මළකඩ මල.....

පලවෙනි කොටස...❤️‍🔥❤️‍🔥

*සර් මගෙ ඩෙස් එක තෙමෙනව...

තොරතෝංචියක් නැතිව උලුවහලෙට වැටෙන වැහි බින්දුත් හරියටම ඉවසීමෙන් ඇහුම් කන් දෙන කෙනෙක්ට සියුම් ධ්‍යානයක් වගේ ඇතුල් හිතේ නිහඩ බවක් ඇති කර ගන්න බැරි කමක් නෑ.

ඒ වැහි බින්දු සද්දෙට ලමයි තුන් හාරසීයක සද්දෙත් එකතු වෙන්ව් කියන්නෙ හිසරදයක්.. හැබැයි මම හිතන්නෙ හිත හදා ගත්ත දක්ශ කෙනෙක්ට පුලුවන් මේ කලබල අස්සෙ උනත් සියුම් අරමුනක හිත තියා ගන්න...

* සර් මගෙ ඩෙස් එක තෙමෙනවනේ...

දෙවනි වතාවටත් පන්ති කාමරයෙන් ආපු සියුම් දුක් ගැනවිල්ල දිහා මම බල බල හිටපු පොතෙන් ඔලුව මෑත් කරල බැලුව.. මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හිතා ගන්න අමාරු සංකීර්ණ කාරනා ගැන ලියවෙච්ච පොතෙන් ඇස් ගන්නව කියන්නෙම ටිකක් අමාරු කාරනාවක්.

මහ වැස්සට පන්තිකාමරේ තැනින් තැන තෙමෙන එක ඒ හැටි අරුමයක් නොවුනත් මේ පාර වතුර වැටෙන්නෙ දුවෙක්ගෙ මේසයක් උඩට කෙල්ල බෑග් එකත් අරන් නැගිටල මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නව මගෙ දිහා...

සුදු කලිසම් ඇන්ද අලුත කොල්ලන්ගෙ තාමත් නොගිය මොකද්දෝ දගකාර කමකට කොල බෝලයක් අසරණ කෙල්ලගෙ ඔලුවට වැදුන.. නොකිව්වට කෙල්ලත් ඒකට කැමතියි හිනාවත් රැවිල්ලත් අතර බැල්මක් කෙල්ල කොල්ලො ඉන්න පැත්තට දැම්ම..

+ විරාජි එන්න මේ ඩෙස්ක් එකට..

මම මගෙ ඉස්සරහ තිබ්බ හිස් ඩෙස්ක් එකට අත දික් කලා.

- හා සර්..

කෙල්ලට කියා ගන්න බැරි චාන්ස් එකක් හම්බුනා වගේ පෙනුමක් ආවෙ.

# ආ... ආ.... ඔන්න එක්කෙනෙක්ට ශාන් ගාවට යන්න චාම්ස් එකක් හම්බෙලා...

පන්තියෙ තිබ්බ කසුකුසුව කඩාගෙන පස්ස පේලියෙ එකෙක් කෙලින්ම කියල දැම්ම. විරාජි ශාන් ආදර කතාව ගුරු මන්ඩලයෙ කනට වැටිල ගොඩාක් දවස් උනත් දෙන්නම සෑහෙන මට්ටමේ ඉගෙනිමේ වගේම බාහිර වැඩ වල විශේශයෙන් කැපී පේන දෙන්නෙක් නිසා වගේම කිසිම දෙයක් ගුරුවටුන්ට හොයා ගන්න බැරි උන නිසා ඇත්තටම ඒ කතාව ප්‍රසිද්ධ රහසක් ගානට වැටිලයි තිබ්බෙ...

මේක කතාව ඉස්සරහට යන්න දුන්නොත් ආයෙ උගන්නන්න නෙවේ වෙන්නෙ.මම වේ වැල අතට අරන් පුටුව පස්සට දාල නැගිට්ට..

+ උඹලගෙන් කොයි එකාද ඒ කපුව..

