නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 31
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
31 වන දිගහැරුම
( නියෝජිත සාකච්ඡාව )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ජයවේවා සර්…
රාත්‍රි ආහාරයෙන් පසු මිනිත්තු හතලිස් පහක් පමණ ගතවුද , කසුන් තවමත් මා හමුවට නොපැමිණීම ගැන පොඩි සැකයක්
මාහට ඇතිවුනද , මද වෙලාවක් ඉවසමි.
මක්නිසාද යත් සමහරවිට මුරකරු සයිමන්
අංකල් තවම නින්දට වැටි නැතුව ඇති.
මෙතැන්සිට ……..
කාලය නාස්ති කරලා බෑ මාධව. මෙිසයේ ලාච්චුවෙන් සුදු කඩදාසියක් හා පෑනක් අතට ගත්තෙමි. ඒ වෙන කසිවක් නොව
නියෝජිත ජේ50 විසින් සටහන් කරගත්
කැරොලින් මහත්මියගේ රහස් පණිවිඩය
විය. එහි අංකයට අදාල ඡේදයෙන් අවශ්‍ය කොටස පමණක් ලියා ගත්තෙමි. හ්ම්ම්… මාධව. අපි බලමු ගලපලා මොනවද කියලා තියෙන්නෙ කියලා.
“මම අද සේරම කියනවා එයාට. මට එයාව විශ්වාසයි. මෙිකත් අපි තව ටික දවසකින් ඉවරකරලා දාමු.. දන්නවද ඔයා, පොඩිම සැළලිහිණියා ගැන මම කියන්නේ නැහැ. ඒත් ඇපිට අපේට තියෙන එක හොයා ගන්නම වෙනවා. එළඹෙන දවසෙ අපි දෙන්න අනිවාර්යෙන්ම හමුවෙමු. ඒ දුරස්වෙලා හමුවෙන අවසාන දවස වේවි. ඊට පස්සේ අපිට පුළුවන් නිදහසේ පියඹලා ඈතට යන්න. ඉතින් නාවිකයානෙනි නැවත හමුවෙමු”
ජැක්පොට් මාධව. ටග් ටග්…
*සර් මම ගැමුණු. වහාම ලිපිය ලාච්චුවෙ අස්සට දමා , මා දොරගුළු දමා එලියට ආවෙමි.
*සර් ජීපීඑස් එක ගත්තද … ?
ඔවි ගැමුණු. අපි යමු.
*යමු සර්…
මොකද පරක්කු වුනේ.. ?
*අංකල් කෑම කන්න පරක්කු වුනා. මෑන් රා කට්ටක් එහෙම ගහනවා රෑට අද හොඳ පදමට වැදිලා ඉන්නෙ.
අම්මපා … මම දන්නෙ නැහැ නෙ මෑන් හොඳට සප්පායම් වෙනවා කියලා. ඒක
හරිම වාසිදායක තොරතුරක් අපිට. හරි
අපි අරක්කු ටිකක් එහෙම මෑන්ට ලබන ඉරිදා ගෙනැල්ලා දෙමු. එතකොට අපේ වැඩෙිට පහසුයි.
*සර් පය ඉක්මන් කරලා යමු.
ඔව් ගැමුණු. අපි මෙතන කාලය ගතකරා වැඩියි. සයිමන් අංකල් අපේ කාලය නාස්ති කරා වැඩියි.
මිනිත්තු හතලිස් පහකට පමණ පසු අපිට
සිප්පියා කන්ද පාමුලට යාමට හැකිවිය.
කසුන් ෆෝන් එක සයිලන්ස් දාගන්න. ඔයා
මෙතන ස්ථානගතවෙලා ඉන්න. මම යනවා මෑන් කැලේට ඇතුල්වන තැනට. මෑන් එතනින් මෙහාට එනකොට මම කියන්නම්. ෆෝන්එක හෑන්ඩ්ස් ෆ්‍රී කරගන්න. මෑන් උඩ ස්ථානගත වුනාට පස්සේ මට කියන්න. මම ඊට පස්සේ යනවා එතනට ජීපීඑස් එක හයිකරන්න. එහෙම කරලා මම මෙතන අයිනක ස්ථානගතවෙලා ඉන්නම්. කිසිම
ක්‍රියාකාරකමක් කරන්න යන්න එපා. අපිට
එහෙම කිසිම දෙයක් කරන්න ඕන නැහැ.
