නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 04
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
04 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔව් මැඩම් … යමු එහෙනම්. ජීප් රථය නැවත හරවා ගත් මා , අප දෙදෙනා නැවත හෙන්ද්‍රික් වලව්වට එනවිට හවස් විය.
මෙතැන්සිට…
එතරම්ම ශෝකාකූල බවක් මා ඇගේ මුහුනෙන් දැක්කෙ නැති තරම්ය. නමුත් ඇය හුඟක් දුක්වන බැව් පෙන්වීමට උත්සාහ කෙරුවද , ඇය රංගනයට එතරම් දක්ෂ නැති බැවි මට ක්ෂණිකව වැටහී හමාරය. හෙන්ද්‍රික් වලව්වට එනතුරුම දෙදෙනා අතර කිසිදු කතාබහක් ඇති නොවුනොවුනි.
රාත්‍රි ආහාරයෙන් පසු මා කාමරයට පිවිසි කල්පනා කරන්නට වූයේ හෙටදින සිට රහසේ විමර්ශන කටයුතු ආරම්භ කරන්නෙ කෙසේද ඒ සඳහා ප්‍රවිශ්ඨයක් ගන්නෙ කෙසේද කියාය. පලමුව මා කල යුත්තේ බාහිරින් සැඟවුණු හෝඩුවාවන් තිබෙිද කියා පිරික්සීමයි. ඒ සඳහා වැඩිපුර කල් හැරීම මා සිදු නොකළ යුතුය. එක් අයෙකු යුධ හමුදාවෙ නිලධරයෙකුව සිට රිය අනතුරකින් මිය යාමට වඩා ඔහුගෙ පවුල පිටින්ම මියයාම තරමක සැකයක් මතුවන කාරණයකි. මෙතැන්සිට ඝාතන දෙකටම හේතු වූ ගුප්ත කාරණු හෙට දවසේ සිට සෙවීමට යුහුසුළු වුනත් , සහයකයෙකු නොමැතිව පැති කීපයක් ආවරණය කිරීම අපහසුය. කොහොම වුවත් , හෝඩුවාවන් සෙවීම මෙම නිවසේ සිට සෙවීමට මා පටන්ගත යුතුය. එසේනම් මා පළමුවෙන්ම කල යුත්තේ මෙම නිවසේ මිනීමැරුම සිදුවූ කාමරයට ගොස් යම්කිසි හෝඩුවාවක් සොයා ගැනීමට තැත්කිරීම ය.. මධ්‍යම රාත්‍රිය වනතෙක් නිහඬව සිටි මා එකවරම සයනෙන් නැගිටගෙන හෙමින් සීරුවෙි දොර ඇරගෙන. සිව් මසකට කලින් මිනීමැරුම සිදුවුන කාමරයෙ දොරගුළු ඇරගෙන හොර රහසේම එම කාමරයට සේන්දු වුනෙමි.
මෙම කාමරයේ පොලිස් විමර්ශන කටයුතු
හමාර කර ඇති බව පෙන්වීමට මෙන් සියළුම බඩුබාහිරාදිය පිලිවෙලට තබා ඇති අතර, ඇඳට නව මෙට්ටයක් හා ඇඳ ඇතිල්ලක් ද දමා තිබුණි. සියල්ලටම කලින් රළු අත්මෙිස් යුවලකින් දෙඅත් සරසා ගත් මා පලමුව අල්මාරිය සෙමින් විවෘත කරනවිට කිසිදු ශබ්දයක් එහි තුලින් පිට නොවූයේ එය ලීයෙන් නිමවන ලද එකක් නිසාවෙනි. එය මෙවැනි නිස්කලංක සමයක මාහට ඉතා වාසිදායක විය. මියගිය තැනැත්තා වන නොයෙල් පීරීස් ගෙ ඇඳුම් පැළඳුම් තවමත් ඒ ආකාරයෙන්ම පිලිවෙලට මෙහි අසුරා තබා ඇත්තෙ කුමන කාරණයකටද යන්න මා හට මෙම මොහොතෙ ඇතිවුන එකම ප්රශ්නය විය. කෙමෙන් කෙමෙන් අල්මාරියේ ඉහල සිට පහලට සෝදිසි කරගෙන ආවෙමි. අවසානයේ මා නතරවූයේ ඔහු පළඳින සපත්තු යුවල් වෙතය. එහි පාමුල පාවන් වර්ග තුනකි.
