නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 41
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
41 වන දිගහැරුම
( අවසාන කොටස් පහ )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඕකේ සර්… මට මෙහෙම දෙයක් හිතෙනවා. තව දවස් පහකින් හයකින් විතර පැට්රික් ලංකාවට එන්න ඕන. මිනිහගෙ පිටපතට අනුව මම හරිද … ?
ඔව්… ඉතින්.
*සර් මෑන් රිචඩ්ව කොහොමහරි මරලා දානකම් ලංකාවට නෑවිත් හිටියොත් … ?
මෙතැන්සිට ….
ඔව්… ඒ අනුමානය හරි. ඒක තමයි මම කිව්වෙ මගෙ අවසන් සැළසුම වෙනස්වන
තත්වයන් අනුව වෙනස් වෙනවා කියලා.
අපි උපරිම සතියක් බලාගෙන ඉමු. එහෙම
සතියක් තුල ලංකාවට ආවා වගේ රඟපාලා ගෙදර නාවොත් අපිට වහාම ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. නැත්නම් මිස්ටර් රිචඩ්ගෙ ජීවිතයට අනිවා හානියක් වෙන්න පුළුවන්.
*හොඳයි සර්. අපි සතියක් බලමුකො මොකද මෑන්ව තව නාටකයක ප්‍රධාන නළුවා විදිහට රඟපාන්නත් තියනවා. මෙි සේරම ප්ලෑන් වතුරෙ යනවා මිස්ටර් රිචඩ්ව මරලා දැම්මොත්. ඊට පස්සේ මොනවා කෙරුවත් වැඩක් නැහැ.
ඔව් සම්පූර්ණයෙන්ම ඇත්ත. මෙිගැන දැඩි අවධානයක් යොමුකරන්න වෙනවා. හ්ම්ම් බලමු.
*ඒක තමයි සර්. හරි.. එහෙනම් මම ගිහින් එන්නම්. සර් මෙන්න වාහනේ යතුර.
ඕකේ තෑන්ක්යූ ගැමුණු.
කසුන් පිටත ගිය පසු. ඔහුගේ අදහස ගැන මා තදින්ම කල්පනා කෙරුවෙමි. මෙි විෂ
එන්නත විදින ප්රයත්නය වැරදුනද , ඔහු
අනිවාර්යයෙන්ම වෙනත් උපක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරයි. එක
නියතයි මාධව. ඔව් ඒක නියත වශයෙන්ම
කරයි. සිතුවිලි දැහැන බිඳ දැමුවෙ ජංගම දුරකථනය නාද වීමෙනි.
හෙලෝ…
දු.ක - මහත්තයෝ ගෙදර ආවද … ?
ඔව් කැරොලිනා. දැන් ඇවිත් පැයක් විතර ඇති.
දු.ක - ඇයි මට නොකිව්වෙ. මම කිව්වා නේද ආපු ගමන් මට කියන්න කියලා.
අපෝ… සැර.. සන්සුන් වෙන්න.
දු.ක - සන්සුන් තමයි. මම මගබලාගෙන හිටියෙ.
හරි හරි ඉතින්. තරහා ගන්න එපා. හරි
ඔයාට මාත් එක්ක රංඩු කරන්න ඕනද.
එහෙනම් අපි හෙට රංඩු කරමු. මොකද
කියන්නේ.
දු.ක - ඔයාටනම් විහිළු. මම දවස් කීයකින් ඔයාව දැක්කෙ නැද්ද… ?
හරි හරි ඉතින්. අපි හෙට උදේ යමු වාහනය සර්විස් කරන්න. එතකොට අපිට පුළුවන් නෙ කතා කරන්න. හ්ම්ම්…
දු.ක - හරි හරි… මම හෙට උදේ එන්නම්
කො. ඇවිත් කණ මිරිකන්නෙ.
හා .. හරි මැඩම් හරි.
පසුදින…
පෙරවරු නමයට පමණ දෙදෙනාම මහනුවර පසුකර මෝටර්රථය නඩත්තු කටයුතු කිරීමෙන් පසු නැවත මහනුවර බලා ආවෙමු.
