නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 33
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
33 වන දිගහැරුම
( ප්‍රතිවාදින්ගේ හමුව )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හ්ම්ම්… මිස්ටර් මාවන්. අපි රජයේ රහස් සංවිධානයක නිලධාරීන් බව ඇත්ත. ඒත්
අපිත් මිනිස්සු. අපිටත් හොඳ නරක තේරෙනවා. මෙික අපිට බාරදුන්න මිෂන් එකක්. මම හැමදේම දන්නවා. මාවන් තමුන් ජීවතුන් අතර ඉන්නවා කියලත් දන්නවා.
*ඒ කොහොමද ඔෆිසර්…
මෙතැන්සිට ……
හ්ම්ම්… ඔය දෙන්නා දැන් මාංචු ගලවපු දෙන්නෙක්. මට පුළුවන් දෙන්නම කුදලගෙන ගිහින් කොළඹ CDI එකට බාරදෙන්න. නැත්නම් මෙහෙ පොලීසියට බාරදෙන්න. නමුත් මට එහෙම නෙමෙි. මෙි ප්රශ්නය හොඳම විදිහට විසඳලා දාලා යන්න තමයි ඕන.දැන්වත් මට පක්ෂපාතීව වැඩ කරනවා නේද..
*ඔව් ඔෆිසර්.. මට විශ්වාසයි ඔය කණ්ඩායම ගැන.
හොඳයි මගෙන් ඇහැව්වෙ මිස්ටර් මාවන් ජීවත්ව ඉන්නවා කියලා කොහොමද දැනගත්තෙ කියලනෙ. ඔයාලගෙ පරණ
ගෙදර මම ගියා දවසක් රෑක. ගිහින් සම්පූර්ණ සෝදිසි කිරීමක් කරා. නමුත් සැක කටයුතු කිසිවක් මට දකින්නට ලැබුනෙ නැහැ. නමුත් එන්න ලෑස්තිවෙලා තව කාමරයට ඇතුල් වුනා. මම හිතන්නේ ඒක ඔය දෙන්නගෙ නිදන කාමරය වෙන්න ඕන. ඒ නිදන කාමරයේ ඔයාගෙ වයිෆ් ගෙ ෆොටෝ එකක් තිබ්බා. ඒක දිහා හොඳට පැත්තකින් බලපුවා දූවිලි කපාගෙන යන පරිදි ඇඳුන ඇඟිලි පාරක් වගේ දෙයක් තිබ්බා. මම අනුමාන කරා ඒ වගේ දෙයක් කරන්නේ එයාට හුඟක් ආදරෙ කරන කෙනෙක්. ඉතින් ඔය පාළු ගෙදරට කවුරු
යන්නද .. ? ඊලඟ කාරණය තමයි. කැරොලින් මැඩම් මෙච්චර ලෙංගතු විදිහට පොත් ආශ්රයෙන් සන්නිවේදනය කරන්නේ කා සමගද .. ? ඒ පණිවිඩය ගන්න යන්නෙත් වෙනත් ඔත්තුකරුවෙක්. ඒ තරම් පරිස්සමට වහන්වෙලා ඉන්නෙ ඇයි. එතකොට මම අනුමාන කරා මැරුන කෙනෙක් ජීවත්වෙලා ඉන්නවා කියන්නේ ඊට වඩා ප්‍රශ්නයක්. සාමාන්‍ය ලෝකයෙන් වසන් වෙනවා කියන්නේ ඒකත් ලොකු සටනක් තමයි.
*ඔව් ඔෆිසර් මම තමයි එහෙම මගෙ පරණ ගෙදර ගියේ. එහෙම කරේ. මට තවම මගෙ අතීතය අමතක කරන්න බැහැ.
එතකොට පලවෙනි මිනීමැරුම කරා කියනවා ආයේ නැහැ කියනවා. මොකක්ද ඒ හතරබීරි කතාව මිස්ටර් මාවන් පීරිස්..?
*ඒක අත්වැරදීමක් ඔෆිසර්. ඒ කියන්නේ එයා ඒකට සම්බන්ධ නැහැ. කැරොලින් අක්කා ඒක කරේ නැහැ කියන්න පැකිලුනේ ඇයි කියන්න නම් මම දන්නෙ නැහැ.
අත්වැරදීමක් … ?
*ඔව් අත්වැරදීමක්. ඒක වුනේ දවසක් දා රෑ
මට කෝල් එකක් ආවා කැරොලින් අක්කගෙන්. “මල්ලි ඉක්මනට එන්න මම ජනේලය ඇරලා තියෙන්නෙ මට ලොකු කරදරයක්” කියලා.
හ්ම්ම්… එතකොට මිස්ටර් රිචඩ් ලංකාවට ඇවිත් නැද්ද .. ?
*ඇවිත් හිටියෙ. නමුත් පූර්ණ අංශබාගෙ හැදිලා තිබ්බෙ. කරන කියන කිසිදෙයක් එයා දන්නෙ නැහැ.
හොඳයි.. කතාව කියන්න.
*ඊට පස්සේ එදත් නාකපන වැස්ස. මම වැස්සෙම ගිහින් රහසේම මගෙ ගෙදරට ඇතුල්වුනා. මොකද මට ඒ ගෙදර නුහුරු තැනක් නෙමෙි. මම උපන් , හැඩුන වැඩුන ගෙදර. ඊට පස්සේ මම ගිහින් බලනකොට
ෂෙල්ටන් ලේ පෙරාගෙන වැටිලා හිටියා. ඔළුවෙන් තදින්ම ලේ වහනය වෙලා සිමෙන්ති පොලවේ ලේපාර ගලාගෙන තිබ්බා. ඒ විතරක් නෙමෙි. පැත්තකින් පිහි පාරකුත් ඇනලා තිබ්බා මම කෝකටත් කියලා ක්ෂණිකව නාඩි චෙක් කරා. එතකොට මිනිහා මැරිලා විනාඩි පහලවක් විතර ඇති. මම ඊට පස්සේ මොකද වුනේ කියලා ඇහැව්වාම, කැරොලින් අක්කා කිව්වෙ. හොඳටම බීලා වගේ කියව කියව ගෙදර ආවා කියලා. ඊට පස්සේ කිසිම සද්දයක් නැති හන්දා මිනිහගෙ කාමරයට ගියාලු මෑන්ගෙ ෆෝන්එක ගන්න.
