නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 40
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
40 වන දිගහැරුම
( ඩීමන් පැස්කුවල් )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
රාත්‍රි හත පමණ වනවිට මට ගම්පහ සේෆ්හවුස් එකට ඒමට හැකිවිය. රාත්‍රි ආහාරයෙන් පසු සිත මදකට සැහැල්ලු
කරගත් මා තදින්ම නිදාගත්තෙමි.
මෙතැන්සිට ….
පසුදින …..
උදෙන්ම ගම්පහ නගරයේ විවිධ තැන්වල
පයින්ම ඇවිද ගියේ ඉදිරි සැළසුම් පිලිබඳව කල්පනා කිරීමට අවැසි දල අදහසක් බාහිර පරිසරයෙන් ලබාගත හැකිද යන්න සොයා බැලීමටය. එය තරමක් දුරට මහෝපකාරී විය. නැවත සේෆ්හවුස් වෙත එන ගමනේදී දෙදෙනෙකු මාවත අයිනේ සේෆ්හවුස් එක දෙස බලමින් පසුවෙති. මා ඔවුන් නොදැක්කා සේ ගේතුලට ගියෙමි. නමුත් ඔවුන් ආ යතුරුපැදියේ අංක තහඩුව මතක තබා ගත්තෙමි. ක්ෂණිකව අප ගම්පහ නියෝජිතයින් දෙදෙනාට කතාකර
ඔවුන් කවුරුන්ද යන්න වහාම සොයාබලා
තොරතුරු සපයන ලෙස උපදෙස් දුන්නෙමි.
මිනිත්තු දහයකට පසු නියෝජිතයින් දෙදෙනා මාහට දැනුම්දුන්නේ ඔවුන් ගම්පහ රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බවය. හ්ම්ම්… එහෙනම් ඉන්ස්පෙක්ටර් මනීෂ කොඩිකාර පොලීස් නිලධාරීන් දෙන්නෙක් එව්වා. මම කවුද , ඉන්න තැන බලාගන්න. හොඳයි.. තවමත් යන්නේ වැරදි මාවතේමයි. කවද්ද මෙි මිනිස්සු හොරු , අපරාධකරුවන් හොයාගන්නෙ. හ්ම්ම්… ඒකෙන් වැඩක් නැහැ. කියමින් මා දුරකථන ඇමතුමක් ගත්තෙ සහයක පරීක්ෂක කසුන් වෙතය.
දු.ක - සර් කොහොමද ගිය වැඩෙි.
පී වන් වැඩෙි සාර්ථකයි.
දු.ක - මොනවා… පී වන් සාර්ථකයි..
ඔව් කසුන්. අපි පැට්‍රික්ගෙ සියළුම බ්ලැක්මේල් වීඩියෝ ටික ඇල්ලුවා. ඒ වීඩියෝ ටික මකලා දැම්මා. සමහර එව්වා මකලා දාන්න බැරි හන්දා ඒවගෙ පික්සල් විනාශ කරා. එතකොට ඒවගෙන් ආයේ වැඩක් ගන්න බැහැ නෙ.
දු.ක - ඒක නියම වැඩක්..
ඔව් කසුන්. ප්‍රොන්ටෝ සහතික වුනා මට ඒ ගැන. එතකොට පී ටූ සැළසුම ක්‍රියාත්මක කරන්න ඕන ඒකට මම ගිහින් ඩොක්ටර් මහේෂ් හමුවුනා. එහෙනම් අනිද්දා උදෙන්ම මිස්ටර් රිචඩ්ව දාගෙන එන්න. මම උදෙන්ම ඒ පැත්තෙ ගැවසෙනවා. මම දන්න විදිහට කවදාවත් පැට්රික් මෙතනට එන්නෙ නැහැ.
එන්නෙ ගෝලයෙක් ඔය ඉන්ජෙක්ෂන් එක
අරගෙන. අනික ඒ ගෝලයා අවුරුදු ගාණක් තිස්සේ පැට්රික් එක්ක ගණුදෙනු කරපු එකෙක් වෙන්න ඕන. එහෙම නැතුව මෙි වගේ බැරෑරුම් රාජකාරියක් මෑන් කවදාවත් බාරදෙන්න හිතන්නේ නැහැ. කොහොම වුනත් මට ඌව අල්ලගන්න ඕන. මොකද මට තියනවා මිනිහගෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්න.
දු.ක - සර් ඌව මිසින් කරන්න ද සූදානම.
ඔව් කසුන්. මොකා වුනත් මෙි මෑන්
අල්ලගන්නම වෙනවා.
දු.ක - හොඳයි සර්… සර් මෑන්ව අල්ලගන්න. මම රිචඩ්ව බලාගන්නම්.