පලමු යුවල සාමාන්‍ය බාටා වර්ගයේ දෙකකි. එහි පිරික්සීමට යමක් නොතිබුණි.
දෙවනුව තිබුනේ බූට් යුවලකි. එහි බාහිරෙන් හෝ අභ්‍යන්තරයේ වැදගත්වන යමක් නොතිබිණි. තෙවනුව මා අතට ගත්තේ ඔප මට්ටම් කරන ලද සපත්තු යුවලකි. මෙය උත්සව හා විවිධ අවස්ථාවන් වලදී පළඳින සපත්තු යුවලක් වන අතර , එය මාගෙ කුඩා විදුලි පන්දම් එළියට පවා හොඳින් දිස්නය දුන්නේය. වම් සපත්තුව අතට ගෙන එහි ඇතුල හා පිට හොඳින් නිරීක්ෂණය කලද , එහි කිසිවක් දක්නට නොලැබුණි. එය තිබූ ලෙසම යට තට්ටුවෙන් තබා දෙවනුව දකුණු සපත්තුව අතට ගෙන එහි අභ්‍යන්තරය බැලුවෙමි. කිසිවක් පෙනෙන්නට නොවූ බැවින් මතුපිට අඩිය දෙස සියුම්ව නිරීක්ෂණය කරන විට එහි කකුඩා ඇණයක් ඇණී ඇති බැව් පෙනුනි. එම ඇණයේ තොප්පිය ගෙවී තිබුනේ නැත. එහි තේරුම මෙය අළුතින් ඇනෙන ලද එකක්ය. නැවත අනිත් පැත්ත හරවා බලනවිට එම ඇණය විලුඹ
විද යාමට තරම් ප්‍රමාණවත් වන තරමෙ පසාරු වී තිබුණි. වහාම එය ගලවා කබා සාක්කුවට දමා ගත්තෙමි. සපත්තු යුවල හොදින් පරීක්ෂා කිරීමෙිදී මෙි දෙකේම අඩිය අළුතින් මසා ඇති බැවි පෙනිණ.
වටපිට බැලුවද වෙනත් කිසිවක් එහි නිරීක්ෂණය කිරීමට නොතිබූ බැවින් වහා නැගිටගෙන , අල්මාරිය වසාදමා , කාමරයේ ජනේලය ආසන්නයට ගියෙමි.
එහි ග්‍රීල් කම්බි ආවරණය මනාව බලනවිට
එහි සවිකර තිබූ සමහර ඇණ මදක් ඉහළට එසවී තිබුණි. ජනේලයේ පියන්පත් වල අගුල් හැරදමා , එය පිටත විවෘතකර බාහිර පරිසරය දෙස බලනවිට ඈත කඳු පන්තිය සඳ එළිය වැටී යාන්තමට පෙනේ. පහල මහලය දෙස බලනවිට වහල දිගේ යමෙකුට ඒමට ඇති හැකියාවක් ඇති බැව් හොඳින් පෙනේ. නමුත් එය කිරීමට නම් අමාවක වගේ ඝණඳුරු රැයක්ම විය යුතුය.
මක්නිසාදයත් එසේ ඇවිදින අයෙකුව පහල මහලයේ අවධියෙන් සිටිනා අයෙකුට ජනෙල් අතරින් බැලූවිට මනාවට පෙනේ. ඝාතකයා බාහිරෙන් වහල දිගේ ඇතුලට ආවද… ? නැත්නම් පහල මහලයේ සිට දොර ඇරගෙන ඇතුලට විත් ඝාතනය සිදුකරාද යන්න සැකහැර දැනගැනීම අත්‍යාවශ්‍ය දෙයකි. ඒ මොනවා කළත් ටයිගර් නිහඬ වුනේ කොහොමද .. ?
