⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
42 වන දිගහැරුම
( අවසාන කොටස් හතර )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නෑ බයවෙන්න එපා. ඔයා මම කියපු විදිහට වැඩටික කරන්න එච්චරයි. ඉතුරු⁣ ටික මම බලාගන්නම්. මම මෙි පැත්තෙන් දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගෙන තියෙන්නෙ. මම සල්ලි ටිකක් විසිකරා උන්ට. හදිස්සියක් වුනාම මට උන්ටිකත් ගේමට බස්සන්න පුළුවන්.

*ඔයා මොකක්ද කරන්න හදන්නෙ.

ඒකට මට දැන්ම උත්තර දෙන්න බැහැ.
වෙලාව ආපුවාම මම කියන්නම්.

මෙතැන්සිට ….

අපි දැන් යමු. මට හවස ආයේ මෙහෙ එන්න වෙනවා. මම ඒ කියපු මැරයො ටික හමුවෙලා කතා කරගන්න. පෙරවරු එකොළහට පමණ කැරොලින් මහත්මිය හෙන්ද්‍රික් වලව්වට ගෙනත් ඇරලවා. මා නැවත ගියේ තෙල්දෙණිය වෙතය. ඒ යන ගමනේදී නියෝජිතයින් දෙදෙනා මෝටර් රථයට නංවා ගත්තෙමි. තෙල්දෙණිය වෙත ගොස් වාහනය ප්‍රසිද්ධ වෙළෙඳ සැළක් ලඟ නවතාදමා. කුලීරථයකින් තිදෙනාම මාවන් සිටින නිවස වෙත ගොස් දොරට තට්ටු කෙරුවෙමි. මද වෙලාවකට පසු රැවුල දිගට වවාගත් මාවන් දොර විවෘතකර අපව නිවස තුලට පිලිගත් පසු සෝපාවෙ වාඩිවී කතාවට මුලපිරුවෙමි.

මිස්ටර් මාවන් තත්වය ටිකක් බරපතලයි.
මගෙ නිගමනය හරි. පැට්‍රික්ගෙ ඊලඟ සැළසුම තමයි මිස්ටර් රිචඩ් මරලාදාලා දේපල වල එකම හිමිකරුවා ⁣වෙන එක. පසුගිය සිකුරාදා මෑන් මිනිහෙක් දම්මලා මිස්ටර් රිචඩ්ව මරන්න ට්‍රයිකලා. මම සැළසුම කලින් දැනගෙන හිටපු හන්දා වැඩෙි දෙල්වුනා.

*මොනවා ඔෆිසර්…

ඔව්… මෑන්ගෙ සැළසුම තමයි විෂ එන්නතක් මිස්ටර් රිචඩ්ගෙ ඇඟට ඇතුල් කරලා මරලා දාන එක. ඒක කරන්න සිකුරාදා සායන බාර ඩොක්ටර් මහේෂ් මානවඩු ලව්වා තමයි ⁣එන්නත මාරු කරවලා වැඩෙි කරන්න හිටියෙ. නමුත් මම කලින්ම ගිහින් ඩොක්ටර්ව දැනුවත් කරපු හන්දා ඒ සැළසුම විනාශ වුනා වගේම, මගෙ මිනිහෙක් නැවත වලව්වට එනතුරුම වෑන්එක පස්සෙන් ආවා ආයුධ සන්නද්ධව. ඒ සේරම මගෙ සැළසුම්.

*ඔෆිසර් දැන් අපි මොකද කරන්න ඕන. පැට්‍රික් ඔතනින් නවතින්නෙ නෑ.