හරි… එතකොට ඔයා අනිද්ද උදෙන්ම මගදි අනිවාර්යයෙන්ම වෙපන් එකක් අරගෙන යන්න ඕන. නියෝජිත ජනිත්ට කෝල් එකක් දීලා මගට ගෙන්න ගන්න. මගට ආවට පස්සේ මෙයාලට නොදැනෙන්නට ඒක අරගන්න. වැඩෙි ඉවරවෙලා යන ගමනෙදි නියෝජිත ජනිත්ට නැවත දෙන්න බලන්න. ඒ හුවමාරුව පුළුවන් තරම් රහසිගතව කරන්න බලන්න. මිස්ටර් රිචඩ්ට හෝ වාහනේ එන වෙන කාටවත්ම සැක නොහිතෙන විදිහට. මම එතනට එනවා ඇටෙන්ඩන්ට් කෙනෙක් විදිහට.
අපේ වාහනයක් රෝහල් පාර්ක් එකේ තියලා තියනවා නියෝජිත බී200 එක්ක. මම මිනිහව සිහිනැති කරනවා. ඊට පස්සේ අපි අරගෙන යනවා. ඔයා ඔයාගෙ වැඩෙි කරගෙන යන්න. එච්චරයි.
*හොඳයි සර්…
ඊලඟ කාරණය තමයි ඊයේ පොලීසියෙන් ආවද අපෙ පැත්තෙ.. ?
දු.ක - ඔව් සර්…
හ්ම්ම්… ගම්පහ පොලීසියෙන් දෙන්නෙක්
ඇවිත් සේෆ්හවුස් එක දිහා බලාගෙන හිටියා. මම හිතන්නේ ඉන්ස්පෙක්ටර් මනීෂ බලවන්න ඇති මම ඇත්තමද කියන්නේ කියලා. ඇත්තටම මට එහෙම ගෙදරක් තියනවද කියලා හොයලා බලන්න මෙි දෙන්නා එවන්න ඇති.
දු.ක - පිස්සු නැත්නම් ෂෝක්.
ඒකට කමක් නැහැ. දැන් එයාට සනාථ වෙලා ඇතිනෙ මම කෙවින් , මම ඉන්නෙ ගම්පහ කියලා. කමක් නැහැ යාළුවා.. දැනට එච්චරයි. මම තිබ්බා.
දු.ක - හරි සර්..
දින දෙකකට පසු….
උදෙන්ම අවදිවූ මා මහරගම රෝහල වෙත
ගියෙමි. රෝහල් සේවකයෙකු ලෙස වෙස් වලාගත් මා එහි කලින්ම නැවතී සිටියද, වෙනත් අයවළුන්ගේ කලබලකාරි රටාව හේතුවෙන් මාගැන අවධානයක් ඔවුන් තුල නොතීබීම හේතුවෙන් මා හට නිරවුල්ව සිටීමට හැකිවිය. රෝහල් පොලීසිය සමඟ ප්‍රශ්නයක් ඇති නොවීමට මා නිතරම වගබලා ගතයුතුයි. උදෑසන හතයි තිහට පමණ හෙන්ද්‍රික් වලව්වෙන් පැමිණි වෑන්රිය රථගාලේ ගාල්කර පසු එහි රෝද පුටුවට නැගී රිචඩ් හාමු ඈත සිට මා එනු දුටුවෙමි. සහයට වම් පසින් කසුන් හා දකුණු පසින් මෙහෙකාර ජෝෂප් ද සිටියහ. හෝරාවකට පසු රිචඩ් හාමු සායනය තුලට
යනවාත් සමග ඔහු සමඟ මාද ඇතුලට ගියෙමි. “කසුන් මහත්තයා කොහොමද” යනුවෙන් මා සහයකයාට හෙමිහිට කොඳුරා පැවසුවෙමි. මද වෙලාවකට පසු බාහිර පෙනුමෙන් රෝහල් සේවකයෙකු යැයි කිවහැකි තවත් පුද්ගලයෙක් කඩිනමින් බෙහෙත් ද්‍රව්‍ය කීපයක් රැගෙන සායනය තුලට එන ලදි. ඔහු මුඛවාඩමක් දමාගෙන සිටි අතර ඔහු කුඩා අයිස් බඳුනක දමා තිබුන කුඩා එන්නත් කුප්පි කීපයක් මෙිසය මත තැබීය. හෙතෙම වෛද්‍ය මහේෂ් විසින් හෙදියන් දෙදෙනාම සායන කාමරයෙන් ඉවත යනලෙස පැවසූ පසු ඔවුන් දෙදෙනා ඉවතට යන ලදි.
*රයිට් මිස්ටර් රිචඩ්.. අපි අදත් පොඩි ඉන්ජෙක්ෂන් එකක් විදිමු නේද … ?