කෙසේ හෝ මා මෙහි වයවෘද්ධ මෙහෙකරු සමඟ ඉතා ඉක්මනින් මිතුරු විය යුතුය. එය කෙතරම් වාසිදායක වෙයිද කියා මට දැන්ම හිතාගත හැකිය.
පසුදා උදෑසන…
මාගෙ දුරකථනය නාදවිය.
දුරකථනයෙන් - හෙලෝ සර්… සුභ උදෑසනක් වෙිවා..
හ්ම්ම්ම්ම් සුභ උදෑසනක් වේවා නාරද. මොකද උදෙන්ම.
මම අද පිටත්වෙනවා නුවරට. තව ටිකකින් ට්රෙින්එක එනවා.
ෂාන් නියමයි. හරි.. නුවරට ඇවිත් මට කතා කරන්න.
අනිවාර්යයෙන්ම සර්. එහෙනම් මම තිබ්බා.
හරි හරි සුභ ගමන් යාළුවා. ඇමතුම විසන්ධි විය. මෙිසය මත තබා ඇති ඉපැරණි ඔරලෝසුවෙ වෙලාව පහ හමාර සටහන්ව තිබුණි. වහාම නැගිටගත් මා
ශාරීරික ව්‍යායාම ඇඳුමක් ඇඳගෙන ක්‍රීඩා සපත්තු දෙකද දාගෙන පඩිපෙළ දිගෙ පහල මහලයට විත් මිදුල හරහා වත්තෙන් එළියට විත් පොදු මාවත් ඔස්සේ ව්‍යායාම සඳහා දුවන්නට විමි. හෝරාවක් පමණ ව්‍යායාම කිරීමෙන් අනතුරුව මා වලව්වේ මිදුලට එනවිට රූමත් කැරොලින් නෝනා
ආලින්දයට පැමිණ සිටියාය.
*ගුඩ් මෝර්නින් මිස්ටර් කෙවින්..
ගුඩ් මෝර්නින් මැඩම්..
*මිස්ටර් කෙවින් ව්‍යායාමත් කරනවා නේද..?
ඔව් මැඩම්. මෙික මගෙ පරණ පුරුද්දක්.
*හ්ම්ම්ම්ම්.. මිස්ටර් කෙවින් මෙි විදිහට දකිනකොට මට අපේ නැතිවුණ පොඩි මල්ලි මතක් වුනා.
කවුද … මිස්ටර් මාවන් ද … ?
*ඔව්…
එයත් ව්‍යායාම කරනවද … ?
*ඔව් ඉතින්. මිලිටරි අයගෙ හැටියක් නෙ ඒක. තමන්ගෙ ශරීර සෞඛ්‍ය හරිහැටි පවත්වාගෙන හන්ද ද කොහෙද මාර ක්රියාශීලීයි ඒ අය. සාමාන්‍ය කෙනෙකුට ඒ අය එක්ක හැරෙන්නවත් බැහැ.
ඒක ඇත්ත මැඩම් ( මා හුස්ම පාලය කරන අභ්‍යාසය කරමින් )
*එතකොට මිස්ටර් කෙවින් ව්‍යායාම ඉගෙන ගත්තෙ කොහොමද … ?
ඇයි මැඩම්.. මම කිව්වෙ, මම කලින් රේගු නිලධාරියෙක් නෙ. මම සන්නද්ධ පුහුණුවක් සාමාන්‍ය දුරට හදාරලා තියෙන්නේ. නමුත් ඒක හමුදා පුහුණුවක් නම් නෙමෙයි හැබැයි.
*හා ඔව් නේද…
ඒකනෙ මැඩම්. මම ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම්.
