⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
06 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒක ඇත්ත තමයි ඔෆිසර්.. හුඟක් අයට ඉහළට ගියාම පහල අමතක වෙනවා. ඒක තමයි ඇත්ත.

මෙතැන්සිට……

*හ්ම්ම්ම්ම් බලමු… අපි විමර්ශන කටයුතු ඉක්මනින් කරගෙන යනවා මෙි දවස්වල.
( මෙිසයට මත තබා ඇති තම දකුණු අතේ ඇඟිලි කීපයක් චලනය කරමින් )

හ්ම්ම්ම්ම් එහෙමද… ? ගම්මු නම් කියන්නෙ ඔය හෙන්ද්‍රික් වලව්වට හරිම අපලයි කියලා. නිකං භූත බලවෙිලයක් කරන වැඩක් කියලා. දන්නෙ නැද්ද ඉතින් මිනිස්සු කටට එන හැමදේම කියලා , එතන පුරා වෘත්තාන්තයක් හදන්න උත්සාහ කරනවා.

*හහ් හහ් හා… ඒක නියම කතාවක් තමයි ඉතින්. (තැඹිලි වීදුරුව පානය කරමින් )
හොල්මනට පිහිය අරගෙන යන්න අමතක වෙලා තියෙන්නේ මට හිතෙන විදිහට.

ඒ කිව්වෙ ඔෆිසර් … ?

*නෑ නෑ ඒක වැඩක් නැහැ. මම කැරොලින් මැඩම් ගෙන් කටඋත්තරයක් ගන්න ගිහින් එන ගමන්.

කටඋත්තරයක්… ?

*ඔව් .. මට අපැහැදිලි දෙයක් තිබ්බා දැන් ඒක හරි.

හ්ම්ම්ම්ම් … මටත් මෙතන අනතුරුදායක තැනක් වෙයිද ඔෆිසර් …?

*නැහැ මිස්ටර් කෙවින්. ඔයා මෙිකට කොතනින් කොහොමත් ම සම්බන්ධයක් නැහැ නෙ. මට කැරොලින් මැඩම් ඔයා ගැන සාමාන්‍ය විස්තරයක් කිව්වා.

හා… හරි ඔෆිසර්..

*එතකොට අපි දැන් යන්න ඕන. රාජකාරි බොහොමයි. බොහොමයක් ස්තූතියි සංග්‍රහ වලට. ( ආසනයෙන් නැගිට , කැප්එක දමා ගනිමින් )

හොඳයි ඔෆිසර්.. ඕනම වෙලාවක එන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපෙන් වෙන්න ඕන ඕනම උපකාරයක් අපි කරන්න ලෑස්තියි. ඒක අපේ වගකීමක් සිවිල් පුරවැසියො විදිහට. ( අතට අත දෙමින් )

*අන්න කතාව මිස්ටර් කෙවින්. ඔය විදිහට හිතනවානම් මෙි රටෙි හැමෝම , මම හිතන්නේ රටකට පොලීසියක් ඕන වෙන්නෙත් නැති වෙයි වගේම අපිට වෙන ජොබ් එකක් හොයාගන්නත් වෙයි. හරි.. කොහොම වුනත් තෑන්ක් යූ. ගිහින් එන්නම්.

ෂුවර් ඔෆිසර් ….

මාද කාර්යාලයෙන් එළියට ආවෙමි. ජීප් රථයට සියල්ල ගොඩවූ පසු එය නික්ම නොපෙනී යනතුරු මා බලා සිට ආපසු හැරුණු මා ගරාජයට ගොස් මෝටර් රථය පණ ගන්වා තේවතුයාය දිගේ ඉදිරියට ධාවනය කර, අතරමගදි නවතා තේදළු නෙළන පෙදෙසට පයින්ම යන්නට විමි. මා දුටුවන් ආචාරශීලිව සිනාසෙන්නට විය. මාධව මෙි තේදළු නෙළන අය අතරින් CDI නියෝජිතයින් එකෙක් හෝ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම හිතුවත් එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් මෙි වනතුරු කිසිවෙකුට මිනීමරුවා සොයාගැනීමට අපොසත් වූයේ ඇයි.. ? මෙි ප්‍රශ්නය අප එ්කකය දක්වා ඒමට ප්‍රධානතම හේතුව තවමත් ඝාතකයා නිදැල්ලේ පසුවීමය. මගේ දුරකථනය නාද වූයේ මෙි සියල්ල ගැන සිතීමේ ක්‍රියාවලියට
විරාමය තබමිනි.

