නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 29
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
29 වන දිගහැරුම
( නියෝජිත හමුව )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ජයවේවා සර්.. කියමින් ආපසු හැරී අඩියට දෙකට වාහනය වෙත ඇවිත් එය පණගන්වා නික්ම ගියේ කාර්යාල පරිශ්‍රය
වෙතය.
මෙතැන්සිට ….
දිවා ආහාරයෙන් පසු කඩිමුඩියේ වතුයාය
වටේ රවුමක් ගියෙමි. තේ කොළ වේලන
තැන් ද පරික්ෂා කෙරුවෙමි. නැවත මා කාර්යාලයට විත් ලිපිගොනු කීපයක් පරික්ෂා කරනවිට ජගත් මා හමුවට එන ලදි.
*සර්.. මම එන්නද ඇතුලට.
ආ… ජගත් මහත්තයා. එන්න වාඩිවෙන්න.
ඉතින් ඉතින් …
*සර් අද උදේ වරුවම හිටියෙ නැහැනෙ.
ඔව් ජගත් මහත්තයා. මම මැඩම් එක්ක ටවුමට ගියා. මම යනවා කියලා කියලා නේද ගියේ.. ?
*ඔව් සර්…
හ්ම්ම්… එහෙම ගිහින් පුස්තකාලයට ගියා.
ඊට පස්සේ මැඩම්ට ඇඳුම් වගයක් ගන්න ඕන කියලා දස අතේ ඇවිද්දා..
*මම මෙික අහන එක හරිද මන්දා..
එහෙම නැහැ. ඕනම දෙයක් අහන්න. මොකද මම දන්නවා මම කවුද. මම මොනවද කරන්න ඕන. මොනවද නොකරන්න ඕන කියලා.
*සර් වෙන කොහෙවත් ගියාද… ?
ජගත් මහත්තයා. ඔයා හොඳාකාරවම දන්නවා නේද ඔය වගේ ප්‍රශ්නයක් මගෙන්
අහන එකේ බරපතලකම. ඔහොම ඇහැව්වා කියලා මැඩම්ට හෝ මිස්ටර් රිචඩ් ගෙ කණට ගියොත් එහෙම නැත්නම් මම කිව්වොත් ඔයාගෙ ජොබ් එකත් මෙතනින් අහවරයි නේද … ?
*ඒක දැනගෙන තමයි මම සර් වගේ කෙනෙක් ගෙන් මෙිවගේ ප්‍රශ්නයක් ඇහැව්වෙ.
හ්ම්ම්… එහෙම නැහැ ජගත් මහත්තයා.
අනික මම කැමති නැහැ රාජකාරි කාලය තුල වෙන වෙන වැඩ වලට යන්න. නමුත්
මෙි ඉතින් මෙි වතුයායේ අයිතිකාරයගෙ
ලේලි නෙ. ඒ හන්දා කරන්න දෙයක් නැති කමට මම ගියේ. එහෙම නැතුව ඔයා හිතන ජාතියේ දෙයක් නැහැ. මොකද තනි
අතින් අත්පුඩි ගහන්න බැහැ නෙ.
*ඒක තමයි නේද සර්..
හ්ම්ම්… ඒකනෙ. සර් පුළුවන් තරම් පරිස්සමෙන් වැඩ කරන්න.
බොහොම ස්තූතියි ජගත් මහත්තයා. උදේ වරුවම මම මෙතන නැති හන්දා මෙි ෆයිල්
ටික චෙක් කරන්න බැරිවුණා. මම මෙිටික
බලන්න ද එහෙනම්.
*සොරි සර්.. මම යන්නම්.
ඕකේ…
හෝරා හතරකට පසු කාර්යාලයේ වැඩ හමාරකර සියල්ලෝම ගියද , මා තවම
ලිපිගොනු වල වාර්තා පරික්ෂා කරන්නට විමි. දුරකථනය නාදවිය.
හෙලෝ…
දු.ක - මහත්තයෝ තවම ඔයා වැඩද.. ?
ඔව් කැරොලිනා. මම තවම වැඩ. දවසේ වැඩටික මම ඉවර කරන්න එපැයි.
