නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 30
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
30 වන දිගහැරුම
( අනුමානයන් )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොහොම වුනත් මහත්වරුනි. මේ අතුරු ප්‍රශ්න සේරම කරකැවෙන්නෙ මෙි ප්‍රධාන
ප්‍රශ්න ටික වටේට. ඒක හරියට සූර්යයා වටේ ඉතුරු ග්‍රහයන් කරකැවෙනවා වගේ
වැඩක්. හැබැයි මම කලින් කිව්වා වගේ
මෙි ප්‍රධාන ප්‍රශ්න කීපයට හරි උත්තර ටික අපි හොයාගත්තා කියන්නේ. අතුරු ප්‍රශ්න
ටික නිකංම අතුරුදන් වෙලා යනවා. ඒක
තමයි ඇත්ත.
නැවත හමුවෙමු …..
මෙතැන්සිට ……..
එතකොට කැප්ටන් මාවන් නෙමෙි නම්.
එවැනිම පච්චයක් එතනම කොටාගෙන
කවුද මෙි සිප්පියා කන්දෙ මාසෙකට සැරයක් කරක්ගහන කෙනා කවුද..? ඔය මහත්වරුන්ට දළ අදහසක් තියනවද ඒ
ගැන.
**මට හිතෙන විදිහට පැට්රික් රට ගිහින් නැහැ. එයා වෙස් වලාගෙන මෙිගැන හොයනවා. නැත්නම් මෙි ඉතිරිවෙලා ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් වගේ
සලකුණු ටික කොපි කරගෙන වෙනත් එකෙක් මෙතන රඟපානවා.
හරියටම හරි නියෝජිත ජනිත්. එතකොට
මෙතන ඉන්න හැමෝටම පොදු ප්‍රශ්නයක්
මතුවෙනවා පැට්රික් ඉන්නෙ කැනඩාවෙ නෙ
එහෙම නම් පැට්රික් වෙන්න බැහැ.එහෙනම් තුන්වැන්නෙක් මෙතනට ඇවිත් පච්ච කොටාගෙන. සලකුණු අනුකරණය කරගෙන. ඇයි මෙහෙම දෙයක් කරන්නේ
මොකක්ද මෑන්ගෙ ඉලක්කය… ? මෙි ඉන්නෙ පැට්රික් කියලා අපි හිතන්න පෙලඹෙන්නෙ නැහැ. මොකද මෑන් මෙිවනවිට කැනඩාවෙ ඉන්නෙ කියලා අපි
හිතනවා. මොකද කතා කරනවා නම් මෑන්
ලංකාවෙ අය එක්ක සන්නිවේදනය කරන්නේ අන්තර්ජාලය හරහා. එතකොට
ඉන්න ස්ථානය ගැන ප්‍රශ්නයක් නැහැ.
මොකද අන්තර්ජාලයට සම්බන්ධ දුරකථන
මාධ්‍යවල තමන්ට ඕන විදිහට සැකසුම් හදන්න පුළුවන්. ඒ හන්දා ඕනම කෙනෙකුට විශ්වාසය දනවන්න පුළුවන්.
ඒ ක්‍රමය ඔස්සේ. ඒක සාර්ථකයි.
***එතකොට සර් කියන්නේ මෑන් රට ගිහින් නැහැ කියලද .. ?
ඔව් නියෝජිත සුභාෂ්. අපි ඇතුළු ලෝකයා එහෙම හිතන එක තමයි මෑන්ගෙ එකම හා ශක්තිමත්ම ආවරණය වෙන්නෙ. ඇයි
අපිට පාස්පෝර්ට් දෙක තුන තියනවා නම්
මෑන්ට බැරිද සල්ලි ටිකක් වාසිකරලා තමන්ගෙ වෙිෂය මාරු කරගෙන ඔය එයාර්පෝර්ට් වලින් එහාට මෙහාට මීයෙක්
වගේ රිංගලා යන්න.. ? හ්ම්ම්… මොකද කියන්නේ .. ?
**හපොයි පුළුවන් සර්.
හ්ම්ම්… එතකොට … ?
*ප්‍රශ්න ගොඩයි නේද .. ? මගෙ මොළයට සමණල ගැටෙි වැටිලා තියෙන්නෙ සර්.