පැහැදිලියි ද.
*ඔව් සර්..
ඕකේ ජයවේවා …
*ජයවේවා සර්…
වෙිගයෙන් එතනින් පිටවගිය මා කැලෑවට
පිවිසෙන තැනට නුදුරින් ස්ථානගතවෙලා
සිටියෙමි. හෝරාවක් පමණ ගතවූයේ අවට
පරිසරය නිහඬවීමෙනි. විටෙක අහම්බෙන්
යන වාහන දෙක තුනක් ඒ නිහැඩියාව බිඳින්න සමත්විය. හිටිහැයේම එෆ්ටූගෙ
යතුරුපැදිය නවත්වා හිස්වැසුම ගලවා
පැති කණ්නාඩිය මත තබා, තම කබා ලෝගුවෙන් හිස සම්පූර්ණයෙන්ම වසා දමන්නට පෙර මා දෙස හැරුනි. “ජැක්පොට්
මාධව” මා මටම මුමුණා ගත්තෙමි. මද වෙලාවකට පසු රාත්‍රි දුරදක්නය හිසට දමාගත් හේ මා පසුකර යන්නට විය. නොපෙනී යනතුරු මා නොසෙල්වී සිට
සැනෙන් දුරකථන ඇමතුමක් ගෙන ඔහු ලඟම එන බවට කසුන්ට දැනුම් දී අඳුරේම
ගොස් කුඩා ජීපීඑස් එක යතුරුපැදියේ අංක තහඩුවට යටින් අලවා දමා , මග රැකවල්
දමා සිටින නියෝජිතයින් දෙදෙනාට එය රැඳවූ බැව් සනාථ කර. නැවත පඳුරු වලට
ආවරණය වී සිටියෙමි. රාත්‍රි දොළහ ද පසුවී
ගොස්ය. කිසිදු හැලහොල්මනක් නැත. තව
හෝරාවක් ගතවිය. එහෙත් කිසිදු ලකුණක්
නැත. එකවර මාගේ ජංගම දුරකථනය දෙදරන්නට විය.
ඔව් කසුන්..
*සර් මෑන් ඔන්න එනවා.
ඕකේ කසුන්…
අඩහෝරාවකට පසු එෆ්ටූ නැවත පැමිණ
තම හිස වටකර ඇති ලෝගුව ගලවා දමා
හිස්වැසුම දාගන්නා විට මෝටර් රථයක් එතනින් ධාවනය විය. එහි ඉදිරිපස විදුලි බල්බ එලියට ඔහුගෙ මුහුණ මනාව මාහට පැහැදිලිව පෙනුනි. “මාධව දැන්නම් වැඩෙි තහවුරුයි” ඔහු තමන් ආ යතුරුපැදිය පණගන්වා පිටත්විය. මා එසැණෙන් ඇමතුමක් ගෙන ඔහු පිටත්වුනු බැව් අප නියෝජිතයින්ව දැනුවත් කෙරුවෙමි.
අපි යමු කසුන්…
*යමු යමු සර්.. සර් දන්නවද මෑන් රෙකී
( නිරීක්ෂණය ) කරන අතරෙ මම මොකද
කලේ කියලා.
ඔව්… ඔයත් පහල ඉඳගෙන , කැරොලින් මැඩම් රඟපානවද කියලා බලාගෙන හිටියා නේද… ?
*ඈහ්… සර් කොහොමද ඒක දන්නේ..?
නෑ.. මම ඒක දන්නෙ නැහැ. නමුත් මම එහෙම කරා කියලා අනුමාන කරා.
