නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 09
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
09 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙි කතාව වගේම දැනට මා සොයාගත් කරුණු හරිම අසමානයි වගේම , කිසිම කරුණක් එකිනෙකට සම්බන්ධ කරන්නම බැහැ.
මෙතැන් සිට…
නමුත් තවත් අතුරු කාරණාවක් කෙරෙහි මගේ අවධානය යොමු වන්නේය. එනම් කැරොලින් මහත්මිය හීනෙන් ඇවිදීම පමණක් ම නෙමෙි. ඇය හීනෙන් ඇවිදින බවත් වලව්වේ හැමෝම දන්නා කරුණක් වුවත්. ඒ සඳහා කිසිදු පිළියමක් මෙි දක්වා නොගත්තේ ඇයිද කියන කාරණාව තුල යම්කිසි කුකුසක් තිබෙි. මක්නිසා ද යත් ඇය සෑම රාත්‍රියකම එසේ ඇවිද යන්නෙ නැත්නම් , යම්කිසි රාත්‍රියක පමණක් ඇය ඇවිදින්නෙ මන්ද .. ?
එසේ සොයාබැලීමට නම් මා කල යුත්තේ මෙහෙකාර ජෝශප්ව හෙමිහිට කතාවට පොළඹවාගෙන හීන් සීරුවෙ උත්තරය ලබා ගැනීමයි. රාත්‍රි කාලයේ යම්කිසි ක්‍රියාකාරකම් මෙම වත්ත තුල රහසිගතව සිදුවෙනවාද යන්න සෙවීමට අවශ්‍ය මුත් , එසේ කිරීමට තරම් කිසිදු පහසුකමක් මා සතුව නොමැත. රාත්‍රි දුරදක්නයක් , පිස්තෝලය , විශේෂිත දුරකථනය වගේ දේවල්. ඒවා සන්තකයේ තබාගැනීම අවදානම් සහගතයි. මක්නිසා ද යත් , බොහෝදුරට ඉදිරි කාලයේදී පොලීසිය මා ගැනද ඇහැගහගෙන ඉන්නට පුළුවන්. සමහරවිට ක්ෂණික සෝදිසි කිරීමක් වුනත් දියත් කරන්න බැරි නැහැ මෙි භූමිය තුල. කමක් නැහැ මාධව. කිසිම උපකාරක දෙයක් නැතුව මා කරනා පලමු මෙහෙයුම මෙය නෙමෙි නෙ. ඒවා අත්‍යාවශ්‍යම දේවල් නෙමෙි. මොකද මෙතන පාතාල කල්ලි වල ක්‍රියාකාරකම් පෙනෙන්නට නැහැ නෙ. හ්ම්ම්ම්ම් බලමු. සුපුරුදු පරිදි රාත්‍රි නින්දට යන විට මධ්‍යම රාත්‍රිය උදාවී තිබුණි.
පසුදින ….
තේ කෝප්පයක් සාදාගෙන විත් ආලින්දයට ආවේ උදෑසන සොබා අසිරිය දැකගැනීමට ජනේලය විවෘත කිරීමටය. ඈත කඳුවැටිය බොඳ මීදුමෙන් වැසී පවතියි. ඊයේ දිනය රජයේ නිවාඩු දවසකි. කොහොමත් සෙනසුරාදා දවසෙ වැඩ කරන්නේ වරුවයි නෙ. අද ඉරිදා දිනය බැවින් අද දවස කොහොමත් නිවාඩු දිනකි.
උණුසුම් තේ කෝප්පය පානය කරමින් ඈත
පෙනෙන මායිම තෙක් බලා සිටියෙමි. මා සතුව හෝඩුවාවන් කීපයක් ඇතිමුත් ඒ සියල්ල එකිනෙකට ගැලපීමට නොහැකි තරමට සම්පූර්ණයෙන් පාහේ පරස්පර විරෝධියි. කැරොලින් මහත්මිය පොත් කියවීමට රුචියක් දැක්වුව ද , නිරන්තරයෙන්ම ඇය කියවන
කතා ප්‍රේමණීය කතා වන අතර , ඒ කිසිවක් භාෂා පරිවර්තක කෘති නොවන වග මා දනිමි. ඇය එම ශෛලමය කතා වලට කිසිසේත්ම
කැමැත්තක් නොදක්වන බව වරක් මාහට කියා සිටියා මතකයි. එසේනම් මා කෙසේ හෝ සපත්තු මසන්නා සොයාගත යුතුය. නමුත් මහනුවර හා එම නගරය අවට ඇති කුඩා නගරවල සපත්තු මසන්නන් කොපමණ ප්‍රමාණයක් ඇද්ද…? ඔවුන් සියළුම දෙනා ගැන විපරමින් සිටින්නේ කොහොමද .. ?