නෑ නෑ තවම ඉවර නැහැ මහත්වරුනි. තව
තියනවා ප්‍රශ්න ටිකක්. ඔන්න බලන්න.
මෙතන නිරීක්ෂණය කරන්නේ දෙන්නෙක්.
එක්කෙනෙක් පැට්රික් කියලා දැන් අපි අනුමාන කරමු. එතකොට අනිත් කෙනා කවුද කැරොලින් මැඩම් ඔච්චරටම විශ්වාස කරන. අමතක කරන්න එපා කැරොලින් මැඩම් තවමත් රහසේම ඒ විශ්වාසවත්ත හාදයා එක්ක පණිවිඩ හුවමාරු කරනවා හැමෝගෙම ඇස් වහලා. එතකොට ඒ නිරීක්ෂකයා වෙනයි.
සිප්පියා කන්දෙ යන එන මෑන් වෙනයි.
**සර් පුස්තකාලයෙන් ගත්ත පණිවිඩය
මම ගෙනාවා.
නියමයි නියෝජිත ජනිත්. නියම වැඩක්.
කෝ දෙන්න මට ඒක.
**ආ ගන්න මෙික ටිකක් පැහැදිලි මදි ඇති.
මොකද කලබලෙන් ලියපු හන්දා.
ඒකට කමක් නැහැ. කොහොමත් මම පරණවිතාන කෝම් එකත් කලින්ම කරලා තියෙන්නෙ.
හරි.. එතකොට අපිට මෙි දෙන්නගෙන්ම බෙිරිලා හොරා පොලිස් ගේම ගහන්න වෙලා තියෙන්නෙ චමින්ද වාස්ගෙ වෙිග පන්දුවෙන් බේරෙන්නත් ඕන. එතකොට මුරලිදරන්ගේ දඟ පන්දුවෙනුත් බේරෙන්න ඕන.එහෙම බෙිරිලා විතරක් මදි. ලකුණු රැස් කරන්නත් ඕන.
මෙතනදී නිරීක්ෂණකයින් දෙන්නෙක් ඉන්නවා කියන්න මම ලඟ පැහැදිලි සාක්ෂි තියනවා. කැරොලින් මැඩම් හොඳාකාරවම දන්නවා මම එහෙ මෙහෙ යන කාර්එකේ රේඩියෝ ට්‍රාන්ස්මීටරයක් තියනවා කියලා.
ඒක නොයෙල්ගෙ මරණයෙන් පස්සේ එයාලට ගලවලා දාන්න පුළුවන්කම තියෙද්දීත් තවමත් ඒක වාහන සර්විස් කාරයට පගාව දීලා නඩත්තු කරගෙන යන්නේ ඇයි. ඒකට හේතුව අළුතෙන් ආපු මම මොනවගේ ගති තියෙන කෙනෙක්ද කියලා මෙයාලට අධ්‍යනය කරන්න බලවත් වුවමනාවක් තිබ්බා. නමුත් මම තැනට අනුව හැසිරීම පවත්වා ගත්තා විතරක් නෙමෙි. කට පරිස්සම් කරගත්ත හන්දා තමයි. මේ කැරොලින් මැඩම් අවසානයේ තීරණය කරේ මම එයාලට විරුද්ධව කටයුතු කරන කෙනෙක් නෙමෙි කියලා. බාග වෙලාවට එයා හිතන්න ඇති මම පැට්‍රික්ගෙ කුලී ඔත්තුකරුවෙක් කියලා.
නමුත් ඒ සැකය සම්පූර්ණයෙන්ම පහව නොගියත් මාව තදින්ම විශ්වාස කරනවා
මෙි වෙනකොට.
*තදින්ම…
ඔව් කසුන්. තදින්ම… හැබැයි ඉතා තදින්ම කියන මට්ටමට මම තවම ඇවිත් නැහැ.
වචන පටලගන්න එපා. තදින්ම වෙනයි.
එතකොට ඉතා තදින්ම කියන වචනය වෙනයි. එතකොට කැරොලින් මැඩම් මෙි තදින්ම විශ්වාස කරන හාදයා කවුද.. ?