ඔව් නාරද ….

දු.ක - සර් අර ඇණයේ රිපෝර්ට් එක ආවා.

නියමයි නෙ. ඉතින් මොනවද කියලා තියෙන්නේ… ?

දු.ක - සර් විශ්වාස කරන්න. අධික ප්‍රෝටීන් සංයෝගයක් තියනවා.

මොනවා… නියමයිනෙ. සත්ව ප්‍රෝටීන් ද, නැත්නම් ශාක ප්‍රෝටීන් ද… ?

දු.ක - සත්ව ප්‍රෝටීන් සර්..

නියමයි … මරේ මරු.. හරිම ෂෝක්..
ඔය පෑදුනෙ පොටක්.

දු.ක - ඒ කියන්නෙ මොකක්ද සර්.. ?

අධික ප්‍රෝටීන්. ඒකත් සත්ව ප්‍රෝටීන්..
ඒ කියන්නෙ මොකක්ද … ??

දු:ක - ඒ කියන්නෙ මොනවද .. ?

සර්ප විෂ. මනුස්සයෝ සර්ප විෂ. සර්ප විෂවල තමයි අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ.

දු:ක - අම්මපා සර්… ඒ කියන්නෙ.

ඔව් .. ඒ කියන්නෙ මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. මෙි ගැන පස්සේ කතා කරමු. මෙිකෙන් කතා කරලා බැහැ.

දු .ක - හරි සර්.. ජයවේවා.

ජයවේවා නාරද.. ඇමතුම විසන්ධි කල මා
මුසපත් වූවා සේ මට හැඟේ. එසේනම්. එ් සපත්තුවෙ රැදී තිබු ඇණය අහඹුවක් නොවෙි. එය ඝාතන සැළසුමෙි කොටසක් වෙන්න පුළුවන් . නියමයි මාධව. නියමයි. ජැක්පොට් මාධව `` පැච්වේරා ´´ ඔව්… පැච්වේරාම තමයි. නැවතත් දුරකථන ඇමතුමක් ගත්තෙ කසුන්ටය.

හෙලෝ නාරද …

දු .ක - සර් ..

මම කියන දේ හොඳට අහගෙන ඉන්න. ඔයා මහනුවර වගේම , අවට අනිත් නගරවල මහජන පුස්තකාල වලට යන්න. ගිහින් විදේශ පරිවර්තන පොත් ලැයිස්තු පරික්ෂා කරන්න. එ් තැන්වල ප්‍රංශ සාහිත්‍ය කතාවක් ඇති
`` පැච්වේරා ´´ කියලා. පළමුවෙන්ම බලන්න එහෙම පොතක් තියනවද කියලා. ඊට පස්සේ පසුගිය මාස හය ඇතුලත ඒ පොත අරගෙන ගිහින් තියෙන්නේ කවුද කියලා හොයලා බලන්න. මතක තියාගන්න මෙික වෘත්තීය මට්ටමින් කරන්න යන්න එපා. සල්ලි ටිකක් එලියට දාන්න. ඒ වගේම සුපුරුදු පරිදි මුහුණ වෙනස් කරගෙන යන්න. එ් වගේම, හැම පුස්තකාලයකම ඔය පොත නැතිවෙන්න පුළුවන්. ඒ ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුනොත් , අඩුම තරමෙ ඒ පොත තියෙන පුස්තකාලයන් මොනවද කියලා මතක තියාගෙන ඇවිත් මට කියන්න.

දු:ක - හරි සර්.. මම දැන්ම පිටත් වෙන්නම්.

හොඳයි … ඇමතුම විසන්ධි කෙරුවෙමි.