දැන් හුඟක් දුරට අඩුයි නෙ. කියමින් වෛද
මහේෂ් තම මෙිසය මත කබන ලද වෙනත්
වීදුරු භාජනයකට ඔබා තිබූ එන්නත් කුප්පිය අතට ගන්නා විට , බාහිරෙන් ආ පුද්ගලයා “සර් මෙික විදිමු. මෙි තියෙන්නෙත් ඒකම තමයි” යනුවෙන් මුමුණන්නට විය. මා එකවරම ක්‍රියාත්මක වී ඔහුව දැඩිසේ අල්ලාගෙන ක්ලෝරෆෝම් සහිත ලේන්සුව නහයට තබා තදින්ම තදකෙරුවෙමි. රිචඩ් හාමු මෙි කිසිවක් නොදකින්නට හේතූවූයේ මා තාවකාලිකව දමා ඇති දොර රෙද්දෙන් එහාට ඔහුව ඇදගෙන යාම හේතුවෙනි. තත්පර තිහක් පමණ ආයාසයෙන් වෙරදැරු නන්නාඳුනන ප්‍රතිවාදියා නිසොල්මන් වන්නට විය. මා ඔහුව එලියට රැගෙන ආවෙ “කලන්තයක් කලන්තයක්” යනුවෙන් කෑගසමින්ය. ඒ වසන වලට සවන්දුන් අහල පහල උදවිය මාර්ගය ඉඩදුන්හ. මා ඉඳුරාම ඔහුව රැගෙන අප වාහනයට දමාගත්තෙමි. වෑන්රිය ප්‍රධාන පිවිසුමෙන් එලියට ධාවනය කර ප්‍රතිවාදියාව රැගෙන ගියේ පාළු ගොඩනැගිල්ලක් වෙතය.
වතුර ස්වල්පයක් ඉසීමෙන් පසු ඔහුට සිහිය ආවත් , නැවත ප්‍රකෘති තත්වයට ගැනීමට කම්මුලට අත්ලෙන් තට්ටු කීපයක් දැමීමට සිදුවිය.
*ත ත තමුසෙලා කවුද … ?
අපි කවුද කියනඑක එච්චර වැදගත් නැහැ.
අපි බලමු තමුසෙ කවුද කියලා. නිශාන්ත මහත්තයා දෙන්න බලන්න මුගෙ අයිඩී එක.
**මෙන්න සර්.
හ්ම්ම්… ඩීමන් පැස්කුවල්. නියම ඩීසන් නමක් නෙ ඒක. ඩීමන් ඒ කියන්නේ භීතිය. හොඳයි .. මම කලින් කිව්වා වගෙ අපි කවුද කියනඑක තමුසෙට වැදගත් නැහැ. හැබැයි තමුසෙ කවුද .. ? කාටද වැඩ කරන්නේ .. ? කාගෙ වුවමනාවටද වැඩ කරන්නේ කියලා අපිට දැනගන්න ඕන. අපි මෙි අහන හැම ප්‍රශ්නයකටම හරි උත්තරය දුන්නා කියන්නේ තමුසෙට ගැලවුමක් තියනවා. එහෙම නැත්නම් තමුසෙ අද ඉවරයි. දැන් තමුසෙම තීරණය කරනවා කෝකද හොඳ කියලා.
*මගෙන් තමුසෙලාට කිසිම දෙයක් එලියට ගන්න බැහැ.
හ්ම්ම්… ඒකත් එහෙමද. මෙි තියෙන්නෙ
මී.මී නමය වර්ගයේ පිස්තෝලයක්. මෙික නිශ්පාදනය කරලා තියෙන්නෙ ඉන්දියාවෙ
“ඉෂාෆෝර්” කියන ෆැක්ටරියේ. එතකොට මෙික ප්රතිඵලදායි දුර මීටර් සීයයක් විතර. තව මෙික අර්ධ ස්වංක්‍රීය අවි ගනයට තමයි අයිති වෙන්නේ. එතකොට මෙිකෙන් මිලි තත්පරයට අඩි 1350ක වේගයෙන් උණ්ඩය පිටවෙනවා. එතකොට මෙන්න මෙි මැගසින් එකේ පතුරොම් 13ක් තියනවා. ඒක මෙන්න මෙහෙම මෙිකට යටින් ඔබපුවාම මෙි ලොකින් පන්චර් එකෙන් ලොක්වෙලා තියනවා. ඊට පස්සේ මෙි පැත්තෙ තියෙන සේෆ්ටි ලිවර් එක පහලට දාලා , මෙිකට කියන්නේ හැමර් ලිවර් එක කියලා. සේෆ්ටි ලිවර් කියලත් කියනවා. ඒක මෙහෙම පහලට දාලා මෙි කොටසට කියන්නේ ස්ලයිඩරය කියලා.