දු.ක - මම හන්දා කරදයි නේද ඔයාට.
එහෙමත්ම නැහැ. මම කැමති නැහැ අදට
තියෙන වැඩ හෙටට කල්දාන්න. ඒ හන්දා
ඒ ගැන හිතන්න ඕන නැහැ. මම හෙට යනවා අර වැඩෙිට.
*හ්ම්ම්… මමත් එන්නද .. ?
එපා.. ඔයා යනඑක සුදුසු මදි. මම ගිහින් වටයක් දාලා එන්නම්.
*හරි මහත්තයෝ.. හරි. ඔයා ගෙදර ඇවිල්ලත් මාව බෙිරගත්තා නේද … ?
පපාට ඔයාව පට්ට සැටිස්. ඔයාගෙ ඇක්ටින් නම් නියමයි. ඔයාට තියෙන්නෙ
අන්‍යයන් ගැන අසීමිත කාරුණාවක්. මම
සතුටු වෙනවා ඒගැන.
හ්ම්ම්… හරි මැණිකේ මට තව ෆයිල් තුනක් තියනවා බලන්න. මම ඒ ටික බලන්නම්. පරිස්සමෙන් ඉන්න මම තියන්නම්.
*හරි.. මම තියන්නම්. ඔයත් පරිස්සමෙන් ඉන්න.
ඇමතුම විසන්ධි කල මා නැවත ලිපිගොනු
කීපයක් පරික්ෂා කර , අනතුරුව සීට් එකෙන් නැගිට්ටෙමි. ඉක්බිති කාර්යාලය වසාදමා නවාතැනට ආවෙමි. ව්‍යායාම
ඇඳුමින් සැරසී එලියටවිත් දොරගුළු වසා
දමන විටම කසුන් මා අසලට පැමිණියා.
*සර් යමු නේද … ?
යමු ගැමුණු. අද කන්ද දිහාට යමු. මිනිත්තු කීපයක් නිහඬව ගමන් ගත්තෙමු. තේදළු
නෙලන්නියන් තම වැඩකටයුතු අවසන්කර
අප දෙස බලා සිනාසෙමින් යන්නට විය.
*සර්ට මෙහෙ කොල්ලො , කෙල්ලෝ හුඟක් ෆිට් නේද … ?
ඔව් යාළුවා… ආයේ කවුරුවත් අපිව දකින්නේ නැහැ. සේරම ගියා. අවසානෙටම
යන්නේ ඔය උස කෙට්ටු ගෑනු කෙනා තමයි.
ඒක මට ෂුවර්. නියෝජිත ජනිත් , සුභාෂ්ට එන්න කිව්වද තැනට.
*ඔව් සර්. මෙලකහටත් ඇවිත් ඇති.
දන්නවද ඇයි මම ඔය තුන්දෙනාටම එන්න කියලා ඇයි හදිසි මීටිමක් දැම්මෙ කියලා.
*ඔව් සර්. අද අපි අරූව අල්ලනවා නෙ.
නැහැ ගැමුණු. ඒක කොහොමත් අද කරන්නේ නැහැ. අපි මෑන් ඉන්න තැන
බලමු. මම ලඟ තියනවා මෑන් ආපු බයික්
එකේ නම්බර් එක. ඒකෙන් පුළුවන් අපිට දෙයක් කරගන්න. ඒක නෙමෙයි පොයින්ට්
එක. මම ඔයාලට කියන්නම්.
*සර් අර ඉන්නෙ දෙන්නා.
හරි අපි යමු. කාලය සීමිතයි.
*යමු යමු …
ආයුබෝවන් මහත්වරුනි.
