නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 37
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
37 වන දිගහැරුම
( පැන්සෝවා X 02 )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නෑ … ඒකට කමක් නැහැ. අපි ආයෙ එන්නෙ බොන්න බලාගෙන හොඳ ද.. ?
( මදක් සිනාසෙමින් ) හරි.. මම වාහනයේ ඉන්නම්.
**හොඳයි සර්…
මිනිත්තු දහයකට පසු දිව්‍යා වාහනයට ගොඩවිය.
*යමු එහෙනම්.
මෙතැන්සිට ….
කැකුළන්ද ග්‍රාමයෙන් දුරස්වන තුරුම අප දෙදෙනා අතර නිශ්ශබ්දතාවයක් පැවතුණි.
එය බිඳ දැමුවෙ මා විසිනි.
මොකද වුනේ එකපාරටම. සවුන්ඩ් යුනිට් එකෙ ට්‍රැක් පැන්නද.
*හ්ම්ම්… එහෙම නැහැ. මම කල්පනා කරේ
අපේ ජීවිත ගැන. අපි අනුන්ගේ ජීවිත හදනවා , වරදෙන් බේරගන්න උත්සාහ කරනවා. ඒත් අපි කාටවත්ම කරදරයක් නොකර හිටියට අපි ලබපු දෙයක් නැහැ.
ලබපු දෙයක් නැහැ… ? මොනවද අපිට නොලැබුනේ … ?
*සාමාන්‍ය ජීවිතය.
ඔව්.. ඒක ගැන නම් පොඩි ප්‍රශ්නයක් නැතුවාම නෙමෙයි. ඒත් අපිත් ඉතින් හොඳ කිව්වට හොඳම අය නෙමෙයි නෙ. අපිත් ඉතින් මිනීමරුවො නෙ. වෙනසකට තියෙන්නෙ “රජයේ අනුමැතිය ලත්” කියලා කොටසක් අපිට ඈඳලා තියෙන එක විතරයි.
*හ්ම්ම්… ඒක ඇත්ත.
ඔයාට සාමාන්‍ය ජීවිතයක් ඕනම නම් ඔයාට පුළුවන් නෙ ඕනම වෙලාවක සංවිධානයෙන් අස්වෙලා පවුලක් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න.
*ඔව් ඉතින් එහෙම බැරිත් නැහැ. ඒ වුනාට
අනේ මන්දා ඉතින්.
ආ ආ ආ… මෙන්න බොලේ වැඩක්. උඹට
ලව් කරන්න ඕන නම් ලව් කරහං. ජීවිතය
විඳින්න ඕන නම් විඳපං. මොන වෙඩිමක්ද
බං මෙි..
*හරි හරි… ඒක නෙමෙි. ඇයි මාවන් ජීවතුන් අතර කියලා ඒ ගෑනු ළමයට කිව්වෙ නැත්තෙ. මම බලාගෙන හිටියා දැන් කියයි. දැන් කියයි කියලා.
ඒ වුනාට මුට්ටිය පොලේ ගැහැව්වෙ නැහැ
එහෙම නේද… ?
*ඒකනෙ. ඇයි ඒ … ?
ඕනෑවට වඩා මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න හොඳ නැහැ. නිකමට හිතන්න
මොනවාහරි වෙලා මාවන් මෙි මිෂන්එක අතරදි මැරුනා. එතකොට අර අපි දීපු බලාපොරොත්තුවට මොකද වෙන්නෙ .. ?
මතක තියාගන්න මිනිස් ජීවිත කොයි
වෙලේ නැතිවෙයිද කියලා අපිට කියන්න බැහැ. එතකොට මොකද වෙන්නෙ. පරණ තුවාලය සනීපවෙලා තියෙනකොට, ඊට උඩින් අපි අළුත් තුවාලයක් හැදුවා වගෙ වෙනඑක. එතකොට ඒ තුවාලෙත් සෑහෙන කාලයක් පැසව පැසව තියෙනඑක නෙමෙිද වෙන්නේ … ?
*හ්ම්ම්… බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි. මොනවා වුනත් මම ඔයා හුඟාක් ආඩම්බර වෙනවා. මෙි ලෝකෙ නංගි කෙනෙකුට මෙි වගේ පරාර්ථකාමී අයියෙක් ඉන්න ඕන.