*ඕකේ ඕකේ.. මිස්ටර් කෙවින්.
මා උඩ තරප්පුපෙල නැග අවසන් වන තෙක්ම ඇය මාදෙස බලා සිටින බවක් මාහට හැඟෙන්නට විය. විනාඩි දහයකට පසු මා කාමරයට එනවිට උණුසුම් තේ කෝප්පයක් රැගෙන ආවෙ මෙහෙකරු වන ජෝශප් ය.
*මහත්තයා තේ එක ගෙනාවා..
හරි ඔය මෙිසෙ උඩින් තියෙන්න. බොහොමයක් ස්තූතියි.
*මහත්තයා ජැන්ඩියට ඇඳගෙන වැඩ බාරගන්න යන්න වගේ මයෙ හිතේ..
ඔව් අංකල්… මම ගිහින් වැඩටික බාරගෙන , ටික දවසක් ගිහින් එහෙම කොහෙහරි තැනක් ලෑස්ති කරගන්න ඕන.
*ඒක හොඳා… මොකද මෙතන මහත්තයා වගේ කෙනෙකුට වැඩිය හොඳ නැහැ මයෙ හිතේ නම්.
ඒ මොකද… ? (තේ කෝප්පය හිස් කරමින්)
*නෑ එක්නො ඕන නැහැ.
නෑ නෑ කමක් නැහැ කියන්න.
*මහත්තයා ( වටපිට බලමින් ) පුංචි මහත්තයා මැරිලා ටික දොහක් විතරයි නිස්කලංකව ගෙවුනෙ. ඊට පස්සේ විටෙන් විට මෙි වත්තෙ හොල්මන් තියනවා. මමනම් දැකලා නෑ. ගම්මු කීපදෙනෙක් දැකලා තියනවා.
ඉතින් අංකල් එව්වා විශ්වාස කරනවද… ?
( මදක් සිනාසෙමින් )
*එහෙම නැතුවාමත් නෙමෙයි..
මෙහෙමයි අංකල්.. අපි බයවෙන්න ඕන ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට මිසක මැරිලා පෙරේතයෝ , පිසාචයන්ට නම් නෙමෙි. ( ටයි පටියේ ගැටය ගසමින් )
*ඒක හැබෑව මහත්තයා.
එතකොට ඔය ඔෆීස් එක ළඟ නවතින්න තැනක් නැද්ද ..?
*හපොයි තියනවා මහත්තයා.
හ්ම්ම්ම්ම් මම එතන ඉන්න පුළුවන් විදිහට වැඩකටයුතු හදාගන්න ඕන.
*ඒක හොඳා මහත්තයා. මම ගොහින් එඥ්ඤං
හොඳයි අංකල්.
අත්දිග කමිසයක් හා එයට ගැලලෙපන කළුපාට කලිසමක් ද ඇඳගෙන , සපත්තු යුවලකුත් දමාගෙන මා පහලට එනවිට
ලොකු හාමු වන රිචඩ් මහතා කෑම මේසය ළඟ මා එනතුරු මග බලාගෙන සිටි අතර මෙිසයේ එහාපසින් සිටියේ සුරූපි කැරොලින්ය.
ගුඩ් මෝර්නින් සර්..
*ගුඩ් මෝර්නින් මිස්ටර් කෙවින්. ඇවිත් වාඩ්වෙන්න..
තෑන්ක්යූ සර්…
*හරිම අපූරුවට ඇඳපැලඳගෙන ඉන්නෙ.
අද මම රාජකාරි භාරගන්න දවසනෙ. ඉතින් මම හිතුවා ටිකක් පිලිවෙලට ඇඳගෙන යන්න කියලා සර්.