ෆෝන්එක ගන්න…. ?
*ඔව් ඔෆිසර්.. ඒක අරගෙන බ්ලැක්මේල් වීඩියෝ ටික මකලා දාන්න. මොකද මම අතුරුදන් වුනාට පස්සේ ඒ වනතුරු ෂෙල්ටන් බීලා නැහැ. ඒ හන්දා උගේ ෆෝන්එක ගන්න ක්‍රමයක් තිබිලා නැහැ කැරොලින් අක්කට.
ඊට පස්සේ … ?
*ඊට පස්සේ මම ඇහැව්වා මිනිහා තමන්ගෙ කාමරේට එනවා දැක්කද කියලා. “නැහැ” කියලා එයා උත්තර දුන්නා. ඊට පස්සේ අක්කා ෆෝන්එක අතට අරගෙන මිනිහගෙ ඇඟිල්ල ෆෝන්එකේ සෙන්සර් එකට තියලා ඒක අන්ලොක් කරලා සේරම විස්තර මකලා දාලා , නැවත මිනිහගෙ සාක්කුවට දාන්න කලින් මම ඒ ෆෝන් එකේ ඇඟිලි සලකුණු මම ගෙනාපු ලේන්සුවෙන් මකලා දැම්මා. එහෙම මකලා දාලා ,ආපු අඩි සලකුණු පස්සෙන් පස්සට ඇවිත් අක්කා ඒවා තෙත රෙිද්දකින් පිස දානකම් කවුරු හරි එයිද කියලා මම හැංගිලා ඔත්තු බැලුුවා. බැරි වෙලාවත් ජෝෂප් අංකල් එන්න ඉඩ තියෙන හන්දා. ඊට පස්සේ මම පොලීසිය ඉදිරිපිට කටඋත්තර දෙන්න ඕන විදිහ කියලා දීලා ඉක්මනට ගෙදරින් පැනගත්තා.
ඒ කියන්නේ විනාඩි පහලවකට කලින් ක්‍රම දෙකකට ෂෙල්ටන්ව මරලා දාලා වලවිවට ගෙනැවිත් දාලා තියනවා. සාමාන්‍යයෙන් ක්‍රම දෙකකට මරලා දානවා කියන්නේ ෂෙල්ටන් එක්ක කවුරු නමුත් ශාරීරික වශයෙන් ගැටුමක් ඇතිවෙලා තියනවා කියන එක නම් පැහැදිලියි. සාමාන්‍යයෙන් ෂෙල්ටන්ගෙ හඬයි , පැට්රික් හෝ නොයෙල්ගෙ කටහඬවල් සමානද … ?
*ෂෙල්ටන්ගෙ හඩට සමාන කරන්න පුළුවන් නොයෙල්ගෙ හඬ විතරයි. පැට්‍රික්ගෙ හඬ සමාන නැහැ. මොකද අපි ඉස්කොලේ යන කාලෙ ඔය සමාන හඬ හන්දා විවිධ දේවල් කරා ආතල් එකට වගේ.
හ්ම්ම්… හොඳයි.. අනර්ඝයි. වැස්ස කියන්නේ පරිසරය තෙත් කරනවා වගේම,ඒ මොහොතට ඝෝෂාව ඇතිකරන ස්භාවික සාධකයක්. බීලා කියව කියව එනකොට හරියටම ඒ හඬ කාගෙද කියලා අඳුරගන්න බැරිවෙන්න මෙි වැස්සෙන් ඇතිවන ඝෝෂාව බොහොම උපකාර කරගෙන තියනවා. ඒ වගේම වැස්සට අඩි සලකුණු වගේ දේවල් හේදෙන හන්දා වහින දවසක රෑ ජාමෙි වැඩෙිට බැහැලා තියනවා එතකොට සලකුණු ඉබෙිටම මැකෙනවා වගේම. මුර බල්ලෙකුට ඉව අල්ලන්න බැරිවෙන තරමට ඌ අසරණ වෙනවා. ඒ වගේම මගදි පිහියෙන් ඇනලා දැම්මොත් ලේ පෙරාගෙන තමයි වලව්ව ඇතුලට ෂෙල්ටන්ව අරගෙන එන්න වෙන්නෙ. ඒකෙ තේරුම මෑන් ඇඳ පාමුල වට්ටලා තමයි පිහිපාර ඇනලා තියෙන්නෙ. ඒකත් හොඳට කල්පනා කරලා ගහපු ගේමක්. නියමයි … නියමයි. කියමින් මා තම හිස දෙපැත්තට වැනුවෙමි. හොඳයි.. හොඳ මොළයක්.. අපි බලමු ඒක කරේ කවුද කියලා.
හ්ම්ම්… මිස්ටර් මාවන්.. අපරාධකරුවන් දෙන්නෙක් නිදහසේ තියාගෙන මම මෙි අවුරුදු දහඅටක සේවාකාලය තුල කේස් එකක් කතා කරනවා වෙන්න ඕන මතක හැටියට. මොකද මම වැඩිය කතා කරනවා අඩුයි. මගෙ පිස්තෝලය තමයි කතා කරන්නේ. එයා කතා කරා කියන්නේ අනිත් අය සදහටම නිහඬයි. හරි.. එතකොට දෙවන සැළසුම ක්‍රියාත්මක කරේ පැච්වේරා කතාවට අනුව නේද… ?
*ඔෆිසර් සේරම හොයාගෙන වගේ.