*ඔව් සර්. මම මගෙ නයිට් විෂන් එකේ ලේසර්එක ඕෆ් කරලා මමත් බැලුවා කැරොලින් මැඩම් රඟපානවද කියලා.
ඉතින් …
*ඇත්තටම මැඩම් රඟපෑවා ලස්සනටම.
බොහොම හොඳයි. දැන් කතාව සීමා කරමු. මොකද රෑට ශබ්දය දුර යනවා වැඩියි නෙ.
අළුයම දෙකහමාර පසුවන විට අපට වතුයායට ඒමට හැකිවිය.
ගැමුණු අපි හෙට කතා කරමු. දැන් අපි
විසිර යමු.
*හරි සර්..
පසුදින…
උදෙන්ම අවදි වී දුරකථන ඇමතුමක් ලබා ගත්තෙ කැරොලින් මහත්මිය වෙතය.
ගුඩ් මෝර්නින් මැඩම්…
දු.ක - ගුඩ් මෝර්නින් මහත්තයෝ.
හ්ම්ම්… මම අද යනවා අපිට ඕන කරන
මිනිස්සු ටිකක් හොයාගන්න.
දු.ක - මමත් එන්න ද.. ?
පිස්සුද ළමයෝ. මම යන්නෙ පන්සල් ,පල්ලි නෙමෙි. මැරයො ටිකක් හොයාගන්න. ගෑනු
කෙනෙකුට යන්න සුදුසු ගමනක් නෙමෙයි.
දු.ක - හ්ම්ම්… එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. ඇවිත් මට කතා කරන්න
හරිද … ?
හ්ම්ම්… මෙි..
දු.ක - ඔව් කියන්න.
මට පැට්‍රික්ගෙ පැහැදිලි උඩුකය ෆොටෝ එකක් එවනවද දැන්ම.
දු.ක - හරි .. මම එවන්නම්. ඒ මොකටද .. ?
ඇයි ළමයෝ. ඒ මිනිස්සුන්ට මම පැට්රිකව හඳුන්වලා දෙන්න ඕන නැද්ද … ?
දු.ක - ඒකත් ඇත්ත තමයි.
හරි .. මම තියන්නම් පරිස්සමෙන් ඉන්න.
දු.ක - ඔයත් පරිස්සමෙන්.
මා ඇමතුම විසන්ධි කල මා තේ එකකුත් හදාගෙන ආලින්දයට විත් එය පානය කරමින් මෙසේ සිතුවෙමි. “මාධව නාටකය නාටකයක් විදිහට රඟපාන්න ඕන” මා කියමින් නැවත දුරකථන ඇමතුමක් ගත්තේ ප්‍රොන්ටෝ වෙතය.
දු.ක - ආයුබෝවන් සර්.
ආයුබෝවන් ප්‍රොන්ටෝ.
දු.ක - සර් මම දන්නවා සර් කතා කරේ ඇයි කියලා. මම මෙි දවස්වල හුඟක් මහන්සි වුනා සර්ගෙ වැඩෙිට. ලංකාවෙ අපරාධ වලට සම්බන්ධ හැම ලිපිගොනුවක්ම මම
චෙක්කරා. නමුත් ඒ තිබ්බ මුහුණ මට හොයාගන්න බැරිවුනා. ඊට පස්සේ මම
යුධ හමුදා සිස්ටම් එකට ඇතුල් වුනා. ඒකට
ඇතුල් වෙලා විනාඩි පහකට වඩා ඉන්න බැහැ එලියට විසික් කරනවා.
එහෙමද ? ඒකට කොහොමද ඇතුල්වුනේ.
දු.ක - උකුස්සාගෙ සිස්ටම් එක හරහා තමයි. මට වෙන විසඳුමක් තිබ්බෙ නැහැ.
කොහොමහරි මම මෑන්ව හොයාගත්තා
නියමයි ප්‍රොන්ටෝ. ඒ කියන්නේ මෑන් යුධ
හමුදාවෙ පොරක්.