*දැන් ඉතින් කියන්නකො සුදු මහත්තයෝ
ඔයා ගිහින් මොනවද කරේ කියලා.
හ්ම්ම්… මම ගිහින් කරපු වැඩෙි මොකක්ද කියලා කිව්වොත් ඔයා ඒක පිලිගනියිද ඇත්තක් කියලා.
*ඇයි මෙච්චර කාලයකට මම ඔයාව අවිශ්වාස කරලා තියනවද .. ?
එහෙනම් ඔයා පුදුම වෙන්නයි යන්නේ.
*ඉතින් කියන්නකො ඔච්චර අගේ කරන්නේ නැතුව.
මම රේගුවෙ වැඩ කරන කාලේ විවිධ හැකියාවන් තියෙන මිනිස්සු මට අඳුරගන්න ලැබුනා වගේම , ඒ මිනිස්සු මට ඇසුරු කරන්න ලැබුනා. ඒ අතරින් මම ආශ්‍රය කරා හැකර් කෙනෙක්.
*හැකර් කෙනෙක් .. ?
ඔව් හැකර් කෙනෙක්. මම ගිහින් මිනිහව
හමුවෙලා මිනිහා ලව්වා පැට්‍රික්ගෙ ඊමේල්
ටික හැක් කරා. අපිට ඒ වගේ ඊමෙිල් හයක් හොයාගන්න පුළුවන් වුනා. ඒ ඊමෙිල් මාර්ගයෙන් පැට්‍රික්ගෙ ෆෝන් දෙකකටයි බිස්නස් විස්තර නඩත්තු කරන
ලැප්ටොප් එකට ඇතුල් වෙලා. ඔය බ්ලැක්මේල් වීඩියෝ ටික ඩිලීට් කරලා දැම්මා. දැන් මිස්ටර් තිසේරට සම්බන්ධ කිසිම වීඩියෝ එකක් පැට්රික් සතුව නෑ.
*ඔය ඇත්තමද කියන්නේ .. ?
ඔව් කැරොලින. දැන් එයා සතුව එකක්වත් නැහැ කියලා මට සහතික වෙන්න පුළුවන්.
*එතකොට නැවත රිකවරි කරන්න පුළුවන් නෙ.
එහෙම කරන්න බැරි විදිහට තමයි ඒ සේරම මකලා දැම්මෙ. ඒ හන්දා ඒගැන
තියෙන අනවශ්‍ය බිය මින් මතුවට තියාගන්න එපා. ඒක නිශ්ළුල දෙයක්.
*ෂාහ්හ්හ් … නියමයිනෙ. කෙවින් ඔයා මාර දේවල් නෙ දන්නෙ.
හ්ම්ම්… ඔව්. ඔයා ඊයේ හෝ අද ෆෝන් එකෙන් සමාජ මාධ්‍ය මොනවාහරි පාවිච්චි කරාද .. ?
*ඔව් මම ඊයේ රෑ යූටියුබ් වීඩියෝ වගයක් බැලුවා.
හ්ම්ම්… ඒ කියන්නේ ඔයා නෙට්වර්ක් පාවිච්චි කරා. හොඳයි … ඔයාට විශ්වාස නැත්නම්. ඔයාලඟ තියෙන වීඩියෝ එක දැන් ප්ලේ කරලා බලන්න. ප්ලේ වෙනවද
කියලා.
*ඇත්තද.. ?
කෝ ඉතින් … මගෙ මූණ දිහා බලාගෙන
ඉන්නෙ ප්ලේ කරන්න බලන්න.
*හ්ම්ම්… ඉන්න බලන්න. ඔව්නෙ මෙික ප්ලේ වෙන්නෙ නැහැ. ඔයාලා මොකද කරේ
මහත්තයෝ..
අපි ඒ වීඩියෝ කොපි වලට වෛරස් එකක්
මුදාහැරියා. දැන් ලෝකෙ කොහෙ තිබ්බත්
වැඩක් නැහැ ඒවා ප්ලේ කරන්න බැහැ.
*ඒකනම් නියම වැඩක්.. ඔයාට ගොඩාක්
තෑන්ක්යූ මහත්තයෝ. මගෙ හිතේ තිබ්බ ලොකු බරක් දැන් නිදහස් වුනා. ඒකටනම්
උම්මා එකක් දෙන්නම ඕන.