**ආයුබෝවන් සර්.
***ආයුබෝවන් සර්.
හ්ම්ම්… හතර පැත්තට හැරිලා ඉඳගන්න
ඔය මහත්වරුන්ගෙ කන්දෙකේ අයිතිය මොහොතක මට දෙන්න. ඇස්දෙකේ අයිතිය ඔයාලගෙ වෙන්න ඕන. හොඳ අවධානයෙන් වටපිවාව බලාගෙන ඉන්න. හොඳට වටපිටාව ගැන අවධානයෙන් ඉන්න. මම කෙටියෙන් විග්රහ කරන්නම්. අද මම ගෙවපු දවස මෙි මිෂන් එකේ ජයග්‍රාහීම දවසක් කිව්වොත් මම හරි. අද මම රඟපෑමේ උපරිම තලයට ගියා. අවසානයේ නතරවුනේ කැරොලින්
මැඩම් එක්ක රූම් එකක. ඒක පිට ඉන්න
නියෝජිතයින් දෙන්නා දන්නවා. ඒ දෙන්නා
හෙවණැල්ල වගේ මගෙ පස්සෙන්ම ආවා.
ඒගැන බොහොම ස්තූතියි.
***සර් ඒක අපේ ඩියුටි එක.
ඔව් නියෝජිත සුභාෂ්. ඒක මම දන්නවා.
එතකොට ඒගැන දන්නෙ නැත්තෙ උප පරීක්ෂක කසුන් තමයි. ඒක විස්තර කරන්න මට වෙලාවක් තිබ්බෙ නැහැ.
*ඔව් සර්…
හරි… මම කැරොලින් එක්ක රූම් එකට
ගිහින් රමණි කෙලියෙ යෙදුනෙ නැහැ.
සිංහලෙන්ම කියනවා නම්. නැත්නම්
නියෝජිත ජනිත් මට මඩ පාරක් ගහනවා
කියලා මම දන්නවා.
**අනිවාර්යයෙන්ම. අපිට හුලං.
හහ් හහ් නියෝජිත ජනිත් … ඇති ඇති.
කැරොලින් පිලිගත්තා මෙි මරණ දෙකටම එයා වක්රවාකාරව උදව් කරා කියලා. හැබැයි ඒකට එයා අපි කිසිම විදිහකින්
නොහිතපු හේතුවක් කිව්වා. ඒ හේතුව ඇත්ත නම් එයාගෙ පලිගැනීමෙි වරදක්
මම දකින්නෙ නැහැ මහත්වරුනි.
*සර් ඒ හේතුව පිලිගන්න පුළුවන් තරම් මට්ටමක ඉන්නවද .. ?
ඔව් කසුන්… ඒ ඉමෝෂනල්. ඒ වචන සේරම මම හොඳට අධ්‍යනය කරා. මට
පිලිගන්න පුළුවන් ඒ කිව්වෙ ඇත්තක්
කියලා. හැබැයි හිතන්න එපා මම ඒ දේවල් සීයයට සීයක් විශ්වාස කරනවා කියලා. මොකද මම දෙයක් විශ්වාස කරන්න තව හේතූ කාරණා කීපයක්ම බලපානවා. හැබැයි සීයයට අසූවක් ඇත්ත.
**ඒක අපි දන්නවා. සර් එහෙම දෙයක් එකපාරටම පිලිගන්නා කෙනෙක් නෙමෙි කියලා. ඇත්තටම මොකක්ද ඒ හේතුව.
කැරොලින් මැඩම්ගෙ කසාදය වංචනික විදිහට කරපු කසාදයක් කියලා ඔයාලා දන්නවනෙ. ඊට වඩා බැරෑරුම් කාරණයක්
මෙතන තියනවා.
*ඒ මොකක්ද සර්… ?
කැරොලින් වංචනික විවාහයක් විතරක් නෙමෙයි ඔය වලව්ව ඇතුලෙ සහෝදරයො ටික එකතුවෙලා මාරුවෙන් මාරුවට ඒ ගෑනු ළමයව සමූහ දූෂණය කරලා තියනවා.
**මොකක් සර්… ?
ඔව් මහත්වරුනි. ඒ විතරක් නෙමෙි. මෙි වනතුරු කැරොලින් මැඩම්ගෙ මුළු පවුලම
අනතුරේ.
*අනතුරේ … ?