ඒක අපි පස්සට ඇදලා අතාරින්න ඕන. හ්ම්ම්… දැන් මේක උණ්ඩයක් මුදාහරින්න සූදානම්. හැබැයි සද්දෙ ඇහෙන හන්දා අපි මෙිකට මේ විදිහට පොට තියෙන සයිලන්සරයක් හයිකරනවා. ඔන්න මම ඒක හයිකරා. දැන් හරි… මෙිකෙ තියෙන පතුරොම් සේරම පිටකරත් කාටවත්ම ඇහෙන්නෙ නැහැ. හැබැයි රජෝ වැදගත්ම දේ ඒක නෙමෙි. සාමාන්‍යයෙන් ලංකාවෙ රාජ්‍ය හමුදාවට හෝ කිසිම සන්නද්ධ අංශයකට ඉන්දියන් ආයුධ ගේන්නේ නැහැ.
එහෙම නේද නිශාන්ත මහත්තයා ..
**ඔව් සර්…
ඒකනෙ ඉතින් .. ඒ කියන්නේ මෙිකෙන් මිනිහෙක් මැරුවට ඒකෙන් රස පරීක්ෂකට ඔප්පු කරන්න බැහැ මෙික අපි කරා කියලා.
එකෙන්ම පාතාල කල්ලියක් කරා කියලා තමයි නිගමනය කරන්නෙ. ඉතින් මම දැන් මෙහෙම තමුසෙගෙ නළලට බැරල්එක තියලා මෙහෙම ට්රිගර්එක ඔබනවා “කචස්. කචස්.. කචස්” නැගෙන ශබ්දයෙන් ප්රතිවාදියගේ ඇස්දෙක බියෙන් සලිතව ඉබේටම පියවන්නට විය.
හානේ කෝ මෙිකෙ ඇමෝ ( පතුරොම් ) මෙිකට එකක් වත් දාලා නැද්ද .. ? හරි හරි අපි දැන් ඇමෝ ලෝඩ් කරපු මැගසින් එකක් දාමු. රයිට්.. ඔන්න රෙඩි කරා.. එකයි දෙකයි. තු…
*කියන්නම් සර්… කියන්නම්.
හ්ම්ම්… තමුසෙට තේරෙනවද ජීවිතයක් මරණයට පෙරලන්න උණ්ඩයකට තත්පරයකට වඩා අඩු කාලයක් ගතවෙන්නේ කියලා. එහෙම නම් මගෙන් මැරුම් නොකා උඹ දන්න සේරම වමාරපං මගෙ යකා අවුස්ස ගන්නේ නැතුව. තමුසෙට කවුද කිව්වෙ ඔය එන්නත් කුප්පිය එතනින් තියන්න කියලා… ?
*පැට්රික් සර් තමයි කිව්වෙ..
හ්ම්ම්… පැට්රික් කොච්චර කාලයක් ඉඳලා අඳුරනවද … ?
*අවුරුදු හතරක් තිස්සේ දන්නවා සර්…
අවුරුදු හතරක්. ඒක සෑහෙන කාලයක් නෙ අයිසෙ. තමුසෙ මොනවද කරේ මෙච්චර කාලයක් මෑන් එක්ක… ?
*පැට්රික් සර් කියපු හැම වැඩක්ම කරා. මට
හොඳට එව්වට ගෙව්වා.
ඒ කියන්නේ ෂෙල්ටන් මැරුවෙත් තමුසෙ
එහෙමද.. ?
*නෑ සර්… මම ෂෙල්ටන් සර්ව මැරුවෙ නෑ.
හැබැයි ඒ වෙලාවෙ මම ලඟ හිටියා.
කවුද පැට්රික් ලඟද… ?
*ඔව් සර්.
හ්ම්ම්… මොකක්ද එදා වුනේ .. ?
*එදා ෆාම්හවුස් එකේ සර්ලා තුන්දෙනා හොඳටම බිව්වා.
ෆාම්හවුස් … ? ඒක කොහෙද තියෙන්නෙ..?
*ෆාම්හවුස් එක තියෙන්නෙ කොත්මලේ සර්. ඒක අක්කරයක් විතර ඉඩමක්. පැට්රික් සර් , නොයෙල් සර් වගේම ෂෙල්ටන් සර්. ඔය තුන්දෙනා ඩ්‍රින්ක් ගන්නයි. ලස්සන ගෑනු ළමයි අරගෙන ඇවිත් ආතල් ගන්නේ එතන තමයි.
ඒ කියන්නේ අදටත් ඒ තැන මෙයලගෙද ..?
*ඔව් සර්…
එතකොට මිස්ටර් රිචඩ් දන්නෙ නැද්ද ඔය ෆාම්හවුස් ගැන.
*නෑ සර්…
හ්ම්ම්… කොත්මලේ කොතනද ඕක තියෙන්නෙ… ?
*මරියානා වත්ත කියලා තියනවා. ඊට එහා පැත්තෙ ඉඩම තමයි.
ඒකත් එහෙමද… ? හොඳයි.. සිද්ධිය කියමු බලන්න.