ඔව් මිස්ටර් මාවන්. මම කිව්වා වගේම, ඔයා මෙිකෙන් ඈත්වෙලා ඉන්න. පැට්‍රික් තව දවස් තුනකින් ලංකාවට ආවා වගේ රඟපාලා ගෙදර නාවොත් මම මගෙ සැළසුම ක්‍රියාත්මක කරනවා. එහෙම නොකලොත් මිස්ටර් රිචඩ්ගෙ ජීවිත හානිය නවත්වන්න බැරි වෙනවා. මිස්ටර් දන්නවද ඩීමන් පැස්කුවල් කියලා කවුරුහරි.

*ඔව් මට මතකයි. මෑන් ඉස්සර පැට්‍රික්ගෙ
ඩ්‍රයිවර් විදිහට වැඩ කරා.

හ්ම්ම්… එහෙමද මෑන් තවම පැට්‍රික්ට වැඩ කරනවා. මම මෑන්ව අත්අඩංගුවට ගත්තා.
මෑන් සේරම වැමෑරුවා. ෂෙල්ටන්ව මරලා තියෙන්නෙ පැට්‍රික්. ඒ වගේම නොයෙල්ව මරන්න කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙ පැට්‍රික් මෙි ඩීමන්ට.

*මොනවා ඔෆිසර්… ?

ඔව් .. මම මෙි දවස් දෙක තුනට සේරම හොයාගත්තා. මම බලාගෙන ඉන්නෙ පැට්‍රික් එලියට එනකම්. මගෙ සැළසුම ක්‍රියාත්මක කරන්න.

*එතකොට මගෙන් මොනවද ඔෆිසර්ට කෙරෙන්න ඕන… ? මොකද මට පපාව නැති කරගන්න බැහැ.

ඔව් මට තේරෙනවා. නමුත් මම මොකුත් කරන්න දෙන්නෙ නැහැ මෑන්ට. මිනිහත් එලිපිට මොකුත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මෑන් කැනඩාවෙ ඉන්නවා වගේ නෙ රඟපාන්නෙ. මෑන් හිතුන වෙලාවට උඩුදුම්බර රෙන්ට් එකට ගත්ත ගෙදරක නවතිනවා. ඒ වගේම ටිකක් මේ පැත්තෙන් බැහැරව ඉන්න ඕන කියලා හිතුනහම මෑන් යනවා ඔය කියන ෆාම් හවුස් එකට. දැන් මිනිහා පේන්න නැත්තෙ සැළසුම ක්‍රියාත්මක කරන්න බැරිවුන හන්දා ඒගැන කාටහෝ සැක හිතිලා ඇති කියලා තමයි මම කලින් කියපු තැනට වෙලා ඉන්නෙ. හැබැයි එහෙම වැඩි දවසක් එතන රැඳිලා ඉන්නත් බැහැ. එතකොට ඒ ප්‍රශ්නය ඉවරයි. මිස්ටර් මාවන් ගෙන් ඕන දෙයක් තියනවා නම් මම ඒක කියන්නම්. තවම වාහනයේ ට්‍රාන්ස්මීටරය වැඩ නේද … ?

*ඔව් ඔෆිසර්..

හ්ම්ම්… හොඳයි ..

සමහර තැනකදී ක්‍රියාත්මක වෙන්න වෙයි.
මම ඒක වෙලාව ආපුවහම වාහනය ඇතුලට ඇවිත් කියන්නම්. ටිකක් හොඳ අවධානයෙන් ඉන්න.

*ඔෆිසර් කියන්නේ ඒ සැළසුම ක්‍රියාත්මක කරන්නේ ඔය අපේ වත්ත වටපිටාව තුල කියලද .. ?

ඔව්.. ඒක තමයි මම කියන්නේ හොඳට අවධානයෙන් ඉන්න කියලා.

*හොඳයි ඔෆිසර්. මට ඔය වාහනයේ දොර අරිනකොට සිග්නල් එකක් එනවා. එතකොට මම ටග්ගාලා හෙඩ්ෆෝන් එක කන්දෙකට දාගෙන සවන්දෙනවා.

එතකොට නොයෙල් ඔය වාහනයේ ඇතුලෙ වෙච්ච කතාබහත් අහගෙන හිටියද ඒ දවස්වල.

