට අපලයිද කොහෙද.
හ්ම්ම්ම්ම් එහෙම එකක් නැහැ අංකල්.
මොකද මම දැන් වැරදි කරලා ඇවිත් නැහැනෙ කවුරුවත් මාව මරන්න තරම්. හිතට දැනෙන දෙයක් වෙච්ච ගමන් මිනිස්සු අනවශ්‍ය බියක් නිර්මාණය කරගන්නවා. ඒක මිනිස් ස්භාවය.
එ්ක නිකං මිනිස්සුන්ගෙ සංකල්පයක් විතරයි.. අපි බලමුකො. අපි ටික ටික කතා කරමුකො.
**හොඳමයි හොඳමයි මහත්තයා. මම ගොහින් එන්නම්. මම යසවතීට කියන්නම් දැන් ඉඳලා මහත්තයටත් එක්ක මින් ඉදිරියට කෑම හදන්න කියාලා. මට ටයිගර් නාවන්නත් තියනවා.
ටයිගර් කිව්වෙ … ?
**ගෙදර ඉන්න බලු තඩියා.. ඉන්නවා දෙකේ හතරෙ බඩුවක්..
එහෙමද .. ? මම බයවුනා ටයිගර් කියනකොට පර්මිට් අරගෙන කොටියෙක් හදවද කියලා.
**අපෝ නෑ මහත්තයා.. ( ආපසු හැරෙමින්)
හරි අංකල්.. බොහොමයක් ස්තූතියි
**හොඳා හොඳා…
ඔහු නික්මගිය පසු මා නැවතත් ඈතින් පෙනෙන සීත කඳුකරය දෙස මොහොතක් බලා සිටියෙමි. මගේ කල්පනා දැහැන බිඳින්නට සමත්වූයේ දුරකථනය නාද වීමෙනි.
හෙලෝ….
දුරකථනයෙන් - සර්.. තැනට ගියාද… ?
ඔව් නාරද මහත්තයා අවුලක් නැහැ. මම මෙි ආවා විතරයි. ටික කාලයක් යයි පරිසරයට වගේම වැඩෙිට අනුගත වෙන්න.
දුරකථනයෙන් - ඔව් නේද සර්. හරි.. සර් එහෙනම් විවෙික ගන්න. මම රෑවෙලා කතා කරන්නම්.
හරි… ඕකේ නාරද ජයවේවා..
දුරකථනයෙන් - ජයවේවා සර්..
දහවල වනතෙක් මා ගෙනා බඩුබාහිරාදිය
පිළිවෙළට තබා, ඉහල මහලයේ නොසිට
පහලට විත් වටපිටාව හොඳින් විපරම්කර ඇසට හුරුකරගත්තෙමි. වලව්වේ පසුපසුට යද්දී , මෙහෙකාර ජෝශප් බල්ලා නාවමින් සිටියි.
**මහත්තයා …
හා ජෝෂප් අංකල්.. මෙයාද ටයිගර්..?
**ඔව් .. හරිම හොඳ එකා මූ.
හිතුවට වඩා ලොකුයි නෙ. මට හපයිද … ?
**නෑ මහත්තයා.. හරිම හීලෑ එකෙක්. වලව්වේ කවුරුහරි මනාපෙට කාටහරි කතා කරනවා දැක්කොත් මූත් එයාටත් මනාපයි. හැබැයි අපිත් එක්ක වියරුවෙන් කතා කෙරුවොත් කවුරු හරි විනාසයි මහත්තයා. ආයේ කතා දෙකක් නැහැ ගිරිය මයි කඩලා ගන්නෙ. මහත්තයා දැන් ඉඳලම යාළු කරගන්න.
හපොයි… ටයිගර් උන්නැහැහේ… කියමින් මා උගේ ඔළුව පිරිමදින විට ඇස්දෙක පියාගෙන සංවේදී වන ගමන් තම නගුට වනන්නට විය.
**ඕන්න මම කිව්වෙ… දැන් හරි.. ඒක නෙමෙි. මහත්තයගෙ ගම්පලාත කොහෙද.. ?
මම ගම්පහ.
**ෂාහ්හ්හ් පංකාදු පලාතක් නොවැ.
හ්ම්ම්ම්ම් ….