මමත් ප්‍රාර්ථනා කරන්නේ ඒකම තමයි.
*ඒ මොකක්ද… ?
මෙි වගේ යටිකූට්ටු වැඩවලට සහය දෙන නංගි කෙනෙක් මෙි ලෝකෙ හැම අයියා කෙනෙකුටම ලැබෙන්න ඕන.
*අයියෝ …
මොකද අයියෝ ගාන්නෙ.. ?
*නෑ මොකුත් නැහැ.
මොකුත් නැහැ. ඇයි නිකං මාව කන්න කේන්තියි ද මම දාන ටෝක් වලට.
*ඔව් ඔව්.. හැබැයි මම ඌරු මස් කන්නෙ නැහැ.
හා … එහෙමද… ? මමත් එහෙම තමයි.
ඌරුමස් කන්නෙ නැහැ.
*හරි හරි… කතා කරලා පහදන්න පුළුවන් එකෙක්යැ. මෙි … ඒක නෙමෙයි. මම අහන්න හිටියෙ.. එදා හොස්පිටල් එකේදි මොකද වුනේ හැබෑටම. මම උදේ මුහුණ හෝදගෙන එන ටිකට බඩු මාරු.
මම ඉතින් ෂේප්එකේ මාරුවුනා. නැත්නම් ඔයාගෙ මහලොකු සංවිධානය මගෙ
පස්සෙන් පැන්නුවොත් එහෙම.
*යසයි යසයි… මම බැරිම තැන ඇහැව්වා
කෝ මෙතන හිටපු පේෂන් කියලා. ඊට
පස්සේ ඩොකා කියාපි. ලෙඩාට සුවයි. ඒ
හන්දා එයා ගියා කියලා.
ඉතින් ඇත්තනෙ කියලා තියෙන්නෙ මට
සනීප වුනා. මම ගියා. එච්චරයි.
*මෙි… මම මෙි සිරාවටම අහන්නෙ. ඒ තුවාලය හොඳවෙලා තිබ්බද … ?
ඇයි සැකද … ?
*නැතුව ඉතින්. ඔච්චර බරපතල්, දරුණු තුවාලයක් ඉක්මනට හොඳවෙන්න විදිහක් නැහැ නෙ. අනික නිකං තුවාලයක් නෙමෙි
නෙ. ඒ ඉණට ඉහලින් ගිය යකඩ කෑල්ලෙ
පෞලින් ( වෙඩි ද්‍රව්‍ය දහනයේදී ඇතිවන අහිතකර රසායනික සංයෝගයක් ) අනිවා අඩංගුයි නෙ. ඒ.. මට කියනවකො බ්‍රදර්
එහෙම වෙන්නෙ කොහොමද කියලා.
හ්ම්ම්… ඒකත් කියන්නම්කො. ඔයාගෙ සැකය සාධාරණයි. මම එක්තරා මිෂන් එකක් කරා පසුගිය අවුරුද්දක. ඔය වනාතවිල්ලුව පැත්තෙ. ඒක අපි නම් කරා “මිෂන් බෙයාර් මෑන්” කියලා එහෙ ජර්මන් විද්යාඥ්ඤයින් ටිකක් ඇවදින් ඔය රක්ෂිතය මැද භූගත රහස් විද්‍යාගාරයක් හදලා. ඒකෙ දරුණු ගණයේ පර්යේෂණ කීපයක් කරලා තියනවා මිනිස්සු යොදාගෙන.
*අපි කරපු “මිෂන් පැන්ඩෝරා” වගේද .. ?
ඔව්… නමුත් පැන්ඩෝරා සිද්ධියේ වගේ
වෛරස් එකක් නිර්මාණය කරන්න නෙමෙි.