*ඔව් ඔෆිසර්.

හ්ම්ම්… හොඳයි. එහෙනම් මහත්වරුනි අපි යමු. වැඩිය දඟලන්න එපා. ඔය හිටියා වගේම සද්ද නැතුව ඉන්න. මොකද මට තව සුළු කාලයක් යනවා. ඔහුගෙන් සමුගෙන අපි තිදෙනා නැවත කුලී රථයකට ගොඩවී තෙල්දෙණිය වෙත ගොස් , මෝටර් රථයට ගොඩවී නියෝජිත සුභාෂ්ගෙ නවාතැන වෙත ආවෙමු.

ඉතින් මහත්වරුනි. ඔය ඩීමන් කියන හාදයා අපි අල්ලගත්තා. මාවන්ට කිව්වා වාගේම මෑන් තමයි මිනිහගෙ ලඟම ඉඳලා තියෙන්නෙ. හැබැයි ඔය කියන ෆාම්හවුස් එකේ මෑන් මෙිවනවිට ඉන්න විදිහක් නැහැ ඒ හන්දා ආපු ව්‍යාජ පාස්පෝර්ට් එකෙන් මෙිවනවිට ලංකාවෙන් පිටවෙලා ඉන්න ඕන. ඒ වගේම ඩීමන් ගැන තොරතුරක් නැති හන්දා මෑන් දෙගිඩියාවෙන් ඉන්නවා ඇති. බොහෝදුරට අද රෑ කැරොලින් මැඩම්ගෙන් කෝල් එකක් මාර්ගයෙන් දැනගන්න මිස්ටර් රිචඩ් ගැන දැනගන්න පුළුවන්.

*සර් කියන්නේ මෑන් ලංකාවෙ නැහැ කියලා නේද .. ? එතකොට මාවන්ට කිව්වෙ බොරුවක් නේද .. ?

*ඔව් නියෝජිත ජනිත්. ඒක මම දාපු ප්‍රයෝගයක්. මොකද මෑන් ලංකාවෙ ඉන්නවා කියලා කියනකම් මිස්ටර් මාවන් තවදුරටත් හැංගිලා ඉන්නවා. නැත්නම් තමන්ගෙ තාත්තව බේරගන්න කරලියට බැස්සොත් අපි ගහපු ප්ලෑන් වෙනස් කරන්න වෙනවා. නමුත් එහෙම කරන්න දැන් අපිට වෙලාවක් නැහැ මහත්වරුනි. ඉතින් කොහොම වුනත් මෑන් ලංකාවට අළුතෙන් ආවා වගේ රඟපාන්න වෙනව නෙ. ඔය දෙන්නා හෙට යන්න කොත්මලේ. ගිහින් ඔය ෆාම්හවුස් එකට ගිහින් බලන්න එතන මෑන් ඉන්නවද කියලා.

*සර් කොතනද ඔය පොට්එක තියෙන්නෙ..?

කොත්මලේ මරියානා වත්තට එහා පැත්තෙ තමයි තියෙන්නෙ.

*රයිට්… අපි හෙට දවසම රෙකී කරලා ඒ ගැන හෙට හවසම සම්පූර්ණ තොරතුරක් දෙන්නම්.

හොඳයි.. මොකද මට එතන පැට්‍රික් ඉන්නවා හෝ නැතා කියලා හරියටම තහවුරු කරගන්න ඕන. බැරිවෙලාවත් මගෙ අනුමානය වැරදි වුනා , ඒ කියන්නේ මෑන් කැනඩාවට ගිහින් නැත්නම්. එහෙම තව දවස් තුනකින් ආවෙි නැත්නම් මම මගේ සැළසුම වෙනස් කරන්න වෙනවා. කැනඩාවට ගිහින් නම් ප්‍රශ්නයක් නැහැ. මෑන් එහෙම ඇවිත් දවස් තුනක් ගිය⁣ ගෙවුන හැටියෙ මගෙ අනිත් සැළසුමත් ක්‍රියාත්මක කරනවා.