මා මෙි තනතුර දැරීම තුලින් පුළුල් පරාසයක් තුල විමර්ශන කටයුතු කිරීමට ඇති හැකියාව ඇහිරුනා වත්ද.. ? නමුත් ඝාතකයා බාහිර පුද්ගලයෙක් නොව , මෙි අහල පහල අයෙකුනම් , මට සිතේවී මෙි තනතුර දැරීම උච්තයි කියා. කොහොම නමුත් මට තව ටික කාලයක් ගතකරන්න වෙිවි යම්කිසි තත්ව ස්ථාවරයකට ඒමට. පාතාල කල්ලි මර්දනය කරනවා වගේ හිතුමතේට කටයුතු කරන්න බැහැ. මෙවැනි රහස් සිදුවීම් වලදී. බොහෝ පිරිසකගේ ඇස් කන් වසා ඉතාමත් සීරුමාරුවට මෙය හෙළිදරව් කරගත යුතුය. ඈත සිට උදා ආහාරය රැගෙන එන සයිමන් දැක මා සිතුවිලි දැහැනෙන් මිදුනෙමි.
*ආයුබෝවන්ඩ අපෙ මහත්තයා.
ආයුබෝවන් අංකල්..
*උදේ කෑම අරගෙන ආවා..
කෝ දෙන්න.. බොහොමයක් ස්තූතියි.
*අපෙ මහත්තයා අදත් නිවාඩුයි නේද.. ?
ඔව් නේද.. ?
*අපිට කොහින්ද ඉතින් නිවාඩු. වත්ත වටේට එහාට දුවනවා. මෙහාට දුවනවා.
හරි හරි… ඒකට තමයි තව තරුණ හාදයෙක් ගේන්නේ මෙහාට. එතකොට හරිනෙ.
*අම්මපා මහත්තයා. මම කොච්චර කිව්වද
මෙිකට තව හාදයෙක් ගන්ඩ කියලා. කොහෙද ඉතින්. මහත්තයාම එන්න එපැයි ඒකත් හරියන්ඩ.
හරි.. මම ඉතින් ආවනෙ. ඒක නෙමෙි මෙි හෙන්ද්‍රික් වලව්වේ බාලම මහත්තයා කවුද… ?
*බාලම මහත්තයා කිව්වෙ.. හා මාවන් හාමු. අපරාදෙ කියන්ය බෑ. හරිම හොඳ මහත්තයා. අපෙ මහත්තයා වගේමයි. හරිම නිහතමානී හාදයා.
ඉතින් මොකද වුනේ එයාට… ?
*මහත්තයා… ඒ පොඩි හාමුයි , ඒ නෝනයි දෙන්නම නිවාඩුවකට ඔය දකුණේ පැත්තට ගිහින් තියනවා. ඊට පස්සේ ඔය වාද්දූව හෝටලයක රෑට ලැගලා තියනවලු.
ඊට පස්සේ පහුවදා එන ගමන් සුනාමියට අහුවුනා කියලා තමයි කියන්නෙ.
හපොයි එහෙමද … ?
*ඔව් අපෙ මහත්තයා.. ඒ නෝනත් හරිම හොඳයි. මම දන්න විදිහට නම් බබෙක් හම්බවෙන්න තමයි ඉඳලා තියෙන්නේ. පව්
අප්පා.
ෂිට් .. හරිම දුකයි..
*ඒක තමයි අපෙ මහත්තයා. හොඳ මිනිස්සු
කලින්ම යනවා. ඒක තමයි ලෝක ස්භාවය කියලා හිත හදාගන්න තමයි ඉතින් තියෙන්නෙ.
හ්ම්ම්ම්ම් ඒක ඇත්ත තමයි ඉතින්. එතකොට මාවන් මහත්තයා පදිංචි වෙලා හිටියෙත් ඔය හෙන්ද්‍රික් වලව්වෙමද… ?