*නියමයි තරුණයා. නියමයි පලමු දවසනෙ නේද.. ? හෙට ඉඳලා සාමාන්‍ය ඇඳුමක් ඇඳගත්තොත් හොඳයි. මොකද හැමතැනම
ගිහින් වැඩටික වෙනවද කියලා ඇහැ ගහගෙන ඉන්න නෙ තියෙන්නේ. කෝකටත් කාර්යාලයේ ඉන්නවා පස් හය දෙනෙක් ඒ අය දැන හඳුනගෙන සහයෝගයෙන් වැඩටික කරගෙන යන්න. එච්චරයි.
ඔව් සර්…
කතාව එතනින් නිමාකර , ඉඳිආප්ප කීපයක් තම පිඟානට දමාගත් ඔහු ව්‍යංජන සමඟ අනාගෙන ඔහු එය රසවිඳින්නට විය. කැරොලින් මහත්මිය
මාදෙස බලා ඉතා සෙමින් සිනහවක් පෑවාය. උදා ආහාරයෙන් පසු මා මිදුලට වී
කැරොලින් මහත්මිය එනතුරු සිටියෙමි. මද වෙලාවකට පසු ඈ මා සමීපයට පැමිණියා.
*එහෙනම් මිස්ටර් කෙවින් අපි යමු නේද.
හෙන්ද්‍රික් වලව්වෙ ගරාජයෙන් ජීප් රථය
එළියට ගත් මා ඇයද දමාගෙන වහාම පිටත්වූයෙමි. මද දුරක් පාරදිග ගොස් අතුරු පාරකට ගිය අපි සැමුවෙල් වතුයායේ පසුපස ගේට්ටුවෙන් වත්තට ඇතුල් වුනෙමු. මෙතෙක් වෙලා නිහඬව සිටි මා අසල සිටින සුරූපි කාන්තාව තම හඬ අවදි කළාය.
*මිස්ටර් කෙවින් අද හරිම හැඩයි නෙ.
අපෙ අන්ත්රාවුන මල්ලි වගේමයි. එයත් හරි පිලිවෙලට අඳිනවා. මට එයාව මතක් වුනා.
බොහොමයක් ස්තූතියි මැඩම්… ඒක නෙමෙි. ඇයි මැඩම් මෙි වෙනම පාරක් හදලා තියෙන්නේ. මැඩම්ලට පුළුවන් නෙ.
වලව්වට එහායින් තියෙන පාරෙන් මෙතනට එන්න.
*ඔයා හරි මිස්ටර් කෙවින්. ඒ වුණාට වලව්වට වෙනම අක්කර දෙකක් වෙන්කරලා ඒක වැටක් ගහලා සීමා කරලා තියෙන්නේ. අපි ඉන්න වාසස්ථානය වෙනයි, ආදායම් උපයන වත්ත වෙනයි.
ඒ කියන්නෙ අක්කර හැටෙන් අක්කර පනස් අටක් තමයි තේ වගා කටයුතු කරලා ව්‍යාපාරයක් විදිහට තියෙන්නේ. බිස්නස් වෙනයි , ජීවිතය වෙනයි එහෙම නේද … ?
*ඔය කිව්වෙ. හරියටම හරි…එහෙනම්. මෙි තියෙන්නේ ඔෆීස් එක. එන්න අපි බැහැලා ඇතුලට යමු.
හරි.. මැඩම්.. ජීප් රථය ගාල්කර දෙදෙනාම
බැසගත්හ. වෙලාව අට පසූවී තිබුණි. කාර්යාල ගොඩනැගිල්ලා ඉතා පිරිසිදුව තිබු අතර , එහි අවට වගාකර තිබූ විවිධ විසිතුරු මල් වර්ග මෙම පරිශ්‍රයේ අලංකාරයත්වය වැඩි කිරීමට සමත් විය. එහි කාර්ය මණ්ඩලය අපව ඉතා සතුටින් නම්‍යශීලීව පිලිගත් අතර, එහි සිටි අයවළුන්ගේ නම් ගම් හා රාජකාරි ස්භාවය මාහට විස්තර කරන්නට ඔවුන් අමතක නොකලහ.