මිනිහෙක් වැඩිදියුණු කරලා සුපිරි සොල්දාදුවෙක් හදනඑක තමයි එයාලගෙ පරමාර්ථය වුනේ. ඉතින් එයාලගෙ පර්යේෂණ සාර්ථක වෙලා සුපිරි මිනිසුන් තුන්දෙනෙක් නිර්මාණය කරා. ඒ අයට ඒ එන්නත විද්දහම බඩගින්න , පිපාසය , වෙිදනාව , බය , වෙහෙස වගේ දේවල් දැනෙන්නේ නැහැ. වෙඩි වැදුනට , කැපුනට වැඩක් නැහැ. නැවත තමන්ගෙ හම , මාංශ පේශීන් යා වෙනවා වගේම සාමාන්‍ය මිනිස්
ශක්තිය වගේ දස ගුණයකින් වැඩි වෙනවා. හැබැයි පැය අටකට කලින් ප්‍රතිකාර කලේ නැත්නම් සදහටම එයා මෘගයෙක් වෙනවා. වාගේ තමයි ඉතින් මෙික සාර්ථක වුනාට පස්සේ ඒ විද්‍යාගාරය ඇතුලෙ ඉන්න විද්යාඥ්ඤයින්ට වෙඩි තියලා මරලා දාන්න කියලා එතන ඇතුලෙ ඉන්න පැරා ආමි එකට ජර්මනියෙන් අණක් ලැබිලා. ඊට පස්සේ ඒ ඇතුලෙ වෙඩි තබාගැනීම් හන්දා සේරම මැරිලා. ඉතින් අර සුපිරි තුන්දෙනා ශක්තිමත් අසාමාන්‍ය සත්තු විදිහට නිර්මාණය වෙලා ඒ පැත්තෙ මිනිස්සු මරන්න පටන් ගත්තා. මම මෙි සේරම විමර්ශනය කරලා හොයාගත්තට පස්සේ උක් තුන්දෙනා මරලා දාන්න මමත් ඒ වගේ සතෙක් බවට පත්කරා. ඒ වැඩෙිට මාව පරිවර්තනය කරන්න ගහපු අධික හෝර්මෝන වල ප්‍රතිඵලයක් විදිහට තමයි සාමාන්‍ය කෙනෙකුට වඩා මගෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණය සීයයට පන්සීයකින් වැඩිවෙලා තියෙන්නෙ.
*ඒක නියම කතාවක් නෙ. ඉතින් ඔයා ඒ තුන්දෙනාව මැරුවද … ?
ඔව්… මම තුන්දෙනාම මරලා දාලා තිබ්බා.
*ඒ කියන්නේ ඔයා එතන කරපු දේවල් මතක නැද්ද… ?
නැහැ නෙ. මට මතක නැහැ. පස්සේ මම නැවත ප්‍රකෘති කරන්න ඈත තියා නිර්වින්දන බෙහෙත් විදින තුවක්කුවකින් විදලා තමයි මාව යථා තත්වයට අරගෙන තියෙන්නෙ.
*ඒක මාරයිනෙ. එතකොට ඒ කේස්එක
යටගියාද … ?
ඔව්… අපි යට ගහලා දැම්මා.හැබැයි ප්රශ්නය සදහටම විසඳලා. හැම ප්‍රශ්නයකම සුභවාදී මිනිස්සු මම ජීවතුන් අතර ඉතුරු කරන හන්දා මට ලංකාවෙ හැමතැනම යාළුවො ඉන්නවා. ඒ යාළුවො ඕනම වෙලාවක කොන්දේසි රහිතව මට උදව් කරන්න කැමතියි. ඉතින් අපි ඒක යට ගහලා දැම්මා. මොකද මෙික ජීනීවා යුධ නීතියට පටහැනි පර්යේෂණයක් හන්දා වගේම ලංකාවයි ,ජර්මනියයි අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට ප්‍රශ්නයක් වෙන හන්දා කැලේ හිටපු තඩි වලස්සු කීපදෙනෙක් මරලාදාලා උන් තමයි මිනිස්සු මැරුවෙ කියලා වැඩෙි ෂේප් එකේ වහලා දැම්මා එච්චරයි. හැබැයි මම ඒ එක වලහෙක්වත් මැරුවෙ නැහැ. මොකද මට සත්තු එක්ක ගගණුදෙනුවක් නැහැ. මොකද සත්තු අපරාධ කරන්නේ නැහැ නෙ. ඒකයි.
*යකඩො… ඒක මාරයිනෙ. බලාගෙන ගියාම “සීඅයි මාධව” කියන්නේ මාර පොරක් නෙ. ඒ කියන්නේ දැන් ඔයාට ෂූට් කරොත් ඔයාට ඒකෙන් හානියක් නැද්ද… ?
මම විශ්වාස කරන විදිහට මට වෙන හානිය අඩුයි. මම පොරක්ද කියලා කියන්න නම් මම දන්නෙ නැහැ. ඕන්න ඕකයි කතාව.