*මාවන් පුංචි හාමු හමුදා නිලධාරියෙක්.
කසාද බැන්දට පස්සේ මරීනා මැඩම්ගෙ මහගෙදරට ගිහින් වෙනම ජීවත්වුනා. මොකද ( වටපිට බලමින් ) ඔය හෙන්ද්‍රික් වලව්වෙ හාමුලා අතර ඉඩම් බෙදාගන්න ලොකු ආරවුල් තිබ්බා. ඔය මැරුන හාමුලා දෙන්නම සුරා සූදුවට හුඟක් ඇබ්බැහි වෙලා හිටියෙ. හරිම පෝරිසාදයෝ තමයි ඉතින්.
මරීනා මැඩම් කිව්වෙ … ?
*ලොකු නෝනා හාමු..
ඒ කියන්නෙ රිචඩ් සර්ගෙ වයිෆ් ..
*ඔව් අපෙ මහත්තයා.
එතකොට දැන් ඔය රට ඉන්න හාමු මොනවගේ් කෙනෙක්ද.. ?
*පැට්ටරික් ( පැට්රික් ) හාමුත් සුරා සූදුවට
තමයි කැමති. ඔය කැරොලිනා නෝනා බලෙන් වගේ බන්දලා තියෙන්නේ.
ඒ කිව්වෙ ….
*අනේ අපෙ මහත්තයා මෙව්වා මම කියනඑක හරිද මන්දා … ( හිස කසමින් )
කැමති නම් කියන්න අංකල්. මොකද මම මෙව්වා අහන්නෙ පත්තරේට දාන්න නෙමෙයි. මට ඕන මිනිස්සු කවුද කියලා දැනගෙන ජීවත් වෙන්න. මොකද මම දිගටම වැඩකරන්න තියෙන්නේ මෙි අයත් එක්ක නෙ.
*ඒක හැබෑව .. මොකද සතා දැනගෙන ඉන්න එක හොඳයි. ඔය කැරොලිනා නෝනා හොඳ ධනවත් වගේම වැදගත් පවුලක කෙනෙක්
පැට්ටරික් හාමු ඒ නෝනගෙ තාත්තා එක්ක හාද කමක් තියාගෙන ඒ ලොකු හාමුත් කොහෙන් කොහොමහරි සුරා සූදුවට පොලඹවාගෙන සම්පූර්ණ බූදලයම නැති නාස්ති කොරගෙන. පස්සේ ඒ සින්න වෙච්ච දේපල බේරගන්න හිලව්වක් විදිහට තමයි මෙි ලස්සන නෝනව මගුල් ජෝඩු කරගෙන ඇවිත් තියෙන්නෙ.
මගෙ දෙයියනේ… පව්... තරුණ ගෑනු ළමයෙක් නේද … ?
*ඔව් අපෙ මහත්තයා. හැබෑවටම පව්.
බලාගෙන ගියාම හාමුලා , එතකොට වලව් ජීවිත කියන්නෙ “උඩින් ඔපේ,යටින් හපේ” නේද අංකල්..
*සහතික ඇත්ත අපෙ මහත්තයා. වන්සෙ විතරයි. එතකොට මම ගොහින් එඥ්ඤං. අපි පස්සේ තව විස්තර කතා කොරමු.
හොඳමයි…
සයිමන් අංකල් නික්ම ගිය පසු. හිතන්නට
අලුත් දෙයක් නිර්මාණය විය. එය නව මාවතකි. “මහත්තයා මෙි වලව්වේ වැඩි කාලයක් රැඳෙන්න එපා” මෙහෙකාර ජෝශප් ගෙ වදන් පෙල වගේම “සර්… පුළුවන් තරම් ඉක්මනට වෙන තැනක් හොයාගෙන යන්න” කාර්යාලයේ වැඩ කරන ජගත් ගෙ වදන් ද සිහිවිය. මාධව දැන් නම් මෙික පෙරට වඩා අවුල් ජාලාවක් වී හමාරයි. මොළයේ කාබන් කැඩෙන්නට කල්පනා කරන්න තියෙන්නේ. ඔවුන් අඳින ලද සැළසුමද මාත් ඇඳිය යුතුමයි. ටිකෙන් ටික හෝඩුවාවක් හොයාගෙන.