වැලි කතරට දිය බිඳක් වැටුනාක් මෙන් මට දැනුන සුළු සහනය මිළකල නොහැකිය.
කුඩා හෝ හෝඩුවාවක් ලැබිලා තියනවා මෙිවනවිට. තව සැඟවුණු කරුණු කාරණා බොහොමයක් තියෙන්නට පුළුවන. හොඳයි මාධව. අපි බලමු කවුද මෙි නීල කපටියා කියලා. මොනවා කරන්නත් මා මෙි හෙන්ද්‍රික් වලව්වෙන් එලියට ආ යුතුමයි. එහි සිට විමර්ශන කටයුතු සිදුකිරීම අසීරුයි. ඉතාමත් උද්යෝගයෙන් දවස ගෙවා දැමීමට හැකිවිය. සුපුරුදු පරිදි දවසේ වැඩකටයුතු නිමාවෙන් පසු මා හෙන්ද්‍රික් වලව්වට ගියෙමි. නැවත ව්‍යායාම සඳහා එලියට ආවෙමි. රාත්‍රි ආහාර මෙිසයේදී අප නැවත වරක් හමුවිය.

*ඉතින් මිස්ටර් කෙවින්. මොකද තත්වය..?

වරදක් නැහැ සර්. දැන් වැඩ ටික කරගෙන යන්න පුළුවන්.

*නියමයි පුතා … අපි බලාපොරොත්තු වෙන්නෙත් එහෙම තමයි. මොනවද ඉතින් තියෙන ප්‍රශ්න.

ප්‍රශ්නයක් තියනවා සර්… ( කැරොලින් මහත්මිය හොර ඇසින් මාදෙස බැලුවාය )

*කියන්න.. බලමු ඉතින්

සර්.. වත්තෙ වපසරිය අනුව සයිමන්ට විතරක් ඔය හැමතැනම අවේලාවෙ යන්න අමාරුයි. පුළුවන් කමක් නැද්ද තව තරුණ පහේ කෙනෙක් ගන්න ටිකක් ක්‍රියාශීලී කෙනෙක් වගේ මෙතන මුරකාර වැඩට. මොකද මෑන්ගෙ වයසත් එක්ක දැන් වැඩිය කාර්යක්ෂමව එහෙ මෙහෙ දුවන්න අමාරුයි කියලා මට හිතෙනවා.

*ඔව් … ඒ කතාව ඇත්ත තමයි. වයසට යනකොට ඇස්දෙක , කන්දෙක වගේම හැමදෙයක්ම දුර්වල වෙනවා. එතකොට
වැඩ කරන ප්‍රමාණය අඩුයි. දැන් මට වෙලා තියෙන්නෙත් ඒකනෙ. ( කැරොලින් මහත්මිය දෙස බලමින් ) මිස්ටර් කෙවින්ට පුළුවන් ද හොඳ තරුණයෙක් මෙතනට දාගන්න.

මම උත්සාහ කරන්නම් සර්… අපි පත්තරේට ඇබෑර්තුවක් දාමු. මම ම ඉන්ටර්විව් එකත් කරන්නම්.

*ලඟපාතින් හොයාගන්න තිබ්බොත් හොඳයි.

නෑ සර්. අපි ඈතින් හොයමු. මොකද මෙි වෙලා තියෙන සිද්ධි එක්ක බලපුවාම මගෙ අදහස නම් , ලඟපාත කෙනෙක් එන්නෙ නැතිවෙයි. ඒ ව⁣ගේම අපි හොයන්න ඕන දුරබැහැර කෙනෙක්. මොකද නැත්නම් පොඩ්ඩ ඇත්නම් ගෙදර දුවන්න බලනවා. එතකොට මෙතන වැඩක් කරන්න මෑන්ට කාලයක් නැතුව යනවා.

*හරියටම හරි තරුණයා. අපට ඕන පොඩ්ඩ ඇත්නම් ගෙදර දුවන හාදයෙක් නම් නෙමෙි. ඒක හරි… මම ඒක අනුමත කරනවා. හරි.. හෙටම පත්තරේට මෙි විස්තර ටික දීලා බලමු.

හොඳයි සර්…

*හරි.. ( උගුර පාදමින් ) මම එහෙනම් යන්නම්. ගුඩ් නයිට් තරුණයා. යමු ජෝශප්..

ගුඩ් නයිට් ටූ සර්..

මාද රාත්‍රි ආහාරය අවසන් කෙරුවෙමි.
ඉතින් මැඩම්… අද සද්දයක් නැහැ වගේ.