*හ්ම්ම්… හරි හරි.. මට ඔයාගෙන් තව අහගන්න තියෙන කතා බොහොමයි. දැන් මම බහින්න ඕන. මාව මෙතනින් දාලා යන්න.
මෙතනින් … ?
*ඔව්… මෙි කුරුණෑගල නෙ. ඉතින් මම බහින්න එපැයි.
ඔව් නේද… ?
*මම යන්නද එහෙනම්.
හ්ම්ම්… පරිස්සමෙන්. යන එන ගමන් වලදී පරිස්සමෙන් යන්න එන්න.
*අපෝ .. මම දන්නවා මම ගැන බලාගන්න.
හා හා.. හොඳයි.. ඒක නෙමෙි. ඔයාට ගොඩාක් ස්තූතියි මෙි හැමදේකටම.
*හරි හරි… හැබැයි මතකයි නෙ පොරොන්දුව.
හරි හරි…
*ඔයත් පරිස්සමෙන් වැඩ කරන්න. මට අයියලා දාහක් නැහැ නෙ. මෙච්චරයි ඉන්නෙ.
හ්ම්ම්… ඇයට සමුදුන් මා කුරුණෑගල අප නියෝජිතයා හමුවී නැවත වාහනය මාරු
කරගෙන , මහනුවර බලා පිටත් වුනෙමි.
මහනුවර නගරය ආසන්නයට එනවිට
දුරකථන ඇමතුමක් ආවෙ නියෝජිත ජනිත්
ගෙනි.
දු. ක - සර්…
හ්ම්ම්… මොකද තත්වය … ?
දු.ක - මෑන් එලියට ගිහින් පැයක් විතර ඇති තවම ආපසු ආවෙ නැහැ.
හ්ම්ම්… මම හිතන විදිහට මෑන් උදේ ගියාම හවස එනවා ඇති.
දු.ක - මම කියන්නද වැඩක්. සර්ට පුළුවන් නම් දැන්ම එන්න. අපි ගේමට බහිමු.
දැන් … ?
දු.ක - ඔව් දැන්. බයවෙන්න දෙයකුත් නැහැ
නියෝජිත සුභාෂ් ඉන්නවනෙ අනිත් පැත්තෙන් බලාගෙන.
ඔව් … ඒකත් ඇත්ත තමයි. රයිට් … මම එන්නම්. කියමින්. නියෝජිතයින් ලැගුම් ගෙන සිටින නවාතැනට ගොස්, වේෂය වෙනස් කරගෙන , වාහනය දමා ජැගුවරා යතුරුපැදියට නැග මා ඉතා වේගයෙන් හුන්නස්ගිරිය බලා පිටත් වුනෙමි. අඩ හෝරාවකට පසු නියෝජිත ජනිත් මගදි මට හමුවිය.
*සර් ඉක්මනට යන්න.
ඕකේ.. හොඳ අවධානයෙන් ඉන්න.
*ජයවේවා සර්…
ජයවේවා … යතුරුපැදිය තවත් මීටර් තුන්සීයයක් පමණ ඉදිරියට පැද මාවත අයිනේ කැලෑ රොදක සඟවා. වටෙන්ම කන්දට නැගගත් මා අදාල කුලී නිවස පිටුපසින් මතුවන විදිහට ආවෙමි. පිටුපස දොරගුළු විවෘතකර මා ඇතුලට කඩා වැදුනෙමි. පලමුව මුළුතැන් ගේ පිහිටි අතර , දෙවනුව කාමර තුනක් හා ඉදිරිපස ආලින්දයක් ද තිබුනි. පලමු කාමරය පරික්ෂා කල මා එහි කිසිවක් දක්නට නොලැබුනි. දෙවන කාමරය අඟුල දමා තිබුන බැවින් එය අඟුළුහැර දමා ඇතුලට සේන්දු වන්නට මද වෙලාවක් ගතවිනි. මෙම කාමරයේ මෙිසයක් ද , පුටුවක් හා ඇඳක් ද විය. වහාම ජනේලය අසලට ගිය මා හෙමින් ජනෙල් රෙද්ද එහා මෙහා කරමින් බාහිර පරිසරය දෙස ඉතා අවදානයෙන් බැලුවෙමි. ඊට පසු මෙිසය මත තිබූ ලැප්ටොප් පරිඝණකයට මා සතු වෛරස් සහිත පෙන්ඩ්රයිවර්එක කැව්වෙමි. මද වෙලාවකින් එහි රතුපාට බල්බය දැල්වෙමින් , නිවෙමින් එය ක්‍රියාත්මක වන බැව් තහවුරු කරන ලදි. මිනිත්තු පහලවකට පසු එහි කොල පැහැති කුඩා බල්බය දැල්වී ගිය අතර, තම කාර්යය අවසන් බව එහි අරුථයි. පසුව මා නැවත පෙන්ඩ්රයිවර් එක කබා සාක්කුවට දමාගෙන වටපිට බලමින් තුන්වන කාමරයට ඇතුල් වුනෙමි. එහිද කිසිවක් දක්නට නොලැබුණි. “එතකොට මාධව අවශ්‍යම දේ කොහෙද” මා මගෙන් විමසන්නට විය.