උදා ආහාරය අවසන් කරනවාත් සමඟ දුරකථන නාදවිය. ඒ කසුන් ය.
දු ක - ආයුබෝවන් සර්…
ආයුබෝවන් යාළුවා…
දු ක - සර් හොට් නිවුස් එකක් තියනවා.
හැබෑටම… ඒ මොකක්ද… ?
දු ක - මට අර පොත ගත්ත අයගෙ ලිස්ට් එක ලැබුණා.
අම්මපා කියපං…
දු ක - සර් පල්ලා…
මෙච්චර ඉක්මනට … ?
දු ක - පවර් ඔෆ් ද මනී.. සල්ලිවල බලය තමයි ඉතින්.
නියමයි නෙ.. මට ඒකෙ පිටපතක් දැන්ම ඊමෙිල් එකට දාන්න.
දු ක - මම උදෙන්ම කරපු පළවෙනි රාජකාරිය ඒක තමයි. සර් ගෙ මෙිල් එක බලන්න. එහෙනම් ජයවේවා මිස්ටර් කෙවින් ෆර්නැන්ඩස්.
ජයවේවා යාළුවා …
දුරකථන විසන්ධි කර , ලැප්ටොප් පරිඝණකය ක්‍රියාත්මක කර ඉඳුරාම ඊමේල් ටික පරික්ෂා කෙරුවෙමි. එම පණිවිඩ අතරින් උදෙන්ම ආ පණිවිඩය විවෘත කල පසු පුද්ගලයන් තිස්හය දෙනෙකුගෙන් සමන්විත නම් සඳහන් ලැයිස්තුවක් එහි විය. එහි පිටපතක් ජංගම දුරකථනයට බාගත කරගත් මා. එය පසෙකින් තබා , ඔවුන්ගේ නම් හා ලිපිනයක් කෙරෙහි අවධානය යොමු කෙරුවෙමි. ප්‍රථමයෙන් මා බැලුවෙ කැරොලින් මහත්මියේ නම සඳහන්ව ඇද්ද කියා. මක්නිසා ද යත් දැන් ඇයද මගේ සැකකරු ලැයිස්තුවට ඇතුළත්ය. නැහැ එහි ඇය සිටියේ නැහැ. දෙවනුව නිකමට මෙන් පීරීස් වාසගම සහිත නමක් තිබුනේදැයි පිරික්සුවෙමි.
එයද තිබු තිබුනේ නැත. හ්ම්ම්ම්ම් මාධව
දැන් තමයි මෙි ලැයිස්තුවෙන් ප්‍රතිළුල ලැබුණා හෝ නොලැබුණා ටිකක් සංකීර්ණව පරික්ෂා කරන්න වෙන්නෙ.
තිස්හය තුනට කඩලා එකිනෙක විමර්ශනය කරන්න වෙනවා. එතකොට එක සැදුම්ලත් කණ්ඩායමකට දොළොස් දෙනෙකු ඇතුලත් වෙනවා. හදිස්සියක් නැහැ. අපි හෙමින් සීරුවෙ හොයමු. දැන් තමයි මට අපේ ඒකක ක්ෂේත්‍ර ඔත්තුකරුවන්ගෙ සහය ඇවැසි මොහොත. මෙතනින් හයදෙනෙකුගෙ නමට ඉදිරියෙන් තරු ලකුණ දමාගෙන කණ්ඩායම් තුන තවත් කුඩා කෙරුවෙමි. ඉන් හය දෙනෙකු විමර්ශනය කිරීම මා කල යුතුය. ඉතුරු තිස්දෙනා ගැන විපරම් කිරීම ක්ෂේත්‍ර ඔත්තුකරුවන්ට බාරයි. මා විමර්ශනය කලයුතු පුද්ගලයින් හය දෙනෙකුගේ නමට ඉදිරියෙන් සලකුණු කර
ඉතුරු නම් තිහ නැවත සහයකයා වෙත ඊමේල් කෙරුවෙමි. ඉන්පසු දුරකථන ඇමතුමක් ද ගත්තෙමි.
හෙලෝ නාරද..
දු ක - සර්…
ඔන්න මම එව්වා ඒ ලැයිස්තුව ආපසු. ඒකෙ හය දෙනෙක් ගැන අපි හොයමු. අනිත් තිස්දෙනා ගැන විපරමින් ඉන්න කියලා අපි බාරදෙමු අපේ ස්පයිඩර්ස්ලට.