හපෝ එපා…
*කෝ කෝ…
ඒ… ගෑවා නේද කෙල මගෙ මූනෙ. ඒ විතරක් නම් මදැ. මෙි රෝසපාට පැල්ලම් පාර. කියමින් කුඩා ඉහල කණ්නාඩියෙන්
මා මුහුණ බලමින් ලේන්සුව ගෙන පිහ
දාගත්තෙමි.
*අපෝ ඔයානම්. මහ නපුරෙක්. ඔයාට ගෑනු ඇලජික් ද .. ?
නෑ එහෙම නෑ. මට මෙව්වා අළුත් දේවල් නෙ. ඒකයි.
*හරි හරි… තව ටික දවසයි නෙ. ඊට පස්සේ මෙව්වා අළුත් දේවල් වෙන්නෙ නැහැ නෙ.
හපොයි එහෙමද.. ? කෝ අර මිස්ටර් තිසේරගෙ ලැජ්ජා බයට හැදිච්ච දුව.
*එයා මළා.
නෑ නෑ එයා මලේ නැහැ. එයා ඉන්නවා.
එයා මලා වගේ රඟපානවා. මට ඕන
ඒ පරණ කැරොලිනා. මෙි බලන්න ඔයා තව ටික කාලයක් ගතවුනාට පස්සේ මෙි අළුත් කැරොලින් මරලා දාන්න ඕන. පරණ කැරොලිනාට පණ දෙන්න ඕන හරිද .. ?
*එහෙම කරන්න තිබ්බා අපිට අතීතයට ගිහින් සේරම වැරදි ටික හදලා දාන්න
පුළුවන්කමක් තිබ්බා නම්.
නෑ.. අතීතය කියන්නේ තමන් පසුකරපු කාලය. නමුත් අනාගතය කියන්නේ අපි
අනිවාර්යයෙන්ම ඉදිරියට මුහුණදෙන්න
ඕන කාලය. අතීතය අපිට වෙනස් කරන්න බැරි බව ඇත්ත. හැබැයි අනාගතයට මුහුණ දෙන්න පුළුවන් වටපිටාව අපිට හදාගන්න පුළුවන්. එහෙම නොකර. එනදේට මුහුණ දෙනවා කියලා හිතන්නේ
කිසිම දෙයක් කරගන්න බැරි දුර්වල මිනිස්සු. අපි එහෙම දුර්වල මිනිස්සු වෙන්න ඕන නැහැ හිතාමතාම.
*මට කිසි දෙයක් කරගන්න බැහැ නෙ කෙවින්.
ඒ වුනාට මට පුළුවන් නෙ. උදාහරණයක් විදිහට මම දැන් එකක් ඉවර කලේ. ඒ
විදිහට අපි ඉතුරු ටිකත් කරලා දාමු. මෙි
සේරම නිරවුල් කරලා දෙන්නම්. අපි ජීවතුන් අතර ඉන්නකම් අපිට අපේ නිදහස වෙනුවෙන් ෆයිට් කරන්නම වෙනවා කැරොලිනා. ජීවිතය කියන දේ අපිට නොමිලේ ලැබුනට, අනිත් සේරම දේවල් අපි උපයාගන්න ඕන. නැතුව අපි
හිතන පතන සේරම ලඟට එන්න අපි දෙවියන් නෙමෙි නෙ.
*ඒක ඇත්ත මහත්තයෝ. ජීවතුන් අතර කියලා ඔයා කියනකොට මට තියනවා
ඔයාට කියන්න රහසක්. එච්චරයි මම මෙච්චර කාලයක් රැකගෙන හිටියෙ. වෙන
මම ලඟ රහස් නැහැ ඔයාට හංගන්න තරම්.
රහසක් … ? ඒ මොකක්ද … ?
*ඔයා ඒක කාටවත්ම කියන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න ඕන.
හොඳයි.. මම ඔයාට පොරොන්දු වෙනවා.
*මාවන් මල්ලි ජීවතුන් අතර.
මොනවා… ? මිස්ටර් මාවන් ජීවතුන් අතර..? කෝ දැන් .. ? කොහෙද ඉන්නෙ.. ?