**මහත්තයට මෙි පරිසරය නම් හුරුපුරුදු නැතුවා වෙන්නට ඕන.
ඔව් අංකල්.. මට ටික දවසක් යයි. මේ
සේරමත් හරි. පින්නට මතුවෙන ගොඩ කූඩැල්ලන් තමයි ප්රශ්නය.
**හැබෑව හැබෑව…. ඕකත් ටික කාලයක් යනකොට හරියයි මහත්තයා. ආන්න ලොකු නෝනා එනවා. කියමින් ගේට්ටුව පසුකර අප දෙසට ඇදෙන ජීප් රථයක් පෙන්වීය. අප ආසන්නයට විත නතර කිරීමෙන් පසු රූමත් යුවතියක් එයින් බැසගත්තාය. සුදු මුහුණ , දිගු වරලස ඇයගේ රූමත් බව වැඩිදියුණු කරන්නට සමත්විය. පෙනුමින් වයස අවුරුදු තිස්පහකට නොවැඩි විය යුතුය. මුළු අඟපසඟ ආවරණය වන පරිදි තනි සුදු ගවුමකින් ඈ සැරසී සිටියාය. මාදෙස බලා තරමක රාගි සිනහවක් පෑ ඇය , තම හඬ අවදි කළාය.
*මම හිතන්නෙ මේ අපේ අළුත් සුපවයිසර් මිස්ටර් කෙවින් ෆර්නැන්ඩස් වෙන්න ඕන.
ඔව් මැඩම්…
ඉහේ සිට පාදාන්තය දක්වා මාදෙස බැලු ඇය. මම කැරොලින් තිසේරා. පැට්රික් පීරීස් කියන්නේ මගෙ හස්බන්ඩ්.
හ්ම්ම්ම්ම් එහෙමද… හඳුනාගැනීම සතුටක් මැඩම්. දැන් පැට්රික් සර් ලංකාවෙ නැහැ නේද… ?
ඔව් ඉතින් එයා එන්නෙ මාස හතරකට සැරයක් නෙ. ව්‍යාපාරය අංක එකනෙ එයාට. (ඇව උදාසීන ලීලාවෙන් අහක බලාගෙන කියන්නට විය. ඒ කතාවෙන් මට හැඟුනෙ ඔහු හිටියත් එකයි , නැතත් වෙනසක් නැහැ වගේ හැඟීමකි) හොඳයි අපි යමු ඇතුලට.
හොඳයි මැඩම්.. මම ටිකක් අහල පහල ඇවිදලා එන්නම්..
*ඔයාගෙ කැමැත්තක් මිස්ටර් කෙවින්.
හ්ම්ම්ම්ම් …..
දෙඅත් කබා සාක්කු දෙකට දමාගත් මා
තේ වතුයායේ ප්‍රධාන පිවිසුමෙන් එළියට යාමට පෙර මා බැලුවෙ අත බැඳි අත් ඔරලෝසුවෙ පටියෙහි රඳවා ඇති මාලිමාව දෙසය. ඉන්පසු එහි උතුර මොන දිශාවටද ඇත්තෙ කියා දැක ගත්තෙමි. සැබැවින්ම වලව්ව පිහිටා තිබුණෙ බස්නාහිර ට සමපාතවය. ඉන්පසුව ආවෙ අතුරු පාරවල් කීපයක ඉතා කෙටි දුරක් ඇවිද යාමේ අටියෙනි. දහවල් එක පමණ වනවිට කුඩා මාවත කීපයක් දැන හඳුනාගන්නට මා සමත් වූයෙමි. නැවත වතු පරිශ්‍රයට පැමිණ හෙන්ද්‍රික්ස් වලව්වට ඇතුළු වනවිටම කෙවින් මහත්තයා සමඟ දහවල් ආහාරය එකට වාඩී ගැනීමට සූදානම්ව සිටින බැව් ජෝශප් විසින් මට සැලකර සිටීමෙන් පසු මා කෑම කාමරය වෙත ගියෙමි.
සමාවෙන්න සර්.. මම පොඩ්ඩක් වටපිටාව බලන්න ගියා..
*වාඩිවෙන්න…
තෑන්ක් යූ සර්..
*ඒකට කමක් නැහැ මිස්ටර් කෙවින්. මම හරි කැමතියි බාරදෙන වැඩෙි උනන්දුවෙන් කරන අයට. මම හිතනවා මිස්ටර් කෙවිනුත් එහෙම චරිතයක් කියලා.