එදා ෂෙල්ටන් සර්ටයි , නොයෙල් සර්ටයි හොඳට වැදිලා හිටියෙ ඩ්‍රින්ක් එක දාලා. පැට්රික් සර් බිවිවට , සර්ට එච්චර අවුලක් නැහැ. ඊට පස්සේ දේපල ගැන ප්‍රශ්නයක් ඇතිවුනා. පස්සේ ඒක දුරදිග ගිහින් බහින් බස්වෙලා පැට්රික් සරුයි , ෂෙල්ටන් සරුයි ගහගත්තා. හොඳ පාරවල් දෙකක් පැට්රික් සර්ට වැදුනට පස්සේ , සර් ෂෙල්ටන් සර්ගෙ පපුවට පයින් ගැහැව්වා. ඒ පාරෙන් ෂෙල්ටන් සර් පස්සට විසිවෙලා ගිහින් බිත්තියේ ඔලුව වැදිලා වැටුනා. මම ගිහින් බලපුවාම ෂෙල්ටන් සර් එනතම අන්ත්‍රා වෙලා තිබ්බා.
හොඳයි … ඊට පස්සේ.
*ඊට පස්සේ පැට්රික් සර් ෂෙල්ටන් සර්ගෙ බොඩි එක ජීප් එකට දාගෙන අරගෙන ගියා. මම දැක්කෙ එච්චරයි.
හ්ම්ම්… එතකොට නොයෙල්ව මැරුවෙ කවුද … ? තමුසෙ නේද … ?
*නෑ සර්…
මට ඇත්ත කියනවා.
*නොයෙල් සර්ව මරන්න කියලා මට ලක්ෂ තුනක් පැට්රික් සර් දුන්නා.
ඉතින් …
*මම නොයෙල් සර්ව මරන්න හිතාගෙන හිටපු දවසට කලින් දවසෙ රෑ කවුදෝ කෙනෙක් නොයෙල් සර්ව මරලාදාලා තිබ්බා. මට ඒ හන්දා ඒ වැඩෙි කරන්න බැරුව ගියා.
ඉතින් තමුසෙගෙන් පැට්රික් ඇහැව්වෙ නැද්ද නොයෙල් මැරුවෙ තමුන් ද කියලා … ?
*ඇහැව්වා සර්… මම නෑ කිව්වනම් මට පැට්රික් සර් දීපු සල්ලි ආපහු දෙන්න වෙනවා කියලා හිතුන හන්දා මම “ඔව්” කිව්වා.
ඒ කියන්නේ නොයෙල්ව මැරුවෙ තමුසෙ නෙමෙි … ?
*නෑ සර්..
හොඳයි එතකොට කැරොලින් මැඩම් ගැන
තමුසෙ මොනවද දන්නෙ … ? ඒ කියන්නේ උන් මොනවද මැඩම් ගැන කතාවුනේ .. ?
*සර්ලා මම ඉන්න තැන මැඩම් ගැන එහෙම මොකුත් කතාවුනේ නෑ.
තමුසෙ කියන්නේ අදටත් පැට්රික් හිතාගෙන ඉන්නෙ නොයෙල්ව මරලා දැම්මෙ තමුන් කියලද .. ?
*ඔව් සර්…
හ්ම්ම්… ඒකත් එහෙමද … ? තමුසෙ දන්නවද අද මොකක්ද කරන්න ගියේ කියලා.
*ඔව් සර්. රිචඩ් සර්ව මරන්න හිතාගෙන තමයි ඔය විෂ කුප්පිය මාරු කරෙ.
ඒ කියන්නේ පැට්රික් තමන්ගෙ තාත්තව මරණ නරුම වැඩෙි ගැන තමුසෙ දැනගෙන හිටියා.
*ඔව් සර්…
හොඳයි … අපි දැන් තමුසෙව නිදහස් කරොත් අපේ ප්ලෑන් ටිකට අඹ සරණයි. මොකද පැට්රික් දැනගන්නවා තමුන්ගෙ මාර්ගයෙන් අපි මෙි කේස්එක ගැන හොයනවා කියලා. තමුසෙම කියනවා බලන්න තමුසෙට අපි මොකද කරන්න ඕන කියලා.
*සර් මාව මරන්න එපා…
**සර් දැන් අපි මූට මොකද කරන්නේ … ?
ඔව් තමුසෙට තේරෙනවද තමුසෙට තමුසෙගෙ ජීවිතය වටිනවා වගේම අනිත් අයටත් ඒ අයගෙ ජීවිත වටිනවා කියලා. හරි සේරම තමුසෙට අධිකරණයෙදී කියන්න පුළුවන් නම් තමුන්ට මම ජීවිත දානය දෙනවා.