සාමාන්‍යයෙන් ජීව එන්නතක් බාහිර පරිසරයේ හෝ කාමර උෂ්ණත්වයේ තියන්නේ නැහැ. එහෙනම් ඒක තියෙන්න ඕන අධිශීතකරණයක. හ්ම්ම්… රයිට්… යමු මාධව කුස්සියට. වහාම මුළුතැන්ගෙට ගොස් එහි තිබූ ශිතකරණය විවෘතකර කෙරුවෙමි. පහල කොටසේ ආහාරපාන තිබුනද එහි මා බලාපොරොත්තු වන දේ නොතිබුණි. පසුව එය වසාදමා ඉහල කුඩා දොර විවෘතකර බැලුවෙමි. මස් වර්ග දෙකක් හා මාළු කූරීන් දෙකක් පමණක් එහි විය. බලාපොරොත්තු සුන්වී සිටි මා නැවත කල්පනා කරන්න විමි. “නෑ මාධව
එහෙම වෙන්න බැහැ” කියමින් නැවත වරක් උඩ දොර විවෘතකර කුඩා විදුලි පන්දම ආධාරයෙන් හොඳින් පරික්ෂා කරන විට කුඩා වීදුරු බෝතලයක් කුකුල් මස් පැකට් එකකට එහා පැත්තෙන් දක්නට ලැබුනි. වහාම එය අතට ගෙන විවෘතකර බැලුවෙමි. හම් වලින් නිමකර තිබූ ඝනකම් අත්මෙිස් යුවලට දැඩි සීත මා හට නොදැනුන බැවින් මෙි කාර්ය මදක් පහසු විය. එහි කුඩා වීදුරු කුප්පියක් විය.එහි මුදුනත රබර් මුඩියකින් සුමටව වසාදමා ඇලුමෙිනියම් ආවරණයකින් පූර්ණ ලෙස තදකර දමා තිබුන බැවින් මෙය එන්නත් සඳහා බාවිතා කරන එකක් බැව් මනාව පැහැදිලියි. එහි “පැන්සෝවා එක්ස් ටූ” යනුවෙන් සඳහන් ලේබලයක් තිබුනි. හෙතෙම ජංගම දුරකථනය අතට ගෙන එහි නම පැහැදිලි වනසේ ඡායාරූප කීපයක් ලබාගන , නැවත එය වීදුරු බෝතලයට දමා , තිබුන තැනම එලෙසම
දමා උඩ දොර වසාදමා , පෑලදොර එලියට විත් එය දොරගුළු දමා මා පසුපසින්ම පැනවිත් පෙරලා දමා තිබුන යතුරුපැදිය කෙලින්කර එය පණගන්වා වේගයෙන් නුවර දෙසට පැද්දෙමි. මා නියෝජිත ජනිත් පසු කරනවාත් සමග දුරකථන ඇමතුමක් ගන්නා බැව් පැති කණ්නාඩියෙන් පැහැදිලිවම දුටුවෙමි. වෙිගය මදක්වත් අඩාල නොකර මා , අවසානයේ නැවතුනේ අප නියෝජිතයින්ගෙ නවාතැනේය.
මිනිත්තු පහලවකට පසු නියෝජිතයින් දෙදෙනා එන්නට විය.
*සර් ආවද නැත්නම් විද්ද .. ? ඒක මාර
යෑමක්නෙ.