අනිවාර්යයෙන්ම සර් ….
*හොඳයි … කැරොලිනා..
**පපා..
*හෙට උදේ කෙවින්ට අපේ තැන් වගේම , කළයුතු වැඩටික පැහැදිලි කරන්න.
**ඕකේ පපා.
මට මෙි දේවල් ගැන පළපුරුද්දක් නැහැ සර්. නමුත් මම වැඩටික අල්ලගෙන කරගෙන යන්නම්.
*ඒක මම දන්නවා මිස්ටර් කෙවින්. ඒකට කමක් නැහැ. මෙි තත්වය යටතේ මෙතනට ආපු එකත් ලොකු දෙයක්. මාස හතරක් තිස්සේ කවුරුවත් මෙි වත්තට ඔය පුරප්පාඩුව පුරවන්න ආවෙ නැහැ. මම පත්තර කීයකට දැම්මට රැකියා ඇබෑර්තු තීරුවෙ මෙි ගැන. හරි… මීට කලින් මොනවගේ ආයතන වලද වැඩ කරලා තියෙන්නේ.
සර් මම කලින් වරායේ රේගු නිලධාරීයෙක් විදිහට වැඩ කලා.
*බොහොම හොඳයි. එතකොට එතනින් අයින් වුණාද … ?
ඔව් සර්… මට අස්වෙන්න සිද්ධවුනා. මොකද නිවාඩු සීමිතයි. අම්මා අසනීප වුනාට පස්සේ මට අම්මා ළඟ නිතරම ඉන්න වුනා. ඉතින් මට සිද්ධවුනා අම්මද නැත්නම් ජොබ්එකද කියලා තීරණය කරන්න. ඉතින් මම අම්මව තෝරගත්තා.
*නියමයි මිස්ටර් කෙවින්. පුතා… ඒක අගය කරන්න ඕන දෙයක්. අද කාලේ දරුවෙක් ලේසියෙන් ගන්න තීරණයක් නෙමෙි අරගෙන තියෙන්නේ. එතකොට මැරි කරලා නැද්ද තවම..?
නැහැ සර්.. (කැරොලින් මහත්මිය මාදෙස ඇස් කොනෙන් බැලුවාය )
*ඔව් ඉතින් තවම වයස තියනවා නේ ඒකට. මිනිහෙක් විවාහවෙන්න හදිසි වෙන්න හොඳ නැහැ. කියමින් ඔහු බැලුවෙ ඇය දෙසය.
ඒක ඇත්ත සර්… කොහෙන් කොහොම හරි
මට ඒ තීරණය ගන්න වුනත් , මට අම්මව ගොඩදාගන්න බැරිවුණා. අවසානෙ කැන්සර් එක උඩුදුවලා අන්ත්රාවුනා. ඉතුරු කරලා තිබ්බ හැම සතයම වියදම් වුනා.
*ඕහ් එහෙමද.. කණගාටුයි පුතා. ඉතුරු කරපු හැම සතයම තමන්ගෙ දෙමව්පියන්ට වියදම් කරනවා කියන්නෙ. ඒ පුතා ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. දැන් ඉන්නෙ හුඟක් නාස්තිකාර පුත්තු. දෙමව්පියන් හොයනවා.
දරුවො විනාස කරනවා. ( කැරොලින් මහත්මිය දෙස බලමින් )
ඒකට කමක් නැහැ සර්. ඒක අතීතයට ගිහින් ඉවරයි දැන්. මට කරන්න පුළුවන් හැමදේම මම කරා. එච්චරයි.
*ඒ වුනත් අවසාන මොහොත දක්වා තමන්ගෙ යුතුකම ඉෂ්ට කරානෙ. හ්ම්ම්ම්ම් .. හරි කමක් නැහැ අපි ජොබ්එක ඉගෙනගෙන කරගෙන යමු.
ඕකේ සර් ….
දිවා ආහාරය අවසන් කර ගෞරවාන්විත විදිහට මෙිසයෙන් ඉවත්වූ මා හෙමින් සීරුවෙ ඉහල තරප්පු පෙල නැගගෙන ගියේ ඉතා ශෝකාකූලව සිටින මෙන් හැසිරීම් රටාව නිර්මාණය කරගෙනය. ඉන්පසු ඉහල මාලයේ මාවෙත වෙන්කර තිබෙන කාමරය වෙත ගියෙමි. හෝරාවකට පසු නැවත මා වලව්වෙන් එළියට බැස්සේ මා දහවල් කාලයේ නොගිය මාවත් ඔස්සේ යාමට සිතාගෙනය.