අන්න එතනදී තමයි අපි පහතට හෙලපු, නැත්නම් භූමදානය කරපු මාවන් පීරිස් නැවත කරලියට ගේන්න වෙන්නේ. එතකොට කැරොලින් මැඩම්ගෙ මිනිහා
මාවන් කියලා හිතමු. එතකොට නැවතත් සිප්පියා කන්දට අපිට යන්න වෙනවා. මෙි
ප්රශ්නය එකම තැන කරකැවෙනවා තොර
තෝංචියක් නැතුව. සතුටට කරුණ නම්
නිළ වශයෙන් නොවුනත් , මාව කැරොලින් මැඩම්ගෙ කණ්ඩායමට බඳවාගෙන ඉවරයි. මොකද අවසානයේ එන්න ලෑස්තිවෙලා මම ඇහැව්වා. ඔය මිනීමැරුම් දෙකම කරන්න සෙට් කරගත්තෙ කවුද
කියලා. එතකොට එයා කිව්වා ඒ කවුද කියලා මම තව ටික දවසකින් කියන්නම් කියලා.
මහත්වරුනි … මතක තියාගන්න. මෙි හැංගිමුත්තන් කරන හාදයෝ දෙන්නම අපි හොයන්නම වෙනවා මෙි ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම්. එතකොට අපි මෙහෙම අනුමාන කරමු. කැරොලින් මැඩම්ගෙ කණ්ඩායම අවසාන ගේම විදිහට පැට්රික් මරන්න සැළසුම් කරනවා
කියලා. එතකොට පැට්රික් මෙි විදිහට හැංගිමුත්තන් කරන්නේ මොකක් අරමුණු කරගෙනද… ? පලිගන්නද … ? ඔය මහත්වරුන් හිතනවද පලිගන්න මෙච්චර
වෑයමක් දරයි කියලා. මල්ලිලා දෙන්නෙක්
මැරෙනකම් බලලාගෙන හිටිය හාදයා.
පලිගන්න බලාගෙන ඉන්නවා … ? ඒක
නම හොඳම ප්‍රායෝගික විහිළුවක්.
*එහෙනම් සර්ගෙ නිගමනය මොකක්ද… ?
රිචඩ් හාමු මරණ එක.
**මොකක් .. තමන්ගෙ තාත්තව මරන්න.
ඔව්.. එහෙම වෙන්න බැරිද.. ? අපි ඒ වගේ කේස් හමුවෙලා එව්වා විසඳලා නැද්ද මීට කලින්.
*ඔව් සර්… ටේක්වූඩ් වලව්වේ සීන්එක එහෙම එකක් නෙ.
ඔව් කසුන්.. තමන්ගෙ තියෙන දේවල් රැකගන්න හෝ වැඩි තණ්හාවට අනුන්ගේ දේවල් උදුරාගන්න මිනිස්සු තිරිසන්නු වගේ වැඩ කරන අවස්ථා එමටයි. මම ඒක අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ ඔය මහත්වරුන්ට. තමන්ට තියෙන සමාජ තත්වය , ඒ වැජඹීම අහිමිවෙයි කියන බයට සමහර මිනිස්සු ඕනම දෙයක් කරනවා. ඒ දේවල් එකම තත්වයෙන් තබාගන්න වගේම , ඊට වඩා ඉහලට යන්න. එතකොට හිතන්න පුළුවන් ඇයි රිචඩ් හාමුට වහ ටිකක් දෙන්න පුළුවන් නෙ. නැත්නම් මරන්න තව ඕනතරම් ක්‍රම තියනවා ඒ එකක් පාවිච්චි කරන්න පුළුවන් නෙ පැට්රික්ට කියලා. උත්තරය තමයි “ඔව් පුළුවන්” නමුත් නීතිය කියන රැහැනෙන් මිදෙන්නට බැහැ. ඒකෙන් ස්ථීරවම මිදෙන්නට පුළුවන් සුමට ක්‍රමයක් සැළසුම් කරන්න ඕන.
අද උදේ ඔය දෙන්නා මගෙ පස්සෙන් තානායමෙි ගේට්ටුවටම ආවා. එතන
නැවතිලා සැළකිවයුතු කාලයක් හිටියා.