ඔව්.. සමහර තැන් විතරයි මට තවම හොයාගන්න බැරිවුනේ. ඒ ටිකත් මට හොයාගන්න පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් වැඩක් මට තියනවා මිස්ටර් මාවන්. උපාලි…
**සර්…
බයවෙන්න දෙයක් නැහැ. මම කියන විදිහට ඔය දෙන්නම ඉදිරියට වැඩ කරොත් රැවුලයි කැඳයි දෙකම බේරෙයි. නැත්නම් සොරි තමයි. මොකද ඔය දෙන්නව මට තියා වෙන බෙිරගන්න කාටවත්ම බැරිවෙයි
**හොඳයි සර්…
එතකොට කැරොලින් මැඩම් මිස්ටර් මාවන් එක්ක සන්නිවේදනය කරන විදිහ මම දන්නවා. මම ආවට පස්සේ යුගාන්තය. එතකොට ඊයේ සැළලිහිණි වසන්තය කියන පොත්වල තියෙන වාක්‍ය ආශ්රයෙන් මනාවට සන්නිවේදනය කරනවා. මම ඒ පණිවිඩ පවා දන්නවා. ( මාවන් උපාලි දෙස බැලීය ) නෑ නෑ උපාලි දිහා බලන්න එපා. ඒක මෙයාගෙ ප්‍රශ්නයක් නෙමෙි. අපෙ විමර්ශන හැකියාව තමයි. දැන් වාහනයේ හයිකරලා තියන ට්‍රාන්ස්මීටරයේ රිපීටර් එක එහා පැත්තෙ තියෙන විකාශන කුළුනෙ සෝලා පැනල් එකකින් විදුලි සැපයුම ලැබෙන විදිහට හදාගෙන අපි කතා කරන දේවල් අහගෙන ඉන්නවා කියලා මම දැනගත්තෙ හුඟාක් කලින්
නමුත් අපි අපේ රහස් දේවල් වාහනය ඇතුලේ කතා කරේ නැහැ. එහෙම වුනානම් මිස්ටර් මාවන් අපි ගැන සේරම කලින්ම දැනගන්නවා ඒ වගේම සපත්තුවට විෂ කැව්වෙ සෙල්වරාජ් කියන සපත්තු මහන මෑන් කියලත් දන්නවා.
*ඔෆිසර් මම ලෑස්තියි වරද පිලිගෙන නීතියට භාරවෙන්න. උන් මගෙ ඉනෝකා විතරක් නෙමෙි බඩෙි ඉන්න දරුවත් මැරුවා. මට ඒක ඔප්පු කරගන්න බැරි හන්දා තමයි මෙහෙම ගේමක් දුන්නෙ.
ඔව් මිස්ටර් මාවන්. ඒක වැරැද්දක් තමයි.
ඒක නැවත හදන්න බැහැ. උන් දෙන්නා ජීවත්ව හිටියා නම් ගමේ තව තරුණ ගෑනු ළමයි කීදෙනෙක් අනාථ වෙයිද. ඒ වගේම කැරොලින් මැඩම්ට මීට වඩා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම , මම දන්නවා බ්ලැක්මේල් සිද්ධියත්. ඒකට මම ලඟ සැළසුමක් තියනවා. නමුත් ඒක අපිට ක්‍රියාත්මක කරන්න මෙි වෙලාවෙ බැරිවෙනවා.
*මොකක්ද ඔෆිසර් මට පැහැදිලි කරලා කියන්න.
ඔව් මිස්ටර් මාවන්. ඔයා දන්නවද හැම පෝයටම කලින් දවසෙ සිප්පියා කන්දෙ
උඩට ගිහින් නයිට්විෂන් එකකින් හෙන්ද්‍රික්
වලව්ව දිහා බලාගෙන ඉන්නවා කියලා.
*මොකක් … ?
ඔව් වාඩිවෙන්න මිස්ටර් මාවන්. වාඩිවෙන්න. ඒ කාලයේදී කැරොලින් මැඩම් හීනෙන් ඇවිදින සිද්ධිය බලාගෙන ඉන්නවා මෑන්.
*මට ම ම ම මට තේරෙන්නේ නැහැ ඔෆිසර්
අක්කට මම තමයි කිව්වෙ හීනෙන් ඇවිදින්න කියලා. ඒක කලින් ප්ලෑන් එකේ කොටසක්. ඒත් මෙි කවුද … ? මොකක්ද වුවමනාව … ?
ඔව් මිස්ටර් මාවන් එතකොට මර්ඩර් දෙකම කරේ තමුන් මම හරිද … ?
*නෑ ඔෆිසර්.. මම කරේ නොයෙල් ගෙ එක විතරයි. අනිත් එකෙ වගකීම බාරගන්න මට බැහැ.
හ්ම්ම්… එතකොට කැරොලින් මැඩම් දෙකම කරන්න ඇතුලෙ ඉඳගෙන උදව් කරා. කියලා මට කිව්වනෙ. එතකොට මොකක්ද ඒ කතාවෙ තේරුම. (ඇය එසේ මාහට නොකීවත් මාහට වෙනත් යමක් දැනගන්නට අවැසි බැවින් මෙවැනි වචන ස්වල්පයක් මුදාහැර ප්‍රතිචාර බැලුවෙමි)
*නැහැ ඔෆිසර්… එහෙම වෙන්න බැහැ නෙ.
හ්ම්ම්… හරිම සිත්ගන්නා සුළුයි. මම අප
නියෝජිතයින් දෙදෙනා දෙස බලාගෙන කිව්වෙමි. ඔවුන් දෙදෙනාද මාදෙස බලා මදක් සිනාසෙමින් හිස වැනුවා.
එතකොට මට මැඩම් කිව්ව දෙන්නෙක්ගෙ කතාව මොකක්ද … ? හරි.. මම ඒක ගැනත් හොයන්නම්. මට ෂෙල්ටන්ගෙ කේස් එක ගැන මොකුත් දැනට කියන්න බැහැ. මොකද මම ඒ ගැන හොයන්න ආපු ගමනක් නෙමෙි නෙ.