*මෙි ඉන්නෙ අන්තිම කෙනා මිස්ටර් කෙවින්. නයෝමි නවරත්න. මෙතන ගිණුවල වඩකටයුතු කරගෙන යන්නෙ මෙයා. ඒ වගේම මෙයා නිවාඩු දවසට මම ඒ වැඩටික කරගෙන යනවා.
එතකොට නයෝමි. මෙි ඉන්නෙ මිස්ටර් කෙවින් ෆර්නැන්ඩස්. මෙි වත්තට අළුතින් ආව සුපර්වයිසර්.
**හෙලෝ සර්..
හෙලෝ මිස් නයෝමි.
*අපි යමු නේද මිස්ටර් කෙවින්ගෙ කැබින් එකට..
ඕකේ මැඩම්. අපි යමු.
ඉතා පිලිවෙලට තිබූ එක් කාමරයකට
ඇය මාව එක්කගෙන ගියාය. ලිපිගොණු කීපයක් ද, ස්ථාවර දුරකථනයක්ද දකුණු පසින් අල්මාරියක්ද එහි විය.
ඉතින් මිස්ටර් කෙවින්. මම දැන් කියන්නම් නොකියූ කතාව. මම තමයි අපෙ හස්බන්ඩ් ලංකාවට එනතුරු මෙි ව්‍යාපාර ටික බලාගන්නේ. එයා මාස හතරයි ඉන්නෙ ආයේ යූකේ ( එක්සත් රාජධානිය ) වලට යනවා එහෙ තියෙන ව්‍යාපාර බලාගන්න.
ඔයාට තියෙන්නේ මට උපරිම සහයෝගය දීලා වැඩටිකට සහයෝගය දෙන එක තමයි. සැලරිඑක කීයක් බලාපොරොත්තු වෙනවද … ?
මැඩම් මගෙ වැඩ ටික හරියට කරනවද කියලා හොයලා බලලා සෑහීමකට පත්වෙන මුදලක් මාසෙකට වතාවක් මට ගෙවන්න එච්චරයි.
*ෂාහ්හ්හ්හ්… ඔයා නියමයි නෙ. හරි හරි.. මම ඒගැන බලාගන්නම් කො. මෙමෙන්න මෙි තියෙන්නේ ඔයාගෙ පත්වීම් ලිපිය වගේම , වැඩ භාරගැනීමෙි කොන්ත්‍රාත් ෆයිල් එක. මෙතන තියෙන කොන්දේසි ටික කියවලා අත්සන් කරලා තියන්න.
හොඳයි මැඩම්..
*මෙි ( මා ආසන්නයට තම මුහුණ ලංකර )
මම ඉන්නවා නෙ. ඔයා බය නැතුව අත්සන් කරන්න. බයවෙන්න එපා. මං ඉන්නවා නෙ
වටපිට බලා මාද “හරි මැඩම්” කිව්වෙමි.
( මෙිකි මොකාටද එන්න හදන්නේ මා සිතින් මුමුණන්නට විමි )
*හරි… එතකොට ඔය දකුණු ලාච්චුවෙ තියනවා යතුරක්. ඒ යතුර අර පේන සුදුපාට කාර් එකේ යතුර. අද ඉඳලා රාජකාරි ගමන් වලට ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. වෙන ගමන් යන්නත් පුළුවන් ඉතින්. එහෙම ලොකු අවුලක් නැහැ.
වෙන ගමන් කිව්වෙ…
*මාත් එක්ක කොහෙහරි රවුමක් වුනත්
යන්න පුළුවන්.
රවුමක් … හා හරි මැඩම්… මා ඇයට බයවුනා සේ හැසිරෙන්නට අමතක නොකෙරුවෙමි. එතකොට කලින් හිටපු මිස්ටර් පීරීස් පාවිච්චි කරපු වාහනයද ඒක.
*ඔව් මිස්ටර් කෙවින්.. මොකද මෙි බයවෙලා වගේ මිස්ටර් කෙවින්.