නමුත් අපි හැමවෙලේම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන මහත්වරුනි. මොකද
ඔය දෙන්නා නොදන්නා දෙයක් එතන සිද්ධ
වුනා. දැනගන්න ඕනද ඒ මොකක්ද කියලා.
**මොකක්ද සර් ඒ.. ?
අපි හිටියේ තානායමේ දෙවන මහලයේ හත්වන කාමරයේ. එතනට තානයමෙි ගේට්ටුවෙන් එහා දේවලුත් පේන්න තරම් උසකින් තමයි පිහිටලා තියෙන්නෙ. ඒකට හේතුව තාප්පය අඩි දහයකට නොවැඩි හන්දා. ඉතින් මම නිකමට වාගෙ ජනේලය ලඟට ඇවිත් කර්ටන් එක ඔළුව දාන්න පුළුවන් ප්‍රමාණයට විතරක් ඈත්කරලා එතකොට මම දැක්කා කිලෝමීටර් එකක් විතර දුරින් කුඩාවට යමක් කීප වතාවක් ම දිලිසෙනවා. ඒ දිලිසීම හරිම තියුණුයි. කණ්නාඩියක් හරි , එහෙමත් නැත්නම් ලෝහයකට වැටෙන හිරු එලිය හන්දා දිලිසෙනකොට ප්‍රති පරාවර්තනය කරන එලියක් නෙමෙි. ඊට වඩා තියුණුයි. හරියට උත්තල කාචයකින් එලියට විසික් කරන එලියක් වගේ.
*ඒ කියන්නේ කවුරුහරි ඈත ඉඳලා මෙි සේරම බලාගෙන ඉන්නවා කියන එක නේද … ?
ඔව් කසුන්.. ඒක තමයි. ඒ හන්දා තමයි. මම ඔය දෙන්නට කිව්වෙ වහාම එතනින් ඉවත්වෙලා යන්න කියලා. මම විශ්වාස කරනවා ඒ විදිහට දුරතියා නිරීක්ෂණය කරේ කැරොලින් මැඩම්ගෙ කෙනෙක් කියලා. ඒ කවුරු වුනත් අපි කණ්ඩායමක් විදිහට සැරිසරනවා කියලා මින් ඉදිරියට දකින්න හොඳ නැහැ. මෙි තේ පඳුරු අස්සෙන් අපිට කාටවත්ම පැහැදිලිවම බලාගන්න බැරි හන්දා තමයි මම මෙතනට
ඔයාලට එන්න කිව්වෙ. නැත්නම් එහෙම එන්න කියන්නෙත් නැහැ. ඒ හන්දා අපි මෙි ප්‍රශ්න හතරට පහට උත්තර හොයන්න ඕන. එතකොට ඒ ප්රශ්නවල එල්ලිලා ඉන්න අතුරු ප්‍රශ්න වලට උත්තර ඉබේටම
ලැබෙයි.
එහෙම ප්‍රශ්න වලට උත්තර හොයන්න මෙි සේරම එකට මිශ්‍ර කරලා බැහැ. එකක් විසඳලා අනිකට යන්න ඕන. කසුන්…
*සර් ..
අදම ප්රොන්ටෝට කතා කරලා කියන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ
සිස්ටම් එකට ඇතුල්වෙලා පැට්රික් පීරිස්ගෙ
ආගමන විගමන තොරතුරු ගන්න කියලා.
*හරි සර්..
මම තව වැඩක් බාරදුන්නා. ඒකෙ තත්වයත් අහලා විස්තර ටික දැනගන්න.
*හරි සර්…
හොඳයි මහත්වරුනි. එතකොට අද රෑටත් අනිවාර්යයෙන්ම සිප්පියා කන්දෙ සැරිසරන මෑන් එනවා. මෑන්ව අපි දැනට හඳුන්වමු
එෆ් වන් කියලා. එෆ් ටූ තමයි මාවන්. අද අපි අනිවාර්යයෙන්ම එෆ් වන් ඉන්න තැන හොයාගන්නම ඕන. නියෝජිත ජනිත් එක තැනක ස්ථාන ගතවෙන්න. එතකොට නියෝජිත සුභාෂ් තවත් තැනක රහසේම ස්ථානගතවෙලා මාරුවෙන් මාරුවට ලුහුබඳින්න. එතකොට මෑන්ට සැකයක් හිතෙන්නෙ නැහැ. මම මෙතනින් පැකේජ් එක පිටත් වෙලා යන දිශාව කියන්නම්.