ඔව් මහත්වරුනි. ඒ පවුලේ සේරම වාගෙ බ්ලැක්මේල් කරලා තියෙන්නේ. ඒක මෙි කැරොලින් මැඩම් ගැන තිබ්බ කාම ආසාව හන්දා කරපු කුමන්ත්‍රණයක් විතරක් නෙමෙි
එතනින් එහාට එයාට සහෝදරයින් තුන්දෙනාම සතුටු කරන්න තරම් දුරදිග ගිහින් තියනවා. ඒ හන්දා තමයි කැරොලින් මැඩම් පිටින් උදව් අරගෙන මෙි මිනීමැරුම් දෙකම කරලා තියෙන්නෙ.
**අම්මපා සර්.. ? ඒක ඇත්ත කියලා පිලිගන්න පුළුවන් ද.. ?
ඔව්.. මම කියන්නම් ඒ ගැනත්.
**උන් නම් මරන්නමයි වටින්නේ.
*ඒක ඇත්ත තමයි.
ඔව් මහත්වරුනි. එයාගෙ පැත්තෙන් බලපුවාම ඒක සාධාරණයි තමයි. හැබැයි
ඒ මිනීමැරුම් දෙකම කලේ කවුද කියලා
මට කිව්වෙ නැහැ. ඒ ටික මට බලෙන්ම
ගන්නත් බැහැ නෙ. ඒ ටික මට පස්සේ කියන්නම් කිව්වා. පිටින් උදව් ගන්න
තරම් විශ්වාසවන්ත ඝාතකයා කවුද .. ?
ඒක තමයි ඊලඟ ප්රශ්නය.
***සර් එතකොට මොකක්ද ඔය කරලා තියෙන බ්ලැක්මේල් එක.
ඔව් මහත්වරුනි. ඒකත් මහ නීච ක්‍රියාවක්.
කැරොලින්ගෙ තාත්තට පාටියකදී හොඳට පොවලා , රූම් එකකට අරගෙන ගිහින්
ගණිකාවක් එක්ක නිරුවත් කරලා සෙක්ස්
කරන විදිහට වීඩියෝ කරලා තමයි ගේම
ගහලා තියෙන්නෙ. ඒක ලෝකයට හෙලි කරනවා කියලා තමයි. ඒ තාත්තව හැම
ජඩ වැඩකටම පොලඹවාගෙන තියෙන්නෙ.
මම ඒ වීඩියෝ ටිකත් බැලුවා. එයා ඒ සේරම ටික කියන්න ආපු ගමනක් කියලා මට කලින්ම කියලා තිබ්බා. මෑන්ගෙ නම්බුව තමයි පවුලේ නම්බුව කියන්නේ. ඉතින් ඒ විදිහට සුරා සූදුවට අකමැත්තෙන් හරි අරගෙන ගිහින් තමයි එයාලගෙ මුළු සේසතම විකුණලා වට්ටලා තියෙන්නෙ. අවසානයේ ඉන්න ඉඩම පවා උගසට තියලා. ඒක බෙිරගන්න ගණුදෙනුවක
හිලව්වට තමයි කැරොලින් මැඩම්ව කසාද
බැඳලා තියෙන්නෙ. එහෙම කරලා තමයි
මෙි ගෑනු ළමයව ඔය හෙන්ද්‍රික් වලව්වේ
හිරකරලා ඒ ඇතුලෙ ලිංගික වහලියක් කරලා තියෙන්නෙ.
*දෙයියනේ.. ඒක අපරාධයක් නෙමෙි. සාපරාධී ක්‍රියාවක්.
ඔව්… ඉතින් මහත්වරුනි ඒ එක්කම අපිට තව ප්‍රශ්න කීපයක් මතුවෙනවා මෙි සිද්ධිදාමය එක්ක. අංක එක - මෙි සාහසික මිනීමැරුම් දෙකම කරන්න කාගෙන්ද උදව් ගත්තෙ ? මොකද ගෙදරට වෙලා හැම අතින්ම හිරකාරියක් වෙලා හිටිය කෙනා කොහොමද මෙි සේරගෙන්ම ඇස් වහලා බාහිරෙන් සහයක් ගත්තෙ.. ? ඒකත් පලපුරුදු ඝාතකයෙක් ගෙන්.
*සර් දෙකම කරලා තියෙන්නෙ මැඩම්ගෙ සහය ඇතුවද … ?