දු.ක - ඔව් සර්. මෑන් යුධ හමුදාවෙ සේවය
කරලා නීත්‍යානුකූලව අයින් වෙච්ච පොරක්
නම කෝප්රල් උපාලි.
නියමයි .. නියමයි ප්‍රොන්ටෝ. එතකොට මෑන් මොනවද හමුදාවෙ ඇතුලෙ කරලා
තියෙන ටාස්ක්.
දු.ක - සර් මෑන් මාස හයක් විතර බුද්ධි රාජකාරි කරලා තියනවා.
හ්ම්ම්… ඒකත් එහෙමද … ? හොඳයි නියම වැඩක් ප්‍රොන්ටෝ.
දු.ක - තෑන්ක්යූ සර්. එතකොට ආගමන විගමන වැඩෙි මම අද හවස් වෙනකොට
පැහැදිලි උත්තරයක් දෙන්නම්.
හොඳයි … බොහොම හොඳයි.
දු.ක - සර්.. වෙනත් යමක්.
නැහැ.. දැනට එච්චරයි බොහොම ස්තූතියි.
ජයවේවා.
දු.ක - ජයවේවා සර්.
නැවතත් ඇමතුම විසන්ධි කල මා තදින්ම
සිනාසුනේ ඊයේ රාත්‍රිය තුල සිදුවූ සිදුවීම
නැවත මතක් කරමින්ය. එහෙනම් පැට්රික්
වෙනම ගේමක ඉන්නෙ හහ් හහ් හා..
ඩග් .. ඩග්…
*සර් මම ගැමුණු. කෑම ගෙනාවා.
හා… ගැමුණු මල්ලි. එන්න ඇතුලට.
*සර් මම උදේට කෑම හැදුවෙ. සයිමන් අංකල් ඇහැරෙන්න වෙලා ගියා.
හ්ම්ම්… එහෙමද… ? ඒකත් ඉතින් අපිට වාසිදායක දෙයක් නෙ. මම ගැමුණු ඒකෙන්
පොඩි පාඩමක් ඉගෙන ගත්තා.
*ඒ මොකක්ද … ?
මීට පස්සේ මොන මිෂන් එකට බැස්සත්
ඒ මිෂන්එකේ අපිට හමුවන සාමාන්‍ය චරිත
වල ගති ලක්ෂණ හදාරන්න ඕන කියනඑක
මොකද.. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ සයිමන් අංකල් රා බොන්න කැමතියි කියලා. ඒක මට මගහැරුණු පොයින්ට් එකක්.
*ඔව් සර් ඒකනම් ඇත්ත තමයි. මම ඇහැව්වා අංකල් ගෙන් මොකද වැඩිය බිව්වෙ කියලා.
ඉතින් …. ?
*මෑන් කියනවා “කොළුවො උඹ ඉන්න හන්දා මට ටිකක් වැඩ අඩුයි. ඒ හන්දා මම ඉඳලා හිටලා රා කට්ටක් ගහනවා” කියලා.
නියමයි ගැමුණු. ඒක සුභවාදී දෙයක් අපේ වැඩකටයුතු වලට. අද පෝයනෙ. බාර් වහලා නෙ. නැත්නම් හොඳ රටබීම එකක්
ගෙනැල්ලා දෙන්න තිබ්බා. දැන් අපි දන්නවනෙ සීන්එක. අපි රෑට විමර්ශන කටයුතු වලට යන දවසෙ රෑ මෑන්ට දෙමු හොඳ කටගැස්මක් එක්ක සප්පායමක්.
එතකොට අපේ වැඩෙි ලේසියි.
*ඔව් සර් දෙමු දෙමු දොඹෙන් යන්න දෙමු.
එතකොට ගැමුණු මම යනවා දැන් අපේ නියෝජිතයින් ඉන්න තැනට. මොකද ප්‍රගති
සමාලෝචනයක් තියන්න ඕන ඊයේ අපි කරපු දේ ගැන. ඒ එක්කම මම ඔයාට කියන්න දෙයක් තියනවා.