*දැන් මොකක්ද සර්ගෙ ප්ලෑන්එක .. ?

මගෙ සැළසුමෙ හැටියට පැට්‍රික් මැරෙන්න ඕන “නීත්‍යානුකූල ඝාතනයක්” විදිහට. හැබැයි ඒක නඩු තීන්දුවකින් පස්සේ කරන දෙයක් දක්වා දුරදිග ගෙනියන්න බැහැ. එහෙම ප්‍රශ්න සහගත තත්වයක් දක්වා මෙික ඇදගෙන යන්නට බැහැ.

**නීත්‍යානුකූල ඝාතනයක් … ?

ඔව් නියෝජිත සුභාෂ්. ඒක නීත්‍යානුකූල ඝාතනයක්. එතකොට මොනවගේ අදහසක් ද ඔය මහත්වරුන්ට එන්නෙ.. ?

*නීත්‍යානුකූලයි නම් මට හිතෙන විදිහට ඒක ආත්ම ආරක්ෂාවට හෝ තව කෙ⁣නෙක්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමක්.

ඔව්… රාජ්‍ය නීති සංග්‍රයේ “පුද්ගලික ආරක්ෂාවෙ අයිතිය” කියන වගන්තියට අනුකූලව ඒ ක්‍රියාව සම්මතයි මහත්වරුනි.

**ඒ කියන්නේ අපි කවුරුත් නෙමෙි පැට්‍රික්ට
ෂූට් කරන්නේ … ?

හරියටම හරි නියෝජිත සුභාෂ් මෙික තනිකරම “බළලුන් ලව්වා කොස්ඇට බෑමක්” වගේ දෙයක්.

*කවුද සර් ඒ බළලා .. ?

ඉන්ස්පෙක්ටර් මනීෂ කොඩිකාර තමයි ඒ බළලා.

*එතකොට මෑන්ව බ්ලැක්මේල් කරන්නේ නැද්ද… ?

නැහැ මහත්වරුනි. කොහොමත්ම නැහැ. මොකද ඒකට අපිට ඒකට කාලයක් නැහැ.
එහෙම දෙයක් කරන්න ගියොත් මිස්ටර් රිචඩ්ව බේරගන්න බැරිවෙනවා. සමහර සැළසුම් අපි හැදුවට කාලානුරූපව වෙනස් වෙන්න පුළුවන්. හොඳයි .. මගෙ සැළසුම මෙිකයි. පැට්‍රික් ලංකාවට නාමිකව හරි ඇවිත් හෙන්ද්‍රික් වලව්වේ ඉන්න දවසට මම නිර්නාමිකව කෝල් එකක් අරගෙන ඉන්ස්පෙක්ටර් මනීෂට කතා කරලා කියනවා. ෂෙල්ටන් ඝාතනයට වගකිවයුතු පාර්ශවය ගැන ප්‍රභල අනාවරණයක් කරන්න බෝගම්බර සිරමැදිරියේ ඉන්න ඩීමන්ව හමුවෙන්න කියලා. එතකොට අවුරුදු ගාණක් පල්වෙවි දුවන මෙි කේස්එක හමාර කරන්න දතමිටි කන ඉන්ස්පෙක්ටර් මනීෂ අනිවාර්යයෙන්ම ඩීමන්ව හමුවෙන්න බෝගම්බර යනවා මයි. එතනදී මෑන්ගෙන් තොරතුරු අරගෙන ෂෙල්ටන්ව ඝාතනය කරපු චෝදනාව මත පැට්‍රික්ව අත්අඩංගුවට ගන්න මනීෂ එනවා අනිවාර්යයෙන්ම. අන්න එහෙම එනකොට ඔය දෙන්නා මග ඉඳලා මට දැනුම් දෙන්න ඕන පොලීසිය එනවා කියලා. එතකොට මම පැට්‍රික්ට මම එදා ඩීමන් මම ඉදිරියේ කරපු පාපොච්චාරණයේ වීඩියෝ එක යවනවා. පැට්‍රික්ට විතරක් නෙමෙයි මිස්ටර් රිචඩ්ටත් යවනවා. එතකොට කොහෙන් ගියත් ගැටුමක් නිර්මාණය වෙනවා. මට ඕන කොහෙන් කොහොමහරි කමක් නැහැ එතන ගැටුමක් නිර්මාණය කරන්න. එහෙම වුනහම ඉබේටම මෑන් වියරු වැටෙනවා. ඊට පස්සේ මෑන් හිතේ ආවේගයට මිස්ටර් රිචඩ්ව ඝාතනය කරන්න උත්සාහ කරයි. නැත්නම් ඉතින් කැරොලින් මැඩම්ව මරන්න උත්සාහ කරයි. එහෙමත් නැත්නම් පැනලා යන්න උත්සාහ කරයි. අන්න එතනදී මම ඇවිලෙන ගින්දරට පිදුරු දාන වැඩෙ කරනවා. තැනේ හැටියට ඇණේ ගහලා
ඉන්ස්පෙක්ටර් මනීෂ අතින් වෙඩි කාලා
මැරෙන තත්වයට ගේනවා. එතකොට කතාව ඉවරයි. මට ඒ අවසාන ටික කරගන්න පුළුවන්.