නෑ නෑ එහෙම දෙයක් නැහැ මැඩම්.
*හා හරි… එහෙනම් කමක් නැහැ. ඔයා එතකොට දවසට හය හත් සැරයක් මෙි වත්තෙ ඇවිදලා බලන්න මොකද වෙන්නෙ කියලා. ටික දවසක් යනකොට වැඩ ටික මම හෙමිහිට කියලා දෙන්නම්. මෙව්වා එකපාරටම කියලා බැහැ නෙ. මට මෙහාට එන්න හේතුවක් තියෙන්නත් එපැයි. හරි… අපි එහෙනම් වත්තෙ තේ දළු නෙළන තැන්වලට වගේම , එකතු කරන තැන් වලටත් ගිහින් එමු.
හරි.. යමු මැඩම්.
*මිස්ටර් කෙවින්. ඔයාගෙ වාහනයේ දැන් ඉඳලා ඔයා යන්න ඕන.
හා.. හරි මැඩම්. කියමින් ආපසු කාර්යාලට විත් යතුරද රැගෙන කිරි සුදුපැහැති දිලිසෙන කොරොල්ලා මාදිලියේ මෝටර් රථයට මා ගොඩවී එය පණගන්වා , ගරාජයෙන් එළියට ගෙන කැරොලින් මහත්මිය ද දමාගෙන වතුයාය ඇතුලෙ විවිධ මාර්ගවල ගියෙමි.
හෝරා දෙකක පමණ ගමන නිමාකොට නැවත අප කාර්යාල පරිශ්‍රයට ආවෙමු.
*හරි.. එහෙනම් මිස්ටර් කෙවින් මම ගිහින් එන්නම්. අපි හවස හමුවෙමු.
හොඳයි මැඩම් බොහොමයක් ස්තූතියි.
මාගෙ කාර්යාලයෙන් ඉවත්ව ගිය ඈ තම ජීප් රථයෙන් පිටත් විය.
*සමාවෙන්න සර්.. ඇතුලට එන්නද..
හා එන්න ජගත් මහත්තයා. වාඩිවෙන්න.
*සර් මෙතන තොග වාර්තා ටික තියනවා
චෙක් කරලා දෙන්න.
කෝ… දෙන්න කියමින් ලිපිගොණුව ඔහුගෙන් අතට ගත්තෙමි. හරි.. මෙි තොග
ගෙනියන්න මාසෙක කී වතාවක් එනවද ජගත් මහත්තයා .. ?
*සර් සතියට දෙපාරක් එනවා.
හ්ම්ම්ම්ම් සතියට දෙපාරක් නේද. හොඳයි.
එතකොට හදිසි ඇණවුම් , විශේෂ ඇණවුම්
කියලා ෆයිල් දෙකක් තියනවද… ?
*තියනවා සර්.. ඒ දෙක ඒ අවස්ථාවන් වල විතරයි එලියට ගන්නෙ.
හොඳයි .. මට ඒ ෆයිල් දෙකත් ගේන බලන්න. එතකොට කලින් හිටිය සුපර්වයිසර් කොහොමද වැඩ කලේ .. ?
*එයා ඉතින් වාහනේ පැද්දා මිසක ලොකුවට වැඩ කලේ නැහැ. උපහාසාත්මක ලෙස මාදෙස බලා තෙපලන්නට විය.
වාහනේ කිව්වෙ. මෙි සුදුපාට කාර් එකද..?
මාද කිසිවක් නොතේරුනා සේ සිටියෙමි.
*ඔවි ඔව් සර්.. සුදුපාට මෙි වාහනේ තමයි.
සර්ටත් මෙි වාහනේ අද බාරදෙන්න ඇති.
ඔව් ජගත් මහත්තයා. මම ඉතින් වාහන වල යන්න කැමති නැහැ.
*ඒක හොඳයි සර්. මොකද අනතුරු වැඩියිනෙ. මම අදහස් කලේ පයින් ගියාම
ඇඟටත් හොඳයි නෙ.