*නෑ ඔෆිසර් එතන වෙලා තියෙන්නෙ අක්කා අතින් අත්වැරදීමක්. එයා අදහස් කරන්න ඇත්තෙ කොටසකට හවුල්වුනා කියලා නොයෙල්ගෙ මරණය ගැන විතරයි. මෑන්ගෙ මරණයට ඇතුලෙන් සපෝර්ට් කරා කියලා මම වලව්ව ඇතුල්වෙලා ගතකරපු පලවෙනි රැයෙන්ම දැනගත්තා
*ඔෆිසර් කොහොමද එහෙම කියන්නේ.
අඩුම තරමෙ පොලීසියටවත් හොයාගන්න
තවම බැරිවුනා නෙ.
හහ් හහ් හා… මිස්ටර් මාවන්. ඉතින් අපි පොලීසිය වත් CDI නියෝජිතයින් වත් නෙමෙි. මම මෙි CDI නියෝජිතයින් ව අවතක්සේරු කරනවා නෙමෙයි. එයාලා හඹායන මාර්ගවල මෙි ඔෆිසර් තේනුවර යන්නෙ නැහැ. මම යන්නේ වෙනම වෙනස් මාර්ගයක. මම එදා රෑම නොයෙල් මැරුන කාමරය ගෙදර සේරටම හොර රහසේ සර්ච් කරා. මට එතනදී ජනේලයේ ග්රීල්එක කෙනෙක් ගලවලා නැවත හයිකරලා තියනවා කියලා හරිම අපැහැදිලිව පෙනුනා ඒ මල්ඇණ ටික ගලවලා. ඇතුලට ඇවිත් වැඩෙි කරාට පස්සේ නැවත ඒ ඇණ ටික
මල් නියනක් ආධාරයෙන් හොඳින් තදට හිරකරලා තිබ්බත්. ඇණ තුනක් සම්පූර්ණ තද වෙන්නම හිරකරන්න බැරුව ගිහින් තිබ්බා. ඒකෙන් පස්සේ මම ඔය වලව්වේ අය ගැන හොඳ හෝදිසියෙන් හිටියා. අනික තමයි ටයිගර්. එයත් එදා නිහඬ වෙලා කිබ්බෙ කොහොමද කියලා මම කල්පනා කරා. දෙවන මහලයට පිටින් කවුරුහරි ඇතුල් වෙනකොට රෑ කාලයේ හන්දා ඕනම කුඩා ශබ්දයක් ලොකුවට ඇහැනෙවා. ඒ ශබ්දයන් වලට හොඳට කන ඇහෙන බල්ලෙක් මුනිවත රැක්කේ කොහොමද කියලා කල්පනා කරා. පසුව මම කල්පනා
කරා පලමුවෙන්ම බල්ලට නිදි බෙහෙතක්
වලව්වේ කවුරුහරි දුන්නා එහෙමත් නැත්නම් , පිටින් වායු පිස්තෝලයක් උපයෝගි කරගෙන බල්ලට ෂූට් කරලා ඌව නිහඬ කරා. මොනවා වුනත් මෙි සේරම මාස්ටර් ප්ලෑන් එකකට රන් වෙච්ච දේවල් කියලා මම දැනගත්තා. හරි මෙි සේරම හරි කියමුකො. එතකොට පලවෙනි ඝාතනය මිස්ටර් මාවන් කරේ නැත්නම්
දෙවෙනිඑක කොහොමද පලවෙනි එක වගේම කරේ. මට ඒක කරපු විදිහ පැහැදිලි කරන්න. හැබැයි ෂෙල්ටන් මැරුවෙ ඔය දෙන්නම නොදන්න චරිතයක් නම් කවුද මෙි තුන්වැන්නා… ? හොඳයි අපි හොයලා බලමු ඒ ගැනත්.
*මම කලින් කිව්වා වගේ ෂෙල්ටන් මැරෙන කොට මම සැළසුමක් හදලා තියා හිතලවත් නැහැ. ඔෆිසර්. මට කාලයක් යනතුරු කැරොලින් අක්කව සම්බන්ධ කරගන්න බැරිවුණා. මොකද එයා ගෙදරින් එලියට ආවෙම නැහැ. ඊට පස්සේ මෙි උපාලි අතේ පණිවිඩයක් යැව්වා. අක්කෙ මම මැරුනෙ නැහැ. මම ජීවත්වෙනවා, මාව අහවල් දවසෙ අහවල් වෙලාවට අහවල් තැනදී හමුවෙන්න කියලා. කොහොමහරි අක්කා එදා මගෙ පණිවිඩය පිලිගෙන මහජන පුස්තකාලයට ආවා. එයාට මාව දැක්කට පස්සේ එකපාරටම අදහාගන්න බැරිවුනා. එදා ඒ විදිහට මම මට වෙච්ච සිදුවීම පැහැදිලි කරා. ඊට පස්සේ අක්කා කිව්වා මම සුනාමියෙන් අතුරුදන්වුනා කියලා දැනගත්තට පස්සේ පපා ලංකාවට ආවා. එහෙම ආවෙත් මම අතුරුදන් වෙලා මාස තුනකට පස්සේ. ඒ වගේම පූර්ණ අංශබාගෙ හැදිලා පපාට ඇවිදගන්න තියා කතා කරගන්නවත් බැරුව ඉන්නෙ කියලා අක්කා මට කිව්වා. ඒ අතරෙ තමයි හදිසියේම ෂෙල්ටන්ව මරලා දාලා තියෙන්නෙ. ඊට පස්සෙ අද වෙනතුරුත් අපි දෙන්නා මුහුණට මුහුණ හමුවෙලත් නැහැ. ෆෝන් වලින් පණිවිඩ හුවමාරු කරෙත් නැහැ. ඊට පස්සේ කාලයාගෙ ඇවෑමෙන් කේස්එක යටගියාට පස්සේ පපාට කතා කරන්න පුළුවන් තත්වයට පත්වුනා මහරගම රෝහලේ කරපු ප්‍රතිකාර වලට. අදටත් අවුරුද්දකට සැරයක් පපාව අරගෙන යනවා මහරගම රෝහලට. මමත් ඉතින් වෙස් වලාගෙන මහරගමට ගිහින් ඈත ඉඳලා පපාව බලලා එනවා මට වෙන විකල්පයක් නැති හන්දා. ඊට පස්සේ වලව්වේ පපා ඉන්න හන්දා අක්කගෙන් තමන්ගෙ කාම පිපාසය පියවා ගන්න බැරි හන්දා අර වීඩියෝ එක ලඟ තියාගෙන අක්කව බ්ලැක්මේල් කර කර සතියකට සැරයක් වගේ රූම් ගණෙ එක්කගෙන ගියා ඔය අධම ,නීච නොයෙල්.