*ඒක සර් තනිකරම කුමන්ත්‍රණයක් නෙ.

ඔව් නියෝජිත ජනිත්. මෑන් ඉතින් කොහොමත් කුමන්ත්‍රණ කාරයෙක්නෙ. ඉතින් මෑන්ගෙ ඉවර කරන්න ඕනෙත් කුමන්ත්‍රණයකින්ම තමයි.

**ඊට පස්සේ … ?

ඊට පස්සේ මෑන් වැරදිකාරයෙක් වෙලා ඉවරයි නෙ. ඒ හන්දා ඉන්ස්පෙක්ටර් මනීෂටත් ගැලවුමක් තියනව නෙ කරපු වැඩෙිට. ඉතුරු⁣ වැඩටික ඉතින් සුපුරුදු පරිදි නීත්‍යානුකූලව වෙයි. ඒක අපිට අදාල නැහැ. ෂේප්එකේ ටික දවසක් ගිහින් අපිත් මාරුවෙමු එච්චරයි.

*එතකොට සර් කොහොමද දැනගන්නෙ
පැට්‍රික් වලව්ව ඇතුලෙ ක්‍රියාත්මක වෙනවා කියලා .. ?

ඔව් හොඳ ප්‍රශ්නයක්. ඒක එහෙම වෙන්න හදනකොටම කැරොලින් මැඩම් මට ක්ෂණිකව දැනුම්දීමක් කරනවා. ඒක තමයි මුලින්ම මෙි වගේ කේස් එකකට අතගහපුවාම වටපිටාවෙ උදවිය එක්ක හිතවත්කමක් ගොඩනගා ගන්න ඕන. මොකද ඒක හරිම වාසිදායක දෙයක් වෙනවා හෝඩුවාවන් හොයාගෙන යන ගමනෙදී. හරි .. ඒ කොහොම වුනත් මම ඔය දෙන්නගෙ සිග්නල් එකෙන් පස්සේ රෙඩිවෙලා ඉන්නෙ. එතකොට ඔයාල එදාට කරන්න ඕනදේ මම කියන්නම් හරියටම. දැනට ඔහොම යමුකො.

*හරි සර්… අපි දෙන්නම් ඔත්තුව තිතටම.

හොඳයි මහත්වරුනි. මම එහෙනම් ගිහින් එන්නම් ජයවේවා.