ඔය ප්රශ්නය මටත් ආවා. නමුත් ඒගැන මට එකපාරටම අහන්න බැහැනෙ. මොකද මම ඉන්න ඕන යම්කිසි සීමා සහිත පරාසයක. නැත්නම් මම කවුද කියලා සැක හිතෙන්න පුළුවන්. දෙපාරක්ම මගෙන් විහිළුවට වගේ ඇහැව්වා CDI ද කියලා. මම එයාගෙ ඒ සැකය තාර්කිකව බිඳ දැම්මා. හොඳයි අංක දෙක - තමන්ගෙ සහෝදරයින් දෙන්නෙක් අකාලයේ මැරෙනකම් ඇයි පැට්රික් මුනිවත රැක්කේ.. ? අංක තුන - මීලඟට කවුද මරන්න සැළසුම් කරන්නේ..? අංක හතර - එතකොට කවුද රෑ සිප්පියා කන්දේ මෙි සේරම නිරීක්ෂණය කරන්නේ.? ඊට අමතරව මෙි බ්ලැක්මේල් කේස් එකට අපි මොනවද කරන්නේ … ?
**බලපුවාම ප්‍රශ්න ගොඩයි නේද … ?
ඔව් මහත්වරුනි. දැන් මම දෙන්නම් මෙි ප්‍රශ්න වලට අනුමාන උත්තර. කැරොලින් මැඩම් පිටතින් උදව් අරගෙන තියෙන්නෙ
පිට කෙනෙක් ගෙන් නෙමෙි කියලා මට කියන්න පුළුවන්. ඒකට සරළ හේතු මට තියනවා. මාවන් පීරිස් ජීවත්වුන පාළු ගෙදර තිබ්බ එයාගෙ වයිෆ්ගෙ ෆොටෝ
එකේ තිබ්බ ඇඟිලි පාර. ඒක හරියට වාහනයක ඉදිරිපස වීදුරුව වයිපර් තනි එකකින් පිසදැමුවා වගේ. ඒ තරම් ඔය පාළු ගෙදර ඔය රාමු කරපු ෆොටෝඑක
ආදරණීය විදිහට පිසදමන්න වුවමනාවක්
තියෙන්න ඕන මැරුන මාවන්ට විතරයි.
*සර් කියන්නේ මාවන් මැරිලා නැහැ.
එයා තමයි මෙි මිනීමැරුම් දෙකම කලේ කියලා.
ඔව් කසුන්. මෑන් ජීවත් වෙනවා කියලා දැන් අපිට හිතන්න වෙලාව ඇවිත්. ඒ
වගේම , ඊට පස්සේ මතුවන ප්රශ්නය එයාට මොකක්ද තියෙන තදබල වුවමනාව
තමන්ගෙම අයියලා දෙන්නව මරලා දාන්න.
ඒකට එකම හේතුව තමන්ගෙ නෑනව ලිංගික වහලියක් කිරීමද … ? නැහැ. ඊටත් එහාට ගිය තදබල හේතුවක් තියෙන්නම ඕන. ඒක මම දැනට හොයාගෙන යන ගමන්.
**ඒ කොහොමද සර්… ?
අමතක කරන්න එපා මහත්වරුනි. මම නිළ නොළත් ඔත්තුකරුවන් සමූහයක් ආශ්‍රය කරනවා කියලා. ඒකට වෙලාවට මම හේතු ගේන්නම්. හැමෝම ප්‍රාර්ථනා කරන්න. ඒ හේතු කාරණා අපිට වාසිදාක වෙන්න කියලා. මොකද ඒක එහෙම නොවුනහොත් අපිට විවේකය අඩුවෙනවා.
මොකද මීට වඩා විමර්ශන කටයුතු පුළුල් කරන්න වෙනවා.