*මම සේරම කියන්නම්
මෙි බලනවා. දැන් තමුසෙ අපි අතෑරියා කියන්නේ පැට්රික් තව එකෙක් දම්මවලා
තමුසෙට අනිවාර්යයෙන්ම කොකා ගස්සලා දානවාමයි. මොකද අපි කේස්එක ගැන හොයනවා කියලා මෑන් දැනගත්ත ගමන්
මෑන්ට එරෙහිව තියෙන සේරම සාක්ෂි මකලා දාන්න ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඒ හන්දා තමුසෙගෙ ජීවිතය බෙිරගන්න තියෙන එකම විකල්පය තමයි තමුසෙව මාස හයකට ඇතුලට දානඑක. වෙන විකල්පයක් නැහැ. තමුසෙ කැමතිද ඒ වැඩෙිට.
*කමක් නෑ සර්. මට හිරගේ අමුතු තැනක් නෙමෙි. මම යන්නම්.
හොඳයි.. හැබැයි රජෝ ඊට පස්සේ ආයේ
මෙිවගේ අපරාධ කරලා හෝ කරන්න අනුබල දුන්නා කියන්නේ. තමුසෙට මැරුනෙ කොහොමද කියලා තමුසෙවත් දන්නෙ නැතිවෙයි. නිශාන්ත මහත්තයා.
*සර්…
මෙි යකාව ගංජා ග්‍රෑම් සීයයක් එක්ක නුගේගොඩ පොලීසියට අල්ලලා දෙන්න.
එතකොට මූ කොහොමහරි ඇතුලෙනෙ.
එතකොට කාටවත්ම කිසිම දෙයක් කරන්න බැහැ.
**හරි සර්…
ගංජා තමුසෙගෙ කියලා පිලිගන්න ඕන හරිද … ?
*හරි සර්..
හ්ම්ම්… යමු..
හෝරාවකට පසු නියෝජිතයෙකු අත ගංජා පැකට්ටුවක් ගෙන්වාගෙන ඒ සමග ඩීමන්ව නුගේගොඩ පොලිස් ස්ථානයට බාර කල අපි දෙදෙනා නැවත මදීනා ටෙක්ස්ටයිල්ස් බලා ගමන් ගත්තෙමු. මා රෝහල් සේවක ඇඳුම ගලවා සාමාන්‍ය ඇඳුමකට මාරු වුනෙමි.
*සර් ඔය මොකක්ද තියෙන්නෙ “මිනිකැම්” එකක් නේද.. ? සර් මෙි සීන්එක වීඩියෝ කරාද .. ?
ඔව් නියෝජිත බී200. මොකද මෙි වීඩියෝ එකට පුළුවන් පැට්‍රික්ගෙ ඉදිරි කාලය උඩු යටිකුරු කරන්න.
එතකොට සර්.. නොයෙල්ව මරලා තියෙන්නෙ කවුද … ?
මරපු උන් පාපොච්චාරණය කරලා ඉවරයි
නියෝජිත බී200. මම එතන මෑන්ව මානසිකව ව්‍යාකූල කරන්න ඕන හන්දා තමයි එහෙම ප්‍රශ්නයක් ඇහැව්වෙ. ඔයාට මෙි කේස් එක ගැන විස්තර කරන්න අමාරුයි. මොකද ඒකට ලොකු කාලයක් වැය වෙනවා. හැබැයි ෂෙල්ටන්ව මැරුවෙ පැට්රික් කියලා මම දැන් දැනගත්තා වගේම, පැට්රික් නොයෙල් මරන්න ට්‍රයි කරලා තියනවා කියලා දැනගත්තා වගේම නොයෙල් මැරුනට පස්සේ මෑන් මුනිවත රැක්කේ ඇයි කියලත් මට දැන් පැහැදිලියි.
*ඒ කියන්නේ සර් පැට්රික් හිතාගෙන ඉන්නෙ. නොයෙල්ව මැරුවෙ පැට්‍රික්ගෙ මිනිහා කියලා.
ඔව් නියෝජිත බී200. එහෙම තමයි.
*එතකොට පැට්රික් කියන්නේ කවුද නොයෙල්ගෙ.
ෂෙල්ටන් , නොයෙල් පැට්රික් කියන්නේ සහෝදරයින්. පැට්රික් තමයි ලොකු අයියා.
*ඒ කියන්නේ මෙතන සහෝදරයින් මරාගැනිල්ලක් වගේ දෙයක්ද වෙලා තියෙන්නෙ.
ඔවි නියෝජිත බී200. එහෙම හිතාගන්න.
ඒක නෙමෙි නුගේගොඩ පොලීසියෙන් ඔයාට හරි හරි වාසි තියනවා ඇති නේද .. ?
*ඒ මොනවද සර්…
නෑ ඉතින් ඔය වගේ නඩු සෙට් කරලා දෙනවට.
*ඔව් ඒක ඇත්ත සර්. නුගේගොඩ පොලීසිය හිතාගෙන ඉන්නෙ මම CDI ක්‍රියාකාරි නියෝජිතයෙක් කියලා. ඒ හන්දා අවුලක් නැහැ.