*ඊට පස්සේ මෙි අසාධාරණකම් සදහටම නවත්වන්න ඕන හන්දා වගේම මට දුන්න ගේම්එකට ප්‍රතිඋත්තර විදිහට අපි පැච්වේරා පොතේ තිබ්බ විදිහට සමාන සැළසුමක් හැදුවා. නොයෙල් මරපු දවසෙ රෑ මිනිහට පාටි එකක් තිබ්බා. අපි කලින්ම, ඒ කියන්නේ කැරොලින් අක්කා සැළසුමෙි විදිහට සපත්තුවෙ මැහුම් කැපුවා. කොහොමහරි මගදි සපත්තු අඩිය ගැලවුන හන්දා ඒ වෙලාවෙ රෑ වෙන සපත්තු මහන අය නැති හන්දා අපි අර සෙල්වරාජ්ව විතරක් නුවර ටවුමෙ ප්‍රසිද්ධ තැනක තිබ්බා. මිනිහගෙ අතට සර්ප විෂ කවපු ඇණයක් කලින්ම දීලා තිබුනෙ. ඉතින් නොයෙල් තමන්ගෙ සපත්තුව මහගන්න සෙල්වරාජ් ලඟ නැවතිලා සපත්තුව මහගන්න අතරෙ අර විෂ කවපු ඇණය අඩියට එබුවා. ඉතින් මිනිහා පාටි එකට ගිහින් හොඳටම වෙරි මතින් ගෙදර එනකොට අර ඇණේ කකුලෙ ඇණිලා. අරක්කු සැරටයි මෙි විෂටයි දෙකේම බලපෑමට ඇඟපත දරදඬු වෙලා තිබ්බා අක්කා ජනේලය ඇරලා මට ඇතුලට එන්න උදව් කරා. මම මගෙ පලිගැනීම සම්පූර්ණ කරලා ගියා. එච්චරයි ඔෆිසර්. වැඩෙි අපි සැළසුම් කරපු විදිහටම සිද්ධවුනා. අපි ෂෙල්ටන්ව මරපු විදිහටම නොයෙල්වත් මැරුවෙ එතකොට ෂෙල්ටන්ව මරපු කෙනාටම මෙිකෙ නාමයත් ගෑවෙන්න ඕන හන්දා …
හ්ම්ම්… ඒකත් හරි කියමුකො. හොඳයි. මිස්ටර් මාවන් නොයෙල්ගෙ කතාව එලෙස නිමා වෙද්දී දැන් ඊට වඩා බැරෑරුම් ප්‍රශ්නයක් මතුවෙලා තියනවා.
*ඒ මොකක්ද ඔෆිසර්…
මම කලින් කතාවට නැවත එන්නම්. මෙි රෑ
ජාමෙි නයිට්විෂන් මගින් නිරීක්ෂණය කරන මෑන් කවුද.. ? මොකක් අරඹයාද .. ? හොඳයි මම ඉඟියක් දෙන්නම්. දකුණු ඉණේ රෝසමලක පච්චයක් තියෙන හාදයෙක් තමයි එහෙම නිරීක්ෂණ කටයුතු වල නිරතවෙන්නේ.
*මොකක් … ? පැට්රික් … ?
වාඩිවෙන්න මිස්ටර් මාවන්.. වාඩිවෙන්න.
ඊයේ රෑ වගේම පෙරේදා රෑත් මෑන් ඒ විදිහට සිප්පියා කන්දට නැගලා නැවත හෙන්ද්‍රික් වලව්ව දිහා හොඳට නිරීක්ෂණය කරා. එතකොට මම හිටියෙ ගල පහල තැනක ස්ථානගතවෙලා පස්සේ පාන්දර එකහමාරට විතර මෑන් ආපසු එනකොට මාත් මෑන් පස්සෙන්ම ආවා. මෑන් පාරට ඇවිත් හෙල්මට් එක දාාලා බයික් එකේ යතුර ගන්න කබාය ටිකක් එහාමෙහා කරනකොට තමයි මේ සලකුණු මම දැක්කෙ. එහෙම පච්ච ගැහැව්වෙ හතර දෙනයි. එතනින් ජීවතුන් අතර ඉන්නෙ දෙන්නයි. දෙන්නෙක් පරලොව සැපත්වෙලා නේද.. ?
*ඒ මම නෙමෙි ඔෆිසර්. මට දැන් හංගන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ. මම පපා
නමින් දිවුරලා කියන්නම් ඒ මම නෙමෙි.
පැට්රික්. ඔව්… අනිවාර්යයෙන්ම ඒ පැට්රික්
විය යුතුමයි.
ඒක එහෙම නම් , පැට්රික් මෙි වෙද්දී කැනඩාවෙ නේද ඉන්න ඕන. ලංකාවෙ මොකක්ද කරන්නේ.. ?
*මට ඔෆිසර් ඒක පැහැදිලි නැහැ .