පන්තිය හ්ම් සද්දයක් නැතිව නිහඩ උනෙ තත්පරේට. මොකද මම දෙපාරක් කියන කෙනෙක් නෙවෙයි කියල පන්තියෙ ළමයි හොදටම දන්නව

+ ආයෙ මට සද්ද බද්ද ඇහෙන්න බෑ දීපු ප්‍රශ්න පත්තරේ ඉවර වෙන්න ඕන.. ඔතනින් සමහර ඒව මම දානව ටර්ම් ටෙස්‍ට් එකට.. ලකුනු අඩු වෙන්න බෑ එක්කෙනෙක්ගෙවත්.. තම තමන් දැන් ඉලක්කයක් තියා ගන්න ඕන.. තමන්ගෙ ගමේ ඉස්කෝලෙ අවුරුදු ගානක් තමන් හැදුනු වැඩුනු ඉස්කෝලෙට නම්බුවක් දෙන තරමේ රිසාල්ට් එකක් දාන්න තමුන්ල අද පටන් ගත්තත් ලබන අවුරුද්දෙ අග වෙද්දි හොද සාමාර්ථයකට යන්න පුලුවන්... තේරුනාද


* සර්...

කතාව මැදින් ඇඩ් එක දාපු කෙල්ල දිහාවට මම හැරුන

+ ඔව් පියුමි මොකද.?

* සර්ගෙ ටියුශන් එකට..මම

+ නෑ නෑ මගෙ ටියුශන් ක්ලාස් එකට කවුරුවත් එන්න ඕන නෑ.. මම ඒ වෙනුවට ඔයාලට තව මාසෙකින් නොමිලේ ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ සතියට දවසක් උගන්නනව... තේරුනාද?

මම ඇත්තටම විද්‍යාව ටියුශන් කලේ සල්ලි හොයන්නම නෙවේ. රස්සාව කලත් මට ඒකෙ පඩිය ගැනවත් හාංකවිසියක් ගානක් උනෙ නැති තරම්. මොකද මම කසාද බැදල හිටියෙ කෙල්ලෙක්ව නෙවේ.. සල්ලි එහෙම පිටින්ම සල්ලි.. මිනිහෙක්ට ජීවිතේ හරවන්න බැරි වැරදි.. ඔව් මම ඒකට හොද ලස්සන උදාහරණයක්.

+ හරි මගෙ මූනෙ මැජික් නෑ කට්ටිය ටක් ගාල ඕක ලියල මගෙ මේසෙ උඩින් තියන්න ඕන කොල ටික

මම අත්දෙක පිටිපස්සට බැදන් පන්තියෙ වටයක් ගියා. මම දන්නව කට්ටිය බෙදාගෙන උත්තර ලියන්නෙ කියල විබාගෙ දවසට අච්චර ඩෙස්ක් ඈත් කරලත් මේ පෝරිසාදයො ටික කොප්පෙ ගහනව නම් අද ඉතින් කරනම් උනත් ගහන්න පුලුවන්.. ඒත් මට තිබ්බෙ එකම අරමුනයි. මගෙ විශයට ඉන්න දරුවන්ට උපරිම ලකුනකට තල්ලු කරල දාන එක.

මම තවත් වටයක් ඇවිදලා මේසෙ ගාවින් නතර උනෙ මම කරම බොරුවෙන් මමම හෙම්බත් උන නිසා. මම පුටුව පස්සට ඇදල වාඩි වෙනව එක්කම පන්තියෙ කෙලවරින් මතු උනෙ කාර්‍යාලෙ වැඩ කරන මේනකා.. මේනකාගෙ මුනෙ තිබ්බ හිනාවෙන් නිවුස් එක එච්චරම වරදක් නෑ වගේ...

* සම්පත් සර්...

+ එන්න මේනකා ඇතුලට.. මොකෝ රෝමෙවත් ගිනි අරන්ද මේ දුවගෙන ආවේ...