ඊට පස්සේ ප්‍රශ්න අංක දෙක - මෙතන තියනවා බල අරගලයක්. ඒ කියන්නේ නාස්තිකාර පුත්තු තුන්දෙනා රිචඩ් හාමුගෙ
දේපල ටික විකුණලා සුරා සූදුවට නාස්ති කරාට පස්සේ ඉතුරුවුනේ මෙි තේ වතුයාය
විතරයි. මෙිකට උරුමකම් කියන්න ඕන හන්දා එකිනෙකා අතර දරුණු මත ගැටුම් බොහොමයක් ගිහින් තියනවා. ඉතින් දෙන්නෙක් මැරෙනකම් බලාගෙන හිටියා
වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඒ එක්කම අතුරු ප්‍රශ්නයක් කරලියට එනවා
**ඒ මොකක්ද සර්..
ඒ තමයි තමන්ගෙ මල්ලිලා දෙන්නා තමන්ට මරවන්න වුවමනාව තිබ්බා කියමුකො. එතකොට කවුද මෙි වැඩෙි
කරව්වෙ කියලා හොයලා බැලුවෙ නැත්තෙ.
***ඒක වැඩක් නැහැ. කොහොමහරි වැඩෙි
කෙරුනනෙ කියලා ෂේප්වුනා වෙන්න බැරිද
ඔව් නියෝජිත සුභාෂ්. ඒක එහෙම හිතන්න පුළුවන් නමුත් ඒක ශක්තිමත්
හේතුවක් නෙමෙි. මොකද ඒ එක්කම මතුවෙන ඊලඟ ප්රශ්නය “ඊලඟට මමද”
කියලා අනිවාර්යයෙන්ම හිතනවා. එතකොට මොකද වෙන්නෙ.
*එහෙනම් සර් මෑන් වෙනම හොයනවා
වෙන්න ඕන. මොකද මෙිගැන පොලීසියට
කිව්වොත් බ්ලැක්මේල් කේස් එකත් එලියට එන හන්දා වෙන්න ඕන. නමුත් ඒ ගැන රහසේම හොයලා බලනවා. තමන්ට බේරිලා ඉන්න ඕන හන්දා .
අන්න හරි. ඔතන තමයි මමත් දැනට ඉන්නෙ. එහෙම හිතන්න මම ලඟ තියනවා සාධාරණයි කියන්න පුළුවන් හෝඩුවාවන් ටිකක්. අංක එක ඊයේ රෑ සිප්පියා කන්දෙ හිටපු මෑන්ගෙ වම් ඉණේ
රෝස මලක් ඇඳලා තියනවා. ඊයේ කැරොලින් මැඩම්ගෙන් මට දැනගන්න ලැබුන විදිහට සහෝදරයින් හතරදෙනාම
හුඟාක් තරුණ කාලේ කථාවෙලා ගහපු පච්චයක් ලු ඒක. ඇත්තටම මහත්වරුනි
මම හිතාගෙන හිටියෙ ඔය නිරීක්ෂකයා
කැප්ටන් මාවන් කියලා. නමුත් ඒක අද
ඒ කතාවෙන් මට බැහැර කරන්න සිද්ධ වුනා සීයයට පනහකින් විතර. එතකොට
නොයෙල් ෂෙල්ටන් යන අය ජීවතුන් අතර නැති හන්දා සැකයේ වාසිය මෙි දෙන්නා අතර බාගෙට බාගෙ බෙදෙනවා. එතනත්
මාවන් කෙරෙහි තියෙන සැකය දැනට අපිට යටගහන්න වෙනවා. තවම මෑන්
මැරිලා කියන තැන අපි අඩමානයෙන්
ඉන්න හන්දා. එතකොට ඉතුරුවෙලා
ඉන්නෙ පැට්රික් තමයි. ඒ හන්දා අද රෑ මෑන්
අනිවාර්යයෙන්ම එනවා. අපි නියමිත තැන්වල ස්ථානගතවෙලා සූක්ෂ්මව
මෑන්ගෙ ආපසු ගමනාන්තය බලාගන්නම
වෙනවා.
**ඒක අපි කරන්නම් සර්.
බොහොම හොඳයි.
**එතකොට සර් ඔය මැඩම් රෑ නින්දෙන් ඇවිදින්නෙ ඇයි.
ඒක මම කලින් කිව්වා වගේ බොරුවක්, ප්‍රෝඩාවක්. ඒක බොරු රඟපෑමක් කියලා
මැඩම් ම අද උදේ මට කිව්වා.