ඔව් ඒක තමයි… හරි මම මෙික චෙක් කරලා දෙන්නම්.
*හරි සර් …
හොඳයි. හොඳයි …. ඔහු පැවසූ වචනවල
තරමක බැරෑරුම් බවක් පෙනෙන්නට වුවත් මා මෝඩයෙකු සේ හැසිරීම තුල එහි වලංගු බාවයක් නැති බව ඔහු තේරුම් ගන්නට ඇති. කෙසේ වෙතත් කැරොලින් මහත්මිය සමඟ මියගිය තැනැත්තා අනියම් සම්බන්ධයක් පැවති බව එයින් වටහා දීමට ඔහු උත්සාහ කරන බවක් දැනෙයි. නමුත් එසේ සබඳතාවයක් තිබුනාද නැද්ද කියා අනිවාර්යයෙන්ම සොයාබැලිය යුතුයි. කුණුගොඩක් වුවත් එහි තුල යමිකිසි අපට පප්රයෝජනවත් දෙයක් ඇත්නම් එය වහාම අවුස්සා බැලිය යුකමය. කොහොම නමුත් මෙතන පවතින්නෙ එක ප්‍රශ්නයක් නොවන බව මාහට හැඟී යනවා සේම , ඇයගෙ සමහර වචන වලින් මාද සලිතව යයි. වරෙක රිචඩ් හාමු කෑම මෙිසයේදී ඇය දෙස බලමින් කියන සමහර වචන ඒ බව සනාථ කරන බවක් පෙනෙන්නට ඇත. කොහොම වුනත් කෙමෙන් කෙමෙන් මෙම සේවක මඩුල්ලද හිතවත් කරගතහොත් හුඟක් දේවල් මට නිරායාසයෙන්ම දැනගැනීමට හැකි වේ යැයි මට සිතේ.
විවිධාකාර දොරටු ටිකෙන් ටික ඇරෙමින් පවතින බව පෙනේ. ඒ වගේම ඊට සමගාමීව මතුවන ප්‍රශ්නද සුළුපටු නොවෙි.
මෙික තනිකරම අවුල් ජාලාවක්. ටිකෙන් ටික රහසේම තොරතුරු එකතුකර ගැනීමට අවශ්‍ය මුත් , එය බොහෝ දුෂ්කර
බැව් පෙනේ. කලින් මෙහෙයුම වල යම්කිසි පිරිසක් ක්ෂණිකව යටත්කර
ප්‍රශ්න කිරීම තුලින් යම් හෝඩුවාවන් ලබාගත හැකිමුත්, මෙතනදී එලෙස ප්‍රශ්න
කිරීමට තරම් විශේෂ අයෙකු විශේෂයෙන්
ඉස්මතු වන බවක්ද නොපෙනේ. එසේ වුවත් එය ඔවුන්ට නොදැනීම කල යුතුය.
මෙිකත් හරියට අද කාලෙ මෙගා ටෙලි නාට්‍යයක් වගේ. එක දෙයක් හරියට පේන්නෙ නෑ වගේම සේරම ටික අනනවා කොණක ඉඳලා. අවසානයේ ඒක නරඹපු ප්‍රේක්ෂකයන්ට පෙන්වපු දෙයකුත් නැහැ. ඒ අය තේරුම් ගත්ත දෙයකුත් නැහැ. අතනින් චුට්ටයි, මෙතනින් ටිකයි. බලමු බලමු ඉතින්
වෘත්තීය මට්ටමින් මා අප ඒකක නියෝජිතයින් සමඟ විෂයට අදාල දේවල් නිතර නිතර සාකච්ඡා කිරීමෙි ප්‍රතිඵලයක් ලෙස , දැන් සාමාන්‍ය සිවිල් ජනයා සමග විවිධ දේ ගැන කතාබස් කිරීමට මා නොදැනීම අලස බවක් දැනෙයි.
නැවත හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023