**ජයවේවා සර්..

මෝටර් රථයට ගොඩවැදුණු මා නැවත ගෝනහෙල බලා ආවෙමි. හවස් යාමයෙදී
ශාරීරික අභ්‍යාස ඇඳුමින් සැරසී ගැමුණු සොයා සයිමන්ගෙ නවාතැනට ආවෙමි.

**අපෙ මහත්තයා දැක්ක කල්.

ඒකනෙ. අම්මගෙ අවුරුද්දෙ දානෙ දෙන්න
මම නිවාඩුවක් දැම්මා. ඉතින් අද තමයි හරියටම වැඩ ඉවර වුනේ.

**හපොයි එහෙමද .. ? ඒවත් ඉතින් කෙරෙන්න එපැයි නෙ මහත්තයා. හොඳා හොඳා..

කෝ ගැමුණු මල්ලි.

**ඔය පල්ලැහැ ඇති මයෙ හිතෙ. අපරාදෙ කියන්න බැහැ කිසිම කම්මැලිකමක් නැති
කොල්ලෙක්.

හ්ම්ම්… එහෙමද .. හොඳයි ඉතින්.

**හිටින්ඩ අපෙ මහත්තයෝ. හිටින්ඩ මම ගොහිං අඬගහගෙන එන්නම්.

හොඳයි අංකල්. මොහොතක් රැඳී සිටිනවිට
කසුන් එන්නට විය.

හා… ගැමුණු මල්ලි. යමුද රවුමක්.

*යමු යමු සර්. මට විනාඩියක් දෙන්න.

හොඳයි …

ඉතින් අංකල්. මෙි දවස්වල මොකුත් කරෙ එහෙම නැද්ද… ?

**ඒ කිව්වෙ අපෙ මහත්තයෝ.

නෑ නෑ මොකුත් සප්පායම් එහෙම වුනේ නැද්ද … ?

**තෙලිජ්ජ ඩිංගක් නම් සප්පායම් වුනා.
වෙන ඉතින් අපිට කොහෙද රටබීම.

ඒක තමයි නේද… ?

*යමු සර්…

මීටර් තුන්සීයයක් පමණ ⁣දුරක් ගෙවා එනතුරු කිසිදු වචනයක් හුවමාරු කරගැනීමට අප උත්සාහ නොකළෙමු.

*ඉතින් සර්…

ඉතින් .. තව දවස් තුනකින් කොතන හැංගිලා හිටියත් අනිවාර්යයෙන්ම පැට්‍රික් එලියට බහින්න ඕන. හතරවන දවසේ මගෙ සැළසුම ක්‍රියාත්මක කරන්න ඕන.

*සර් මොකක්ද සැළසුම ..

හ්ම්ම්… මෙන්න මෙිකයි සැළසුම ( මා නියෝජිතයින් හට පැවසූ මගෙ සැළසුම
විස්තර කෙරුවෙමි)

*නියම කුමන්ත්‍රණයක්.

ඔව්.. පොලිස් නිලධාරියෙක් මෑන්ට ෂූට් කරා කියලා ඒක කරේ තවත් ජීවිතයක් බේරගන්න වගේම , මැරුන මිනිහා නීතිය ක්‍රමවේදය අනුව වැරදිකාරයෙක් නම් ඒක “නීත්‍යානුකූල ඝාතනයක්” වෙනවා. මොකද ඉන්ස්පෙක්ටර් මනීෂ කොහොම කරත් මෑන්ගෙ ගැලවිල්ලට මැරුන පැට්‍රික්ව වැවැරදිකාරයා කරනවා මයි. ඒ වෑයම මම සාධාරණයි කියලා තමයි හිතන්නේ. මොකද පැට්‍රික් අපරාධකාරයෙක් නෙ. කොහොමත්

*හොඳයි සර්. මට තේරෙනවා. රැවුලයි කැඳයි දෙකම බෙිරෙන විදිහට මෙික සැළසුම් කරලා තියෙන්නෙ. එතකොට මම මොනවද කරන්න ඕන.