*එතකොට ඇයි එහෙම කරන්නේ… ?
මම දින කීපයකට කලින් කිව්වා වගේ් ඒක
එයා කරපු උදව්වක් මිනීමරුවට ඇතුලට
එන්න. නෙයෙල් මැරුන දවසෙ රෑ ඒ දවස
ගැන අපි මම කැලැන්ඩර් එකකින් බැලුවා. ඇත්තටම ඒ දවස පෝය දවසට කලින් දවසක්. එදා එයා හීනෙන් ඇවිදිනවා වගේ
රඟපාලා තියෙන්නෙ මිනීමරුවට ඇතුලට එන්න පුළුවන් වෙන්න ජනෙල් ග්රීල්එකේ ඇණ දහය ගලවන්න. ඉතින් එයා එව්වා ඇවිත් ගලවලා දාලා තියනවා. මැරුවට පස්සේ මෑන් පසුබහිනකම් ඉඳලා නැවත
ඒ ඇණ තියලා තදකෙරුවට කලබලේට
ඒ ඇණ සම්පූර්ණව තදවෙලා නැහැ. ඒ ඇණ දහයෙන් තුනක ඔලු ටිකක් උඩට ඉස්මතුවෙලා තිබ්බා. ඒක මම කළුවරේ වුනත් හොඳාකාරවම දැක්කා. මොකද මම හුඟාක් දුරට පුහුණුව ලබලා තියෙන්නෙ ඇස් වහගෙන නිරීක්ෂණ කරන්න වෙනත් සංවේදක මගින්. අතින් අතගාලා හැඩතල අඳුරගන්න වගේම මට පුළුවන් ශබ්දය ඇහෙන පැත්තට නිවැරදිව ටාගට් කරලා ෂූට් කරන්න. ඒ හන්දා මගෙ ඇස් වහන්න ලේසි නැහැ. ඉතින් මැඩම් ඉක්මනට ඇණටික තද කරලා තෙත රෙදි කඩකින් තමන්ගෙ සලකුණු මකලා එලියට ඇවිත් දොර වැහැව්වා.
**ඒ කියන්නේ නොයෙල් සපත්තු දෙක දාගෙනම වෙරි මතේ කාමරයට ආවා.
ඒ සපත්තු සලකුණු උඩින් තමන් එන්නෙ නැතුව වෙනම ඇවිත් වහලා දැම්මා එහෙමද .. ?
හරියටම හරි. ඔය කිව්වෙ තක්කෙටම.
*පට්ට මොළයක් නෙ සර්.
නෑ කසුන්. ඒක කැරොලින් මැඩම්ගෙ දක්ෂකම නෙමෙි. සැළසුම් කරපු අදිසි පුද්ගලයගෙ තියෙන මනා අවබෝධය.
හදිසියේම කරපු ඝාතන වල වගේ නෙමෙයි
වැඩි කාලයක් කැපකරලා හදන සැළසුම් වල වීක් පොයින්ට් ( දුර්වල තැන් ) අඩුයි මහත්වරුනි. ඒ සැළසුම හදන්න මූලාශ්‍රය
තමයි ඔය “පැච්වෙිරා” කියන පොත. මෙි
මිෂන්එක ඉවරවුන දවසට ඔයාලත් ඔය පොත නිකමට කියවලා බලන්න.එතකොට
යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි
මොකක්ද මේ සැළසුම කියලා.