එතකොට අද රෑ අපි සයිමන් අංකල්ව නිදි
කරවන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක ඉතින් කසුන්ට බාරයි. ඊට පස්සේ කසුන්
මාත් එක්ක රෑ නමය හමාරට එතනින් පිටත්වෙලා. සිප්පියා කන්දට ආසන්නයේ
ස්ථානගතවෙලා ඉන්නවා. මෑ සිප්පියා කන්දට නැගලා තමන්ගෙ වැඩෙි කරගෙන යන අතරෙ මම යනවා මෑන්ගෙ බයික් එක ලඟට. එහෙම ගිහින් මම ජීපීඑස් එකක් හයිකරනවා. එතකොට ඔය මහත්වරුන්ට හිතෙනවා ඇති ඇයි අපි මෑන් පස්සෙන් යන්න ඕන කියලා කියන්නේ කියලා. ඒකට
හේතුව තමයි මෙි වගේ චරිත හරිම පරිස්සමෙන් කටයුතු කරනවා. මෑන් තමන්ගෙ ගමනාන්තයට ගිහින් සිග්නල්
මොනිටර් එකක් පාවිච්චි කරලා ජීපීඑස් එකක් හොයාගත්තොත්, එහෙම ඒක හොයාගෙන විනාශ කරලා දැම්මොත් අපිට ඒක නිකං හරියට අතේ වහලා හිටපු කුරුල්ලා හිතාමතාම මගහැර ගත්තා වගේ වෙනවා. එහෙම වුනොත් අපිට ඒක
ලොකු පාඩුවක් වෙනවා.
**එතකොට මෑන්ගෙ ලොකේෂන් එකට ගියාට පස්සේ අපි මොකද කරන්නේ.
හරි.. හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහැව්වෙ.
අපි ජීපීඑස් එකක් හයි කරන එකේ අරමුණ මොකක්ද … ?
***ඉන්න තැන හොයාගන්න නෙ.
ඔව්… නියෝජිත සුභාෂ්. හැබැයි මෙි හඹායාම මෑන්ට නොපෙනෙන මානයේ ඉඳලා කරන්න ඕන. මොකද නැත්නම් මෑන් අනිවාර්යයෙන්ම අපි ගැන සැක හිතනවා මයි. ඊට පස්සේ සේරම දාලා ජීපීඑස් එක හයි කරේ කවුද කියලා හොයයි. එතකොට වැඩෙි දෙල් වෙනවා. මෑන් ඉක්මනට තමන්ගෙ ගමනාන්තයට ගිහින් විනාඩි තිහකට පස්සේ තමයි ඔයාලා තැනට ලඟාවෙන්නේ. ඒකත් එකපාරටම කරන්න එපා. ස්පයිඩර් ක්‍රමයට කරන්න. මම ඒගැන අමුතුවෙන් උපදෙස් දෙන්න ඕන නැහැ නෙ. ඊට පස්සේ ඒ විරාමයක් තියා
ගන්න කියන්නේ මෑන් ගිහින් නින්දට වැටෙනකම්. ඊට පස්සේ ජීපීඑස් එක ගලවගෙන ඔය දෙන්නා පසුබහින්න අපි හෙට දවසේ ප්‍රතිඵල ගැන කතා කරමු.
එච්චරයි. වෙනත් ප්‍රශ්න තියනවද .. ?
රයිට් නිහඬතාවයෙන් පේන්නෙ මගෙ
උපදෙස් පැහැදිලියි කියලා. එහෙනම් මහත්වරුනි අපි විසිර යමු.
**හරි සර්…
***හරි සර්..
හොඳයි.. මම හෙට ඔය දෙන්නගෙ තැනට එන්නම්. මොකද හෙට තියනවා තවත් සැළසුමක් ඔයාලට විස්තර කරන්න. දැන් ඒකට කාලය මදි වගේම ඒ සේරම ඔලුවෙ තියාගන්න ඕන නැහැ. හරි එහෙනම් විසිර යමු.ජයවේවා මහත්වරුනි.