දු ක - හරි සර්… මම වැඩෙි බාර දෙන්නම්.
රයිට් ජයවේවා …
ඇමතුම විසන්ධි කල මා උදා ආහාරයෙන් පසු මොටර් රථයට ගොඩවූයේ ඉඳුරාම පිලිමතලාව යාම සඳහාය. එහි ගොස් වාහනය තැනක ගාල්කර, ඒ අවට මාර්ගයේ සිටින සපත්තු මහන්නෙක් දෙස ඔහුට නොදැනෙන්නට බලා සිටියෙමි. වයස අවුරුදු පනහක් පමණ වයසැති ඔහු සපත්තු කීපයක් ගොඩගසාගෙන එයින් වරකට එක බැගින් ගෙන මහන්නට විය.
රහසේ අග සහ මුල සොයන්නට මා සපත්තු මසන්නන් කීදෙනෙක් දෙස නෙත් යොමා නිරීක්ෂණය කල යුුතු ද .. ? පොත් කියවන්නා සහ සපත්තු මසන්නා අතර යම්කිසි රහස් සම්බන්ධතාවයක් තිබේද , නැත්නම් දෙදෙනා වෙන වෙනම මෙි ඝාතන දෙකම කරන්න ඇද්ද. නැත්නම් මෙි දෙන්නාගෙන් එකෙකු මෙි දෙකම කරන්න ඇද්ද .. ? එහෙම කරන්න හේතුව මොකක්ද යන්න සොයාගැනීමට යුහුසුළුව ක්‍රියා කල යුතුය. නමුත් පොලිස් නිලධාරීන් වෙනම මාර්ගයක් ඔස්සේ හඹායනවා ඇති. බාග වෙලාවට ඔවුන්ට විමර්ශනය සඳහා ප්රවිශ්ඨ වීමට තවමත් කිසිදු හෝඩුවාවක්
නොලැබෙන්නට ඇති.
කරුණු කීපයක් ගැන සැක සහිත වුවද.
ලැයිස්තුගත පුද්ගලයින් පිළිබඳව පූර්ණ විමර්ශනයකින් පසු. ඔවුන් ගැන ඇති සැකයන් මුදාහැරීම කල යුතුය. සමහරවිට මා යන මාවත් දෙකම වැරදි වෙන්නත් පුළුවන. නමුත් කොහෙ හෝ තැනක මෙහි කොනක් අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕන. මෙතෙක් කාලයකට මා සෙවූ දේවල් මගහැරී නැතුවා සේම , මෙි මෙහෙයුමෙිද
එසේම විය යුතු යැයි මා තරයේම විස්වාස කරන්නෙමි. එක් අතකින් සැකකාර සපත්තු මහන්නෙක්. තවත් පැත්තකින් පොත් කියවන්නෙක්. නමුත් මෙි විෂයේදී දෙදෙනාටම එක පොදු කාරණාවක් තවම මා දැක්කෙ නැහැ. හ්ම්ම්ම්ම් සපත්තු මහන්නෙක් දෙස බලමින් මා කල්පනා කරනවා වැඩිද මන්දා. වහාම අසුනෙන් නැගිට මෝටර් රථයට නැග එය පණ ගන්වා ආපසු ගෝනහෙල බලා ආවෙමි. ග්‍රාමයට ඇතුලට එනවිට හංදියේ තිබෙන තේ කඩයකයකට ගොඩ වැදීමට පෙර වාහනයේදීම දුරකථයේ ඇති වීඩියෝ කැමරාව ක්‍රියාත්මක කර කමිසයේ ඉහල සාක්කුවට දුරකථනය දමාගන්නට අමතක නොකලේ කුමක් හෝ යමක් දැනගැනීමටය.
මුදලාලි මෙි ගෝනහෙල හන්දිය නේද … ?
*ඔව් මහත්තයා… මහත්තයා මෙි පලාතෙ කෙනෙක් නෙමෙිද .. ?
නැහැ.. මම ඇවිත් මාසයක් විතර වෙන්නෙ.
මාසයක් කිව්වට ඉතින් තවම මාසයකුත් නැහැ.