**කතා කරන්න ඉඩක් ලැබුණේ නැහැ නෙ.
ඔයා ඉතින් දැන් පරිණත වෙලා නෙ.

පරිණත … ? මම …?( මදක් සිනාසෙමින්) මැඩම් මට විහිළු කරනවද … ?

**නෑ විහිළු නෙමෙයි. මිස්ටර් කෙවින්ගෙ යෝජනාව ගැන මම කල්පනා කරේ. ඇත්ත තමයි ගෙදර දුවන්න හදන මිනිස්සු රාජකාරි කරනවා අඩුයි. හරිම අලසයි. නිතරම බලන්නෙ ගෙදර දුවන්න. ඒකනෙ අපි ගම්පහෙන් හැන්ඩි , තනිකඩ, නියම කොල්ලෙක් ගත්තෙ පරිපාලන වැඩට. එතකොට ගෙදර දුවන්න වුවමනාවක් නැහැ නෙ.

අනේ මන්දා මැඩම්. ඔයා මොනවා කියනවද කියලා.

**නෑ නෑ මම ඇත්ත කිව්වෙ ඉතින්. කොහොමත් ආයේ ගෙදර දුවන්න වුවමනාවක් නැති වෙයි.

හා.. හරි. ඒක ඇති. අද පොලීසිය ආවද මෙහාට … ?

**ඔව් මිස්ටර් කෙවින්.

ඒකනෙ මැඩම්. එහාටත් ආවා.

*එහාටත් ආවද … ?

මට කිව්වා මැඩම්ගෙන් කටඋත්තරයක් ගන්න ආවා කියලා.

**එයාට මොනවද තවමත් මගෙන් ගන්න තියෙන කටඋත්තර.

මොකක් හරි කොස්සක් ඇති.

*කොස්සක්ද , ඉදලක්ද මම දන්නෙ නැහැ. එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙි කියලා මට හිතෙනවා.

හා… එහෙම නම් ඉතින් මෙි ලස්සන සුදු නෝනව බලන්න එන්න හිතෙන්න ඇති. යාන්තමට වාගේ ආල හිතක්වත් පහල වුණාද දන්නෙ නැහැ නෙ මෑන්ට.

**විකාර.. හැබැයි මෑන් කුකුළා වගේ මට තේරෙන විදිහට. වැඩෙි කියන්නෙ මම ගැන දෙයක් හිතෙන්නේ නැති අයත් ඉන්නවනෙ ඉතින්. කිසිම හැඟීමක් නැහැ. තනිකරම සොම්බි වගේ.

වෙන්න ඇති නේද ඉතින්. (ඒක මාධව උඹට කිව්වෙ )

**ඒක නෙමෙයි මිස්ටර් කෙවින්. ඔයාට මාව ලස්සනයි ද … ?

මට විතරක් නෙමෙි. මැඩම්ව හැමෝටම ලස්සනට පේනවා. ලස්සන දේට ලස්සනයි කියන්න එපැයි කුහක නොවී.

**මට අනිත් අයගෙන් වැඩක් නැහැ. කෙවින් මහත්තයට ලස්සනයි නම් මට ඒ ඇති. හැමෝටම ලස්සන හන්ද තමයි මෙි ප්‍රශ්න සේරම. ( සෙමින් මුමුණන්නට විය )

හරි හරි ඉතින් ඒකෙ සතුටු වෙන්න දෙයක් නැහැ මම හිතන්නෙ. ( මොනවා කරලා හරි මෙතනින් පුළුවන් තරම් ඉක්මනට පැනගන්න ඕන )

**මොනවද කෙවින් මහත්තයා කල්පනා කරන්නෙ… ?

ඕහ්… නැහැ මම මෙි කල්පනා කරේ. ගම්මු කියනවා මෙි වතුයායේ හොල්මන් අවතාර තියනවා කියලා. අර සුනාමියෙන් නැතිවුන මාවන් මහත්තයගෙ නපුරු අවතාරය මෙි වත්ත පුරා රෑට සැරිසරනවා කියලා.