*එයා තමයි නොයෙල්ව මැරුවෙ. දැන් හැංගිලා ඉන්නෙ. මම කලින් ඔයාට කිව්වෙ මම මෙි ලෝකෙ අම්මා අප්පච්චිට පස්සේ විශ්වාස කරනවා නම් ඒ මාවන් මල්ලි තමයි.
හ්ම්ම්… ඒකත් එහෙමද… ? එතකොට මාව විශ්වාස නැද්ද හැබෑටම .. ?
*ඕන්න කිව්වා කථාවක්. මම, මට වඩා ඔයාව විශ්වාස කරනවා මහත්තයෝ.
ඒකනෙ මෙි වගේ බැරෑරුම් රහසක් ඔයාට
අද කිව්වෙ.
හ්ම්ම්… හ්ම්ම්… අපි දැන් යමු.
*එතකොට කෙවින්. ඔය වීඩියෝ එක
තව කොහෙහරි තිබ්බොත්
නැහැ එහෙම නැහැ. එහෙම තිබ්බත් වැඩක් නැහැ. එහෙම තිබ්බා කියලා මොකුත් කරන්න බැහැ. මොකද ප්ලේ වෙන්නෙ නැහැ. මොකද ඕක කොපි සිය ගාණක් නැහැ නෙ. තිබ්බත් තියෙන්න ඕන
ඔය පැට්‍රික්ගෙ ඩිවයිස් දෙක තුනක විතරයි.
දැන් ඒවත් විනාශ වෙලා තියෙන්නෙ. එතකොට ඔය මිස්ටර් මාවන් කොහෙද ඉන්නෙ. ඔයා එයත් එක්ක කතා කරනවද.?
*නැහැ කෙවින් එහෙම කතාබහක් නැහැ.
මොකද පැට්රික් දැනගත්තෙොත් සේරම ඉවරයි. ඒ හන්දා මම නිහඬව ඉන්නවා.
හ්ම්ම්… එතකොට පැට්රික් තව දවස් තුනකින් ලංකාවට එන්න ඕන නේද… ?
*ඔව් එන්න ඕන..
එහෙම නාවොත් .. ?
*එහෙම නෑවිත් ඉන්න විදිහක් නැහැ කෙවින්.
හරි… ඒක පැත්තකින් දාමුකො. බලන්න මෙි මිනිහා ඔයා මීට කලින් දැකලා තියනවද කියලා. මා ඩීමන් පැස්කුවල්ගෙ
ඡායාරූපයක් පෙන්නුවෙමි.
*කෝ බලන්න.. හ්ම්ම්… නැහැ මහත්තයෝ.
එහෙම බැහැ කැරොලිනා. දෙගිඩියාවෙන්
උත්තර දෙන්න එපා. හොඳට මතක් කරලා බලන්න කොයි මොහොතේ හෝ පැට්රික් එක්ක මෙි හාදයා හිටියද කියලා.
*හ්ම්ම්… හරි. මට මතකයි. මෙි මිනිහා.
තමයි අප්පච්චිව එදා ගෙදර ඇරලුවෙ.
එදා .. ? කවද්ද .. ?
*අර මූසල රෑ බීලා වැඩිවෙලා ආපු දවසෙ.
හොඳටම ෂුවර්ද … ?
*ඔව් මට මතකයි කෙවින්.
හ්ම්ම්… මෙයා තමයි ඩීමන් පැස්කුවල් කියන්නේ. මෙයා දැනට හිරෙ ඉන්නෙ.
මෙයා තමයි පැට්‍රික්ගෙ විශ්වාසවන්තම
ගෝලයා.
*ඔයා කොහොමද ඔව්වා දන්නෙ.
මෙයාගෙ ගෙවල් තියෙන්නෙ ගාළුමෝදර. ඒ ගෙවල් ලඟ ඉන්නවා මගෙ යාළුවෙක්.
මිනිහා එක්ක කතා කර කර ඉන්න ගමන් මම දැන් වැඩ කරන්නේ කොහෙද කියලා
කියනකොට තමයි එයා කිව්වෙ පැට්රික් ගැන. පැට්රික් කීප වතාවක්ම ඩීමන්ගෙ ගෙදර ගිහින් තියනවා. ඒ විතරක් නෙමෙි.