**ජයවේවා සර්..
කසුන් අපි යමු.. යන ගමන් කතා කරමු.
*යමු සර්.
එතකොට ගැමුණු. ඔයා සයිමන් අංකල්ගෙ
කෑම එකට නිදි පෙත්තක් දාන්න. මෑන් මුළු
රෑ පුරාම නිදිකරවලා තියෙන්න වෙනවා.
මොකද අද රෑ අපිට තවත් තීරණාත්මක
රැයක්. මොන මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ නෙ.
*ඔව් ඒක ඇත්ත තමයි සර්. එතකොට හෙට මොකද කරන්නේ… ? තව මොකක්ද
තියනවා කිව්වා නේද සැළසුමක්. හැබෑටම මොකක්ද ඒක.
ඔව්.. මම ඒක දැන් කියන්නම්. ඇත්තටම
ගැමුණු කැරොලින් මැඩම්ට මෙතන ලොකු අසාධාරණයක් වෙලා තියනවා. ඒ ගැන
සැකයක් නැහැ. අවුරුදු හතර හමාරක් දැඩි
ශාරීරිකව විතරක් ම නෙමෙි. මානසිකවත් කොච්චර විඳවන්න ඇද්ද … ?
*තවමත් විඳවනෙ සර්.
ඔව් ගැමුණු. අපි නිතරම බලන්නෙ අපරාධ කාරයින් කරන අපරාධ විතරයි. හැබැයි
සමහර වෙලාවට අපි බලන්න ඕන. ඒකට
හේතුව මොකක්ද කියලා. අපි නොකරන එකම දේත් ඒකම තමයි. අපරාධ ඉතින් කොහොමත් සාධාරණයි කියන්න බැහැ.
නමුත් මෙතනදී උන් තවම ඒ අපරාධය කරනවා. අපරාධයක් කරා. ඒක ඇල්ලුවා
උසාව් දැම්මා ඔප්පු කරා , දඬුවම් දුන්නා
ඉවරයි. නමුත් අවුරුදු ගාණක් තිස්සේ. මිනිහෙක්ට කිසිම වැරැද්දක් නැතුව කායිකව හා මානසිකව දඬුවම් දෙනවා
නම්. ඒකට සමාව දෙන්න හෝ අඩු වටිනාකමක් තියෙන දඬුවමක් දීලා බැහැ.
මොකද ඔය වගේ එවුන් යහමගට ගන්න
පුළුවන් කියලා මමනම් විශ්වාස කරන්නේ
නැහැ යාළුවා.
*එතකොට සර් මොකක්ද සැළසුම.
ඒක තීරණය වෙන්නේ අද රෑ අපි කරන
දෙයින් ලැබෙන ප්‍රතිඵල අනුව. ඒකයි මම
නියෝජිතවරුන් දෙන්නට මෙි සැළසුම ගැන
විස්තර කරන්න ගියෙ නැත්තේ. නමුත් ඔයා
මගෙ ප්‍රධාන සහයක පරික්ෂකවරයා වන
හන්දා මම ඒක විස්තර කරන්නම්. අද රෑ
අපි මෑන් ඉන්න තැන බලාගත්තට පස්සේ
අපි දහවල් කාලයේ පූර්ණ නිරීක්ෂණයක
නියැලෙන්නට ඕන. ඊට පස්සේ අපිට මෑන් පැට්රික් මයි කියලා සනාථ වුනොත්. සද්ද
නැතුව ඉතුරු ප්‍රශ්න වලට උත්තර හොයමු.