*මාසයක් කිව්වෙ. මහත්තයා කොහෙද වැඩ. ( මා පැමිණි මෝටර් රථය දෙස බලමින් )
මම සැමුවෙල් වතුයායට ආපු අළුත් සුපර්වයිසර්.
*දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ මෙි ඒ මහත්තයද .. ?
ඒ මහත්තයා කිව්වෙ… ?
*මහත්තයා ගැන මෙි වතුයායම කතා වෙනවා නොවැ.
කතා වෙනවා.. ? මොනවද ඒ … ?
*අවුරුදු ගාණකට පස්සේ ඔය වතුයායට ආපු හොඳම සුපර්වයිසර් මහත්තයා , ඔබතුමා කියලා තමයි ඔය වැඩකරන එකාලා කියන්නෙ.
එහෙමද … ? හොඳයි …
*පුදුමයි.. ඒත් ඇත්තයි..
ඒ මොකද මුදලාලි … ?
*නෑ ඉතින්. ඔතන මිනීමැරුම් දෙකකුත් වුනා නොවැ. කලින් මිනීමැරුම වෙලා ඔතන හිටපු සුපර්වයිසර මහත්තයා බයට ගියා. එහෙම තියෙද්දීන් මෙහෙම ආපුඑක පුදුමයක් නෙමෙිද මහත්තයා.
මුදලාලි… මට එහෙම බයවෙන්න තරම් දෙයක් මෙතන නැහැ නෙ. පොලීසිය හොයාගනියි නෙ කවුද කලේ කියලා. මට ඉතින් ඔය වුනා කියන දේවල් වලට කිසිම සම්බන්ධයක් නැහැ නෙ.
**ඔව් ඔව් ඒක හැබෑව.ඔය කරව්වා කියන මිනීමැරුම් මෙදා කපේ හොයනවා බොරු මහත්තයා.
ඒ මොකද … ?
*නෑ ඉතින් කලින් එක කරපු එකා ගැන හාන්කවිසියක් තවම නැහැ නෙ. පොලීසිය කොරයි කියලා තමයි බය . ( මද සිනහවක් පාමින් ) එයාලා හොයනවා ඉවරයක් නෑ. තවම හම්බවුන එකෙකුත් නෑ. එව්වා ඉතින් එහෙම තමයි. එතකොට ඔය මහත්තයා තවම වලව්වෙද ඉන්නෙ… ?
ඔව්… ඇයි එහෙම ඇහැව්වෙ මුදලාලි .. ?
*බලාගෙන මහත්තයා ඔය වලව්වේ හොල්මන් තියනවා කියන්නේ.
හොල්මන් කිව්වට එක හොල්මනක් නම් ඉන්නවා. වෙන නම් පේන්න නැහැ.
( මදක් සිනාමුසුව )
*හොල්මන කිව්වෙ නෝනාහාමුට වෙන්ටැ මයේ හිතේ. ඒකත් එක්තරා හොල්මනක් තමයි මහත්තයා. හැබැයි සීදේවි හොල්මන නේද.. ? ( සිනාසමින් ) මම ඒක විහිළුවට කිව්වෙ හොඳේ..
මමත් එහෙම තමයි මුදලාලි.
*මහත්තයත් පුංචි හාමු වගේ තමයි. හරිම හොඳයි.. කටපුරා හිනාවෙනවා.
පුංචි හාමු කිව්වෙ…
*මාවන් මහත්තයා. අර හමුදාවෙ හිටිය කෙනා. අපරාදෙ කියන්න බෑ. එතන හිටිය එකම හිතහොඳ මනුස්සයා. අකාලෙ මැරුන නෙ.
හා… මාවන් මහත්තයා නේද .. ? මම අහලා තියනවා එයා ගැන. එයා පදිංචි වෙලා හිටියෙ කොහෙද එතකොට.
*මෙි පාරෙ කෙලවරේම ගෙදර තමයි. දැන් නම් ඒක පාළුවට ගිහින් නෙ. වත්ත වල් වැදිලා. ගෙයක් දොරක් තියනවද කියලා හොයන්නත් බැහැ.
පාළුවට ගිහින්. ඒ මොකද … ?
*හොල්මන් තියනවා කියලා තමයි ගම්මු කියන්නෙ.
හොල්මන් … හැබෑටම එහෙම තියනවද..?