*මිස්ටර් කෙවින් .. කොහෙද යන්නෙ…?
පහල මහලයේ කෙලවරක ජනෙල් කවුළුවක් හැර දමමින් තම හඬ අවදි කලේ කැරොලිනාය.
හා.. මැඩම් මම මෙි පාරවල් ටික බලාගන්න යන ලෑස්ති වුනේ. මොකද මෙි පරිසරයට මම ඉක්මනින්ම හුරුවෙන්න ඕන නෙ. ඒකයි.
*ඉන්න.. මාත් එනවා.
මැඩම් …
*ඔව් … විනාඩියක් දෙන්න.
මොහොතක පසු ඇය රෝස පැහැති දිග ගවුමක් ඇඳගෙන මිදුලට ආවාය.
*අපි ජීප් එකේ යමු. මිස්ටර් කෙවින්ට ඩ්‍රයිවින් පුළුවන් ද…?
පුළුවන් මැඩම්.
ව්‍යාජ රියදුරු බලපත්‍රය මාගෙ පසුම්බියට දාගැනීම ගැන සිතින් මා, මටම ප්‍රශංසා කරගත්තෙමි.
*නියමයි. මෙන්න යතුර. යමු එහෙනම්.. ගන්න වාහනය.
ඕකේ මැඩම්…
මා ජීප් රථය සීරුමාරුවට හරවාගෙන මිදුලට ගෙනආ පසු ඇය ඉදිරි වම්පස ආසනයේ වාඩිවූවාය.
*මිස්ටර් කෙවින්.. අපි යමු රවුමක්. මම පෙන්වන්නම් මෙි ගමේ පාරවල් ටික වගේම , ලස්සන තැන් ටිකක්.
මා ජීප් රථය සැමුවෙල් වතුයායෙන් ඔබ්බට
ධවනය කෙරුවෙමි. ගෝනාහෙල ගමෙහි විවිධ තැන්, විවිධ මංමාවත් ඔස්සේ ගමන්ගත් අප දෙදෙනා. මෙි ගෙවුන හෝරා කීපයට , දිගු කාලයක සිට දැන හඳුනන මිතුරන් සේ හැසිරෙන්නට විය. එය මට මහත් වාසිදායක කරුණකි. මෙවැනි නම්‍යශීලී පුද්ගලයින් මෙි අවට සිටීමත්. ඒ වගේම ඔවුන් ඕනෑවට වඩා සමාජශීලි වීම තුලින් මගේ අරමුණ වෙත යාමට එය පහසුවකි. ඒ තුලින් උපරිම ළුල නෙලා ගැනීමට හැකිනම්. මෙි රහසිගත ඝාතනයේ සුලමුල මෙන් ම වගඋත්තරකරුවන් ද සොයාගන්න එක තරමක පහසු කාර්යයක් වනු ඇත. කිසිම හෝඩුවාවක් නැතිව මෙි ඝාතන දෙක ඉතාමත් සැළසුම් සහගත සිදුකිරීමෙන් මෙි වනවිට පොලීසිය නොමග ගිහින් බව නිසැකයෙන්ම කිව යුතුය. මෙි වපසරිය තුල මොවුන් මොනවා හෝ යමක් දැන සිටියාද , මෙි වසර කීපය තුල මොවුන් විශේෂ මොකුත් දැක්කද , ඇසුනාද , යමක් බාහිර ලෝකයට වසන් කරනවද යන්න මොවුන්ගේ කටින් ක්‍රමානුකූලව ගත යුතුය.
ඉතින් මැඩම්… කලින් හිටපු මහත්තයා මොනවගේ කෙනෙක්ද … ?
*නොයෙල් කියන්නේ ටිකක් ගුප්ත චරිතයක්. නමුත් සමස්ථයක් වශයෙන් ගත්තහම එහෙම නරකම නැහැ. ඒ මගෙ මස්සිනා නෙ.
එතකොට නොයෙල් මහත්තයයි , සර් විතරයිද රිචඩ් සර්ට ඉන්නෙ දරුවන් විදිහට … ?