පැට්රික් මාසෙකට විතර කලින් දවසකත්
ඩීමන්ව හමුවෙන්න ගාළුමෝදර ගිහින්
තියනවා. මෙික මට අහඹුවෙන් ලැබුන
තොරතුරක්.
*එහෙම වෙන්නෙ කොහොමද කෙවින්… ?
පැට්රික් ඉන්නෙ කැනඩාවෙ නෙ.
නෑ කැරොලිනා.. කොහොමත්ම නෑ. පැට්රික් ඉන්නෙ ලංකාවෙ. හැබැයි එයා ඉන්න තැන
කොහෙද කියලා කවුරුවත් දන්නෙ නැහැ.
*ඒ කොහොමද කෙවින්.
කොහොමද කියන්න මම දන්නෙ නැහැ. ඒත් ඒක තමයි ඇත්ත.
*එතකොට ඇයි පැට්රික් ලංකාවෙන් ගිය නැත්තෙ … ?
මම දෙයක් කියන්නම්. හැබැයි ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඕන.
*කියන්න බලන්න මහත්තයෝ.
පැට්රික් ඇයි මාවන්ව මැරුවෙ. මම කියන්නේ මාවන් මැරිලා නැහැ කියලා දන්නෙ ඔයා විතරයි. මමත් දැන් ඔයා කියනකම් හිතාගෙන හිටියෙ මැරිලා කියලනෙ. ඒක නෙමෙි ප්රශ්නය. ඇයි මැරුවෙ.
*මම දන්නනෙ නැහැ කෙවින්.
හොඳයි ෂෙල්ටන්ව මැරුවෙ කවුද .. ?
*ඒකත් මම දන්නෙ නැහැ. එදා රෑ මරලාදාලා
තිබ්බා කියන්න මම දන්නවා. මොකද මම රෑම ඒ කාමරේට ගිය හන්දා.
ඔයා ඇයි එදා රෑ කාමරේට ගියේ … ?
*මම එදා රෑ ගියේ ෂෙල්ටන්ගෙ ෆෝඑකේ අප්පච්චිගෙ වීඩියෝ එක ඩිලීට් කරන්න
කියලා හිතාගෙන. මොකද වෙරි මතේ ඉන්නකොට විතරයි නෙ ඒක මට කරන්න පුළුවන්.
ඔයාට හිතෙන්නේ නැද්ද ඒක හරිම මෝඩ තීරණයක් කියලා. මොකද කොච්චර
මැකුවත් පැට්රික්ලඟ ඕනතරම් ඒකෙ කොපි
තියනවනෙ.
*ඔව් ඒක මෝඩ තීරණයක් තමයි. නමුත්
මට කරන්න පුළුවන් දේ තමයි මම එදා කරන්න උත්සාහ කරේ.
ඔව්… “ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත්
එල්ලෙනවා” කියලා කියමනක් තියනවනෙ.
ඒකට කමක් නැහැ කියමුකො. එතකොට කැරොලිනා මම අහනදේට ඔයාට දන්න විදිහට උත්තර දෙන්න.
*කියන්න බලන්න ..
ෂෙල්ටන්ව කවුරුන් හෝ මරලාදාලා කියලා
දැනගෙන ලංකාවට ආවට පස්සේ එයාගෙ හැසිරීම කොහොමද … ? සාසාමාන්යයි ද නැත්නම් අසාමාන්‍යයි ද … ?
*එහෙම ලොකු වෙනසක් තිබ්බෙ නැහැ
“පොලීසිය හැමදේම හොයාගනියි අපි
මොනව කියලා කරන්න ද” කියලා තමයි
පැට්රික් එදා කිව්වෙ.
හ්ම්ම්… හොඳයි. එතකොට නොයෙල්ව මැරුවට පස්සේ කොහොමද පැට්‍රික්ගෙ ප්‍රතිචාරය.. ?
*ඒත් එහෙම ලොකු බලපෑමක් එයාගෙන් මම දැක්කෙ නැහැ කෙවින්.