*ඒ මොකක්ද සර්.
ඊයේ රෑ විතරක් නෙමෙි. රෑට රෑට සිප්පියා කන්දෙ කරක් ගහන්නෙ කවුද කියලා දන්නවද… ?
*ඒ කියන්නේ සර් මෑන්ව දන්නවා.
ඔව් ගැමුණු. මම මෑන්ව දන්නවා. හැබැයි
මට ඒක ස්ථිර කරගන්න ඕන හන්දා මම මෑන්ගෙ උඩුකය ඡායාරූපයක් එවන්න කියලා කැරොලින් ට කිව්වා. එතකොට මෙි
තියෙන්නෙ ඒ ෆොටෝ එක. දන්නවද මෙි
කවුද කියලා … ?
*හ්ම්ම්… මම හිතන විදිහට මෙි ඉන්නෙ පැට්රික් වෙන්න ඕන. එහෙනම් සර්ගෙ නිගමනය හරි.
හරියටම හරි යාළුවා. මෙි ඉන්නෙ මෑන් තමයි. ඊයේ රෑ ආවෙත් මෙයාම තමයි.
*හපොයි සර්.. ඒ කියන්නේ මෑන් කැනඩා ගිහින් නැහැ.
ඔව් ගැමුණු. අපි ඒකත් හරියටම සනාථ කරගමු ප්‍රොන්ටෝ හරහා.
*එතකොට සර් මෑන් මොකක්ද… කරන්න හදන්නේ.. ?
ඒක තමයි මම කලින් කිව්වෙ. මෑන් හදන්නෙ කැරොලින් මැඩම්ව මරන්න.
එහෙමත් නැත්නම් රිචඩ් හාමුව මරලා දාන්න. ඔය දෙකින් එකක්. හෝ දෙකම වෙන්නත් පුළුවන්. මම අනුමාන කරලා තිබ්බෙ මෑන්ගෙ ටාගට් එක රිචඩ්
හාමු කියලා. දැන් මෑන් පුරුද්දක් විදිහට මැඩම්ව එතනදී නිරීක්ෂණය කරන්නේ
එයාව මරලා දාන්න වෙන්නත් පුළුවන්.
*එතකොට ප්රශ්නය තවත් සංකීර්ණ වෙනවා නේද… ?
ඔව් ගැමුණු. හැබැයි කැරොලින් මැඩම්ව මරන්න උත්සාහ කරනවා කියලා අපි හොනම විදිහටවත් එයාට දැනගන්න තියන්න හොඳ නැහැ. මොකද එහෙම වුනොත් මැඩම් කලබල වෙන්න පුළුවන් සමහරවිට සිප්පියා කන්දෙ ඉඳලා
මරන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්.
*ඒ කොහොමද .. ?
ඇයි ස්නයිපර් එකක් පාවිච්චි කරලා.
*ස්නයිපර් එකක්.. ? ඒ කොහොමද සර්.. ?
ඇයි එහෙම වෙන්න බැරිද .. ? නයිට් විෂන් එකක් හරියට පාවිච්චි කරලා ඔච්චර දුර බලන්න පුළුවන් නම් , ස්නයිපර් එකක් පාවිච්චි කරලා ටාගට් ගහන්න බැරිද.. ?
*පුළුවන් සර්. ඒ අපි වගේ කෙනෙකුට. මම අදහස් කලේ සන්නද්ධ පුහුණුවක් ලබපු කෙනෙකුට.
හහ් හහ් හා… අමතක කරන්න එපා ගැමුණු. පැට්රික් අවුරුදු හතරක කාලසීමාව තුල වැඩිපුරම ජීවත් වෙලා තියෙන්නෙ කැනඩාවෙ. ඒ අපි දන්න තරමින්. කැනඩාව
වගේ දියුණු රටවල් වල මුදලට සන්නද්ධ පුහුණුව ලබන්න පුළුවන් කියලා අමතක වුනාද … ?