හිතන්න එපා මිස්ටර් මාවන් තමන්ගෙ එක බඩවැල කඩාගෙන ආපු බාල මල්ලිලා දෙන්නෙක්ව මරලා දැම්මට පස්සේ ඔය වැඩිමහල් අයියා සද්ද නැතුව ඉඳියි කියලා. නමුත් එහෙම ඉන්නවා නේද … ? ඇයි එහෙම ඉන්නේ … ? මෙික අවුරුදු ගාණක් ඉබි ගමනින් ගෙනියන ගේමක් මිස්ටර් මාවන්. ඒකට හේතුව කැප්ටන් මාවන් හැර අනිත් නාස්තිකාර දූෂිත වගේම සල්ලාල සහෝදරයින් තුන්දෙනා එකතුවෙලා පැට්රික් හාමුගෙ උරුම දේපල ටික විකුණලා ගන්න පුළුවන් ආතල් සේරම අරගෙන අවසානයේ ඉතුරු වුන මෙි සැමුවෙල් වතුයාය තමන් සතුකරගන්න ගහපු දීර්ඝකාලීන ගේමක පියවරවල් කීපයක් ගෙවලා , මෑන් මෙි ඉන්නෙ අවසාන ගේම් එකේ. ඒ කියන්නේ සැක නොහිතෙන අන්දමින් තම පියාව ඝාතනය කිරීම තමයි ඒකායන අරමුණ.
*මයි ගෝඩ් ඔෆිසර්. පපාව මරන්න … ?
ඇයි… තමන්ගෙ බාල මල්ලි මරන්න දෙවරක් හිතපු නැති එකාට බල, දේපල තණ්හාව හන්දා තමන්ගෙ තාත්තා මරන්න බැරිද. ? මෙි ගේම් එකේ මෑන් දැනුවත්ව හෝ නොදැනුවත්වම ඔයත් මෙිකේ තදබල ඉත්තෙක් වෙලා ඉවරයි. දැන්වත් මෙි ගේම් එක නවත්තලා දාමු නේද මට තිබ්බා මෙි සේරම කුදලගෙන ගිහින් CDI එකට හරි පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරදීලා අත පිහදාගන්න. නමුත් එහෙම කරා කියලා මෙි ගේම් එක නවතින්නෙ නැහැ. ඒක නවතින්නෙ තව කීප දෙනෙක් මරලාදාලා නම් , මෙි අපි කරන දේවල්වල ප්‍රතිඵලයක් තියනවද මිස්ටර් මාවන්. එහෙම නේද මගෙ නියෝජිතවරුනි.
***ඒක ඇත්ත සර් අපිට එහෙම අවසානයක් තිබිලා වැඩක් නැහැ.
නියමයි.. පේනවා නේද .. ? ඒකට තමයි කියන්නේ “කණ්ඩායම් හැඟීම” කියලා.
එතකොට ඔච්චර ඈත ඉඳලා නයිට්විෂන්
එකකින් බලාගෙන මොකද කරන්නේ .. ?
මිස්ටර් මාවන් මොකක්හරි ඒ ගැන අදහසක් තියනවද .. ?
*එච්චර ඈත ඉඳලා ගේමක් සැළසුම් කරා
කියන්නේ ස්නයිපර් ෂොට් එකක් වෙන්න
ඕන.
හ්ම්ම්… ඔය තේරුනෙ. පුදුමයක් නැහැ ඔයා මිලිටරි කාරයෙක් නෙ. එහෙම ස්නයිපර් ෂොට් එකක් වෙන්නත් පුළුවන්
නොවෙන්නත් පුළුවන්.
*නොවෙන්නත් පුළුවන් … ?
ඔව්.. නොවෙන්නත් පුළුවන්. කැනඩාවෙන්
එනකොට කලින්ම විෂ ජීව අවියක් වගේ
දෙයක් අරගෙන ඇවිත් තියාගෙන වෙලාව එනතුරු ඉන්නවා වෙන්න බැරිද … ? නිකං වැක්සීන් එකක් වගේ. මොකද හැම අවුරුද්දකටම සැරයක් කොළඹ ප්‍රධාන රෝහලට රිචඩ් මහත්තයව ගෙනියන්න ඕන. මම හිතන්නේ ඒක තව දවස් දහයක් ඇතුලත කරන්න ඕන වැඩක්. කොළඹ ගිහින් එන ගමනේදී හෝ මහ රෝහලේදී ඔය කියන ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වෙලා මැරුනොත් , මරණ පරීක්ෂක තීරණය කරනවා විෂක් ශරීර ගතවෙලා මරණය සිද්ධවෙලා කියලා. එතකොට මහරෝහලේ ඩොක්ටර්ගෙ ජීවිතයත් සදාකල් අඳුරෙ. මොකද කොමිස් ටිකකට පෙරේතකමට බාල ඉන්ජෙක්ෂන් රටට ගෙන්වලා රටෙි ජනතාව මරන්න අඩිතාලම දාලා බොරු පිස්සුවක් මවාගෙන නීතියේ රැහැනෙන් නිදහස්වෙලා ඉන්න ඒ ඩොක්ටර් මරිසිපාල රඹුක්වැල්ල නෙමෙි නෙ. අන්න ඒකයි මම මෙි ප්රශ්නය පස්සේ ඕනෑවට වඩා එලවන්නේ. මොකද අපරාධ රැසක් වෙනඑක මට වලක්වන්න ඕන. මම අතීසාරට අමුඩ ගහන්න දෙන එකෙක් නෙමෙි මිස්ටර් මාවන්. මම ඒ වගේ ලෙඩ වලට බඩට බෙහෙත් දෙන එකෙක්.
ස්නයිපර් ෂෂූට් එකක් වුනත් , ජීව අවියක්
වුනත් මොන උපක්‍රමයක් හරි යොදලා
කරන්නේ අපරාධයක් මිසක් කාටවත්ම සෙතක් නෙමෙි නෙ. ඒ හන්දා ඒක කරන්න කලින් මෑන් ඉන්න තැන අපි හොයාගන්න ඕන.
*එක ඇත්ත ඔෆිසර්. මගෙන් මොනවද කෙරෙන්න ඕන කියලා මම අහන්නෙ නැහැ. මොකද මෙි මගෙ පපාගෙ ජීවිතය අනතුරේ දැමීමක් හන්දා පැට්රික්ව මොන ලෝකෙන් හරි හොයන්න වෙනවා. මම මෙිකට උදව් කරන්නම්. මොනවා වුනත් මට පපාව නැතිකරගන්න නම් බැහැ.