හ්ම්ම්… ඒ කියන්නේ පැට්රික් ඒ සිද්ධි දෙකම ගැන වැඩිය දැඟලුවෙ නැහැ නේද.?
*ඔව් මහත්තයෝ.
හ්ම්ම්… දැන් ඔයාට නිකමට මොනවාහරි යමක් තේරෙන්නේ නැද්ද… ?
*මොනවගේ දෙයක් ද … ?
මෙි දෙන්නව මැරුනා හෝ කවුරුන් හරි මැරුවා කියලා එයාට ප්‍රශ්නයක් නැහැ.
ඒ කියන්නේ පීරිස් පරපුරේ ඉතුරුවෙලා ඉන්නෙ තව මිස්ටර් රිචඩ් විතරයි පැට්‍රික්ගෙ දැක්මට අනුව කැරොලිනා.
ඒ කියන්නේ මෙි දේපලවල එකම එක උරුමක්කාරයා මිස්ටර් පැට්රික් විතරයි. වෙන කවුරුවත් නැහැ. ඒ කියන්නේ මෙික හුඟ කාලයක් තිස්සේ දුවන සැළසුමක්.
*ඔව්නෙ කෙවින්.. දැන් තමයි මටත් තේරුනෙ. පැට්රික් මහ අධමයෙක් කෙවින්.
ඕක මට කලින්ම තේරිලා තමයි මිස්ටර් රිචඩ්ගෙ තනියට ගැමුණුව යැව්වෙ.
*පපාගෙ තනියට.. ඒ මොකද කෙවින්… ?
නිකමට හිතන්න සහෝදරයින් මරපු එකාට තමන්ගෙ තාත්තව මරන්න උත්සාහ කරන්න බැරිද … ?
*මයිගෝඩ් කෙවින්… ඔයා හිතලා තියෙන දුර.
ඔව්.. ඔය සේරම කරන්න වගේම , ඔය සේරම හොයන්න තමයි මම දවස් දෙක
තුනකට එලියට ගියේ. ඇත්තටම මම ඊයේ හිටියේ මහරගම හොස්පිටල් එකේ. මිස්ටර් රිචඩ් වෑන්එකට නැවත නැග්ගට පස්සේ කමයි මමත් එතනින් ඉවත්වුනේ.
*අනේ.. කෙවින් එච්චර කැපකිරීමක් අපි වෙනුවෙන්. අනේ මන්දා මට තේරෙන්නේ නැහැ. මට ඔයාව තේරුම්ගන්නත් බැහැ මහත්තයෝ. එතකොට ඔයා කියන විදිහට ඔය මිනිහා කොයිවෙලේ පපාව මරන්න හදයිද කියලා කාටද කියන්න පුළුවන්. කෙවින් අපි මොකද මෙිකට කරන්නේ … ?
හ්ම්ම්.. ඒක තමයි මටත් තියෙන ප්රශ්නය. අපි මෙහෙම කරමු. පැට්රික් ආපු දවසක මිස්ටර් රිචඩ්ව මොනම හේතුවකට හෝ පැට්රික් එලියට අරගෙන යන්න පිටත් වුනොත් මට එවෙලෙම කතා කරලා කියන්න. අනිවාර්යයෙන්ම අනිද්දට පස්සේ දවසෙ පැට්රික් ගෙදර ආවෙ නැත්නම් අපිට
මොනවාහරි කරන්නම වෙනවා.
*මට දැන් ලොකු බයක් දැනෙනවා මගෙ මහත්තයෝ.
නෑ බයවෙන්න එපා. ඔයා මම කියපු විදිහට වැඩටික කරන්න එච්චරයි. ඉතුරු ටික මම බලාගන්නම්. මම මෙි පැත්තෙන්
දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගෙන තියෙන්නෙ. මම සල්ලි ටිකක් විසිකරා උන්ට. හදිස්සියක් වුනාම මට උන්ටිකත් ගේමට බස්සන්න පුළුවන්.
*ඔයා මොකක්ද කරන්න හදන්නෙ.
ඒකට මට දැන්ම උත්තර දෙන්න බැහැ.
වෙලාව ආපුවාම මම කියන්නම්.
නැවත හමුවෙමු …
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023