කෙල්ලගෙ මූනෙ හිනාව එන්න එන්නම වැඩි වෙනව

* රෝමෙට නම් මොනා වෙලාද කියල මම දන්නෙ නෑ සර්...

+ ප්‍රින්සිපල් මැඩම් එන්න කිව්වද..

* නෑ සර්

+ එහෙනම් මොකද්ද.?

* සර්ව හම්බෙන්න ලස්සනම ලස්සන නෝන කෙනෙක් ඇවිල්ල..

මම පට ගාල සාක්කුවෙ දාන් හිටපු ෆෝන් එක අතට ගත්ත. වැරදිලාවත් ආවෙ නුවන්ගිද... නුවන්ගි කියන්නෙ මගෙ වයිෆ්. ඒත් නුවන්ගි සාමාන්‍යයෙන් ජීවිතේට මම වැඩ කරන තැනට එන්නෙ නෑ කියල මම දන්නව.

එයා රජයේ ඉස්කෝල දැක්කෙ කුනු ගොඩවල් වගේ. වෙනසක් නෑ එයාට මාවත් පෙනුනෙ ඊට සමාන විදියකට.ගෑනුනෙ.. අපි මොකටද කම්පා වෙන්නෙ කියන සිතුවිල්ලෙන් ජීවිතේ ගත කරම එක කම්පා වෙනවට රන්ඩු වෙනවට වඩා සෑහෙන හොද බව තේරිලා සැලකිය යුතු තරම් කාලයක්..

ඒත් ෆෝන් එකේ මිස්කෝල් වත් මැසේජ් වත් තිබ්බෙ නෑ..

+ කවුරු කියලද කිව්වෙ...

* එහෙම කිව්වෙ නෑ සර් එයා කිව්වෙ සර්ව හම්බෙන්න ඔන කියල විතරයි..

මම පන්තිය දිහා බැලුවෙ කර කියා ගන්න දෙයක් නැතිව. මේ සෙට් එක දාල ගියොත් මට එක පේපර් එකකට ලකුනු දුන්නම ඇති අනිත් ඒව නොබලම දුන්නැකි...

+හදිසියක් කිව්වද මේනකා..

* එහෙමනම් කිව්වෙ නෑ සර්... සර්ව හම්බෙන්න ඕන කිව්ව කතා කරන්න..

+ පන්තිය බලාගන්න කෙනෙක් නෑ මේනකා. ඔයා කියන්න මම එනකම් ඉන්න කියල. මම මේ පීරියඩ් එක ඉවර වෙලා එන්නම් කියන්න තව පැය බාගෙනෙ තියෙන්නෙ..

මේනකා දෙපැත්තට ඔලුව වනල පන්ති කාමරෙන් එලියට ගියා..

+ දැන් පේපර් එක තියෙන්නෙ පන්තියෙන් එලියෙද... ලියපල්ලා... ලකුනු අඩු උනොත් මම බලා ගන්නම් මෙච්චර උගන්නලත් බැරිද කියල

ඩෙස් එකෙන් ඉස්සිල තිබ්බ ඔලු ගෙඩි ඔක්කෝම ආයෙම ඩෙස් වලට බර උනා.

ඇත්තටම කවුද මාව බලන්න ආපු ලස්සන නෝන... මං මඩේ හිටෝපු ඉන්න වගේ ඒ මේ අත හිතුවත් මොලේට ලොක් එකක් දාල යතුර මුහුදට විසි කරල වගේ කිසිම උත්තරයක් නැති තරම්

මම ආයෙත් ඔරලෝසුව දිහා බැලුව විනාඩි කට්ට හදල තියෙන්නෙ ඉබ්බෙක්ද කොහෙද විනාඩියයි ගිහින් තියෙන්නෙ.. මම ආයෙම පොත අතට ගත්ත... අකුරු එහෙ මෙහෙ යනවද මංද කුතුහලේටම... ඇත්තටම මට මගෙ හිත තේරුම් ගන්න බැරි හැටියක්. කවුද මේ වෙලාවෙ ආවෙ කෙනා කියලයි හිතට අවුල..