අන්න හරි මිස්ටර් මාවන්. මම ඔය කිව්වෙ අනුමාන සැළසුම් විතරයි මෑන්ගෙ. නමුත් ඊට වඩා වෙනස් දෙයක් කරන්න ඉන්නවද
කියලා කවුද දන්නෙ. ඒක හන්දා දැන් ඉඳලම ක්‍රියාත්මක වෙන්න ඕන. මම සහතික වෙනවා. තමුන්ලට මගෙන් කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ කියලා. හැබැයි මෙික මෙතනින් ඉවර කරන්න ඕන. පැට්රික්
ගැන මම බලාගන්නම්.
**ඒ කියන්නේ අපි උදව් කරන්න ඕන නැද්ද… ?
නෑ උපාලි.. මට ඕන වුනොත් මම කෙටි දැනුම්දීමක් කරන්නම්. මට ඇත්තටම ඕන කරලා තිබ්බෙ මිස්ටර් මාවන් ජීවතුන් අතර ඉන්නවා කියලා සහසුද්දයෙන්ම දැනගන්න විතරයි. ඒ වගේම මොකක්ද එතන, එදා වුනේ කියලා දැනගන්න විතරයි මොකද මෙි මගෙ සේවාකාලයේ අවුරුදු දහඅටටම මම අනුමාන කරපු , නිගමනය කරපු කිසිම දෙයක් බොරුවෙලා නැහැ. අසාර්ථක වෙලත් නැහැ. මිස්ටර් මාවන්.
*ඔෆිසර්…
එතකොට ඊලඟ සැළසුම පැට්රික්ව මරන්න නේද නැත්නම් ඉතින් මෙච්චර කලක් පරිස්සමෙන් තවදුරටත් ඉන්න ඕන නැහැ නෙ. මෙි සේරම දාලා ඈතකට යන්න තිබ්බනෙ.
*ඔව් ඔෆිසර්.. අපි එහෙම සැළසුම් කරේ
පැට්රික් වත් ඉවරයක් කරලා දාන්න තමයි.
මොකද නැත්නම් ඔය බ්ලැක්මේල් කර කර
කැරොලින් අක්නට නිදහසකුත් නෑ. පීටර්
අංකල්ට නිදහසකුත් නැහැ.
පීටර් කිව්වෙ පීටර් තිසේරද … ?
*ඔව් ඔෆිසර්. කැරොලින් අක්කගෙ අප්පච්චි. පව් හරි අහිංසක මිනිහෙක්.
හ්ම්ම්…
එතකොට මොකක්ද ඒ ඝාතන සැළසුම … ?
*පැට්රික් ලංකාව ඇවිත් දවස් පහක් විතර ගියාට පස්සේ මෑන්ට තැන් තැන්වල රෑ පාටි සෙට් වෙනවා. අපේ ප්ලෑන්එක තමයි ඒ පාටියකට ගිහින් ඩ්‍රින්ක්ස් දාන අතරෙ ජීප් එකේ ඉස්සරහා ඓාදවල නට් බුරුල් කරන එක. එතකොට එයා වෙරිමතේ ගෙදර එනකොට මගදි ඔය රෝදය පනිනවා. මෙි පාරවල් බෑවුම් සහිත පාරවල් හන්දා මෑන් ඩවුන් ..
හ්ම්ම්… හොඳ ප්ලෑන් එකක්. කියන්න තත්පර ගාණක් ගියාට ප්‍රායෝගිකව කරන්න එච්චර ලේසි නැහැ. හැබැයි මිස්ටර් මාවන් දැන් ඒක වලංගු නැහැ නේද මොකද මෑන් ලංකාවට ඇවිත් මාස දෙකකට වැඩියි මගෙ ගණනය කිරීම් අනුව. එතකොට මෑන් ලංකාවට එන්න සතියකට කලින්වත් මෑන්ගෙ සැළසුම ක්‍රියාත්මක කරනවා අනිවාර්යයෙන්ම. එතකොට මල ගෙදර එන්නෙ මාස තුනක් කැනඩාවෙ ඉඳලා වගේ කිසිම කෙනෙක් සැක හිතන්නේ නැහැ. ඕන නමි දවසක් දෙකක් තම පියාගෙ වියෝව වෙනුවෙන් අතුරු රඟපෑමක් විදිහට හොටුපෙන්ද පෙරාගෙන අඬයි. එතකොට කොහොමත් කවුරුවත් සැක හිතන්නේ නැහැ. ඒ හන්දා ඔය සැලසුම අවලංගු කරලා වෙන සැළසුම ඉතා ඉක්මනට හදන්න වෙනවා. හරි මම ඒකට සැළසුමක් හදන්නම්. හැබැයි මිස්ටර් මාවන් හිතන්න එපා රජයේ නිලධාරියෙක් තමන්ගෙ නියෝජිතයින් එක්ක තවත් අපරාධයක් කරන්න අනුබල දෙනවා කියලා. මම මෙහෙම දෙයක් කරන්නේ
මෙි වගේ අමනයෝ හිරබත් කවලා ඒ දඬුවම ප්‍රමාණවත් නැති හන්දා මිසක වෙන දෙයක් අරමුණු කරගෙන නෙමෙි කියලා ඔව දෙන්නා තදින්ම මතක තබාගන්න ඕන. මොකද ම මිෂන් එකකට බැස්සොත් කුක්කයි මැක්කයි දෙගොල්ලොම සුද්ධයි. ආයේ පඬිගහක් අස්සේ හැංගිලා ඉන්නවත් එකෙක් ඉතුරු කරන්නේ නැහැ මම. ඒක තමයි මගෙ ක්‍රමය.
හරි… ඔය හැංගිමුත්තන් කලා වගේ දිගටම ඔය විදිහටම කරගෙන යන්න. ඒ වගේම අපි දෙන්නා දැන හඳුනා ගත්තා. මෙි කෙවින් ෆර්නැන්ඩස් කියන්නේ රජයේ රහස් සංවිධානයක නියෝජියෙක් කියලා කැරොලින් මැඩම් දැනගතයුතු නැහැ. ඒ රහස අපි අතර විතරක් තියාගමු. උපාලි.