*ඔව් නේද සර්… දැන් ඕන තරම් අපේ හමුදාව වෙනත් රටවල මුදල් ගෙවලා පුහුණු සැසිවාර වලට සහබාගි වෙන්නේ.
හුඟාක් ඇමරිකන් චිත්‍රපටවල නළුවො
මුදලට යුධ පුහුණුව ලබලා තමයි ඔය වැඩ
පෙන්වන්නෙ එයාලගෙ චිත්‍රපටි වල. ඒකෙත් අරුමයක් නැහැ බලාගෙන ගියාම.
*ඔව් ඉතින් අපේ නළුවො දන්නෙ මල්ගස් පොඩි කරන්න, පඳුරු තලන්න විතරයි.
සිංදුව ඉවරවෙනකොට පේරාදෙණිය මල්
වත්තෙ හුඟක් මල් ගස්වල රස නළුවා දන්නවා. නිලිය එහෙම රස දන්නවා අඩුයි.
මොකද නිලිය ස්ලෝව් මෝෂන් හරි නටනවා නෙ. සිංදුව කොහෙවත් නර්තනය
කොහෙවත්. දුෂ්ටයා ගහන්න කලින් වැටිලා ඉවරයි. දුෂ්ටයා තාක්ෂණික ෂොට්
ගහනකොට නළුවා පොල්අඩි තඩිබානවා.
යසයි යසයි.
හහ් හහ් හා… ඒ ගැන නම් කතා කරනවා
කියන්නේ නිකරුනෙ කාලය නාස්ති කිරීමක් විතරයි යාළුවා. හොඳයි කාලය සීමිතයි. එතකොට මම ගිහින් බලන්නම් මෑන් කොතනද ඉන්නෙ කියලා. ඔයා දැන් යන්න ගැමුණු. වැඩිය මෙතන කාලය ගතකරන්න එපා.
*ඔව් සර්. මම ගිහින් එන්නම්
හොඳයි …
කඩිමුඩියේ උදා ආහාරය ගිලදැමූ මා තම
වාහනයට නැග ගෝනහෙල හරහා නුවර බලා පිටත් වුනෙමි. ඒ යන අතරේ නැවත මා පැට්‍රික්ගෙ සැළසුම් ගැන කල්පනා කරන්නට විමි. මාධව මෙතන මීට වඩා බැරෑරුම්ව අපිට හිතන්න වෙනවා. නිකමට හිතමු පැට්රික් ගෙ සැළසුම දෙන්නවම මරලා දාන්න නම් , මෑන් නාමිකව තවම ලංකාවට ඇවිත් නැහැ. එහෙනම් මෑන් දිවයිනට එන්න කලින් එයාගෙ සැළසුම් ක්‍රියාත්මක කරලා නැවත කැනඩාව බලා යන්න ඕන. කොහොමද මාධව මෙි ප්රශ්නය
මම විසඳන්නේ … ? එක පැත්තකින්
පැට්රික්ව මරන්න තව කණ්ඩායමක් මෑන්
ලංකාවට එනකම් ඉන්න අතරෙ , මෑන්
කැරොලින් , රිචඩ් මරන්න කලින්ම ලංකාවට ඇවිත් සැළසුම් කරනවා. මෙික
මොන පාර්ශවයද නවත්වන්න ඕන අපි.
හ්ම්ම්… බලමුකො. අඩහෝරාවකට පසු මා නැවතුනේ අප නියෝජිතයින් දෙදෙනා වාසය කරන නිවසෙහිය.
ඉතින් නියෝජිත ජනිත්.. මොකද තත්වය..?
*සර් අපි ඊයේ මෑන්ගෙ පස්සෙන් ගියා.
මෑන්ගෙ ගමනාන්තය වුනේ හුන්නස්ගිරි පොට්එකක්.
ඉතින් ඊට පස්සේ.
*මෑන් ගිහින් බයික්එක නැවැත්තුවා. ලයිට් දාලා පැය බාගයකට පස්සේ ලයිට් ටික ඕෆ් කරලා දැම්මා. ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් මෑන් නිදාගත්තා කියලා ඊට ටික වෙලාවකට පස්සේ අපි ගිහින් මෙික ගලවගෙන ආවා.