හ්ම්ම්… බොහොම හොඳයි. එතකොට මම මෙතනින් බැහැලා යන්නම්. ඔයා ටෙක්ස්ටයිල්ස් එකට යන්න.
*හොඳයි සර්…
හැමදේකටම බොහොම ස්තූතියි නියෝජිත බී200. නැවත හමුවෙමු. ජයවේවා.
ජයවේවා සර්..
පිටකොටුවට පැමිණ ගම්පහ බලා පිටත් වුනෙමි. හෝරාවකට පසු මා සිටියේ සේෆ්හවුස් එක තුලය. දිවා ආහාරයෙන් පසු දුරකථනය ගෙන කෙටි පණිවිඩයක් කසුන්ට යැව්වෙමි. “අවුලක් නෑ සර්. අපි දැන් නුවරට කිට්ටු කරලා ඉන්නෙ” යනුවෙන් පෙරලා පිලිතුරු ලැබුනි. හොඳයි පැට්රික් ඒක අසාර්ථකයි. අපි ඊලඟ එකට ට්‍රයි කරමු. තව දුරටත් කාලය වැය නොකොට පැට්රික් දඩයම් කිරීමෙි සැළසුම
කල්පනා කෙරුවෙමි. අවසානයේ “බළලුන්
ලව්වා කොස්ඇට බෑමට” සමාන කුමන්ත්‍රණයක් මා නිර්මාණය කෙරුවෙමි.
රාත්‍රි ආහාරයෙන් පසු කැරොලින් මහත්මියගෙන් කෙටි පණිවිඩයක් ලැබුනි.
“මහත්තයා ඔයාට ගොඩාක් ස්තූතියි. පපා දවල් වෙද්දී ගෙදර ආවා. අර ගැමුණු මල්ලි පපාව හොඳින් බලාගත්තා කියලා මට ජෝෂප් අංකල් කිව්වා. ඔයා කවද්ද මෙහෙ එන්නෙ”
මම හෙට එනවා කැරොලිනා.
“නියමයි ඔයා නැති මෙි දවස් දෙක මට කල්පයක් වගේ. මට වෙන මොකුත් ඕන නැහැ දවසට තත්පරයක් ඔයාගෙ මූණ දැක්කා නම් මට ඒ ඇති මහත්තයෝ. ඔයා හෙට උදෙන්ම පිටත්වෙන්න එහෙනම්. මම මග බලාගෙන ඉන්නවා ඔයා එනතුරු”
හරි.. මම උදෙන්ම පිටත්වෙන්නම්. ඔයත් පරිස්සමෙන් ඉන්න.
“හ්ම්ම්ම්… ඔයත් පරිස්සමෙන් එන්න මහත්තයෝ. දෙවි පිහිටයි”
දෙවි පිහිටයි කැරොලිනා.
මාධව උඹටත් රොමැන්ටික් වෙන්න සිද්ධ වුනා එහෙනම් හ්ම්ම්… ගුඩ් නයිට්.
රැය පහන් විය……
පසුදින දහවල්වනවිට මාහට මහනුවර
නගරයට ඒමට හැකිවිය. ඉන්පසුව කුලීරථයකින් සැමුවෙල්ස් වතුයාය වෙත
ආවෙමි. නේවාසිකාගාරයට විත් මද වෙලාවක් විවේක ගත්තෙමි. මා වතුයායට ආ බව කැරොලින් මහත්මියට ද , කසුන්ටද කෙටි පණිවිඩ මාර්ගයෙන් දැනුුම් දුන්නෙමි.
හෝරාවකට පසු මා හමුවට පැමිණියේ කසුන් ය.
හා එන්න ගැමුණු ඇතුලට …
*සර් මොකද තත්වය.
තත්වය සසතුටුදායකයි යාළුවා.. ගහපු ප්ලෑන් සේරම මෙිවනතුරු සාර්ථකයි.
*නියමයි. එතකොට අරූට මොකද කරේ.
ඌව දැනට ගංජා ටිකකට මාට්ටු කරලා
හිරෙ දැම්මා.
*මම හිතුවා මෑන් ඩවුන් කරා කියලා.
නෑ ගැමුණු. මෑන්ව ඩවුන් කරලා බැහැ. මෑන් මම පාවිච්චි කරනවා තුරුම්පුවක් විදිහට. අනික තමයි මෑන් එලියෙ තිබ්බා කියන්නේ පැට්රික් අනිවාර්යයෙන්ම ෂොට් එක දෙනවාමයි. ඒ හන්දා මෑන්ව අපි නීත්‍යානුකූල විදිහටම හැංගුවා. ඒ විතරක් නෙමෙි. අපේ ප්‍රශ්නයකට පැහැදිලි උත්තර ටිකකුත් ලැබුනා. ෂෙල්ටන්ව මරලා තියෙන්නෙත් පැට්රික්මයි.