හහ් හහ් හා… එන්න මහත්වරුනි. වාඩිවෙන්න.
**ඉතින් සර් මොකද වැඩෙි… ?
සාර්ථකයි මහත්වරුනි. ගමන් දෙකම සාර්ථකයි.
*ගමන් දෙකක්… ?
ඔවි.. ගමන් දෙකක්. ඊට කලින් මම මෙි මහත්වරුන් දෙන්නව අගයන්න ඕන.
*ඒ මොකද සර්..
නෑ.. ඔය දෙන්නා ගත්ත බුද්ධිමත්ම තීරණය තමයි දෙන්නම එක බයික් එකේ ගිය එක. නැත්නම් මට එන්න වෙන්නෙ මෙි කාර් එකේ නෙ. සාමාන්‍යයෙන් කාර් එකක ඇවිත් ඔය වගේ වැඩක් කරන්න අමාරුයි. ඒ හන්දා ගත්ත තීරණය ඉතා සුදුසුයි. නියමයි. හරි.. අපි දැන් බලමු මම මොනවද හොයාගත්ත දේවල් කියලා. මම උදෙන්ම ගියා ඉනෝකා සඳමාලිගෙ ගෙදරට.
*මොකක් … ? ඉනෝකා කිව්වෙ මාවන්ගෙ වයිෆ් නේද… ?
ඔව් මහත්වරුනි.. එයා තමයි. එයා ජීවතුන් අතර ඉන්නවා කියලා මට දැනිලා හුග
දවසක් වෙනවා. ඉතින් මම නිළ නොළත්
ඔත්තුකරුවෙක් දැම්මා එයාගෙ වතගොත හොයන්න.
**සර් කොතනින්ද කේ්ස්එක පත්තුවුනේ.. ?
ඔව් නියෝජිත සුභාෂ්. මව එදා උප පරීක්ෂක කසුන් එක්ක රෑ මාවන්ගෙ පාළු ගෙදර ගිහින් සෝදිසි කරා කියන එක ඔය දෙන්නා හොඳාකාරවම දන්නවා. ඊට පස්සේ මට හිතුනා මාවන්ගෙ වයිෆ්ගෙ නම හොයාගන්න. නමුත් ඒ දවස්වල තිබ්බ තත්වය අනුව මට ඒක කැරොලින් මැඩම්ගෙන් අහන්න බැරි හන්දා. මම කලින් කිව්ව නිළ නොලත් ඔත්තුකරුවා මාර්ගයෙන් මාවන් පීරිස්ගෙ විවාහ සහතිකයේ පිටපතක් ගත්තා ඒජී ඔෆීස් එකකින්. එතනදී ඉනෝකා සඳමාලි කියන ගෑනු ළමයා එක්ක තමයි විවාහවෙලා තියෙන්නෙ කියලා හොයාගත්තට පස්සේ ප්‍රොන්ටෝ හරහා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවර් එකට ඇතුල්වෙලා 2005 වර්ෂයේ මුල හරියේ
අවතැන්වෙලා අපදා කඳවුරු වල නැවතිලා හිටපු අයගෙන් ඉනෝකා නමින් හිටපු අයගෙ ලැයිස්තුව අරගෙන , ඒ අයගෙ වත්මන් වාසස්ථානය ගැන පූර්ණ වශයෙන් සෝදිසි කරලා බැලෙව්වා. එතනින් හය දෙනෙක් ගැන අපේ පූර්ණ අවධානය යොමු වෙලා. අවසානයේ අපට ඕන කරන සැබෑ ඉනෝකව මුණගැසුනා. සේරම තහවුරුයි.
*එතකොට එයා බෙිරුනෙ කොහොමද .. ?
ඔව්… එයාට මුහුදු වතුරට සිහිය ඇවිත්. හොඳ වෙලාවට මිස්ටර් මාවන් එයාගෙ අතපය ලෙහලා තිබ්බ හන්දා ලොකු කොටයක් අල්ලගෙන කොහොමහරි බෙිරිලා තියනවා. ඔයාලා දන්නවද. එයාට දැන් මිස්ටර් මාවන්ගෙන් අවුරුදු හතරක පොඩි දුවෙක් ඉන්නවා.
*ෂාහ්හ්හ් නියමයි නෙ. ඉතින් සර් එයාට මිස්ටර් මාවන් ජීවතුන් අතර ඉන්නවා කියලා කිව්වද … ?