නියමයි මහත්වරුනි. වැඩෙි හරියට කරා.
දන්නවද මෑන් කවුද කියලා. මෙි ඉන්නෙ මෑන් තමයි. කියමින් කැරොලින් මහත්මිය විසින් මාහට එවන ලද පැට්රික් ගෙ සමීප ඡායාරූපය පෙන්නුවෙමි.
**සර් මෙි කවුද… ?
මෙි තමයි මහත්වරුනි සැකකාර එෆ්ටූ
එහෙමත් නැත්නම් පැට්රික් හාමු.
*සර් ඒ කියන්නේ මෑන් කැනඩාවට ගිහින් නැහැ නේද … ?
ඔව් නියෝජිත ජනිත්. මම අනුමාන කල පරිදිම මෑන් තනිකරම ප්‍රෝඩාවක් කරලා තියෙන්නෙ.
*සර් ඔය ෆොටෝඑක මට එවන්න. මොකද
අපි මෑන්ගෙ මුහුණ දැකලා නැහැනෙ. මෙිකයි මෑන්ගෙ මුහුණයි අපිට ඉක්මනට ගලපලා බලන්න වෙනවා.
ඔන්න මම ඒක එව්වා…
**එතකොට මෑන් කොහොමද ලංකාවට ආවෙ… ?
ඔව් හොඳ ප්‍රශ්නයක්. සල්ලි තියනවා නම් මොනවද කරන්න බැරිද .. ? මෑන් වෙන නමකින් පාස්පෝර්ට් හදාගෙන වෙස් වලාගෙන ලංකාවට එන්න ඇති. මම මෙහෙම කිව්වොත් ඔයාලට මම කියපු තව සරළ වෙයි. මෑන් ලංකාවෙන් පිටවුනා
පැට්රික් පීරිස් විදිහට. නැවතත් එයා දවස් කීපයකට පසු නැවත එනවා වෙනත් නීත්‍යානුකූල නමකින් තමන්ගෙ වෙිෂය වෙනස් කරගෙන. එතකොට ආගමන , විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු අපි චෙක් කරාට වැඩක් නැහැ. මොකද මෑන් නැවත ලංකාවට ආපු තොරතුරක් සඳහන් වෙන්නෙ නැහැ නෙ සිස්ටම් එකේ. ඉතින්
හැංගිමුත්තන් කර කර තමන්ගෙ ටාගට් එකට යන්න සැළසුම් කරනවා වෙන්න ඕන.
*එතකොට මෑන් මොකක් කරන්නද කර අදින්නේ… ?
ඔව් හොඳ ප්‍රශ්නයක් ඒක. අපි ඒකටත් උත්තර හොයාගන්න ඕන. මෙතන ප්‍රශ්න
ගොඩක් අපි ඉදිරියේ තියනවා මහත්වරුනි.
මම ඊයෙ හවස කිව්වා වගේ රිචඩ් හාමු
මරලා සියළු දේපල තමන් සතු කරගන්න.
ඊට අමතරව තව දෙයක් කරන්න කර අදිනවා කියලා මට ඊයේ තේරුනා
*ඒ මොකක්ද… ?
කැරොලින් මැඩම් ඝාතනය කරන්න. වගේම මිස්ටර් රිචඩ් ඝාතනය කරන්න
*මොනවා .. ?
ඔව් මහත්වරුනි. සිප්පියා කන්දෙ ඉඳලා
ස්නයිපර් එකක් පාවිච්චි කරලා දෙන්නව මරලා දාන්න තමයි සූදානම. එහෙම නොවෙන්නත් පුළුවන්. මම අනුමාන කරන්නේ ක්‍රම දෙකයි. එකක් ඔය ස්නයිපර් ක්‍රමය.
*එතකොට අනිත් ක්‍රමය.