*ඔව් මහත්තයා. දෙතුන් දෙනෙක් දැකලා තියනවා.
හ්ම්ම්ම්ම් ඒකත් එහෙමද… ? බලාගෙන ගියාම හැමතැනම හොල්මන් නෙ. මමනම් ඒවගේ දේවල් විශ්වාස කරන්නෙ නැහැ මුදලාලි. මොකද හොල්මන් දැන් හොඳ විලාසිතාවක් වෙලා තියෙන්නේ මෙි සමාජයේ. මොකද හොල්මන් කියන්නේ හොඳ බිස්නස් එකක්නෙ. අවසානයේ වෙන්නෙ හොල්මනුත් ජෝකර්ලා වෙන එක තමයි.
*ඒකනම් සහතික ඇත්ත. හොල්මන් කිය කියා හිටියොත් බයෙන් සැකෙන් නොවැ ජීවත් වෙන්න වෙන්නේ.
මා හිමින් සීරුවෙ වටපිට බලනවිට යමෙකු බංකුවක් හත ඉඳගෙන පත්තරයක් කියවන බව පෙනුනි. නමුත් ඔහුගේ සැබෑ අවධානය තිබුණෙ සැබැවින්ම පත්තරේට නම් නොවන වග මට ඉවෙන් මෙන් තේරුනේ ඔහුගේ කන්පෙති ඉතා සියුම් ලෙස අප දෙසට චලනය කිරීමය. මා පාර දෙපස බලනවාක් මෙන් රඟ දක්වමික් ඔහු දෙසටද කීප වතාවක් හැරුණේ ඔහුගේ මුහුනෙහි සමීප ඡායාරූපයක් ගැනීමටය. අනතුරුව කඩහිමියාට මුදල්ද ගෙවා ඉතුරු මුදලද ඔහුටම දී මා මෝටර් රථයට නැග සැමුවෙල්ස් වතුයායේ නේවාසිකාගාරයට එනවිට දහවල් වී තිබුණි.
දිවා ආහාරය සයිමන් විසින් ගෙනැවිත් දුන් පසු. එය කෑමෙන් පසු මා දුරකථන අතට ගෙන එහි සුරකින ලඳ වීඩියෝව ලැප්ටොප් පරිඝණකයට පිටපතක් දමාගෙන ඉතා එය ක්‍රියා කරමින් කීප වතාවක් ඉතා සියුම්ව පරික්ෂා කෙරුවෙමි. සැබවින්ම ඒ පත්තරය කියවපු හාදයා එම පත්තරය කියවූ බවක් නම් පෙනෙන්නට තිබුනේ නැත. පසුව ඔහුගේ සම්පූර්ණ මුහුණේ ඡායාරූප කීපයක් ගෙන එය පින්තූර සංස්කරණ මෘදුකාංගයකට දමා ඉතා පැහැදිලි කෙරුවෙමි. “මෙි තියෙන්නේ මාධව ගින්දර වගේ බඩු” ඉන්පසු එම ඡායාරූප කීපයම සහයක කසුන් වෙත ඊමේල් පණිවිඩයක් යැව්වෙමි. ඉන්පසු දුරකථන ඇමතුමක් ගත්තෙමි.
නාරද… තැනේද ඉන්නෙ. නැත්නම් පාරෙද.?
දු ක - නෑ සර් රූම් එකේ ඉන්නෙ.
රයිට් … ඔයාට මෙි දැන් ඊමේල් එකක් දැම්මා.
දු ක - එහෙමද … ? ඉන්න බලන්න. සර් මට විනාඩියක් දෙන්න..
සුළු මොහොත පසු…
දු ක - සර්… හරි.. ආවා. කවුද මේ ඩයල් එක.. ?
කවුද , කින්ද , මන්ද කියලා තමයි හොයාගන්න ඕන. දැන් පැයකට විතර කලින් මම ගියා ගෝනහෙල හන්දියට. එතනදී කඩෙි මුදලාලියි මමයි අතර කතාබහක් ඇතිවුණා. මෙි මෑන් පැත්තකට වෙලා පත්තරය කියවනවා. නමුත් මෑන්ගෙ අවධානය තිබ්බෙ මට කියලා දැනුණා. ඉතින් මම මෑන්ගෙ හීනියට වාගේ ෂොට් එකක් ගත්තා.
නැවත හමුවෙමු….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023