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

පීරියඩ් එක ඉවර වෙලා පේපර් ටික එකතු කරන් අතේ තිබ්බ cr පොතට දාන් මම අඩියට දෙකට ප්‍රින්සිපල් මැඩම්ගෙ කාමරේට ඇවිදගෙන ආවෙ මාව බලන්න ආපු කෙනා කවුද බලන්න උනත් ඔෆිස් එකේ හිටියෙ මේනකා විතරයි...

* ආ... සම්පත් සර් ... ලස්සන මිස් කෙනක් ආව කිව්ව ගමන් දුවගෙන ආවෙ නේ...

මේකි පටන් ගන්නෙම නෝන්ඩියකින්නෙ..

+ පිස්සුද මේනකා එහෙනම් මම ඒ වෙලාවෙනෙ එන්න ඕන

* ඇත්ත හැබැයි ඒ අතින් බැලුවම.

මේනකා ඔලුව වනනව ෆයිල් එක අතේ තියන්. අම්මප මේකි කියන්නෙ නෑනෙ ආපු කෙනා කොහෙද කියල. ලැජ්ජාව බිල්ලට තියල ඇනයක් ගහන් හරි අහන්න වෙනව ඉතින් වෙලාවෙ හැටියට..

+ කෝ මේනකා ප්‍රින්සිපල් මැඩම්...

* අනේ මේ සම්පත් සර්.. කෙලින්ම අහන්නකො අර ආපු සුදු මිස් කෝ කියල...

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...🙁

+ හරි.. හරී.. ඉතින් දැන් කෝ ඒ ආපු මිස්...

* ඒ මිස්... මම සම්පත් සර් පීරියඩ් එක ඉවර වෙලා එයි එන්න කිව්වම. විනාඩි දහයක් වගේ ඉදල යන්න ගියා..

+ මොනවත් කිව්වෙ නැද්ද ඒ කෙනා.. මොන වගේද ඇත්තටම...

කෙල්ල බැලුවෙ මූන ඇද කරල. මේ කෝලම් ප්‍රින්සිපල් මැඩම් දැක්ක නම් මට වෙනම විනය පරීක්ෂණයක් කරනව

*හරි සුදු ලස්සන මිස් කෙනෙක් සර්. සර්ගෙ ටියුශන් ක්ලාස් එකට තියෙන තැනට එන්නම් කියලයි ගියෙ...

+ මගෙ ක්ලාස් එකට... මං දන්න කෙනෙක්ද...?

* අයි අයියෝ සම්පත් සර් මම ඒක නම් දන්නෙ නෑ ඔන්න... ආ... ඒ මිස්ගෙ ලේන්සුව නම් වැටිල තිබ්බ පුටුව යට.. මම උඩින් අරන් තිබ්බ...

මම විමසිල්ලෙන් බැලුවෙ පුටුව දිහා.. ඇත්තටම එතන ලේන්සුවක් ඒක නුවන්ගි පාවිච්චි කරන ජාතියෙ එකක් නෙවෙයි. මම ලේන්සුව අරන් පොත ඇතුලෙන් දා ගත්ත... හරියට ඉස්සරම ඉස්කෝලෙ කාලෙ පොඩි කොල්ලෙක් වගේ.. ඒත් ඔයා කවුද... ඒක තමයි දැවෙන පස්නෙ...

දෙවනි කොටසට...❤️‍🔥❤️‍🔥


අසුර ගෙන්...😈😈


Episode Name :
1 [23 Oct 2023]

Read Episode


Story :
මළකඩ මල


Date :
2022/january

Description : විවාහයක් වැරදුනු ගුරුවරයෙක්

Date Added : 23 Oct 2023

Read Story Now


Story :
විලංගු


Date :
2023

Description : සාහසික ලෙස මරාදැමුනු තරුණයෙකුගේ නැවත පැමිනීම

Date Added : 10 Oct 2023

Read Story Now