නැහැ. තවම නැහැ. ඒක අපි පස්සේ කියමු.
මම දන්නවා මහත්වරුනි මෙික අපේ වෘත්තීයට අදාල නැති දෙයක් කියලා.නමුත් මම කැමතියි මෙි මිෂන්එක ලස්සනට ඉවර කරලා ගෙදර යන්න.
**ඔව් ඒකනම් ඇත්ත සර්… අපි කරලා දාමු.
හොඳයි මහත්වරුනි … ඊලඟට අපි කතා
කරමු පැට්‍රික්ගෙ කුලි ගෙදර ගැන. මම හිතන්නේ මම ගෙට ඇතුල් වෙනවා නියෝජිත සුභාෂ් හොඳටම දකින්නට ඇති.
**ඔව් සර් මම දැක්කා. ලොකු වටයක් ගිහින් තමයි ගේ පිටිපස්සට ගියේ.
ඔව් මහත්වරුනි. මෙතනදී පැට්රික්ට අපි ගැන මෙතෙක් කාලයකට මෑන්ට සැක නොහිතෙන විදිහට වැඩකටයුතු කරපු හන්දා තමයි අපි තවමත් හොරා පොලිස් ගේම ගහන්නේ. අපි හැමතැනකදීම සංවිධානාත්මකව පරිස්සමෙන් කටයුතු කරා. ඒ පිලිබඳව මම ඔය දෙන්නට ස්තූති වන්ත වෙන්න ඕන. හරි… මම කියන්නම්
මම ඇතුලට ගිහින් ලබාගත්ත දේවල් මොනවද කියලා. මහත්වරුනි. මම ගේ ඇතුලට ගිහින් හැමතැනම සෝදිසි කරා. නමුත් එහෙම කිසිම දෙයක් ලැබුනෙ නැහැ. ඊට පස්සේ මට මෑන්ගෙ ලැප්ටොප් එක මෙිසය උඩ වහලා දාලා තියනවා දකින්නට ලැබුනා. ඉතින් මම ඒක ඔන් කෙරුවට වැඩක් නැහැ. පාස්වර්ඩ් ගහලා
තිබ්බෙ. මට ඒක කඩන්න ටික වෙලාවක් යන හන්දා එතනින් එහාට මොකුත් නොකර මගෙ වෛරස් පෙන්ඩ්රයිවර් එක ඒකට ගහලා වෛරස් එක ඒකට කොපි කරා. ඊට පස්සේ ඒක ඕෆ් කරලා. ඊට පස්සේ මගේ අනුමානය නිවැරදි ද යන්න හොයා බලන්න මම හැමතැනම බැලුවා.
අවසානයේ ගෙදර කුස්සියේ තිබුන ශිතකරණයේ උඩ කොටසේ තිබිලා පාවිච්චි නොකරපු එන්නත් කුප්පියක් තිබිලා හමුවුනා. එකේ නම විදිහට තිබ්බෙ “පැන්සෝවා එක්ස් ටූ” කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක්ස් විදිහට වර්ගීකරණය කරන්නේ නිතර භාවිතා නොකර බෙහෙත් වර්ග හෝ භාවිතයෙන් විවිධ හේතූන් මත අයින් කරන බෙහෙත් වර්ග. මම අනුමාන කරන විදිහට හෘදයෙ කපාට අක්‍රිය කිරීම වගේ විෂක් ඔය එන්නත් වල අඩංගු වෙන්න ඕන. මැරුනට පස්සේ කවදාවත් වෛද්‍ය පරීක්ෂණ වලදී හෙලිදරව් වෙන්නෙ නැහැ විෂක් බාහිරෙන් ලබාදුන්නා කියලා.නමුත් එහෙම වුනත් පැට්රික්ට ප්‍රශ්නයක් නැහැ මහත්වරුනි.
*ඒ මොකද සර්…
ඇයි.. කල්පනා කරලා බලන්න. ඒ එන්නත
විදලා තියෙන්නෙ අදාල සායන වෛද්‍යවරයා මිසක් පැට්රික් පීරිස් නෙමෙි. මම හිතන්නේ එදාට එන්නත් දෙක මාරු කරවලා ඩොක්ටර් ලව්වා විද්දවයි.