සමහර අපරාධයි , සාහිත්‍යයි අතර සම විචාරනයෙදී සම්බන්ධකම් තියනවා. එක්කො අපරාධයක් කරන්න සැළසුම් හදන්න මූලාශ්‍රය ගන්නේ ඒවගේ පොත් කියවලා. නැත්නම් ඒ අපරාධ කරපු විදිහ
ඒ පොත්වල කල්පිතයක් විදිහට හෝ අදාල
රචකයා විසින් ලියලා තියනවා. කතාවෙ ත්‍රාස රසය වැඩි කරන්න. ඉතින් මෙි මරපු නොයෙල්ගෙ මරණය කරන්න අවුරුද්දකට විතර කලින් ඉඳලා මැඩම් මෙි ප්‍රයෝගය කරන්න ඇති. මොකද එකපාරටම එහෙම වුනොත් ගෙදර අය පොලීසියට දෙන්නාවූ කටඋත්තරය අනුව පොලීසියෙ සැකයේ වාසිය අනිවා යනවා කැරොලින් මැඩම්ට. මොකද එකපාරටම නින්දෙන් ඇවිද්දෙ ඇයි කියලා. ඒ හන්දා ඒක පුරුද්දක් විදිහට වලව්වේ ඉන්න මෙහෙකරුවගෙ පවා හිතේ පැලපදියම් කරන්න ඕන හන්දා ඕක කාලෙක ඉඳලා පැවත එන පුරුද්දක් කියලා. හුඟාක් කලින් නින්දෙන් ඇවිදින
වැඩෙි කරන්න ඕන. ඒක ප්‍රයෝගයක් වුනත් , නීත්‍යානුකූල පුරුද්දක් කියලා ඔප්පු කරන්න රටෙි ප්‍රසිද්ධ මනො වෛද්‍යවරයකු ගෙන් මෙික මානසික ආතතියක් හන්දා එකවර මනසේ ගැඹුරු තැනින් ඉස්මතු වෙන දෙයක් හේතුවෙන් ක්ෂණික ප්‍රතිචාරයක් විදිහට නින්දෙන් ඇවිදානවා කියලා රිපෝට් එකක් ගන්නවා. එතකොට ඒක කාට වුනත් පිලිගතහැකි සාධකයක්
වෙනවා.
*හපොයි සර්. ඒක පට්ට ප්ලෑන් එකක් නෙ.
ඔව් කසුන්. ඒක තමයි මෙි ගැටෙි ලෙහන්න තවම පොලීසිය වලි කන්නෙ. නමුත් මම පොලීසියට දෝෂාරෝපණය කරන්නේ නැහැ. මම කියන්නේ එයාලා අල්ලගෙන යන පොට වැරදි පොටක් කියලා විතරයි.
ඉන්ස්පෙක්ටර් මනීෂ නානයක්කාර ට තව ඉගෙනගන්න හුඟාක් දේවල් තියනවා මෙි කේස්වල.
**එතකොට ඒක කාල සටහනකට අනුව කරන්නේ ඇයි .. ?
ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. මෙයාලගේ ඊලඟ සැළසුම පැට්රික්ව ඝාතනය කරන්න
නම් , ඒකටත් මෙි හීනෙන් ඇවිදීම බොහෝදුරට සම්බන්ධ ඇති. මම අදහස්
කරෙ පිටපතේ විශේෂ අංගයක් වෙන්න ඇති. එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම රෑට නින්දෙන් ඇවිදිනවද කියලා
හැම පෝය දවසට කලින් දවසෙ රෑට පොලිස් නිලධාරියෙක් ඇවිත් බලනවා
වෙන්නත් පුළුවන්. එහෙම බලනවා ඇති
කියලා කැරොලින් මැඩම් සැක කරලා ඒක
දිගටම කරනවා වෙන්නත් පුළුවන් ඉතින්.
කොහොම වුනත් මහත්වරුනි. මේ අතුරු ප්‍රශ්න සේරම කරකැවෙන්නෙ මෙි ප්‍රධාන
ප්‍රශ්න ටික වටේට. ඒක හරියට සූර්යයා වටේ ඉතුරු ග්‍රහයන් කරකැවෙනවා වගේ
වැඩක්. හැබැයි මම කලින් කිව්වා වගේ
මෙි ප්‍රධාන ප්‍රශ්න කීපයට හරි උත්තර ටික අපි හොයාගත්තා කියන්නේ. අතුරු ප්‍රශ්න
ටික නිකංම අතුරුදන් වෙලා යනවා. ඒක
තමයි ඇත්ත.
නැවත හමුවෙමු …..
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 42 [21 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 41 [19 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 40 [17 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 39 [15 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 38 [13 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 37 [11 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 36 [09 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 35 [07 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 34 [05 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 33 [03 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 32 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 31 [01 Jan 2025]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 30 [30 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 29 [28 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023