*පැට්රික් …
ඔව්.. පැට්රික් තමයි. ඒක අත්වැරදීමක් කියලා හිතන්නත් පුළුවන්. එහෙම නැතුව හිතාමතාම කරා වෙන්නත් පුළුවන්. මම අනුමාන කරනවා ඒක අත්වැරදීමක් නෙමෙි කියලා.
*මොකක්ද සර් වෙලා තියෙන්නෙ.. ?
තුන්දෙනා විතරක් දන්න කොත්මලේ පැත්තෙ ෆාම්හවුස් එකක් තියනවලු. එතනදී වැඩි පදමට බීලා. එතනදී වෙච්ච බහින්බස්වීමක් හන්දා පැට්රික් ෂෙල්ටන්ගෙ පපුවට ගහපු පයින් පාරක් හන්දා ඔළුව බිත්තියේ ඇනිලා තමයි ෂෙල්ටන් මැරිලා තියෙන්නෙ. ඊට පස්සේ තමයි ගෙදර කාමරේදී මැරුන විදිහට පරිසරය හදලා තියෙන්නෙ.
*එතකොට සර් පිහිපාරක් අනින්න හේතුව මොකක් වෙන්න ඇද්ද … ?
හොඳ ප්‍රශ්නයක්. ඒක තමයි මම කිව්වෙ තාර්කිකව බලපුවාම ඒ පයින් පහර අත්වැරදීමක් නෙමෙි කියලා. නමුත් එතනදී නොයෙල්ට ඒත්තු ගැන්නුවා ඒක වැරදීමක් කියලා. නමුත් ගෙදර එනකොට මෑන් දෙගිඩියාවෙන් ඉන්න ඇති. ෂෙල්ටන් ෂුවර් එකටම මැරුනමද කියලා. ඒ හන්දා තමයි
තව පිහි පාරකුත් ඇනලම දැම්මෙි. එතකොට මරණය සනාථයි.
*ඔව්… එහෙම තමයි වෙන්න ඕන. එතකොට නොයෙල් මැරුවෙ ඔය හාදයා කියලා තමයි තවමත් පැට්රික් හිතාගෙන ඉන්නේ.
ඔව්.. ඔය මෑන්ගෙ නම ඩීමන් පැස්කුවල්.
ඩීමන් නොයෙල්ව මැරුවා කියලා පිලිගත්ත හන්දා එතනින් මාවන්ගෙ කණ්ඩායම පැට්‍රික්ගෙ සැකයෙන් ඈත්වුනා. ඕන්න ඕකයි ප්‍රශ්නෙ..
*ඕන්න ඕකයි ප්‍රශ්නෙ. එතකොට ඔය උඩුදුම්බර පොට්එක කියන්නෙත් පැට්රික් ගෙ තාවකාලික තැනක් විතරයි බොහෝදුරට මෑන්ගෙ ස්ථිර වාසස්ථානය කොත්මලේ ෆාම්හවුස් එක වෙන්න ඕන.
අනිවාර්යයෙන්ම ගැමුණු. මමත් සැක කරන්නේ එතන තමයි. හැබැයි ඒ තැන මාවන් දන්නවා කියලා හිතන්න අමාරුයි.
*ඔව් සර්.. ඒ තැන මාවන්වත් දන්නෙ නැතුව ඇති බොහෝදුරට.
හ්ම්ම්… ඒක තමයි. මෙිවනතුරු අපේ සැළසුම් සාර්ථකයි. දැන් තියෙන්නෙ පැට්රික්ට පීඩනයට පත්කරන්න පුළුවන් සැළසුමක් නිර්මාණය කරන එක. ඒක මම හදලා ඉවරයි නමුත් මට ඒක දැන්ම විස්තර කරන්න බැහැ. මොකද තත්වය අනුව ඒකත් වෙනස් වෙන්න පුළුවන්.
හරි.. නියෝජිතයින් දෙන්නට කියන්න මම
ආවා කියලා.
*හරි සර්…
ඒ වගේම කැරොලින් මැඩම්ට වගේම මිස්ටර් රිචඩ්ට ඔයා ගැන පැහැදීමක් ඇතිවෙලා තියෙන්නෙ. ඒක දිගටම තියාගන්න උත්සාහ කරන්න.
*ඕකේ සර්… මට මෙහෙම දෙයක් හිතෙනවා. තව දවස් පහකින් හයකින් විතර පැට්රික් ලංකාවට එන්න ඕන. මිනිහගෙ පිටපතට අනුව මම හරිද … ?
ඔව්… ඉතින්.
*සර් මෑන් රිචඩ්ව කොහොමහරි මරලා දානකම් ලංකාවට නෑවිත් හිටියොත් … ?
නැවත හමුවෙමු …
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023