**එතකොට ඒ ඩොක්ටර් අනතුරේ නෙ.
ඔව් ඉතින්. ඒක පැට්රික්ට අදාල නැහැ. මෑන් මීයා වගේ තාත්තගෙ වියෝව වෙනුවෙන් ලංකාවට එයි මොකුත් නොදන්නා තොත්ත බබෙක් වගේ. එච්චරයි..
*ඒක තවත් අපරාධයක් නෙ. එතකොට සර් මෑන් කවද්ද ඔය වැඩෙි කරන්න යන්නෙ.. ?
ඔව් … මම ඒකට උත්තරය දෙන්න තමයි මෙි මුලපිරුවෙ. තව දවස් හතරකින් මිස්ටර් පැට්රික් යන්න ඕන මහරගම රෝහලට. මෑන්ට තියනවා වාර්ෂික සායනයක් එහෙ. මම හොයලා බැලුවා ඒ සායනයෙදී මිස්ටර් රිචඩ්ට විදිනවා එන්නතක්. ඒක මම හිතන විදිහට ප්‍රතිශක්තිකරණ එන්නතක් වෙන්න ඕන. කොහොම වුනත් , ඒ එන්නත තමයි පැට්‍රික්ගෙ ඉලක්කය වෙන්න ඕන.
**එතකොට ඒ ගේම්එක නවත්වන්න අපි මොනවද කරන්න ඕන.. ?
ඔව් මහත්වරුනි.. මගෙ සැකය දැන් තහවුරුයි. මිස්ටර් රිචඩ් ඝාතනය කරන එක තමයි පැට්රික් ගෙ එකායන අරමුණ. ඒක දැන් මට සක්සුදක් සේ පැහැදිලියි මහත්වරුනි. කොහොම වුනත් දැන් අපිට තියෙන ලොකුම වැඩෙි මිස්ටර් රිචඩ්ව මෙි මාරකයෙන් පන්නලා දාන එක. ඒකට එදාට කසුන්ව යවනවා මෑන්ගෙ ආරක්ෂාවට. එතකොට බලමුකො කොහොමද ඔය ගේම ගහන්නේ කියලා.
*ඊට පස්සේ…
ඊට පස්සේ අපි පිඹුරුපත් හදන්න ඕන. පැට්රික් මෙි සේරමට වැරදිකරු කිරීමෙි සැළසුම. ඊටත් පස්සේ මෑන්ගෙ හැම ප්රයත්නයක් ම අසාර්ථක කරලා. මිනිහා මෙික ප්‍රසිද්ධියේ කරන මට්ටමකට ගේන්න තරම් මානසික මටිටම ව්‍යාකූල කරලා. ප්‍රසිද්ධියේ ගහලා දාන්න ඕන අඩි පහක් යටට යන්න පුළුවන් විදිහට.
*ඒ ගහන එක ගහන්න ඕන. එකම වචනයක් වත් කටින් පිටකරන්න බැරිවෙන්න..
ඔව් නියෝජිත ජනිත්. හරියටම හරි. කවුද අර හාදයා… ඉන්ස්පෙක්ටර් මනීෂ කොඩිකාර. අන්න ඒ හාදයා මෙික ගැන සම්පූර්ණ විමර්ශනය කරලා මෙි රහස එලිකරා වගේ සැළසුම නිර්මාණය කරලා අපි සුපුරුදු පරිදි මාරුවෙමු. එච්චරයි.
*හැමදාම වගෙ අපේ හම යනවා. උන්ගෙ
නම යනවා.
ඔව් මහත්වරුනි. ඒකට කමක් නැහැ අපි
ආවරණය වෙලා නෙ. ඒ අපිට ප්‍රමාණවත්.
අපිට ඊට වඩා සුන්දර මතක සටහන් කීපයක් ඉතුරුකරලා යන්න පුළුවන්. නිකං ඉන්න වෙලාවට මෙනෙහි කරලා සතුටු වෙන්න. එහෙම නේද… ?
**ඔව් සර් ඒක ඇත්ත. අපි ඒ විදිහට මේ මිෂන් එක ඉවර කරමු.
හොඳයි … එහෙනම් මම ගිහින් එන්නම්.
මොනවා වුනත් පැට්රික් ගැන හොඳ අවධානයෙන් ඉන්න.
නැවත හමුවෙමු ………
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023