**ඉතින් මිස්ටර් කෙවින් ඒ කතාව විශ්වාස කරනවද… ?

නැහැ මැඩම්… මම හැමවෙලේම විශ්වාස කරන්නෙ විද්‍යාව මත පදනම් වෙච්ච කරුණු කාරණා විතරයි.

**ඒකනෙ ඉතින් එව්වා නිකං මනස්ගාත විතරයි. අපි විද්‍යාව විතරක් විශ්වාස කරමු.
අවිද්‍යාව අතහැරලා නේද… ?

අනිවාර්යයෙන්ම මැඩම්. එතකොට මම මෙතනින් නැගිටින්නද.. ?

**ඔව් .. අපි නැගිටිමු. යසවතීට මෙික අස්කරලා දාන්නත් එපැයි.

ඔව් මැඩම්… යමු යමු.. හෙමින් සීරුවේ පුටුව පසෙකට ඇද එයින් ඉවත්වී නැවත පුටුව මේසය අස්සට තල්ලුකර දමා , මා එතනින් ඉවත්ව ගොස් ඉහල මාලයට යාමට තරප්පු පෙල නැගගෙන යනවිටත් ඇය මාදෙස එකහෙළා බලාසිටින බව මාහට හැඟිනි. නමුත් මා එය නොහඟවා පියවරෙන් පියවර හෙමිහිට නැග ගත්තෙමි.

හා… මැඩම් ඒක නෙමෙි. මට මෙි වලව්වෙ අයගෙ වගේම , අනිත් හිතවත් අයගෙ ෆොටෝ ඇල්බම් එක පෙන්වන්න පුළුවන් ද… ?

*දැන් … ?

⁣ඕනම වෙලාවක.. ඒකට ප්‍රශ්නයක් නැහැ.

*හ්ම්ම්ම්ම් … මම කියන්නද.. මම හවස
වරුවක පෙන්වන්නම්. මොකද මෙි රෑ එච්චර පැහැදිලිව පේනවා අඩුයි නෙ.

ඔව් ඒකත් ඇත්ත තමයි. රයිට් මැඩම් කැමති වෙලාවක බලමුකො.

*හොඳයි මිස්ටර් කෙවින් ගුඩ් නයිට්…

ගුඩ් නයිට් ටූ මැඩම්. කියමින් මා එක පිම්මෙ තරප්පු පෙල නැග කාමරයට ඇවිත් දොර වසා ගත්තෙමි. ඇතැම් පුද්ගලයින් ඝාතනය කිරීමට පෙර සැළසුම් කල යුතුය. ගැටුමකින් තොරව , වැඩි කාලයක් ද වැය නොකර එය ක්ෂණිකව තම අරමුණ සාක්ෂාත් කරගැනීමට නම් කලින් ඔවුන්ව අඩපණ හෝ සිහිමුර්ජා කිරීමට අවශ්‍ය ය. එසේනම් සර්පවිෂ මුසුකල ඇණයක් පෑගීමට සලස්වා උපක්‍රමශීලීව මෙම ඝාතනය කර ඇති බැවි මාහට වැටහී යයි. වාහනයේ යතුරු කටින් යතුර නොගෙන සිටීමයි , උදරය කිණිස්සකින් පසාරු කර එය අපසු නොගෙන සිටීමයි අතර එකිනෙකට නෑකම් කියන සංකල්පයක් ඇති බැව් එදා මා හට මෝටර් රථයෙන් එලියට එනවිට සිහිවිය. සැබැවින්ම කිණිස්ස එලියට නොගෙන සිටියේ අවසන් හුස්මත් පිටවනතුරු තමන් කරනලද වැරදි මතක් කරගැනීමටය. එසේනම් මෙය පලිගැනීමක් ම බව පැහැදිලියි. නමුත් කවුද එය කරන්න ඇත්තෙ.. ? කාගෙ මෙහෙය වීමකටද… ? කාටද එය කිරීමට අවශ්‍ය … ? එක හෝඩුවාවක් දෙස බලා කල්පනා කරන විට තවත් ප්‍රශ්න කීපයක් එය වඩා රොඳ බඳියි.