**සර් මට තේරුනා.
බොහොම හොඳයි..
*ඔව් ඔෆිසර්. අපි ඒගැන සහතික වෙනවා.
හොඳයි… උපාලිව නැවත ගිහින් දාන්න ඕනද … ?
**නෑ සර් මට යන්න පුළුවන්.
හ්ම්ම්… මම එහෙම ඇහැව්වෙ එතනත් පොඩි අවුලක් තියෙන හන්දා. ඒ වගේම මීට පස්සේ මාව දැක්කහම දුවන්න එපා.
**හරි සර්.. අපිත් මෑන් ගැන හොයන්නද. ?
පුළුවන් නම් හොයාගන්න. හැබැයි මීට පස්සේ වැරදි වැඩ කරන්න බැහැ. මෙික මෙතනින් ඉවරයි. දැන් වයිෆ් ගැන, දරුවො ගැන හිතන්න කාලේ හරි. එයාලට ජීවත් වෙන්න තාත්තා කෙනෙක් ඕන බව තදින්ම මතක තියාගන්න.
**හරි සර්. මම පොරොන්දු වෙනවා.
රයිට්.. එතකොට මිස්ටර් මාවන් දිගටම තමන්ගෙ රහස්යබාවය තියාගන්න. මෙන්න මගෙ නම්බර්එක. මොනවා වුනත් මට කතාකරන්න අමතක නොකර. අපි මෙි
ප්රශ්නය ගොඩින් බැරිනම් මඩින් හරි විසඳලා තමයි ආපහු හැරෙන්නේ.
*හරි ඔෆිසර්.. මම හිතුවෙ නැහැ මෙච්චර ඉක්මනට මාව චෙක්වෙයි කියලා. මම හුඟක් පරිස්සමෙන් වැඩකටයුතු කරා.
හ්ම්ම්… මහත්වරුනි අපි යමු එහෙනම්.
ආහ් තව දෙයක්.. මම ඊයේ කැරොලින් මැඩම් එක්ක මහජන පුස්තකාලයට ගියා. ඊට පස්සේ තව තැනකට ගියා. එතනදී කවුරුහරි බයිනෝ එකකින් ඈත ඉඳලා අපි දෙන්නා දිහා බලාගෙන හිටියා කියලා මම දැක්කා. මොකද බයිනෝඑක අව්වට දිලිසෙන්න පටන්ගත්තා. මට දැනගන්න ඕන. එාහම බලාගෙන හිටියේ මිස්ටර් මාවන්ද නැත්නම් මාවන්ගෙ වෙනත්
ඔත්තුකරුවෙක් ද … ?
*නෑ ඔෆිසර්. මට ඉන්නෙ උපාලි විතරයි.
මමවත් උපාලිවත් එහෙම දෙයක් කරේ නැහැ.
හ්ම්ම්… පපැහැදිලියි. එහෙනම් පැට්රික් වෙන්න ඕන. මෑන් අනිවාර්යයෙන්ම හිතන්න ඇති මම කැරොලින් මැඩම් එක්ක රූම් ගිහින් එයාලා මැඩම්ට කරපු දේවල් මමත් කරනවා ඇති කියලා.
*ඒ කියන්නේ මට පණිවිඩයක් එවලා තිබ්බා අක්කා මෙි හැමදේම කියනවා කියලා. එහෙනම් කල් ගතනරන්නේ නැතුව ඔෆිසර්ට කියලා හැමදේම..
ඔව් මිස්ටර් මාවන්. හැබැයි ඔයාගැන වචනයක් වත් මට හෙලිකරේ නැහැ. තව කියන්න දේවල් ටිකක් තියනවා ඒවා ටිකක් පරක්කුවෙලා කියන්නම් කිව්වා.
*ඕහ්හ් එහෙමද … ?
ඔව් … මිස්ටර් රිචඩ්ව නැති කරලා දාලා අනිවාර්යයෙන්ම කැරොලින් මැඩම්වත්
නිහඬ කරන්න වෙනවා. නැත්නම් පැට්රික්ට
ලොකු ප්‍රශ්න ගොඩකට පසුව මුහුණ දෙන්න වෙනවා කියලා තමයි මටනම් හිතෙන්නෙ.
*මයිගෝඩ් ඔෆිසර්… මෙිකට ඉක්මනට
මොනවාහරි කරන්නම වෙනවා.
කලබල වෙන්න දෙයක් නැහැ. මම මෙිකෙ ඉන්නකම් මැඩම්ට ඒ මොකුත් වෙන්න දෙන්නෙ නැහැ. සේරටම කලින් අපි ඔය බ්ලැක්මේල් කරන වීඩියෝස් ටික සැණෙන් නැතිකරලා දාන්න ඕන වගේම, මෑන් සතුව තියෙන ඊමෙිල් ටිකත් ඉක්මනට හැක් කරලා බලන්න වෙනවා තව කොපි තමන් සතුව තියාගෙන ඉන්නවද කියලා. හරි… මම සැළසුම් කරන්නේ සාමාන්‍ය තොරතුරු මත නෙමෙි. හරි.. මෙි දවස්ටික මම හුඟක් බිසී වෙන හැඩයක් තියෙන්නෙ. කාලය නාස්ති කරලා බැහැ. අපි ගිහින් එන්නම්.
නැවත හමුවෙමු. මහත්වරුනි.. අපි යමු.
*ඔෆිසර් …
ඔව් මිස්ටර් මාවන් ( ආපසු හැරී )
*බොහොම ස්තූතියි හැමදේකටම.
හ්ම්ම්… ඒක සුළු දෙයක්. කොහොම වුනත් ඔය පැච්වේරා කතාව මම හුඟාක් කලින් කියවපු නව කතාවක්. ඒක නියම පරිවර්තක කතාවක්. මාවන් මදක් සිනාසුනි.
හ්ම්ම්… යමු යමු …
නැවත හමුවෙමු …….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023