මම වෙලාවට කතා කරන්නම්. ඔව් හරි.. කොහොමත් සෙනසුරාදා කියන්නේ නිවාඩු දවසක් නෙ. මෙතන ප්‍රශ්නයක් නැහැ.
දැන් මෙි වෙද්දී ඔය කියන ෆාම්හවුස් එකේ
මෑන් හැංගිලා ඇති කියලා තමයි මාවන් ව මම දැනුවත් කරලා තියෙන්නෙ හැබැයි ඒක එහෙම නෙමෙි. මේ වනවිට මෑන් අනිවාර්යයෙන්ම ඉන්න ඕන කැනඩාවෙ. මොකද ඩීමන්ට වැඩෙි බාරදීලා මෑන් කැනඩාවට ගියා. වැඩෙි වුනා හෝ නැතා මෑන් තවදුරටත් ලංකාවෙ ඉඳලා බැහැ. මොකද එහෙම වුනොත් රඟපෑම සාර්ථක වෙන්නෙ නැහැ. මම කිව්වා හෙට දවස ඇතුලත අපේ නියෝජිතයින් දෙන්නට ඔය කොත්මලේ ෆාම්හවුස් එක රෙකී කරන්න කියලා. කොහොම වුනත් හෙට හවස් වෙනකොට මට සම්පූර්ණ තත්ව වාර්තාවක් දෙයි. ඒ වාර්තාවට අනුව තමයි ඊලඟට මොකද කරන්නේ කියලා තීරණය කරන්න වෙන්නේ මොන ප්ලෑන් එකක් ගැහැව්වත්.

*එතකොට සර් මෑන් ලඟ පිස්ටල් එකක් එහෙම ඇති නේද .. ?

නැතුව. ..? අනිවාර්යයෙන්ම තියෙන්න ඕන
මෑන් ලඟ. ඒක මෙි කොහෙහරි හංගලා තියෙන්න පුළුවන්. අපි වැඩෙි පත්තුකරපු
ගමන් මෑන් අනිවාර්යයෙන්ම පිස්තෝලය
පත්තු කරන්න ඕන. ඒක පත්තු කරන්න
කලින් ඉන්ස්පෙක්ටර් මනීෂගෙ පිස්ටල් එක අපි ක්‍රියාත්මක කරවන්න ඕන. හ්ම්ම්
අපි බලමුකො.

*එහෙනම් බොහෝදුරට සෙනසුරාදා ගේම් එක ඉවරයක් දකින්න පුළුවන් වෙයි.

ඔව්… ගැමුණු.

*එතකොට ඔය හැම තැනකටම ගියේ බස් එකේමද … ?

ඔව්.. බස්එකේ තමයි. මොකද තනිවම වාහනයක යනකොට ඕනම කෙනෙකුටම
අපිව නිරීක්ෂණය කරන්න පහසුවෙන් පුළුවන්. මම මෙික කලිනුත් කියලා ඇති. ඉතින් බස්රථ වගේ වැඩි පිරිසක් ගැවසෙන තැන්වල ගමන් කරන එකෙන් අපිව හරිහැටි තමන්ගෙ ඇස්වලට ග්‍රහණය කර ගන්න අමාරුයි. ඒකත් එක උපක්‍රමයක් තමයි මම පාවිච්චි කරන. අනික පිරිසක් අතරෙ මොකුත් කරගැනීමෙි හැකියාව උනත් අල්පයි නෙ. එහෙම බලපුවාම ගොඩක් වාසිදායකයි පොදු බස්රථ පාවිච්චි කරනඑක සමහර අවස්ථාවන්වලදී. විශේෂයෙන්ම තනියම ගමනක් යනකොට.