මොනවා කරන්නත් මා සියල්ලටම කලින් මෙම නිවසෙන් වහාම එලියට ආ යුතුමයි. කොහොමද මම ඒක කරන්නෙ. ඊ⁣ට කලින් මා කසුන් මුරකරුවෙකු ලෙස මෙි වතුයායට කැඳවාගෙන ආයුතු අතර , ඉන්පසු මෙතනින් මාද නික්ම යා යුතුය. හොඳයි මාධව පලමුව කසුන්. දෙවනුව මම. සීත සුළඟ ජනේල් පියන්වල හැපී එයින් ඇසෙන කිරි කිරි හඬ නින්දට බාධා කරමින් සිටි. වහාම ජනේල අසලට ගොස් ඈත පෙනෙන කඳුකරය දෙස මද වෙලාවක් බලා සිටියෙමි. රාත්‍රි කාලයට නිස්කලංක වූ මෙම ගංතුලා හතම ඉතා පාළු ස්භාවයක් පෙන්නුම් කරයි. කොහොමවුවත් මා ජනේලය වසා දමා නින්දට ගියෙමි.

යමෙකු ඉතා සෙමින් පය තබමින් පියගැටපෙල නගින බවක් යාන්තමට ඇසී මා හදිසියේම අවදි වීමි. කුඹුක් ලීයෙන් නිමවා ඇති බැවින් රාත්‍රි කාලයේ කවුරු කොහොම ආවත් මොන ස්වරූපයෙන් ආවත්, නිශ්ශබ්දතාවය සීයයට සීයයක් රැකීමට නොහැකි කම , මාහට පරම වාසියකි. වෙලාව බැලුවෙමි රාත්‍රි දොළහට ආසන්නව තිබුණි. හෙමිහිට සයනෙන් නැගිටගත් මා දොර අසලට ගොස් හෙමින් සීරුවෙ දොර මදක් ඇරදමා , අවට බැලුවෙමි. අඳුරට හුරුවූ ඇස්දෙකට සුදු ඇඳගත් අයෙකු දක්නට ලැබුණි. දිගට අඳින ලද රාත්‍රි දුහුල් ඇඳුමකින් සැරසී උඩුමහලේ ඔබමොබ සැරිසැරුවෙ ගැහැණියකි. ඇයි එහි ආලින්දයේ පුටුකට වාඩි වූවාය. මෙය ඉතා අසාමාන්‍ය සිදුවීමක් වනුයේ ඇය එතන වාඩිවී. තම හිස ඉහළට පහලට වරින්වර වනමින් පසුවීමය.

හෙමින් සීරුවෙ ඇය අසලට ගොස් විදුලි පන්දම ඇය දෙසට එල්ලකර මා හඬ අවදි කෙරුවෙමි. මැඩම්… මැඩම් … ප්‍රතිචාරයක් නැති බැවින් තරමක් හඬ උස්කර කතා කරනවිට. තරප්පු පෙල නැගගෙන ආවෙ මෙහෙකාරිය වන යසවතීය. ``මහත්තයා පොඩ්ඩක් ඉන්න ´´ කියමින් ඇය මා පසුකරවිත් , අතේ තිබුන වකුර වීදුරුවෙන් දිය බිඳක් මුහුණට ඉසුවාය.

*ඕහ්…. කො කො කොහෙද මම ඉන්නෙ ..?

**නෝනා හාමු.. ආයෙත් නින්දෙන් ඇවිදිනවා වගෙයි. යමු යමු හනික.

ඇය මා දෙසද , මෙහෙකාරිය දෙසද මාරුවෙන් මාරුවට බලා නැගිට ලැජ්ජා සහගත ලෙස වේගයෙන් පහල⁣ට යන්නට විය.

**අනේ සමාවෙන්න මහත්තයා…
කියමින් මෙහෙකාරියද නික්ම යන්නට විය.

නැවත මා කාමරයට පිවිස , නිකමට මෙන් ජනේලයෙන් ඔබ්බට ඇති ඈත කඳුකරය දෙස බැලුවෙමි. එකවරම කොළපාට කුඩා එලියක් පත්තූවී, සැණෙන් නිමෙන්නට විය. කොලපාට කුඩා තිතක් බදු එය කොයි තරම් කුඩාද යත්, මා අහම්බෙන් හරි එය දුටුව එක නම් අරුමයකි.

නැවත හමුවෙමු…


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now