ඊට පස්සේ මෑන් ලංකාවට ආවා වගේ අදාල
දවසට ආවට පස්සේ , අපි කලින් සල්ලි ගෙවලා ගණිකාවක් ලැහැස්ති කරලා තියාගන්නවා. අපිට ඒක එච්චර අමාරු නැහැ. දැන් රටෙි ඔින තරම් එහෙම එවුන් ඉන්නවා. ඊට පස්සේ මෑන් හොඳට බීලා
ඉන්න දවසක අපි උස්සනවා. උස්සලා
කැරොලින් මැඩම්ගෙ අප්පච්චිට කරපුදේම
අපි මෙයාට කරනවා. මොකද විෂ නසන්න
ඕන විෂෙන්ම තමයි ගැමුණු. ඊට පස්සේ
මෑන්ව නිරුවත් කරලා , අර ගෑනු කෙනත් එක්ක නිදිවදින කෙටි නිල් චිත්‍රපටයක් හදනවා වගේම , පොඩි ෆොටෝ ෂූට් එකකුත් කරනවා. ඊට පස්සේ මෑන්ව ගෙදර දාලා අපි පසු බහිනවා. ඊට පස්සේ දවස් කීපයකට පසු අපි මෑන්ව බිලැක්මේල්
කරලා , මෑන් ලඟ තියෙන පරණ වීඩියෝ ටික සේරම මකලා , විනාශ කරලා දානවා.
එතකොට ඒ හිසරදෙන් කැරොලින් මැඩම්ගෙ පවුල නිදහස්. ඊට පස්සේ මෑන් කුක්කා වගේ ඉඳියි. ඒක තමයි “මිෂන් එෆ් වන්” කියන්නේ.
*නියමයි සර්. ඒක තමයි ඔය වගේ අධම නරුමයින්ට කරන්න ඕන.
ඔව් ගැමුණු. එතකොට හෙට මම නුවර කරක් ගහනවා කියලා. කැරොලින් මැඩම් දන්නවා. මොකද මම කිව්වා ඒ සැළසුමට
ඕන කරන මැරයො ටිකක් හොයාගන්න ඕන කියලා. ඒ වගේම මම මැඩම්ට කිව්වා
ටිකක් සල්ලි එහෙම විසික් කරන්න වෙයි කියලා. එයා ඒකට ඉතින් උඩින්ම කැමතියි. ඉතින් අපි මෙි වැඩෙි කරලා බලමු නේද.. ? එතකොට මැඩම් අපිට කියන්නේ ඇත්තද බොරුද කියලා අපිට සහසුද්දයෙන්ම දැනගන්න පුළුවන්. ඒක ඒ විදිහට කරලා
ඊට පස්සේ ඔය සැඟවිලා ඉන්න මාවන් එලියට ගන්න ඕන.
*සර් විශ්වාස කරනවද මාවන් ජීවතුන් අතර කියලා.
ඔව්.. ඒක සහසුද්දයෙන්ම මට දැනගන්න පුළුවන් වෙයි මෙි යන විදිහට කැරොලින් මැඩම්ගෙ කටින්ම. මම ඒ තරම්ම එයාගෙ විශ්වාසය දිනාගෙන ඉවරයි. එහෙම නැති වුනත් ප්‍රශ්නයක් නැහැ. මම ලඟ තියනවා
ප්ලෑන් ඒ.
*ප්ලෑන් ඒ … ?
ඔව්… මතක නැද්ද දවසක් මම කිව්වා
ඒකටත් මම දැලක් දාලා තියෙන්නෙ කියලා.
බොහෝදුරට අනිද්දා මට ඒ දැලෙන් හොඳ ප්‍රතිඵල තියනවද නැද්ද කියලා තක්කෙටම දැනගන්නට පුළුවන් වෙයි.
*දන්නෙම නැතුව අපේ තැනටත් ආවා නේද… ?
හ්ම්ම්… හරි ගැමුණු. අපි එහෙනම් දැනට විසිර යමු. නැවත රෑ කෑමෙන් පස්සේ හමුවෙමු.
*හරි සර්. මම මගේ වැඩටික කරලා එන්නම්.
ඕකේ ජයවේවා යාළුවා..
*ජයවේවා සර්…
රාත්‍රි ආහාරයෙන් පසු මිනිත්තු හතලිස් පහක් පමණ ගතවුද , කසුන් තවමත් මා හමුවට නොපැමිණීම ගැන පොඩි සැකයක්
මාහට ඇතිවුනද , මද වෙලාවක් ඉවසමි.
මක්නිසාද යත් සමහරවිට මුරකරු සයිමන්
අංකල් තවම නින්දට වැටි නැතුව ඇති.
නැවත හමුවෙමු …
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023