හා …. ඒක මම කියන්නම්. ඒකට මට ටික කාලයක් ගතවෙනවා. ඒ ක්‍රමය සාර්ථකයි මෙි ස්නයිපර් ක්‍රමයට වඩා මොකද ඒ
ක්‍රමය ක්‍රියාත්මක කරා කියලා කවදාවත් ඔප්පු කරන්න බැහැ පැට්රික් සම්බන්ධයි කියලා.
**ඔව් නේද… ? මෑන් නාමිකව රටනෙ ඉන්නෙ. ඒ හන්දා කොහොමත් බැහැ.
*සර් ඒ කියන්නේ අපි ඉක්මන් කරන්න වෙනව නේද .. ?
ඔව් … ඒක තමයි මම කල්පනා කරේ ඊලඟ සැළසුම ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා. මම මෙික කසුන්ට වත් කිව්වෙ නැහැ. මොකද කැරොලින් මැඩම්ගෙ රහස් පණිවිඩය තුල එක තැනක තිබ්බා “නාවිකයානෙනි” කියලා සාමාන්‍යයෙන් නැවක නාවිකයා කියන්නේ කපිතාන්ට.
කපිතාන් නැත්නම් සාමාන්‍ය අපි සාමාන්‍ය විදිහට ආමන්ත්‍රණය කරන්නෙ “කැප්ටන්” කියලා. එතකොට මෙතනදී හමුදාවෙ දැරු
නිලය ආමන්ත්‍රණයක් විදිහට ගත්තහම
කැප්ටන් මාවන් කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. මොකද “සැළලිණි වසන්තය” කියන පොත දිහා බැලුවහම
අපිට තේරෙන දෙයක් තමයි සාමාන්‍යයෙන්
සැළලිහිණියා ජීවත්වෙන්නේ මුහුද ආශ්‍රිතව
එතකොට මුහුදේ මතුපිට ගමන් ගන්නේ නැව්. එතකොට මෙි පණිවිඩයට අදාල පොත ලස්සනට තෝරගන්න කැරොලින් මැඩම් හපන්කමක් දක්වනවා කියලා අපිට
ඉතාම හොඳින් පැහැදිලියි මහත්වරුනි.
ඒ වගේම “ඒත් ඇපිට අපේට තියෙන එක හොයාගන්නම වෙනවා” කියලා තව වාක්‍ය
පෙලක තියනවා. ඒකෙන් මොකක් ගැනද අදහස් කරන්නේ කියලා ඔය මහත්වරුන්ට
දල අදහසක් තියනවද … ?
*ඇපේට තියෙන්නෙ සර් කියන විදිහට නම්
ඔය බ්ලැක්මේල් කරන වීඩියෝ ටික වෙන්න ඕන.
හරියටම හරි නියෝජිත ජනිත්. ඒක ගැන
තමයි ඔය කියන්නේ. අපි පිටපත ගැන දන්න හන්දා අපිට ඒ දෙබස් ගැන පැහැදිලි
අවබෝධයක් තියනවා. නමුත් සාමාන්‍ය කෙනෙක්ට ඕක විකාරයක් වගේ පේන්න
පුළුවන්.
**ඔව් සර් අපිට තේරෙනවා. පිටපත දන්න අයට විතරයි මෙි සේරම අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ දෙන්නට දෙන්නා දන්නවා මෙි වචනවල අරුත.
ඔව් නියෝජිත සුභාෂ්… මෙතන තියනවා
ප්ලෑන් ගණනාවක්. කැරොලින් සමඟ කැප්ටන් මාවන් වෙනම ගේමක් ගහන්න
සැළසුම් කරනවා. ඒ අතරෙ පැට්රික් තවත්
ගේමක් ගහන්න සැළසුම් කරනවා. අපි
ඒ සේරම සැළසුම් වටහාගන්න ඕන කරන හෝඩුවාවන් හොයන්න මහන්සි වෙනවා.
*ගේම් අස්සෙ ගේම් ගොඩයි.
නැවත හමුවෙමු ……..
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023