*ඔව් සර්.. ඒක හොඳ පොයින්ට් එකක්

හ්ම්ම්… තව නොකියූ කකාවක් තියනවා.
ඒකත් මම කියන්නම්. මම මෙික තවම කාටවත්ම කිව්වෙ නැහැ.

*ඒ මොකක්ද .. ?

මම ගියා බණ්ඩාරවෙල.

*බණ්ඩාරවෙල … ?

ඔව්… බණ්ඩාරවෙල. මිස්ටර් පීටර් තිසේරගෙ ගෙදර. ඒ කියන්නේ කැරොලින් තිසේරගෙ තාත්තා මුණගැහෙන්න.

*අප්පටසිරි… එහෙත් ගියාද … ?

ඔව් යාළුවා. මට ඕන වුනා කැරොලින් මැඩම් ඔය කියන වීඩියෝ එක මිස්ටර් තිසේරා ට කොච්චර බලපෑමක් කරනවද කියලා බලාගන්න.

*ඒ කියන්නේ සර් තවමත් කැරොලින් මැඩම්ව විශ්වාස කරන්නේ නැහැ.

ගැමුණු … මෙි ක්ෂේත්‍රයේදී කිසිම කෙනෙක් සීයයට සීයයක් විශ්වාස කරන්න එපා. ඒ වගේම වෘත්තීය මට්ටමින් ඉන්න අය⁣ට වුනත් තමන්ගෙ ස්ථිර ගනයේ රහස් හෙලිකරන්න එපා. නිතරම අඳුරු සෙවනැල්ලක් වගේ ඉන්න බලන්න. මොකද ඒක කවදාහරි තමන්ට පිලලයක් වෙන්න පුළුවන්. එහෙම නොවෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් තමන්ගෙ පරිස්සම අංක එකට දෙන්න. ඉතින් කැරොලින් මැඩම් කියන්නේ මමකාලාන්තරයක් දන්නා කියන කෙනෙක් නෙමෙි. ඉතින් එයාව මට සීයයට සීයයක් තියා තවමත් සීයයට අසූවක් වත් විශ්වාස කරන්නේ නැහැ. ඒකනෙ අපි කවුද කියලා එයා තවම දන්නෙ නැත්තෙ.

ආහ්… තව දෙයක්. කැරොලින් මැඩම්
මාවන් ජීවතුන් අතර ඉන්නවා කියලා මට
කිව්වා.

*ඒ කියන්නේ දැන් සර්ව සීයයට සීයයක් මැඩම්ට විශ්වාසයි. එහෙමද… ?

ඔව්… නමුත් අපි එහෙම විශ්වාස කරන්න හොඳ නැහැ. කොහොමත් මාවන් හා කැරොලින් අතර දැන් රහස් පණිවිඩ හුවමාරුවක් නැති හන්දා ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙි. ඉතින් අවුරුදු හතරක් වෙලත් මිස්ටර් පීටර්ගෙ වයිෆ් වත් දැනගෙන ඉඳලා නැහැ මෙි බ්ලැක්මේල් සිද්ධිය.

*අම්මපා සර්… ?

ඔව් යාළුවා.. මම ගිහින් පැහැදිලි කරාට පස්සේ තමයි එතන සමථයකට පත්වුනේ.

*සර් පට්ට උදව්වක් නෙ කරලා තියෙන්නෙ ඒ වයසක මනුස්සයාට.

ඔව් ගැමුණු. මිනිහෙකුට මොනවා තිබ්බත් වැඩක් නැහැ මානසික නිදහස නැතුව. ඉතින් ඒක මම නිදහස් කරා.

*ඒ කියන්නේ ඒ සැකයත් තහවුරුයි.

ඔව්.. ඒකත් ඉවරයි. හොඳයි අදට කතාබහ ඇති. අපි ආපහු යමු. වෙනත් යමක් මගෙන් අහන්න තියනවද.. ?

*දැනට නම් නැහැ සර්.

නැවත හමුවෙමු …



Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 11  [24 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now