*අපෝ නැහැ මිස්ටර් කෙවින්. වැඩිමහල් අයියා තමයි ෂෙල්ටන් පීරීස්. එයා මැරුනා. එහෙම කිව්වට ඒක මිනීමැරුමක් වගේම ඒක තමව රහසක්. තව බාල මල්ලි කෙනෙක් හිටියා මාවන් පීරීස් කියලා. එයා ඔය නිවාඩුවට දකුණු පලාතෙ විනෝද ගමනක් ගිය වෙලේ සුනාමි රළට අහුවෙලා නැතිවුණා. එයා විතරක් නෙමෙයි එයාගෙ නෝනත් නැතිවුණා. මට තියෙන එකම කණගාටුව ඒ ගෑනු ළමයා නැතිවෙනකොට ගැබ්ගෙන හිටියෙ.
ඕහ්හ්හ්…. එහෙමද… ? හරිම කණගාටුයි මැඩම්. ඒ කියන්නෙ පිරිමි දරුවන් තුන්දෙනයි… ?
*ඔව් … නෑ නෑ හතරයි.
එතකොට ඒ මිස්ටර් මාවනුත් මෙි ක්ෂෙත්රයේ ම වැඩ කටයුතු කරපු කෙනෙක්ද … ?
*නැහැ මිස්ටර්. එයා ආර්මි ඔෆිසර් කෙනෙක්. මැරෙනකොට එයා කැප්ටන් කෙනෙක්..
හපොයි … අපරාදේ ජීවිත. රට වෙනුවෙන් හැමදේම කැප කරන පිරිසක් තමයි සොල්දාදුවන් කියන්නෙ. ඒ අය යුද්ධයෙන්
මැරෙනවා කියන්නෙ ඒක ගෞරවාන්විත මරණයක්. නමුත් අකාලයේ මියැදෙනවා කියන්නෙ. ඒක අවාසනාවන්ත සිද්ධියක්.
කොහොම වුනත් මරණය කියන්නෙ අපි හැමෝටම පොදු කාරණයක්. නමුත් මැරෙන වයසයි , මැරෙන ආකාරයයි විතරයි වෙනස් වන්නේ.
*මිස්ටර් කෙවින් ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන හැඩයි.
ඔව් මැඩම් … ජීවත් වෙනකොට තමයි අද්දැකීම් ලැබෙන්නේ. එතකොට නේද අපි යමක් ප්‍රායෝගිකව ඉගෙන ගන්නෙ. ඉතින් ඒ හැල හැප්පීම් මත අවබෝධයෙන් යුතුව ජීවත්වීම තමයි මම හිතන්නෙ වටිනාම දේ. නිකමට හිතලා බලන්න ජීවිතත් හරියට පොල්ගෙඩි වගේ.
*පොල්ගෙඩි.. ?
ඔව් .. පොල් ගෙඩි වගේ. සමහරු මල් කාලයේදීම හැලෙනවා. සමහරු ඇට්ටි කාලයේදී වැටෙනවා. ඊට පස්සේ කුරුම්බා, කලටි , පොල් , ඊට පස්සේ කුරුවල් , ඊටත් පස්සේ කොට්ට පොල් වෙලා පොළවට දිරනවා. කුරුම්බා , කලටි කාලයේ බාහිරෙන් වෙන බලපෑම් මතත් විනාශ වෙන්න පුළුවන්.
*බාහිරෙන් … ?
ඔව්… ඇයි කෘමි උවදුරු , දඬු ලේන්නු , වඳුරන් වගේ සත්තුන්ගෙන් වෙන බලපෑම්.
ඉතින් ඔය පොල් වාගේ තමයි අපේ ජීවිතත්, කිනම් අදියරක හෝ යන්න පුළුවන්.
*හ්ම්ම්ම්ම් … ඒක ඇත්ත තමයි. මම හිතන්නේ මිස්ටර් කෙවින් දාර්ශනිකයෙක් වගේ. හොඳයි … අපි යමු නේද .. ? ( තම දකුණු අතේ දඹරඟිල්ල පොඩි කරමින්)
ඔව් මැඩම් … යමු එහෙනම්. ජීප් රථය නැවත හරවා ගත් මා , අප දෙදෙනා නැවත හෙන්ද්‍රික් වලව්වට එනවිට හවස් විය.
නැවත හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023